Sunday, August 11, 2013

ජාලයේ සරන අසහනකාරයෝ


බස්සි ෆේස්බුකියේ සිරි ලංකාවේ ෆැශන් පිටු ගැන හොයන්නට හැදුවේ පොඩි පහේ මාර්කටිං වැඩකටය. නමුත් සර්ච් බාර් එකේ Sri Lankan කියා ටයිප් කොරන විට පැමිනි suggestions දැක බස්සිගේ ඇස් උඩ ගියේය.


මාර්කටිං වැඩේ පැත්තක දමා ඒ පිටු එකින් එකට ඉගිල්ලී බැලුවේ හිතේ ඇතිවූ කුතුහලය නිසාමය.

බොහොමයක් පිටුවල ඇති පින්තූර වල ඉන්නේ වෙන කවුරුවත් නොව අපි වාගේම අක්කලා, නංගිලාය. පාටියකට ගිහින් ඩාන්ස් කරන, මුහුදු වෙරලේ සෙල්ලම් කරන, නාන තටාකයක විනෝද වෙන කෙල්ලන්ය.

ඒ අතරේ තරමක් සභ්‍යත්වයෙන් ඔබ්බට ගිය ඡායාරූපද ඇත. එවැනි ඡායාරූප බොහොමයකට පහලින් පින්තූරය සැපයූ කොල්ලාගේ නමත් ටැග් කරලා තියෙනවාය. ෂුවර් එකටම බූට් කේස් එකකට පළිගන්නට හදන එවුන් වෙන්නට ඇතිය.

පාසල් යන වයසේ කෙල්ලන්ට වෙනමම පේජ් එකකි. ජාත්‍යන්තර පාසල්වල කෙල්ලන්ට වෙන්වුන තවත් පිටුවකි.


පාසල් ඇඳුමින් සැරසී ඉන්නා අහිංසක කෙල්ලෙක්ගේ පින්තූරයක් යටින් කොටා ඇති කොමෙන්ටු වැල නම් දකින විට හිරිකිතය. හොඳ වෙලාවට ගොඩක් එවුන් කොමෙන්ටු කොටා ඇත්තේ අමු සිංහලෙන්ය. නැත්නම් ලංකාවේ අපිට ලැජ්ජාව වහගන්නට වෙන්නේ අඟහරු ලෝකයට ගිහින්ය.

රොෂාන් පෙරේරාගේ 'පෙරදා හඬවා ගියා ඔයා' ගීතයේ මියුසික් වීඩියෝවේ අතිශය සභ්‍ය ලෙස පාසල් සිසුවියකගේ චරිතය රඟපාන කෙල්ලගේ පින්තූරයත්, ඒ යටින් මේ අසහන කාරයෝ පහරා ඇති ආකාරයත් දකින විට ඉතා පිළිකුල් සහගතය. ලංකාවේ වුනාට මියුසික් වීඩියෝවනම් දැක නැති බව පෙනී යන්නේ "මේ ****ගෙ නම්බර් එක දීපන්කො." සහ "පැයකට අයකිරීම" අසා කොමෙන්ටු දමා ඇති නිසාය.

බස් රථයක, දුම් රියක ඇතුලේ කැමරා ෆෝන් වලින් ගත් බව පෙනෙන ඇන්ටිලාගේ ඡායාරූපද එමටය.

ජාලය තුල අපහාසයට ලක්කිරීම සැබෑ ජීවිතයේදී තමන්ට අභිබවා යන්නට නොහැකි ගැහැණුන්ගෙන් පළිගැනීමට ඇති හොඳම ආයුධය බැව් සමහරු හිතන්නේය.

බස්සිගේ අම්මාගේ මිතුරියක් වන ඇය කීර්තිමත් විද්‍යාඥවරියක්ය. ආචාර්ය උපාධිය ලබා ලංකාවට පැමිණ වසර දෙකක් ගතවන විට ඇය නව නිපැයුම් විස්සකට ආසන්න සංඛ්‍යාවක් බිහි කල අතර ඒ නිසාම ආයතනය තුළ පැසසුමටද පත් වූවේය.

එක් වරම ඇයට අමුතුම ආකාරයේ දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තේය. ඒ එක එකා සමඟ අනියම් සබඳතාවන්ට ආරාධනා කරමින්ය. මෙහි අගක් මුලක් වටහා ගත නොහැකි වූ ඇය පොලීසියේ සහය පැතුවාය.

