Saturday, August 10, 2013

තිස්නමවෙනි කොටස : ගිරා ගහ






බස්සි බස්සත් එක්ක කාලය ගතකරන්න කැමතිම තැන් කිහිපයෙන් එකක් තමයි 'ගිරා ගහ'. මේකට  බස්සිගේ යාලු කුරුල්ලො නම් කියන්නෙ 'පච ගහ' කියලයි. මොකද මේ ගහ යට තමයි එක වසරෙ කුරුලු බබාලට දෙක වසරෙ අයියල බැච් මීටින් තියන්නෙ. (දෙක වසරෙ අක්කලාව මේ වැඩ වලට සම්බන්ධ කරගන්නෙ නෑ. පුරුෂාධිපත්‍ය කැම්පස් ස්ටුඩන්ට් යූනියන් වල ඔඩු දුවල තියන නරකම ලක්ෂණයක්!)



ගිරා ගහ කියන්නෙ කාලාන්තරයක් පරණ, විසාල නෙල්ලි ගහක්. ගහ යට තණනිල්ලෙ  උද්‍යාන බංකු කීපයක් තියෙනවා. හවසට ඉර බැහැගෙන යන වෙලාවට එතන තියෙන්නෙ පුදුම සිසිලසක්. කාටූන් බලන්න කම්මැලි හිතෙන දවසට බස්සගෙයි බස්සිගෙයි නවාතැන්පොළ මේ ගිරා ගස් හෙවණ තමයි.



'ගිරා ගහ' කියන නමත් බස්සිගේ නිර්මාණයක්. ගහේ ගිරවු පදිංචි වෙලා ඉන්න බෙන පහක් තියෙනවා. ගිරා පවුල් පහයි.



කාලෙකට ගිරා ජෝඩු ගහේ අතුවල වහලා තුරුළු වෙලා ඉන්නවා. හිටපු ගමන් ගිරවි ගිරවට කොටල අහකට තල්ලු කරලා දානවා. ආපහු ටික වෙලාවකින් ගිරවා හෙමින් හෙමින් ළං වෙනවා. ගිරවිගෙ අත්තටු පිරිමදින ගමන් රහසක් කියනවා.




තව ටික කාලෙකින් දෙන්නා හරිම කාර්යබහුල වෙනවා. ගිරවා පුංචි පුංචි පිදුරු ගස්, පුළුන් කෑලි ගෙනත් ගිරවිට දෙනවා. ගිරවි ඒවා බෙනේ ඇතුලෙ ලස්සනට අහුරනවා.



ඉන් පස්සෙ ගිරා අම්මා බෙනේ ඇතුලෙන් එලියටවත් බහින්නෙ නැති කාලයක් එළඹෙනවා. ගිරා තාත්තා කෑම හොයාගෙන ඇවිත් එයාට කවනවා.



ටික කාලෙකින් පුංචි පැටවුන්ගෙ හුරතල් හඬ ඇහෙන්න පටන් ගන්නවා. අම්මයි තාත්තයි දෙන්නා හරිහරියට කෑම හොයන් ඇවිත් පැටවුන්ට කවනවා. පුංචි හොටවල් ඇතුලට බලෙන්ම ලොකු ලොකු කෑම කෑලි තල්ලු කරනවා.



වෙලාවකට දෙන්නා දෙමහල්ලො කිචිබිචි ගගා බැන ගන්නවා. කිරිල්ලි බෙනේ සිදුරෙන් එලියට ඔලුව දමාගෙන කෑ ගානව. ගිරා තාත්තා ඔලුව දෙපැත්තට පද්ද පද්දා අහගෙන ඉන්නව. කිරිල්ලිගෙ සද්දෙ නැවැතුන හැටියෙ බෙනේ දිහාවට එබිලා බලනවා "කචකචේ ඉවරෙයි නෝනේ?" කියලා අහනවා වාගෙ.



බස්සි ගිරාගහ යට බංකුවෙ වාඩි වෙලා බස්සගෙ උරහිසට හේත්තු වෙලා ගිරා කැදැල්ලෙ අසිරිය විඳිනව. බස්සා "හ්ම්ම්..." කියන්නෙවත් නැතුව බස්සි කියවන ගිරා කැදැල්ලෙ විස්තරේ අහගෙන ඉන්නව.



