Friday, August 23, 2013

පාළම උඩ



උදේට
කොළඹට දෙපෙළට
කොළඹින් තනිපෙළට

හවසට
කොළඹින් දෙපෙළට
කොළඹට තනිපෙළට

දෙපෙළට නෙමේ පේළි එකහමාරට

වාහන ගොඩ - නළා හඬ
පැය බාගයක් - පාළම උඩ

"කෝ කෝ පස්සෙන් සල්ලි ගන්න."
"පස්සෙන් සල්ලි ගන්න පුලුවන්නම් අපි බස්වල යනවද මල්ලි?"

හිනා......

හතර අත තෙරපිල්ල
දාඩියට මුසුව එන දුහුවිල්ල
ගිනියම් සුළං රැල්ල

"අධිවේගේ හදාපුවම,
ඇහැකිලු මේ බස් දාන්න"
"හ්ම්ම්ම්.....
තව මාස දෙකලු නේද මෙයා?"

චීන්නු
පාළමේ වැට ගලෝනව නේද!
එහායින් තව පස්දෙනෙක්
පේළියට පොළව කනිනව වේද!

මල කෙළියයි!
FINAL DESTINATION - 5!!

5 comments:

  1. මල කෙළියයි! චීන්නු වැට ගලෝනවද ... :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. නැතුව නැතුව. වැට ගලවලා උසට හැදුවෙ නැත්තම් අපේ අයියලා අධිවේගෙන් ගිහින් වාහනේ කැළණි ගඟෙන් නාවගෙන එයි. පාර සිදුරු කරනවා දැකලා බස්සිටනම් Final destination මතක් වුනා. මක් කොරන්නද ඉතිං ඉතිපිසෝ ගාථාව කියකියා හිටියා.

    ReplyDelete
  3. හ්ම්ම්.. මටත් එපා වෙලා. බස් එක නොදකින්..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  4. අඩේ ,,,, මුන්ට පඩි දෙන්නේ නැද්ද වැටවල් ගලවන්නේ

    ReplyDelete