Wednesday, October 1, 2014

මුතු ඇටේ දැන් කාකි පාටය

~ Torture is not a crime, 
it’s a way of life in Sri Lanka! ~




"පෙරදිගම මුතු ඇටය මේකය
අපේ රට පින් පාටය"
ඉස්කෝල හාමිනේ කී හැටි
තාම බට්ටිට මතකය


ඒ වුනත් බට්ටිගේ නිවහන
කලු අඟුරු දැලි පාටය
තාල නැති සිංදුවක් අල්ලන
අප්ප මරුමුස් පාටය
ලිපේ ගින්දර වැදිල වැදිලම
අම්මත් අඟුරු පාටය


වළං කටු කුස්සියේ ඉහිරුන
දවස් බඩගිනි පාටය
ප්‍රජාචාරය උගන්නනකොට
කෑලි ගිය බත් වළඳ වාගෙම
අකුරු එහෙ මෙහෙ විසිවිය
ඇහිඳගන්නට පණත් මදිවිය



හදවතේ අළු දුඹුලු මැද්දට
රෝස සුවඳක් මුහුවිය
ඒ දවස්වල දැකපු, පෙන්නපු
හීන සේරම රෝස පාටය
හීන ලෝකෙට පාර කැපුනේ
කට්ට කළුවර රෑකය


සූස්තියෙ ගන සැර දුමාරෙට
රෝසපෙති අවපැහැ විය
ඒ වුනත් කුස අරා පැතිරුණ
පැතුම කිරිසුදු පාටය


කට කැඩුනු කිරි හිඳුනු මුට්ටිය
ගඟේ පහළට පාවිය
පැටවු එක්කල ගඟේ යන්නට
ඈට හිතුනේ නෑමය
අන්න ඒක (ලු) ලොකුම පාපය!


“ගෙවන මුදලට පමණි සේවය”
ඉගෙන ගත්තේ එහෙමය
“ආයෙ උඹලට ණයට දෙන්නෑ”
කඩෙන් කිවුවේ එහෙමය
පිටි පැකට්ටෙක, හාල් තුනපහ
ලැබුනෙ නිල් කොලවලටය
කොහොම කොතැනින් අතට ආවත්
මොණර කොල නිල් පාටය


ණයටවත් බඩු දෙන්නෙ නැතිකොට
නිකං දෙන එක පාඩුය
බට්ටි දැනගෙන උන්නෙ නැතුවට
මුතු ඇටේ දැන් කාකි පාටය
ඒ  වගේ සුළු කාරණා ගැන
නොදන්නාකම බොහොම දරුණුය
ඒ නිසා දැන්
ඇගේ වැළමිටි
දණිස් පොල්කටු
තාර පාටය




ෆෝන් කැමරා කාච අතරේ
ඇඳුන සල රූ වීර පාටය
මුතු ඇටේ සමහරක් පිරුවට
ගෑණු ගුටිකනු දැක කෙලින් විය
'පෝර්න් වලටත් වඩා ආතල්'
තලුමරන තිරිසනෙක් කෙඳිරිය




ඉතින් දැන් මිණිපුරේ බට්ටී
රටම අඳුනන "වේස ගෑණිය"
යුනිෆෝම්වල කාකි පාටට
ලෝහ තරුවල රිදී  පාටට
රටම වැතිරී වඳිනවාලු ය.




තැලෙන උන්ගේ රුහිරු ඉහිරී
හෙට අලුත් මල් පිපෙනවාමය
කඳුලු දහදිය පින්න විසිරී
ඒ අලුත් මල් තෙමනවාමය
මුතුඇටය රතු පාට වෙනතුරු
රක්ත තප්තව දිලෙනවාමය.

 





77 comments:

  1. බොක්කටම වැදුණා.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දොරා මල්ලි. :)

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. කියන්න දෙයක් නෑ බස්සී.. සුපිරිම සුපිරියි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... හ්ම්ම්ම්.....
      තැන්කූ තැන්කූ විදානේ....!!!

      Delete
  3. අනර්ඝයි බස්සියෝ...!!