ගේම දී තිවුනේ ඒකම ආයතනයේ සේවය කරන තවත් විද්‍යාඥයෙක්ය. ගැහැණියක් තමා ඉක්මවා කීර්තියට බඳුන් වෙනු නොරිස්සූ ඔහු ඇයගේ තොරතුරු අසැබි වෙබ් අඩවියකට ඇතුල් කර තිවුනේය.

ඉමහත් කළකිරීමට පත් ඇය මාස දෙකකට ඉහතදී රට හැර ගියාය. ලංකාවට ඒ සමග අහිමිවූ දෑ බොහෝය. අනාගතයේදී ඇගේ නිපැයුම් වෙනත් රටකින් කළඑලි බසිනු ඇත.

ෆේස්බුකියේ ශ්‍රී ලංකාව ගැන තොරතුරු ගවේශණයට සැරසෙන විදේශිකයෙකුටත් පළමුවෙන්ම දක්නට ලැබෙන්නේ බස්සි දුටු පිටු පෙළගැස්මය. දකින එකා හිතන්නේ ශ්‍රී ලංකාව ගණිකාවන්ගේ පාරාදීසයක් බවය. හිතේ කුතුහලයට බස්සි සිංගප්පූරුව සහ තායිලන්තය ගැනත් ෆේස්බුකියේ හෙවුවාය. අනේ ඒ රටවල් වල ආපනශාලා, සංචාරක තොරතුරු, අධ්‍යාපනය ගැන නිමැවුනු වෙබ් පිටුවල අපූරු පෙළගැස්මක් ලැබෙනවාය. අපේ අයියලාගේ සුවිශේෂ හැකියාවන් සමග සුද්දන්ට හැරෙන්නටවත් බැරිය.





මෙවුවා මෙහෙම වුනා කියලා ලංකාවේ ගෑණු ළමයින් ලෝකයෙන් වහං වී සිටිය යුතු නැති බව බස්සිගේ අදහසය. ප්‍රොෆයිල් පික්චර් එකට කාටූන් පිංතූරයක් දමා හැබෑ මූණ සඟවා ගන්නට එපාය. එක එකාගේ අසහනයන්ට බයේ හැංගි හැංගී ජීවත් වුනොත් අපිට ජීවිතය විඳින්නට ඉඩක් නැති වෙනවාය.

එහෙම කියූ පලියට යට ඇඳුමින් ඉඳගෙන බාත් රූම් එකේ ඉඳන් ෆොටෝ අරන් ඉන්ටනෙට් දාන්නට තරම් අපේ කෙල්ලන් මෝඩ වුනොත්නම් සොරි තමාය. අර බ්‍රිජට් කන්‍යාරාමයේ කෙල්ලන් ටික පාසල් ඇඳුමේ ගෞරවය තුට්ටුවට දමමින් අරන් තිවුන ෆොටෝ වාගේ එවුවා නම් ජාලයට එකතු වූ විගස නිසි ප්‍රතිකර්ම ලැබෙන්නේය. ඒවාට කාටවත් කරන්නට දෙයක් නැත. දිට්ඨ දම්මවේදනීය කර්ම කියන්නේ එහෙම එවුවාටය.

බස්සි නම් පාරේ තොටේදි සමාජයට පෙන්නන මේ මූණත් තහඩුව ඒ විදියටම ජාලයටද එකතු කර ඇත්තේ හඳුනාගැනීම පහසු වෙන්නය. ඇත්තෙන්ම ජාලයට එහෙම ෆොටෝ එකක් එකතු කිරීමෙන් පැරණි මිතුරන් හඳුනා ගැනීමට ලැබෙන අවස්ථාවත් වැඩිය. විශ්වාසයත් වැඩිය.

අන්තිමටම කියන්නට තියෙන්නේ වරදක් නැතුව කතා අහන්නට වුනා කියා කෙල්ලනේ වහ බොන්නට නම් එපාය. ජාලයේ අසහනකාරයන්ට දෙන්න තියෙන හොඳම උත්තරය මේකය;


පින්තූරයේ මුල් අයිතිය PAPADAMNගේය. බස්සිටනම් පොර ෆෙස්බුකියේ ඉන්නා සැබෑ සුපිරි වීරයෙක්ය.

