Saturday, November 16, 2013

අඩෝ ඒ අපේ බොස්!!!




බස්සි-ඩැඩා ගැන කලින් පෝස්ටුවකත් කියලා තිවුනා මතක ඇතිනෙ. ඕන් ඉතින් මීට මාස කීපෙකට කලින් බස්සි ඩැඩාලගෙ ඔපිස් එකේ කස්ටිය සංවිධානය කලා මහා පරිත්‍රාණ ධර්ම දේශනාවක්. මොකාක්? පිරිතක් මෙයා පිරිතක්.


බස්සි-ඩැඩාත් ඉතින් ඔය වගේ එවුවාට පණ ඇරලා නෙව. බස්සිත් කැම්පොස් එකේ ස්ටඩි ලීව් එකට ගෙදර ගිය ගමනෙ තාත්තාගෙ අතේ එල්ලිලා ගියාලු පිරිත් මණ්ඩපේ හදනවා බලන්න. ඔපීසියෙ පිරිමි නේවාසිකාගාරයෙ කස්ටිය පිරිත් මණ්ඩපේ හදන්න බරටම මහන්සි වෙනවා. කැටයම් කපනවා, පුන්කලස් බඳිනවා, ලයිට් සැරසිලි කොරනවා වැඩ කෝටියයි!!

 
අපි ඔතනට ගිහින් ටික වෙලාවකින් එතනට සැපත් වෙනවා ඔපීසියෙ අංශ ප්‍රධානියෙක්. උන්දැත් ඇවිත් තිවුනෙ කොල්ලො කස්ටිය වැඩ කරන හැටි බලන්න. ඔන්න ඉතින් පොර ඇවිත් බස්සි-ඩැඩා එක්ක කතාවක් දාගෙන අත් දෙකත් පස්සට කොරගෙන කැරකි කැරකි හිටියා.

 
රෑ වෙනකොට ඉතින් ඔතනට හැම තරාතිරමකම උදවිය සැපත් වෙනවා. ලොකු ලොක්කන්ගෙ ඉඳන් වතුවල වැඩට ඉන්න කම්කරුවො දක්වාම.

 
ටික වෙලාවකින් එලියෙ ඇහෙනවා ටිකක් හයියෙන් හයියෙන් කතා කොරන සද්දයක්. බලනකොට ටෙක්නිකල් ගාර්ඩන් එකක වැඩ කොරන කම්කරුවෙක් පොඩි අඩියක් දාගෙන ඇවිල්ලා පිං අතේ වැඩක් කරගන්න. පොඩි අඩියක් කිවුවට ඉතින් සද්දෙ හැටියට වැඩේ පොඩිමත් නෑ වගේ. ඔය වාගෙ වෙලාවට ඔවුවා කවුරුත් ගණන් ගන්නෙ නෑ නෙව. සාමාන්‍ය සිද්දියක් විදියට සලකලා අර ඇවිත් හිටපු ලොක්කාගෙ ඉඳන් සොක්කා දක්වා හැම එකාම තමන්ගෙ පාඩුවෙ හිටියා.

 
ටික වෙලාවකින් පොර කැරකි කැරකි සම්ප්‍රාප්ත වුනා හෝල් එක ඇතුලට. ලොක්කව දැකලා ගැස්සිලා වගේ බැලුවා. අපි හිතුවෙ පොර ලොක්කට බය උනා කියල. සරමත් කැහැපොට ගහන් මෑන් බැස්සා එළියට.




 
"අඩෝව් $#%$#% උඹත් ආවද ඩෝ මෙතන පිරිත් කොටු බලන්න?"

 
මෙන්න බොලේ අර යකා බොස් අංකල්ට ආදරණීය ආමන්ත්‍රණයක් කොරනවා පළාතටම ඇහෙන්න.

 
"වරෙන් පුලුවන්නං දැන් එලියට. දැන්! $#%$# (*S(*&^%$#   $#......!!!"


පොර කන සාක්කුවෙ දාගෙන සද්දෙ දාන විදියට වැඩ කරකර හිටපු කස්ටියත් ටිකක් කලබල උනා. ඔය වෙලාවෙ ප්‍රශ්නෙ විසඳන්න කියලා නෝර්වේ නියෝජිතයෙක් වාගෙ ඉදිරිපත් වුනා ඩැඩානන්ගේ ඔපීසියෙ සපරේ අංකල්. මොකද අර යකා බනින්නෙ සපරේ අංකල්ගෙ බොස්ට.


"සර්  කලබල නොවී ඉන්න. මම ඕකට වැඩේ බේරන්නම්." කියලා සපරේ අංකල් වීරයා වගේ බැස්සා එළියට.


