Wednesday, November 6, 2013

ආදරය සහ ඉත්තෑ කූරු


ඒක සීතලම සීතල සීත ඍතුවක්. ගස් වැල් හිම ගොඩවල් අතරෙන් ඉහලට මතුවෙලා තිවුනෙ හරියට ඇටසැකිලි වාගෙ. කෑම හොයාගන්න එලියට බහින්න විදියක් නැතුව සත්තු ගල් ගුහා වලට වෙලා බලාන හිටිය. කුරුල්ලො පිහාටු පුම්බාගෙන ගස් බෙන වලට කොටු වුනා.








සීත ඍතුව ඉවරවෙන දවස අහලකවත් නැතුවා වාගෙ. සත්තු කෑම නැතුව, සීතල උහුලගන්න බැරුව මිය ඇදෙන්න පටන් ගත්තා.


ගුහාවට වෙලා හීතලේ වෙවුල වෙවුලා හිටපු ඉත්තෑවෝ මේකට විසඳුමක් කල්පනා කලා. උන් තීරණය කලා එකට ගුලි වෙලා උණුහුම් වෙන්න.


ටික වෙලාවකින් ඉත්තෑවන්ට තේරුනා එකිනෙකාගෙ ඉත්තෑ කූරු වලින් තමන්ට තුවාල වෙන බව. හැමෝගෙම ඇඟපතේ පුංචි පුංචි තුවාල හැදෙනකොට උන් එකා එකා ඈත් වෙන්න පටන් ගත්තා.


එකිනෙකාගේ උණුහුම නැතුව ඉත්තෑවෝ එකා දෙන්නා ආයෙමත් හීතලේ මියැදෙන්න වුනා.



ඉත්තෑවන්ට තීරණයක් ගන්න සිදුවුනා. එක්කෝ එකිනෙකාගෙ ඉත්තෑ කූරු වලින් තුවාල නොවෙන්න ඈත් වෙලා හීතලේ මියැදෙන්න වෙනවා. නැත්නම් ඒ පුංචි පුංචි තුවාල ඉවසගෙන ජීවිතේ ඉස්සරහට යන්න වෙනවා.






මේක බස්සිට ආපු ඊමේල් එකක තිවුන කතාවක්. බස්සිට හිතුනා ඒක කඩ්ඩ සිංහලට හරවලා බ්ලොගේ අලවන්න ඕනෙ කියලා. කතාවේ කතුවරයා කවුද කියලානම් බස්සි දන්නෙ නෑ.


අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන ගොඩාක් සම්බන්ධතාත් මේ වාගෙ. ජීවිතේදි සර්ව සම්පූර්ණ සබඳතාවක් ගොඩනගනවා කියන එකත් ඒකට අයිඩියල් සහකාරයෙක් හොයාගන්නවා කියන එකත් කළුනික හොයන්නා වාගෙ වැඩක්. හැමෝගෙම වැරදි තියෙන්න පුලුවනි. ඒ වෙනස්කම් උහුලගන්න බැරි වුනොත් අපි ජීවිතෙන් පරාදයි.



හොඳම සබැඳියාව කියන්නෙ සියයට සියයක් සර්ව සම්පූර්ණ සබැඳියාවකට නෙමෙයි, එකිනෙකාගේ අඩු ලුහුඬුකම් ඉවසා දරාගෙන එකිනෙකාගෙන් ලැබෙන සහයෝගය අගයමින් ඉදිරියට යන්න පාර කියන සබැඳියාවකටයි.


67 comments:

  1. බස්සිගෙන් මේ මහ රෑ මොනවා ඇහැරගෙන කරනවද කියලා අහන්නයැ නේ... මේ බස්සියෙක්නෙ... හි හි