බල්ලෝ ඊයෙත් හඳට බිරුවෝය. අදත් බුරති. හෙටත් බුරනු ඇත. ඒක නවත්තන්නට කාටවත් බැරිය. ඒත් ගෙදර බල්ලා ලෝකෙට පෙනෙන්නට පහරනවානම් ඌව බැඳ තබා මට්ටු කරන එක නුවණට හුරුය.


35 comments:

  1. චැහැ කැත සිද්දිය ඉතින්.කොතනත් පොඩි පොඩි අවුල් තියන උන් ඉන්නවා ඉතින්.ඔය සුළුතරයක් දෙනා නිසා රටේම කාඩ් එක ඉවරයි.තව එකක්, මේක කියවලා ඕවා හොයන්න බුකියට දුවන උනුත් ඉදි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ. මේක කියවලා තවත් අලුත් පේජ් එකක් හදන්න අධිෂ්ඨාන කරගන්න එවුන් ලංකාවෙ ඉන්න බැරි නෑ. තව දෙයක්, මේකනම් පොඩි අවුලක් කියලා අමතක කරලා දාන්න පුලුවන් වසංගතයක් නෙමෙයි ඕං.

      Delete
  2. සම්පුර්ණ ඇත්ත සමහර ෆොටෝ වල යටින් තියෙන කමෙන්ට් දැක්කම දුක හිතෙනවා.. ඔයා කියනවා වගේ සිංහලෙන්ම ලියල තියෙන ඒක හොදයි..නැත්නම් රටේ ලෝකේ උනුත් හිනාවෙයි අපි අපිටම කරගන්න වැඩ වලට .. උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩනේ අපේ ගොඩක් අය කරන්නේ ...

    පලවෙනි වතාවට ආවේ ඔයාගේ බ්ලොග් එක හොදයි ,
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලංකාව නේ සහෝ. මං හිතන්නෙ ඔය අසහනකාරයන්ට ඔය වාගෙ රාජකාරි බහුල නිසා කඩු හරඹ ඉගෙනගන්න වෙලාවක් නැතිව ඇති.

      කමෙන්ටුවටත් සින්ඩිකේටරයට ඇතුලත් කරගත්තාටත් ගොඩක් ස්තූතියි චමී. ආයෙත් දවසක බස්සිගෙ නවාතැනට ගොඩවෙලා යන්න එන්න.

      Delete
  3. ඒ මම කලින් දාලා ගිය කොමෙන්ට් එක කෝ

    ReplyDelete
    Replies
    1. කණ්ණාඩි දාන්න වෙලාද මන්දා.... ඔය උඩින්ම තියෙන්නෙ.

      Delete
    2. හම්මට උඩු තියේ නේනම් but කලින් එනකොට තිබුනේ නෑ නේ ශු මේකනම් මාරයි #මාරයි

      Delete
  4. මාත් දැකලා තියනවා..මo දන්න කියන කෙනෙක්ගෙත් කිසි වැරද්දක් නැති photo එකකුත් fb එකෙන් අරන් ඒ වගේ site එකක දාලා තිබුනා...අසහනකාරයෝ කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්.... ඒකනම් ඇත්ත තමයි නංගෝ

      Delete
  5. අදනම් ටිකක් වැදගත් පොස්ටුවක් දාල නේද... ?


    මානසික අසහනකාරයෝ අක්කේ. වැඩක් naha කතා කරලා. බුකිය පැලෙන්න ඔය ගැන කිව්වා. කිසි තේරුමක් naha.
    (කමෙන්ට් කරන්න කම්මැලි හලෝ.. )

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පෝ ඔහොම කම්මැලි වෙලා පුලුවන්ද ඉගෙනගන්න ළමයි වුනාම?

      Delete
  6. විනයක් නැති සමාජයක ,ෆෙස්බුක් භාවිතාකරන්නගේන් විතරක් විනයක් බලාපොරොත්තු වෙන්ඩ බැහැ...ජාලයට තමන්ගේ පින්තුර එකතු කරන කොට ගන්න තියෙන ආරක්ෂක පියවරවල් ගන්න එකයි හොඳම දේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නමුත්;

      "ගෙදර බල්ලා ලෝකෙට පෙනෙන්නට පහරනවානම් ඌව බැඳ තබා මට්ටු කරන එක නුවණට හුරුය...."

