Tuesday, February 9, 2016

ආතල් ගන්නවද?





ගිය සතියේ බස්සිගෙ කොලමෙන් ගෙනාවෙ "අකාල වර්ණනාව" ගැන. ඉතින් මේ සතියෙ බස්සි කතාකරන්න හිතුවෙ 'අකාල වර්ණනාවේ' නිවුන් සහෝදරී කියලා කියන්න පුළුවන්, ඒ තරමටම හානිදායක වන 'දෙන්නං බැටේ විවේචන' ගැන.


ජීවිතේ යංග් කාර්තුව කියන්නේ අපිව අඹලා, කපලා, ඔපදමලා සිරා වැඩිහිටියෙක් විදියට සමාජෙට තල්ලු කරන්න තියෙන අන්තිම චාන්ස් එක. වර්ණනාවත්, ප්‍රශංසාවත්, විචාරයත්, විවේචනයත් මේ ක්‍රියාවලියට බොහොම වැදගත්වෙන උපකරණ. හැබැයි දැලි පිහියෙන් කිරි කන්න වගේම බෙල්ල කපන්නත් පුළුවන් බව අමතක කරන්න හොඳ නෑ!


අපි උදාහරණෙකට ගනිමු ටියුෂන් ක්ලාස් එකේ සගයෙක්. පොර අවුරුද්දක, දෙකක ඉඳන් කිසිම ක්‍රීඩාවකට සහභාගි වෙන්නෙ නෑ. බඩ පැලෙන්න කනවා. කාල බීලා ක්ලාස් එකේ පිටිපස්සෙ පේලියට වෙලා ගොරොද්දෙ ඇද ඇද නිදාගන්නවා.


සමහර එවුන් අර ළමයට 'බඩ තඩියා' කියල නමක් දානවා. ඊට පස්සෙ පොර නිදාගෙන ඉන්නකොට පිටේ 'බඩ තඩියා' කියල ලියපු කොලයක් අලවනවා. ඊට පස්සෙ ඒකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් හරි ඉන්ස්ටාග්‍රෑම් හරි අප්ලෝඩ් කරනවා. 'බඩා හෙවත් බඩ තඩියා' කියල කැප්ෂන් කරනවා. ඉන් පස්සෙ ඊට යටින් කමෙන්ටු ගණනාවකින් බනිනවා, උසුළු විසුළු කරනවා, හිනාවෙනවා.


එහෙමත් නැත්නම් පොර අමාරුවෙන් බඩ ගෙඩිය උස්සගෙන ක්ලාස් එකේ එහා මෙහා යද්දි කකුල් පූට්ටු දානවා. පාරෙ යද්දි හයියෙන් හූ කියනවා.


එහෙම අයගෙන් ඇහුවොත් ඒකට හේතුව මොකක්ද කියලා බොහොම ආඩම්බරෙන් උත්තර දෙන්නේ, "ඒ යකාව හදාගන්නයි අපි මෙහෙම කරන්නේ" කියලයි. ඒත් පොඩ්ඩක් නැවතිල්ලේ හිතන්න. ඔබ ඔය කරන දේවල්වලින්, ඔබේ රහස් කසුකුසුවලින් තවත් මනුස්සයෙක්ගේ ජීවිතයක් දිරදිරා යනවනම් ඒකට ඔබ වගකියනවද? අනුන්ගේ ජීවිත තියෙන්නේ 'දෙන්නං බැටේ ගේම්'වලින් ආතල් ගන්නද?


නමුත් සමහරු, බොහොම අඩු ප්‍රතිශතයක සමහරු ඉන්නවා එයාගෙ කරට අත දාල 'මොකක්ද මචං ප්‍රශ්ණෙ?' කියල අහන. සමහර විට 'බඩ තඩියා' ජීවිතේ එපා වෙච්ච නියුට්‍රල් මූඩ් එකෙන් ඉන්නෙ බූට් කේස් එකක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිනිහට අවලාද කියන එකෙක් මිනිහ ගැන ඉස්කෝලෙට කියපු බොරු කේලමක් නිසා වෙන්නත් පුළුවන්. අපි නොදන්න ගොඩක් කතා ඒ ඇතුලෙ තියෙන්නට පුළුවන්.


