Monday, May 5, 2014

No කප් කේක්! හෑ!!! (16+)




 

"ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
මාලු වෙළඳාම
මාලු වෙළඳාම ය
ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ"


මම ආසම සින්දුවක්. සංගීත පන්තිය ඉවර වෙන්න කලින් මාස්ටර් අපි එක එක්කෙනාට කැමති සින්දුවක් කියන්න කියනව. ඔය සින්දුවට ආස මම විතරයි. මාස්ටර් සමහර දාට කියනව "පොඩි එකියේ වෙන එකක් කියාපංකෝ" කියල.  ඒත් මේ සිංදුවට අමනාපයි කියල පංතියෙ අක්කල අයියල තබ්ලාවෙන් ගහල මගෙ තට්ටෙ පැලුවෙ නෑ. අපූරුවට පසුබිම් වාදනය ඉදිරිපත් කලා.






ට්‍රිප් යද්දි, යාලුවොත් එක්ක  සෙට් වෙලා බජව්වක් දාද්දි නැගල යන්නෙම හැත්තෑව  දශකයෙ සහ හැටේ දශකයේ සින්දු. තාත්ත යාලුවොත් එක්ක සෙට් වෙලා සින්දු කියද්දි මාත් උඩ පැනගෙන ගිහින් පුටුවෙ කොණක වාඩි වෙලා බජව්වට උපරිම දායකත්වය සපයනව.


"ඇල්මෙන් බැල්මෙන් හෙමින් සීරුවෙන්
වචනයෙන් දෙකෙන් දොඩමලු වෙමින්
ඇද හැලෙනා දිග හැරෙනා ආදරේ
තවමත් නොකියූ ආදරේ
මගෙ ආදරේට ඔබෙ ආදරෙ දෙනාවානම්"


බොළඳ සිංදුවක් තමයි.  මට ඒකත් පට්ටම රහයි.






ඉරාජ්ගෙ සිංදු වලට මම පණ ඇරගෙන. "ලංකාවෙ පොලෝසිය", "බිග් හර්ශගෙ කතාව", "ගේමක් දීල හිරෙන් පැනපු දේශපාලකය", "තණමල්විල මල්", "පාතාලෙන් එබෙන සිත්තිමනීලා", "කටු කන කොළඹ කොල්ලො" ගැන ලියන්න කියන්න ගටක් තියෙන, කොන්දක් තියෙන එකෙක් හින්දම මම ඌට මාරම කැමතියි.



අපි බලමු මෙහෙම.


මම කොළකැඳ බොන්න මාර ආසයි.




ඒ වගේම ආසයි කෙසෙලුයි යෝගටුයි බ්ලෙන්ඩ් කරල, අයිස් කියුබ් තුන හතරක් දාල බොන්න.




අහ්! මම ඔරේන්ජ් ක්‍රශ් වලටත් ආසයි හොඳේ.




දැන් බලමු  මෙහෙම.


මම ආසම කෑම සම්බෝලයි බතුයි. පරිප්පුවක් තෙල් දාල, කරවල බැදුමකුත් එකතු කරල ගත්තම පංකාදු පහයි.  මට  පුලුවන් රහට ඔය මෙනූ එක හදන්න.




මම පේස්ට්‍රි කන්නත් ආසයි නෙව. කැමතිම කෑම පේස්ට්‍රි.





ඇයි  ස්ට්‍රෝබෙරි ඩෝනට්.
මම එවුවට පණ ඇරල.
හැබැයි මං ආස නෑ කප් කේක් කන්න.
චැහ්! ආසම නෑ.


මෙහෙම හිතමු.

මට කප් කේක් හදන්න බෑ.
මම කප් කේක් කන්න ආසත් නෑ.

ඔන්න මම ගේනව පෙත්සමක්.

"කප් කේක් නිසා අපේ ආමාශය විනාස වෙනව. කප් කේක් සාදන්නන්ට එරෙහි වෙමු. කප්කේක් වලින් තොර ශ්‍රී ලංකාවක් උදෙසා ඔබේ වටිනා අත්සන අපිට ලබා දෙන්න."





ඒ විතරක් මදි නේද?
මං හදනව ෆේස් බුක් පිටුවක්.
"නෝ කප් කේක්" කියල.
කප් කේක් එක මැද්දෙන් රතුපාට කතිරයක් ගහල.


ඔයාලට මාව කොයි වගේ පෙනෙයිද?




මෙන්න මේ වගේද?
මටනම් මාව පෙනෙයි එහෙම.


හැබැයි එකක්!


හිතන්නකො සුලු මාත්‍රා වලින් ආසනික් කලවම් කරපු කප් කේක් ජාතියක් එනව වෙළඳපොළට.
අන්න එදාට අපි නැගිටින්න ඕනෙ ඇත්තටම.
කප් කේක් වලට එරෙහිව නෙමෙයි මචංලා.
ආසනික් වලට  එරෙහිව.


කප් කේක් හදන්නෙ ඩිමාන්ඩ් එකක් තියෙන නිසයි.
හැමෝම පාන් කන එක නතර කලොත් බක්කරේ පාන් හදන්නෙ නෑ.
හැබැයි අපි පාන් නොකෑවට, අල්ලපු ගෙවල්වල උන් පාන් කනවනම් බක්කරේ පාන් හදනව.