      Delete
  7. නියමයි, ලස්සනට ලියලා තියෙනවා කතාව........ දිගටම හොයන්න ඕවා.. අපිව දැනුවත් කරන්න, වෙන මොකටවත් නෙමේ මේ අසහන කාරයෝ ගැන හිනා වෙන්න තමා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයික් නයිට්. අනිවා දිගටම ලියනවා තමයි.

      Delete
  8. අද මේ පැත්තට ගොඩ උනේ! ඇත්ත කතාව.. මම වැඩ කරන තැනත් පොඩ්ඩක් IT පැත්තට සම්බන්ධ නිසා මාසයකට යාලුවොන්ගෙන් එයාලගේ.. නැත්නම් එයාලගේ girl friends ලාගේ ෆොටෝ ම් page වලින් මොනවා හරි කරලා අයින් කරලා දෙන්න කියලා එන request නම් එමටයි!

    ReplyDelete
    Replies
    1. බස්සිගේ නවාතැනට සාදරයෙන් පිලිගන්නවා!! නාඩිගේ නාඩි බ්ලොග් පිටුවට නම් බස්සි ඉඳහිට ගොඩවැදිලා තියෙනවා. බස්සි නාඩිගේ කැම්පස් කතා කියවන්න ගොඩක් ආසයි. ඉඳහිටලා බස්සිගේ නවාතැනට ගොඩවෙලා යන්න එන්න.

      Delete
  9. සිරා පෝස්ට් එකක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගලේ....!!

      (අනේ ගලේ මලේ - මට අම්ම අප්ප දැක්ක වගෙයි බොලේ ~බොරලුගොඩ~)

      Delete
  10. අන්තිම නින්දිත වැඩ. මාත් එහෙ මෙහෙ කරක් ගහද්දි දැකල තියනව ඕව. අර කිව්වත් වගෙ ඕවට බයේ හැංගිලා ඉන්නවට වඩා මූණ දීල ඒව කරන උන්ව වට්ටන එක තමයි හරි. ඒත් ඒ තැනට එන්නට නම් තවත් ගොඩක් දේ වෙනස් වෙන්න ඕන.

    හොඳම ලිපියක් !

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන අයියේ. අපේ රටේ වෙලා තියෙන්නෙ එහෙම තත්වෙකට පත්වුන ගෑණු ළමයින්ටම වරද පටවන්නනෙ ගොඩක් අය බලාන ඉන්නෙ.

      තැන්කුයි හොඳේ.

      Delete
  11. :ඩී
    අපේ ලංකාව ගොඩක් දෙවල් අතින් අංක එකලුනේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකනෙ ඒකනෙ මදාරා නංගෝ..

      Delete
  12. අහා අද නම් පට්ට වැදගත් දෙයක් ලියලා. ඔන්න ටිකක් දිග කතාවක් කියන්නම් ඔය සින් එක ගැන අපි නම් දැන ගත්තේ 10 වසරේදී වගේ අපි කොල්ලෝ 3ක් එක්ක එකතු වෙලා ෆේක් ප්‍රොෆයිල් එකක් හැදුවා සර් කෙනෙක්ට බයිටක් දෙන්න කොම හරි මාස2 ක් ගියේ නෑ ෆෙරේන්ඩ් ලිස්ට් එක 4000 ත්පැන්නා.. එකේ ඔන්ලයින් ඉන්න වෙලාවට දාන මැසේජ් අම්බ් කුනුහරුප තමා එවන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ බාගෙකට වැඩිය උන්ට ඔය කියන අසහනේ තිබුනා.. අපිත් ඉතින් කරේ මුන් මැසේජ් දාපු ගමන් ස්ක්‍රීන් ෂොට් ගහලා දානවා මෙන්න මු මෙහෙම එකෙක් කියලා... කොම හරි ඔය සින් එක නිසාමද කොහෙද එකවුන්ට් එක සති 2කෙන් බ්ලොක් උනා..... සර්ට බයිට් එකත් හොදට දුන්නා තාමත් අපි ඕක මතක් කරනකොට පොරට මාර තරහක් එන්නේ මොනාඋනත් පොර අපිට හොද යාලුවෙක් වගේ අදටත්

