Tuesday, April 21, 2015

මනුස්සයො! අපිට ප්‍රසිද්ධ වෙන්න පුලුවනි!








“ඔන්න. ඔන්න බලාගෙන!”


කරාස්!!!” 

තදබල බ්‍රේක් පහරකි. 


“ඒ බල්ලො දෙන්න පොරකාගන්නව. මට හොඳටම විශ්වාසයි අර දුඹුරු තිත් වැටුනු සුදු පාට එකා ට්‍රයි කලේ ගුරු පාට කෙට්ටු එකාව වාහනේ යටට තල්ලු කරන්න.”


“ම්හ්! මටත් හිතුනා. හොඳ වෙලාවට අපි කල්පනාවෙන් ආවෙ. නැත්නම් අපිට තමයි ඔය මරණෙට වගකියන්න වෙන්නෙ.” 


“මම ඒකනෙ කියන්නෙ, ඔය කසිකබල් මෙගා නාට්‍ය යන වෙලාවට ටී.වී. එකක් දාල තියන්නවත් හොඳ නෑ කියල. බලන් ඉන්න අප්පිරියාවට ටී.වී එක දාල අයිතිකාරය ගිහුං නිදාගන්න ඇති. අර දුඹුරු තිත් වැටුන සුදු පාට බල්ලා ඕව බලලා ඉගෙනගන්න ඇති මිනීමැරුමක් හදිසි අනතුරක් බවට පත් කරන හැටි.”


“හ්ම්ම්ම්….”


“ඇත්තටම බල්ලන්ගෙ ආචාරධර්ම පවා මේ විදියට පිරිහීමට ලක්වෙන එක බොහොම අවධානම් සහගත තත්වයක්. මං කියන්නේ, අපි කොහොමද බයක් නැතුව ගෙදරක හුරතලේට සතෙක්වවත් ඇතිකරන්නෙ? අපි වැඩට යනකම් ඉඳලා ඌ ළමයගෙ බෙල්ල මිරිකල දායි. නැත්නම් ළමය කාර්ටුන් බල බල ඉඳලා බල්ලගෙ බෙල්ලට ලණුවක් දාල රෙදි වැලේ එල්ලයි. ඔව්, ඉතින් ඒක සියදිවි නසා ගැනීමක් කියල හැමෝම හිතයි. කොහොම උනත් ඒකෙන් අපේ දරුවා බේරෙනව. ඒකම හිතට සැනසීමක්නෙ. නැද්ද මං අහන්නෙ?”


“හ්ම්ම්ම්…..”


“ඒත්, ඒත් පොඩ්ඩක් හිතන්ට. ඌ එහාගෙදර රෝස්මරී නැන්දා බලන හින්දි පිච්චර් බලන්න එහෙම පුරුදු උනොත්. ඒ මනුස්සය හරි ආදරෙයි බල්ලොන්ට, පූසොන්ට. හොඳා, ඌ එව්ව බලලා මොළේ කුරුවල් කරගෙන රෝස්මරී නැන්දනෙ බින්ගෝට ආදරේ කරන්න ගත්තොත්? බින්ගෝ කොහොමත් ආදරේ හිතෙන හරි සීදේවි පූසි. අනික අර මෝඩ ගෑණි ඌට දාල තියෙන්නෙ බැල්ලියෙක්ගෙ නමක්.”


“හ්ම්ම්ම්…. ඉතින් මොකක්ද ඒකෙ වැරැද්ද?”


“වැරැද්ද?? පොඩ්ඩක් මොළේ කල්පනා කරල බලනව මනුස්සයෝ! ඔය නැට්ටුක්කාර බැළලි මුලු දවල් වරුවම කරන්නෙ බැල්කනියට වෙලා ඒකිගෙ බූසි වළිගෙ පීරන එක. එතනට කෙලින්ම පේන්නෙ අපේ රෙදි වැල! ළමයා බල්ලව රෙදි වැලේ එල්ලනව දැකපු ගමන් ඒකි යාවි පොලීසියට. ඔන්න ඇහුනද! ඔන්න ඇහුනද එෆ්.එම්. එකේ කියනව  රහසින් කරන ආදරේ රහ දැනෙනව වැඩියි ලු. ඒ කියන්නෙ බින්ගෝ අනිවාර්යයෙන්ම පොලීසි යාවි. ඒකෙ සැකයක් නෑ.”


“හ්ම්ම්ම්…. 

ඒත් අපිට තවම බල්ලෙක්වත් ළමයෙක්වත් නෑ නේද?”


“ඒකත් ඇත්ත. මං කිය කියා උන්නෙ, අර ගෙවල් පාරෙ පොරකකා උන්නු බල්ලො දෙන්නා, අපිට උන් දෙන්නව වීඩියෝ කරන්නයි තිබුනෙ. නැද්ද?”


“හ්ම්ම්ම්? ඊට පස්සෙ?”


“ඔයාට තිබුනෙ නොදැක්කා වගේ වාහනේ යටට තල්ලු කරපු අර ගුරු පාට බල්ලව යට කරගෙන යන්න. යට උනාට පස්සෙ අර තීරණාත්මක බ්‍රේක් පාර ගහන්න.”


“හ්ම්ම්ම්?”


“අන්න එතකොට මට පුලුවනි පටස් ගාල එලියට පැනලා බල්ල රෝදෙට අහුවෙලා ඉන්න හැටි වීඩියෝ කරන්න. ඉස්සරහින් පේන හැටි, පැත්තෙන් පේන හැටි එහෙම. ඕවා ටී.වී. චැනල් වලින් අරගෙන හතහමාරෙ, අටේ, අටහමාරෙ නිවුස්වල පෙන්නද්දි කාටද ආඩම්බර හැබෑටම! සමහරවිට මගෙන් වොයිස් කට් එකකුත් ගනීවි.”


“හ්ම්ම්ම්….”


“ඒ දෙන්න පාර අයිනෙ කණ්ඩිය උඩ රණ්ඩු වෙවී උන්නෙ. මම කොයිකටත් ෆෝන් කැමරාව ඔන් කලා.

ඉන් පස්සෙ එකපාරටම, එකපාරටම ඒ දෙන්න බදාගෙන පැන්න. මම දිගටම වීඩියෝ කලා. 

වාහනේ නතර උනාම මම දුවගෙන ගියා එයා යටවෙලා ඉන්න හැටි වීඩියෝ කරන්න!”


“හ්ම්ම්ම්…..”


“මනුස්සයො! අපිට ප්‍රසිද්ධ වෙන්න පුලුවනි! අර දුන්හිඳ ඇල්ලෙන් කපල් එකක් පහළට පනින හැටි වීඩියෝ කරපු යූ රිපෝටර්ලා වගේම!”







ලංකා නිවුස් වෙබ් අඩවියේ පළවූ සබැඳිය : 

http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16678-2015-04-22-23-09-45





91 comments:

  1. අසංවේදී මිනිසුන්ට හෙලූ උපහාසයක්
    බස්සිට ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා වර්ණ!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. යු රිපෝටර්ල හොදයි කියල අපේ මාතා කියන්නේ එහෙනං..

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ දේශෝ ඊයෙ නිවුස්වල හිටපු යූ රිපෝටර්ලා තොගය ගැන. එකියක් කියපි, "මට හිතුනා පනින්නවත්ද යන්නෙ කියල. ඒ නිසා අපි හැමෝම වීඩියෝ කලා. පහළට වැටෙනකම් වීඩියෝ කරගෙන අපි ඒ වැටුන තැන වීඩියෝ කරන්න දුවගෙන ගියා"

      මතකද මීගමුවේ රිය අනතුරකදි අම්මගෙ කඳින් වෙන්වෙච්ච ඔලුව අතින් අරන් අඬන ගෑණු ලමයගෙ වටේ වටවෙලා ඈව නො එක් කෝණ වලින් වීඩියෝ කරපු යූ රිපෝටර්ලා කට්ටිය.

      ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙ නැහැ.

      Delete
    2. ඔතෙන්දි අර යු රිපෝටර්ලද මොක්කුද මන්ද උන්ට තිබුනේ සුපර්මෑන්ල , ස්පයිඩර් මැන්ල , බැට් මෑන්ල වගේ සිං ගාල ගිහිල්ල අර කෙල්ලයි කොල්ලයි වරාමල් දෙක වගේ සිනිදුවට සනීපෙට උස්සගන පහල ගලකට පැනල බිමින් තියන්ඩ , අර එකියක් හිටිය නේද අන්න ඒකිට තිබුනුනැද්ද මං අහන්නේ කැට් වුමන් වෙන්ඩ

      මං අහන්නේ තමන් ජීවත් වෙනවද නැද්ද කියල තීරණය කොරන්ඩ අයිතියක් තියනවද ඔය හුජ්ජ කෙල්ලන්ට කොල්ලන්ට , ඒකට අයිතිය තියෙන්නෙ , බැට්මැන්ලට සුපර්මැන්ලට ස්පයිඩර් මැන්ලට කැට් වුමන්ලට .., එයාලට අයිතියක් තියනව
      ඔව්වා වීඩියෝ කොරන්ඩ
      අප්ලෝඩ් කොරන්ඩ
      අප්ලෝඩ් කරපුවට බනින්ඩ

      හා නැද්ද මං කියන්නේ

      Delete
    3. මානසික රෝගී තත්වයක් හෝ ක්ෂණික ආවේගයක් නිසා ජීවිතේ නැතිකරගන්න හදන අය ඉන්නවනම් එයාල ඉන්නෙ තීරණ ගන්න සුදුසු අවස්ථාවක නෙමෙයි. එහෙම අයව වීඩියෝ කරන එක නෙමෙයි කරන්න ඕනෙ, උදව් කරන එක.

      යූ රිපෝටර් සංකල්පය වැරදි නැහැ. ලංකාවේ එහි භාවිතාවේ වැරදි නම් බොහොමයි.

      Delete
  3. උදේ ඉදන් දැක්කේ අම්බරුවෝ ටික දියවන්නාවේ මකබාවිලා ඉන්න එවුවා.. කියෙවුවට දෙයක් ඔලුවට යන්නේ නැහැ .. ඔව් ,, හෙට හරි තව පැයකින් හරි බස්සි ඒ ගැන ලියන කවිය කියවන්න එන්නම් පස්සේ

    ReplyDelete
    Replies
    1. //උදේ ඉදන් දැක්කේ අම්බරුවෝ ටික දියවන්නාවේ මකබාවිලා ඉන්න එවුවා.//
      ඇත්ත කතාව බං උදේ ඉඳන්ම උන්ගේ ආතල් බලන් ඉඳලා ඔලුවත් රිදෙනවා.

      Delete
    2. මේ... විදුලි පුටුවට වඩා බයානක තැනක්ද අල්ලස් කොමිසම?

      Delete
    3. විදුලි පුටුව තියෙන්නෙ ඒක ඇතුලේ ලු....

      Delete
    4. අපරාදෙ ඕයි හරක් ගැන ලියන යුනිකෝඩ්

      Delete
    5. හ්ම්ම් හ්ම්ම්ම් :)

      Delete
  4. පට්ටයි හොදේ....!!!!

    ReplyDelete
  5. ඇත්තටම දැන් කාලේ හොරෙන්වත් මැරෙන්න බෑනේ. මොකෙක් හරි ඉදන් වීඩියෝ කරලා... හික්ස් ..........මිනිස්සුන්ගේ පිරිහීම තමයි මේ පෙන්නන්නෙ . අබුද්දස්ස කාලෙ කියනවනේ මේ , ඉතින් උදව්වට වැඩිය කැමරාව ලොකු උනාම මොකද නෙහ්...

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනාද ඉතින් ටොයිලට් යන්න කලිනුයි, ගියාට පස්සෙයි වොෂ් රූම් කණ්නාඩියෙන් තමන්වම ඡායාරූපගත කරගන්න එකේ.

      Delete
  6. දැන් සාමාන්‍ය දෙයක් වෙලා...ලෝකෙ හැටි

    ReplyDelete
  7. උපහාසය වැහෙනවා... ඔය වීඩියෝ කරන ලබ්බ නම් මමත් දැක්ක දෙතුන් වතාවක්. එක පාරක් කෝච්චියකට අහු වෙලා කොල්ලෙක් කකුල් දෙකම කැඩිලා වෙන් වෙලා මිනිහා බෙරිහන් දෙද්දීත් එකෙක්වත් උදව්වක් කරන්න ගියේ නෑ වීඩියෝ කරනවා.
    තව වතාවක් මම හිටපු කෝච්චිය ඉස්සරහට ගහක් වැටිලා, ඒකට ඉස්සරහට යන්න බෑ. අපි ටික දෙනෙක් අහල පහලින් පොරෝ, කැති ඉල්ලගෙන ගහ කපනවා. තව දෙතුන් දෙනෙක් පොරවල් වගේ ඇවිත් වීඩියෝ කරනවා.. එදා නම් උන් ටික ගාඩ්ගෙන් අහගත්තා හොඳවයින්..

    ReplyDelete
    Replies
    1. අඟහරුවා කොහෙන් ගියත් කෝච්චි අත්දැකීමක් එකතුකරනවාමයි නේද! :)

      ඇත්තටම හොඳ විදියට ප්‍රයෝජනේට ගන්න පුලුවන් සංකල්පයක් හඳුන්වා දුන්න ගමන් අපේ කස්ටිය කරන්නෙ වඳුරට දැලිපිහිය හම්බුනා වගේ ඒකෙන් නහය කපාගන්න එක.

      Delete
  8. තිරිසන්නු... මිනිස් කමට නිගාවක්.. ඕවා දාන උන් ඊට වඩා ලෙඩ්ඩු.. උන්ගෙයි අර බෙලි කපන අයිසිස් කාරයන්ගෙයි කිසි වෙනසක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලොකුම වැරැද්ද තියෙන්නෙ රෑ කෑම කන වෙලාවට ඕවා මහ ඉහළින් මාර්කට් කරන මීඩියා කාරයො අතේ තමයි.

      Delete
  9. එකෙක් විපතේ වැටෙනකොට දහයක් බලන් ඉන්නවා එක වීඩියෝ කරලා වීරයෝ වෙන්න.

    ReplyDelete
    Replies
    1. බෙලි කැපීමකින් හරි ගොඩ යන්න බලාගෙන ඉන්න මිනිස්සු.

      Delete
  10. බස්සී මේ මූවි එක බලන්න......! ඒක ස්ක්‍රිප්ට් එක ලියපු කෙනාගෙයි බස්සිගෙයි සිතිවිලි සමපාත වෙලා මොකක් හරි හේතුවකට.....!

    IMDB -- http://www.imdb.com/title/tt2872718/

    To download the movie M Torrent

    ReplyDelete
    Replies
    1. මටත් මතක් උනේ Nightcrawler මූවි එක තමා .... සල්ලි හොයන්ඩ, නැත්නං අවදානය ගන්ඩ දැන් නොකරන මගුලක් නෑ

      Delete
    2. ගොඩක් ස්තූතියි දුමී! මම බලන්නම් ඒක.

      Delete
    3. හායි ඇනෝපිලිසා! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!

      Delete
  11. මම මුණු පොතේ ඔය වීඩියෝ එක දාල තියෙනවා දැක්කත් බැලුවේ නැහැ...
    අපේ උන්ට දැන් හොඳටම පික්ෂු...

    ReplyDelete
    Replies
    1. මමත් බලන්නෙ නැහැ ඒත් අහම්බෙන් ටී වී එකක් ඉස්සරහ ඉඳගත්තු වෙලාවක නිවුස් අයියෙක් ඔය වීඩියෝ එක මූණ ඉස්සරහ දිහඇරියා. ඕක විතරක් නෙමෙයි ඒ ටික වෙලාව ඇතුලත මලගෙවල් හයක් පෙන්නුවා!

      Delete
  12. ඇත්ත (ද) කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. සංවාදය ඇත්තටම සිදුවුන එකක්.

      Delete
  13. එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම ඡායාරූපයට නඟන එක සහ වීඩියෝ කිරීම වර්තමානයේ සුලබ හැසිරීමක්. හෝටලේකට ගිහින් රෑට කාපු එක ෆොටෝ අරන් ෆේස් බුක් දාන එකේ ඉඳන් තමාගේ දරුවා අකුරු කරන එක වැනි පුද්ගලික දේ පවා ඡායාරූප ගත කිරීම/වීඩියෝ කිරීම සිදුවෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්.

    ඒත් මේ පෝස්ට් එකෙන් කතා කරන සිද්ධිය වැනි දේ වීඩියෝ කිරීම මම ඔය කිව්ව කෑම එක ෆොටෝ ගැහැල්ලට සමාන කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මනුස්සයෙක්ගේ ජීවිතයේ අවසාන මොහොත, හදිසි අනතුරකට ලක් වූ කෙනෙක් තුවාල සහිතව වැටිල ඉන්න හැටි වීඩියෝ කිරීම එක අතකට අපේ අසංවේදීත්වය විදහාපාන හැසිරීමක්. ත්‍රාසය, ලිංගිකත්වය කියන දෙවල් වලට ස්වභාවයෙන්ම මිනිසා තුළ ඇත්තේ දැඩි කැමැත්තක්. ආදරය තේමාව වුන චිත්‍රපට වලට අමතරව ත්‍රාසජනක සහ බියකරු චිත්‍රපට නරඹන්නට වැඩි දෙනා කැමැත්තක් දක්වන්නේ ඒකයි.

    මේ දේවල් වීඩියෝ කිරීම සහ අනෙක් අය සමඟ බෙදා ගන්න එකෙන් මිනිසුන් කරන්නේ ඒ මානසිකත්වය සපුරා ගැනීමක් ද කියලත් හිතෙනවා. රටේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය වලින් හදිසි අනතුරු වලට ලක් වූ පුද්ගලයින්ගේ වීඩියෝ මෙන්ම මෙවන් දේ වැඩි වැඩියෙන් ප්‍රචාරය කරන්නට පෙළඹෙන්නේ නරඹන්නන් ඉතා උනන්දුවෙන් මේවා බලන නිසයි. කොහොමත් යුධ සමයේ රෑට රූපවාහිනිය තුළින් දැක්ක මලමිනී වලින් ලැබුන මානසික තෘප්තිය වෙනත් ආකාරයකින් හෝ මිනිසුන් සොයා යෑමක් මේ සිද්ධ වෙන්නේ. දශක තුනක් තිස්සේ යුද්ධයක් පැවතුන රටක මිනිසුන්ට ජීවිතයක් නැතිවීම කියන එකේ සැබෑ මිනිස් හැඟීම අත්විඳින්නට බැරි තරමට අසංවේදී වීම පුදුමයක් නෙමේ. එය ස්වභාවිකයි.

    ReplyDelete
    Replies
    1. බස්සිගේ නවාතැනට සාදරයෙන් පිලිගන්නවා අරවින්දව!

      මටත් හිතුන දෙයක් ඕක. මතකද අවුරුදු ගානක් අපේ මිනිස්සු රෑ කෑම ගත්තේ බෝම්බ පුපුරපු තැන්වල වීඩියෝ දර්ශන එක්ක. ඒ කාලෙ බෝම්බෙකින් පස් දෙනෙක් මැරුන කිවුවොත් "අයියෝ පස් දෙනයිද?" කියල අහපු අය ගොඩක් හිටියා.

      ඉන් පස්සෙ අපි කෑමත් එක්ක වන්නි මෙහෙයුම, උතුරු මෙහෙයුම ගිලදාන්න පටන් ගත්තා.
      දැන් ඒ හිස්තැන පුරවන්නෙ මේ වගේ කුණු මාළු වලින් වෙන්නත් පුලුවනි.

      Delete
  14. ලිපියෙන් ඉදිරිපත් කෙරෙන අදහස අගය කරනවා. බ්ලොග් ලෝකයට ආපු කෙටි කාලය තුළ කියෙව්ව බස්සිගේ හොඳම සටහන.

    ReplyDelete
  15. මළමිනී විකුණන සුවර්ණවාහිනියට දාමු. බල්ලන් මලත් මක්කැයි! නිවුස්නම්.

    ReplyDelete
  16. Excellent ...!
    ඔබේ පරිකල්පන ශක්තිය නම් විශිෂඨයි බස්සි ..

    යූ රිපෝටර් ලා ගැන මොනවත් නොකියමි. අපරාදෙ වචන.
    ඉදිරියේදී සම්මාන උළෙලවල් සඳහා එක්වීමට නියමිත වර්ගීකරණ ...

    ♦ හොඳම සිය දිවි නසාගැනීම් රූපගත කිරීම.
    ♦ හොඳම මනුෂ්‍ය ඝාතනය රූපගත කිරීම.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට ඒවත් එකතු කරන්න ඉඩ තියෙනවා. මොකද මේවා එන්නෙ යුධ වාර්තාකරණ වලින් ඇතිවුන හිස්තැන පුරවන්න නම්, හොඳම යුධ වාර්තාකරණය කියන සම්මානෙ අයින් වෙනකොට ඔහොම සම්මාන නිර්දේශ වුනත් පුදුම වෙන්න දෙයක් නෑ.

      Delete
  17. රියලිටි ටීවී ෂෝ තමයි මේ විකාරයට මූලික හේතුව!

    ReplyDelete
    Replies
    1. රියලිටි ටී වී ෂෝ වල සෘජු සම්බන්ධයක් තියෙනවද මේකට?

      Delete
  18. https://woahnigeria.files.wordpress.com/2012/10/camera-phone.jpg

    මල මිණී මාකට් කිරීම දැන් ට්‍රෙන්ඩ් එක වෙලා.. මං නං හිතන්නෙ මුන්ගේ නිව්ස් වල දාන මල ගෙවල් ක්ලිප් වලදී කියනවා ඇති දැන් අඬන්න, අඬ අඬා කියන්න කියල...

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත.නිව්ස්වල ගෑනූ රෙදි උස්සන් මරහඩ දෙද්දි මං පටස් ගාලා චැනල් මාරුකරනවා,නැත්නම් මියුට් කරනවා..රෙද්ද..

      Delete
    2. ඇත්ත සජ්ජෝ. සමහරදාට නිවුස්වල යන්නෙ මලගෙවල් ගැන විතරයි.

      Delete
    3. මාත් මියුට් කරනවා මලිත. නැත්තං අහල පහල ගෙවල්වල උන් බයවෙලා දුවන් ඒවි!

      Delete
  19. මිණී විකුණන හැටි නම් අන්තිම නිර්ලජ්ජිතයි.මිනිස්සු කෑම එකත් අතේ තියාගෙන පන අදින ඒවා පිහියෙන් ඇනපුව වෙඩි තියපුව එක එක කෝණ වලින් රහ විදින්නෙ බත් එකේ අඩු මස් කෑල්ල හම්බ වුණා වගේ ...... බස්සිට අදුරෙ ඉදන් පේන ඇත්ත අපි හොදට මේ ලෝකෙ ඇස් ඇරං ජීවත් වෙනව කියලා කෑ ගහන එව්වන්ට නැහැ බස්සියෙ

    ReplyDelete
    Replies
    1. ඒවා බල බල කෑම කන්න පුලුවන්ද කියන එකයි අවුල නිශ්මන් අයියේ. ඒත් සමහර මිනිස්සුන්ට බෝම්බ පුපුරන සීන් එකක් නොදැක කෑවත් නොකෑවා වගේ හිතෙන කාලයක් නෙව අපි පහුකරගෙන ආවෙ.

      යුද්ධය ඉවරකලාට ඊට සමගාමීව මිනිස්සුන්ගෙ මනස පුනරුත්ථාපනය වුනේ නැහැ.

      Delete
  20. මළ ගෙවල් වල බූරු ගහන සෙට් එකකගෙයි, මිනී සාප්පුවල වැඩ කරන සෙට් එකකගෙයි, ලංකාවේ මාධ්‍ය කාරයෝ කියාගන්න අනුන්ගේ මළගම් විකුණා රේටින්ග්ස් වැඩි කරගන්නා ජඩයින්ගෙයි වෙනසක් හොයන්න බෝම අමාරුයි දැන්.. මෝඩ චූන් කැමරා ෆෝන් කාරයෝ ෆෝම් කරේ ඔය ජඩයෝ තමයි. මේක දැන් මහ විනාසයක් වෙලා..

    ReplyDelete
    Replies
    1. //මිනී සාප්පුවල වැඩ කරන සෙට් එකකගෙයි//

      ඒක නරක වැඩක්ද

      Delete
    2. මුන් ඔක්කෝම කරන්නේ මිනී හොය හොය යන එක.. ඒකයි තියෙන සමානත්වය.. එකෙක්වත් නරක නෑ.. ඔක්කෝම බොහෝම හොඳයි.. හැක්.

      Delete
    3. අටම් : මිනී කාක්කෝ කියල ජාතියක් ඉන්නෙ. 'බඹර වලල්ල', 'නිකිණි වැස්ස' චිත්‍රපටිවල තියෙන්නෙ.

      Delete
    4. කලා : ඔව් අනේ හැමෝම බොහෝම හොඳයි. කොහොමත් බහුතරයකගේ අවශ්‍යතාවයට පිලිතුරු දෙනවනම් ඒ අය කොහොමත් හොඳයි.

      Delete
  21. මොනවා කරන්නද! හැම තැනම මාකටින්!

    ReplyDelete
  22. පුරවැසි මාධ්‍ය කරණය අරකම මේකය කියල උං ගත්තට වැඩක් නෑ මාධ්‍ය භාවිතයේ මූලික රීති ටිකවත් අවබෝධ කරල දෙන්නෙ නැත්තං
    ඒත් කණගාටුව කියන්නෙ මහලොකු මාජ්ජ වේදියො කියන උංනෙයි ඔය අලුත් කොල්ලො කෙල්ලන්නෙයි වෙනසක් නැති එක...

    නියම ටොක්ක බස්සි

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මහියෝ. පරණ-අලුත් කියල වෙනසක් නෑ දැන් ඉන්න මීඩියා කාරයින්ගෙන් බහුතරය එහෙමයි.

      Delete
  23. වීඩියෝ එක තියෙනවා මාත් දැක්ක ඒත් බැලුවේ නෑ. මනුස්සකම් විකිණිලාද කියල හිතුනා.

    කොහොම වුනත් පෝස්ට් එක නම් සුපිරියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශ්!

      Delete
  24. හුහ්.. අපි රැවටෙයි ඔව්වට... මෙව්වා නිර්මාණය අරකය මේකය කියල කිව්වට මාව අනම් අන්දන්න බැහැ ගොය්යෝ... මේ දෙබස් එකක් නෑර බස්සා හා බස්සි අතර හැබැහින් සිද්ද වෙච්ච කතාවක්.. නෑ කියාපන් බලන්න?? බොරුනම් අර ඉවාන්ට හෙන ගහන්න ඕනේ... කීපාරක් 'හ්ම්ම්' කියලම තියෙනවද? අපි නොදන්න චැස් කිව්වලු...

    ( රහසින්: බස්සි... මගේ ගාව තියෙනවා නියෙම එව්වා වගයක්. එකකට කීයක් දෙනවා කිව්වද උන් ඈ ?)

    ReplyDelete
    Replies
    1. උපයෝ උපයෝ...!
      කමෙන්ට් ගනනාවක් අතරින් සැබෑ සිද්දිය අඳුනගෙන ඉන්න එකම එකාව දැක්කම පැනපු ගමන් ලොකූඌඌඌ හග් එකක් දෙන්න හිතුනා.

      සිරාවට ඔය ඉවානයට හෙන ගහන්ට එපායැ. ඕකා මේ දවස්වල බ්ලොග් පැත්ත පලාතෙ එන්නෙ නෑ. දෝශාභියෝගයක් ගේන්න හදනවද මන්දා.

      Delete
  25. තාක්ෂණය දියුණුයි... මනුස්සකම පිරිහිලා... හරි දුකයි මේ යන විදිය නම්... ඔයාගෙ සටහන නම් උපහාස රසයෙන් අනුනයි... කසාය වීදුරුවක් මී පැණි එක්ක බොනව වගේ දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. තාක්ෂණයයි මනුස්සකමයි එකිනෙකින් ස්වායත්තයි වගේ පෙනුනට, ඒ දෙක අතරේ අපිට නොපෙනෙන මොකද්දෝ සම්බන්ධයක් තියෙනව කියලත් හිතෙනව.

      ගොඩක් ස්තූතියි අක්කේ!

      Delete
  26. ෆේමස් වෙන්න මිනිස් ජිවිත බිල්ලට දෙනවා .. මනුස්සකන් නැති අමුනුස්සයෝ අතරේ මිනුස්සෝ නැත්තේම නැ හැබැයි .. :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. මනුස්සයෝ ඉන්නව. හැබැයි අඩුයි.

      Delete
  27. මට රෑපවාහිනියක් නැති එකේ පාඩුව

    ReplyDelete
    Replies
    1. වැරදිලා! පාඩුව නෙමෙයි වාසිය.

      Delete
  28. මම එක පාරම බැළුවා උඹ මේ මොකද්ද කියන්න යන්නේ කියලා.. ඒ ඉස්සර තමයි බං මනුස්සයක්ට කරදරයක් වෙන්න යද්දී උදවු කරන්න මිනිස්සු හිටියේ.. අද ඒකේ අනිත් පැත්ත..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉඳිකටු අයියේ, අද කාලෙ වැඩිපුරම ඉන්නෙ වැටිච්ච මනුස්සයෙක්ගෙ කර උඩින් පැනල යන ජාතියෙ අය.

      Delete
  29. නියමයි නංගා...මරණ වීඩියෝ කරලා ප්‍රසිද්ධ කිරීම දැන් විලාසිතාවක් වෙලා.මිනිස්සු මෙච්චර අසංවේදී ඇයි කියලා හිතා ගන්නවත් බෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ. සාදරයෙන් පිළිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!

      "යාලුවනේ, මේ අක්කා මූණුපොතෙන් බ්ලොග් ලෝකෙට ඇදලා ගත්තු හොඳ ලියන්නියක්. එයාගේ 'කැලේට පිපුණු මල්" බ්ලොග් අඩවියටත් ගොඩවෙලා යන්න හොඳේ!"

      Delete
  30. //ඇත්තටම බල්ලන්ගෙ ආචාරධර්ම පවා මේ විදියට පිරිහීමට ලක්වෙන එක බොහොම අවධානම් සහගත තත්වයක්. //

    කියලා වැඩක් නෑ බස්සියෝ...:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ පොඩ්ඩි අක්කියෝ.... :D

      Delete
  31. මමත් දැක්ක ගොසිප් අඩවියක දාල. ඇත්තටම අපුලයි.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16678-2015-04-22-23-09-45

    ReplyDelete
    Replies
    1. කොලිටියක් නැති ගොසිප් අඩවි වල තත්වෙට ප්‍රධාන විද්‍යුත් මාධ්‍යත් පත්වෙන එකනෙ අවුල.

      Delete
  32. හැබැයි ඉතින් මෙකෙන් පොස්ටර් ගහන්ඩ යන වියදම නම් ඉතිරි වෙනවා....

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට ඒකත් හැබෑව!

      Delete
  33. මමත් මාස හයක විතර ඉඳන් කාර් එකේ හයි කොර ගත්තා HD කැමරා එකක් ඩ්‍රයිව් කරන කොට ඔක්කොම රැකෝඩ් වෙන්න.... තාම කව්රුත් හැප්පුනේ නැනේ මම යන පාරේ වීඩියෝ එක යු බටේට දාගන්න සැක් විතරක් ඉතින් කොමද අපි පොරසිද්ද වෙන්නේ

    ReplyDelete
    Replies
    1. කැමරා එකක් හයි කරගත්තෙක නම් හොඳා.... වැරදිලාවත් බැලුවේ එහෙම නෑ ඒකෙ මොනාද වීඩියෝ වෙලා තියෙන්නේ කියල? එතකොට පෙනෙයි මැලේ ගේ වාහනේ ඈතින් දකිනකොට 'තුක්' කියල කෙළගහන උනුයි, පන එපා කියල දුවල හැංගෙන බල්ලෝ පුසෝ රොත්තයි ගැන බලාගන්න පුළුවන්. නිකමට මම කිව්වට..... හැප්පෙන්නම ඕනේ නැහැනේ... දැන් ඔයා හිතන් ඉන්නේ ඔයා පොරොසිද්ද නැහැ කියල නේ? අනේ මන්ද රට්ටු කියන කතා මිසක් මම නම් නෙවෙයි ඔන්න මුකුත් කිව්වේ

      Delete
    2. මමත් අවුරුදු දෙකක ඉඳන් dashcam එකක් ගෙන යනවා. ඉස්සරහ යන එවුන් පුදුම සංයමකින් යන්නේ.

      Delete
    3. අම්මෝ මේ උපේක්ෂා හදන කථා උසේ හැටියටද කියන පච
      අජිත් අයියා ඔයා පාරේ යන වෙලාවක් කියලා එවන්න මැලේසියන් ප්ලයිට් එකක් කාර් එකට ඉස්සරහින් පාරට බස්සන්න සෙට්කරලා දෙන්න

      Delete
    4. අජිත් අයියා යනකොට නම් සිද්දවෙන්නෙ "බුදු අම්මෝ අන්න ඩ්‍රයිවර් කෙනෙක් නැති වාහනයක් එනවෝ" කියල පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සු හැංගෙන එක නේද?

      (මටත් ඉස්සර යාලුවො කීව 'නයිට් රයිඩර්' කියල. මං ඩ්‍රයිව් කරද්දි පේන්නෙ වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් නැතුව නිකං යනවා වගේලු.)

      Delete
    5. උපයා නිරීක්ෂණය කරල තියෙන දේවල් බොලේ! කමක් නෑ මැලේ මෙච්චර කල් සෑහෙන දුකින් ඉඳල තියෙන්නෙ ප්‍රසිද්ද වෙන්න වීඩියෝවක් නැතුව. දැන් ඉතින් වීඩියෝ නැතුවම තමන් කොච්චර ප්‍රසිද්ධද කියල දැනුනම මාර සතුටක් දැනෙනව ඇති.

      නැද්ද මැලේ?

      Delete
  34. අපේ පැත්තටත් ඇවිත් යන්න එන්න
    http://sudupoosa91.blogspot.com/2015/04/1.html

    ReplyDelete
  35. ඒත් බස්සිගෙ ප්‍රසිද්ධ වෙන හීනෙ චකබ්ලාස්ට් වෙන්නෙ, අන්තිම මොහොතෙ බල්ල සෙල්‍ෆියක් අරන් තිබුණොත් තමයි........... නෑ මම මේ කිවුවෙ දැන් බාත් රූම් එකෙත් සෙල්‍ෆි ගහන කාලෙනෙ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත බොලේ. බබා හම්බෙන අතරෙ අම්ම සෙල්ෆි අරන් එෆ්.බී. දාන කාලයක් නෙව මේක. මට එපාවෙන්නෙ බාත් රූම් සෙල්ෆි මේනියා කාරයො තමයි.

      Delete
  36. අනේ මන්දා බස්සි. දැන් තාක්ෂනේ දියුණු වීගෙන ඉදිරියට එනකොට ඊට වඩා වේගෙන් මිනිස්සුන්ගෙ මනුස්සකම් කියන ඒවා පහළට බැහැගෙන යනවා.

    කතාව නියමයි. දෙබස් ටිකේ තියෙන නිර්මාණශීලිත්වය පට්ට :D.
    ආ ඒක නෙමේ මම මේල් එකක් එව්වා දැක්කෙ නැද්ද දන්නෙ නෑ තාම :).

    ReplyDelete
    Replies
    1. තැන්කූ මනා! දැලිපිහියක් හම්බවුනාම අපේ මිනිස්සු කරන්නෙ ටක් ගාල බෙල්ල කපාගෙන බලන එක නෙ.

      ආ! දුටිමි දුටිමි. එෆ් බී එකේ රිප්ලයි කලෙමි.

      Delete