අතීත කතාව
මේක බස්සිට
ඇහුන කතාවක්ය.
හිරු
හිනැහෙන්නේය. හිරු රැසින් කහ පැහැ ගැන්වුන වෙරළ දිගේ ඇවිද යන්නේ තරුණ ගැටවු
පිරිසක්ය. පෙනෙන නොපෙනෙන මානයේ ඈත එක් පුද්ගලයෙක් වෙරළත් මුහුදු රැළි බිඳෙන මානයත්
අතරතුර හදිසියෙන් මෙන් සක්මන් කරන්නේය.
වෙරළේ මද
දුරක් ඉදිරියට යන ගැටවු පිරිසට දිස්වන්නේ වෙරළ තීරය දිගේ පැතිර ගිය තාරකා මාලුවෝ
රෑනක්ය. කලින් දවසේ රෑ වඩදියත් සමග වෙරළට ඇදී ආ තාරකා මාලුන්ට යන එන මං නැතිවී ඇති
හැඩය.
පෙරකී
පුද්ගලයා මැදි වියේ අංකල් කෙනෙක්ය. ඔහු වෙරළත් මුහුදත් අතර සක්මනේ යෙදෙමින් තාරකා
මාලු එකා බැගින් මුහුදට මුදා හරින්නේය.
තාරකා මාලු දස
දහස් ගණනකි. අංකල් තනියෙන් වැඩය. කාර්යක්ෂමතාවය ගණනය කර බැලූ ගැටවු පිරිසට හිනාය.
"අංකල් බර වැඩ
වගේ....." එකෙක් ඇහුවේ කිචේටය.
"ඔවු පුතා." අංකල්
තවත් තාරකා මාලුවෙක් ඇහිඳින්නට නැවුනේය.
"පිස්සු පීකුදු වැඩක්නෙ
අංකල් ඕක! තාරකා මාලු දාස් ගාණක් නෙව. එකා දෙන්න මූදට දැම්මය කියල මොකක්ද ඇතිවෙන
වෙනස?" තව එකෙක් ඇහුවේය.
අංකල් අතේ
හිටි තාරකා මාලුවාව මූදට අතඇර කොල්ලා දිහාව බැලුවේය.
"ඒ තාරකා මාලුවාගෙ
ජීවිතේ මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙනවා...." ඔහු තවත් මාලුවෙක් ළඟ නැවෙමින්
කිවුවේය.
වර්තමාන කතාව
මේක බස්සි
දැකපු කතාවක්ය.
බස්සි රාගම
සිට කොටුවට යන කෝච්චියේ ගමන් ගන්නේය. කෝච්චියේ දොර ගාව කණුවේ වැහුවාම සුපිරි
හුළංඟක් වැදෙන්නේය. දෙමටගොඩට යන විට සෙනඟ මදක් තුනී වෙන්නේ ඔපීසි යන උදවිය
බොහොමයක් දෙමටගොඩින් බහින නිසාය.
වයස අවුරුදු
විසිපහක විතර තරුණයෙක් කෝච්චි සීට් එක උඩ පොතක් තියාගෙන මොන මොනවාදෝ ඉතා උවමනාවෙන්
ලියන්නේය. බස්සි නම් ඕපාදූප බලන්නට කිසිම ආසාවක් නැත්තේය. ඇඟිලි තුඩු වලින් ඉස්සී
පොතට එබී බැලුවේ ඒ නිසාය.
ඩබල් රූල්
පොතක පැන්සලයකින් ලස්සනට පේලියට අකුරු/ ඉලක්කම් ලියලාය. අලුත් පිටුවක තවත් අකුරක්
බොහොම උනන්දුවෙන් ලියවෙන්නේය.
දැන් අකුරු
ලියා අහවරය. කෝච්චි පෙට්ටියේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට එයා පොත රැගෙන එන්නේය.
සීට් එකේ පෝලිමට ඉඳගෙන ඉන්නා හැමෝටම පොත පෙන්වන්නේය. හැම කෙනෙක් ළඟම විනාඩියක්
විතර නවතින්නේ පිටු පෙරළා පෙන්නන්නය.
