හීන් හිරිකඩයක් වගේ
යාන්තම් ඇවිත් නෑවිත් යන්න
යාන්තම් ඇවිත් නෑවිත් යන්න
පරණ ආදර කහට පැල්ලම්
හෙමින් දිය කර නික්මෙන්න
ආයෙමත් එකම එක හීනයක
මොහොතකට පෙනී නොපෙනී ඉන්න
හෙමින් දිය කර නික්මෙන්න
ආයෙමත් එකම එක හීනයක
මොහොතකට පෙනී නොපෙනී ඉන්න
හීන් හිරිකඩයක් වගේ
ඇහිපියන් තෙමා නොතෙමා යන්න
ඇහිපියන් තෙමා නොතෙමා යන්න
තුන් පාරක් කියෙව්වා..එල ද බ්‍රා
ReplyDeleteතැන්කූ මෙන්ඩියෝ...
Deleteවැස්සට තෙමෙනවට වඩා හිරිකඩ ගහන එක හොඳද?
Deleteමට දැන් තියන ප්‍රශ්නෙ මේ කවියෙ තේරුම නෙමෙයි මට මේක තේරුනාද නැද්ද කියන එක
සමහර වෙලාවට වැස්සට නොතෙමි හිරිකඩයකින් තෘප්තිමත් වෙන එක වඩා හොඳ වෙන්න පුලුවනි ප්‍රා.
Delete//පරණ ආදර කහට පැල්ලම්
ReplyDeleteහෙමින් දිය කර නික්මෙන්න//
එව්ව එහෙම තමයි අනේ....
ඝන කහට පැල්ලමක් යාන්තම් දිය වුනාම තමයි කරදර. විසිරෙනවත් වැඩියි, උරා ගන්නවත් වැඩියි.
Deleteබස්සිට මේ දවස්වල නම් ටොයිලට් ගියත් කවිසිතුවිලි පහල වෙනවා වගේ.
ReplyDeleteඒක දිගටම එහෙමම වේවා කියලා පාර්ථනා කරනවා මම !
Deleteහීන් හිරිකඩයක් වගේ
ReplyDeleteයාන්තම් ඇවිත් නෑවිත් යන්න
ඔව් එතකොට පුළුවනි
මේ හීන සනසවා ගන්න..
අනෝරාවක,,පොද තුහිනයක නැති
ගැඹුරු සියුමැළි සුවය විඳගන්න...
පට්ටට්යි බස්සියා...
බස්සි කම්මැලි වෙලා...
ReplyDeleteඅන්න එක මරු . හිතන්න දෙයක් තියෙනවා මෙයා ......
ReplyDeleteප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ පජාතයි .
පාරී ශුද්ධයි
සුරම්‍යයි ................................. හුඉහුහුහුහුහ්