Sunday, January 26, 2014

බස්සි ජංගමයට රිංගයි







"ඒ ගමන මොකද්ද බොලව් අර බස්සි කියන එකී නටන්න හදන නාඩගම?"

මූණු පොතේ යාලුවෝ මෙහෙම අහනවා.

"බස්සි ඊයෙ පෙරේදා ලියාපු පෝස්ට් වලට එල්ලාපු ප.ලි. නැට්ට මොකද්ද බං?"

බ්ලොගට එන යාලුවෝ එහෙම අහනවා.



ඔව් කුරුලු යාලුවනේ. බස්සිගේ හිතේ තියෙන  පිස්සු අදහසක් හැබෑ ලෝකේ තුල ගොඩනැගීමේ පළමු පියවර තමයි මේ  CraZy Bassi......





 


Crazy Bassi කියන්නෙ මම ම තමයි. ඔලුව ගහක වැදිලා පොඩ්ඩක් පිස්සු කොර වෙච්චි බස්සියෙක්. ඊයෙ පෙරේදා එයා තමන්ගෙ පිස්සු Talk රටටම කියන්න මූණු පොතේ පිටුවක් පෙරලුවා. මේ තියෙන්නෙ ඒක.

 
දැන් තමයි හොඳම හරිය....

 
බස්සිගේ පිස්සු කතා, මෝඩ කතා, ආදර කතා සහ පඬි වදන් වලට කැමති කුරුලු යාලුවො වෙනුවෙන් බස්සා SMS ඇප්ලිකේශන් එකක් කෙටුවා.  බස්සගෙ උදව්වෙන් කොටාපු ඒ ඇප්  එකේ පිහිටෙන් බස්සි දැන් Dialog සබඳතා සහිත යාලුවන්ගෙ ජංගමයට රිංගන්න පාරක් හදාන ඉන්නවා.





 

බස්සිව ගෙන්නගන්න කැමතිනම් කරන්න තියෙන්නෙ reg<space>Bassi කියලා ටයිප් කරලා 77100 ට කෙටි පණිවුඩයක් යැවීම පමණයි.


එදා ඉඳන් බස්සි හැමදාම ඒවි ඔයාව බලන්න.


ඒ විතරක්යැ, අලුත් කුරුලු රහස් ගොන්නක්ම අරගෙන නෙව එන්නෙ!


දැනට වැඩේ යන්නෙ ඉංගිරිස් වලින්. ළඟදීම වැඩේ හෙළබසට පෙරලේවි.


ඉතින් හොඳ කුරුලු යාලුවො වගේ ඉගිල්ලෙන ගමන් මේ රහස ලෝකෙටම කියනවා නම් බස්සි සතුටුයිලු ඈ......


එටිසලාට් යාලුවො වෙනුවෙන් බස්සිගේ ඇප් එක මග එනවා. බලාන ඉන්න.
 

මේ ඇරඹුම පමණයි. ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට හදන අපූරු සුකුරුත්තම් වගයක් ඉදිරියේදී දැකබලාගන්න ලැබේවි හොඳේ.....!!!







55 comments:

  1. ලංකාවේ අපිට නම් මොබිටෙල් නොවැ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අපිටනම් ඩයලොග් නෙ. ඩයලොග් යාලුවන්ට විස්තරේ කියනවානම් බස්සි සතුටුයි. ඩ්‍රොයිඩ් වැඩකෑල්ල කාටත් ගැලපෙන්න හදන්නම්කෝ.... මේ ඇරඹුම පමණයි නෙව.

      Delete
  2. හොද වැඩක් , ඔන්න මම බස්සි ගැන කැන්වසින් යන හැටි,
    http://kumageketikatha.blogspot.com/2014/01/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. අනේ... බස්සිට හරිම සතුටුයි ඔයා පළවෙනි පෝස්ට් එකට මගේ ලිපියට දිගුවක් එක් කල එක ගැන. ලියන ඉට්ටැයිල් එක පට්ට. දිගටම ලියන්න සහෝ... සුභපැතුම්!

      Delete
  3. හොද වැඩක් , ඔන්න මම බස්සි ගැන කැන්වසින් යන හැටි,
    http://kumageketikatha.blogspot.com/2014/01/blog-post_26.html

    ReplyDelete
  4. දියවු දියවු මොබිටෙල් අපිටත් සහනයක් දියවු.!!

    මම පිකටින් එකක් කොරනවා බස්සිට විරුද්ධව. ඩයලොග් පාවිච්චි නොකරන යාළුවනේ වරෙල්ලා සහයෝගෙට. හරි නොගියොත් මාරාන්තික උපවාසයක් කොරනොවා ලෙමන් පෆ් කකා. :'( :'(

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමෙ මේ බ්ලොග් එක තියෙන්නෙ dialog, non-dialog හැමෝටම. බලන්ටකෝ ඉතිං මෙයාල අරන් තියෙන ආදර්ශ උපවාස කිරීම ගැන.