"තමුසෙ කාටද මනුස්සයෝ ඔය කතා කරන්නෙ! කෑවනම් බිවුවනම් ගිහින් බුදියාගනින්."


"මාත්තියා..... සපරේ මාත්තිය ඔයා රන් කඳක්. මට ප්‍රස්නේ තියෙන්න අර ^&%& !@#_) එක්ක විතරයි." පොර සද්දෙ අඩු කරන පාටක් නෑ.


"මේ මාත්තියා රන් කඳක් නම් අරූ..... අර %&^ පොල්පිත්තක්... ඔව්."


සපරේ අංකල්ගෙ රතු කට්ට පැන්නේ ඒ වෙලාවෙයි.


"කට වහපිය කාළකන්නිය. පොල්පිත්තක් උනාට ඒ අපේ බොස්!!!"



41 comments:

  1. සපරේ අන්කල් කියපු කතාව ඇහුවම බොස්ට හිතෙන්න ඇති අර මනුස්සය බීල බනින එක තව හොදයි කියල. හික්ස්...

    ReplyDelete
    Replies
    1. හික්ස් ඒක නම් ඇත්ත සිඟිති. :D

      Delete
  2. පොල්පිත්තක් බොසාට ගත්ත එක හොදයි.. මොකද කෙලිං වගේ පෙනුනට පොඩ්ඩක් ඇදයි..

    ReplyDelete
    Replies
    1. ඇදක් නම් නෑ අමිල. ඒ අංකල් හොඳ කොන්ද කෙලින් තියෙන පොරක්. ඔය සපරේ අංකල් පොඩ්ඩක් ඔහොම වයර් කතා කියන්න දස්සයා.

      Delete
  3. ඩැඩාගේ බොස්ට ඇඩෙන්න වගේ ආවේ නැද්ද බස්සියේ

    ReplyDelete
    Replies
    1. බොසා ටික වෙලාවකින් අතුරුදහන් උනා ශානු, ආයෙ පැත්ත පලාතෙ ආවෙ නෑ.

      Delete
  4. අයියෝ බොස් කිවුවලු.

    ReplyDelete
  5. ආඬවනේ...........ශාමී .................හපොයි බොස්

    අප්පච්චිට දැන් සුවයිද බස්සියෝ....ගෙදර එක්ක ආවද?

    ReplyDelete
    Replies
    1. හී.... ඔව් අෆ්ෆා. දුකේ බෑ.

      ගෙදර ගෙනාවා අක්කා. තවම සම්පූර්ණයෙන් සුව නැහැ. හෙට ආයෙත් හොප්පිටල් එක්ක යන්න වෙනවා තාත්තාව.

      Delete
  6. ඩෝප් ඩයල් එකට වඩා සපරෙනෙ බොසාට දෙසාබාලා තියෙන්නෙ. මටනම් පේන්නෙ සපරෙ පරණ ඇරියස් එකක් ගත්තා බොසාගෙන්.
    බොසාටත් හිතෙන්න ඇති
    "කිඹුලා කන එක හොදයි කොහිල කටු ඇනෙන එකයි ඉවසන්න බැරි." කියලා.
    හි..... හි....... ;-)

    ReplyDelete
    Replies
    1. සපරේ අංකල් එහෙම පොරක් තමයි. ඒත් ඔය කතා පොර හිතල මතල කියන කතා නෙමෙයි. අර කටට බ්‍රේක් නැති කමට කියවෙනව.

      ප්‍රියාගෙ උපමාව නම් අගේට ගැලපෙනව සිද්දියට.

      Delete
  7. Replies
    1. මාමේ ඇයි ඔයාගේ නහය දිග බෝලුකියන හින්ද නේද

      Delete
    2. හී හී.... එහෙම තමයි නාඩියෝ CRI එකේ බොසාලා.

      Delete
    3. ඔමා, නාඩියා මාමෙක් නෙමෙයි. ඔය හැට පැන්නා වාගෙ හිටියට බස්සිටත් අවුරුද්දක් බාල සූටි මල්ලි කෙනෙක්. ඔයා ලුක් එකට රැවටිලා. ;)

      Delete
  8. පව් ඉදගෙන ඈ :)

    ReplyDelete
  9. අයියෝ බොස්... හි හි...

    ඒ සපරේ අන්කල් පරණ තරහකුත් ඒ අස්සෙම පිරිමහගෙනද කොහෙද බස්සියො... හි හි..

    ReplyDelete
    Replies
    1. සපරේ අංකල් ඔහොම කතා කියනව හිරූ අක්කේ හිටපු ගමන් චාර්ජ් උනාම. නැත්නම් හරි නිහඬ චරිතෙ ගොඩක් වෙලාවට.