    ReplyDelete
  4. ෆට්ට කියන එකේ උපරිම එක අක්කියෝ එක කියන්න මට වචන නෑ..බොක්කටම වැදුනා

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රොෆා මල්ලි. :)

      Delete
  5. අක්කේ බලාගෙන පරිස්සමින් හොදේ !!!
    සුදු වෑන් එකක් එයි හොදේ ................................
    බුදු සරණයි දෙවි පිහිටයි අක්කේ ....!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් හොඳයිනේ එනවනම්. එතකොට කිවුවැකි තෑන්ක්ස් අයියේ මාව ඔෆිස් එක ගාවින් ඩ්‍රොප් කරන් යන්නකෝ කියල. :P

      මල්ලි කාලෙකින් මේ පැත්තෙ ඇවිල්ල වගේ.. :)

      Delete
  6. අනේ මන්දා අක්කේ මේ අමුතු ඇටේ ඉන්න උන්ට කවදා තේරුම් යයිද කියලා

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කොච්චර කතාකලත් පලක් නැති පාටයි නාඩියෝ

      Delete
  7. //තැලෙන උන්ගේ රුහිරු ඉහිරී
    හෙට අලුත් මල් පිපෙනවාමය
    කඳුලු දහදිය පින්න විසිරී
    ඒ අලුත් මල් තෙමනවාමය// මරු!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ කුරුට්ටියෝ.... :)

      Delete
  8. කාකි පාට ඒ හැමදාම මඩ නාගන්න නිසානේ බට්ටියෝ..... වාරියපොලෙන්වත් පාඩමක් ඉගෙන නොගත්ත සමාජයනේ..... අපි තාමත් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. කාකි පාට එන්න එන්නම මඩ පාටට කිට්ටු වෙනබවනම් ඇත්ත නිහිංසා....

      Delete
  9. සිද්ධියෙන් දිගු කතාවක් ගොඩනගා ඇති හැටි අපූරුය... බට්ටිගේ ඉතිහාසය දක්වා ඇති ආකාරය නම් බොහොම නිර්මාණශීලීය. මෙන්න මේ කවිය තුල මට නම් හැමදේම ගැබ් වෙලා තියනවා...

    //ණයටවත් බඩු දෙන්නෙ නැතිකොට
    නිකං දෙන එක පාඩුය
    බට්ටි දැනගෙන උන්නෙ නැතුවට
    මුතු ඇටේ දැන් කාකි පාටය
    ඒ වගේ සුළු කාරණා ගැන
    නොදන්නාකම බොහොම දරුණුය
    ඒ නිසා දැන් ඇගේ වැළමිටි
    දණිස් පොල්කටු තාර පාටය//

    ඇත්තටම බස්සි පහුගිය කාලේ සම්මාන දිනපු පොත් වලින් උපුටා දැක්වුණු කවිත් එක්ක ඉතා කිට්ටු මට්ටමක මේ කවිය තියනවා.

    නමුත් මේ කවියේ තියන ගොඩාක් හොඳ අතරේ මට දැනුණු පොඩි පොඩි අඩුපාඩු ටිකකුත් කියන්නම්...

    //"සූස්තියෙ ගන සැර....//
    මෙන්න මේ කවිය, කවි පංතියට ලොකු අගයක් එකතු කරනවා කියලා මට හිතෙන්නේ නෑ. ඒ වගේම සූස්තිය කියන වචනෙත්, මුළු කවි පන්තිය එක්ක නොගැලපීමක් තියනවා කියලා දැනෙනවා.

    සමහර වෙලාවට බස්සිගේ ජජ්මන්ට් එක ඉස්මතු වෙන වෙලාවල් තියනවා...

    //අන්න ඒක (ලු) ලොකුම පාපය!// - මේ කොටස නොතිබුණා නම් හොඳයි...

    //'පෝර්න් වලටත් වඩා ආතල්'
    තලුමරන තිරිසනෙක් කෙඳිරිය// - මේ කවියෙම කලින් පදයක පිරුවට ඉස්සෙන එක ගැන කියන විදිහ හොඳයි... නමුත් මෙතන තිරිසනෙක් නැතුව වෙන පදයක් භාවිතා කලා නම්, මේ වගේ කතා කියන්නේ අපි අතරම ඉන්න අපේම කට්ටිය කියන අදහස මතු කරන්න තිබ්බා...