    මෙන්න මේ සින් එක ඒ වගේම තව සින් ඔන්න මගේ fb බොරළු පරෝෆයිල් එකේ ඉන්න දවස් වල වෙච්ච් සින් එක්ක ගිය අවුරුද්දේ වගේ. මම fb හිටියට හරිම කම්මේලි චැට් වලට අදුරනම එකෙක්ට ඇරෙන්න මැසේජ් එකකට රිප් කරන්නේ කලාතුරකින් මොකද ෆේක් ඉන්නකොට හැම එකාම අහන්නේ එකම පස්න වැලක් හායි කොමද, රියල් නම මොකක්ද,විමලා හොදින්ද?, ඉන්නේ කොහෙද? ඔන්න ඔය ටිකට උත්තර දීලම තමා චැට් එපා උනේ.... ඉතින් මම කමෙන්ට් ලයික් ස්ටේටස් ෆොටෝ දාන එක තමයි ඔකේ ඉදන් වැඩිපුර කරන්නේ... ගිය අවුරුද්දේ දෙසැම්බර් වගේ මාත් පට්ට අවුලෙන් හිටපු කාලයක්. කොම හරි මම ගෙදර උයපු දවසක ස්ටේටස් එකක් දැම්මා මම තමයි අද දවල්ට ඉව්වේ කියලා.. කොම හරි ඕක දාලා ටිකකින් මට කෙල්ලෙක් මැසේජ් එකක් දැම්මා මේ අද දවල්ට මාත් කන්න එන්නද කියලා. ඔන්න් මමත් පොඩ්ඩක් චැට් එකට වැටුනා කොම හරි දෙන්නා හොදටම ෆිට් උනා ඒ කෙල්ලත් මගේ වයසේ දවස් ගානක් චැට් කළා අවසානේ එයාගේ tp number එකත් මට දුන්න ඔන්න මාත් ඉතින් දවස් 2ක 3ක් කතා කළා පස්සේ පස්සේ එයා ගැන මට අමුතුවට හිතෙන්න ගත්තා එයා කියන කතා එක්ක ඔන්න දවසක් රෑ මම කෝල් එකක් ගත්තා 8ට විතර කොම හරි එදා මෙකි මාත් එක්ක අමුතු සින් කියවන්න ගත්තා මට තේරුණා චරිතේ කවුද කියලා.. ඔන්න ඉතින් කොම හරි මම එකී කියන ඒවාට වචනයක් නෑ අහන් හිටියා විතරයි.. කොම හරි දවස් 2ක් විතර ඔය අමුතු කතා විතරයි එකී කියනවා මම අහන් ඉන්නව මේකිට තේරුනා වැඩේ හරියන්නේ නෑ කියලා... කොම හරි පස්සේ මගේ අකවුන්ට් 2කම අන්ෆ්රෙන්ඩ් කරලා දැම්ම ෆෝන් නම්බර් ඉදලා අයින් කරා.... කොම උනත් මෙකි ඇවිත් අසහනේ තියන කෙල්ලෙක් එම නැත්නම් මේකිට මානසික ලෙඩක් තියනවා...... මෙකි එ දවස් වල මම වගේ කතා කරපු තව කොල්ලෙක් හිටියා එකී කියන්නේ ඔයාට මාව තේරුම් ගන්න බෑ අරයට නම් මන් ගැන හොදට තේරෙනවා කියලා තමයි... ඒ දවස් වල මාත් එක්ක කලින් හිටි කොල්ලා ගැන එම කියව කියව පට්ටෙට අඩනවා.. ඒකීම තමා කොල්ලව අතඇරලා තියන්නේත් කොම හරි මාව අන්ෆ්රෙන්ඩ් කරලා ටික දවසකින් ආයේ පරණ කොල්ලා එක්ක යාලු වෙනවා.... ඔන්න කොම හරි ටික මාස කින් විතර ආයේ තරහා වෙනවා මුන් දෙන්න පස්සේ මම අර කෝල්ලගේ අකවුන්ට් එකට ගිහින් බලනකොට.. ඌ මේ මෙන්ටල් කෙල්ල හින්දා අතපය ඉදලා බ්ලේඩ් තල වලින් කාපාගෙන එක විකාරයක් නටලා.. මට අර කොල්ලට අරකි ගැන සේරම කියන්න හිතුනත් අදටත් මම ඒ කොල්ලට ඔය සින් කිව්වේ නෑ... ඌ තාමත් අරකිට පිස්සුවෙන් ලව් අර මෙනට්ල් කෙල්ලා තවමත් බුකියේ ඒකිට හරියන කොල්ලෝ හොයා හොයා ඇවිදිනවා. මොනා උනත් පවු ඒකිට තියන්නේ ලොකු මානසික ලෙඩක්....

