Monday, April 6, 2015

රයිනෝසිරස්ලා කියන්නෙ පොළවට කඩා වැටිච්ච කඟවේන්නු වෙන්න බැරිද??







"අනුන්ගේ සීනි කිරන එක!"

ඔව්. ඒක මහා අප්‍රසන්න අත්දැකීමක්.


තමන්ගේ කඩේක උනත්,  නැත්නම් අංක හයක වැටුපක් ගෙවන විසාල කඩේක උනත් අනුන්ගේ සීනි කිරන්න වෙන එක තරම් අප්‍රසන්න අත්දැකීමක් තවත් නැති තරම්. අන්න ඒකයි මම අද ඉඳලා ගෙදර නවතින්න තීරණය කලේ.


අද ඉඳලා ගෙදර නවතින්න තීරණය කලා කිවුවට ඇත්තටම මම ඒ තීරණය ගත්තෙ ඊයෙ. ඊයෙ හරිම තීරණාත්මක දවසක්. ඇත්තටම ඒ වගේ වැදගත් දවස් නිකම්ම නිකම් “ඊයේ”, “පෙරේදා” නැත්නම් “අද” කියලා හඳුන්වන එක මහ අපරාදයක් කියලයි මට හිතෙන්නෙ. ඒත් ප්‍රශ්ණෙ තමයි කිසිම කෙනෙක්ට මම කියන දේ වැඩිපුර නොතේරෙන එක.


වැඩිපුර නොතේරෙනවා කියන්නෙ තේරෙන්නෙ අඩුවෙන් කියන එකයි. ඒත් සමහරුන්ට යන්තම්වත් ඒ ගැන දැනීමක් නෑ. ඔය හාංකවිසියක් නෑ කියන්නෙ අන්න එහෙම අවස්ථාවලට.


කොහොමහරි ඊයෙ ගත්තු තීරණය නිසා අද මම ගෙදර. අන්න ඒකයි මම ඇහැරෙන්න උනත් මේ තරම් ප්‍රමාද වුනේ. ඔන්න එතකොට මට මතක්වෙනවා මම කඩේ වැඩකරන කාලෙ ලියාපු කවියක්.



කිමෝනාවක සිහින් සරසරය
ඉනික්බිති සැර කෝපි කුයිලකි
නිදිබරවු නැහැ තුඩග කිතිකවන
කෙසෙල් කොල තව්මරන සුවඳකි
'ඉතින් නැගිටින්නැ'යි කියන


සිහින් රතැඟිලි පහසකි
කමිස කර, ටයි ගැටය සකසන
කොපුල් හෙමිහිට පිරිමදින


හිරු විසල් දෙහි ගෙඩියකි
උදා ස්වප්නයෙන් මා මුදවන
වියළි කර පාන් පෙති
ඔච්චමට මෙන් හිනාවෙනකොට
දෙහි බිඳක් ඇස තුලට අතහරින



ඔය කවිය හාංකවිසියක් නොතේරුන අයත් අමුතු හැඩතල දකිනවා. වෙලාවකට මට හිනහත් යනවා. ඇත්තටම ඒක හිනාවෙන්න කාරණේකුත් නෙමෙයි. මේ මගේ දිවා සිහිනය නම් ඒ උගේ දිවා සිහිනය. ඒ සිහිනය ඇතුලෙ කැමති දෙයක් කරන්න උන්ට පූර්ණ නිදහස තියෙනවා. වැදගත්ම දේ අපි කවුරුත් එක එක කෝණයන්ට අනුව මානසික විකෘතිතා ඇති අය බව තේරුම් ගැනීම.


මට ඉන්නවා යාලු පූසෙක්. ඔව්. පූසෙක්. විශේෂත්වය තමයි ඌ රෑ එළිවෙනකම් අවදියෙන් හිඳීම සහ සීමාවක් නැතුව කෝපි බීම. කෝපි බීම ගැන කියන්න මේ වෙලාව සුදුසු නැති නිසා මම ඒක කල් දානවා. සුදුසු වෙලාව මොකක්ද කියලා මම දන්නෙත් නැහැ හරියටම.