    මේ වගේ සිද්ධි නිසා ඇතිවෙන ආවේගය උඩ බස්සි අන්තිම කවිය ලිව්වා වෙන්න පුළුවන්... නමුත් යථාර්ථය බස්සිම උඩින් දක්වලා තියන "~ Torture is not a crime, it’s a way of life in Sri Lanka! ~" නෙවෙයිද? මට හිතෙන්නේ අන්තිම කවිය නොතිබ්බා කියලා අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර. කවියේ අඩුපාඩු පෙන්නල දෙන මේ වගේ විචාර මට මාර වටිනවා.

      මේ සිද්ධියට අදාළ වීඩියෝව බැලුවත් වැඩ අධික නිසා විස්තරයක් කියවන්න විදියක් නැතුව හිටියෙ. ඒත් මාතලන්ගෙ පෝස්ට් එකෙන් පස්සෙ මේක ගැන මාධ්‍යවලින් වාර්තා කරපු දේවල් කියෙවුවා. ඒ වාර්තාකරණයේ තිබුන පටු අරමුණුත්, ගොසිප් සයිට් වල උන් මේ ගැන දක්වපු පහත් අදහසුත් දැක්කම ඇත්තටම සිද්ධවුනේ ආවේගයෙන් ලියාගෙන ලියාගෙන ගිය එකයි. ඒ නිසාම කවියක් ඇතුලේ රැකගත යුතු සංයමය බිඳී ගියාදෝ කියල මටත් හිතුන.

      //අන්න ඒක (ලු) ලොකුම පාපය!//
      එඩිට් කරලා යලිත් පල කරන්න වුනොත් මේ කොටස වෙනස් කරනවා අනිවාර්යයෙන්ම. ඒකෙන් කවියෙ රිද්මයත් අවුට් යනවා කියල හිතෙනවා.

      //සූස්තියෙ ගන සැර දුමාරය//
      මේක ගැන වෙනස් විදියකට ලියන්න ඕනෙ කියල හිතුන. ඒත් ඉතින් ඒවා ගැන දැනුම බොහොම අඩුයි. එතනත් අඩුවක් තියෙන බව පිළිගන්නව.

      "තිරිසනුන්" කියන වචනෙට වඩා වචනයක් ඒ අදහස් දැකලා කලකිරීමෙන් ඉන්න මට තවම ඔලුවට එන්නෙ නෑ තිසර. පස්සෙ හෙමිහිට කල්පනා කරන්න ඕනෙ එතනට වෙනසක් අවශ්‍යද කියල.

      අන්තිම කවිය මුලදි මම කියපු එකත් එක්ක conflict වෙනව. ඒත් Tortuer being a way of life කියන එකේ අවසාන පිපුරුම මේක විය නොහැකිද?

      Delete
    2. @ B,
      කවි නොකියවන කියෙව්වත් නොතේරෙන මටත් තේරෙන සහ රස විඳියහැකි කවි ටිකක්.

      @ T,
      ඒවගේම කාලෙකින් කියවපු හොඳ විචාරයක් (සූස්ති ගැන බස්සි සමග එකඟයි. ලියන්නාගේ ජජ්මන්ට් අමුවෙන් ඉස්මතු නොවියයුතුයි කියන එකට නම් 100% තිසර සමග එකඟයි. ) අර නලින්ගේ බ්ලොග් එකේ පොත් විචාර ලියන්නකො තිසර. ඒ ලියන මෑන්ට වඩා තිසරට දාස් ගුනයක් හොඳට පුලුවන්

      Delete
    3. @ ප්‍රා : බොහොම ස්තූතියි!!

      @ තිසර :

      // නලින්ගේ බ්ලොග් එකේ පොත් විචාර ලියන්නකො තිසර// මටත් ප්‍රා කියපුදේම හිතුනා අනේ. අද විචාරකයො වැඩිහරියක් දෙනා කරන්නෙ ඩිස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් වලින් නිර්මාණය කරපු මනුස්සයා එක්ක ඇරියස් පිරිමහන එක නෙව.