ඒ වගේ කෙනෙක්ට ඇත්තටම උදව් කරන්න. ඌව හදාගන්න ඕනෙ තමයි. පොරට තනියම උපදෙස් දෙන්න. ඔව්, තදින් කතා කරන්න. ජිම් එකට, ග්‍රවුන්ඩ් එකට එයාව ඇදගෙන යන්න. තමන්ගෙ ටීම් එකට අරගෙන පොර සෙල්ලම් කරද්දි චියර් කරන්න. ක්ලාස් එකේදි පොරට නින්ද යනකොට වැලමිටෙන් ඇනල ඇහැරවන්න.


තමන්ගේ කල්ලිය අතරෙ බැබලෙන්න හිතාගෙන තව මනුස්සයෙක්ගෙ ජීවිතේට "දෙන්නං බැටේ!" කියනවට වඩා කොයිතරම් ලස්සනද අගාධෙට වැටෙන්න යන කෙනෙක්ට අත දීලා උඩට ඇදල ගන්න එක?






55 comments:

  1. සිරා, පට්ට, පොල් කිරි, එළ.
    ඇත්තටම. Negative Reinforcement වලින් පුද්ගලයෙක්ව වෙනස් කරන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් අඩුයි කියල 1960 ගණන් වල ඉඳම්ම මානසික විද්‍යාඥයො කියල තියෙනව. හොඳ ලිපියක්. දෙමව්පියන්ටත් හොඳ පණිවිඩයක්.

    ReplyDelete
    Replies
    1. ඉයන් කලින් පෝස්ටුවට අදාල අකාල වර්ණනා කමෙන්ටුව වැරදිලා මෙතැන දාලා නේද?

      Delete
    2. මටත් හිතුනා. මේ පාර කොලම හරියට ලියවුනේ නෑ. ඉයන්ගෙ කමෙන්ටුව ironical වෙන්නත් පුලුවන්.
      :D

      Delete
  2. ගොඩක් වැදගත් ලිවිල්ලක්. ගොඩක් දේවල් මගේ මෙමරියටත් දාගත්තා..

    ReplyDelete
  3. උඹගේ ඔළුවට මෙව්වා කොහෙන් එනවද මන්දා එල මචෝ

    ReplyDelete
    Replies
    1. තැන්කිව් සානු කිඹුල් අක්කෝ :*

      Delete
  4. මදි වගෙයි කියල හිතුන...

    ඔය බුලින් කියන්නෙත් මේදේමද මන්ද. මට මතකයි හෙන්රි ඒ ගැන පොස්ටුවක් දාල තිබ්බ.

    මගේ නම් අදහස ඔය වගේ නම් පටබඳිමින් විහිළු කරන එක පොඩි කාලේදී කවුරුත් කරනවා. නමුත් එක සීමාවකදී ( මේ සීමාව හඳුනාගන්න නම් හදවතක් තියෙන්න ඕනේ බස්සි කියනවා වගේ) ඒක ඉක්මවා යන්න හොඳ නැහැ. මම මගේ පුද්ගලික අත්දැකීමක් කියන්නම්. මම 8 වසරේ ඉන්නකොට නසරානි කියන්නේ උපරිම! මමත් මගේ යාලුවනුත් පංතියේ ළමයෙක්ට විහිළු කළා ඉස්සර. ඊට පස්සේ අවුරුද්දේ පංතියකට ගියා. එයාට විහිළු කරපු එක ගැන මම අදට පසුතැවිලි වෙනවා.

    කොන් උන ළමයින් හෝ පුද්ගලයින් ගැන මට ගොඩක් දේවල් කියන්න තියෙනවා. පුළුවන් උනොත් පොස්ටුවක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. යා යා මේක මදි කියල මටම ලැජ්ජා හිතෙමින් ඉන්නෙ.

      බුලින් ගැන වචන තුන්සීයකින් ලියන්ඩ පුලුවන්ද කිහාන්? මට ලියනවනම් ලියතෑකි බුලින් ගැන පොතක් පිරෙන්න.

