ඇහැළ ඇතිරිය නොපෑගෙන්නට
හෙමිහෙමින් අඩි තියා එනකොට
කතා අඩු සීනියර් කොල්ලා
බලා උන්නේ මෙතැනය
උදේ ලෙක්චර් දෙකක් කට් කර
තියාගෙන බර අතක් උර මත
දකුණු කන් පෙත්තට හුස්ම පිඹ
ආදරෙයි මිමිණුවේ මෙතැනය
තල් වැටේ හෙවනට මුවාවී
තව් මැරූ ලොකු කෙසෙල්කොලයක
එතූ බත්මුල ලිහා හෙමිහිට
අනා කැව්වේ මෙතැනය
පුස්තකාලේ හුස්ම ගන්නට
නීරසයි කම්මැලියි හිතුනම
උකුළ මත හිස තබා ඇලවී
කුප්පි දැම්මේ මෙතැනය
මහා ලොකු රණ්ඩුවක් අවසන
ක්‍රිකට් මැච් එක අතරමගදී
කඳුලු වල ලුණු රහක් තැවරුන
දෙතොල් සිම්බේ මෙතැනය
ස්ටේජ් ඩ්‍රාමා නිමාවී
පඩි පෙලේ කෙලවරක ඉඳගෙන
කතා සාරය, රස අරුත් ගැන
විචාරන්නේ මෙතැනය
හීන ගොඩකට පාර කිව්වේ
මෙතැනය
මතක මල් ගොමු සුවඳ දෙන්නෙත්
මෙතැනය
ඒ වුනත් හදවත පිපෙන්නේ
තාම කෙලවර නොදුටු
දීර්ඝම ස්වප්නයකට
උඹ ගේන
උණුහුමට ය.
~~~~~~~~
අහා !
ReplyDeleteමම ලිව්වොත් නම් මෙව්වා ගැන...
සායම යන්නේ මෙතැනය !
හහා.... ටිකක් විතර කතා විදියට ලියලත් තිබුනේ. :P
Deleteself-censored?
Deleteඇයි බොල බස්සියේ සයිබාව , පෙවිලියන් එක ,තෙල් බැම්ම , ජිම් එක .....
ReplyDeleteහන්තාන අඩවියේ...
මැදුරු කුළුණු සුදු සඳළුතලා පිස මේ එන්නේ...
කුසුම වදුලු තුරු සිරස හමා ගෙන මේ එන්නේ...
ප්‍රේමයේ සුවඳ නොවේ...
කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා..
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා...
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුමයි...
ප්‍රේමයේ සුවඳ නොවේ...
පීඩනයෙන් පැණසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා...
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලාවන පොත් කරනා...
මානව මානවිකාවන්ගේ...
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ...
ගායනය - නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මර්වින් පෙරේරා
උඔගේ කමෙන්ට් කිරිමේ කලාව අති විශිෂ්ටයි..
Deleteඒ සේරම ලිව්වොත් කවිපොතක්ම ලියන්න වෙයි සින්දු ඇනෝ....
Deleteමම ආස සිංදුවක්. කැම්පස් එකේ ඕනෙම ඉවෙන්ට් එකකදි මුලින්ම දාන සින්දුවලින් එකක් මේ.
ඒ කියන්නේ සින්දු ඇනෝ එහෙ නෙහ් . හ්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteවයලිනෝ... දැක්කනේ අපේ කැම්පස් එකේ ඩෑල්! ජයවේවා සින්දු ඇනෝ!
Delete"පුස්තකාලේ හුස්ම ගන්නට
ReplyDeleteනීරසයි කම්මැලියි හිතුනම
උකුළ මත හිස තබා ඇලවී
කුප්පි දැම්මේ මෙතැනය"
ලස්සනම කවි පේලියක ලස්සනම කවිය.
තැන්කූ සුදර්ශන :)
Delete//ඒ වුනත් හදවත පිපෙන්නේ
ReplyDeleteතාම කෙලවර නොදුටු
දීර්ඝම ස්වප්නයකට
උඹ ගේන
උණුහුමට ය.//
මේක තමා මං ආසම..! :)
හුටා... විනාසයි
Deleteඉවාන් : මොකද බොල විනාසේ..? :/
Deleteතැන්කූ තනියෝ..!
Deleteඉවාන් : ඇයි අවුල්ද?
Deletesuperb Bassi akka... I really really love this poem..!!
ReplyDeleteNice to hear that rain girl <3
Deleteඅපූරුයි බස්සි අපූරුයි.... විඳලා නැති උනාට අහලා තියෙනවා, දැකලා තියෙනවා...
ReplyDeleteබොහොම ස්තූතියි මාතලන්!! :)
Deleteලස්සනයි. හිමි නොවුන ප්‍රේමයක් ගැන වත්ද?
ReplyDeleteතැන්කූයි!
Deleteනැත නැත. අල බැම්ම උඩ මුල් ඇදගෙන ඉඳන් ඉන්න කතා අඩු සීනියර් කොල්ලා බස්සාය. :D
Excellent ...
ReplyDeleteආයේ මොනාද ඉතින් එල කිරි..
තැන්කූ තැන්කූ විභියෝ...
Deleteආදරය ගැන ගොඩක් දේවල් කියලා..අපිට උඔලට වගේ පිං වරමක් නැති වුනාට..කැම්පස් යන්න ඒ සුන්දරත්වය උඔලා ලියන දේවල් වලින් විදිනවා..
ReplyDeleteඑල ද බ්‍රා
බොහොම තැන්කුයි මෙන්ඩියෝ..... :)
Deleteඋඹ කැලණිය ගැන එහෙම කියනකොට අපිට පේරාදෙණිය ගැන ගොඩක් දේවල් මතක් වෙනවා , මේ එකක්
ReplyDeleteහමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන..
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..
මලක නැවුම් සුවද පිරුණ සොදුරු මදනල..
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන..
සද ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම..
ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන..
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත..
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට..
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කදුළට..
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම..
+++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteඑල ඉවාන් අයීඊ...............
ඕකේ පසුබිම් කතාව කියලා පහුගිය දවස්වල ජාලයේ පල වුන කතාව ඇත්තද? සිංදුව ලිවුව කොල්ලා සුයිසයිඩ් කරගත්තා කියන කතාව?
Deleteතැන වෙනස් වුනත් අත්දැකීම් එකයි වගේ මට.
ReplyDeleteඒක ඇත්ත මනෝජ්. මේ බොහොම සුලබ කතාවක්.
Deleteදැන් නම් වැඩිය දැනෙන්නේ නෑ . ඒත් පස්සේ කාලෙකදී දැනෙයි කියලා හිතෙනවා . ඉස්කෝලෙත් එහෙමනේ .
ReplyDeleteකාලෙකින් ආවේ මුඛ භානි බලල යන්න . දැන් නම් නිවාඩු මෙයා . කියවන්න ලියන්න පුළුවන් ඉතින් :)
මටනම් ඉස්කෝලෙ දැනුනෙම නෑ වයලෝ... කැම්පස් ජීවිතේ නම් හැම තත්පරයක්ම සුන්දරයි.
Deleteමුන්ට නිවාඩුත් දීලා... අපිටනම් දෙසැම්බරේ කට කපලා වැඩ! අසාධාරණ ලෝකේ...
හරිම සුන්දරයි බස්සි අක්කා....නියමයි!!
ReplyDeleteබොහොම ස්තූතියි දිලා!
Delete