      Delete
  10. හදවතට දනුනාය කියල විතරයි කියන්න පුළුවන්.
    ඔය වචන කිහිපයත Way of Life ම තමා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ස්තූතියි ස්තූතියි

      Delete
  11. කියෝගන්නත් නොහැකි තරමට
    අද පෝස්ට් එක තැඹිලි පාටය
    කොහොම කොහොමින් හරි කියෙව්වොත්
    පාඩුවක්නං නොමැති පාටය
    පොඩි එකෙක්යැයි කියා හිතුවත්
    බස්සි හොඳටම පැහිල පාටය
    බොලා වාගේ කෙල්ලො ඇත්නං
    මුතු ඇටේ බබලනා පාටය

    ReplyDelete
    Replies
    1. //පොඩි එකෙක්යැයි කියා හිතුවත්
      බස්සි හොඳටම පැහිල පාටය//

      :D

      Delete
  12. කියෙව්වා මං දෙතුන් පාරක්
    ඒ තරම් මට නම් අගේමය
    වදන් ඇතුලත ඔබා සඟවා
    ඇත්ත ඔබ දකිනා අපූරුව

    මෙවන් සිතුවිලි වියුනු සටහන්
    අතර නුදුටිමි අන් තැනක නම්
    නැවතුනා හිත, ගැස්සුනා ගත
    බස්සීට මේ මගේ සැලියුට් !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අයියේ... :) :)

      Delete
  13. තිසරගේ අදහසට මම එකඟ නෑ.. සමහර විට තිසරට එහෙම හිතෙන්න ඇත්තේ මේක කෙල්ලෙක් ලියපු නිසා වෙන්නත් ඇති. ඒ සඳහන් කරපු කරුණු දෙකේදීම කුණු ඇත්ත අපූරුවට ලියවෙලා තියෙනවා.. තිරිසන් කියපු වචනේ නියමෙටම ගැලපෙනවා.. මොකෝ මිනිස්සුත් මේ ළෝකේ ඉන්නවා..

    බස්සි.. බට්ටිට උඹ මේ දක්වපු උපහාරය එක්සලන්ට්.. එහෙම කිව්වේ හැමදාම වල්ලා පට්ට කියලා දැම්මාම අගයක් නැති නිසා.. ඒත් කවිය තව කෙටි කරන්න තිබුනා.. එහෙම කියලා අත් හැරිය යුතු තැනක් පෙන්නනත් බෑ.. මම හිතන්නේ බට්ටිගේ කතාව විතරක් ලිය උනා නම් ඇති.. මම බය නැතිව දීපූ විවරණයට වටිනාකමක් දෙවට බොහෝම ඉස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අපේ කාලයේ මොනිකා රුවන්පතිරණ ..... බස්සි

      Delete
    2. තිසරගේ සමහර අදහස්වලට මම එකඟයි. මේ කවියෙ සමහර කොටස් අපිළිවෙලයිනේ....

      //මම හිතන්නේ බට්ටිගේ කතාව විතරක් ලිය උනා නම් ඇති..//
      එතැනින් එහාට ලියපු සමහර කොටස් බලෙන් ඔබ්බවලා වගේ නේද? බලමු. එඩිට් කලයුතු කොටස් තියෙනවා.

      මේක ගැන නොලියා ඉන්න හිතන් හිටියෙ. ඒ අදහස වෙනස් කලාට ස්තූතියි මාතලන්!!

      Delete
    3. ඉවාන් : මුරුංගා අතු හයිය නෑ මචං :P

      Delete
  14. අපූරුයි කියල තමයි කියන්න තියෙන්නෙ ඒත් හොදටම වැදුනෙ මෙන්න මේ කොටස

    "ණයටවත් බඩු දෙන්නෙ නැතිකොට
    නිකං දෙන එක පාඩුය
    බට්ටි දැනගෙන උන්නෙ නැතුවට
    මුතු ඇටේ දැන් කාකි පාටය
    ඒ වගේ සුළු කාරණා ගැන
    නොදන්නාකම බොහොම දරුණුය
    ඒ නිසා දැන්
    ඇගේ වැළමිටි
    දණිස් පොල්කටු
    තාර පාටය"

