Monday, August 4, 2014

ඉතා කෙටි කලබල සිහින





නීරස මීටිමක,
උණුසුම් වාද පිටියක,
විඩාබර දෙසුමක,
නෙත් පියන් බරවෙන ඇසිල්ලක,


පිටු අගිස්සක කුරුටු ගෑවෙයි,
ඉතා කලබල සිහින.


හැල්මේ දුවන නගරෙක,
අධිවේගයේ දුවන බසයෙක,
ජනේලයකට කොපුල තදකර,
හිත ඈත ඇවිදින විරාමෙක,


ජංගමය තුල බිහිවෙයි,
ඉතා කෙටි
කම්මැලි සිහින.


බත ඉදෙන තුරු හනික,
වර්ණ ගැන්වෙන සිහින...
ගවුම් කොලරය මදින අතරෙත්,
සෙමින් මිමිණෙයි,
අමුතු තනුවක සිහින...


විටින් විට උඳුනේ පියන හැර,
බේක් කල නීරස,
කේක් ගෙඩියක් වැන්න,
තැනින් තැන කඩතොලු වුන,
මම ලියන - මගෙ සිහින



සීත සෘතුව  එලඹි කාලෙක,
මටත් මවතැකි දිග සිහින.
ගෙලෙහි මෆ්ලරයක් බැඳ,
කිමිදෙමින් උණු කෝපි බඳුනක,
එතකොට මම දකින්නෙමි,
පියෙවි කඩතොලු නැති සිහින...


අතැඟිලි වාරු තිබුනොත්,
අකුරු කර අමුණා තියන්නම්,
දුම් දාන උණු උණු සිහින...



ඒත්,
හැල්මේ දුවන දවසක
හදිස්සියෙ 

මං පාරෙ මැරුනොත් !!!


ඒ නිසා දිගටම ලියන්නම්.
කඩතොලු ඇතත්.
පුරුදු කලබල සිහින...





80 comments:

  1. මුකද කිඹුලි හිනා? :P

    ReplyDelete
  2. එක උනෙමි සොකලට් දීපම්. හිනාවක් දාලා ගියාට පට්ට ලියවිල්ලක් මං ආසම ලයින් එක " ඒත්, හැල්ෙම් දුවන දවසක හදිස්සිෙය මං පාෙර මැරුෙනාත් !!!

    ඒ නිසා දිගටම ලියන්නම්. කඩෙතාලු ඇතත්. පුරුදු කලබල සිහින..." දිගටම උඹේ කලබල හීන රස විදින්න බලාන ඉන්නවා බස්සියා

    ReplyDelete
  3. /ඒත්,
    හැල්මේ දුවන දවසක
    හදිස්සියෙ
    මං පාරෙ මැරුනොත් !!!//

    මගේ පරම පැතුම එයයි.......

    මි යැ දේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිම් උඹලටනෙ අපි යාලුවො කියන්නෙ! Errrrr....

      Delete
    2. හා … නෙස්කැෆේ බීවහැකි !!!

      Delete
  4. ඒත්,
    "හැල්මේ දුවන දවසක
    හදිස්සියෙ
    මං පාරෙ මැරුනොත් !!!"

    mona liyanawada manda :/

    ReplyDelete
    Replies
    1. ඉතින් මලයා එහෙම වීමේ සම්භාවිතාව වැඩියිනෙ. ඔයා දැකල නෑනෙ මම සිහිකල්පනාවක් නැතුව නැට්ට අතේ අරන් පාරෙ යන යෑම.

      Delete
    2. /සිහිකල්පනාවක් නැතුව නැට්ට අතේ අරන් පාරෙ යන යෑම/

      අතට ගත්තේ නැත්නං නට්ටත් නෑ ඕං

      Delete
    3. සහතික ඇත්ත විදානේ....

      Delete
  5. අනේ අම්මේ මේ දැරිවිගේ ඔලු ගෙඩිය ඇතුලට මේ වගේ වචන කොහොම එනවද මන්ද...

    කොහොම වුනත් බස්සි, හැමදාම වගේ වචන ටික නම් අති විශිෂ්ටයි..

