Wednesday, August 7, 2013

තිස් අටවෙනි කොටස : පොඩ්ඩාගේ ස්තූති කථාව



"මොනවද බස්සියෝ අපි හොස්ටල් එකේ යාලු කුරුල්ලන්ට දෙන්නෙ?" උපන්දිනේ දවසෙ හවස් වෙනකොට බස්සා බස්සිගෙන් ඇහුවා. උපන්දින කියන ඒව තමන්ට අමතක වුනත් යාලුවන්ට අමතක වෙන්නෙ නෑ නෙව.

බස්සා මල්පැණි බොන්නෙ නැති නිසා යාලුවන්ට 'සාමාන්‍ය' පාටියක් දෙන්න විදියක් නෑ. කේක් තමයි පහසුම විසඳුම.

"වාසනා බේකර්ස් එකෙන් කේක් ගේමු." බස්සි යෝජනාව ගෙනාවා. 'වාසනා කේක්' ගැන අහලා නැති කුරුල්ලෙක් ඉන්නවනම් බස්සිගෙන් අහලා දැනගෙන ගිහින් කාලා බැලුවත් පාඩු නෑ ඕං. ඒ තරම් අපූරුයි රස.

හවස් වෙලා බස්සයි බස්සියි දෙවනි වතාවටත් කිරිබත්ගොඩ ගියේ පාටියට උවමනා කේක් ගේන්න. පුරුදු විදියටම බස්සිව බෝඩිමට ඇරළලා බස්සා හොස්ටල් යන්න බස් එකට නැග්ගා.

බස්සා බෝඩිමට ගිහින් පැය දෙක තුනක්ම ගතවුනත් සද්දයක්වත් නෑ. ජාලයේ චැට් කවුලුව ඇතුලෙත් නෑ. බස්සි කෝල් එකක් ගත්තෙ එහෙම වෙලාවට හිතට බයක් දැනෙන නිසයි.

"හෙලෝ බස්සියෝ..." බස්සගෙ කටහඬ යාන්තමින් ඇහුනා. අපෙ අප්පෝ එතන නිකම් කැම්පස් හොස්ටල් එකක් නෙමෙයි මොන්ටිසෝරියක් වගෙයි සද්දෙ.

"මේ කට්ටිය පාටි ඉල්ලන්න ඇවිල්ලා. මම පස්සෙ ගන්නම් හොඳේ. බයි බායි" බස්සා ෆෝන් එක තිවුවා. කළබලේට බස්සා කෝල් එක කට් කලේ නැහැ.

බස්සි ඉතින් හොඳ කුරුලු පොඩිත්ති නිසා කට් කරන්නෙ නැතුව බස්සගෙ හොස්ටල් එකට කන දාගෙන හිටියා.

"මල්පැණි පාටියට රෑ වෙලා අපි ආපහු එනව එහෙනම්."

"කෝ කේක්... කෝ කෝ කෝ කේක්....."

"අඩෝ ඒව කැතයි ඕන් ලොකු කෑලි සේරම මූට"

"හා හා කටවහපල්ලා. ස්තූති කතාව කරන්න."

සභාවෙන් අවසරයි,



මහත්වරුනි, විශේෂයෙන්ම නෝනාවරු නැති මහත්වරුනි,



අද අපේ මේ බස්සා සහෝදරයා, අපේ බලවත් ඉල්ලීම පිට (නෑ නෑ එහෙම කිවුවම කැතයි යකෝ - පසුබිමින් ඇසෙයි-) අපිට මෙතනට ආරාධනා කරලා සංග්‍රහ කලාට මාගේ ස්තූතිය මෙයින් ප්‍රකාශ කර සිටිනවා. (පසුබිමින් : උඹ බීලා, යමං කාමරේට.)



