Monday, August 5, 2013

තිස් හත්වෙනි කොටස : හැපි බර්ත්ඩේ ටූ යූ



බස්සාගේ විසි දෙවැනි උපන්දිනේ දවස එනකම් බස්සි මග බලාගෙන හිටියා. කැම්පස් දවසක් වුනත් එදා දවසෙ සියලු වැඩ අතඇරලා බස්සා එක්ක මුලු දවසම ගතකරන්න බස්සි තීරණය කලේ ඊට මාසෙකට විතර කලින්.

හැම උපන්දිනයකටම බස්සාට තමන්ගෙ අතින්ම හදාපු බර්ත්ඩේ කාඩ් එකකක් දෙන එක බස්සිගෙ පුරුද්දක්. මේ වැඩේට උවමනා වෙන අඩුම කුඩුම ටික අරන් ඇවිත් වැඩ පටන් ගන්නෙ සතියකට විතර කලින්. කොහොමත් උපන්දිනේට කලින් හදන කාඩ් හත අටක්ම බස්සිගේ කොලිටි ටෙස්ට් ෆේල් වෙලා කුණු කූඩෙට යන එකනම් සාමාන්‍ය දෙයක්.

බස්සි බස්සියෙක් වුනාට පස්සෙ බස්සාට මුලින්ම උපන්දින තෑග්ගක් දෙන්නෙ එදා. හ්ම්ම්ම්ම්.... බස්සාට දෙන්නෙ මොනවද කියලා බස්සි කල්පනා කරල කරල අන්තිමේදි ගත්තෙ ඉතාම සරල තීරණයක්. ඔන්න ඔහේ පර්ෆියුම් බෝතලයක් දෙනව.

හැබැයි ඉන් පස්සෙ එළඹුන හැම උපන්දිනේකදිම බස්සි අලුත් අලුත් ගිෆ්ට් අයිඩියාස් වලින් බස්සාව මවිත කලා. තෑගි බෝග ගැන බස්සිගේ දැනමුතුකම් ඉදිරි ලිපි පෙළකින් බස්සි ඔයාලත් එක්කත් බෙදාහදා ගන්නම්කො.

උදේ පුරුදු විදියට කැළණි පන්සල් ගිහින් ඇවිදින් බස්සයි බස්සියි කැම්පස් එකට සේන්දු වුනා. අල බැම්මේ වාඩි වෙලා තෑගි බෝග දිග ඇරියෙ ඊට පස්සෙ. බස්සිගෙන් ලැබුනු කාඩ් එක දැකලා බස්සා හරියට සතුටු වුනා.

"බර්ත්ඩේ පාටියට ඔයාට ඕනෙ මොනවද?" බස්සා බස්සිගෙන් ඇහුවෙ ඒ වෙනකොට දවල්ක් කෑම වෙලාවත් ළං වේගෙන එන හින්දයි.

"ම්ම්ම්ම්....." බස්සි කල්පනා කරනවා.

"අපි ලන්ච් එක ගන්න කිරිබත්ගොඩ යමු. ඔයාට ඕනෙ මොනවද කියන්නකෝ..." බස්සා ආයෙත් බස්සිගෙන් ඇහුවා.

"කියන්නම්. හැබැයි හිනාවෙන්න බෑ. අරන් දෙන්නම ඕනෙ."

"ඉතින් කියන්නකො බස්සියෝ. අරන් දෙන්න නේන්නම් අහන්නෙ.'

"මට දවල්ට ඕනෙ 'ඩොන් ඇන්ඩ් සන්ස්' එකේ පේස්ට්‍රි...."

බස්සට ඒක ඇහුවමනම් පොරොන්දු අමතක වුනා. අල බැම්මෙන් බිමට පැන්නෙ හිනාව හිරකරගන්න. හැමදාමත් බස්සා බස්සිට බලෙන්ම දවල්ට බත් කවන එකෙන් බේරෙන්න බස්සි බර්ත්ඩේ ලන්ච් එක පාවිච්චි කරන බව බස්සා තේරුම් ගත්තා. ඒත් ඉතින් පොරොන්දුව දීලා ඉවරයිනෙ. බස්සි ආසම විදියට පේස්ට්‍රි සහ ෆෘට් ජූස් පාටියක් බස්සාගෙන් ලැබුනා.


6 comments:

  1. :D ඔය බස්සාගේ මේල් එක මට ප්‍රයිවට් එකේ දෙනවා ද ? නිකමට වගේ අඳුර ගන්න. ආසා හිතුණා.. පට්ට ලව් ස්ටොරියක් යන්නේ..

    Bora Diyaka Induwara

    ReplyDelete
  2. මම දැක්ක බෙනා බස්සගෙ බ්ලොග් එක හොයාගෙන තියෙනවා. එයාගෙන්ම ඉල්ල ගන්නකෝ ඉතින්.... www.pasanlive.blogspot.com (පසන්ගේ අදහස්)

    ReplyDelete
  3. menna basso... edaaa nam uba ahu welaa... :D :D

    ReplyDelete
  4. ඔයාගෙ ආදර කතාවට මට හරියට ආස හිතුනා. ඔයා හරිම වාසනාවන්ත කෙල්ලෙක්,හැමෝටම ඔයාගෙ බස්සා අයියාට වගෙ ලස්සනට ආදරේ කරන්න තේරෙන්නේ නෑ. ඔයා විඳින ආදරේ අනිත් අයටත් දැනෙන්න ලියන්න ඔයාට හොඳ හැකියාවකුත් තියනවා. අහම්බෙන් ඔයාගෙ නවාතැනට ගොඩ වුනේ.එක හුස්මට කියවගෙන යනවා, සුභ පැතුම් ඔයාගෙ blog එකටයි ලස්සන ආදරේටයි දෙකටම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චූටි. බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිලිගන්නවා ඔයාව!! දිගටම එන්න හොඳේ....

      Delete