      Delete
    2. ඔය පත්තර වලට ලිවිල්ල මට වහක් වගේ ඔය අකුරු ගාන හින්ද ( නැතුව මට ලියන්න කියල කියන්නේ නැති හින්ද නෙවයි හරිද??? හි හි) එහෙම කියන්ඩ පුලුවන්ද මම කියන්නේ?

      බුලින් ගැන නම් පොතක් ලිව්වත් මදි. අවන්කෙන් කිව්වොත් මම ඒ පව්කාරකම කරලා තියෙනවා 8 වසරේදී. හැබැයි වැඩි කාලයක් කලේ නැහැ. මමම අරගෙන වෙනස් උනා. අදටත් ඒ හින්දා මම බුලින් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ උනාට ඉතින් ජානවලින් එනවද මන්ද ඔෆිස් වල බුලින් යනකොට කට කහනවා අප්පා...


      මට මතක් උනේ බස්සිගේ 'දුකා'

      Delete
    3. ගොඩක් වෙලාවට බුලීං කරන්නේ තමන් ගැන ආත්ම විශ්වාසය අඩු අය ඒක උඩ දාගන්න උපක්‍රමයක් වශයෙන්. උදාහරණයකට උපේක්ශා.. නෑ මේ සොරි එයා නෙමෙයි, උදාහරණයකට වෙන කෙනෙක්.

      Delete
    4. මට තියෙනවා බුලින් ගැන එකවසරෙ කතාවක්. හෙට දිහාට ඒක ලියල බ්ලොගේ දාන්නම් ඈ.

      Delete
    5. ඉයන්: කොටියම කන්ඩ !! මොකද්ද ඒ කතාව?

      බුලින් කරන උන් බැලුවම ගොඩක් වෙලාවට ඒ කතාව ඇත්ත. නමුත් සමහර වෙලාවට Over confidence අයත් එහෙම කරනවා.

      බස්සි:
      එල එල.. ඔය එන්නේ උල්පතෙන් වගේ!

      Delete
    6. විවාදයකට නෙමෙයි. මගේ අදහස නම් හැම මනුස්සයකුටම පිළිගැනීම (recognition) කියන එක ද්විතීයක අවශ්යතාවයක්. ඒ කියන්නේ කෑම, ඇඳුම්, ඉන්න තැනක් වගේ ප්‍රාතමික අවශ්‍යතාවයන් ලැබුණට පස්සේ. විවිධ හේතු නිසා සමහර අයට ඒක ලැබෙනවා. දක්ශතාවයන් නිසා, පර්සනැලිටි එක නිසා, ශාරීරික පෙනුම නිසා, මුදල් තියෙන නිසා, එකම දරුවා වීම නිසා, සහ තවත් හේතු. එහෙම ඒවා නොලැබෙන අය ඒක බලෙන් ගන්න උත්සාහ කරනවා. ඒකට පාවිච්චි කරන්නේ ශාරීරික ශක්තිය, එහෙම නැත්නම් තවත් කෙනෙකුගේ අඩුපාඩුවක් විවේචනය කිරීමෙන් තමා ඊට වඩා ඒ අතින් හොඳයැයි අන් අය සිතනවා යැයි හිතෙන නිසා. බුලී කිරීමෙන්, එසේ කරන්නා එයින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියල හිතුවොත් අදහසක් ඒවි. තමගේ ඔවර් කොන්ෆිඩන්ස් නිසා අන් අයව පාගා ගෙන සිටීම, අන් අය කියන ඒවා ගණන් නොගෙන හෝ පාච්චල් කිරීම බුලීං නෙමෙයි.

      Delete
    7. මම හිතන්නේ ඔබ නිවැරදියි. පරපිඩක මානසිකත්වයක් සමහර Over confidence අය තුල තියෙනවා. එය බුලින් නෙවෙයි. වැරදුනා.

      කොටිය කිව්වා ගමන් දනිස් දෙක කට කට ගගා එකට වැදුන නෙහ් ??

