Friday, October 3, 2014

~ අපිට කොහෙ හරි වැරදුනා බං ~










බාල් නැටුමෙන් පස්සෙ
හීන් හිරිපොද වැස්සෙ
සපත්තුව මග දාල
නික්මුනා මං


පාන්දර ඉඳලාම
පාර බලමින් උන්නෙ
රජ වාසලින් පණිවිඩේ ගේනකං


හතහමාරේ නිවුස් යද්දිවත්
පෙන්නනවා දැක්කෙ නෑ
කුමාරයො අල්ලාපු තාල නං


සන්තකේටම තිබුන
රන් අරුංගල් ජෝඩුව
උගස් කරලයි ගත්තෙ
සපත්තුව මං


ලිං පඩිය උඩ ඇනතියාගෙන
හිතේ ගින්දර තුනී කෙරුවා
හූල්ලන සුසුමිං


ලිං පඩිය පිටිපස්සෙන්
කොලපාට තඩි ගෙම්බෙක්
කිට්ටු කරලා ළඟට
කෙඳිරුවා මෙහෙම රහසිං



"නැටුමට ආවෙ උඹද කියපං?
හාදු ගන්නයි ආවෙ මං.
උඹේ රන් පාවහන් දැක්කම
කුමාරියකැයි හිතුන බං!

කඳුලු හලන්න එපා දැං

අපිට කොහෙ හරි වැරදුනා බං
උඹේ කුස්සියෙ මුල්ලක
නවතින්න එන්නද මං?"



59 comments:

  1. Replies
    1. වැඩේ කියන්නේ පාවහන් ජෝඩුව මග දාලා ආපු එකනේ.. එයාට ඕන නැත්නං මොන එහෙකට අඩනවද දැං..

      Delete
    2. එයැයිට ඕනෙ නැති වුනාව මෙයැයිට සපත්තුවත් නෑනෙ දැන්.

      Delete
  2. ඔය කඳුලු පිහදගන්ට. කොහොම හරි ගෙම්ඹෙක් හම්බ වුනානේ...:P

    ReplyDelete
    Replies
    1. ඔයැයිට නං දත් දෙක ඉස්සරට ආපු ඩැරැකියුලේ කුමාර ගෙම්බෙක් ලැබුන නේ.. හැක්..

      Delete
    2. @ පොඩ්ඩි අක්කා :
      කාටද? සින්ඩරෙල්ලටද? එයැයිට ඕනෙ වුනේ කුමාරයෙක්ලු අනේ....

      Delete
    3. @ දේශා :
      ඩ්‍රැකියුලා සීන් එක තේරුනෙත් නෑ.

      Delete
    4. ගෙම්බෝ නම් වැඩක් නෑ, බස්සි ..ආදිපාද කෙනෙක් එක්ක බලකොටුවක් හදාගෙන පදිංචි වෙයං :P

      Delete
    5. ඕ යෑස්... ගෙම්බො හොඳයි උස්සං ගිහිල්ලා ලිඳට අතාරින්න.

      Delete
    6. //ඕ යෑස්... ගෙම්බො හොඳයි උස්සං ගිහිල්ලා ලිඳට අතාරින්න//

      .ඊට වඩා හොඳ දේවල් තියනව ප්‍රංශ රෙස්ටෞරන්ට් එකකටනම්

      Delete
  3. සතුටුවෙයං සින්ඩරෙල්ලෝ...
    රජවාසලට ගිහිල්ලත්....
    එන්ඩ පුළුවන් වෙච්චි එක ගැන..
    සපත්තුව විතරක් අඩුව...
    නටන්න වුනේ නෑ නේද?...
    කුමාරයොන්ගේ තාලෙට...
    යන්ඩ හිතන්න එපා..
    ආයෙත් හතරමයිමකවත්..
    උන් ගාව නෑ ආදරේ...
    උන්ට එක මස් වැදැල්ලක් විතරයි..
    උඹවත්...
    ඊට දාහක් හොඳයි..
    කොළපාට ළිං ගෙම්ඹා...
    බලාගනී උඹව ආදරෙන්...
    කන්ඩත් මොනව හරි ගෙනත් දෙයි..
    වේලක් ඇර වේලක්වත්...
    හිත හදාගෙන ඉන්න බලපන්..
    දරු පැටියෙකුත් හදාගෙන හුරතල්..
    ආබරණ නැතුවට කමක් නෑ..
    ලස්සනයි උඹෙ මූණ තාමත්...
    උඹට වරදින්නෙ නෑ..
    දෙයියන්ගේ පිහිටෙන් බුදුන්ගේ සරණින්...

    ReplyDelete
    Replies
    1. මල් මසුරං මස්සිනේ..

      Delete
    2. අපූරුයි කල්‍යාණමිත්‍ර!

      සින්ඩරෙල්ලාගෙ අඩුපාඩුව පෙනුනට කාටවත් කුමාරියන්ගෙන් හාදු අරන් කුමාරයෙක් වෙන්න හදන ගෙම්බගෙ අඩුපාඩුව පෙනිල නෑ නෙව!