අනේ අපි කප් කේක් වලට ආස නැත්නම්,
අපිට පුලු පුලුවන් විදියට සම්බෝලෙකුයි බතකුයි හදලා කන්න නැතුව ඉන්න අසරණ මනුස්සයෙක්ට වේලක් කන්න දෙමුකෝ.


අපි කොළකැඳද? ඇපල් ජූස්දවැඩියෙ හොඳ කියල වාද කරද්දි,
වතුර පොදක් නැතුව තිබහෙ මැරෙන්න යන මිනිස්සු අනන්තවත් ඉන්නව.
 

දන්නවද?
අපි කප් කේක් තහනම් කරන්න පෙත්සම් ගහද්දි,
බත් අහුරකට ලුණු ටිකක් ඉහගෙන  කාල ඉස්කෝලෙ දුවන පොඩි එව්වො අනන්තවත් ඉන්නව මචංලා.




අන්න උන්ට බත්  ඩිංග කන්න පරිප්පුවක්, කරෝල බැදුමක් හදාගන්න උදව් වෙමු.


විද්දෙ හාවට වැදුනෙ පඳුරටද මන්දා.
වල් ඌරො කවීටයි යුකීටයි  පෙත්සම් කොටනකොට මං හබන් කුකුලා වගේ පෝස්කට්ටක් තලා ගත්තාවත්ද?
වෙන්ට බෑ!
බස්සි හොඳ ළමයා.....!




108 comments:

  1. අපේ ස්කුබි ගේ හා පැටියටද විද්දා කිඋවේ...

    බාගයක් කියෝනකොටම මට හිටුනා 16 + ගැනත් ලියවෙඉ කියලා..මරු ඈ

    ReplyDelete
    Replies
    1. හුරේ අද මම 1 වෙලෝ

      Delete
    2. 16+ ?? මන් කොහේවත් එහෙම එකක් කියල තියෙනෝද?
      ටයිට්ල් එක 16+ කලානම් හොඳයි වගේ නේද? පොඩි උන් ඇවිත් මනස ඩූසනේ කොරගත්තොත් එහෙම!

      Delete
    3. ම්\නැ සිරෙ යන අටමන්ගල්ලේ ගැන කිඋවේ

      Delete
    4. සිරසක් ගැන කිව්වෙ කවුද හැබෑට මෙතන? කෝ කෝ සිරස ගැන කියපු කවුද කිව්වෙ?

      Delete
  2. චැ............අන්තිමට අච්චාරුවක් කෑවා වගේ බස්සියෝ..................

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකනෙ නිදාගන්න යන්න කලින් දුන්නෙ. හෙට ඇහැරෙද්දි බඩ නන්නත්තාර වෙලා තියෙයි අච්චාරුව කාලා.

      Delete
  3. මොනා උනත් උඹේ අක්කට මේවා කලවමේ ලිව්වට තේරෙනවා නංගා :P ......පඳුර හාවා මාරු කරලා හරි උඹ මරුවට පෝස්ට් එකක් තලන් හිකිස්...

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් මම කොහෙට හැරුනත් හරියටම සීන්කෝන් එක මීටරේට අල්ල ගන්නවනෙ අක්කිරියෝ.... ඉස්කෝතුයි හොඳේ.... :D

      Delete
  4. ඇට්ත්ට්ත්

    Sinhala natho. English walin kotanawa a.

    Post eka mula hariya awul wage ban.

    ReplyDelete
    Replies
    1. ලියන්න ගත්තෙ එකක්. ලියවුනේ වෙන එකක් බන්. මුන්ගෙ පෙත්සම් මගුලත් එහෙමනෙ. කියන්නෙ එකක්. හිතේ වෙනම එකක්. කරන්නෙ වෙනමම එකක්.

      Delete
    2. ඒ අවුල මරු බන් ඉදගෙන :)

      Delete
  5. මෙක නම් අයේ නියමයි බස්සි,16+ ගැන බුකියේ කෑ ගහන කෙනෙක් ගෙන මන් ඇහුවා ඇයි මෙකට විරුද්ධ කියලා ඒ වැඩ සටහනේ කුණු හබ්බ යනවලු ,ලමා මනස විනාශ කරනවාලු ,ඔය වගේ විකාර මං එක දවසක් එක බැලුවා කියන්න තරම් දෙයක් නෑ ,අපේ තියෙන කුප්ප කමට ද මන්දා.....රට කන වෙන වැඩ සටහන් ඕන තරම් ....

    මට නම් 16+ විරෝධය අගමුල තෙරෙන්නෙ නැති එකම විකාරයක්

    කොමඋනත් කප් කෙක් මගේ ආසම කැමක් අයේ කැකුළු බත් එක්ක සම්බොල & කරවල හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. 16+ වලින් ළමා මනස දූෂණය වෙනවනම් මොකටෑ 16ට අඩු ලමයි ඕව බලන්නෙ නේද? 16+ කියන්නෙ බබ්බු නෙමෙනෙ. බැලුවම මේ සේරම මල් වගේ ළමයි නේ. පව් අනේ

      Delete
  6. කලින් මේ ගැන පෝස්ටුවක් කියෝල තියන හින්ද තේරුණේ. මොකෑ ඉතිං මං මූණු පොතට එන්න තියා රූප පෙට්ටිය ළඟ වාඩි වෙන්නත් කම්මැලියා නොවැ.... මොනව වුණත් ඔය කප් කේක් කතාව තමා යථාර්ථය! අගෙයි....

