Sunday, May 4, 2014

තාරකාවක් යට





ඈත තනිවුන
පුංචි තරුවක්
දැවි දැවී යලි නිවෙනවා
නිවි නිවී යළි දැවෙනවා
හඳත් නෑ අද
ඔයත් නෑ ළඟ
මගේ නෙතු යුග තෙමෙනවා
ඔයත් දැක්කද
පුංචි තරුවක්
අපිට ඉහළින්
දිලෙනවා


පෙරේදා හිට
එකම ඕසෙට
මෙහෙට හිම කැට
වැටෙනවා
ලන්ච් අරගෙන
යන ගමන් මම
දවල් තරු නම් පේනවා
රෑට ඇහිපිය
බරයි හරියට
නිදිමතට ඇස් ඇලෙනවා
හීන ලෝකෙදි
තාරකා වන්
උඹේ ඇස් මට පේනවා

 

56 comments:

  1. උඹ දුක් වෙන්නේ නැතිව ඉඳහන් ...ඉක්මනටම ඔය තාරකාව උඹේ ඔලුවටම කඩ වැටෙයි...නාඩන් බස්සියේ නාඩන්..

    ReplyDelete
    Replies
    1. මගෙ ඔලුවට වැටුනොත් වැටෙන්නෙ වල්ගතරුවක් තමයි අනී.... :D

      Delete
  2. මට මොකද්දෝ අහන්න හිතෙනවා...එක්කෝ ඕනේ නෑ...සතුටුයි උඹ කඩු කවියක් නොලියා හෙළ කවියක් ලිව්වට

    ReplyDelete
    Replies
    1. අහන්න හිතෙන එක උඹ කටේම තියාගනින් මෙන්න වැන්දා! හම්මේ. කඩු බ්ලොග පැත්ත පලාතෙ ගියෙ නෑ කාලෙකින්. ඔයා කිවුවමයි මතක් උනෙත්.

      Delete
    2. කට ලොක්,බොලොක්..... හි...හි...හි...වඳිද්දි බුලත් අතක් ගෙනින් හු ඈ

      Delete
    3. අහුවෙයන්කො. හුම්ම්ම්ම්..........

      Delete
    4. හුම්ම්ම් ගාන්නෙ බොල බස්සියෙක්ද බස්සියෙ. :)

      Delete
    5. මුන් දෙන්නගේ කොමලේ බලපල්ලකෝ...

      Delete
    6. මට කියන්න ඒ කඩු බ්ලොග් එක ගැන පොඩ්ඩක්.

      Delete
    7. ප්‍රියෝ ; යකූ බස්සි බස්සියෙක් නොවී හාල්මැස්සියෙක් වෙන්ටද?

      Delete
    8. නලින් අයිය : මේ අවස්ථාවේ අකමැත්තෙන් වුවද බටර් ගාමින් කිඹුලියෙක්ට වඳින්න උනා ඒකයි මේ කොමලෙ.

      Delete
    9. ඩූඩ් : කඩු කවියක් දෙකක් තිබුන මේකෙ.

      මං කවිකාරිලු


      කඩු බ්ලොගේ නම් මකුලුදැලුත් බැඳිල. මේ තියෙන්නෙ.

      http://yash-infinity.blogspot.com/

      Delete
  3. සහ්..
    //ලන්ච් අරගෙන
    යන ගමන් මම
    දවල් තරු නම් පේනවා// බත් එක ගනං වැඩිද?

    බස්සිගේ කයි සිතිවිලි,
    මාරයිනේ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ අෆ්ෆා මේ කාන්සියට ෆෝන් එකේ කොටපු කයියක් විදානේ. බ්ලොග පාලුවට යන හින්ද එහෙමම කොපි පේස්ට් පාරක් දැම්ම. :)

      Delete
  4. මෙලෝ දෙයක් තෙරුණේ නෑ ,එක නිසා සුපිරි ... හික් ගික් හික්

    ReplyDelete
    Replies
    1. පිස්සු කවියක් මෙයා. ගනන් ගන්න එපා.

