Saturday, November 2, 2013

අපි කොහොමද ඇඳගන්නේ... (බස්සිගේ ඇඩ්වයිස් මාලාව)



අද ලියන්න හිතාගෙන හිටියෙ වෙන කතාවක්. ඒත් අපේ ට්‍රේසි මල්ලි ලියලා තියෙන මේ පෝස්ටුව දැක්කාම හිතුනා අපේ බාල පරම්පරාවට ආදර්ශයක් ගන්නත් එක්කලා මමත් පොඩි ඉන්ටර්විව් ටිප්ස් ටිකක් කියාල දුන්නොත් හොඳා කියල බස්සිගේ නවාතැනෙන්.


නවාතැන ටියුෂන් පංතියක් කරන්ට යනවා කියල හිතන්ට එපා. ඒත් මේ කාලෙ තමයි අපේ ජූනියර් බැචාල බැචීල ඩිග්රිය ඉවර වෙන්ට කිට්ටුව ජොබ් හොයන කාලෙ. අපේ කැම්පොස් එකේ හැම අවුරුද්දෙම තියෙනවා නෙව රැකියා පොළක්. ඒකත් ළඟ ළඟම එන එකේ හිතුවා කතන්දර කීම පැත්තක තියලා පොඩ්ඩක් පොරෝජනවත් දැනමුතුකම් මාලාවක් දෙන්ට.


 

ගොඩක් වෙලාවට අපිට ඉන්ටර්විවු එකකට එන්ට කියාල දැනුම් දෙන්නෙ දුරකථනයෙන්. ඊයකින් එවන අවස්ථාත් නැත්තෙම නෑ. ඊයකින් එවනවා ගොඩක් වෙලාවට ඔය කොම්පීතර මෘදුකාංග ඉන්ජිනේරු වාගෙ රැකියා වලට. ඇස්.ඇම්.ඇස්. එකක් ආවත් බය වෙන්ට එපා ඒකත් අද කාලෙ පෞද්ගලික අංශයේ පොඩි කොම්පැනි වල සන්නිවේදන මාධ්‍යක් තමයි ඒ. ඒක කොයිතරම් දුරට ප්‍රොෆෙශනල්ද කියන්නනම් මං දන්නෙ නෑ.


මේ විදියට දුරකථන ඇමතුමක් ආවාම මුලින්ම කරන්න ඕනෙ අපේ ට්‍රේසි මලයා කලා වගේ කෝල්කරපු ගැල්ලමයාගෙ නම අහගන්න එක. (ගොඩක් වෙලාවට ගෑල්ලමයි තමයි කෝල් කරන්නෙ) අනික ටෙලිෆෝන් නොම්මරේ, නැත්නම් එක්ස්ටෙන්ෂන් එක.








අනිත් මූලිකම දේ තමයි තමන්ව මේ ඉන්ටර්විවු කරන්න හදන්නෙ මොන තනතුරටද කියන එක. මොකද ගොඩක් පෞද්ගලික අංශයේ රැකියාවලට අද කාලෙ තෝරගන්නෙ එයාලගෙ ඩේටාබේස් එකේ තියන සී.වී. අතරින් ගැලපෙන එවුවා ටික වෙන් කරගෙන. නැත්නම් හෙඩ් හන්ටින් මගින්. එහෙමත් නැත්නම් කවුරු හරි අඳුනන කෙනෙකුගේ රෙකමදාරුවක් මත. ඉතින් ඒ වාගෙ වෙලාවට අපි දන්නෙ නෑ නෙව අපි අඳින්න යන්නෙ මොකාටද කියන එකවත්.

 
අනික තමයි ඔය ලොකු ලොකු පැට්ටේරි හරි ව්‍යාපාර ජාල හරි වගේ එවුවායින් කතා කලොතින් හරියටම අහගන්න යන්න ඕනෑ ප්ලේස් එක. එක ඔපීසියකත් තියනවා නෙව තට්ටු ගනන් උස බිල්ඩින් දෙක තුනක් වත්. ඒ නිසා මතක් කරලා තමන් යන්ට ඕනෙ කොතනටද? කීවෙනි තට්ටුවටද? කියලා අහගන්න.

 

යන්නෙ කොහොමද? මග සලකුනු මොනවද කියලා උනත් අහන්න පුලුවනි ආයතනය ඒ තරම් ප්‍රසිද්ධ එකක් නෙමේ නම් සහ පිහිටා තියෙන්නෙ අහුමුල්ලක නම්.