    ReplyDelete
    Replies
    1. හම්මේ මාත් ටී.වී බැලුවෙ නෑ කාලෙකින්. පෙත්සමක් එක්ක එවාපු යූ ටියුබ් වීඩියෝ එකක් තමයි බැලුවෙ. :)

      Delete
  7. යකෝ, කොහෙන් පටන් අරං කොහෙන්ද ඉවර කරලා තියෙන්නේ.. උඹ ලියන්න දෙයක් නෑ කියලා නාහෙන් අඬපු හන්දා මම මුකුත් කියන්නේ නෑ.. නැත්නම් දෙනවා හොද ලෙච්චර් එකක්.. මගේ අදහස අවංකවම මේක තව හොදට ලියන්න තිබුනා.. මේ ෆෝමැට් එකෙන් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ලියාගන්න දෙයක් නැතුව හාල් වෙවී උන්නා
      බර්ත් ඩේ නිසා මන් කප් කේක් බෙදා දුන්නා
      යේස් අවුල් බව නම් මට ටික ටික වැටහෙන්නා
      ප්ලීස් අවුල් හදාගන්න හෙල්ප් තමයි ඕනා

      Delete
  8. පඳුර ඇතුලෙන් ගිහින් හාවා ට වැදිලා තියෙනවා. එත් ඔයිට වඩා රිදෙන්න විද්දනම් හොඳයි කියල තමයි හිතෙන්නේ. එත් අවුලක් නෑ. කියන්න ඕන දේ කියල තියෙනවා. පොස්ට් එක නම් superb.

    ReplyDelete
    Replies
    1. මුවහත් කිනිසි පහරක පපු ඇට මත්තේ
      යන්තම් දෙන කෙනිත්තිල්ලක නියපොත්තේ
      රිදවන අදහසක් නම් ගැබ් වී ඇත්තේ
      අරමුණ සඵල වී ඇති බැව් කිව යුත්තේ

      Delete
  9. බස්සි සිරසට මොකුත් කියනවට කැමති නැහැ වගේ... මොකද කාටුන් ටික නැති වෙයි කියලද.... මම හිතන්නෙ බස්සි කියන්නෙ අර කවුද ඉම්පෝටඩ් ගෝතයෙක් රූපවාහිනියෙ ලොක්ක වෙලා ඉදිද්දි කියපු කතාව. කැමති අය බලපුවාවේ..... අනිත් අය ඔය මගුල වහල දාලා බුදිය ගත්තාවෙ කියල වෙන්න ඕනි...16+ ගැන මගේ මතයත් ඔය කිට්ටුවෙන් යනවා.. සංකල්පමය වශයෙන් අමු අමුවෙම ගෙඩිය පිටින්ම කරපු කොපි කිරීම ඇරෙන්න වෙන ලොකු වරදක් මට එතැන පෙනෙන්නෙ නැහැ.... ඉදිරිපත් කරන උං දෙන්නගෙ පොඩි ටැලන්ට් එකකුත් මට පෙනෙනවා. ඔය විරෝධය ඒ අාකෘතියට අනුගත වෙන්න යන මූලික අවධියෙදි මතුවන කෙවිකාලීන දෙයක් හා හැංගුන ඉරිසියාව සමග මිශ්‍ර වෙච්ච දෙයක්. උදාහරනයක් විදිහට නාමල් උඩුගමගේ හොදම අවධියෙදි කොල්ලන්ගෙන් මතුවුන විරෝධය මීට සමානයි.
    තව මේ ගැන ලියන්න හිතෙනවා.... වෙලාව තිබුනෙත් පෝස්ටුවක් විදිහටම දාන්නම්.....
    ඉරාප්ගෙ සිංදු ගැන........ ඒක විකක් දිරව ගන්න අමාරුයි.... ඒ ගැන පස්සෙ බලමු.....

    ReplyDelete
    Replies
    1. බස්සිගෙ අදහස ගැන ඔබේ අදහස වැරදී ජෙනරාල්.
      මම ඉස්සර සිරස කාර්ටුන් බැලුව.දැන් මම TV බලන්නෙ නැහැ. කාර්ටුන් ටික ඩවුන්ලෝඩ් කරන් තියෙන්නෙ. හිතුනම බලනව.

      මට සිරස කියන්නෙ පට්ට strategy තියෙන, අනුකරණය උනත් කොලිටියට කරන, සුපිරි මාර්කටින් tactics පාවිච්චි වෙන business එකක්.

      අන්න ඒක අපි අමතක කරන්න හොද නෑ

      සිරස කියන්නෙ NPO එකක් නෙමෙ. ඉල්ලුමට සරිලන Products තමයි එලියට දාන්නෙ. ඉල්ලුම නිර්මාණය කරන්න පට්ට marketing team එකක් ඉන්නව උන්ට. මේකත් ඒ වගේ ගරිල්ලා මාර්කටින් පාරක් වෙන්නත් පුලුවනි. පෙත්සම් ගහන අය නයට කහිනව වෙන්නත් පුලුවනි.

      සිරස team එකට join වෙලා උන් මාකට් එක ආක්‍රමණය කරන හැටි ප්‍රායෝගිකව ඉගෙනගන්න පුලුවන් නම් මාර වටිනව.

      නාමල් උඩුගම ගැන මම දන්නෙ නෑ. නමුත් තමන්ව සුපිරියටම මාකට් කරගත්ත ශිහාන්ව දන්නව. Marketing mgt degree නැතුවට පොර ඒක සුපිරියටම කලා.