කැම්පස් එකේ ටීචර්ල වැඩ වර්ජනය කරල නිසා බස්සිලාට මාස තුනක විතර දිග නිවාඩු කාලයක් ලැබෙනව. නිවාඩුව ඉවරවෙලා කැම්පස් එන මුල්ම දවසෙ බස්සි බස්සත් එක්ක ගිරා ගහ බලන්න යනවා.



ගිරා පවුල් පහකට හෙවණ දුන්න ගිරා ගහේ කඳ කුට්ටි කපල උද්‍යාන බංකු පේලියට එහායින් ගොඩගහල තියනව.



ගහේ බෙන වල ගිරා අම්මයි තාත්තයි හදාපු තොටිලි වල නිදාගෙන උන්නු ගිරා පැටවු මතක් වෙලා බස්සිගෙ ඇස් දෙක තෙත් වෙනවා. ගිරා පැටවු ගැන මතකය ඇස් දෙකෙන් එලියට පැනල, කම්මුල් දිගේ පහලට ගලාගෙන යනවා. බස්සා බස්සිගෙ ඇස් දෙක උරහිසට තද කරගෙන ඔලුව අතගානවා.



බ්ලොග් පිටුවෙ අකුරු කොටන බස්සිගෙ කී බෝඩ් එකට ගිරා ගහේ මතකය කඳුලු බිංදුවක් වෙලා වැටෙනව.



13 comments:

  1. හ්ම්ම්...අපරාදේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...... ඔයාලා ඇවිත් ටික දවසකින් නෙව ගිරා ගහ කපලා දාලා තිවුනෙ... මතකද? :(

      Delete
  2. //(දෙක වසරෙ අක්කලාව මේ වැඩ වලට සම්බන්ධ කරගන්නෙ නෑ. පුරුෂාධිපත්‍ය කැම්පස් ස්ටුඩන්ට් යූනියන් වල ඔඩු දුවල තියන නරකම ලක්ෂණයක්!)//

    චැහැ මේක ඉතා විසිස්ට ලක්සනයක් නැද්ද මන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔයාට මුලු පෝස්ට් එකෙන්ම හිතට වැදුනෙ ඒ ටික විතරද? ඔව් ඔව් ඒකනම් ඉතාම උත්කෘෂ්ට ලක්ෂණයක් තමයි. කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.....

      Delete
  3. පව් ...........

    ඔන්න බස්සි බලන්න මමත් ආවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි අක්කේ. ආයෙත් දවසක බස්සිගෙ නවාතැනට ඇවිත් යන්න එන්න.

      Delete
  4. හ්ම්ම්...ඔව් ඔව් මටත් එදත් අපරාදේ කියලා හිතුනා..ඒත් ඉතින් කැපුවට පස්සෙ මොනවා කරන්නද? :/

    ReplyDelete
  5. හ්ම්ම්.... ගිරා ගහත් ඉවරයි. පව් ගිරා ගෙදර..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. අපේ කැම්පොස් එකේ පරිපාලනය හරී කැමතියි හොඳට තියෙන ගස් කප කපා වටාපිටාව එළි කොරන්න. දියුණුවේ ලක්සන නෙව!!

      Delete
  6. oyaage giraaa gaha, Apee nam pacha gaha kapaladaapu ekata nam apee campus ekee okkomalama wage duk una... :( :(

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් කවි අයියා, ඒ ගිරා ගහ කැම්පස් එකේ අවුරුදු ගානක මතක සටහන් හංගාගෙන ඉන්න ඇති. බැච් මීටින්ම බර ගානක රෙකෝඩ්ස් තියෙන්න ඇති ගිරා ගහේ....

      Delete
    2. එකනම් ඇත්ත අක්කේ .............
      දැන් ජුන්නෝ අව්වේ කර වෙනවා එතනට වෙලා.....

      Delete
    3. පවු පොඩි උන්. බැච් මීටින් තියන වෙලාවට වේලෙනවා ඇති. අනික දවල් දොලහටනෙ ඒකත් තියන්නෙ.

      Delete