ඔය පූසා දවසක් මට එවුවා පින්තූරයක්. “මචං, මේ පින්තූරෙ උඹට මොනවහරි පේනවද?” ඌ අහනවා.





“මට පේනවා මිනිහෙක්.” මම කිවුවා. 

“ඌ ඉන්නෙ නිදාගෙන, උඩුබැල්ලෙන්.  හරියටම මේ වෙලාවෙ ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් සිටිය යුතු විදියට නිදාගෙන. ඒ එක්කම මට පේනව පුංචි කොලපාට ඩයිනෝසරයෙක්. ඌ ඩයිනෝසර් පැටියෙක් වෙන්න ඕනෙ. ඌ ඉන්නෙ කට බාගෙට ඇරගෙන.”



ඩයිනෝසර් පැටියා


දීර්ඝ නිද්‍රාවකට වැටුන යෝධයා



පූසා කියපු විදියට ඒ කන්දට කියන්නෙ “J.R කන්ද” කියලා. නහය දිග නිසාලු. ඒත් ලංකාවෙන් මල් පැල ටිකක් ගලවගෙන යන්න ආපු යෝධයෙක් කෙටි නින්දකට වැටිලා ඉන්නව කියල හිතන්න කාගෙන් තහනමක්ද? ඇයි එහෙම වෙන්න බැරිද? 


මීදුමත් එක්ක මුහුවුන ලිලියැක් මල් සුවඳකට යෝධයෙක්ව එම්බාම් කරන්න බැහැ කියලා කාටවත් සහතික වෙන්න පුලුවන්ද?


මම අහන්නේ, 
කඟවේන්නු ඉන්නෙ වළාකුළු අතරෙනම්,
රයිනෝසිරස්ලා කියන්නෙ බර වැඩි නිසා පොළවට කඩා වැටිච්ච
කඟවේන්නු වෙන්න බැරිද??



- මොළේ CrAck උන piKsu බස්සියෙක් -





95 comments:

  1. කඟවේන්නු ඉන්නෙ වළාකුළු අතරෙනම්,
    රයිනෝසිරස්ලා කියන්නෙ බර වැඩි නිසා පොළවට කඩා වැටිච්ච
    කඟවේන්නු වෙන්න බැරිද??

    අනිවා වෙන්ඩ පුළුවන්.....
    බර අඩු වුනු රයිනෝසිරස්ලා....දුවලා දුවලා කෙට්ටු වුන රයිනෝසිරස්ලා පාවෙලා අහසට ගිහින් කගවෙනු වුනා වෙන්ඩ බැරිද??

    ReplyDelete
    Replies
    1. අනිවා ඔය ඩයට් ප්ලෑන් කියන්නේ මහ බයානක දේවල්.

      Delete
  2. වෙන්ඩ පුළුවන්.. ඔය මුහුදු අශ්වයෝ කියන්නේ දුවගෙන දුවගෙන ගිහිං බ්‍රේක් නැතිව මුහුදට වැටිච්චි අස්පයෝ කියනවනේ...

    ReplyDelete
    Replies
    1. මෙලෝ සිහියක් නැතුව දුවපු අස්සයෝ, බල්ලො සහ ඌරො සේරෝම මූදට වැටිල මූදු අස්සයො, මූදු බල්ලො සහ මූදු ඌරො උනාම ගොඩ ඉතිරිවෙච්ච සිහිකල්පනාවෙන් වැඩකරන සත්තු ටික පව් නැද්ද?

      Delete
    2. හි හි හි

      Delete
  3. වෙන්න පුළුවන්.... රයිනෝසර් කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි... කඟවේනෙක් වෙලා හිටපු කාලෙ ගැන...

    ReplyDelete
    Replies
    1. හවසට වළාකුළු රෝසපාට වෙලා හැදෙන සීනි මොටයි ගැන, ලෙමන් රහ හඳ ගැන ඒව කාල කාල පොලවට පතබෑවුන හැටි ගැන.