      Delete
    2. ඉරාජ් ගැන මාස දෙකතුනකට කලින් ලියන්න ගත්තු එකක් තියේ. තාමත් එහෙමමයි. ඔයාගෙ පෝස්ට් එක දාන්නකො. ඒක කමෙන්ට් එකක කොටනවට වඩා වටිනව.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඒ ටික හරි..... එකගයි. නමුත් මම කිවුවෙ ඒත නෙමෙයි. බස්සිට දවල්ට පෙනිම අඩුයිනෙ කොහොමත්....

      Delete
    5. රෑ වෙලා ආව ඒත් පේන්නෙ දවාලෙ පෙනිච්ච ටිකමයිනෙ.

      Delete
  10. 16+ කතා මොකටද කියන්නේ.. දැං..

    ReplyDelete
    Replies
    1. දේශා 16- උනාට අපිනම් දැන් දිගටම 16+ ම තමයි.

      Delete
    2. හම්මේ ලොකු ළමයි.

      Delete
  11. කප් කේක් ඒටීඑම් එකක් දාල තිබ්බ කොහෙද රටක...
    හිටස් ගාල ඒක මතක් වුණා...
    අද කීයන්න ගියෙ මොකද්ද කියලවත් කීවෙ මොකද්ද කියලවත් තේරුනේ නෑ නෙ

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැති එකත් හොදයි අනී. කප් කේක් එකක් කාලම ඉන්නකෝ

      Delete
  12. දැන් මේක කියවලා බස්සිව
    -- බොදුබලයෙන් උස්සන් යයිද?
    -- රාවණා බලකායෙන් උස්සන් යයිද?
    -- එල්ලීලන් බලකායෙන් උස්සන් යයිද?
    -- ජමියතුල්ලා උලමා උස්සන් යයිද?
    -- මුස්ලිම් බ්‍රදර්හුඩ් එකෙන් උස්සන් යයිද?
    -- ජිහාඩ් එකෙන් උස්සන් යයිද?
    -- හෙළ උරුමයෙන් උස්සන් යයිද?
    -- ආසනික් විරෝධී නාථ දෙවියන් උස්සන් යයිද?
    -- රතුපස්වල රැකගැනීමේ සංවිධානයෙන් උස්සන් යයිද?
    -- පවුල් සෞක්‍ය සේවිකා සංගමයෙන් උස්සන් යයිද?
    -- හෙද නිලධාරී සංගමයෙන් උස්සන් යයිද?
    -- රජයේ වෙද්‍යවරුන්ගේ සංගමෙන් උස්සන් යයිද?
    අනේ මන්දා ඕයි තව තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් අපිත් හදමු "බස්සිව සුරැකීමේ සංවිධානයක්" :)

      Delete
    2. මං හිතන්නෙ බස්සිව උස්සං ගියොත් උලමා තමයි....

      Delete
    3. ඒ කියන්නේ දැන් බස්සි බස්සව හලලා උලමෙක් එක්ක සැට් වෙලාද

      Delete
    4. හම්මේ ඉවාන් මේ පෝස්ට් එක දැකල කුලප්පු උනොත් වෙන්නෙ "කප් කේක් සුරැකීමේ බලකාය" තමයි ඕං.
      …ලැයිස්තුව නම් පට්ටයි.

      Delete
    5. @ප්‍රියා : ඒකත් ත්‍රස්තවාදී ලේබල් එකෙන් එන සංවිධානයක් උනොත් තමයි ගති.

      Delete
    6. @ජෙනරාල් : අපි ඔය උලමුන්ට බය නෑලු හරී...!!!

      Delete
    7. @මැලේ : එහෙම හලනවද මගෙ බසු පැටියව! :O

      Delete
  13. මුලින් මුලින් සරලව සැහැල්ලුව පෝස්ට් එක ගලාගෙන ආවට අවසානෙ පට්ට සීරියස්. ඔය ඉහළින් කීව දහසකුත් එකක් විච්චූර්ණ කෑම ගැන අපි හිතනකොට, අපේ පැත්තෙ සමහර ඉස්කෝලවල ළමයි බත් වලට මිරිස් කුඩු කවලම් කරගෙන කනවා. මේව මේ ඇස් වලටම දැක්ක දේවල්.

    ReplyDelete
    Replies
    1. විච්චූරණ කෑම = 16+ වගේ එවුවා VS ඔය විරෝධතා කාරයො ඉල්ලන කාර්ටුන්
      බත්, මාලු, පලා = අධ්‍යාපනික වැඩසටහන්

      අපි වාද කරන අතරෙ ටී වී බලනව තියා ගෙදරට ලයිට් වත් නැති, ලාම්පු කුප්පියෙ එලියෙන් පාඩම් කරන ළමයි කොතෙකුත් ඉන්නව. අපේ බැචියෙක් ඉන්නව ඒ ලෙවල් ගොඩදැම්මෙත් කුප්පි ලාම්පු එළියෙන් ලු. අන්න ඒ වගේ උන්ට පොතක් පැන්සලක් ගන්න උදව් කරපල්ලා කියලයි මම කියන්නෙ.

      කෑම ගැන ඔයා කියන කතාවත් සහතික ඇත්ත මනෝෂ්!

