Thursday, August 15, 2013

හතළිස් එක්වෙනි කොටස : පුස්තකාලයේ දවසක් - 1


බස්සා බොහෝම අකැමැත්තෙන් තමයි පුස්තකාලෙට යන්න එකඟ වෙන්නෙ. ඒත් විභාගෙට දවස් දෙක තුනකට කලින් විභාග භීතිකාව වැලඳුන බස්සිගෙන් එයාට බේරෙන්න ලැබෙන්නෙ නෑ.

අන්තිමේදි පොත් දුසිමක් විතර කරපින්නා ගත්තු බස්සියි, පිටු හතර පහක ටියුට් එකක් රෝල් කර ගත්තු බස්සයි පුස්තකාලෙට ඇතුලු වෙනවා.

උදේ හතහමාර වෙනකොට පුස්තකාලෙ පෝලිමට එකතු වුනේ නැත්නම් බස්සිගේ ප්‍රියතම ආසනය අහිමි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ ආසනය නැති වුන දාට බස්සිගෙ පාඩම් කිරීමට බාධා බොහොමයි.

බස්සා ඔලුව කසකසා ඇවිත් බස්සිගෙ එහාපැත්තෙන් වාඩි වෙනවා. බස්සාව එතන වාඩිකරවලා බස්සි යනවා රෙෆරන්ස් පොත් හොයන්න. බස්සි ආපහු එනකොට බස්සා බස්සිගෙ පෑන් දෙකක් අරගෙන ඩ්‍රම් වාදනයක් ආරම්භ කරලා.

බස්සි බරට බරේ තඩි පොත් දෙකක් උස්සගෙන ඇවිත් සටහන් ටික දිගඇරගන්නවා. බස්සත් හෙමින් සීරුවේ වාදනය නවත්තලා බස්සිගේ පොත් ගොඩෙන් හිස් කඩදාසි දෙකතුනක් ඇදලා අරගෙන ටියුට් එකට එබෙනවා.

පැයක් විතර ගතවෙනකොට බස්සාගෙ යාලු කුරුල්ලො එකා දෙන්නා පුස්තකාලෙ ඇතුලෙ තටු ගහනවා පේනවා. එයාලා කැරකිලා ඇවිත් බස්සාගෙ මේසෙ කෙලවරේ වහනවා. අඩුම තරමේ පැය කාලක්වත් වල්පල් කියවනවා. ටික වෙලාවකින් බස්සත් යාලු කුරුල්ලො ඉන්න තැන් වල කැරකෙන්න පටන් ගන්නවා.

"කම්මැලී නේ..." බස්සා බස්සිගෙ පිටිපස්සෙන් ඇවිත් අහනවා.

"ඉඳගෙන වැඩක් කරනවා පිස්සෝ..!"

"තේ බොන්න යමු?" බස්සා බස්සිගෙ අතින් අදිනවා. "යමුකො බස්සියෝ.... එනවකො වදේ..!"

බස්සිටත් ඊට එහා කියන්න දෙයක් නෑ. දෙන්නත් එක්ක යනවා කැන්ටිමට.

කැන්ටිමේදි යාලු කුරුල්ලොත් එක්ක කියවකියවා පැයක් විතර ගත කරනවා. ඉන් පස්සෙ ගිරා ගහ යට හරි අයි.ටී. ගහ යට හරි වාඩි වෙලා දෙන්නත් එක්ක කිචිබිචි ගගා ඉන්නවා. ටික වෙලාවකින් බස්සා ඈනුම් අරිනවා. බස්සිටත් ඉක්මනටම ඈනුම බෝ වෙනවා.

"බඩගිනියි නේ?" බස්සා අහනවා.

"හ්ම්ම්.... දැන් ඉතින් දවල්ට කාලම යමු."


10 comments:

  1. එතකොට පාඩම් කෙරෙන්නේ එහමයි නේ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. පාඩම් පොත් වලට හිරවෙලා පොත් කාවො උනේ නැති නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ.

      Delete
  2. කාලෙකින් ලිව්වේ නැහැ නේද ? මම මේ පැත්තට ආවේ බොහෝම කාලෙකින් මයේ හිතේ..
    ඔන්න... ඔන්න ඉතිං පාඩම් කරපු හැටි ඔහොමයි ඈ.. :p

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් ටිකේම එනකොට රෑ නමය පහුවෙලා නෙව. ඒකයි බ්ලොගේ පැත්තවත් බලන්න බැරි උනේ.

      ඇයි බෙනා අපි පාඩම් කරන විදිය නරකද?

      Delete
  3. බස්සගෙයි බස්සිගෙයි පාඩමනම් හරිම ෂෝක්...

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි හරිද චමී.....!! :P
      ඔන්න පුස්තකාලයේ දවසක් - 2 කොටසත් දැම්මා.

      Delete
  4. oyaalage meese laga wahala, bassath ekka kathaa karapu kurullange godee mamath aniwa innawa :D :D needa bassiyo??? :P

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. එහෙම කියව කියව පැයක් හමාරක් අපේ මේසෙ ගාව ඉන්නවා. ඉන් පස්සෙ විනාඩි පහකින් විතර බස්සා නැගිටල ගිහින් ඔයාලගෙ මේසෙ ගැට්ටෙ වහනවා..... ;) ඕක තමයි ඉතින් පාඩම!

      Delete
  5. අපේ සෙට් 1 හුග දෙනෙකුට බස්සියෝ නැති උනාට අපේ දින චර්යාව නම් 1ම තමයි....
    :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. බස්සියො ඇතා නැතා කියලා වෙනසක් නෑ. බහුතරයක් ඔහොම තමයි.

      Delete