Thursday, August 22, 2013

කොකු



කොක්ක/ කොක්කක් ගහනවා කියන වචන දෙක කැම්පස් සංස්කෘතියෙ විශේෂ කොටසක්. අද බස්සි කතාකරන්න යන්නෙ කැම්පස් කොකු ගැන.

කොක්ක කියන්නෙ කැම්පස් භාෂාවෙන් ආදරවන්තයාට. කුරුල්ලාට කොක්ක කියනවනම් කිරිල්ලිට කියන්නෙ කොක්කි කියලද? නෑ නෑ දෙගොල්ලන්ටම කියන්නෙ කොක්ක කියලම තමයි.

කොක්ක කියන වචනෙ තේරුම දන්නවානම් කොක්ක ගහනවා කියන එකේ තේරුම හිතාගන්න පුලුවන් නෙව. ඒ කියන්නෙ ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියන එකයි. කැම්පස් එන සමහරුන්ගෙ බලාපොරොත්තු ලැයිස්තුවෙ ඩිග්‍රිය ගැනීමටත් ඉහලින් තියෙන්නෙ කොක්කක් ගැසීමලු. ඒව ගැන වැඩි විස්තර නම් බස්සි දන්නෙ නෑලු ඕං.

කැම්පස් කොකු වර්ග පහක් තියෙනවා.

පළවෙනි එක තමයි 'බත් කොක්ක'. ගොඩක් වෙලාවට 'බත් කොක්ක' බවට පත්වෙන්නෙ කිරිල්ලියො. බත් කොක්කක් ගැසීමේ පරමාර්ථය තමයි ඒ කුරුල්ලා හරි කිරිල්ලි හරි ගෙදරින් අරන් එන බත් එකට තට්ටු කරන එක. මේ නිසා අනිවාර්යෙන්ම බත් කොකු වෙන්නෙ ගෙදර ඉඳන් කැම්පස් එන කිරිල්ලියො තමයි. කැම්පස් එකේ කෑම වල සුපිරි කොලිටිය නිසා බත් කොකු කියන්නෙ ගොඩක් සුලභ දෙයක්.

දෙවනි කොක්ක 'නෝට් කොක්ක'. මේ කරදරේට අහු වෙන්න අයගෙනුත් බහුතරය කිරිල්ලියො. ඒත් අධ්‍යාපනික උණ තියන කුරුල්ලොත් කිරිල්ලියන්ගෙ 'නෝට් කොක්ක' වෙන අවස්ථා නැතුවාම නෙමෙයි. 'නෝට් කොක්කක්' ගහන්නෙ තමන්ට යන්න බැරිවෙන ලෙක්චර්ස් වල නෝට් ඉල්ලගන්න විතරක් නම් නෙමෙයි. ටියුට් ලියාගන්න, ලැබ් රිපෝට් හදාගන්න. එසයින්මන්ට් කරවගන්න යනාදී නානාප්‍රකාර වැඩ තොගයක් කරල දෙන්න 'නෝට් කොක්කට' සිද්ධ වෙනව.

තුන්වෙනි කොක්ක නම් කැම්පස් එකේ දකින්න ලැබෙන්නෙ ටිකක් කලාතුරකින්. ඒ තමයි 'ලැම්බට් කොක්ක'. අනිත් කොකු වගේ නෙමෙයි 'ලැම්බට් කොක්ක' බවට පත්වෙන්නෙ කිරිල්ලියො විතරමයි. පහල බැච් එකක කුරුල්ලෙක්, ඉහළ බැච් එකක කිරිල්ලියෙක් එක්ක ගොඩ යනවට තමයි 'ලැම්බට් කොක්කක් ගහනවා' කියන්නෙ. මේක සමහර වෙලාවට කුරුල්ලන්ට හිනාවට කාරණයක්. ඒත් එකම බැච් එකේ වුනත් වයසින් බාල කුරුල්ලො තමන්ගෙ බැච් එකේම වයසින් වැඩිමල් කිරිල්ලියො එක්ක කොකු ගහනවා ඕනෙ තරම්. 'ලැම්බට් කොකු'වලදී ගොඩක් වෙලාවට කුරුල්ලා පහල බැච් එකේ වුනාට, කිරිල්ලි කුරුල්ලට වඩා වයසින් අඩුයි, නැත්තම් සම වයසෙ. (කිරිල්ලි ෆස්ට් ටයිම් ආවත්, කුරුල්ලා තුන් පාරක් ඒ ලෙවල් ලියල ආපු කෙනෙක් නම් එහෙම.)

හතරවෙනි කොක්කනම් කොච්චර දුරට සදාචාරාත්මකද කියන්න බස්සි දන්නෙ නෑ. ඒ කොක්කට කියන්නෙ 'ආතල් කොක්ක' කියලා. නම ඇහුවම හිතා ගන්න පුලුවන් නෙ සීන් එක. ඒ ගැන වැඩි විස්තර කියන්න බස්සි කැමතිත් නෑ.

පස්වෙනි කොක්ක හෙවත් අවසාන කොක්ක තමයි 'සිරා කොක්ක.' මේ කොක්ක ගහන්නෙ බාහිර ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නෙමෙයි. මගදි ගලවන්න හිතාගෙනත් නෙමෙයි. 'සිරා කොක්ක' ගහන්නෙ සදාකාලිකවම ලඟින් ඉන්න හිතාගෙනයි. සදාකාලිකවම ලඟින් ඉන්න සිරා කොක්කක් ගහලා ඒ සිරා කොක්ක එක්ක අවුරුදු විසි තිස් ගානක් තිස්සේ සතුටින් ජීවිතේ ගෙවන කුරුලු පවුල් වලට උදාහරණ ඕනෑම කැම්පස් එකක ටීචර්ලා (ලෙක්චරර්ස්ලා) අතරින් හොයාගන්න පුලුවන්.

17 comments:

  1. දැන් බස්සි ගහගෙන ඉන්නේ කොයි කොක්කද?

    ReplyDelete
  2. ඒ මගේ සිරා කොක්ක නෙව. තේරෙන්නේ නැද්ද හැබෑට උන්දෑ වෙනුවෙන්ම බ්ලොගේ කතාවකුත් ලියනකොට?

    ReplyDelete
  3. ම්ම්ම්ම්... අපිට ඔය මොන කොක්කක්වත් නෑ..

    ReplyDelete
  4. බත් කොකු ගැන කවියක්. Mail එකක තිබුණු එකක්

    ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
    කෑවේ පාන් අප හට නැත බත් කන්න
    කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
    කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

    ReplyDelete
    Replies
    1. සුපිරි කවියක් නෙව. බස්සි නම් අදමයි ඇහැව්වෙ.

      Delete
  5. ආතල් කොකු ගැනත් එකක් තියෙනවා. එක පොඩිහිටියන්ට එච්චර හොද නැති නිසා දැම්මේ නැ.

    ReplyDelete
    Replies
    1. අනේ ඒකට කමක් නෑ අයියා. පොඩිහිටියොන්ට නුසුදුසු වචන "බීප්" කරලා කවිය දාන්න.

      Delete
    2. පළමු වසරෙ ඈ ගියෙ බිම බලාගෙන
      දෙවන සෙමෙස්රේ කොක්කක් දමා ගෙන
      දෙක තුන වසර වල හොද හැටි ***න
      ඩිග්රියටත් කලින් පැටියෙක් හදාගෙන

      Delete
    3. අප්පේ.... මොරටුවෙ කොකු ගැන ලියවුන කුරුටු ගී බොහොමයක් තියෙනවා වාගෙ!!!

      Delete
    4. ටව කවි ටිකක් තියෙනවා, එකත් දාන්න ඕන කියල හිතුන.

      මේක කොක්කක් ද ගන්න යන කෙනෙක්ව දිරි ගන්වන්න කියපු කවියක්,

      දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ

      යනවද මචං පීනස් තෙල් වෙළදාමේ

      අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ ප්‍රේමේ

      එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ

      මේ කවි දෙක හරි ගියපු නැති කොකු නිසා හිතේ දුකට කියපුව,

      දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා

      අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා

      සිනහ පපා මුකුලු පපා හිටිය නගා

      අපට නොදී සීනියර්ට දීපු නගා


      ගත ඇත සිත නැත

      සිත ඇත ගත නැත

      ගත සිත ඇති ළද

      මට කැමති නැත

      මේක නම් කැඩිච්ච කොක්කක් ගැන,

      නොකියා බැරි කමට මළගම කාටත් කීවා

      හරියට මාසයක් ඔත්පල වී උන්නා

      කඳුලින් පැන් වඩා පින් පෙත් පැමිණෙව්වා

      අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා

      මොක වෙනස්ම විදියේ කොක්කක් ගැන ලියවුනු එකක්

      පළමු වසර සිවුරක් හිමි

      දෙවන වසර සිව්ර අහිමි

      තෙවන වසර බඩුවක් හිමි

      අවසන් වසර දරුවෙක් හිමි

      ඔන්න අන්තිමටම සිරා කොක්කක් ගැන,

      නිදිමතට ලග ඉන්න...

      බැන බැනා පාඩම් කරවන්න...

      ඔලුව අත ගා ගන්න...

      නෑ කෙනෙක් ලග පාත...

      අතේ වෙලිලා ඉන්න...

      මගේ කන මිරිකන්න...

      නැහ ලගක පෙම්බරිය...

      ගිහින් ඇත කුප්පියක...

      මේවා කවුරු ලිවුවද කියල නම් මම දන්නේ නෑ :)




      Delete
    5. This comment has been removed by the author.

      Delete
  6. හ්ම්ම් හ්ම්ම්.. එකක්වත් නෑනේ ඉතිං! දුක තමා රංජනී.....

    ReplyDelete
    Replies
    1. රංජනී මොනවා කරන්නද ඒකට? ඔහොම යනකොට කොක්කක් සෙට් වෙයි!!

      Delete
  7. Sira kokka galawila.... mona karannada... :-( Ayeth koku oni naaa maaai

    ReplyDelete
    Replies
    1. වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම පමණයි. තම ජීවන රිද්මය හා අනුගතව එයට සමගාමීව හෙමිහෙමින් වෙනස්වෙන සහකරුවෙක් මේ ලෝකෙ කොහේ හෝ ඉන්නවා. හොඳම දේට ජීවිතේට ඇතුල් වෙන්න නම් නොගැළපෙන දේ බැහැර කරලා ඉඩ හදා දෙන්න ඕනෙ.

      Delete