      Delete
  10. ඒකනේ පොල් පිත්තක් උනත් බොස්නේ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..... දමිත්ට විතරයි ඒක තේරුනේ... :D

      Delete
  11. Replies
    1. ඉඩක් ලැබුන ගමන් හඬක් නගන්නම් හොඳේ....

      Delete
  12. අපෝ මෙහෙමත් ඔපදුප.... සපාරේ අන්කල් හපන් බස්සි මේක ඉන්ටනෙට් එකෙත් දාලා

    ReplyDelete
    Replies
    1. නැතුව රාළේ. සපරේ අංකල් රිටයර් වෙනකම් හිටියෙ මේ කතාව පබ්ලිශ් කරන්ට. මේක ලියලා ටිකක් කල්.

      Delete
  13. අන්කල්ටත් නියම චාන්ස් එක හම්බ වෙන්න ඇත්තේ බොස්ට දෙකක් මූණටම කියන්න...

    ReplyDelete
    Replies
    1. හිතලා කිවුවා වෙන්නත් බෑ.... සපරේ අංකල්ගෙ කට ඔහොම තමයි. බ්‍රේක් වැඩ කරනවා හොරයි.

      Delete
  14. බොස් එහෙම මේක දැක්කොත් පව්.. ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මක් කොරන්නද? එහෙමයි කියලා ඔයාලට කතාව නොකිය ඉන්න බෑනෙ.

      Delete
  15. හැක්...හැක්.. ඇත්ත වුනත්,නිර්මාණයක් වුවත් එල...

    ReplyDelete
    Replies
    1. හී...... තැන්කූ කෙන්ජයියා.... :)

      Delete
  16. බස්..........මම හරි ආසයි දෙකක් දාගෙන සද්දේ දාන අය දිහා බලන් ඉන්න.ටොප් කතා කියනවා.

    මම ඒ කාලේ ඔබරෝයි එකේ හිටියේ. බොස් ඇතුළු කට්ටිය අපි නිතරම පාටි. නිතරම බොනවා..මම පාටියකදී ඩෝප් එකේ බොසාට බැනලා....මාකට් එකේ පොල් විකුනුවත් මම තමුසෙත් එක්ක ආපහු වැඩ කරන්නේ නෑ කියලා. පහුවදා හෙණ අප්සට් නිසා වැඩට ගියෙත් නැහැ. ඊලඟ දවසේ බොසා ගෙදර මාව හොයාගෙන ඇවිත් කියනවා....පොල් ලොරියක් ගෙනාවා,,වරෙන් මාකට් එකේ විකුණන්න යන්න කියලා..බැණ බැණ වැඩට එක්කන් ගියා.

    ලාල් සමරකෝන් නම. කැනඩාවේ ප්‍රසිද්ධ හෝටලයකත් වගකිව යුතු තනතුරක් දැරුවා. වැඩි වයසට නොගිහින් මිය ගියා. සුන්දර මනුස්ස පුත්‍රයෙක්.

    ReplyDelete
    Replies
    1. හී.... බස්සිටත් තාත්තා එක්ක ට්‍රිප් ගියාම එහෙම මාර ෆන් තාත්තගෙ යාලුවො බීල දාන ජෝක් පාට් බලන් ඉන්න එක.

      එක අංකල් කෙනෙක් ඉන්නවා බිවුවාම අහල පහල ඉන්න බල්ලො පූසො සේරටම කතා කරන්නෙ මචං කියලා.

      අරූ කියලා තියෙන්නෙත් මාර කතාවක් නෙව. බොසා හිත හොඳ මනුස්සය නිසා බේරුනා. :)

      Delete
  17. බලාගෙන යද්දී ඔක්කොටම කියාගන්න බැරුව හිටිය ටික අර මනුස්සයා බීලා කියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්... බිවුවාම මිනිස්සු මාර විවෘතයිනෙ.

      Delete
  18. බොස් ට වැඩියෙන් මල පනින්න ඇත්තේ සපරේ අංකල් එක්ක.... එක නෙමෙයි මේ කවුදෝ ගැණු ළමයෙක් පැත්තකින් එබිලා මට අනංමනං කියනවා...

    ReplyDelete
    Replies
    1. අනං මනං කිවුවත් කෙල්ලෙක්නෙ තිසර. ඔන්නොහෙ ඉවසගෙන ඒ කෙල්ල කියන විදියට කරානං. ;)

      Delete
  19. බොසාට පොළොව පළාගෙන යන්න හිතෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. ටික වෙලාවකින් පොර පලාතෙ නොහිට අතුරුදහන් උනා.

      Delete