    ආයුබෝ වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි !! ඔයාගෙ කමෙන්ට් එකක් අද තමයි මුලින්ම දැක්කෙ. සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!

      Delete
    2. කැමතිනම් ඇවිත් යන්න මගේ අඩවිය පැත්තෙත්...බොහොම සාදරයෙන් පිලිගන්නවා..

      Delete
    3. ඒ පැත්තෙ ගොහින් රවුමක් කැරකිලා දැනුයි ආවෙ.

      Delete
  6. දානේ කන්න එනවා සොකලට් බික්කටුයි නෙට්ටෝයි දෙන්න කියාපාම්

    ලියාපම් කටාවක් මේවා ඇති යකු

    ReplyDelete
    Replies
    1. නෙට්ටෝ නෑ ඔරැන්ජ් බාර්ලියි මාරි වික්කෝතුයි දෙන්නෙ.
      කලින් සැරේ කටාවක් ලිව්වා යකූ ටූ බලල නෑ...

      Delete
  7. ඒ බස්සිට පට්ට කවි ලියන්නත් පුළුවන් නේ.. ඉහලින්ම අගෙයි !!!

    ReplyDelete
    Replies
    1. බස්සි බ්ලොග් එක පටන් ගන්නකම් හිතන් හිටියෙ බස්සි කවියෙක් විතරයි කියලලු. :D

      Delete
  8. අධි වේගයේ දුවන බසයේ කවුළුවෙන් ඔලුව එලියට දාන්න එපා කොච්චර ආස හිතුනත්

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ.
      ඒකනෙ ජනෙල් පියනට කම්මුල තදකරන් ඉන්නෙ.

      Delete
  9. බත ඉදෙන තුරු හනික,
    වර්ණ ගැන්වෙන සිහින...
    ගවුම් කොලරය මදින අතරෙත්,
    සෙමින් මිමිණෙයි,
    අමුතු තනුවක සිහින...

    මේ ටික හරිම ලස්සනයි!

    ReplyDelete
  10. අඩෝ කාගෙන් අහලද වර්ණයි සිහිනයි ඉස්සුවේ???

    ReplyDelete
    Replies
    1. යකූ මේක යකාට ගිය ආණ්ඩුවක්නෙ! ඊගාව පාර සුදු වෑන් එකක් ගෙනත් උස්සන්නෙ ඩබලව හරිද! අපිට කවියක් ලියන්නත් නෑ මුන් ලස්සන වචන දෙකක් screen-name වලට දාගෙන. :(

      Delete
  11. සීත සෘතුව අද නොවේ හෙට, :(
    ලියපන් කඩතොළු හීන :D

    ReplyDelete
    Replies
    1. හෙට ගැන විශ්වාසයක් නෑ.
      අද ලියමි කඩතොලු සිහින

      Delete
  12. මැරෙනවානම් කලින් කියලා තියන්න ඈ! ඔරේන්ජ් බාර්ලි බොන්න එනවා!

    ReplyDelete
    Replies
    1. පෙට්ටියටත් ඔරේන්ජ් බාර්ලි බෝතල් දෙකකුයි මාරි පැක් එකකුයි දාල වහන්න ඈ... ඔය කතා පවත්වද්දි මටත් කම්මැලි හිතෙයි නෙව.

      Delete
  13. පාර මැද මැරුනොත් ඉංසුවරන්ස් කරල නම් අවුලක් නැැහ ලොකු ගානක් ලැබෙනවා නේ..

    ReplyDelete
  14. බස්සිය කෝ වචන නෑ මට විස්තර කරන්න ...සුපිරියි අක්කියෝ ...........

    ReplyDelete
  15. කඞතොලු තිබුනත් ඒ හින අපිට වටිනවා. උඔ ලියපන්.

    ReplyDelete
    Replies
    1. කෝ බ්‍රා...???

      Delete
    2. මෙන්ඩියා අනන්‍යතා වාක්කිය ගෙදර දාල ඇවිත්ද කොහෙද!

      Delete
    3. පිස්සු හැදෙයි බ්‍රා නැත්නම් මම මැරෙයි.