      Delete
  14. මෙහෙමනෙ බච්චියෙ කතාව.… ඔය "කප් කේක් එපෝ" කියලා ඔය කරන විරෝධතාවය නිසාම ඔය කප් කේක් ගැන දැනගෙන මොනවද මේ කප් කේක් කියලා බලන්න ඔය කප් කේක් කන පිරිසකුත් ඉන්නවනෙ (කොටින්ම මාත් ඔය කප් කේක් එක කාලා බැලුවා, මටත් ඒක රහ නැති නිසා ඊට පස්සෙ කෑවෙ නෑ.)

    ඉතිං දැන හෝ නොදැන ඔය කප් කේක් විරෝධියො කරන්නෙ කප් කේක් එක මිනිස්සු අතරට වැඩි වැඩියෙන් ගෙනියන එකයි. බොහෝ විට ඕක බේකරි කාරයා කරන ගරිල්ලා මාර්කටිං පාරක්ද විය හැක.

    කෙසේ උවද කල යුතු හොදම දේ කප් කේක් නොදිරවයි නම් කප් කේක් නොකා ඉමු. එවිට සැපයුමට සරිලන ඉල්ලුම නොමැති නිසා බේකරි කරුම කප් කේක් නිෂ්පාදනය නවතා දමනු ඇත. නොමැති නම් අපි නොකෑවට කන උන් ඉන්නවා නම් කාපු දෙන්. උන් කෑවට අපිට පාන් යෑ.

    ReplyDelete
    Replies
    1. ෆිට් තමයි.... ඒක තමයි කොල්ලෝ ප්‍රචාචන්ත්‍රවාදය.කියන්නෙ...

      Delete
    2. අනේ ද කියන්නෙ. ටී.වී නොබලන නිසා මමනම් බැලුවෙ පෙත්සම් අයියෙක් එවාපු යූ බටේ ක්ලිප් එකක්. අපේ කට්ටිය හිතන්නෙ බක්කරේ හතර වරිගයම නිවන් යවන්න හිතාන බේකරිය පුණ්‍යායතනයක් කරලයි කියල. ඒ මනුස්සය කරන්නෙත් බිස්නස් එකක් නෙව.

      Delete
  15. කෙසේ උවද කප් කේක් කිවෙන් බස්සී පෝස්‍ටුවක් තලා ගන්නා ලදි. හි හි :) :)

    ReplyDelete
    Replies
    1. අනිවා. හබන් කුකුලන්ට රජ මගුල්! දෙරණෙ නිවුස් වලත් හිටියලු හබන් කුකුල්ලු. හික්ස්!

      Delete
  16. Niyamai bassiye.... oya ithin maaththrukaawak nathei nathei kiya kiyaa mmmm, mmmm gaawata, oya thiyenne hoda ekak gana liyala... :) :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කවී අයියා. ලියන්න දෙයක් නෑ කිවුව ගමන් ඔයා එවපු වීඩියෝ එක ගැනත් ලියනව ඉක්මනටම. ඒක ගැන ලියන්න කලින් ලැප් එක වහන්න වෙන එක තමයි අවුල. හිහිහි :D

      Delete
  17. ඇඩෝ හොටු බස්සි, අපි කප් කේක් කන්නෙ නෑ. අනිත් එවුන්ට කන්න දෙන්නෙත් නෑ හලිය.

    ReplyDelete
    Replies
    1. හන්තානේ කැරලිකරු නේ. හැබෑට වෙනුරල, ත්‍රිමාල, රෝහණල හිටියනම් යුකීව අල්ලල හමගහයි ද??? අනේ මන්දා මෙයා.

      Delete
    2. හම්මේ වෙනුර අයියලා ත්‍රිමා අයියලා රෝහණ අයියලා ඔය වගේ කාලකන්නියෙක් වෙනුවෙන් වටිනාකාලය නාස්තිකරයි කියලා මං හිතන් නෑ

      Delete
    3. ඔයා හන්තානේ කැරලිකරු කියන නමින් ඉන්න කෙනෙක් විදියට ඒ දෙවෙනියට දාපු කමෙන්ට් එක වටිනව. විප්ලවය කියන්නෙ ඕක නෙමෙයි මල්ලියෝ.

      Delete
  18. බස්සිගෙ ලියමනට කැමතියි. මම හිතන්නෙ මේ විරෝධය දක්වන අය කැමති තනියම ඕව බලන්න. අනිත් අය බලනවටයි විරුද්ධ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්. මම හිතන්නෙ ඒ අකමැත්තට වඩා දෙයක් තියෙනව මෙතන.

      Delete
  19. මම නං එදාම ඒ තැනම කිව්වා මේ කරන්නේ ගරිල්ලා මාකටින් පාරක් කියලා. එහෙම වැඩසටහනක් ගැන හාංකවිසියක්වත් නොදත් පිරිසක් අද ඒක අහනවා බලනවා. මේ මාකටින් වැඩේ හන්දා. මේවා තමා අද මාකටින් සිස්ටම්. මට හිතෙන්නේ මේකට බොහෝ දෙනෙක් බිලිවුණා.

    දැන් බලන්න බස්සි අතින් පෝස්ට් එකකුත් ලියැවුණා. කමෙන්ස් තියනවා. ඒ වැඩ සටහන වෙනුවෙන්. වැඩේ ඒ පැත්තෙන් ඉතාම සාර්ථකයි නොවෙද?

