Friday, December 12, 2014

නිමාවක් නැති හීන ඉපදුනේ මෙතැනය.









ඇහැළ ඇතිරිය නොපෑගෙන්නට
හෙමිහෙමින් අඩි තියා එනකොට
කතා අඩු සීනියර් කොල්ලා
බලා උන්නේ මෙතැනය





උදේ ලෙක්චර් දෙකක් කට් කර
තියාගෙන බර අතක් උර මත
දකුණු කන් පෙත්තට හුස්ම පිඹ
ආදරෙයි මිමිණුවේ මෙතැනය



තල් වැටේ හෙවනට මුවාවී
තව් මැරූ ලොකු කෙසෙල්කොලයක
එතූ බත්මුල ලිහා හෙමිහිට
අනා කැව්වේ මෙතැනය





පුස්තකාලේ හුස්ම ගන්නට
නීරසයි කම්මැලියි හිතුනම
උකුළ මත හිස තබා ඇලවී
කුප්පි දැම්මේ මෙතැනය



මහා ලොකු රණ්ඩුවක් අවසන
ක්‍රිකට් මැච් එක අතරමගදී
කඳුලු වල ලුණු රහක් තැවරුන
දෙතොල් සිම්බේ මෙතැනය



ස්ටේජ් ඩ්‍රාමා නිමාවී
පඩි පෙලේ කෙලවරක ඉඳගෙන
කතා සාරය, රස අරුත් ගැන
විචාරන්නේ මෙතැනය





හීන ගොඩකට පාර කිව්වේ
මෙතැනය
මතක මල් ගොමු සුවඳ දෙන්නෙත්
මෙතැනය





ඒ වුනත් හදවත පිපෙන්නේ
තාම කෙලවර නොදුටු
දීර්ඝම ස්වප්නයකට
උඹ ගේන
උණුහුමට ය.


~~~~~~~~







34 comments:

  1. අහා !

    මම ලිව්වොත් නම් මෙව්වා ගැන...
    සායම යන්නේ මෙතැනය !

    ReplyDelete
    Replies
    1. හහා.... ටිකක් විතර කතා විදියට ලියලත් තිබුනේ. :P

      Delete
  2. ඇයි බොල බස්සියේ සයිබාව , පෙවිලියන් එක ,තෙල් බැම්ම , ජිම් එක .....

    හන්තාන අඩවියේ...
    මැදුරු කුළුණු සුදු සඳළුතලා පිස මේ එන්නේ...
    කුසුම වදුලු තුරු සිරස හමා ගෙන මේ එන්නේ...
    ප්‍රේමයේ සුවඳ නොවේ...

    කුසින් අඩක් දළ අහරින් සකසා
    කෙසඟ සිරුරු රළු යහනේ සතපා..
    අනියත හෙට ගැන සිතමින්
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා...

    මානව මානවිකාවන්ගේ
    නලියන රුධිරේ උණුසුම් සුසුමයි...
    ප්‍රේමයේ සුවඳ නොවේ...

    පීඩනයෙන් පැණසර හිස ඔසවා
    පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා...
    මළ සොයුරන් සිහි කරමින්
    විද්‍යා ශිල්ප කලාවන පොත් කරනා...

    මානව මානවිකාවන්ගේ...
    පුපුරන මනසේ කකියන පැතුමයි
    ප්‍රේමයේ සුවඳ නොවේ...


    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - මර්වින් පෙරේරා

    ReplyDelete
    Replies
    1. උඔගේ කමෙන්ට් කිරිමේ කලාව අති විශිෂ්ටයි..

      Delete
    2. ඒ සේරම ලිව්වොත් කවිපොතක්ම ලියන්න වෙයි සින්දු ඇනෝ....

      මම ආස සිංදුවක්. කැම්පස් එකේ ඕනෙම ඉවෙන්ට් එකකදි මුලින්ම දාන සින්දුවලින් එකක් මේ.

      Delete
    3. ඒ කියන්නේ සින්දු ඇනෝ එහෙ නෙහ් . හ්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
    4. වයලිනෝ... දැක්කනේ අපේ කැම්පස් එකේ ඩෑල්! ජයවේවා සින්දු ඇනෝ!

      Delete
  3. "පුස්තකාලේ හුස්ම ගන්නට

    නීරසයි කම්මැලියි හිතුනම

    උකුළ මත හිස තබා ඇලවී

    කුප්පි දැම්මේ මෙතැනය"
    ලස්සනම කවි පේලියක ලස්සනම කවිය.

    ReplyDelete
  4. //ඒ වුනත් හදවත පිපෙන්නේ
    තාම කෙලවර නොදුටු
    දීර්ඝම ස්වප්නයකට
    උඹ ගේන
    උණුහුමට ය.//

    මේක තමා මං ආසම..! :)

    ReplyDelete
  5. අපූරුයි බස්සි අපූරුයි.... විඳලා නැති උනාට අහලා තියෙනවා, දැකලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්!! :)

      Delete
  6. ලස්සනයි. හිමි නොවුන ප්‍රේමයක් ගැන වත්ද?

    ReplyDelete
    Replies
    1. තැන්කූයි!

      නැත නැත. අල බැම්ම උඩ මුල් ඇදගෙන ඉඳන් ඉන්න කතා අඩු සීනියර් කොල්ලා බස්සාය. :D

      Delete
  7. Excellent ...

    ආයේ මොනාද ඉතින් එල කිරි..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ විභියෝ...

      Delete
  8. ආදරය ගැන ගොඩක් දේවල් කියලා..අපිට උඔලට වගේ පිං වරමක් නැති වුනාට..කැම්පස් යන්න ඒ සුන්දරත්වය උඔලා ලියන දේවල් වලින් විදිනවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කුයි මෙන්ඩියෝ..... :)

      Delete
  9. උඹ කැලණිය ගැන එහෙම කියනකොට අපිට පේරාදෙණිය ගැන ගොඩක් දේවල් මතක් වෙනවා , මේ එකක්

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන..
    දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
    අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන..
    අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..

    මලක නැවුම් සුවද පිරුණ සොදුරු මදනල..
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන..
    සද ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම..
    ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන..

    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත..
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට..
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කදුළට..
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++
      එල ඉවාන් අයීඊ...............

      Delete
    2. ඕකේ පසුබිම් කතාව කියලා පහුගිය දවස්වල ජාලයේ පල වුන කතාව ඇත්තද? සිංදුව ලිවුව කොල්ලා සුයිසයිඩ් කරගත්තා කියන කතාව?

      Delete
  10. තැන වෙනස් වුනත් අත්දැකීම් එකයි වගේ මට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්. මේ බොහොම සුලබ කතාවක්.

      Delete
  11. දැන් නම් වැඩිය දැනෙන්නේ නෑ . ඒත් පස්සේ කාලෙකදී දැනෙයි කියලා හිතෙනවා . ඉස්කෝලෙත් එහෙමනේ .
    කාලෙකින් ආවේ මුඛ භානි බලල යන්න . දැන් නම් නිවාඩු මෙයා . කියවන්න ලියන්න පුළුවන් ඉතින් :)

    ReplyDelete
    Replies
    1. මටනම් ඉස්කෝලෙ දැනුනෙම නෑ වයලෝ... කැම්පස් ජීවිතේ නම් හැම තත්පරයක්ම සුන්දරයි.

      මුන්ට නිවාඩුත් දීලා... අපිටනම් දෙසැම්බරේ කට කපලා වැඩ! අසාධාරණ ලෝකේ...

      Delete
  12. හරිම සුන්දරයි බස්සි අක්කා....නියමයි!!

    ReplyDelete