      Delete
    4. //බ්‍රා නැත්නම් මම මැරෙයි//

      ජිම් එකකට ගියොත් අඩු කරගන්න පුලුවන් වෙයි සමහරවිට

      Delete
  16. ඔව් ඔව් උඹ බලන් ඉන්නෙ මං අභාවප්පාත්ත වෙනකං නෙව මාරි බිස්කට් කන්ඩ. අහුවෙයම්කෝ කිඹුලි....

    ReplyDelete
  17. ඇට්ටකුනා වූ මගේ සිහින:
    ඔය කියනා සිහින ඇට්ටකුනා වෙන්නේ නිතර නිතර දොර හැර ටූත් පික් එකක් බස්සා බේක් වී ඇද්දැයි බලන කේක් ගෙඩියක් වගේ නිතරම ඔබලා බලන නිසා වෙන්න ඕනේ. බෙල් එක වදිනකල් හිටියනම් හරිනේ. රෙගියුලේටරේ කැඩිලද?

    ReplyDelete
    Replies
    1. බැල් එක වදිනකම් හීන ලෝකෙ හිටියොත් එහෙම හැබෑ ලෝකෙ කේක්ගෙඩිය කරකුට්ටන් වෙලා තියෙයි. ඒ නිසා හැබෑ ලෝකෙන් විශ්‍රාමයක් ලැබෙන දවසක තමයි දිගම දිග උණු උණු හීන බලන්න වෙන්නෙ.

      Delete
  18. ඔය හීන කඩතොලුයි වගේ පේන්නෙ ඒ හීන දකින එකාටමනෙ. ඒත් ඒවා අකුරු වෙත්දි ඒවා ඇඳක් කුඳක් නැති සම්පූර්ණ හීන

    ReplyDelete
    Replies
    1. හීන දකින එකාට එහෙම හිතුන නිසා නෙව මෙහෙම මනස්ගාතයක් ලියවුනේ....
      තැන්කිවු ඈ...

      Delete
  19. මේ ශීත් සෘතුව ගැන බස්සිගෙ ගොඩක් පෝස්ට් වල ලියවෙනවා.. එක්කෝ උඹ සුභ සිහින දකින්නියක්.. නැත්නම් මම පිලි නොගත්තත්.. මොකක්දෝ සංසාරික බැඳිමක්.. මමත් පොඩි කාළේ ඉඳන් මාර ආසයි ශීත් සෘතුවට, හොම වලට.. දවස් දෙකයි හිමේ උන්නේ.. ලංකාව දිවිය ළෝකයක් කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. මම සීතල සිහින දකින්නියක්. සීතල හීන සුභ ද කියල නම් දන්නෙ නෑ.
      හ්ම්ම්... ඔය සාංසාරික බැඳීම්, ආත්මීය බැඳීම් ගැන නම් මට තියෙන්නෙත් අපැහැදිලි මතයක්. හැබැයි සීතලටයි, හිම වලටයි මාර ආසයි පොඩි කාලෙ ඉඳන්. දැන් නම් කෘතිම හිම තියෙනවානෙ ක්‍රිස්මස් කාලෙට.

      Delete
    2. හොම නෙමෙයි බං ..හිම...
      මම නම් හරිම ආසයි හිම වැටුනාට පස්සේ තියෙන ඒ ලස්සන එලියට....ගස් වල කොල ඔක්කොම හැලිලා, කෝටු කෝටු අතරින් හීතලත් එක්ක එන කන් පෙති කරස් ගාලා කැඩෙයි කියලා හිතෙන හුළඟට....
      මප්ලර් එක බෙල්ල වටේ ඔතාන, ඉතිරිටිකෙන් නහයවහන් හුස්ම ගන්න....බූට්ස්වලින් එරි එරි ෆොරස්ට් එකේ බල්සසා එක්ක ඇවිද්ද හැටි මතක් වෙනකොට එම්බසි‍යට දුවන්න හිතෙනවා වීසා එකක් ගන්න...