මේ බස්සා සහෝදරයා මෙහෙම හිටියට අපේ කුදුමහත් කර්තව්‍යන්ට පුදුමාකාර විදියට උපකාර කරපු කෙනෙක්. මේ ළඟකදි අපේ චිත්‍රපටියක් කැමරා කරන්න ඇවිත් අපිට ඔහුගේ කවුරුත් නොදුටු හැකියාවක් පෙන්නුවා.



ඒ තමයි චිත්‍රපටියේ නළුවන් වුන අපිටත් හොරෙන් මූ ප්‍රධාන නිළියවම පැහැර ගැනීම. (හූ හඬ ඇසෙයි.)



අපි මේ හැකියාවට ගරු කරනව මදි. අධ්‍යක්ෂකතුමෝ, මීට පස්සෙ මූව චිත්‍රපටි වලට සම්බන්ද කර ගනිද්දි අපි මීට වඩා ප්‍රවේසම් වෙන්න ඕනෙ. (සිනා හඬ ඇසෙන විට කතාව අපැහැදිලි වෙයි.)


මේ වගේ සුලු සුලු චෝදනා තිවුනත්...................

කතාවේ ඉතිරි ටික බස්සිට අහගන්න බැරි වුනේ එකපාරටම කෝල් එක කට් වුන නිසයි.

"ඊයෙ පාටි දැම්මද?" බස්සි පහුවදා බස්සගෙන් ඇහුවා.

"හ්ම්ම්..." බස්සා සුපුරුදු පිළිතුර දුන්නා.

"කවුද අර ස්තූති කතාව කලේ.?" බස්සි ඇහුවා.

බස්සා පුදුමවෙලා වගේ බස්සිගෙ මූණ දිහා බැලුවා. බස්සි සේරම හොරෙන් අහන් ඉඳපු බව බස්සට තේරුනේ ඒ වෙලාවෙයි.

"පොඩ්ඩා...." බස්සා හිනාවෙවී කිවුවා.

11 comments:

  1. චැහැ හොරෙන් අහන් ඉදලා කැතයි හොදේ

    ReplyDelete
    Replies
    1. ahan nohitiyaanam me kathawa liyanna wenneth nane....

      Delete
    2. සිරාවට එතකොට වෙන කතාවක් ලියයි නේ

      Delete
    3. ඇයි මේ කතාව අවුල්ද?

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  2. හෙක්.. හේ..

    මරු ඈ...
    කවුද ද ඔය කියන නිළිය .. ? වෙන කවුද ඔයා මිසක් නේ... ?

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක කියෙවුවොත් නිළිය ගැනයි කැමරාමන් ගැනයි දැනගන්න පුලුවනි.

      http://bassigenawathana.blogspot.com/2013/07/blog-post.html

      Delete
  3. Poddatama giya sthuuuthi kathaawa, mata mathaka widiyata mamath ethana hitiya, :D :D

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. බස්සාගෙ යාලුවො සෙට් එකම හිටියලු එතන. මගෙ කන ඉවරයි ඉතින්.

      Delete
  4. වාසනා කේක් ගැන කවර කථා ද...අපේ අක්කගේ ඩයි අයියලා නිවාඩු ගිය වෙලාවට අපේ අක්ක මාව පුරප්පාඩුවට අනුයුක්ත කරනවා නොවැ..අපේ රථ යන මාර්ගයක තමා වාසනා බේකරිය පිහිටා තියෙන්නේ..ලංකාව වටේටම බෙදන්නේ ඔතනින්...ඔතනත් තියෙනවා පොඩි outlet එකක්...ලස්සන අක්කියෙකුත් ඉන්නවා එකේ...මමයි සහයක බුවයි ඔතනින් චොකලට් කේක් කුට්ටියක් රස බලන්න අමතක කරන්නේ නැ...දවසටම ඇති එකක් කාලා කිරි එකක් ගැහුවම

    ReplyDelete
    Replies
    1. ආව් අප්පා.... වාසනා කේක් රසය දන්නා තවත් රසවතෙක්. දාන්ට ආචාරියා පහක් (highfive)!

      Delete