      Delete
  5. හරි හරි බස්සියේ... මම නම් මූණුපොතේ නෑ නොවැ... ඒත් ඉතින් ඩයලොග් නේ!!!

    ReplyDelete
    Replies
    1. වැඩේ හොඳද බලලා යාලුවන්ටත් කියන්නකො දිලිනියෝ...

      Delete
  6. අපි mobitel බස්සි............

    ReplyDelete
    Replies
    1. මොබිටෙල් ‍යාලුවන්ට බ්ලොග් එක තියෙන්නෙ. :)

      Delete
  7. එහෙනම් අපිත් බලන්නම්කෝ මොකෝ වෙන්නේ කියලා ඒ පැත්තේ?

    ReplyDelete
    Replies
    1. බලලා කියන්නකො හොද නරක.

      Delete
  8. මොබිටෙල් නැත්තම් බස්සි එපා...........................

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අසාධාරණයි ඩයලොග් වලට විතරක් මේවා දෙන එක

      Delete
    2. ඇයි sms app 1ක් හදාපු පලියට බස්සි එපා කියන්නෙ. අන්න ඒකනම් ටිකක් සාදාරණ මදි නේද?

      Delete
  9. අපිට මෙහෙ Orenge අනේ..බස්සිගේ ටෝක්ස් අහන්න වෙන්නේ අන්තර්ජාලේ විතරයි . සාර්ථකව කරගෙන යන්න දිගටම මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඔමා.... බලමු බලමු. :)

      Delete
  10. මේක කින්ඩියක් නෙමෙයි.
    sorry, මේ කියන්නෙ මොකද්ද කියලා මට තේරෙන් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ තිලින අයියේ, බස්සිට ඇත්තටම කින්ඩි දාන උදවියත් බොහොම‍යි නෙව.

      මුලින්ම කියන්න ඕන මේක මගෙ බ්ලොග් එකට directly සම්බන්ද දෙයක් නෙමෙයි. බ්ලොග් එකෙන් මදක් බැහැර වෙලා බස්සිගේ පිස්සු කතා sms වලට ගෙනෙන්න ගත්තු වෑයමක්.

      කැමති අයට register වෙන්න පුලුවනි. අනිත් අයට වෙනද වගේම blog එකට එන්න පුලුවනි.

      Delete
    2. apps කියන ඒවා පාවිච්චි වෙන්නෙ කොහොමද කින එක ගැන මට දැනුමක් නෑ. බලමුකො, හොයල බලලා හොහෙංහරි ඔලුවට දාගන්නං. thanz
      මට තවම තෙරුනේ නෑ. දැනට හිතෙනවා ඔය කියන එක දාගත්තම ෆෝන් එකට sms ලැබෙන මොකක් හරි softwere එකක් වෙන්න ඇති කියලා...

      Delete
    3. අයියා තේරුම් අරන් තියෙන විදිය නිවැරදියි. මේක sms මගින් ක්‍රියාත්මක වෙන entertainment app 1ක් කියමු. ගොඩක්ම වැදගත් වෙන්නෙ කාර්‍යබහුල වීම නිසා නිතර ජාලයේ සැරිසරන්නේ නැති අයට. ගිහින් බලනවාට වඩා විනෝද‍ය තම අත්ල මතට ගෙන්වා ගැන්මට ‍රිසි උදවියට.

      තවත් විස්ත‍ර google plus ඉන්නවා දැක්ක වෙලාවක කියන්නම්කෝ...

      Delete
  11. දැන් ඔය ඩයලොග් එක අපිට වැඩක් නෑ.. ඇන්ඩ්‍රොයිඩ් එකත් අපිට වැඩක් නෑ.. අපි ඇපල්.. ඒ හන්දා පුරුදු විදිහට අපි මේකටයි බුකියටයිම එන්නම්.. අපි වගේ නිතර එන බාල්දි දාන පාඨකයන්ට අඩු සැලකිලි දැක්වීම තරයේ හෙලා දකිනවා කෝම වුනත්..

    ReplyDelete
    Replies
    1. මේ කැපිටල් B cheese ඉස්ටේසම නෙව දිනේෂ් අයියේ. ඒක කැපිටල් M cheese ඉස්ටේසම. හාත්පසින්ම වෙනස්. නමුත් බ්ලොග්1ට එන ඔයාලට වෙනදා වගේම බස්සිගේ කතා කියවන්න බාදාවක් නැහැ නෙව.

      බස්සි ලොකූ වරදක් කලා වගේ කතාවෙන උදවිය වැඩි ඇයිද මන්දා....

      Delete
    2. එහෙම කියන එක පුදුමයක් නෙමෙයි.. මම නිවාඩු වෙලාවක බුකියේ මැසේජ් එකක් දාලා කියන්නම්..