      Delete
  4. රයිනෝසිරස්ට කඟවේනෙක් වෙන්න බෑ කියලා දෙවියො කියලද? නෑ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. පීස්සුද! එහෙම වෙන්ට බෑ!

      Delete
  5. එතකොට අර හඳේ ඉන්න හාවා එතනට පැන්නේ කොහොමද කියල බස්සිට අදහසක් නැද්ද හැබෑට?

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකට මලක් ගහපු වෙලාවක ඇවිත් තියෙන්නේ, හඳේ මල් නැති නිසා දැන් ආපහු යන්න බැරුව ඉන්නවලු.

      Delete
    2. මටත් හිතෙන්නෙ ඌ මලක් ගහලා සිරා පිම්මක් පනින්න ඇති. පව් අහිංසකයා. හාවද නැත්තං හඳ මලක් ගහලා හාවෙක් අරං පැන්නද?

      Delete
    3. මොනවද අනී මල් ගහනව කියන්නේ.. අපරාදේ පූජා කරන්න හරි ලස්සනට තියාගන්න හරි තියෙන මල් මොකටද ගහන්නේ කොහෙවත්.. ඔය දෙන්නම නරක සමනළ්ලු..

      Delete
    4. හික්! කලාගෙ ඔලුව වැදිලා!

      Delete
    5. සමනල්ලුන්ට වෙඩි තියමුද?

      Delete
  6. වෙන්න පුළුවන්.... වෙන්න පුළුවන්....

    අහසේ ඉන්න කම්මැලි හිතිලා පොළවට අවිත් ඉඳලා, මෙහේ කෑම කාලා මහත් වෙලා ආපහු යන්න බැරි වෙච්චි අය වෙන්න බැරිද හැබෑට

    ReplyDelete
    Replies
    1. ඒකන මං කියන්නෙ ඔය KFC කාරයාව උල තියන්න ඕනෙ කියලා. ෆාස්ට් ෆුඩ් ගිලපු කිඹුලගෙ වීඩියෝ කෑල්ල දැකල තියේද තුශ්?

      Delete
    2. ඔව් ඔව් .. හි..හි...

      Delete
  7. දැන් එතකොට මගේ ප්‍රශ්නේ මේකයි, ඔය කඩා වැටිච්ච කඟවේනා උඹ නම් ඒ කියන්නේ මම අවසන් වතාවට දකිනවිට හිටියාට වඩා උඹ මහත් වෙලාද? දෙයි හාමුදුරුවනේ! මට හිතාගන්න බැහැ 138ක ෆුට්බෝඩ් එක හයිලෙවල් පාරේ බිම ඇතිල්ලි ඇතිල්ලි යන හැටිය! :P

    ReplyDelete
    Replies
    1. තනියා කියන්නේ ,හුළඟට ගහගෙන ඇවිත් බිමට වැටුණු ගස් ගෙම්බෙක් වෙන්න බැරිද ? :O

      Delete
    2. ගෙම්බෙක් කතා කරයි..:P :D
      හුලඟට ගහන් එන්න ඇයි බොලාගේ පැත්තේ පීප්ප හදලා තියෙන්නේ සව් කරදහිවලින්ද? :P

      Delete
    3. කඟවේනට බස්වල යන්න ඕනෙ නෑ යකෝ. දුවලා දුවලා ගියෑකි නෙව ට්‍රැෆික් එකට උඩින්.

      ආයෙ පොලවෙ ඇතිල්ලෙන 138ක් දැක්කොත් ජනේලෙන් එබිලා සුපුරුදු විරිත්තිලි සිනහව පාපං ඈ?

      Delete
    4. තනියා කියන්නෙ මුහුදෙ ඉඳලා උඩ පනින්න ගිහින් හුළඟට අහුවෙලා නුගේගොඩට වැටිච්ච හාල්මැස්සියෙක්.