    මුතු ඇටේ කාකි පාට වුනොත් නම් ඉවරෙට ඉවරයි.දකුණු ඇමරිකාවෙ ,පාකිස්තානෙ හමුදා ආණ්ඩු යටතේ සාමාන්‍ය ජනයා දැඩි පීඩනයකට පත් වුනා.අපේ රටේ ජනතාව මෙහෙමවත් දෙපයින් ඉන්නෙ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය,ජාත්‍යාන්තර ඇගිලි ගැසීම්,ජනමාධ්‍ය නිසයි.රට කාකිපාට වුනොත් නම් වහ ටිකක් කාල මූදට පනින්න වෙන්නෙ

    ReplyDelete
  15. එල ද බ්‍රා..උඔගේ හැකියාව එල ද බ්‍රා..
    කියන්න ගොඩක් දේවල් හිත තුල තිබුනට ඒවා අකුරැ කරන්න උඔට රම් හැකියාවක් නැතත් උඔ ගැන ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩියා.... :)

      Delete
  16. බස්සිගෙ කතාව සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්! ගොඩක් කාලෙකින් දැක්කෙ.

      Delete
  17. උපරිමයි බං!

    මගේ හිතට එක පාරම ආවෙ බට්ටිට මෙය දැකිය හැකිනම් කියායි!!!!

    නියමයි බස්සි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියෝ.... බොහොමයක් ගණිකාවන්ගේ කතාව මේ වගේමයි නේද?

      Delete
  18. උඹ ඉතිං මාතගේ දැලට අහුවෙලා මාතාගේ පාරෙම පලයන්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශා! මාතලන් දැල් වියන බව මම දැනගෙන උන්නෙ නෑ. දේශාගෙන් තමයි එහෙම දෙයක් මුලින්ම දැනගත්තේ?!

      මේ මම මාතලන් මගේ බ්ලොග් එක ගැන දැනගන්නත් මාස ගණනාවකට පෙර ලියපු කවියක්.

      මහ පොළව නුඹයි

      මම යන්නේ මචං මගේ පාරේ. මම හොයාගන්න, මම කපාගන්න පාරෙ. සමහරු අකුල් දාල වහන්න හදන පාරෙ. ඒ නිසා උඹ මට //මාතාගේ පාරෙම පලයන්// කියලා දුන්නේ අවවාදයක් නම්..... වෙරි සොරි මචං මට ඒ පාරෙ යන්න වෙන්නෙ නෑ.

      Delete
    2. දේශාට දෙකක් දෙන්න ඉන්නේ මං :( හතුරා :D

      Delete
    3. මාතා දැල් වියන්නෙ මූදු යන්ටැ ?? :D :D

      Delete
  19. මේකට 100% ම සමපාත නොවුනට ,මේ කවිය කියවද්දී මට මතක් වුනේ මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ අත්තම්මා කාව්‍යය .

    රෝස පාටින් ගවුම් රතු රිබන් කොණ්ඩ මල්
    අන්දවා පියරු දා සමනලිය සේ හැඩට
    අම්ම - පුංචම්මලා අතිනතට ගත් එකල
    මට අයිති නොවීමය පුංචි බෝනිකි සිරුර

    යවනයෙ මල් වනයෙ මංමුළා වුණු දවස
    රූප ලාවන්‍ය දැන ගාන තෙල් අඳුන් සොඳ
    ප්‍රේමයේ දෙවොල තුල මහා පූජාවකින්
    මගෙ සිරුර යාවජීවයෙන් ගියෙ ඔහු වෙතට

    පුළුලූකුල දරු වඩන තොටිල්ලක් වූ දවස
    යකට විටමින් මේද නහර වැල් පණ පොවන
    හරවමින් ලෙය කිරට රැයින් රැය නිදිවරණ
    සිරුර මගෙ දරුවනට යහන විය සුව සදන