    ඔතන මරු සීන් එකක් තියෙනව මට තියෙන අත්දැකීම් අනුව... එකිනෙකාගේ වැරදි ඉවසනවා කියන එකේ පොඩි ගතියක් තියෙනව... ඔන්න මගේ තියෙන එක වැරැද්දක් තමයි හයියෙන් කතා කරන එක.. අපේ මහත්තයට පෙන්නන්න බෑ ඕක.. ඉතිං මට රවනවයි කොනිත්තනවයි බනිනවයි ඉවරයක් නෑ මුලදි.. එතකොට මට යකා වැහෙනවා... හැමදාම රණ්ඩු ඉතිං... දැං එයා දන්නවා ඒක මං හිතල කරල දෙයක් නොවෙන හින්ද ඒක නවත්තගන්නත් මට බෑ කියලා.. දැං එයා කරන්නෙ මට පේන්න හිමීට හිනාවෙන එක... එත‌ෙකාට මට මතක් වෙනවා සද්දෙ වැඩියි කියල.. මං ෂේප් එකේ වොලියුම් අඩු කරනව... දෙන්නටම කේන්ති යන්නේ නෑ.. වලි නෑ ... දෙන්න එක්ක පස්සෙ ඕක කියලා හිනාවෙන වෙලාවලුත් තියෙනව... ඒක දැං අපි දෙන්න අතරෙ රහස් විහිළුවක් වෙලා...

    ඔය එකක් විතරයි... එක්කෙනෙක් වැරැද්දක් කරනවා නං, ඒ කෙනා ඒක තේරුම් ගන්නවා නං, ඒක නවත්තගන්න උත්සාහ කරනවා කියලා දන්නවා නං අනිත් කෙනාට ඉවසන්න ලේසියි... එහෙම නැතුව ඒකම ලොකු කමට හෝ දඩබ්බරකමට කරනවා නං ඒක ඉවසනවා කියන්නෙ මහ එපාම කරපු වැඩක්.. ඒ ඉවසිල්ල කවදහරි නැති වෙනව.. ඒක නැති උන දවසට හම්බුවෙන්නේ පොලියත් එක්ක තමයි... හි හි...

    ReplyDelete
    Replies
    1. අනේ හිරු අක්කේ ඒ අතින් නම් අපි දෙන්නම සමානයි වගේ....

      මටත් තියෙනවනෙ කතාවක් කියාගෙන යනකොට ඉබේම වොලියුම් වැඩි වෙන පුරුද්ද. ඕක වෙන්නෙ අපේ බස්සා එක්ක හරි හොඳම යාලුවොත් එක්ක හරි ඉන්නකොට විතරයි ඉතින්. ඒ වෙලාවට බස්සා නම් කරන්නෙ අතින් ඇක්ට් කරලා පෙන්නනවා රේඩියෝ එකේ වොලියුම් අඩු කරන විදිය. මට ඉතින් ලැජ්ජාවෙ සද්දෙ අඩු කරනව. :) :D

      Delete
    2. හිරු අක්කා + අපේ මහත්තයා
      දිලිනියා + ආගන්තුකයා
      බස්සි + බස්සා
      ඔමායා + :(

      Delete
    3. ඔමායා + ඩෙල් ගාමිණි

      Delete
    4. හි හි හි මට දැක්පුගමන් හිනා ගියා ඔයාගේ මේ කොමෙන්ට් එක ස්තුතී.. මාව හිනස්සුවට රිද්දන්නේ නැතුව

      Delete
    5. අරූ කිවුවොත් ඉතින් ඔහොම කතාවක් තමයි. ඔමාම තමයි ඒ ගාමිණී ගැන අපිට කිවුවෙ ඕං.

      ඔයාට තව කපල් එකක් මග ඇරිලා ඔමා.
      …දිනේශ් අයියා + සිහින මදාරා

      ඔන්න පහල කොමෙන්ටුවකත් ඉන්නවා ජෝඩුවම :D

      Delete
    6. @ ඔමායා......පොඩි ළමයින්ව රිද්දවන්නේ නැහැනේ වැඩිහිටියෝ..........

      Delete
  2. I think this is a good lesson for u,,,,(not only for u but also 4 all) However patience and understanding is important,,U may know what i am talking,,i have no experience but i am getting them from both of u,, I love u both a lot..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මුන්දෑ කඩ්ඩ කොටනවා කොටනවා මාර සීන්...

      Is it bro? This lesson for me is prepared by myself though. I guess u are refering to the small quarrels between us. Malli where u have gone grey is that there is a big difference between a small quarrel and a big fight. :)

      Even a childish pillow fight could add some colour to your relationships. Its not lack of understanding, but more of a sweetner.