      Delete
    5. අඩෝ මගේ සිත්සතන් එළිය කරන හිනාවට කෝචෝක් දාන්න එපා හරිය? ඕක දෙවෙනි වෙන්නේ ඉවනයගේ දන්තාබුජ හිනාවට විතරයි නෙව..කෙහෙල් ඇවරිය වගේ කොහොමද ජනේලෙන් එබිලා හිනාවෙද්දි..:P

      Delete
  8. //"වැදගත්ම දේ අපි කවුරුත් එක එක කෝණයන්ට අනුව මානසික විකෘතිතා ඇති අය බව තේරුම් ගැනීම"// එහෙම බෑ, උඹලා එහෙම වෙන්න ඇති, මටනම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඇවිල්ලා සර්ව සම්පුර්ණ මිනිහෙක්. මට කවදාවත් කිසිම දෙයක් වරදින්නේ නෑ, මම කරන දේවල් තමයි ඉස්තරම්. කොටින්ම මම සර්ව සම්පුර්ණයි. අනික් හැමෝටම මොකක් හරි අඩුවක් තියෙනවා ..ඕ..යේස්

    ReplyDelete
    Replies
    1. හුකෑස් :D

      පිස්සංකොටුවෙ ඉන්න එකා කියන්නෙ එළියෙ ඉන්න සේරම උංට පිස්සු කියල .. ඕ යේස්

      Delete
    2. ඉවාන් පිස්සො කෑ ගැහුවට දොස්තරලා කලබල වෙන්නෙ නෑ.. හික්ස්

      Delete
    3. @ දීලා - එකනේ උඹලා කෑ ගැහුවට මම කලබල වෙන්නේ නැත්තේ :P

      Delete
    4. පිස්සො කෑගහද්දි දොස්තර මෙන්න මේවගේ කමෙන්ට් එකක් දාල බලන් ඉන්නවලු. හී!

      Delete
    5. පව්ලූශා මහත්තයට සර්ව සම්පූර්ණ අප්සෙට් එකක් තියනවයි කියල පත්තර මහත්තයයි, උසබස්සි නෝනයි කියනව ඇහිල තියනව. ඒත් මට නම් එහෙමටම පේන්න නෑ. ලඟම තියන රෝහලේ (පයින්යන දුර 1 km) OPD එකට ගිහිල්ල ඕක අඩුකරගන්න පුලුවන්වෙයිනෙ.
      සිකුරාදා පෝයනෙ. ගණන්ගන්න එපා. මංහිතන්නෙ ඔය ජිම් වැඩේ නිසා මොලේ මස්ල්ස් වැඩිවෙලා

      Delete
    6. ඔහ්! ප්‍රා.. ගොඩක්ම ගොඩාක් ස්තූතියි ලින්ක් එකට. ඒ අරුම සිහින මවන්නාට හද පත්ලෙන්ම ඉරිසියා කරමි.

      So the next time your boyfriend tries to get you to "go all the way," tell him you don't want to "horse" around, because you'd rather get "horn-y" with your platonic unicorn. Then be sure to tell your unicorn what you said. They love puns, and every time a unicorn laughs, an angel has tender sexual intercourse on her wedding night. And nine months later, a rainbow is born!

      මේ ටික ඇති. හ්ම්ම්ම්.... කියවන්න පටන් ගන්න ඕන එයාව.

      Delete
    7. වැරදි කමෙන්ට් එකට ඉස්තුතියි කියල නේද? ලින්ක් එක පල්ලෙහා එකේ. බස්සි දැන් උස නිසා පහල පේන්නෙ නෑ හරියට.

      බස්සනම් ස්තුති කරන එකක් නෑ

      Delete
  9. මොකද වෙන්න බැරි ,දෙවිවරු අහසෙ ඉන්නැද්දි අපි වගේ කස්ටිය පොලවෙ ඉන්නෙ..මොනව වුනත් කගවේන්නු ,මකරු මේ ලෝකෙ ඇත්තටම හිටපු කාලයක් තිබුන..ආතර් රජ්ජුරුවන්ගෙ කාලෙ තමයි අවසානෙට මකරු හිටිය බව කියවෙන්නෙ..රාවණ යුගයෙ හිටපු නිට්ටෑවො කියන ජීවි විශේෂයත් අවදානයට ලක් නොවුන සත්ව වර්ගයක්...කගවේණා -කගපතක+වේගයෙන්+දුවන්නා හෙල බසින් බිදී ආ තවත් වදනක්....