    වාරු නැති අතට අද ඉතින් දරු බරක් නැත
    හිස් දෑත දකින්නට ළං වෙනා ඇසක් නැත
    හසුරුවන්නෙකු නැතිව තනිව යන ගැලක් ලෙස
    මහලූ සිත කය හිඳියි මටම වුවමනා ලෙස

    වැටෙන්නට ලිස්සන්ට ඉඩ නොදී සිටිමි කය
    සසලවන්නට නොදී සැහැල්ලූව තබමි සිත
    මහලූ කල මට ලැබුණු නිදහසම නිසා නොව
    වැඩුණු දරු කැළ සමඟ දිනක් හෝ හිඳින්නට

    රචනය- මොනිකා රුවන් පතිරණ .

    බස්සි , උඹ මේ බ්ලොග් වලට වටිනාකමක් එකතු කරනවා, මේවා සමාජය ඇස ඇරවන නිර්මාණ . සරල රසවින්දනයේ ඉඳන් ඉතාම විප්ලවීය, සමාජය දැනුවත් කරන, හරවත් වගේම කාලීන නිර්මාණ උඹ අතින් බිහිවෙනවා, මේ පරාසය හිතාගන්නත් බැරි තරම් විශාලයි. මේ කවි දැක්කා නම් වැඩියෙන්ම සතුටුවෙන්නේ උඹේ තාත්තා . තාත්තාගේ ආභාෂය ඊටත් ඉහලට ගෙනියන එක ගැන ඊටවඩා සතුටුවෙන්න පුළුවන් කෙනෙක් නෑ.
    මං දන්නවා මේ උඹේ හොඳම එක නොවන බව , ඒවා තව ඉදිරියට ... ජයෙන් ජය .... වස්සි ...ආ සොරි බස්සි

    ReplyDelete
    Replies
    1. නිර්මාණය බාගයක් හරි.. බාගයක් ගැන දන්නේ නෑ.. ඒක නිසා සාර්ථකයි කියන්න බෑ..

      Delete
    2. මොනිකා රුවන්පතිරණ; මම පුංචි කාලෙ ඉඳන් ආදරේ කල කිවිඳියක්. කවි පන්තිය මෙතැන පල කෙරුවට බොහොම ස්තූතියි ගෙඹිලූශෝ.... අහ් සොරි පවුලූශෝ....!

      අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් කුරුටුගාන්න පුලුවන් වුනේ තාත්තා නිසානෙ. මමත් හිතනව තාත්තා සතුටුවෙයි කවියත්, කමෙන්ට්සුත් කියෙව්වම. මේ මගේ හොඳම කවිය නෙමෙයි, හොඳම කවි කියලා ජාතියක් නෑ. තියෙන්නෙ බලෙන් ලියන කවි, ඉබේ ලියවෙන කවි, කවි වගේ පේන කවි සහ "කවි".

      Delete
    3. //නිර්මාණය බාගයක් හරි.. බාගයක් ගැන දන්නේ නෑ.. //

      තේරුනේ නැහැ දේශෝ..... හරි බාගය මොකද්ද, නොදන්න බාගය මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

      සිංහල සාහිත්‍යය විෂයයක් විදියට හදාරල නැති මගේ මෝඩ මොලේට වැටහෙන විදියට නම්, වඩා වැදගත් වන්නේ එය "නිර්මාණයක්" වීම මිස solid evidence මගින් 100% ක් නිවැරදියි කියලා ඔප්පු කරන්න හැකිවීම නෙමෙයි.

      Delete
    4. දේශා - //"නිර්මාණය බාගයක් හරි.. බාගයක් ගැන දන්නේ නෑ.. ඒක නිසා සාර්ථකයි කියන්න බෑ..""// මම උඹ තරම් ප්‍රබුද්ධයෙක් නොවෙන නිසා මටනම් මේක හොඳයි , සාර්ථකයි . අනික මටත් පොඩි ඉරිසියාවක් ආවා බස්සිගේ මේ ටැලන්ට් එක දැකලා ඇත්තමයි .

      Delete
    5. බොලාට දෙයක් කියන්න බෑ.. ඒක නිසා ආයි කියන්නෑ.. එච්චරයි..