ඉතින් ඔය සේරම අහගෙන තැන්කූ කියලා පරිස්සමට පෝන් එක තිබ්බා කියමුකෝ....



ඊගාවට තියෙන දැවෙන ප්‍රස්නෙ තමයි ඇඳන් යන්නෙ මක්කෙයි කියන එක.


ඇඳුම පැළඳුම බොහෝවිට ආයතනයත්, ඒ ආයතනය තුල තමන් කරන රැකියාවත් අනුව වෙනස් වෙනවා.


අපි හිතනවා ගෑල්ලමයෙක් නම් සාරියක් ඇඳන් ඉන්ටවිවු ගියොත් නිකන්ම ගොඩ තමයි කියලා. ඒත් ඔය සාරිය නිසාම ඉන්ටවිවු එකෙන් රිජෙක්ට් වෙන්නත් පුලුවනි.


සමහරු හිතනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ නිසා දනිස්සට අඟල් තුනක් හතරක් කොට සාය කොටේකුයි, අඟල් හතරක හීල් එකයි, ක්ලීවේජ් එක පේන්ට කපාපු බ්ලවුස් එකකුයි ඇන්දාම ජොබ අතේ කියලා. ඒවායිනුත් රිජෙක්ට් වෙන්න පුලුවනි ලේසියෙන්ම.


සිලෙක්ට් වෙන්නත් පුලුවන් සමහර විට. ඒත් පහු වෙනකොට ජොබ නෙමෙයි වෙන වෙන එවුවා අතේ තියෙන්ට පුලුවනි.


ඒ නිසා තැනේ හැටියට ඇණේ ගහන එකයි හොඳම කාරිය.

 
කොලු බට්ටෝ ටික බස්සි එක්ක තරහ වෙන්න එපා. ඔයාල ඉතින් කෝකටත් තෛලය වගේ අඳින්නෙම එකම විදියෙ ඇඳුමනේ. ඒක ගැනත් කියාලම ඉන්නම්කෝ එහෙනම් නේද?


ඉන්ටවිවු එකට අඳින ඇඳුම් බොහෝවිට කලු, දුඹුරු හෝ අහස් නිල් වගේ වීම හොඳයි. ගොඩක් අය කියනවා සුදු පාට හොඳයි කියලා. ඒත් බස්සි දැකලා තියෙන දෙයක් තමයි ගොඩාක් අය ඉන්ටර්විවු වලට අඳින්නෙම සුදු. ඉතින් කැපී පෙනෙන්නත්, සුදු පාට දැකලා විඩාවට පත් වුන ඉන්ටර්විවු බෝඩ් එකේ උදවියගේ හිත සුව පිණිසත් වෙනස් පාටක් ට්‍රයි කරලා බලන්න.







පිරිමි පාර්ශවයේ උදවිය ජැකට් එහෙම අඳිනවානම් උපදෙස් ටිකක් මෙන්න.






ගොඩක් වෙලාවට ටයිපොල්ලකුත් එල්ලාගෙන නෙව යන්නෙ. ඒක හරියාකාරව දාන්නෙ මෙන්න මෙහෙමයි.








අපි හිතුවට සපත්තු දෙක ඔතන ලොකු රෝල් එකක් ඇක්ට් කරන්නෙ නෑ කියල, ඒක එහෙම නෙමෙයි.





රැවුල මූණ පුරා වවාගෙන ඉන්නකොට සමහරු ගැන ප්‍රසන්න හැඟීමක් එන්නෙ නෑ. ඒත් සමහරු රැවුල කැපුවාම එයාලට රැවුල පොඩිත්තක් තිවුනානම් පෞරුෂයක් පේනවා කියලා හිතෙනවා. ඉතින් තමන්ට ගැලපෙන විදියට රැවුල සකසාගෙන යන්ට.





 බස්සි එහෙම කිවුවයි කියලා රැවුල ටින්ට් කරලා අගට මුද්දක් දාගෙන යන්ට නම් එපා ඔන්න.


කොණ්ඩෙ වුනත් මොනරු වාගෙ ෆන්කි පාට වලින් ටින්ට් කොරන්න එපා. තද දුඹුරු, මෙරූන් පාට නම් අවුලක් නෑ කියනව. රාජ්‍ය අංශයේ නම් ඔය ෆන්කි වැඩ හරියන්නෙ නෑ. පෙනුම බලනවා හොඳටම.