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ ඔය කවුරු කවුරුත් ඉන්නෙ අපේ ඔලුව ඇතුලෙ කියලා. හිතන්ඩකෝ ඇපල් ගෙඩියට අපි ඇපල් නොකියා බටුපැපොල් කිවුවනම් කවදාවත් ඇපල් කියල ජාතියක් මේ ලෝකෙ ඇතිවෙන්නෙ නෑනෙ. හී!!

      Delete
  10. ඒ සිහිනය ඇතුලෙ කැමති දෙයක් කරන්න උන්ට පූර්ණ නිදහස තියෙනවා.
    .
    සැර කෝපි කුයිලකි
    .
    හරියටම මේ වෙලාවෙ ඕනෑම සාමාන්ය මනුස්සයෙක් සිටිය යුතු විදියට නිදාගෙන
    මීදුමත් එක්ක මුහුවුන ලිලියැක් මල් සුවඳකට යෝධයෙක්ව එම්බාම් කරන්න බැහැ කියලා කාටවත් සහතික වෙන්න පුලුවන්ද?
    මම අහන්නේ,
    .
    ඩයිනෝසර් පැටියාඌ ඉන්නෙ කට බාගෙට ඇරගෙන
    .
    දෙයි හාමුදුරුවනේ් පැටියා! කො?

    ReplyDelete
    Replies
    1. දේවශාපයා කමෙන්ටුවේ පල කල උපුටනයන් නිසා සිදුවෙන්නේ මට කොයිතරම් මඤ්ඤංද යන්න තහවුරු වීමයි.

      Delete
  11. උබේ නිර්මාණාත්මක හැකියාව සුපිරියි. නමුත් වචනවල පොඩි අවුලක් තියෙනවා
    බස්සියේ සිංහල භාෂා වයවහාරයීදේ රයිනොටම කඟවේනා කියලා කියනවා.
    http://maduraonline.com/?find=rhinoceros
    http://mawbima.lk/1-23453-news-detail.html

    මගේ අදහස නම් යුනිකෝන් සඳහා සිංහල වචනයක් නොමැති අතර කඟවේනා යනු රයිනො වේ.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අනිත් අයට කතාව තේරුම් ගන්න මගේ අඩු සිංහල භාෂා දැනුම බාධාවක් වෙලා නැහැනේ? එහෙනම් වැඩේ ගොඩ!

      ලින්ක් ලබාදුන්නට ගොඩක් ස්තූතියි මකසි!

      යුනිකෝන්ට සිංහල වචනයක් නැති එක මාර අවුලක්නෙ නේද! :(

      Delete
  12. අහ් රයිනෝසිරස්ලා... ඔව් අපෝ පුළුවන්.. නෑ මං කිව්වේ වෙන අහන්න දෙයක් තිබ්බෙම නැද්ද හැබෑටම මේ බට කොස්සියට ? (මේක කියෝලා මොලේ CrAck වෙමින් )

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මොලේ crack වෙච්ච් නැති තැනුත් තියෙනවද? :O

      Delete
    2. අලුතින් ක්‍රැක් වෙන්න ඉඩ තිබුනද අෆ්ෆා ඔය මොළේ?

      Delete
  13. ඌරො මහත් වෙලා වතුරට වැටිලා හිපෝලා හැදෙනවා. පොළොංගු? උන් තමා පිඹුරො වෙන්නෙ.
    අහසින් පොලවට වැටෙනකොට යුනිකෝන්ලට තව බෝනස් අඟකුත් ලැබෙනවලු.

    ReplyDelete
    Replies
    1. අන්න මධුමාධවීට තමයි වැඩේ හරියටම තේරුනේ!

      Delete
  14. වෙන්ඩත් පුළුවන්,නොවෙන්නත් පුළුවන්.එක සාපේක්ෂයි නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා උඹට සාපේක්ෂව මේ සේරම අමු කෙප්ප වෙන්නත් පුලුවන්!