      Delete
    6. ඉතින් දේශා තේරෙන භාෂාවෙන් මුකුත්ම කිවුවෙ නෑනෙ? අඩුපාඩුවක් පෙන්නලා දීමේ කලාව කියන එක තිසරගෙ කමෙන්ට්ස් බලලා තමයි මමනම් ඉගෙනගත්තෙ.

      Delete
    7. ඉතිං උඹ කිසි දෙයක් කියලා නෑනේ, නිකම්ම අසාර්ථකයි කියනවා , අසාර්ථකයි නම් හේතුවක් කියපං , අර තිසරගේ කමෙන්ට් එක බලපන්, අන්න එහෙමයි විචාරයක් හරි විවේචනයක් හරි කරන්නේ . බස්සි කියන්නේ මහා ලොකු කවියෙක් නෙවෙයිනේ , ඒ නිසා අඩුපාඩු ඇති . ඒත් විචාරය හරි විවේචනය හරි ක්‍රමවත් වෙන්න ඕන . තිසර , ප්‍රා ජේ සහ යකා ඔය ටිකම කියලා තියෙන විදිහ බලපන්, අන්න ඒක තමයි නිර්මාණ කරුවෙක් බලාපොරොත්තු වෙන්නේ , නිර්මාණයක් විවේචනය කරන්න ඕන නිමාපකයා දිරිමත් කරන්න ,වැරදි අඩුපාඩු පෙන්නන්න මිසක් නිර්මාණ කරුවා විනාශ කරන්න නම් නෙවෙයි මං හිතන විදිහට .
      තරහ වෙන්න නෙවෙයි හිතට ආපු අදහසක් කිව්වේ . මමත් වැරදි වෙන්න පුළුවන්

      Delete
  20. උඹ එන්න...එන්නම....සිංහල බොග ආලෝකමත් කරන ........එකම "තරුව" වෙලා......
    සතුටුයි''''''''''''''''''''!
    කෙල්ලන්ගෙ ........................ හොදේ...................... හෙක්....................හෙක්..............

    ReplyDelete
    Replies
    1. තරු ගොඩක් තියෙන්න ඕනෙ නේද අහස ලස්සන වෙන්න? මම නම් ගොඩක් ආසයි උපේක්ෂාගෙ බ්ලොග් එකට. ඒක නිතරම අප්ඩේට් වෙනවත්නෙ.

      තැන්කූ කෙන්ජයියේ....

      Delete
    2. //ඒක නිතරම අප්ඩේට් වෙනවත්නෙ// අපිත් එහෙමයි, නෙහ්... :P
      මෙන්න හොඳම එක !!!! http://chaprasanna.blogspot.com/2013/06/blog-post.html

      Delete
  21. සුලන් කැළඹිලි මහා පොලවට හුරුය
    හෙනද සමගින් මහා වැසි ඇද වැටේය
    බොර දිය ඒ කවදත් බොරම පාටය
    පහත් තැන් තලා පොඩිකර ගලාය

    තලන්නට පෙර යකඩය රත් කෙරේය
    තලනා කලට කිනිහිරටද එය දැනේය
    තල තලා හොඳ හැටි තලේදැයි බැළේය
    තැලෙනා යකඩෙට මිටියෙත් පහර වැදේය

    තොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය
    කට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූය
    යක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේය
    ආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේය

    බඩගින්නට ඇඟේ මාළු විකුණන එකිට කියන්නේ වේසි
    වේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසී
    ඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසී
    පීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසී

    දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්
    කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන්
    ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින්
    මක් කරන්නද කියනු මිස මෙවන් උන් හට තූ නොදකින්

    තලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙද
    මුවහත් යකඩ ගෑවුනත් කැපෙනවා නොවෙද
    වේසිය උනත් ඒ තවත් ගැහැනියක් නොවෙද
    වෙසිට තැලූ එකා වේස බල්ලෙකු නොවෙද

    ReplyDelete
    Replies
    1. අපූරුයි සොමියෝ....!!!