      Delete
    8. පරපීඩක කියන්නේ සේඩිසම් (sadism). ඒක Physical Sadism and Mental Sadism කියල දෙකක් තියෙනවා. Physical Sadism අය අන් අයට ගහන්න හරි වෙන ශාරීරික පීඩා කරන්න කැමති කම. Mental Sadism එක මානසිකව පීඩා කරන්න කැමතිකම. ඒවගේම ඒවගේ පීඩා විඳින්න කැමති අයත් ඉන්නවා. ඒ අයට තියෙන්නේ masochist කියල. ඇත්තටම මේ බුලීං වලට Mental Sadism හේතුවක් වෙන්නත් පුළුවන්. අර අන් අයව පහත් ලෙස සැලකීම වගේ ගොඩක් දේවලට හේතුව නම් පර්සනැලිටි ඩිසෝඩර්ස්. ඒවා 10 ක් ගැන විස්තර මෙතන තියෙනවා. මේක ගැන හැදෑරුවාම අපි ආශ්‍රය කරන ගොඩක් දෙනෙක්ගේ හැසිරීම තේරුම් ගන්න පුළුවන්. මේ ඩිසෝඩර්ස් වලට පොඩි පොඩි ස්ට්‍රේන්ස් අපි හැමෝටම තියෙනවා. ඒක ඩිසෝඩර් එකක් විදිහට එලියට පේන්නේ ඒ එකක් වැඩි වුණාම. අපේ තියෙන ඩිසෝඩර් ස්ට්‍රේන්ස් හඳුණාගන්න මේ කරලා බලන්න.

      Delete
    9. කොටියා මාව කන්න ආවාම මම ඌ එක්ක සාම සාකච්චාවක් දාලා, සල්ලි දීලා කියනවා මාව හැර ඕන කෙනෙක්ව කන්න කියලා.

      Delete
  5. ඉස්කුලේ යන කාලේ කරපු නසරානි වැඩ අතරේ මන් කවදාවත් නොකරපුම වැඩේ ඕක අප්පා..මොකද මන්ද මට ඒ වැඩේදී විතරක් හෙන අවිහිනසාවාදී අදහස් පහල වෙනවා...අනිත් එව්න්ට කියන්න එපා කියලත් නෑ හැබැයි මන්.හි හි හි

    ReplyDelete
  6. Too short.. just like two ladies above talking about bullying.. :)

    Interesting topic.. to remind you.. there is much more space in blogspot. No need to target the newspaper readers here.

    ReplyDelete
    Replies
    1. // to remind you.. there is much more space in blogspot. No need to target the newspaper readers here//

      Thank you. But Im posting the column in the blog just because of some "blog readers" who have asked me to do so. :)

      Delete
    2. ඒ ගොල්ලන් කියුවද ඔය පත්තරේට ලියන වචන තුන්සිය විතරක් උණ්ඩි කරලා බ්ලොග් එකෙත් දාන්න කියල.. ඇයි වදේ.. ඔය කතාවම ටිකක් අතපය දිග ඇරලා බ්ලොග් පොස්ට් එකක් විදියට දැම්මනම් හෙනද මන් අහන්නේ?

      Delete
    3. හෙහෙ එල එල! ඊගාව එකේ ඉඳල අනිවා එහෙම දාන්නම් මචෝ

      Delete

  7. //තමන්ගේ කල්ලිය අතරෙ බැබලෙන්න හිතාගෙන තව මනුස්සයෙක්ගෙ ජීවිතේට "දෙන්නං බැටේ!" කියනවට වඩා කොයිතරම් ලස්සනද අගාධෙට වැටෙන්න යන කෙනෙක්ට අත දීලා උඩට ඇදල ගන්න එක??/
    මේක අපේ ලාංකිකයෝ ගොඩ දෙනෙකුට නිතර නිතර මතක් කර දෙන්න ඕනා කාරණයක්

    ReplyDelete
  8. මම අර කිව්ව වර්ගයේ ගොන් ආතල් ගන්නේ නැත...