    ReplyDelete
    Replies
    1. මම පෝස්ට් එක ලිවුවෙ ඒ වැඩසටහන වෙනුවෙන් නෙමෙයි නලින් මාමා. මෙතන තව කීයක් දේවල් කියල තියෙනවද මම ඒකට අමතරව.

      මේකෙන් මම කියන්නෙ අනුන් වෙනුවෙන් කඩේ යන එක මහලොකු සමාජ මෙහෙවරක් නොවන බවත්, අපිට ඊට වඩා සමාජය වෙනුවෙන් කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙන බවත්.

      Delete
  20. හපොයි.. මම නම් කප් කේක් වලට කැමතියි...

    කොහොම වුනත් කියලා තියෙන කතාව නම් සහතික ඇත්ත බස්සියේ...

    ReplyDelete
    Replies
    1. අකමැතියි කියල ලිවුවට මොකද මාත් හිතුනම කප්කේක් එකක් කනව නංගියා.

      Delete
  21. අඩෝ බච්චි, බොට සුබම සුබ සුබ උපන් දිනක් කිව්වා ඕන්. සෙද්ද බොලා නොකෑවට කමක් නෑ අපිට කප් කේක් කෑල්ලක් වත් දියෝ……………

    ReplyDelete
    Replies
    1. අනී තැන්කිව් වේවා ප්‍රියෝ!! ඔය තියෙන්නෙ පෝස්ට් එක පුරාම. කැමති එකක් ගන්න මෙයා. :D

      Delete
  22. මම නම් කප්කේක්, කරවල. පීට්සා. සම්බෝල ඔය කොයිකටත් කැමති නිසා ගැ‍ටුමක් නෑ. නමුත් මම ලෝක සාගතය ගැන හිතලා නොකා ඉන්නෙත් නෑ, මොකද එහෙම වුනොත් කවදාවත් කන්න ලැබෙන එකක් නැතිනිසා.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කෙටියි. අනුන්ට කරදරයක් නොවෙන්න තමන්ගෙ ජීවිතේ රසවිඳින්න ඕන. ලෝක සාගතේ එන කාලෙක මිනිස්සු ඒකට ගැලපෙන්න අලුත් කෑම ජාති හොයාගන්නව, අනිවාර්යයෙන්ම. :)

      Delete
  23. මේකත් ඒ වගේම ගරිල්ලා මාකටිං පාරක් තමයි.

    ReplyDelete
    Replies
    1. බොහෝදුරට එහෙම විය හැකියි. :)

      Delete
  24. මම මෑතක කියවපු හොඳම පෝස්ට් එක මේක. හොඳම කොමෙන්ට් එක ඉවාන්ගේ කොමෙන්ට් එක. ඇත්තටම මේ වගේ පිස්සු ලියන උන්ට මම මාර මනාපයි. අර කැම්පස් සින්ඩිය හැදුවෙත් ඒකට. මට මතකයි රාවයෙත් කාළයක් පිටුවක් වෙන්කලා මේ වගේ පිස්සන්ට. ඒකෙන් වැඩක් උනෙත් නෑ පැම්පස් සින්ඩියෙන් වැඩක් උනෙත් නෑ. දිගටම ලියපන් බස්සි. අගක් මුලක් නැති මේ වගේ පිස්සු. මොකෝ ලාංකියගේ ජීවීතෙත් හරියට ඒ වගේමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන් අංකල්. :)
      බාගෙට තැම්බුන ස්පැගටි ජීවිත. දියාරු සෝස් එකක් වගේලු ෆේස්බුක් විප්ලව. ඒකෙත් රහක් නැත්තෙම නෑ. ඔය කිවුවට මෙලෝ රහකුත් නෑ.

      Delete
  25. උඹ ඉරාජ්ට කැමතිද බං ?මට ඌව අල්ලන්නේ නැහැ.එහෙම කියලා ඌගේ නිර්මාණ ප්‍රචාර වෙන මාධ්‍ය මම වර්ජනය කරන්නෙත් නැහැ.මොකද පුද්ගලිකව මම ඉරාජ්ට අකමති වුනත් ඌට කැමති අයත් ඉන්න නිසා එකාගේ නිර්මණ වලටත් ඉඩක් තියෙන්නේ ඕනේ.

    අනික් පැත්තෙන් යශෝ කියන කතාව සම්පුර්ණ ඇත්ත.අපි කොන්දේසි විරහිතව පෙනි ඉන්න ඕනේ,වර්ජනය කරන්න ඕනේ,කතා කරන්න ඕනේ දහසක් දේ තියෙද්දී මේ වගේ ඒවා කෙරේ විරෝධය දක්වන එක පුදුමාකර විහිළුවක් තමයි.

    කොහොම වුනත් යශෝ,උඹේ ඔය කෑම ටික දැකලා මයේ කටට කෙලත් ඉනුවා බෝල.විශේෂයෙන් අර කෙහෙල් කොලේ තියෙන බත් එක ගැන.

    ReplyDelete
    Replies
    1. අනිවා. මම අජිත් මුතුකුමාරණගෙ සිංදු වලට කැමති නෑ බන්. ඒ වුනාට අපේ ගේ වටේ ඉන්න බෝඩින් අක්කල ඒ සින්දු පට්ට ගහනව. එහෙමයි කියල අපි එයාලගෙ කැසට් කුඩු කරන්න යන්නෙ නෑ නෙව.