      Delete
    2. නෑ නෑ බස්සි උඩ ටික නම් හොදයි එත් එකට දෙවැනි පද පෙලියේ තියෙන ගැලපුම මට හිතා ගන්න බැරි වුණා ......

      Delete
    3. දෙවෙනි පේළියේ ගැලපුම තමයි සහෝ ඒ කොටස් දෙකේ එකිනෙකට ඇති නොගැලපුම.

      Delete
  5. අපූරු යි අපූරු යි... හඳ නැති හින්ද වෙන්ටෑ තරු පේන්නෙ :-))

    ReplyDelete
    Replies
    1. කුරුට්ටි හිතුවට වඩා දියුණුයි ඈ.... :O

      Delete
  6. ඒ කිවුවේ ඒකද? නැත්තන් මට මුකුත් පැහැදිලි වෙලා නැද්ද? මොකක් හරි මම කැමති බස්සියෝ පින්තුරේට පට්ටම ^_^ 

    ReplyDelete
    Replies
    1. ඒක කිවුවෙ කෝකද අනී? ශානු අක්ක නම් කවියෙ නැට්ටක් අල්ලගෙන තිබ්බා. පින්තූරෙ ශෝයියා නේ. තැන්කිවු හොදේ.

      Delete
  7. කඩ්ඩෙං වණන එව්වා අස්සෙ ඉඳලාහිටලා හරි මෙහෙම හෙළුවෙං වණන එව්වත් දාන එක හොඳයි.
    කඩ්ඩෙං අනන්තෙ කෙ‍ටුවට, මේ හෙල බහ කොටන නවාතැන හලන්න එපා ඈ එපා ඈ.

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ අනන්තෙ හලල නවාතැනේමයි හිටියෙ අනේ. හෙළ ටයිපින් පුරුදු උනාට පස්සෙ වැඩිපුර ඇදෙන්නෙ නවාතැනටමයි.

      Delete
  8. සුන්දරයි නඟේ!

    ReplyDelete
  9. අපිටනම් හිම නැවතුනා විතරයි..

    කවිය ගැන ඉතින්, නෑ එක්කෝ ඕන නෑ.. ලස්සනයි ඈ.. ^_^

    ReplyDelete
    Replies
    1. ඔය "නෑ එක්කො ඕනෙ නෑ" කියන එක නම් ඔට්ටු නෑ හරිද. ඕන නැති එක මූනුපොතෙන් එවන්ටකෝ අර සානුච්චි කලා වගේ.

      Delete
  10. එල සිතිවිල්ල.......
    උඹට ඇත්තටම තරු පේන්න ගනියි කවද හරි හිම වැටෙන රටකට ගිහිල්ල අත්වින්දොත්.....

    ReplyDelete
    Replies
    1. ශෝයියා එදාට මාත් හදාගන්නව Olaf කෙනෙක්ව. :D

      Do u want to build a snowman...
      Come on, let's go and play! :) :)

      Delete
  11. සිරාවටම දවල් තරු පේනවා කියපු ගමන් මගෙ ටිකිරි මොලේට වැටුනෙ බස්සිව බස්සා අර පොඩි කාලෙ කරන විදිහට පිටිපස්සෙන් හිටගෙන කණ් දෙකට අත් දෙකේ අල්ල තද කරලා උඩට උස්සලා කියලා. එහෙම වෙලාවට නම් දවල් තරු පේනවා ඕසෙට. හැක් ;) :)

    ReplyDelete
    Replies
    1. මම චූටි කාලෙ අපේ සුදු අයියා එන්න අල්ලපු වත්තෙ පොල් පෙන්නන්න කියල ළඟට අඬගහල ඔහොම කන් දෙකෙන් උස්සනව මාව. හම්මේ එලොව පොල් තමයි පේන්නෙ එතෝට. වලි කෝටියයි ඉන් එහාට.

      Delete
  12. පද ටික පට්ට.
    //හීන ලෝකෙදි
    තාරකා වන්
    උඹේ ඇස් මට පේනවා// ඒ ටික නම් මරේ මරු.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් තැන්කිවු හොඳේ

      Delete
  13. මොන සුපිරිද? සුපිපි තමා.. හැක්..

