Friday, August 16, 2013

හතළිස්දෙවැනි කොටස : පුස්තකාලයේ දවසක් - 2



දවල්ට බේස් කැන්ටිමෙන් කාලා දෙන්නත් එක්ක ගිහින් අල බැම්මේ වහනවා. එතන ඉඳගෙන ඉන්නකොට ඈතින් පුස්තකාලෙ පේනවා.

"අපේ පොත් ටික ලයිබ්‍රරි එකේ නේද?" බස්සි කම්මැලිකමේ අහනවා.

මේ වතාවෙ බස්සා තමයි බස්සිව පුස්තකාලෙට ඇදගෙන යන්නෙ.

පැයක් විතර යනකොට ඔලුව බරවෙනවා. ඇස් දෙක පියවෙනවා. දවාලෙ උණුසුමත් එක්ක බෑ කියන්න බැරි නිදිමතක් දැනෙනවා. බස්සා ආපහු ලොකූ ඈනුමක් අරිනවා.

"මාව පැයකින් ඇහැරවන්න බස්සියෝ." බස්සා බස්සිගෙ රෙෆරන්ස් පොතකට ඔලුව තියාගෙන ඇස් දෙක පියා ගන්නවා. බස්සා නිදාගත්තාම පොඩි ළමයෙක් වගේ. හරිම අහිංසක පාටයි. අකීකරු කොණ්ඩෙ බස්සගෙ ඇස් වලට වැටෙනවා. බස්සි ඒවා අරගෙන බස්සගෙ කන පිටුපස්සෙ හිර කරනවා.

ඈතින් තියන මේස පේලිවල බස්සගෙ යාලු කුරුල්ලො මේ විදියටම නිදාගෙන ඉන්න හැටි බස්සිට පේනවා. කිරිල්ලියොනම් වෙනසක් නැතුව පාඩම් කරනවා.

බස්සි පැයකින් දෙකකින් බස්සාව ඇහැරවනවා. බස්සා ඇස් පිහදාලා නැගිටිනවා. ටියුට් එක අතට ගන්නවා.

බස්සිට කම්මැලියි. බස්සි කඩදාසියක කුරුටු චිත්‍ර අඳිනවා. බස්සත් ටියුට් එක ලිවීම නවත්තලා බස්සිගේ කඩදාසියට එබෙනවා. බොහොම උනන්දුවෙන් බස්සිගේ බලිකුරුටු රූප දිහා බලාන ඉන්නවා. බස්සත් පෑන අතට අරන් බස්සිගේ කඩදාසිය ලඟට ඇදලා ගන්නවා.

"මේ තියෙන්නෙ කාලයට එදිරිව බස්සිගේ පාඩම් කිරීමේ වක්‍රය." බස්සා ප්‍රස්තාර පාඩමක් පටන් ගන්නවා. වක්‍රය බිංදුවට සමාන්තරව දින ගනනක් ගමන් කරලා හිටි හැටියේ තරමක් ඉහලට ගමන් කරනවා. ආයෙත් ස්ටීප් කර්ව් එකකින් පහල බැහැලා බිංදුවට ටිකක් උඩින් නතර වෙනවා.

"මේ තියෙන්නෙ කාලයට එදිරිව මගේ පාඩම් කිරීමේ වක්‍රය." ඒක කලින් එකට වඩා වෙනස්. බිංදුවේ සිට සමාන්තරව ඇවිත් අවසාන පැය දෙකේ අනන්තයට යන වක්‍රයක්.

බස්සි ඒ ප්‍රස්තාර දෙකට ලකුණු දානවා. රතු පෑනෙන් ලොකු හරියකුත් දානවා.

ටික වෙලාවකින් එදිනෙදා ජීවිතේ එක එක අවස්ථා විස්තර කරන තීරු ප්‍රස්ථාර, වෘත්ත ප්‍රස්ථාර, කාටිසීය ඛණ්ඩාංක සහ බස්සයි බස්සියි නිර්මාණය කරන විවිධාකාර පිස්සු විකාර සමීකරණ වලින් කඩදාසි ගනනාවක් පිරෙනවා.


"දැන් නම් මහන්සියි. හවස තේ බොන වෙලාවත් ඇවිත්. ගිහින් එමුද?" බස්සි අහනවා.

පොත් ටික එහෙමම තියලා දෙන්නත් එක්ක තේ බොන්න යනවා. 'ගිරිපුර ඇත්තෝ', 'කවුද බෝයි' එහෙම ඉවර උනාම කැන්ටිමෙන් එලියට බහිනවා.

හවස හයට, හයහමාරට විතර ආපහු පුස්තකාලෙට ගොඩවදිනවා.

ඒ වෙලාවෙ ඉඳන් හතහමාර වෙනකම් "හ්ම්ම්...." සද්දයක්වත් නොකර උනන්දුවෙන් පාඩම් කරනවා. බස්සා ටියුට් එකත් ලියලා ඉවර කරනවා ගොඩක් වෙලාවට.

හතහමාරට පුස්තකාලෙ වහන්න සීනුව නාද කරනවා. දෙන්නත් එක්ක පොත් ටික එක්කාසු කරගෙන හනිහනිකට පුස්තකාලෙන් පිටවෙන කුරුලු රෑනට එකතු වෙනවා.

පාර අයිනෙ කඩල කරත්තෙන් රුපියල් විස්සක රටකජු අරන් දෙන්නත් එක්ක ඒව කකා හෙමින් හෙමින් බෝඩිමට ඇදෙනවා.


8 comments:

  1. Replies
    1. මේ මක්කැයි මේ වෙලා තියෙන්නෙ!!

      Delete
  2. අනේ මේ කුරුල්ලන්ගේ පාඩම් කෙරිල්ල පොත් අතින් නොඇල්ලන අපි තව හොඳයි..
    රොමැන්ටික් හැගීම් මූදු වෙනවා මේක කියවද්දී... අපිත් නරක වෙයි ද මන්දා ඈ....

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ බෙනා!! ඔයාගෙ තව මොනා නරක් වෙන්නද අප්පා.....!!!

      Delete
  3. මේ ඒ කියන්නේ කම්පුස් වල පාඩම් කරන්න ඕනිම නැද්ද ඈ.(ප්ර්ශනාර්තයක් )

    මේ ඒක නිසා උපේ නොකර කැම්පස් ගාටන්න විදිහක් නැද්ද.(ප්‍රශ්නාර්ථයක් )

    (සිරාවට අසන ලද්දකි.උසස් පෙළ ගණිත අංශයේ පිඩාවට පත් දරුවෙක් ):D

    ReplyDelete
    Replies
    1. කටපාඩම් නොකර කැම්පස් යන්න පුලුවනි. හැබැයි සබ්ජෙක්ට් එක අවබෝධ කරගන්නෙ නැතුව එක්සෑම් පාස් වෙන්න අමාරුයි.
      කටපාඩමට කාලය ගතවෙනවා වැඩියිනෙ. තියරි ටික අවබෝධ කරගෙන වැඩේ ගොඩදාගන්න. ඒකයි වටින්නෙ!

      Delete