      Delete
  3. Both porcupines are too much stupid,,bcz they had to embrace each other face to face,,,huh alazzz

    ReplyDelete
    Replies
    1. Ok Mr.Smart. I guess they would still injure their hands ;)

      Delete
  4. පවුල් ජීවිතේ ත් මෙන්න මේ වගේමයි බස්සියෙ..බැන්ඳට පස්සෙ බලාපන්කො...පවුල් ජීවිතේදි එකෙක් විතරක් ඉවසල හිටියට වැඩක් නෑ, දෙන්නම පරාද වෙනවා..දෙන්නම ඉවසුවොත් තමයි දිනන්න පුලුවන් වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. දෙන්නටම නැට්ටටම තද වෙනවා නම්? අර Mr and Mrs. Smith ෆිල්ම් එකේ වගේ තියෙයි නේද?

      Delete
  5. හ්ම්ම් ,, හොයාගන්න කාලෙදි නොගැලපීම් පේන්නේ නැහැ ,,, පස්සෙනේ පෙන්නේ , මේ රටවලනම් හොද විසදුමක් තියෙනවා කොල්ලෙක් කෙල්ලෙක් යාලුවුනාට පස්සේ එයාල අපාර්ට් එකක් අරන් ජිවත් වෙනවා ,,, කස්සද බදින්න හිතලවත් නැතුව ,, නොගලපුනොත් අලුතෙන් වෙන එකක් පටන් ගන්නවා ,, හි හි මෙවුවා ඉතින් අපේ සස්කෘතියට පටහැනි නේ

    ReplyDelete
    Replies
    1. ඔමායා අක්කණ්ඩි ලිවින් ටු ගෙදර්ත් කියන තරම් ගතියක් නැ හෆ්ෆා ..රණ්ඩු වේවි යාලු වෙන එකේ අමුතුම ලල් එකක් තියෙනවා.

      Delete
    2. වෙන්න ඇති but this is not my ex ,,,,ඉදගෙන ok මල්ලි පැටියෝ

      Delete
    3. ඔමා ඔහෙ විතරක් නෙමෙයි දැන් මෙහෙත් living together couples එහෙන් මෙහෙන් ඉන්නවා. මක් කොරන්නද ඉතින් ඔවුවා අපේ සංස්කුරුතියට පටහැනී ලු නෙව. @ දුකෙන් බරව :P

      Delete
  6. සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලොකේ නෑ බස්සී.. වැදගත් තියෙන එකම අඩුව වැඩියෙන් දකින එක නෙමෙයි.. ඒක කොහොම හරි මග ඇර ගන්න එක.. අන්න එතකොටයි ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන්.. අත්දැකීමෙන් මේ කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත උයා නැත්තන් තාමත් මම හරියට කෙන්ති ගන්නවා. ඉස්සරට වඩා දැන් මම ඉවසනවා වේ ඒ????? කෙන්ති එනවා එක නම් නවත්තන්න හරි අමාරැයි. එත් ප්‍රශ්නෙකදි ඉස්සරට වඩා ඉවසිමෙන් වැඩ කරනවා නේ ;) හි හි...

      Delete
    2. ඔය දෙන්නාගෙ කමෙන්ට් දෙක මගේ කතන්දරේට ජීවමාන සාක්කියක් දෙනවා වගේ. හරිම සතුටු හිතුනා මේ කමෙන්ට් දෙක එක ළඟ දැක්කාම. දෙන්නාටම සුභපැතුම්... !!!

      Delete
    3. මේ දිනේෂ් ..සිහින මේක ස්නැප් ෂොට් එකක් අරන් තියාගන්න මංකියනවට දවසක ඕනේ වෙයි ,, ඒක ඔයාලට සැමරුමක් වේවි ..

      Delete
    4. ආදරේදි අනිත් කෙනාගේ දුර්වල තැනකදි හරි අසම්පූර්ණ තැනකදි හරි ශක්තියක් වෙන එකයි හරි ආදරේ.. මම මේ අපි දෙන්න ගැනම කියනවා නෙමෙයි.. සමස්ථයක් විදිහට කියන්නේ.. උරහිසයට අත දාලා ලඟට ගන්නවා වගේම ඒ අත අනිත් කෙනාගේ පිටට තියා ගන්න ඕන.. අඩියක්වත් පස්සට නොඑන්න.. මුලදි අමාරුවෙයි.. ඒත් පස්සේ හැම දෙයක්ම ලස්ස්නට පුරුදු වෙයි..

      Delete
  7. >>හොඳම සබැඳියාව කියන්නෙ සියයට සියයක් සර්ව සම්පූර්ණ සබැඳියාවකට නෙමෙයි, එකිනෙකාගේ අඩු ලුහුඬුකම් ඉවසා දරාගෙන එකිනෙකාගෙන් ලැබෙන සහයෝගය අගයමින් ඉදිරියට යන්න පාර කියන සබැඳියාවකටයි.<<
    මේ ටික තමා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. තැන්කූ කෙන්ජයියේ... අලුත් බ්ලොගටත් සුභපැතුවා ඕං.

      Delete
  8. බස්සිගෙ කටේ මසුරන් දාන්න වටිනවා.
    මේ ලෝකෙ සර්වසම්පූර්ණ මිනිසුන් නැත්තා සේම සර්වසම්පූර්ණ පුද්ගල සබදතාද නැත. සබදතාවයෙ පැවත්ම තී‍රණය වන්නේ දෙදෙනාගේ තේරුම් ගැනීම මතය.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා මගේ කතන්දරේට අපූරු ඌන පූරණයක් එකතු කරලා තියෙන්නෙ.

      ආ....... :D මේ මම කට ඇරගෙන ඉන්නවා මසුරන් දානකම් :P

      Delete
  9. පුංචි දුක් වේදනා ඉවසන් ඉන්න වෙනව, නැත්නම් ඊට වඩා ලොකු වේදනා විඳින්න වෙනවා...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. යේස්. ඉත්තෑවුන්ගෙන් පාඩම ඉගෙනගන්න වෙනවා.

      Delete
  10. ඇත්ත. මේ වචන ටික ඇතුළෙ ලොකු අදහසක් තියනවා. මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා. කතාව අවතක්සේරු කරනව හෙම නෙමේ. ඉත්තෑවන්ට තිබුණා ත්නිය ම දුව දුව ඉන්න දාඩිය දානකම්.

    ReplyDelete
    Replies
    1. උන් මහ කම්මැලි ජාතියක් ලු දිලිනියෝ... ඒකයි ඔය. :D අනික දාඩියට කූරු හැලෙනවලු ;)

      Delete
  11. //////හොඳම සබැඳියාව කියන්නෙ සියයට සියයක් සර්ව සම්පූර්ණ සබැඳියාවකට නෙමෙයි, එකිනෙකාගේ අඩු ලුහුඬුකම් ඉවසා දරාගෙන එකිනෙකාගෙන් ලැබෙන සහයෝගය අගයමින් ඉදිරියට යන්න පාර කියන සබැඳියාවකටයි.//////// ඉවසිම කියන ගුණය ඕනෑම සබැදියාවකටම අවශය දෙයක් බස්සියේ ............මේ කතාව පුංචි උනත් දුන්න පණිවිඩය නම් බොහොම අගේ කොරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානු :)

      Delete
  12. වේදනාවෙන් තොරව සැපතක් නැහැ කියල කිව්වලු ඉත්තෑවියකගෙන් කිස් එකක් ගත්ත හාවෙක්.

    ReplyDelete
    Replies
    1. ඈ රාජ් ඔය කියන හාවට හාවියෙක් ඉඳලා නැතෙයි?

      Delete
  13. ඔය සම්බන්ධතා ගැන මම දන්නේ නෑ...හැබැයි ඉත්තෑ මස් නම් පට්ට රහයි ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාගෙ කටෙත් මසුරන් දාන්න වටිනවා.
      ඇත්තම තමා බොල ඉත්තෑ මස් මාර රහයි. මාත් කාලා තියෙනවා එක පාරක්. ;-)

      Delete
    2. යැස් ප්‍රියෝ මාත් කාලා තිබේ

      Delete
    3. හරිම රසයි තමයි.....හැබැයි අල්ලන්න ගිහින් කූරු ඇනගන්න එපා

      Delete
    4. ඉත්තෑව රස්සාවක් විදියට මරපු අෙප් පැත්ෙත් හාදෙයක් වාහෙන්කට යට ෙවලා මැරුනා. වැෙඩ් තිෙයන්ෙන් මිනිහග් අැග යන ඉත්තෑ කුරු තිබ්බා

      Delete
    5. අනේ උඹලා වගේ....! අර උඩ පින්තූරෙ ඉත්තෑවා බලාගෙන ඉන්න හැටි දැක්කාම මස් කන්න හිතෙනවද ඒකාගෙ? පව්.........අනේ...

      ඇත්තට කොහොමෙයි ඉත්තෑව අල්ලන්නෙ? මම අහල තියෙනවා ඌ කූරු විදිනව කියල.

      Delete
    6. ////ඇත්තට කොහොමෙයි ඉත්තෑව අල්ලන්නෙ////
      /@ බස් C පළවෙනි ක්‍රමය .........
      පලමුව ඉත්තෑවා රිංගපු ගුල වටේට ගින්දර ගසන්න. දෙවනුව එම ගුලේ කට වැසෙන සේ ඝනකම් ගෝනියකින් වසා අල්ලාගන්න. තුන්වැනුව චන්දන ලියනාරච්චිගේ " ඔබ තාම නිදිද ඔබ තාම නිදිද" ගීතය ඉත්තෑවාට අසන්නට සලස්වන්න. එවිට ඉත්තෑවා කූරු විදහාගෙන ගුලෙන් එලියට හෙවත් ගෝනිය තුලට ප්‍රවිෂ්ඨ වේ.


      දෙවෙනි ක්‍රමය......

      ගැහැණු ළමයෙක් නම් ඉත්තෑවකු දුටුවිට මම ඔබට ආදරය නැත කියන්න. එවිට ඉත්තෑවා "රුචිරානනි අහන්න....එක පාර මා මරන්න" කියා තාච්චියට පනිනු ඇත.

      Delete
    7. අරූ : හිනා නහර වලටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනව අනේ.... හයියෝ... :D

      ඔබ තාම නිදිද සිංදුවට වඩා හොඳයි නෙව අර කන පැලෙන බස් සිංදුවක් දැම්මනම්. ගින්දර ගහන්න ඕනෙත් නෑ.

      ඉත්තෑවුන් ඇල්ලීමේ පාඩමට තැන්කූ අරූ!!

      Delete
    8. හි හි පව් ඉදගෙන ඈ ඔවුවා පව් වැඩ

      දරුවා සත්තු මරන්න හොද නැහැ ඒ වගේම අහිංසක කුඩා දරුවන් ඔබගේ මේ උපදෙස් බලා ඒවා අත්හදා බැලීමට ඉඩ ඇත .. ඒ සදහා ඔබ වග කියනවද ඉදගෙන ඈ ... අපි වෙජිටේරියන් :)

      Delete
    9. මෙතෙක් අරූ ලියපු කමෙන්ට් වලින් මම ආසම එක!

      Delete
    10. හි හි ඒක ශෝක් තමයි ඉදගෙන :))

      Delete
    11. අරූ ලියාපු කොමෙන්ටු වලින් අපූරුම කොමෙන්ටුවක් මගේ මේ පෝස්ට් එකේ තිබීමත් \ඇත්තටම ලොකු සතුටක් ඩූඩ් . :)

      …ඔමා ඇත්ත නේ පොඩි ගෑනු ලමයි ඉත්තෑවුන්ට ආදරේ නෑ කීවොත් හෙම නේද?

      Delete
  14. බලන්න මෙයා අනුරාධ පුරේ ගිය වෙලාවක යාලුවෙක් ඉත්තෑ මස් බයිට් එකට දුන්නනෙ....මේ ඉත්තෑවො දකිනකොට ඒක තමයි මතක් වුනේ...පෝස්ටුවෙන් කියවෙන කථාව ඇත්ත...යම් කැපකිරීමක් තමන්ගෙ ජීවිතය තුල අද කරන කෙනා තමයි හෙට ජයග්‍රාහී ගමනක් යන්නෙ.

    ReplyDelete
    Replies
    1. හයියෝ.... මෙයාල කතාව පැත්තක තියල ඉත්තෑ මස් ගැන බයිට් එකක් පටන් අරන් ඒ ගමන. අනේ ඔයාටත් අර අසරණ පාටට බලන් ඉන්න ඉත්තෑව දැක්කාම ඉත්තෑ මස් මතක් වෙනවද?

      සිරාගෙ කතාව ඇත්ත. කැපකිරීම් තමයි දිනුමට පාර කපන්නෙ.

      Delete
  15. බස්C......දුක සතුට වේදනාව මේවා ජීවිතේ කොටස්....බෙදාගන්න බැරිකෙනෙක්ව බදාගන්න එපා!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාගෙ උපදෙස බස්සි හිස් මුදුනින් පිලිගත්තා... :D

      Delete
  16. ඔය කටු ඇනෙන කතා ඉවසීමෙන් ඕවා දරාගන්න කතා එක්තරා කාලයකදි අපිට බොහොම ලේසියෙන් දරාගන්න පුළුවන්. සමහරවිට ජීවිතේ අපි ඉස්සරහට යනකොට වයසත් එක්ක ඉබේම එහෙම වෙනවද මන්දා. ඒත් මම මම දිහා බලලා දැන් මට හිතෙන සමහර් දේවල් එක්ක මට දැන් කටු නෙමෙයි උල් තියෙන ඉත්තෑවෙක් එක්ක හරි ඉන්න පුළුවන් තරමට මාව සංයමකට ගෙනත්. ඒ වුනාට පාරෙ ට්‍රැෆික්, හිඟන්නෝ, රටේ තොටේ දේශපාලන ක්‍රියා පටිපාටි වලට නම් එහෙම නෑ ඕං....

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් වැඩි වෙනකොට ඒ පරිණත බව ලැබෙනවා. "මට දැන් කටු නෙමෙයි උල් තියෙන ඉත්තෑවෙක් එක්ක හරි ඉන්න පුළුවන් තරමට මාව සංයමයක්" ඒ ටික නම් ශෝයි. :)

      …පාරෙ ට්‍රැෆික් නම් මටත් ජීවිතේට ඉවසන්න පුරුදු වෙන එකක් නෑ. :D

      Delete
  17. මට මල පනින්නේ හාවෝ දෙන්නෙක්ව අරං කිසි ගේමක් නැතුව කියන්න තිබ්බ කතාවට ඉත්තෑවොම ගත්තේ ඇ‍යි කියලා... ඕවට කියන්නේ නැති ප්‍රශ්න ඇති කරගන්නවා කියලා....

    ReplyDelete
    Replies
    1. ඉතින් තිසරයෝ හාවුන්ට කොයින්දෑ කටු???

      Delete
  18. දැන් බස්සියේ මන් අහන්නේ බස්සොන්ට බස්සියෝන්ට සීතල දැනුනම මොකද කරන්නේ...? :D

    ReplyDelete
    Replies
    1. මක් කොරන්නද පවුලූශෝ තවම නම් ඔලුවෙ ඉඳන් පොරෝගෙන දොයියනවා. :D ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ...

      Delete
  19. පුංචි පුංචි හිත් අමනාපකම් නම් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ නේද? අවබෝධය තමයි වැදගත්. ඔය කොහොම කිව්වත් පුංචි පුංචි වලි වලින් පස්සේ ආදරේ තවත් වැඩි වෙනවලු නේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි සිතූ. වලියක් දෙකක් දාගත්තාම රහ වැඩී.

      Delete
  20. හැම තැනම බැඳීම්. බැඳීම් යනු ගනු දෙනුවකි. එය යහපත්වන තරමට ජීවිතය සුන්දර වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ආදරේ නම් සාමාන්‍ය ගනුදෙනුවක් නෙමෙයි. හදවත් දෙකක් යා කරන, සොඳුරු, ආත්මීය ගනුදෙනුවක්...

      Delete
    2. මාත් හෙලා දකිනවා ගනුදෙනු කතාව දුටුතැන ඉදගෙන ඔව් ,, :)

      Delete
    3. ඔමා ඉඳගෙන හෙලා දකින්න. මම හිටගෙන හෙලා දකින්නම්. නැත්නම් මෙයා මේ හැමතැනම කියන කතාව අනාගතේ ජාලයේ පඬි වදනක් වෙයි. ;)

      Delete
  21. මේක මේ compatibility issue එකක් නේ?

    ReplyDelete
    Replies
    1. යෙප්. සෙට් වෙන්නෙ නැති දෙන්නෙක්ව කොහොමද කම්පැටිබල් කරගන්නෙ කියන එකයි සීන් එක. ඒකට තමයි කතාව කියලා තියෙන්නෙ.

      Delete
  22. ලෝකේ කොහෙවත් ගැලපෙන ජෝඩු නැහැ ගලපගත්ත ජෝඩුයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... කිසිකෙනෙක් සර්ව සම්පූර්ණ නැහැලු නෙව කෝරලේ...

      Delete
    2. ඉස්සර අපි පයිටස් ජෝඩු ගෙනත් ජෝඩු , ගප්පි ජෝඩු ගෙනත් කරන්නේ අපූරුවට ,, අන්න එහෙමයි ගලපන්නේ

      Delete