Saturday, August 17, 2013

කුරුල්ලාව/කිරිල්ලීව පුදුම කරන උපන්දින තෑගි




තෑගි බෝග ගැන බස්සිගෙ දැනමුතුකම් ඉදිරි ලිපි පෙලකින් ඔයාලත් එක්ක බෙදා ගන්නම් කියල බස්සි දුන්න පොරොන්දුව මතක ඇතිනෙ? අද බස්සි සූදානම් වෙන්න අන්න ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි.

කඩසාප්පු ගණනාවක ඇවිදලා, රුපියල් දහස් ගාණක් වියදම් කරලා අරන් දෙන තෑග්ගකට වඩා වටිනාකමක් තමන්ගෙ අතින්, තමන්ගෙ කාලය වැය කරලා, ආදරේ මුහු කරලා හදලා දෙන පුංචි තෑග්ගක ගැබ්වෙලා තියනවා කියලයි බස්සි හිතන්නෙ.

තෑග්ගක්, සිහිවටනයක්, අත්කමක් නිර්මාණය කරන්න යොදවන්න කාලයක් නැති තරමටම කාර්යබහුල කුරුල්ලොත්, කිරිල්ලියොත් ඉන්න පුලුවන්. ඇත්ත. රැකියාවක් කරන, රැකියාවක් කරන ගමන් ඉගෙනගන්න කුරුල්ලෙකුට ඒ වගේ දේකට මිඩංගු කරන්න කාලයක් නැති තරමයි.

යන එන අතරමගදි, බස් එකේදි, දුම්රියපොලේදි නිකරුනේ ගතවෙන තත්පරයක් යොදවන්න පුලුවනි නේද එයාගෙ උපන්දින සුභපැතුම්පතට ගැලපෙන පද පේලියක් අමුණන්න. කඩෙන් අරන් දෙන බර්ත්ඩේ කාඩ් එකේ තියන හුරුබුහුටි අච්චු අකුරුවලට වඩා කාඩ් එකේ පැත්තක ඇදවෙච්ච කුරුමිණි අඬු අකුරෙන් සටහන් කරන සුභපැතුමට ආදරේ හිතෙනවා.


නිර්මාණ හැකියාවක් ඇත්තෙම නැහැ කියලා හිතෙනවානම්, ජාලයේ රවුමක් ඇවිද්දාම සුභපැතුම්පතකට අපූරුවට ගැලපෙන පින්තූර දහස් ගණනක් හොයා ගන්න පුලුවනි නෙව. පරිඝණකයෙන් සුභපැතුම් පතක් නිර්මාණය කරගන්න MS Word දැනුම හොඳටෝම ප්‍රමාණවත්.

එහෙමත් නැතිනම් ඡායාරූපගත මතක සටහනකට ලස්සන පදවැලක් එකතු කරලා ඒක මුද්‍රණය කරලා රාමු කරලා දෙන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුවම. ගතවෙන කාලයත් බොහෝම සීමිතයි.

ඡායාරූපයක් මුද්‍රණය කරපු මග් එකක්, ටී ෂර්ට් එකක්, විසිතුරු පීරිසියක් වගේ දෙයක් එයාව පුදුම කරවයි. වැයවෙන කාලය අල්පයි. මුදල් අතේ ඇති, කාර්යබහුල කුරුල්ලෙකුට/කිරිල්ලියකට කියාපු විසඳුම.



බස්සි මේ ලිපියෙන් සටහන් කලේ ඉතාම සරලව නිර්මාණය කරගන්න පුලුවන් උපන්දින තෑගි කීපයක්. තරමක් කාලය වැයවෙන, ඒත් වටිනාකම මිල කරන්න බැරි නිර්මාණ පෙලක් ගැන විස්තර ඉදිරියෙදි කියන්නම්.

8 comments:

  1. අර මග් එකටනම් මාත් ආසයි.. දෙන්ට බෑ ද ?

    ReplyDelete
    Replies
    1. බැැැැ . . . . දෙන්නැැැ . . . ;)

      Delete
    2. බස්සාට දෙන්ට බෑලු නෙව. පුලුවනිනම් ඉල්ලාගන්න.

      Delete
  2. සා බස්සි උපදෙස් සේවෙත් මාරු නේ

    ReplyDelete
  3. හොද උපදෙස් ටිකක් .ඔක්කොම ඒවායේ ඉන්නේ බස්සොනේ... බස්සිගේ නවාතැන නිසාද ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව . . .
      බස්සිගේ නවාතැනනේ

      Delete
    2. හ්ම්ම්... හ්ම්ම්ම්ම්.....

      Delete