      Delete
  15. Replies
    1. හිතුවා හොර පුසා මෙයාදෝ කියලා

      Delete
    2. ඥාව්!!! ^_^
      අඩේ හොර පූසා සද්ද එපා හරිය..

      Delete
  16. බස්සි හිතන විදියට හිතුවොත් වටපිටාවෙ ඔය වගේ කොච්චර දේවල් තියෙනවද?
    ජයවේවා බස්සිට!

    ReplyDelete
  17. මහාවංශයේ තියෙන කතා බැලුවාම මේවත් සහතික කර ගන්නා ලද පෙරාපු ඇත්ත කතා..

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ වර්ගපූර්ණිකාව? හික්ස්!

      Delete
  18. හුකෑස්....හරිම මාන්දවිකයි..

    ReplyDelete
  19. ඊළඟ ජොබ් එක සෙට් කර ගන්නේ නැතුව ඉන්න ජොබ් එකෙන් අස!වන එක නං එච්චර හොඳ වැඩක් නොවෙයි!

    කෙසේ වෙතත් ජය ම වේවා

    ReplyDelete
    Replies
    1. මාත් කට කැඩෙනකම් කිවුවා. කෝ ඇහුවයැ.

      බොහොම ස්තූතියි රසිකලොජිස්ට්!

      Delete
  20. මට මතක් වුනේ යූටියුබ් වල ඉන්න බස්සි වගේම මොලේ ක්‍රැක්වුන යූටියුබ් සෙලබ්‍රෙටි කෙනෙක්... සුපර්වුමන්... ඒ ළමයත් නිතරම යුනිකෝන් අයිලන්ඩ් කියලා තැනක් ගැන කියවනවා... එයා කියන විදියට අපි හැමෝටම තියෙනවාලු ඩ්‍රීම් යුනිකෝන් අයිලන්ඩ් එකක්...

    අපි හැමෝම එක එක මානසික විකෘතිතා ඇති අය කියලා බස්සි කියද්දී මට මතක්වුනේ මේ කියන යුනිකෝන් අයිලන්ඩ් එක...දෙන්නටම තියෙන්නේ එකම ක්‍රැක් එක මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අහෝ මම ඒ දැරිවි දුටුමතින් ඈ කෙරෙහි බැඳුනෙමි! වීඩියෝ ලින්කුවට බොහෝම ස්තුතියි බීට්ල්! ඉතින් ඒ දැරිවි කියන්නෙ ඇත්තනේ. හැබැයි එයා කියල නෑ ලොලිපොප් පිටේ එල්ලන් යන ඉත්තෑවො, ලුණුමිරිස් ජනේල් රාමු දාපු කිරිබත්ගෙවල් ගැන එහෙම. ඇයි හත්වලාමෙ කිචි කැවුවම නාහෙන් කොට්න් කැන්ඩි විදින මකරු හිටියනම් නරකද එහේ?

      Delete
  21. නොදොකින් විතරක් මේවා කියවන අපිට ගහන්න ඕනා ....... මොහොකින්ද මන්දා ???????? අර කන්ගවෙනාගේ නැතිවෙච්ච අනික් අනින්

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය කියල තියෙන්නෙ "අපි හැමෝම එක එක මානසික විකෘතිතා ඇති අය කියලා" මම නං ඒ කොටහ විතරයි කියෙව්වෙ.

      ඇත්තටම මට උඩ කවිය තේරෙන්නෙ නෑනෙ බස්සි. නිකං කපිල සෑර්ගෙ බෝට් ෆෝම් චෙයා ෆෝම් ලැක්චර් එකක් වාගෙ.

      Delete
    2. මැලේ රාළට මම කියන්නෑ ඉතින්. හැප්!

      Delete
    3. Cheena Jee, මේ මේ වෙනස් නමකින් ආපු ඔයා අපේ කැම්පුස් එකේමද? හමුවීම ඉතා සතුටක් ඈ!

