පිට අයට පේන්නට
විනීතව එකලස්ව ඉන්න
චාම් සුදු සීනි මල්
හිස වටේ සීරුවට පළඳින්න
සිහින් චොකලට් සුවඳ තැවරුන
නැවුම් උණු කවි පබඳින්න
ඔබේ මුදු ස්පර්ශයන් මැද
හදවතේ දොරපියන් හැරලන්න
මිහිරිතම චොකලට් ගඟක් මෙන්
උණුම උණු ආදරෙන් නහවන්න
ඔව් ඔබට විතරක්ම පුලුවන්
මගෙ හිතේ පතුලටම කිමිදෙන්න
උකුම උකු සිනහවක දැවටෙන්න
නිසල ප්රාවරණයක සැඟවුන
කෙලිලෝල ආදර ගඟක් ගැන
මිහිරි රහසක වචනයක්වත්
කිසිම කෙනෙකුට නොකියන්න
~~~~~~~~~~~~~~
Saralai... pahadiliy... Lassanai... :) :)
ReplyDeleteබොහොම ස්තූතියි යාලු!
Deleteසාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතෑනට ඔයාව!
This comment has been removed by a blog administrator.
Deleteවටෙන් -
ReplyDelete'කර කරට' හැපෙනා
මැදින් -
උණුහුම් දියාරුවක් ගලනා
ලාවා කේක් එකක් වෙන්න?
ලෝකෙට පේන තද ප්රාවරණය ඇතුලෙ
Deleteඔයාට විතරක් පේන උණුසුම් මිහිර පිරි හදවතක්
අන්න ඒ සොඳුරුතම බැඳීමෙදි
ඝන නොවී ඉඳීමම සහනයක්
උකුම උකු හිනාව.. අම්මට බොල.. ඒක ලාවා කේක් කිට්ටුවට ආවොත්.. හැක්..
ReplyDeleteතේරුන්නෑ යකූ..
Deleteගෑල්ලමයට හිතෙන දේවල්
ReplyDeleteඋබ ලියුවේ ආදරය ගැන උනාට මම ලියුවේ සෙක්ස් ගැන.
Deleteදැන් ඉතින් කට්ටියම වරෙවු සෙක්ස් බලන්න
හ්ම්ම්ම්
Deleteහි..හි.. මටත් හිතෙනවා ලාවා කේක් එකක් වෙන්න .
ReplyDelete"ගෑණු ළමයින්ගේ" සිතුවිලි එහෙමනේ නේද?
Deleteඅනේ මන්දා උඔගේ කවි කියවලා දවසක මම පිස්සුවෙන් පාර දිගේ දුවනවා.ෂුවර්
ReplyDeleteඑච්චරටම අප්සට් යයිද මෙන්ඩෝ? :P
Deleteඅව්ලක් නෑ නේද අක්කෝ අකිමිඩිස් වගේ දුවන එකක් නැති නිසා ලොකූ හානියක් නැති වෙයි...
Delete"අමුතු කවි" ම තමා.. ;)
ReplyDeleteහිහිහි ස්තූතියි සංචා!
Deleteලාවා කේක් එක පොඩ්ඩක් ස්වීට් වැඩී. අනික් එක ඇඩ් වල පේන තරම් රසත් නෑ
ReplyDeletesoryyy !
Its ur taste. :D
Deleteඅයිස්ක්රීම් එක්ක මරු
හම්මේ කටට කෙල උනනවා මේ මොහොතෙත්.මමත් හරිම ආසයි ලව කේක් කාල මත් වෙන්න
Deleteමොන තරම් සුන්දරද
Deleteචොකලට් වලින්ම මත් වෙන එක
ලස්සන ලාවා කේක් එකක්.
ReplyDeleteබොහොම ස්තූතියි :)
Deleteලාව කේක්
ReplyDeleteහම්මේ කට බලියගෙන කෑවැකි.
ඒත් ලාව කේක් එකක් වෙච්ච මනුස්සයෙක්ව කෝමද කන්නෙ
සෑහෙන්න බොන්න වෙන පුස්නයක්
බොන්න වෙන පුස්න ගොඩයි නේද මේ දවස්වල
Delete�� �� නියම �� අදහස ������
ReplyDelete