දැන් බලමු කාන්තා පාර්ශවය ගැන.


බස්සි සාරි ඇඳිල්ල දන්නෙ නැති නිසා නොදන්න දේවල් ගැන කතා කරන්න යන්නෙ නෑ. "ආරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය - සාරිය මිස ගවුම් කොටේ දුවේ නුඹට නැත කාරිය" කියලා රාජ්‍ය අංශයේ බොහොමයක් ඉන්ටර්විවු වලදි සාරියට ලකුණු ටිකක් වැටෙනවා. පෞද්ගලික අංශයෙත් සමහර බැංකු වල, අර ගෙදර යන ගමන් බඩු ගන්න යන - මුලු රටේම අඩුම බඩු මිල තියෙන සුපිරි කඩෙත් සාරි ඇඳිල්ල තදින්ම බලනවාලු ඉන්ටර්විවු වලදි.


නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නෙ නැතුව මම දන්න ඇඳුම ගැන කියන්නම් නේද?


"මල් වැටිච්ච පාට ගවුම හරිම ලස්සනයි - දකින දකින අයගෙ ඇස් පිනයි" කිවුවට ඒක ඉන්ටවිවු බෝඩ් එකේ ඇස් පිනවන්නෙ නෑ. පිලිවෙලකට ඇඳන් යන්න.






බ්ලවුස් එක ත්‍රී ක්වාටර් කෆ් එකක් නම් වඩා හොඳයි. එක ජොබ් එකක් ඇරෙන්න අනිත් රස්සාවල් සේරම වගේ ලැබෙන්නෙ කලවා සුදුද, ක්ලීවේජ් එක කොහොමද කියලා බලලා නෙමෙයි. ඒ නිසා ඉන්ටවිවු බෝඩ් එක එවුවා බලන්නෙ නෑ. ඒවා පෙන්නන්න යාමෙන්  වෙන්නෙ ලකුණු කපාගැනීම පමණයි.





මිටි කෙනෙක් නම් ඉතින් තරමක් අඩි උස සපත්තු දෙකක් දැම්මාට කමක් නෑ. ඒත් උසට උසේ ඉඳගෙන අඟල් පහේ හයේ හීල් දාන්ට එපා. සපත්තුවෙන් ඇඟිලි ඉදිරි කොටස ආවරණය වෙනවානම් වඩා හොඳයි.






මේක් අප් නැතත් කමක් නෑ. දානවානම් ගානට මිම්මට. බිත්තරයක් පාට කලා වගේ යන්න එපා අප්‍රසාදයක් ඇතිවෙන්නෙ.








ජොබේ හැටියට ඇඳුම බිසිනොස් කැසුවල් වෙන්ටත් පුලුවනි. ඔය සොෆ්ටෙයා ඉන්ජො අඳින්නෙ. එහෙම ඇඳගෙන ඉන්ටවිවු ගියාට කමක් නැති තැන් තියෙනවා. ඉතින් මේ තියෙන්නෙ බිසිනොස් කැසුවල් අඳින්ට ඕනැ විදිය.
















ගෑල්ලමයිනේ තව එකක් අමතක වෙනවා. කර පිරෙන්න මාල දාල, කන හතර පොලකිනුයි, නහය දෙපොළකිනුයි විදගෙන යන්ට එපා තොරොම්බල් කාරියො වාගෙ. විද්ද හිල් තිබිච්චා දෙන්. තෝඩු ටික ගෙදර තියලා යන්ට.


පිරිමි ළමයි දන්නවා ඇතිනෙ එක කනක් විදලා කරාබු දාන්නෙ කවුද කියල. මානුෂීය අයිතිවාසිකම් කොහොම වුනත් අපේ සමාජයේ ඒ උදවිය ගැන තියෙන්නෙ යහපත් හැඟීමක් නෙමෙයිනෙ. ඒ නිසා තනි කරාබුවත් ගෙදර දාල යන්ට.


මේ ටිකත් කියන්න ඕනෙ. ඔය මොන ඇඩ් එක දැම්මත් ජොබ ලැබීම රඳා පවතින්නෙ තමන්ගෙ හැකියාව සහ තමා තමාව ඉදිරිපත් කරන ආකාරය අනුව. ඒ ටික කෙරෙන්ට ඕනැ විදිය ඊ ගාව ලිපියෙන් කියන්නම් හොඳේ...