      කපිල සර්ගෙ ලෙක්චර්සුත් මේ ක්‍රැක් වීමට වක්‍රාකාරයෙන් වගකියන්ඩ ඕනෙ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? මං ආසයි හැබැයි ඒ සයිකො හැදෙන සයික්ලොහෙක්සේන් කරකැවිල්ලට.

      Delete
  22. මම අහල තියනවා විකාර රූපී පිංතූර දිහා බලන්න දීල ඒ තුලින් පේන දේවල් විස්තර කලාම ඒ පුද්ගලයාගේ මනෝභාවය වගේ දේවල් ගැන හරියටම කියන්න පුළුවන් කියල. කොහෙන් ඒක ඇහුවද මට මතක නෑ...

    ReplyDelete
    Replies
    1. වෙලාවට උඹට මතක නැත්තෙ. නැත්තං මගෙ මනෝභාවය ගැන බ්ලොග් අවකාසෙ හැමෝම දැනගන්නව!

      Delete
    2. //නැත්තං මගෙ මනෝභාවය ගැන බ්ලොග් අවකාසෙ හැමෝම දැනගන්නව!// හුකෑස්

      Delete
    3. එහමත් එකක්ද?? හැක හැක..

      Delete
  23. සජ්ජා කියල තියෙන දේ නම් මමත් අහලා තියෙනවා. සමහර අවස්තා වලදී මානසික තත්වය මනිනත් ඔය වගේ එක එක රූප තියෙන කාර්ඩ් පත් යොදා ගන්නවා....

    හැබැයි ඉතින් පොලොවෙ ඉන්න උන් අඟ කපා ගන්නවා කියලා දන්නවා නම් වැරදිලාවත් පොලොවට වැටෙන එකක් නම් නෑ....

    ReplyDelete
    Replies
    1. එවුවා මතක් වෙන්නෙ නැතුව ඇති ෆාස්ට් ෆුඩ් කනකොට. කොහොමත් මැක්ඩොනල්ඩ්ස් කාරයා අපිට කියන්නෙත් නෑනෙ උන්දැගෙ කඩෙන් දිගටම කෑවොත් ෆැටි ලිවර් වගේ තත්ව එනව කියලා. එහෙත් හෙම වෙන්ටැ.

      Delete
  24. අඩේ...එතකොට මිනිස්සු කියන්නේ බර වැඩිවුන දෙවියන්ටද.....?ඒ කියන්නේ මාත් දෙවියෙක්.....

    ReplyDelete
    Replies
    1. කසුට්ටා දෙවියෙක් කියන එක හැර අර විශේෂණ පදයටනම් මම එකෙන්ම එකඟයි ඈ! :P

      Delete
  25. //මම අහන්නේ,
    කඟවේන්නු ඉන්නෙ වළාකුළු අතරෙනම්,
    රයිනෝසිරස්ලා කියන්නෙ බර වැඩි නිසා පොළවට කඩා වැටිච්ච
    කඟවේන්නු වෙන්න බැරිද??//

    මට තියෙන ප්‍රශ්නෙ මොකද්ද දන්නවද :D. ඒක එහෙමනං, අපි වැස්සකට අහුවෙලා තෙමෙද්දී ඔය වළාකුළු අස්සෙ ඉන්න කඟවේන්නු දාන මුත්‍රා පාරවල් වලට එහෙම අහුවෙනව වෙන්න බැරිද? :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මනා. උන් චූ කරන්නෙ ලෙමනේඩ්ලු.

      Delete
  26. ඇත්ත කියපං, උඹ අද පිස්සු පෙති ටික විසි කලානේ බොන්න කම්මැලි කමට?

    ReplyDelete
    Replies
    1. ඔය බස්සි අක්ක බේත් බොන්න හොරයි තමයි දිනේශ්... බසු අයියට කියන්න ඕනි දිය කරල හරි පොවන්න කියල :P

      මෙතන අපිවත් පිස්සු වට්ටනව පිස්සු බස්සි...

      Delete
    2. මගෙ බෙහෙත් බීමේ තරම ඉතින් උඹ දන්නවනෙ දිනේෂ් අයියේ.