      …ඒ බත් එක මගෙ උපන්දිනේ වෙනුවෙන්. රහයි නේ?

      Delete
    2. ම්ම් රසයි,යසයි...:)

      Delete
  26. වක්‍රාකාරයෙන් පහර දීමක් ...

    .....

    ReplyDelete
  27. වැල යන පැත්තට මැස්සක් ගහල තියෙන්නෙ, :D

    ReplyDelete
    Replies
    1. මැස්ස ගහපු අතටලු වැල යන්නෙ. :P

      Delete
  28. අනේ බන් පිස්Cයේ....අපි ඔක්කොටම පිස්සු. ගොන් පාට් දාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඕන් ඕවා අතහැරලා අර මාළු කඩේ ඔරිජිනල් එක කිව්වේ කව්ද කියලා කියහන් ළමයෝ.

    ReplyDelete
    Replies
    1. පිස්Cගේ පිස්සු කතා. හිහිහි. අනේ මුල් ගැයුම කවුද කියල මතක නෑ නෙ. පරණ පොත්වල නම් ලියාගෙන \ඇති. වීකෙන්ඩ් එකේ ගියාම බලල කියන්නම් හොඳේ.... :)

      Delete
  29. බාගෙට කියවන් යද්දි තමා මීටර් වුණේ සිද්ධිය. කප් කේක් නොකන උන් පෙත්සම් ගහද්දි කප් කේක් කනව කියන උන් කිසිම දෙයක් නොකරන එකයි ඔතන අවුල.

    ReplyDelete
    Replies
    1. කප් කේක් කන උන් ඉන්නව ඇති "අනේ අපිට පාන්ද?" කියල.

      ශිහාන්ට සමහර කොල්ලො පොන්නය කියද්දි, ශිහාන්ගෙ සින්දු අහන අය "නෑ එයා පොන්නයෙක් නෙමෙයි හරිද?" කියාගෙන ගියෙ නෑනෙ. ජස්ටින් බීබර් තමන් කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් කියල ස්ටේජ්වල කිවුවෙ නෑනෙ. නේද?

      Delete
  30. කොහොමද එ මකටින් පාර.ඔක්කොම අහුවුනා නේ.බස්සිගෙ ස්ටයිල් එකනම් මාර ලස්සනයි ඇ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්. මටනම් ඒ මාර්කටින් පාරවල් ලස්සනයි.

      Delete
  31. මට හිතෙන්නෙම ඔ්‍ය යුකීලගේ 16+ එකට විරුද්ධ වීම කියන්නෙම සිරසෙ ඉන්ඩිරෙක්ට් මාකටින් වැඩක්..එතකොට යුකීලගේ වැඩසටහන සමාජය අතර ජනප්‍රිය වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බොහෝදුරට ඉඩ තියෙනව. සිරස දන්සැලක් නෙමෙයි බේකරියක්.

      Delete
  32. බුලත් වැලක් හිටෝලා ඒකට නිදහසේ වැවෙන්නත් දීලා ඒක පස්සෙං මැස්සකුත් ගහලා සාර්ථක වගාවක් කරලා තියෙන්නෙ. කොහොම හරි හාවට විදලා පඳුරට වැදුණා වගේ නැතුව, කෙලින්ම පඳුරේ අස්සෙ ඉන්න හාවටම වැදිලා, පඳුරටයි හාවටයි දෙකටම එකපාර විදලා.

    //හැමෝම පාන් කන එක නතර කලොත් බක්කරේ පාන් හදන්නෙ නෑ.
    හැබැයි අපි පාන් නොකෑවට, අල්ලපු ගෙවල්වල උන් පාන් කනවනම් බක්කරේ පාන් හදනව.//
    සහතික ඇත්ත.
    පඳුරු තැලෙන සුවඳ හමන සුබම සුබ බකුසු උපන්දිනක් වේවා!

    ReplyDelete
    Replies
    1. වගාව නම් නැගලම යනව ආයෙ කතා දෙකක් නෑ. හාවටත් වැදිල නේන්නම්! මම දන්නෙත් නෑ!! ස්තූතියි ගයාන් මල්ලි.

      Delete
    2. "හිට්ටීං පස් විරෝධය" හිකිස්!!! ඕකට හිගලෙං කියන්නෙ "ඉන්ඩිරෙක්ට් මාකටිං" කියලාලු නොවෑ. හිහ් හිහ්!!!
      බලාගෙන යද්දි අපිත් එහෙං මෙහෙං අහු වෙලාද මංදා.

      Delete
  33. Replies
    1. ස්තූතියි නෙතින් එහා!
      ඔයාගෙ සයිට් එක පැත්තෙ එන්නම්කො

      Delete
  34. මේ සතියෙ දැක්ක හොදම දේශපාලන පෝස්ට් එක...
    සුපිරිම තමයි...
    (කප් කේක් සුරැකීමේ සංවිධානයට මගේ සප් එක)
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා විදානේ....

      Delete
  35. තව මොනවා කියන්නද... ඔක්කොම කියවිලා තියෙනවා... උපහාසය වැක්කෙරෙනවා... නියමයි බස්සි.
    කාලෙකින් කියවපු මාරු ලිපියක්...
    >
    මේක නං ලිපියට අදාල නෑ , ඒත් දාන්න හිතුනා..
    මේ , මට යාලුවෙක් එව්ව මැසේජ් එකක් නිසා මං බුකියට දාපු පොඩි ස්ටේටස් එකක්.
    https://www.facebook.com/thilina.art/posts/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිළින අයියේ.