    මේ ලගක් වෙනකම් තිබුණා අරකි කෝල් කරන වෙලාවේ කරපු රෙකෝඩ් වගයක් ඔන්න ලගදී ෆෝන් එක චිප් එක ෆෝමැට් උණු පාර සේරම නැති උනා එකත් එම උණු එක හොදයි නැතනම් කවදක හරි වැරදිලාවත් ඕක අර කොල්ලට මම දුන්නොත් ඕකා මැරෙනවා සුවර් . ඔන්න ඕකයි බුකියේ සින් තව ඔය වගේ කොච්ච්ර දේවල් මේ බුකිය ඇතුලේ වෙනවා ඇද්ද

    ඔන්න නිදිමත විකාරේ ටයිප් කරේ මොකුත් තේරුණේ නැති තැන් එම තියනවා නම් තේරුනා වගේ හිටහල්ලා

    ReplyDelete
    Replies
    1. හම්මේ බොරලු මේක මම ඉස්සර ලියාපු එකක් අනේ..... කියවලාම මාන්සියි හික්ස්! ඔයා කියන එකත් ඇත්ත මෙයා මේ මේනියාව තියන ගෑල්ලමයිනුත් ඉන්න පුලුවනි.

      Delete
  13. හම්මේ පැරණ පොස්ට් එකකට නේද කොටලා තියන්නේ

    ReplyDelete
  14. බස්සි ...."ලංකාවේ මිනිස්සු වෙනස් ඒ වෙනසට ගරු කරන්න "

    ReplyDelete
    Replies
    1. වෙනස්ම වෙනස් ආය කතා දෙකක් නෑ පවුලූශෝ

      Delete
  15. ලංකාවේ මිනිස්සු මහා පුදුම ජාතියක් බස්සි...

    මිනිහෙක් හදිසියේ අසනීප වුනොත් දුවලා පැනලා වාහන ගෙනල්ලා ඉස්පිරිතාලේ ගෙනියලා පුදුම විදිහට උදව් කරනවා, ඒ මිනිහා ඉස්පිරිතාලේ නවත්තුවාම පහුවදා රෑට ඒ මිනිහගේ ගෙට පැනලා ගෑනිව දූෂණය කරනවා.

    හොඳම දේ ළමයින්ටයි කියලා බදාගෙන මරෙන්න් හදන්නවා , එත් උගේ ළමයට වඩා අනිකා ලකුණු ගත්තොත් ගේ ගිනි තියනවා.

    වැඩිහිටියන්ට සලකන්න උපන්දිනේට පාටි දාලා බොරුවට සල්ලි නාස්ති නොකට වැඩිහිටි නිවාසෙකට දානේ දෙනවා. එත් අබ්බගාත අම්මට සලකනවා කියලා අම්මයි දුවයි දෙන්නම් ගෙට දාලා ගේ ගිනි තියනවා .

    සංස්කෘතික ඇමති ගණිකා නිවසෙක් ඉඳලා අහුවෙනවා , ස්ත්‍රී දූෂණ වලට හේතුව කොටට ඇඳීම කියලා කොට ගවුම් තහනම් කරනවා .

    කියන්න ගියොත් උඹේ පෝස්ට් එකට වඩා ලිස්ට් එක දික්වෙනවා . උඹට වෙල්ඩන් කියලා පස්සේ ඇවිත් ඇනෝ දාලා කුණුහරුප කියනවා .

    ඒ නිසා නවතිනවා ...." ලංකාවේ මිනිස්සු වෙනස් ඒ වෙනසට ගරු කරන්න "

    ReplyDelete
    Replies
    1. මම දැකපු අපූරුම කමෙන්ටු වලින් එකක් මේක පවුලූශෝ. ලංකාවේ මිනිස්සු බහුතරයකට මුහුණු 2ක් තියෙනවනෙ. ඒකයි ඔය.