68 comments:

  1. ඉන්ටවිව් එකෙන් රිජෙක්ට් වෙන්න සාරිය බලපාන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සිතූ මම කියන්න අදහස් කරපු දේ ඔයාට තේරිලා නැහැ. සාරිය ඔබින්නෙ නැති තැනකට් සාරිය ඇන්දොත් රිජෙක්ට් වෙනවා. කලිසම ඔබින්නෙ නැති තැනකට් කලිසම ඇන්දොත් රිජෙක්ට් වෙනවා.

      Delete
    2. ඔයා හැමවෙලාවෙම අඳින්න ඕනෙ වැඩකරන ආයතනයේ සංස්කෘතියට ගැලපෙන විදියට කියන එකයි මම මේකෙන් කියන්න හදන්නෙ.

      Delete
    3. හ්ම්ම්

      Delete
    4. හ්ම්ම්... කියන්නෙ බස්සෝ... :P

      Delete
    5. ඇත්තටම සමහර job තියනවා සාරිය ඇදන් interview එකට යන්න ඕන.එකට සාරිය අදින්න ඕන.නැත්නම් බස්සි අක්ක කියුව වගේ තමයි අදින්න ඕන.හොදම වැඩේ කලින් අ company එකට ගියපු කෙනෙක් හොයාගෙන පොඩ්ඩක් අසා දැනගන්න එක

      Delete
    6. ඒ කතාව ඇත්ත සුසිත්. ගොඩක් අය කම්පැණි එක ගැන විස්තර හොයද්දි ඩ්‍රෙස් කෝඩ් එක ගැන හොයන්න අමතක කරනවා. ඒක විශාල පාඩුවක්

      Delete
    7. ඇත්තටම මට දැන් තමයි පැහැදිලි වුණේ. ස්තූතියි පැහැදිලි කිරීමට. :) අපිට රස්සාවට යද්දි නම් ඇඳුම බලන්නේ නැති වුණත් (අපි සාරියක් ඇඳන් යයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ) ෆැකල්ටි යද්දි නම් ඇඳුම ගැන ගොඩක් බලනවා. ඇඳුම විතරක් නෙවෙයි සපත්තු පවා. :)

      Delete
    8. අපි රස්සාවට යද්දිත් ඇඳුම බලන්න ඕන සිතුවො !!

      Delete
    9. ඒක හැබෑව. අපේත් එච්. ආර්. එකට අහු උනොත් නම් හරවලා යවනව ඇඳුම මාරු කරන් එන්න කියලා. අපේ ඔෆිස් එක එච්.ආර්. එක පේන මානෙකවත් නැති නිසා බේරිලා ඉන්න පුලුවනි.

      Delete
    10. රවීන් අයියේ ඒ කිව්වේ මොකක් ගැනද?

      Delete
    11. මම හිතන්නෙ රවින් කියන්නෙ ඉන්ටර්විවු එකට විතරක් නෙමෙයි ජොබ් එකට යද්දිත් ඇඳුමෙ පිලිවෙල ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියලා වෙන්ට ඕනෙ.

      Delete
  2. ගොඩක් වටින පෝස්ට් එකක් බස්සි. ‍රැකියා වලට අලුත් කොලු බට්ටොන්ට විතරක් නෙමේ රැකියා කරන කොලු බට්ටන්ටත් වටින පෝස්ට් එකක්.
    තැන්කූ

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රියා. කස්ටිය මොන විදියේ ප්‍රතිචාර දක්වයිදෝ කියලා බයෙන් හිටියෙ බස්සිගේ පණ්ඩිත කතා වලට. :)

      Delete
  3. හොඳ වැඩක් බස්සි කරලා තියෙන්නේ..............

    ReplyDelete
    Replies
    1. තැන්කූ රෙහානි අක්කේ... අනේ සශ්මිකට මොනාද වෙන්නෙ කියලා ඉක්මනට ලියන්නකෝ...

      Delete
  4. බස්සියේ මේ ටයි එක බෙල්ට් එකට උඩින් ඉවර වෙන එකෙයි ටිකක් පහලට යන එකෙයි වෙන තේරුමක් තියෙනවා නේද ? විවාහක අවිවාහක බව කියාපාන ,,

    ReplyDelete
    Replies
    1. මම ඒක දැනගෙන හිටියෙ නැහැනෙ ඔමා. තැන්කූ කියා දුන්නාට. මට ඒක තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්නකො. බ්ලොග කියවන අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි ඒක.