      අර බේත් බොන කාලෙ මම දුන්නු උපදෙස් පිලිපැද්ද නම් උඹත් මේ වෙනකොට අර පටන් ගත්තු පිස්සු කතාව ලියල ඉවරත් කරල. කෝ ඇහුවයැ.

      Delete
    3. බස්සා සමග බෙහෙත් බිව් හැටි
      mission බෙහෙත් hiding

      Delete
  27. මට ඇමරිකාවේ සුද්දියන්ට ඡංගි මහන එක ලේසි උඔගේ ලිපි තේරැම් ගන්නවට වඩා

    ReplyDelete
  28. දොයියන් ඉන්න මිනිහා දැක්කට ඩයිනසෝරයා පේන්නෙ නෑනේ...!

    කෝපි බොන පූසෙක් ගැන ඇහුවමයි.....! කිරි දාන්නේ නැතිවද ඌ කෝපි බොන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ ඔය ඉන්නේ කොලපාටට බෙල්ල දික් කරන්!

      සාදරයෙන් පිළිගන්නවා දුමී! මේ අවස්ථාවේ මම අධිවේගයෙන් දුමීගේ කටකහන කතා කියවමින් ඉන්නෙ. මට කියවන්න ලැබුන සුපිරිම බ්ලොගක්. දැන් කියවන්නෙ කුකුල් කතාව.

      Delete
    2. කඟවේනා කියන්නෙ unicorn ට. රයිනෝට කඟවේනා නම පාවිච්චි කලාට දැන් බොහෝවෙලාවට කෙලින්ම සිංහලෙනුත් රයිනෝසිරස් ම කියනව. ප්‍රාග් ඉතිහාසයේ ලංකාවේ සිට ෆොසිල මගින් හඳුනාගත් රයිනෝසිරස් විශේෂයක ස්පීසීස් නම විදිහට දැරනියගල විසින් කඟවේනා දාල තියනව.

      කොහොමත් මිතොලොජිකල් යුනිකෝන්වනම් අල්ලගන්න පුලුවන් කියන්නෙ වර්ජින් කෙනෙකුට විතරයි.http://www.slate.com/articles/news_and_politics/low_concept/2011/09/the_joy_of_unicorns.html
      එතකොට වර්ජින් කෙනෙක්ව අල්ලගන්න පුලුවන් යුනිකෝන්ට විතරද කියල මං මේ කල්පනාකලේ.
      අර පව්ලූශා මහත්තයගෙන් අහල බලන්න ඕනැ. පෝස්ට් එකකින් ඕක පැහැදිලි කලොත් ඊලඟ පාර බ්ලොග් ප්‍රථම ස්ථානය ගනී.... posthumously හරි

      Delete
    3. ඕං වර්ජින් කෙනෙක් හොයල දුන්නොත් මං යුනිකෝන්ල දෙන්නෙක්ම ගෙනැත් දෙන්නං සුටුස් ගාල .. :D

      Delete
    4. ප්‍රා, මම මේක ට්‍රාන්ස්ලේට් කරන්න උත්සහයක් දාන්නද?

      Delete
  29. කොහෙද අප්පා අරකෙ ඩයිනෝ කෙනෙක් ඉන්නේ? :O

    ReplyDelete
    Replies
    1. අයියෝ සයුරි දැක්කෙත් නෑද ඩයිනෝ පැටියව? :/

      Delete
  30. නෑ නෑ බස්සියෝ..... කොහොමටවත් වෙන්න බැහැ

    කඟවේන්නු කියන්නේ පියාඹන්න කරපු නොනවතින උත්සාහයේ ප්‍රථිපලයක් විදියට අහසට නැග්ග රයිනෝසිරස් ලා......

    ReplyDelete
    Replies
    1. ශාහ්! මෙන්න මේ කියමනට මම පට්ට ලයික් ය!
      කඟවේණ්නු ගැන උණු උණු ලිපියක් දැම්මා. ඒකත් කියවලා එන්නකෝ උපයෝ...

      Delete