      Delete
  16. මේ අන්තර්ජාලයේ ඉන්න අසහනකාරයෝ ගැන නම් කියලා වැඩක් නැහැ බස්සි. සහනකාරයෝ කිව්වම පිරිමි විතරක් නෙවි ගැහැණුත් ඇතුලත්. විශේෂයෙන්ම ෆේස්බුක්, මේක මේ වඳුරට දැලි පිහිය අහුවුනා වගේ වැඩක් වෙලා තියෙන්නේ. අසහනේ තියෙන එවුන් දැලි පිහියෙන් තම තමන්වම කපාගත්තට කමක් නැහැ. හැබැයි මේ දැලි පිහිය නිසා අහක ඉන්න මිනිස්සුත් අමාරුවේ වැටෙන එක තමයි බලාගෙන ඉන්න බැරි. ෆේස්බුක් තහනම් කිරීම වගේ දේවල් වලට මමත් විරුද්ධයි තමයි හැබැයි බොහොම පැහැදිලිවම මේවට පාලනයක් නම් තිබිය යුතුමයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේවට සීමා පනවන එක හරිම අමාරු දෙයක් නෙ ගන්දරයෝ. කල යුතු හොඳම දේ ස්වයං වාරනයකින් යුක්තව කටයුතු කිරීම තමයි.

      Delete
  17. අප්පොච්චියේ මටත් ඔහොමා වැඩක් උනා මගේ එලියන්ස් ඉස්කෝලේ යෙහෙලියක් නිසා, ජොබක් නෑ කිව්වම මම අයියගෙන් අහලා අපේ ගෙදර ඉන්න දීලා ජොබකුත් සෙට් කොරා....ඔන්න ඊට පස්සේ අපි යන තැන්වල හෙම එයාව එක්කන් ගියා......මෙයා බුකියෙන් හොයා ගත්තු කෙනෙක්ව රෙජිස්ටෙර් කොරල ඉතාලි ඇවිත් තිබුනේ කොමින් කෝම හරි මේ කෙල්ල මෙහේ කොල්ලෙක් එක්ක යාළු උනා..ඔය අතර ලංකාවේ ඉන්න කොල්ලා බුකියේ පේජ් එකක් හදලා මේ කෙල්ල ගණිකාවක් කියලා,කාලා වරෙන්කෝ මායි ඒ කෙල්ලයි ගත්ත ෆොටෝත් පේජ් එකේ දාලා.....මිනිස්සු හිතන දේවල් වලින් අපිට මොකෝ කියලා...පවුලේ කස්ටිය අතර මන් පේජ් එකේ විස්තරේ කිව්වා....එච්චරයි ටික දවසකින් පේජ් එක කොහොම හරි බ්ලොක් කරලා දාලා එදයින් පස්සේ මන් අනුන්ගේ කැමරා වල පෙනි සිටින්න යන්නේ නෑ....තව දෙයක් බුකිය මන් පාවිච්චි කරේ හාඩ් ඩිස්ක් එකක් නැති නිසා ෆොටෝ සේව් කොර ගන්න ඊයේ පෙරේදා දවසක....ඔක්කොම ඩවුන්ලෝඩ් කොරන් ....ඇල්බම් මකලා දැම්මා....අනේ මන්දා මට නම් හිතෙන්නේ ගෑණු,පිරිමි බේදයකින් තොරව ජාල වල අසහන මිනිස්සු පිරිලා...හැමදේම බුද්ධිමත්ව පාවිච්චි කරාම වැඩේ ඉවරයි...අනික පිරිමි කෙනෙක්ට වඩා ගැහැණියකට සමාජේ ඇගිල්ල දික් කිරිමේ අවස්ථාව වැඩි .....ගැණු ළමයි එය හිතට ගත යුතුයි ....

    ReplyDelete
    Replies
    1. පලිගැනීමේ චේතනාවෙන් හදන ඒවා තමයි ශානු අක්කෝ භයානකම. ඒකෙන් ළඟින් ඉන්න අනිත් අයත් අමාරුවෙ වැටෙනවා. ඒත් ඔයා කලා වගේ ඔය අසහනකාරයන්ගෙ වැඩ තුට්ටුවකට මායිම් නොකර හිටියාම හරි.

      Delete