      Delete
    2. මෙහෙමයි සීන් එක බැදපු අය ටයි එක දන්නේ බෙල්ට් එකට පහලින් ඉවර වෙන්න ටයි එකේ කොන.. අනික් අය දන්නේ බෙල්ට් එකට උඩින් ඉවර වෙන්න. මම වගේ කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති කෙනෙක්ට ඉතින් ටයි එක බෙල්ලේ ඔතන් එල්ලෙන්න තියෙන්නේ. :ප්

      Delete
    3. හි හි ඔව් බස්සියේ මෙයා කීවා හරි ,,

      විවාහක පිරිමියෙක් (බිරිද සමග යාමේදී තමයි ඉතින් ) බෙල්ට් එකේ තුඩ වගේ කෙලවර බෙල්ට් එකෙන් පහලට අගල් 1.5 ක් වෙන්නත්
      අවිවාහක නම් ට්‍ත්‍රිකෝණාකාර කොටසේ තුඩ බෙල්ට් එකේ ගෑවී නොගෑවී හෝ ආසන්නව අවසන් වෙන්න ඕනේ බෙල්ට් එකේ පහල දාරයට උඩින් .... @සුසිත්ට නම් හොදයි බෝ එකක් :)

      Delete
    4. ඔමායා හරි. ටයි එක පළඳින ක්‍රමය අනුව අපි ගැන අනෙක් අයට දැනුම් දෙන්නේ එහෙමයි.

      Delete
    5. සුසිත් මල්ලිටත්, ඔමාටත්, පවුලූශාටත් බොහොම ස්තූතියි. මම ඇත්තටම අදයි ඒක දැනගත්තෙ. සුසිත් එහෙනම් career fair එකට යද්දි බෝ එකක් දාගෙන යන්න හොඳේ...!!

      Delete
  5. ඔන්න බස්සි අක්කාගෙන් මගේ පොස්ටුවට link එකක් ලැබිල තියනව.බොහොම ස්තුතිය්..:D

    ReplyDelete
    Replies
    1. හී.... එහෙම තමයි. බාල පරම්පරාවට අතහිත. කවද්ද රැකියා පොළ තියෙන්නෙ?

      Delete
    2. 20 තමයි තියෙන්නේ.

      Delete
  6. මමත් ටිකක් ඔය ඇඳුම් ගැන ඉතිං සැලකිලිමත් වෙනවා! හැබැයි අත් ඇරගන්න බැරිම පුරුද්දක් තමා office එකට යද්දිත් denim එක ඇඳලා t shirt එකක් ඇදගෙන යන එක!

    ReplyDelete
    Replies
    1. මමත් මේ කයිය ගැහුවට අඳින්නෙ බිසිනොස් කැසුවල් තමයි බොහෝවිට. අපේ බස්සත් ඔයා වගේ ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ඇඳන් හිතූ වෙලාවට වැඩට යනවා. මට ඉලිසියායි ඉතින්.

      Delete
  7. /* පිරිමි ළමයි දන්නවා ඇතිනෙ එක කනක් විදලා කරාබු දාන්නෙ කවුද කියල. */

    මා අසා ඇති පරිදි මෙය මේ අකාරයට නිවරදි විය යුතුයි.
    http://www.ask.com/question/which-ear-do-u-get-peirced-to-mean-your-gay

    ReplyDelete
    Replies
    1. "Beginning in the late 1960's and continuing until the early 1980's, gay men would signify to one another that they were gay by wearing an earring in their right ear. "

      කන කෝකද කියලා ටක්කෙටම දැනගත්තෙ අදයි කකා. බොහොම ස්තූතියි!!
      ඒ උනාට කන කෝකද කියලා ඉන්ටර්විවු බෝඩ් එකේ උනුත් දන්නෙ නැත්නම් එහෙම නේද? කරාබු ගලෝලා යන එක තමයි කොල්ලොන්ට කරන්න තියෙන හොඳම වැඩේ.