      Delete
  4. කවි ටික නම් රහයි ය. මෙන්න මෙහෙම ආවා නම් හොඳයි නොවෙද කියාත් හිතුනා ය. //තාල හෙම නං, අරුංගල් ජෝඩුවම //

    ඒත් කවියෙන් මේ කියන්නෙ මොකක්ද කියල නම් තේරුනේ නැතිය. ආයෙ කියවා බලන්නම් ය. :)

    ReplyDelete
    Replies
    1. ඔහේ ලියාගෙන ගිය එකක්නෙ චන්දන අයියේ... විරිත් ගැන හිතුවෙ නෑ.
      තැන්කූ හොඳේ.....

      Delete
  5. කුමාරයයි උපන්දිනේ මන් උගෙත් එක්කනෙ බාල් නැටුවේ
    ඌට නොවෙයි මට වෙන්නැති බාල් නටලත් හතිය වැටුනේ

    කුමරු නැටුවේ මගේ තාලෙට කියල නොවැ මන් හිතන් උන්නේ
    උගේ තාලෙට මමම නටලනේ මමත් නැහැ එය දැනන් උන්නේ

    තරුකැට වාගෙමයි රැයට දිලෙනා උගේ ඇඳුමේ මිණිකැට
    රැයටමනේ වැටෙන්නෙත් මගේ දෙකොපුලේ රැඳී පිනිකැට

    ඌට ඉහලුනේ යනෙන ගමනේදී තේජසින් පිරි මුතු කුඩ
    මෙමට තිබුනද ඉහල ගන්නවත් වැස්සකට හරි කළු කුඩ

    උකස් කරලා පයේ ලෑවේ සපත්තුව සන්තකටම තිබී අරුන්ගලේ
    උඩ ගිහිල්ලා රැඟුම් පෑවට වාගේමයි නොවැ රැහැන බිදි සරුංගලේ

    වැරැද්දක් ඇත්නම් කියලා දීපන් මට කොහේදැයි වැරදුනේ
    දැක්කට හීන වරම් නොමැති මම දුප්පත් නිසාදැයි පැරදුනේ

    ReplyDelete
  6. කියන්න බෑ..ගෙම්බත් සාපෙකට අහුවෙච්ච කුමාරයෙක් වෙන්ටෑ..හාද්දක් දීල බැලුවනං දැනගන්ට තිබ්බ.. :P :P
    මරු ඈ බස්සියෙ...

    ReplyDelete
    Replies
    1. සින්ඩරෙල්ලා කුමාරියෙක් නෙමෙයිනෙ ඉතින්.

      තැන්කූ සංචා....!!

      Delete
  7. කුරුලු නිස ලියවෙච්ච එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම්. කුරුලුගෙ "අපිට කොහෙ හරි වැරදිලා ඇති" කවි එකතුවට ලිවුවෙ. බුකියෙ කවියො එකතුවෙලා කරන හොඳම වැඩක්.

      Delete
  8. උස අත්තක මලක් වෙන්න
    හිත ඇතුලේ උපන් හීන...
    කටු අත්තක පැටලිලාද..
    උපන් ගෙයිම මියැදිලාද..

    ලස්සනයි බස්සි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  9. හි.. හි.. ක්‍රියේටිව් අදහසක්... නියමයි..

    ReplyDelete
  10. සමහර වෙලාවට ගෙම්බාට හිතෙන්න පුළුවන් ,කුමාරිගෙන් හාදු අරන් කුමාරයෙක් වුනාට වඩා හොඳයි ගෙම්බෙක් වෙලාම හිටියනම් කියලා...

    ReplyDelete
    Replies
    1. කුමාරයෙක් වෙන්ඩ නං ඕන් නෑ. ඒත් හාදු එපා කියන එක අපේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි … චැහ් .
      ඒව පව් වැඩ …

      Delete
    2. ඕව හිතෙන්නෙ ළිඳ ඇතුලෙ ඉද්දි විතරලු බං. එහෙමද හාදු අරං කුමාරිගෙ රටට යන්ඩ චෑන්ස් එක ලැබුනම!

      Delete
  11. මම හිතන්නේ මට්ටි කියලා තියෙන්නේ.. හම්බ කරන සකල සබ්බ මනාවම වයිවාරන විච්චූරන.. සක්කරවට්ටං අරුමෝසම් වලට වියදම් කරණ අහිංසක කෙල්ලෝ ගැන වෙන්න ඕන.. ඇත්තටම පව් උන්ගේ සිහින මාලිගා.. හරියට හින්දි ෆිල්ම එකක් බලලා අඬ අඬා එන කෙල්ලෝ වගෙ.. එහෙම නැත්නම් බෲස්ලීගේ ෆිල් එකක් බලලා වලියක් දාගන්න එන කෙල්ලෝ වගේ..