      Delete
    3. // හිම වැටුනාට පස්සේ තියෙන ඒ ලස්සන එලියට....ගස් වල කොල ඔක්කොම හැලිලා, කෝටු කෝටු අතරින් හීතලත් එක්ක එන කන් පෙති කරස් ගාලා කැඩෙයි කියලා හිතෙන හුළඟට....//

      අහද්දිත් පිස්සු වගේ චෙෆාකි. මට Robert Frostගේ Stopping By Woods on a Snowy Evening කවිය මතක් වුනා.

      Delete
    4. "The only other sound's the sweep
      Of easy wind and downy flake.."

      Delete
    5. කවි ලියන්න බැරි නිසා එහෙම ලිව්වේ ඇත්තටම හිතුන දේ.....මම හරි ආසයි ඒ පරිසරයට....

      Delete
    6. චෙෆා අයියේ මාතේ බස්සියේ … අනේ වඳින්නං කියන තැනකට මයෙ දෙයියෝ වෙන දෙයක් ගැන කතාකරපල්ලා ශීත කාලෙ නැතුව … :D

      Delete
    7. හාෆෝ... පත්තරේ සීත කාලෙට කැමති නැද්ද?

      Delete
    8. මම දැක්කා පත්තරේ ඉතාලි හංදියේ ජැකට් එකක් දාගෙන, මෆ්ලර් එකක් හෙම ඔතාගෙන කටින් දුම් පිඹ පිඹ අයියා වගේ යනවා..ලස්සනයිනේ මලේ එතකොට...තව දෙමාසයයිනේ මලේ සමර්...ඉවසපන්....

      Delete
    9. බුදු අයියේ… එදාවේල හොයාගන්න අසරණයා.. නයිට් ෂිෆ්ට් එකේ පාන්දර එකට දෙකට ඕෆ් වෙලා බයික්කෙ පාරට දානකොට එනවා හුළං පාර එක්ක සීතක් ඇඬෙනවා දෙයියෝ !! අම්මපා

      Delete
    10. මහත්තයෝ..ගනින් හොඳ ඉතාලි ලෙදර් රයිඩින් කිට් එකකුයි, ෆුල්ෆේස් හෙල්මට් එකකුයි....ග්ලවුසුත් දාගත්තාම රූමයා වගේ ගියෑකිනේ එතකොට....

      Delete
  20. //කඩතොලු ඇතත්.
    පුරුදු කලබල සිහින...// බොට ඔය කඩතොලු සීන් එක අප්ෂට්ම වගේනම් බදාම ටිකක් දාලා හීනෙ කඩතොලු ටික වහලා දාහන්. වැඩේ අහවරයි :v :v

    ReplyDelete
    Replies
    1. මට කරන්න බැරිම වැඩේ ඕකනෙ. ලියන කෑලි ටික අමුණලා ඔහේ පෝස්ට් කරලා දානවා සෝදුපත් බැලිල්ලක් කරන්නෙ නෑ මලාට. අන්-එඩිටඩ් අතිශය කලබල හීන තමයි ඔයාල මේ කියවන්නෙ.
      :v

      Delete
  21. හා එහෙනං ලියන්නකො... හැබැයි මං කියන්නේ ඔය කොච්චර කලබල මැද්දේ උණත්.. කඩතොළු නැති අපූරු හීන මවන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මම නම් හීනෙක හොඳම හරියෙ ඉන්නකොට දඩබඩස් ගාල පොළවට පාත් වෙනව මොකාක් හරි පියෙවි වැඩක් සෙට් වෙලා. එහෙම කවුරුත් පියවි ලෝකෙට ඇදල දාන්නෙ නැත්නම් මටත් පුලුවන් පට්ට ක්‍රවුඩඩ් කෝච්චියක ඇඟිලි තුඩු වලින් ඉස්සිලා අල්ලගෙන හිටගෙන යද්දි උනත් හීන දකින්න. (කෝච්චිවල හීන දැකීම භයානකයි හැබැයි අත්දැකීමෙන් කියන්නෙ. සීමිත නැවතුම් උනොත් එහෙම අති භයානකයි.)