      Delete
  8. පහු වෙනකොට ඕනි වෙයි නේ අරන් තියාගන්නම් කෝ.සමහරවිට ඕනි වෙන එකකුත් නෑ.බස් කොන්දොස්තරලා හෙම කොහොම ඇන්දත් එකයි නේ :D

    ReplyDelete
    Replies
    1. මේ මෝඩ කොල්ලා ඒ.ලෙවල් ලියන්නත් අවුරුද්දක්ම තියාගෙන දෙන ටෝක්ස් බලාපල්ලකො. එහෙම ලේසියෙන් කොන්දොස්තර වෙන්නත් බැරිවෙයි ඒ කාලෙ වෙද්දි. කාන්තා කොන්දො ඉඳීවි තරඟෙට. :P

      Delete
    2. පොඩ්ඩක් වැරදුනා නේ අවුරුදු 2 තියේ

      Delete
    3. එහෙනම් competition එක තවත් වැඩි වෙයි!

      Delete
  9. ග්‍රේට් බස්සි...! හැබැයි කැම්පස් එකෙන් එලියට විසිවෙනකොටම වැඩි කරදරයක් නැතුව පෙර පිනකට වගේ ජොබ් සෙට් වෙච්ච නිසා ..ඉන්ටවිව් ගැන නම් වැඩි කරදරයක් වුනේ නෑ ඔන්න ...

    ReplyDelete
    Replies
    1. ඉන්ජොන්ට එහෙම අවුලක් නැතුව ජොබ් සෙට් වෙනවා තමයි පවුලූශා. ඒත් අපේ වගේ සයන්ස් ෆැකල්ටි වල අයට එහෙම නෑ. අපේ ගොඩක් යාලුවො ඉන්නවා තවමත් ස්ථීර රැකියාවක් නැති. ලංකාවෙ සයන්ස් / රිසර්ච් ඩිග්‍රි වලට තියෙන වටිනාකම අඩුයි නෙව. ඉතින් ඩිග්‍රිය විතරක්ම කරපු යාලුවො ගොඩක් ඉන්නවා සුදුසු රැකියාවක් නැතුව. ඔන්න ඕකයි තත්වෙ. දැන් ජූනියර් බැච් එකත් අවුට් වෙන්න ළඟයි නෙව.

      Delete
  10. බොහොම හොද උපදෙස් ටිකක් දීලා තියෙන්නෙ...මේ ක්‍රම අනුගමනය කරලා ඉන්ටර්විව් එක ගොඩ දාගෙන පළමු වැටුපෙන් බස්සිට සළකාපල්ලා....

    ReplyDelete
    Replies
    1. ආන්න සිරා වැදගත් උපදෙසක් දීලා. සිරා කියන දේ අහගෙන ඒ විදියටම කරපල්ලා හොඳේ... :D

      Delete
  11. හරි දැන් හොඳ කිට් එකකුත් තියෙනවා.... බෙලුට් උඩින් හිටින්න කොට ටයි එකකුත් හොයා ගත්තා කියමුකෝ...... එතකොට යන්න ඉන්ටව් එකක් තමයි නැත්තේ...... එකට මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. මගේ ස්වයන්වරය පවත්වනවා මාර්තු .. ඒකට එන්න හි හි

      Delete
    2. අනේ අනේ මැලයෝ.... කොමෙන්ටු වල හැටියට නම් මේ පෝස්ට් එකෙන් ජොබ් බලාපොරොත්තුවෙන් ඉන්න උන්දලාට පලක් වෙලා නෑ වාගෙ. කොමෙන්ට් කොටලා තියෙන හැමෝම (අපේ ට්‍රේසි ඇර.) දැනටමත් හොඳ ජොබ් කරන උදවිය නෙව.

      Delete
    3. ආව් අප්පා... ඔමා එහෙමත් එකක් කොරනවැයි? දැන් මොකක්ද ඕකෙ selection criteria එක?

      Delete
    4. මිලියනයර් කෙනෙක් වීම පමණක් ප්‍රමාණවත් මේ සදහා පෙනීසිටින්න

      Delete
    5. Minionares ලාට බැරිද? :P

      Delete
    6. ටැංකුයි ඕමා invitation එකට...... සුදුසුකම හදා ගන්න දැන් එහෙනම්සල්ලි අච්චුගහන මැශිමක්ම ගන්න වෙනවා

      එකනේ බස්සි ඔයා ඉන්ටව් යන හැටි කියනකොට අපි ඔක්කොම කටු කාලා ජොබ හොයාගෙන ඉවරයි ..... එත් ප්රෝයෝජනයක් ගන්න අය ඕනෑතරම් කියවන්න ඇති කොමෙන්ටු නොකලට
      දැන් වෙන ඉන්ටව් එකකට වත් යන්න බලන්න ඕනා ඕම්ගේ එකට යන්න කෝල් එක ආවත් මුලික සුදුසුකම නැනේ