      අර ස්ටේටස් එක දැම්මට පස්සෙ නම් අත්සන් ඉල්ලන්න කවුරුවත්ම එන්න නැතුව ඇති නේද? :D

      Delete
  36. කෝ යකූ මං ඊයේ දාපු කමෙන්ට් එක.....මොකාද ගිල්ලෙ බොල ......?

    ReplyDelete
    Replies
    1. මම නම් නෙවෙයි ඔං...... සුවර් බස්සා ඇවිත් මේ පැත්තට,,,,,,,

      Delete
    2. ස්පෑම් වෙලත් නෑ කෙන්ජි අයියා. රාහු ගිලින්න ඇති. තරහ නැතුව ආයෙත් දානවද ඒ කමෙන්ට් එක. සිදුවූ අපහසුතාවයට බස්සිගේ බලවත් කණගාටුව!!

      Delete
    3. @නිමෝ:

      බස්ස මේ පැත්තට එන්නෙ කලාතුරකින්. මගෙ පෝස්ට් mailbox එකට ආවම එතනින් කියවන්නෙ. අනික මේක මගෙ බ්ලොග් එක. මේකෙ කමෙන්ට් ගිලින්න යන්නෙ නෑ බස්ස. මොකද බස්සට එයාගෙම බ්ලොග් එකක් තියෙන නිසා.

      හොඳේ... :P

      Delete
  37. බස්සිට හොල්මන්....! හැක්‌..........

    ReplyDelete
    Replies
    1. මම ඊට වඩා ආසයි "බස්සිට පික්සු" කියල කිවුවනම්. තැන්කිවු නිමෝ!!

      Delete
  38. මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ.
    මමත් ඉරාජ්ගෙ සින්දු වලට පට්ටම ආසයි, මොකද කියන්න ඕන දේ කෙලින්ම පැහැදිලිව කියන නිසා, හැබයි මම ඉරාජ් කියන මිනිහට කැමති නෑ. බොරු සෝබනේ නිසා.

    ReplyDelete
    Replies
    1. මම ඉරාජ් කියන මිනිහව අඳුරන්නෙ නෑ චූටි. මම දන්නෙ ඉරාජ් කියන නිර්මාණකාරයව. අන්න එයාට මම පට්ට ලැයික්. හරියටම කිවුවොත් මම කැමති ඉරාජ්ට නෙමෙයි එයාගෙ නිර්මාණ වලට.

      තේරුනේ නැති එවුව වැඩියෙ හිතන්න එපා යාලු. කේක් කෑල්ලක් කාලම යමු. :)

      Delete
  39. උඩ පින්තූර ටික දැක්කම කෙල බේරුනා....ඒත් අන්තිම රූපෙ දැක්කම ඒව ඔක්කොම වේලිලා ගිහිං නෙතට කදුලක් ඉනුව

    ReplyDelete
  40. කප් කේක් කාලා බඩ සවුත්තු වෙන්නේ නැත්තම් ඕනි මගුලක් කිවුවලු.. මොනා වුනත් කෑම වට්ටෝරු ටිකනම් පංකාදු පහයි.. 16+ ගැන කියද්දී අන්තිම හරිය එහෙමෙහෙ වුනාද මන්දා..

    ReplyDelete
    Replies
    1. කප්කේක් එකක් කෑවට බඩ සවුත්තු වෙන්නෙ නෑ ෂැගියෝ.... තමන් දැනගන්න ඕනෙ කනබොන ප්‍රමාණෙ ගැන.

      Delete
  41. බස්සියො මේක පට්ට රහ පෝස්ටුවක් නෙව.ඒකෙ මතුපිට රහ වගේම හැංගුන රහත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ වාසනා අක්කා.... :)

      Delete
  42. බස්සියො මේක පට්ට රහ පෝස්ටුවක් නෙව.ඒකෙ මතුපිට රහ වගේම හැංගුන රහත් අපූරුයි

    ReplyDelete
  43. අකමැතිනං නරිවාදන්
    ගහපං ඉතින් පෙස්සන්
    මහ ගං පහලට ගලයි නන්
    කුමට පීනං ඉතින් උඩුගං

    ගොඩක් අයගේ චින්තනෙනේ ඔය ඉතින් මන් කවියෙන් දැක්වුවේ

    //දන්නවද?
    අපි කප් කේක් තහනම් කරන්න පෙත්සම් ගහද්දි,
    බත් අහුරකට ලුණු ටිකක් ඉහගෙන කාල ඉස්කෝලෙ දුවන පොඩි එව්වො අනන්තවත් ඉන්නව මචංලා.
    අන්න උන්ට බත් ඩිංග කන්න පරිප්පුවක්, කරෝල බැදුමක් හදාගන්න උදව් වෙමු.//

    අපූරුයි ඇ, අදද කොහෙද මෙහෙට රිංගුවේ, හැමෝම තම තමන්ගේ මැති මතාන්තරයට කෑ ගගද්දී කියෙන් කී දෙනාද අනුන්ගේ යහපතට නිහඬවම දෙයක් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සම්!!!

      බොහොම ස්තූතියි සොමියා... සාදරයෙන් පිළිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට! :) පමා වෙලා කමෙන්ටුව දැක්කෙ.

      Delete