    ReplyDelete
  9. ඔය බූලිං කියන වචනේ මට තේරුන්නෑ අප්පා.. ඒ මොකක්ද???

    ReplyDelete
    Replies
    1. Bullying = using superior strength or influence to intimidate (someone), typically to force them to do something.

      Delete
  10. දුර්වල පුද්ගලයව තලා පෙලා දාන එක නිතරම සිද්ධ වෙන දෙයක්.එවැනි අයකුට උදව් කල යුතු උනත් අපි හැමෝම කරන්නේ ඒ වගේ අයව විහිලුවට ගන්න එක.

    ReplyDelete
    Replies
    1. අනිවා, මනෝ මේ සම්බන්ධ මානසික පැත්ත හෙම වඩා හොඳින් දන්නව ඇති නේද? ලියමුද ලිපියක්?

      Delete
  11. ඔන්න මමනම් ඔව්වට හවුල් උනේ නෑ. මම කරෙ අගාධෙට වැටෙන්න යන කෙනෙක්ට අත දෙන එක.

    ගොඩ කාලයක් ඉදන් blog එක පෑත්තට ආවට අදමයි comment කරෙ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තූතියි මෙලී!

      කොව්වටද මෙයා ඔයා හවුල් නූනෙ ඈ?

      Delete
  12. එකගයි. මිනිස්සුන්ට විහිළු කලාට ඒ කෙනාගේ ඇතුලත කොහොමද කියලා හොයලා බලන්නේ බොහෝම ටික දෙනයි. අනිත් අයව තේරුම් ගැනීමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචං.
      ගොඩක් අයගෙ පරමාර්ථය ඇරියස් කවර් කරගැනීම

      Delete
  13. මොකක්ද කේෂ් එක බක්ෂි ? ඔච්චර රැඩිකල් බස්සි ඕවත් ගණන් ගන්නවද? අර බුකියෙන් ගියා කිව්වේ..............

    ReplyDelete
    Replies
    1. හික්ස්! අයියෝ අජිත් අයියෙ. මේ කොලම ලිව්වෙ බුකියෙන් යන්න සතියකට කලින්. :)

      Delete
  14. තව එකෙක්ව බයිට එකට ගන්නවා තරම් ආතල් එකක් වෙන කොහෙද බස්සියෙ.. ඒකනෙ මෙච්චර එක එකාව බයිට් කරන්නෙ.. නැද්ද මං අහන්නෙ..?

    ඔය අනික් උන්ට අනං මනං කියන එකෙක්ව බයිට් කරලා බලන්න ඌට කේන්ති යන හැටි. ඒකෙන්ම පේනවා ඒකෙ තියෙන වේද්නාව. තමන් දිහා බලලා අනික් මනුස්සයත් තමන් වගේ කියලා හිතනව නම් ඕවා කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම අනංමනං වැඩිපුර කියන එකාව බයිට් කරන එක නම් මමත් කරනවා. ඇත්තටම ඌ තමයි වැඩිපුර කේන්ති ගන්නේ. ඊට පස්සේ මම කියනවා 'ඔයාට විහිළු තේරෙන්නේ නැත්තම්, අනිත් අයටත් ඒ ජාතියේ ඒවා නොකියා ඉන්න' කියල. සිරාවටම දැන් සතියක් නැහැ එකෙක්ට එහෙම කියල. තමන්ට දරන්න බැරි විහිළු අනිත් අයට කියන එකට නම් මම එක කකුලෙන්ම විරුද්ධයි.

      Delete
    2. දාන්න පහක්.. ඔය වගේ උන්ට ඔඛම තමයි කරන්න ඕනෙ.

      Delete
    3. අන්න එහෙම අනිත් අයව නිතර බයිට් කරන උන්ට සංවිධානාත්මක බයිටවල් දෙන එකනම් මමත් කරනවා. හැබැයි අර දෙන්නං බැටේ එව්වට නම් නෑ.

