පරණ සටහන් පොතක
දුඹුරු පිටුවක
නිසඳැසක
දිගැටි කුරුමිණි අකුරු අතරේ
මෙච්චරක් කල් හැංගිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?
හිර ඩෙනිම් සායක
කෙලවරේ සාක්කුව පතුලක
පැහැය වියැකුන බස් ටිකට් කොලයක
මෙච්චරක් කල් එල්ලිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?
පොත් මල්ල තුලම අමතක වුන
තැනින් තැන පොඩිවුන
ඉරුන කැන්ඩොස් කොලයක
මෙච්චරක් කල් දැවටිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?
මටනම් මහන්සියි හරියට.
හිතන තරමට ලේසි නෑ නෙව
කඳුලු හංගන්
හිනාවෙන එක
මෙහෙම කොළ පුරෝගත්
ReplyDeleteගබඩා කාමරේ මුල්ලක
කඩදාසි පෙට්ටියක් වෙන එක
අපූරු නැද්ද ඇත්තට?
හිරු එළිය පොදක්වත්
Deleteනොදැකම ඔහේ ඉන්න එක
දුකක් නෙමෙයිද එතකොට?
හුළඟක් වදින්නැති
Deleteඉර අව්ව වටෙන්නැති
තැනක තියෙනා සිසිල
විඳලා නැද්ද ඇත්තට?
දුකක් දැනෙනා විටදී
ගුලිවෙන්න හැකිවෙන්න
කුෂන් පුටුවක් අරන්
තුන්ඩු කියවමුද ඇත්තට?
Deleteඅසාත්මික දුහුවිල්ලක වුව
අවුරුදුම දහයකට වැඩියෙන්
බලා ඉන්නා එකයි හේතුව
එච්චරක් කල් උන්න බවවත්
නොදැන හිටි එකමයි
දෑස බොඳවෙන හේතුව
මහන්සියක් දැනුනත්
ReplyDeleteයුතුකමක් ඉටු නොකර කොහොමද
ඉතිං ඇත්තට...?
ඒකත් ඇත්ත නේද?
Deleteඅමාරුයි! ඒත් කරන්න එපැයි
ReplyDeleteහිහිහි... උඹත් බස් ටිකට් අස්සෙයි, චොකලට් කොලවලයි හැංගෙන්න ගියාද නාඩියෝ? කවි ලියයිද, පුච්චලා දාවිද දන්නෙ නෑ... කල්පනාවෙන් හිටාන්.
Deleteමහන්සියෙන් හරි
ReplyDeleteකඳුළු හංගන් හිනාවුනා
නැත්තම් හිතාවි
දිනුම් කියලා
උඹ රිප්ලයි දාන්නේ නැති නිසා කමෙන්ට් කරන්නේ නෑ .... ඕ යේස්
උඹ හොඳටම දන්නවනෙ බන් මේ ටිකේ පට්ට බිසී බව. පරක්කු වෙලා හරි රිප්ලයි කලානෙ අනික.
Deleteනොදකින් ගොන් තඩියා විහිළුවක් දන්නේ නැති
Deleteමැරියන් මැරියන්! නිවාඩු තිබිලත් නොලියන කම්මැලියා :3
Deleteඅන්න හරි බස්සි, බැනහන් ඕකට, සපෝර්ට් එකක් ඕනේ නං කියහන්, මං ගඩොල් බාගයක් රෙඩි කරන් ඉන්නේ.
Deleteබස්සි : මේ... පොඩ්ඩක් විතර පැහැදිලි මදි ගතියක් තියෙනවා...
Deleteදැන් ඔයා 'මැරියන් මැරියන්' කිව්වේ මොකෝ? ඔයා රොබින් හුඩ් ද?
ගඩොල් බාගයක් තියේනම් අතේ තියන් ඉන්නෙ නැතුව ඉලක්කෙ බලලා ගහන්න නිමෝ ඔය කම්මැලි ගෙම්බව චකබ්ලාස් වෙලා යන්න!
Deleteඕ යේස් උපයෝ ඉස්සර රොබින් මැරියන් සෙල්ලමේ මම හැමදාම රොබින්හුඩ්! නැත්නම් අනිත් උන් සෙල්ලම් කරල හමාරයි
Deleteහිකිස් අඩි තුනේ රොබින්හුඩ් කෙනෙක් දැක්කමයි
Deleteඅඩෝ සර්කස් නිමෝ ....දුප් යන්න
අද මේවා නැත...
ReplyDeleteඇස් ඇම් ඇස් ඇත..
මොහොතකින්,
සියල්ල ඩිලීට් වනු ඇත...
එස්.එම්.එස්. ද්විපාර්ශ්විකය.
Deleteකවියේ කියවෙන අප්‍රකාශිත ප්‍රේමයට එස්.එම්.එස්. අදාල වන ආකාරය මට නම් නොවැටහේ.
මෙලෝහසරක් නොතේරුනත්
ReplyDeleteකවි කියවනා හේතුව
නොදැනීම අසාත්මික නොවීම?
නොතේරෙන්නේ කවියද?
Deleteකවි ඉහෙන්නට හේතුවද?
අසාත්මික නොවන්නේ කවියද?
නැත්නම් හේතු නොදැනීමද?
දෙකම නොතේරේ
Deleteඅසාත්මිකද නොවේ
කවි කවි කවි මට බැරි කවි.
ReplyDeleteබස්සියේ උබ හොඳට සිංහල දන්න එකේ සිංහල වියරණ ගැන ලිපියක් ලියන්න. මේ ටිකේ වියරණ නොදන්නා අඩුව හොඳට දැනෙනවා ගුගල් පරිවර්තකයට උදවු කරන්න් යන නිසා.
මකසි මකසි මකසි :D
Deleteමට බැරිම දේ තමයි සිංහල වියරණ
අනිත් අමාරුම දේ අක්ෂර වින්‍යාසය
ඕ ලෙවල් වලට හොරාට සිංහල භාෂා විෂය ගොඩදැම්මට පස්සෙ තවම සිංහල ඉගෙනගෙන නෑ මම. ඒ අතින් මම මහ මැට්ටියෙක්.
අපේ නලින් අයියා ඔය සම්බන්ධව හොඳ දැනුමක් ඇත්තෙක්. අරූ අයියත් වියරණ ගැන ගොඩක් සැලකිලිමත් ලිවීමේදි.
උසස් පෙල සහ විශ්වවිද්‍යාල මට්ටමේ හොඳ හැදෑරීමක් සහිත කෙනෙක් මේ ගැන යමක් ලියනවානම් ඒක බොහොම ප්‍රයෝජනවත් වේවි.
මම හිතුවේ ඕවා බස්සී දන්නවා කියලා බලමු ඒ අය්යා කෙනෙකුට කියලා. සිංහල වියරණ ගැන කිසිම සම්පුර්ණ අඩවියක් නැත.
Deleteමෙය සහ ඇර fb ස්ටේටස් එක අතර සම්භන්ධයක් තිබේද පින්වතිය ?
ReplyDelete