      Delete
    7. හී... මෙන්න රාලේ සල්ලි අච්චු ගහපු එකෙක් පොලීසියට අහු වෙලාලු. ඒකාගෙ ආම්පන්න ටික පන්නා ගත්තනම් ඔමාගෙ ඉන්ටවිවු එකට යන්න තිවුනා.

      http://www.gossiplankanews.com/2013/11/fake-currency-smuggler-dimuthu-sir.html#more

      Delete
  12. ගෑල්ලමයෙක් ගාව ජීවිත කාලය සඳහාම රස්සාවට ඉන්ටවිව් යද්දිත් ඔය කිට් එක හොඳයිද ? :P

    ReplyDelete
    Replies
    1. නෑ ඒකට වෙනම කිට් එකක් තියේලු. පොඩ්ඩක් ජාලයේ හොයලා බලන්නකෝ.

      Delete
    2. යසිත්, ඒකටනම් බං ඉතින් රිජෙට් වීමේ කරුමයක් තියෙනවනම් කොහොම ගියත් රිජෙක්ට් වෙනවම තමයි පුතෝ..

      Delete
    3. ඒකනම් දිනේශ් අයියා බොක්කෙන්ම කියාපු කතාවක් වගේ! :P

      Delete
  13. තැන්කුයි වෙවා.

    ReplyDelete
  14. සෑහෙන්න වටිනවා.. හැබැයි දැන් නම් මට වුවමනාවක් නෑ.. කොම උනත් මහන්සි වෙලා ලිවුව එක අගය කරන්නම ඕන බස්සියේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!! උවමනා වෙන්නෙම නෑ කියන්ට බෑනෙ. අයියටත් දැන් ඉන්න කම්පැණියට වඩා හොඳ තැනකින් ඔෆර් එකක් ලැබුනොත් හෙම.

      Delete
    2. මම දැන් ඉන්න තැන දාලා යන්න? ඒකනම් මලාට වෙන දෙයක් නෙමෙයි බස්සි..

      Delete
    3. අප්පේ.... එහෙමද!! ඉතින් ලෝකෙ තියෙන හොඳ.....ම කම්පැණි එකෙන් ඔෆර් එකක් ආවත් යන්නෙ නැද්ද? :D

      Delete
  15. ලිපිය අගේ කරනවා බස්සියේ....ඒක නෙමේ අර ගෑල් ළමයි ගේ ඩු ටිකෙයි,ඩු නොට් ටිකේයි ඇදුම් ටික නම් පංකාදු ඈ

    ReplyDelete
    Replies
    1. ඈ ශානු, වැඩියෙ හොඳ ඩූ එකද? ඩූ නොට් එකද? ;)

      Delete
  16. මට තියෙන්නේ ඉන්ටර්වීව් ෆේල් වෙන මූණක්, ඒ නිසා මොනවා ඇන්දත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. මගුලයි. එහෙනම් වහාම ගිහින් අනිත් පෝස්ට් එකත් කියවලාම බලන්ට. මූණ හදාගන්න හැටිත් මම මේක කියලා තියෙනවනෙ.

      Delete
  17. මගෙ අම්මේ... බස්සිත් හෙන ගුරුවරියක් නොවැ. කොහොම වුණත් ගොඩක් වටින උපදෙස් ටිකක්!

    ReplyDelete
    Replies
    1. කුප්පි පලපුරුද්ද වෙන්ටැති දිලිනියෝ.... :) තැන්කූ වේවා!!

      Delete
  18. එල එල බස්සී.... නියම වැදගත්, එලම පෝස්ට් එකක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගාලුවෝ...!!!

      Delete
  19. මේකනං වටිනවා... හැබැයි මමනං රැවුල ෂේව් කරන්නේ නෑමයි!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රජෝ!! ඔව්. ඔව්. රජවරු ගොඩක් වෙලාවට බය හිතෙන විදියට රැවුල වවාගෙන නෙව ඉන්නෙ.

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! (ලැබේවා කියන්ට ඕනෙ නෑනෙ. දැනටම ඇතිනෙ රජෙක් නිසා.)

      Delete
  20. ela ela bassi......nice work....

    ReplyDelete