      Delete
  22. මාරි බිස්කට් දිලා බේරෙන්ඩ උඹ හිතුවා මදී පෙට්ටියෙන් නැගිටවලා කඩේ අරිනවා සොකලට් බිස්කට් ගේන්න දැන ගනින් පණු බස්සි..... උඹ නොමැරි හිටපන් අපේ කයි මඩුව බිද වට්ටන්න බෑ නොවෑ අර ඉවාන් ගොට්ටට මඩ ගහන්න තියෙන එකම චැන්ස් එක මිස් වෙන්න දෙන්න හොද නෑ ඔව් ;)

    ReplyDelete
  23. අනිවා ඕකාව කවි මඩුවෙ මඩ බාල්දියකින් නාවල මිස මැරෙන්නෙ නෑ.. ඔව්.

    ReplyDelete
  24. ඔන්න බං මැරෙනකංම ලියහං..

    ReplyDelete
    Replies
    1. මලාට පස්සෙ හොල්මනක් වෙලා උඹලගෙ බ්ලොග් වල බයහිතෙන කොමෙන්ට් දාන්නම්! :P

      Delete
  25. සෙනසුරාදා දවසක ඕනි දෙයක් ඈ... නැත්නම් සතියේ දවසක හත්දවසේ දානේ සෙට් වෙනවා කියන්නේ...මෙලෝ රහක් නැති වෙනවනේ

    ReplyDelete
    Replies
    1. අනේ නකෝ සින්දුවෝ.... මං හිතුවෙ සෙනසුරාද මැරෙන්න කිවුවෙ නයිට ගහන්න කියල. බලද්දි මුන්දැට ඕනෙ දානෙ කන්න! හ්ම්ම්හ්!

      Delete
  26. පෝය පන්නල මැරියං ඈ.… :D

    ReplyDelete
  27. කලබල සිහින මෙහෙම නම් සුදෝ උඹ කල්පනා කරලා ලීවොත් කොහොමට තියේද...
    මට නම් උඹේ කොයි හීනෙත් ලස්සනයි බං ...බොක්කෙන්ම කිවුවේ...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු රෙහානි අක්කියා....
      මං දන්නවනෙ ඔයා හොඳක් තිබුනත් නරකක් තිබුනත් කෙලින්ම කියනවනෙ.

      Delete
  28. ලස්සනට ගලපලා තියනවා, ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු ධනුෂ් කොල්ලෝ....

      Delete
  29. ලස්සෙට තව 67 යි මොකද කියන්නේ අද පාර්ටියක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. 32 යි බොලව්...

      Delete
    2. දහසකුත් බාදක, කටුකකම්, කෙනිහිලිකම්, තර්ජන ගර්ජන, ගල්, මල්, සුභපැතුම්, කතථන්දර, කවි මැද..
      හිට්ස් ලක්ෂයක් පසුකල බස්සිගේ නවාතැනට..

      මාගේ උණුසුම් සුභපැතුම්.....

      ජ ය වේ වා !!!

      Delete
    3. ජය වේවා !!!!!!!!! :D :D :D

      Delete
    4. ආයිබෝ වේවා … ජය වේවා …

      මේං පත්‍තරයාගෙනුත් ගින්දර වගේ සුභපැතුම් බස්සි මචං … ඔහොම යං එල කිරි වගේ !!!!!!!

      අපිට ඉතිං කේක් නං නැතත් කාරි නෑ … මේ මේ … … මේ … :D

      Delete
    5. හම්මේ මෙයා කවුන්ට්ඩවුන් එකක් දීලා! තැන්කිවු විදානේ...

      ලස්සෙ කියන්නෙ මහලොකු ගානක්යෑ අනේ. මාතලන් බොස් ළඟදි මිලියනෙත් සැමරුවෙ. අන්න ඒවටනෙ පාර්ටි දාන්න ඕනෙ.

      Delete
    6. තැන්කිවු ගොලුබෙල්ලෝ....

      Delete
    7. පත්තරේ උඹට නම් පාර්ටියක් දෙනවා! ලස්සෙට නෙමෙයි. ඔයා අපේ පොදු හතුරා ඉවානයට මාස එකහමාරකට නැගිටින්න බැරිවෙන්න ගේමක් දීපු එකේ සතුටට!

      Delete