      Delete
  15. ඔව් බස්සී... කෙනෙක්ගේ ඇතුලාන්තය පිටින් පේන්න තියෙනවට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. හිතන්න යමක් ඉතිරිකල පොස්ට් එකක්.. (Y)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම තුශ්!:)

      Delete
  16. යාලුවෙක්ට විහිළුවක් කරන එකත්,කට්ටිය එකතු වෙලා බයිට් කරන එකත් දෙකක්.එහෙම තවත් කෙනෙක්ව බයිට් කරන අපි සර්ව සම්පුර්ණද ?නැහැනේ බං.

    ReplyDelete
  17. නරකිං කියල හැදිච්ච මිනිහෙක්වනං මටත් තාම සෙට් වෙලා නෑ

    ReplyDelete
  18. ඕකට ඔරිජිනලි කිව්වේ දෙඤ්ඤං බැටේ විචාරය කියලා.

    කෙනෙකුට හදාගන්න බැරි වැ‍රැද්දක්, ශාරීරික ලක්ෂනයක් අල්ලගෙන උසුලු විසුලු කිරීමෙන් මුලු ජීවිතයක්ම අගාධයකට දාන්න පුලුවන් බව අපිට ආතල් ගන්න වෙලාවට හිතෙන්නේ නෑ.

    මම ඔය දෙපැත්තෙම ඉඳලා තියෙන බව නියුට්‍රල් එකේ ප්‍රකාශ කර සිටිනවා.

    ReplyDelete
  19. මං අකාල වර්ණනාවට බයයි!! පට්ට බයයි...
    ඒත් දෙන්නං බැටේ වලට අම්මප මාර ආසයි... ( බොරු ඕන නෑනෙ)
    දෙන්නං බැටේ කියන්නේ ෆ්‍රී මාකටින්..... එයාගෙ වෙලාව නාස්ති කරගෙන අපට මාකටින් දෙනවා...
    වැඩේ තියෙන්නේ අපි ඇතුලේ... අපේ ඇතුලේ ඇත්තටම ගන්න දෙයක් තියෙනවානං දෙන්නං බැටේ කොච්චර ආවත් අපේ ගමන යන්න පුළුවන්...
    ඉතිං බස්සි ඇතුළු මචංලා!!!!!!!! සත පහකට කෙයාර් කරන්න එපා ඔ්‍ය දෙන්නං බැටේ

    ReplyDelete
    Replies
    1. There is nothing called negative marketing. Its just Marketing!

      :)
      දෙන්නං බැටේ විවේචන කියන්නේ ඉතින් භූමරංග වගේ ජාතියක්. අවස්ථානුකූලව මූණ දෙන්ඩ ඕනෙ ඒවට. කැරකිලා බූමරංගෙ එවපු එකාගෙම බෙල්ල ගැලවිලායනකම් බලන් ඉඳලා, තමන්ගෙ ගමන යන්නයි තියෙන්නෙ.

      Delete
  20. Wachana tika unath loku paniwidayak lipiya thula thiyanawa.
    writer kenekgen samaajayata wiyayuththe,
    haridhe ha hondhadhe (positive attitude) samaaja gatha kireemai.

    ReplyDelete
  21. මම නම් පොඩිකාලේ වලියට බරයි. (10 පන්තියෙන් විතර පස්සේ ඒක නැත්තටම නැතිවුනා.) ඒත් මම කවදාවත් මේ වගේ වැඩ කරල නැහැ. මම විතරක් නෙවෙයි අපේ ඉස්කෝලෙ හිටපු ගොඩක් උන් මෙහෙම නැහැ. ඒත් කවුරුහරි මට මේ වගේ දෙයක් කරන්න ආවොත් මම කලේ තැන නොතැන නොබල අතින් පයින් දීපු එක. ඒ නිසා කවුරුත් මට මෙහෙම කරල යහතින් හිටියේ නැහැ සහ පස්සේ කව්රුත් කලෙත් නැහැ. මගෙ යාළුවන්ට වුනත් එකයි.

    ReplyDelete
  22. බුලින් නම් මහ භයානක දෙයක් තමා. ලංකාවේ තව හොඳයි. ඔය බුලින් හින්දා සිය දිවි නසා ගන්න අයම කී දෙනෙක් ඉන්නවද

    ReplyDelete