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ දවස් වල වලි දාගන්න ගියේ ජැකී චෑන් ගේ ඒවා බලලා , දැන්නම් ජැක්ලින්ගේ ඒවා බලලා :P

      Delete
    2. අන්න ඒ වගේ සින්ඩරෙල්ලා වෙන්න යන කෙල්ලො ගැනත්, කුමාරියෙක්ගෙන් හාදු අරන් කුමාරයො වෙන්න යන කොල්ලො ගැනත් තමයි කියන්න යන්නෙ. :)
      මට්ටි? :(( මැට්ටි කියන්න ගිහින් වැරදිලාද මන්දා! :O

      Delete
  12. එතකොට රෑ කෙල්ල ගෙම්බ එක්කද නැටුවෙ? ඔන්න ඔය ඉතිරි සපත්තුව අස්සට ගෙම්බ දාල අංශක 45 කින් ප්‍රක්ෂිප්ත කරන්න.

    ReplyDelete
    Replies
    1. කුමාරය වගේ ඇන්දම ගෙම්බව අඳුනගන්න බැරුව ගිහින් ලු.

      Delete
  13. ගෙඹි කුමාරයෙක් හම්බුනානෙ. වැරදිච්ච තැන් හදාගමු හෙමිට. හාද

    ReplyDelete
    Replies
    1. අහල බලමු සින්ඩරෙල්ලගෙන් හා ද කියල. ;)

      Delete
  14. උඔ යකෙක් බස්සි..
    එල ද බ්‍රා..(උඔ දන්නවනේ මෙන්ඩට කියන්න ඔිනේ හැම දෙයක්ම මේ වචනේ ඇතුලේ තියනවා කියලා)

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්කෝතුයි මෙන්ඩියා..........

      Delete
  15. වරදින්න ඕනේ යශෝ හරි යන්නනම්,දැන් පාඩමක් ඉගෙන ගත්තානේ.අපි සමහර වේලාවට අපිවම රවට්ටා ගන්නවා.කුමාරවරු අපිත් එක්ක ඉන්නවායි කියලා හිතාගෙන.එත් ඇත්තතම් උන්ට අපිව ඕනේ වෙලා තියෙන්න එක මොහොතකට විතරයි. තඩි ගෙම්බා කිව්ව කතාව ඇත්ත.අපිට කොහේහරි වැරදිලා තියෙනවා.වරද හොයා ගත්තු දාට එක හදා ගන්න අමාරු නැහැ.

    ReplyDelete
    Replies
    1. හෑ... මේ කවිය ලිවුවෙ වරද්දගන්න යන උන්ට කලින්ම වැරදි හදාගන්න.

      //වරදින්න ඕනේ යශෝ හරි යන්නනම්,දැන් පාඩමක් ඉගෙන ගත්තානේ.අපි සමහර වේලාවට අපිවම රවට්ටා ගන්නවා.//
      යකෝ බය හිතුන! කවි කියන්නෙ ජීවන අත්දැකීම් ම නොවෙයි!

      Delete
    2. //යකෝ බය හිතුන! කවි කියන්නෙ ජීවන අත්දැකීම් ම නොවෙයි!//
      කොහේද යකෝ මම එහෙම කියලා තියෙන්නේ ?මම අදහස් කලේ ගොඩක් වේලාවට උඹට,මට අපි හැමෝටම වෙන දේ. දැන්වත් දන්නවානේ අඩු ගානේ අර තඩි ගෙම්බා කිව්වට පස්සෙවත් ඒකිට වුනේ රැවටිල්ලක් කියලා.

      Delete
    3. ජෝක් එකට බොල කිවුවෙ. :P

      Delete
  16. මට හිතුනෙත් මාතාට හිතුන කෙල්ලෝ ගැනයි බස්C. ටොප් සිතුවිල්ලක්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ...!!
      දැන් අවුල් වන්නට පෙර යලි අරඹන්න කාලෙ හරි නේද?

      Delete
  17. අන්තිමට ..... ගෙම්බෝ තමයි .... කුස්සියේ මුල්ලේ ලගින්නේ තනියට, එතකොට කුමාරය නැ....බස්සියෝ....

    ReplyDelete
  18. ඔහොමත් උනාට, ඔහොමවත් කල්පනා කරනවානම් කොතරම් හොඳද? මම නම් දැකල තියෙන්නේ තව පර්සනල් ලෝන් එකක් දාල, මගෑරුණ ප්‍රින්ස් චාමින්ට වඩා ලොකු අත්තක් අල්ලන්න වලිකන එකීලා... හැබැහින් දැකල තියෙනවා...

    බස්සි මේක මවල ලිව්වද? නැත්තම් ප්‍රස්තුතයක් හම්බුනාද හැබැහින්?

    ReplyDelete
    Replies
    1. ප්‍රස්තුත වටපිට බැලුවම ඕනෙ තරම් හොයාගත්තැකිනෙ උපයෝ. නැද්ද? සිරාවට ගොඩක් උන් කරන්නෙ ඔයා කියපු දේ තමයි.

      Delete
  19. කුමාරයො ගෙම්බො කියලා
    නෑ වැඩි වෙනසක්
    බලන් ඉන්නේ ඔක්කොම
    ප්‍රයෝජන ගන්න
    අවස්තාවෙන්

    ReplyDelete