    ReplyDelete
    Replies
    1. සුපිපී තමා කිවුවෙ මුනාද?

      Delete
  14. \\ඔයත් දැක්කද
    පුංචි තරුවක්
    අපිට ඉහළින්
    දිලෙනවා//

    එකම හඳ, එකම තරු, දෙන්නෙක්ට එකවර පේනකොට ළඟ නැතත් ළඟම ඉන්න බව දැනෙනවා. නැත්නම් කොහොමද දෙන්නම එකම දෙයක් දිහා බලන් ඉන්නෙ. එකම දෙයක් දිහා බලන් ඉන්නකොට අපිත් නොදැනම අපේ නෙතු එකට ගැටෙනවා.

    ReplyDelete
    Replies
    1. එකම අහස පේනවා කියන සිතුවිල්ලත් හිතට සැනසිල්ලක් ගේනවලු නේද?

      Delete
  15. පට්ටයෝ.............................
    අපූරුයි...
    සංවේදී කවියක්

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි ඉස්කෝතුයි!! :D

      Delete
  16. පියුම හිරුට මිස සඳුට අයිති නැත..... තරු සුදිලේ ඝන අඳුරු රැයේ...
    වරද මගේ මිස වරද ඔබේ නොව අහිමි සෙනේ පැතු ඔබගේ ලයේ....


    මේ මම වෙන අවශ්‍යාතාවකට ලියන ලද ගීතයක පද දෙකක් විතරයි.........

    ReplyDelete
    Replies
    1. වෙන අවශ්‍යතාවයකට කිව්වේ...

      Delete
    2. අවශ්‍යාතාව මොකක් වුනත් හරිම අපුරු පද පේළි දෙකක් නලින් අයියේ.

      Delete
    3. @ නලින් - ඒවාට කවිත් ලියනවද ?

      Delete
    4. කවි පද දෙක නම් අපූරුයී නලින් අයියෙ. හැබෑට මොකද්ද ඒ "වෙන අවශ්‍යතාවය"??

      Delete
    5. @ගෙඹිස් : ඇයි ඔයා ඒවට ලියන්නෙ විරිදුද? :P

      Delete
  17. හිම වැටුනට පස්සේ තරු තියෙන අහස බොහෝම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. හැබැහින් දැකල නෑ නෙව.

      Delete
  18. එක තනි තරුවක්වත් නැති මගේ අහසේ
    පෙනුනේ දවල් තරු විතරයි මට නිතොරේ.

    ReplyDelete
    Replies
    1. තනි තරුව අහසට
      පියමන් කලත් හෙමිහිට
      පෙනිලා නෑ නුඹට
      දවල් තරුවල එළියට

      Delete
  19. // රෑට ඇහිපිය
    බරයි හරියට
    නිදිමතට ඇස් ඇලෙනවා
    හීන ලෝකෙදි
    තාරකා වන්
    උඹේ ඇස් මට පේනවා// ටිකට තමයි වැඩිපුර හිත ගියේ... ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි නංගා.

      Delete
  20. දවට තරු පේනවා
    රෑ මැද ඉර පේනවා
    හවසට මල් පිපෙනවා
    බස්සී කවි ලියනවා

    sms කොටනවා
    I love you කියනවා
    දැන් එනවද අහනවා
    බස්සට වදම දෙනවා

    ReplyDelete
    Replies
    1. බේරෙ වැවෙන් පනිනවා
      මොලේ හොඳට පෙඟෙනවා
      එදා ඉඳන් මේ උන්දැට
      රෑ මැද ඉර පේනවා

      SMS කොටපුවා
      …I Love U කියපුවා
      ඒ වද මී වද වගේලු
      බස්ස එහෙම කියනවා

      බොරු කියලා හිතෙනවනං
      ගිහිල්ල අහගන්නවා
      බස්සගෙන්ම …අහනවා...

      Delete
  21. හම්මේ වෙලාවට මට තේරුණේ නෑ ඒක නිසා ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා බොරලූ....

      Delete