      Delete
    2. ස්තුතියි බස්සි අක්කා

      Delete
    3. සොමියා එලද බ්‍රා (මෙන්ඩියාගෙන් සොරා ගන්නා ලදී)

      Delete
    4. බස්සි අක්කා දේශක අයියගේ හිත රිදිලා, ඔන්න අපි ඕවට නැහැ හරිය,

      Delete
  22. Replies
    1. බොහොම ස්තූතියි චමී...! කාලෙකින් නේද?

      Delete
  23. හිතට ආපු හැඟීම් එක වචනෙකට ගොනු කරලා, ඔබගේ නිර්මාණය " විශිෂ්ටයි " කියලා තමා කියන්න තියෙන්නේ....

    තව තවත් විශිෂ්ට නිර්මාණ සිය දහස් ගණනක් බිහි කරන්න ශක්තිය ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු....!! :)

      Delete
  24. බස්සි කොහේදෝ ගැඹුරුම තැනකට දැනුනා
    බලාගෙන ගියාම පාට පාට ලෝකයක්

    ReplyDelete
  25. ඔයාගෙන් දැකපු විශිෂ්ටම නිර්මාණයක්....!!!
    ජය වේවා...!!!

    ReplyDelete
  26. මුතු ඇටේ කාකි පාටයි,රටම සාටකේට යටයි,ඉතින් කොහොමද නීතියක් සධාරණත්වයක් ගැන බලාපොරොත්තු තියා ගන්නේ මේ රටේ.රත්තනපුරේ ඉන්න මැටි හරක් ටිකක් ඊයේ අර උද්ඝෝෂණ කෙරුවේ පොලිස්කාරයා කරපු කියලා.මුන්ට තේරෙන්නේ නැතිද බං උන් නොදැනුවත්වම කරන්නේ අර පිත්තල බොත්තම් කාරයාට උඩගෙඩි දීමක් කියලා.

    ReplyDelete
  27. අමුවෙන්ම කීම සහ ව්‍යංගයෙන් කීම අතර වෙනසක් තිබේ. ව්‍යංගෙන් කී කොටස අනර්ගය. එය හැකියාව ලෙස නම් කල හැක. අමුවෙන් කියන්නට ඕනෑම කෙනෙකුට හැකි නිසා. ඒ කොටසත් දියුණු කර ගත යුතුය. තිසර උඩින් පෙන්වා දී ඇති කොටසට මමද එකඟ වෙමි. ඔබගේ ජෙන්ඩර් එක පාඨකයා දන්නා නිසා රස විඳිමේදී ඒ ගැන සිතීම වලක්වන්නට නොහැකිය. එය මේ කවිපෙලට අඩුපාඩුවක් එක් කලාදෝයි සැකයි.

    තවමත් අපි සාම්ප්‍රදායිකයි. :)

    ඒ වුනත් .... මේ කවි විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක අයියේ....

      ජෙන්ඩර් එක, සමාජ තත්වය සේරම බලද්දි කවි ලිවීම එපාවෙන තැනට වැටිල ඉන්නෙ දැන්. ඔයාල ඔහොම ජජ් කරන එක වැරදි නෑ අද මාව හොඳින්ම දන්න පිරිසකගේ ජජ්මන්ට් නිසා තවදුරටත් ලියන එක ගැන කලකිරීමෙන් ඉන්නෙ.

      Delete
  28. ගෑණුළමයෙකුට ජෙන්ඩර් එක නිසා සංයමයෙන් කවිලියන්න වුනොත් මම හිතන්නේ ඒක තමයි එයාට වෙන්න පුළුවන් ලොකුම අපහාසය... කවියක් කියන්නෙම ඒ සංයමය කඩන්න තියෙන මෙවලමක් නෙමේද...?

    මම ආසම කෑල්ල..

    කට කැඩුනු කිරි හිඳුනු මුට්ටිය
    ගඟේ පහළට පාවිය
    පැටවු එක්කල ගඟේ යන්නට
    ඈට හිතුනේ නෑමය

    ReplyDelete
  29. පෙනහෑල්ලටම වෑදුන බන්.. හිටහන් මෙ මෑහුම් දාගන්ට ඉස්පිරිතාලේ යන ගමන්. එලම කිරි බට්ටි.. සුභ..!!

    ReplyDelete