      Delete
  12. හෙහ්... වැඩේ අවුල් ඈ... මෙබිටෙල් අපිව අතෑරල... මං මේතට සංපූර්නෙං විරුද්දයි ඔන්න...
    මක් කොරන්නද අපි හැමදාම මෙහෙ පිටු පෙරලන්නං... කමක් නෑ

    ReplyDelete
    Replies
    1. මක් කොරන්නද ‍යාලු, mobitel එකේ ඔය වැඩේ කොරන එක ලේසි නෑ. අනික rental එක වැඩියි.

      ඔව් මම blog එක අතාරින්නෙ නෑ නෙව. දිගටම මේ පැත්තෙ එන්න හොදේ...

      Delete
    2. එනව එනව අනිවා

      Delete
  13. මාත් සුපුරුදු විදියට මෙහෙමම කියවන්නම්.. :D

    ReplyDelete
    Replies
    1. තමන් කැමති medium එකකින් කියවන්න. බස්සිගේ කතා sms හෝ blog මගින් කියවනවානම් ඒක‍යි මගේ සතුට.

      Delete
  14. සුබ පැතුම් බස්සියේ... මටත් කළ හැකි දෙයක් කර දෙන්නම් ඔය ගැන...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියේ....

      Delete
  15. අඩේ බස්සි දිවුණු වෙලානෙ... එල එල බස්සී... දිගටම යන්න... අපේ මේ දේවල් ලෝකෙටම පෙන්නන්න.... එල එල...

    අපි ඩයලොග්... හැබැයි පුතෝ ඇඩ් කොරන්නෙ නම් නෑ.... බිල් ගෙවන්න සල්ලි නෑ...

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම්‍ dialog user කෙනෙක් ඉන්නවා. මම බ‍යේ උන්නෙ කට්ටියම mobitel වෙලා නම් වෙන ජොබක් හොයාගන්න.

      Delete
  16. ඔය එස්,ඇම්.එස් වලට දැන් අපේන් සල්ලි කැපෙනවයිද යශෝ?
    .

    ReplyDelete
    Replies
    1. Register උනොත් නම් රු.30ක monthly rental එකක් charge වෙනවා මනෝ. දවසට බස්සිගේ පිස්සු කතාව බැගිනුත්, අමතරව blog updates ගැන විස්තරත් මේ ඔස්සේ sms මගින් ලබාගන්න පුලුවන්.

      :)

      Delete
  17. අප්පේ බස්සි කෙල්ල කොරන වැඩ ...දැන් ඕවාට බස්සා හ්ම් හ්ම් කියනවයි ..?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. බස්සා හ්ම්ම් හ්ම්ම්ම් කි‍යකියා කෝඩ් ටික කොටලා දුන්නා. :)

      Delete
  18. we care always නොවෑ ... Like එකක්නම් කෙටුව ඕං..

    බුකියේ request එකක් දාල බර කාලයක් වෙනවා.. ඇක්සේප්ට් කලොත් නරකද.. බස්ස අයියටත් කියන්න :D

    ReplyDelete
    Replies
    1. හයියූ... ඔයාද කසුන් අරවින්ද? කවුද දන්නෙ ඉතින්. හදුනානොගත් ‍request accept කරනු නොලැබේ නෙ. Mail1ක් එවලා මතක් කොරන්න එපැයි මම අර‍යා කියල.

      තොලි හොන්දේ මල්ලෝ... මම add ක‍රගන්නම්.

      Delete
  19. මොබිටෙල් නෑ නේ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. වට් ටු ඩූ නපුරු කලට කිවුවලු. mobitel සීන් එක මම කියන්නම්කො චැට් ආපු වෙලාවක.

      Delete
  20. වැදගත් සැම අත තියෙන අයට පාංද බස්සියෙ???

    බස්සගේ සරණයි...!!!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු වැදගත් ජනතාවටත් මොනා හරි චීස් කෑල්ලක් හදන්න පුලුවනිද කියලා....

      Delete
  21. බස්C මේක ටීවී එකේ බලන්න බැරිද? :D

    ReplyDelete
    Replies
    1. බෑනෙ. ෆ්‍රිජ් එකෙන් බලන්න හදලා දෙන්නද?

      Delete
  22. මේකට අයකිරීම් තියනවද බස්සියෝ

    ReplyDelete
    Replies
    1. Register උනොත් නම් රු.30ක monthly rental එකක් charge වෙනවා ටිරාන්. දවසට බස්සිගේ පිස්සු කතාව බැගිනුත්, අමතරව blog updates ගැන විස්තරත් මේ ඔස්සේ sms මගින් ලබාගන්න පුලුවන්.

      :)

      Delete
  23. ටෙස්ට් 1, 2, 3...

    ජය වේවා!!

    ReplyDelete
  24. බස්සිට කීවට මොකෝ අපි නම් වැදගත් නම්බර් නේ.....
    කොහොම නමුත් දකුණු පිහාටුව ඉස්සරහට තියල වැඩේ පටන් ගන්න ජය ....!!!

    ReplyDelete
    Replies
    1. හහා... තැන්කුයි වේවා සුභාශ්...!! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete