Friday, April 24, 2015

ෂාරොන්හි සෙව්වන්දියට, අහස් පෙම්වතා කී කව






පෙනෙන නොපෙනෙන දුරින්
ඒත් හොඳටම ළඟින්
ඔබ වටා නීල පවුරක් බඳිමි
දිවා කල හිරු දියර
පෙරා සිහිලැල් කරන
වළාකැටියෙන් රිදී තිර අදිමි


පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි


සහස් ගව් දුර පැතිරි
සිහිලැල් වු සුවඳක් ය
බිළිඳු හසරැලි තරම්
ඒ සුවඳ පිවිතුරු ය
නෙත් පියා ගැඹුරටම කිමිදෙමි
මත් බවින් මෙන් සිත් රැහැන් බිඳ
රත් දෙතොල් සිපගනිමි


ලා සඳේ දාරයක්
පිණි දියෙන් දියකරන්
ශ්‍යාම කැන්වසය මත තරු අඳිමි
සිහින් වැහි පොදක් ඉස
දූලි සුනු පිසහරිමි


"ආදරෙද මට?" නො අසමි
ආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.




(තරුරසී අක්කාගේ ෂාරොන්හි සෙව්වන්දියක සේ බ්ලොග් ලිපියට පිලිතුරකි.)



බූන්දියෙහි මෙ කව පළවූ පිටුවට අදාළ සබැඳිය : 
http://www.boondi.lk/article.php?ArtID=4634

42 comments:

  1. සමහරු හිතන් ඉන්නව
    නුඹ මට හොඳටෝම ලඟ යැයි
    ක්ෂිතිජයෙදි..
    ඒත් අපි දෙන්න
    විතරෙනේ දන්නේ
    ඒ දුකත්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඇත්ත.. අපි තමයි දන්නේ ඒ දුකත්...

      Delete
    2. ලස්සන වචන කල්‍යාණේ... :)

      Delete
    3. එහෙම ලං වෙයි සිතාගෙන
      කෙදින හෝ එක්වෙන්න පතාගෙන
      යන දුරක්...
      අන්තිමේ හති වැටේ
      එදාටයි දුක...

      Delete
    4. ඔන්න ඉතින් කිවුවා නෙගටිව් කවියක්.

      Delete
  2. කව්ද බං ඔය සරසොන් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ෂාරොන් කියන්නේ පලස්තීනය සහ මධ්‍යධරණී මුහුද අතර තියෙන තැනිතලාවක්. :)
      සරොන් කියන්නෙ නම් ඇඳුමක්. :P

      Delete
    2. නියම පැහැදිලි කිරීම.....

      Delete
    3. ශාරෝන් ප්‍රසිද්ද මල් වලට "සොසනීම්" කියන්නේ රෝස වලට හිබ්රු වලින්,,, බයිබලයේ "ශාරෝන් හී පුෂ්පය කියන්නේ යේසුස් වහන්සේට "

      Delete
    4. අහ්! මේ ඉන්නේ ෂාරොන් ගැන හොඳටම දන්න එක්කෙනා. ඔමයියෝ ඔය පලාතෙ වැවෙන මල් ගැනත් ලිපියක් කියවන්න ආසයි. මොකද හිතන්නෙ, ලියමුද?

      Rose of Sharon කියලා හඳුන්වන මල් වර්ග දෙකකුත් තියෙනවා. ඔය ෆොටෝවෙ තියෙන්නෙ ඉන් එකක්. බයිබලයෙ නම් "ෂාරොන්හි කුසුම" කියන්නෙ ජේසුව හඳුන්වන කාව්‍යෝක්තියක් ලු. (කාව්‍යෝක්තිය කියන වචනෙ හරිද මන්දා)

      Delete
    5. ජීසස් ඉස් කමින් බැක්.. ගල්කිස්සෙද් දෙහිවලද තාප්පෙක් ගහල තිබුනා. තාම තියේද දන්නෑ

      Delete
    6. ඇත්තටම දේශක "බැක්" කියන එක නැතුවත් සමහර තැන්වල තියනව.

      හිතාගන්න පුලුවන්නේ ඒකට සමහර රෙස්පොන්සස්

      Delete
    7. බ්ලොගට ගල් ගැහුවොත් උඹලා බේරගන්න එනවද ඔහොම එව්වා කියවලා මෙතන!

      Delete
    8. මේ රට වැවෙන්නේ නැති දේවල් වුණත් බලෙන් වවන රටක්,,,, මල් ගැන ලියන්නම් ටික දවසකින් තව හොඳට හොයලා බලල

      Delete
  3. "ආදරෙද මට?" නො අසමි
    ආදරේ බැව් නොකියමි
    විසල් අහසක් හදවත'වු කල
    වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.

    හරිම ලස්සනයි... මේ අවසන් කවි පදය තදින්ම හිතට දැණුනා නංගි.... ඒ කතාව ඇත්තම ඇත්තයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කා. මේ කවිය ලියැවුනෙ අක්කගෙ මුල් අදහස නිසානෙ.

      Delete
  4. //(තරුරසී අක්කාගේ ෂාරොන්හි සෙව්වන්දියක සේ බ්ලොග් ලිපියට පිලිතුරකි.)//

    අනුන්ගේ කතාවලට හොට දාන්න හොඳ නැති නිසා මොනවත් නොකියා ඉන්නම්. ( නැතුව කවි නෙතේරෙන නිසා නෙමෙයි. කොහොමවෙතත් සම්බස්සාව්‍යයයි. උස්කෘෂ්ඨයි. )

    ReplyDelete
    Replies
    1. අම්මපා ප්‍ර ජේ මමත් කියන්න ගියේ ඔය ටිකම තමයි

      Delete
    2. මොකට කියනවද ඉතින්....
      පහුගිය ටිකේ යාන්තම් කවි තේරීගෙන ආව නේ? අපරාදෙ!

      Delete
    3. මේ දවස්වල හරියටම බේත් පෙති ගන්නව. ඒක නිසා වෙන්න ඇති

      Delete
  5. "විසල් අහසක් හදවත'වු කල
    වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි."

    හදවතේ ගැඹුර වැඩි වූ කල අත්දැකීමට සිදු වන සොඳුරු නමුත් වේදනාබර අත්දැකීමක් වදනට පෙ‍රැලූ අයුරු අපූරු ය.
    නිතර නිතර ඇවිත් කවි,කතන්දර කියවා යන නමුත් අදහස් පළ කළේ අදයි.
    කවිය හරි අගෙයි බස්සි අක්කේ... ඔයා වගේ ම :)
    දිගටම ලස්සන සිතුවිලි අකුරු කරන්න.
    සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමන්දා!
      සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!

      Delete
  6. මේ වගේ කවි නම් තේරුම් ගන්න නොදනිමි.. එමෙන්ම මම ආදර කවි ගැන වැඩිය නොහිතමි.. එදා හමුවෙන්න ලැබීම ගැන සතුටුය...!

    ReplyDelete
    Replies
    1. වැඩියෙ හිතන්න එපාය.
      එදා මාව අඳුරගත්තේ තොප්පි දාන්න ගිහින් අහම්බෙන් බව මතකය.

      Delete
  7. මමත් කොටසක් සදුට ලියලා දෙන්නද?

    ReplyDelete
    Replies
    1. කිසි බයක් නැතුව කොපි පේස්ට් කරලා දෙන්න. කෝකටත් ඔට්ටු ආදර කවියක්.

      Delete
  8. Replies
    1. තැන්කිවු ඉඳිකටු අයියේ..

      Delete
  9. අහස් පෙම්වතා,

    ඔබ විසල් අහසක් බව සත්තයි,
    ඒ නමුත් මගේ ප්‍රේමය
    ඔබේ විසල් අහසට වඩා
    සුවිශාලයි.

    ReplyDelete
    Replies
    1. මනෝ දැන් කවි මැසිමක් වෙලා නෙව! ගොඩක් ලස්සනයි!

      Delete
  10. සහස් ගවු දුර ඇවිද ඇවිදින්
    දෙබැම කෙලවර නැගුනු දා බිඳු
    ඇඟිලි තුඩකට රැගෙන විසිකර
    නොනැවතී යලි ඇවිද එන්නෙමි

    තැඹිලි පැහැ හිරු නිදන්නට පෙර
    මලානික එහි කිරණ අතරින්
    රිදී ඉරි ඇඳි අඳුරු සේලය
    මෑත් කර යලි බලා ඉන්නෙමි

    ලා සඳේ එළිපත්ත අද්දර
    කැන්වසයෙ ඇඳි තාරුකා මැද
    පහන්තරුවේ එලිය විලසින්
    සදාකල් මග කියා දෙන්නම්

    ආදරේ යැයි නොකීවත්
    සිත පුරා ඇති පෙම හැඳින ගත්තෙමි
    ආදරේදැයි නොම අසා
    වසාගනු මැන නෙතුපියන්

    ReplyDelete
    Replies
    1. මේ මචං, කවියෙ ටයිම් එක බැලුවාම මට හිතෙන්නෙම පොලීසියෙ ඉඳන් ලියපු එකක් කියලා. :P

      ඉතා ලස්සනයැ!

      Delete
  11. විසල් අහසක් කවි සිතක් වූ කළ
    මෙවැනි දේ ලියැවෙයි බිත්ති මත

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලක සිත අයියේ.. :)

      Delete
  12. මෙව්වා නොතේරෙන මගේ මන්දබුද්දික හිත.. කරුමේ.. කරුමේ...

    ReplyDelete
    Replies
    1. අයියෝ මේකෙ ඇති දෙයක් නෑ. වැඩියෙ හිතන්න එපා.

      Delete
  13. කෙල්ල දන්න දේවල් හැබෑට....මට එහෙමයි හිතුනෙ...

    ReplyDelete
  14. ශ්‍යාම කැන්වසය මත තරු අඳිමි - මරු බස්සියො

    ReplyDelete