අංකල්ලා
කොල්ලාට ඔරවන්නේය. අක්කලා කොල්ලාගේ අත වැදී සාරිය කිලිටි වෙතැයි බයේ එහාට ලිස්සා
යන්නේය. ඒ වයසේ දරු මුනුපුරන් ඉන්නා ඇන්ටිලා කොල්ලාගේ පොත බලා ගස්සන්නේය. කොල්ලාගේ
මූණ මැළවෙන්නේය.
කොල්ලා පොත
වසන්නේය. සීට් එකේ අන්තිම කෙළවරේ තව එක අයියා කෙනෙක් ඉතුරුය. කොල්ලා බයෙන් බයෙන්
අයියාටද පොත පෙන්වන්නේය.
"කෝ බලන්න." අයියා
පොත අතට ඉල්ලා ගන්නේය. පිටුවෙන් පිටුව පෙරළා උනන්දුවෙන් කියවන්නේය.
"හරිම ලස්සනට ලියලා
නෙ!" අයියා කියන්නේය. "හරිම හොඳ ළමයෙක්නෙ ඔයා... ලස්සන අත් අකුරු"
අයියා පොත අතට
දී කොල්ලාගේ පිටට තට්ටුවක් දමන්නේය.
කොල්ලාගේ මූණ
හැටේ බල්බ් එක වාගේ එලිය වැටෙන්නේය. හදවතේ සතුට ඇස් දෙකෙන් වාන් දමන්නේය. අයියා ළඟ
හිටගෙන ගමනේ ඉතුරු කොටස අයියාගේ මූණ දිහාම බලාන ඉන්නේය.
පොත පපුවට
තුරුලු කරගෙන ඔහු මරදානෙන් බහින්නේය.
අනාගත කතාව
මේක බස්සි
අහලාත් නැත. දැකලාත් නැත. අතීත කතාවත්, වර්තමාන
කතාවත් අසා සිත පහදවාගෙන අනාගත කතාව ගොඩනැගීම නවාතැනට ගොඩවදින කුරුල්ලන්ට බාරය.
ප.ලි.
කෝච්චියේ
අකුරු ලියන කොල්ලාව බස්සි එදායින් පස්සේ දැක්කේ නැත. අයියාව නම් නිතරම දකින්නේය.
අයියා ඉඳහිට බස්සිගේ නවාතැනටද ගොඩවදින්නේය. අයියාගේ නම නොකීවේ එතකොට අගේ වැඩිවෙන
නිසාය.
මුනා ද තමා කියනවා
ReplyDeleteතේරුනේ නෑනෙ අයියෝ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඉතාමත් හොඳ post එකක්, මට හිතෙන හැටියට. අර කියන අයියා බස්සා වෙන්ට ඇති:-). තමන් ගේ යහපත, දියුණුව උදෙසා, තමන් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන ආත්මාර්ථකාමී සමාජයක, අනුන් ගැන සිතීමට, තමන්ට හැකි අයුරින් අනුන්ගේ ජීවිත යහ මගට ගැනීමට, අනුන්ගේ සැපත සතුට ගැන සිතීමට සමත් අතලොස්සගේ කැප කිරීම අවංකව අගය කල යුතුයි. එවන් මිනිසුන් සමාජයට බරක් නොවනවා පමණක් නොව සමාජය විසින් අදරින් රැක ගනු ලැබීම සොබාදමයි. එකිනෙකට වෙනස් ලෙස හැඟුනද, මෙම කථා දෙක තුන් කල් පවතින සදාකාලික යථාර්තයක්, එනම් පරාර්ථය, එහි ඇති වටිනා කම පහදා දෙයි. ඒ නිසා අනාගත කතාවක් නිර්මාණය කිරීමට අවශ්‍යතාවයක් මට නොහැඟේ.
ReplyDeleteඅතීත කතාවත්, වර්තමාන කතාවත් නුවණින් විමසා බලා අනාගත කතාව තමතමන් විසින් නිර්මාණය කරගැනීම වටී.... කොමෙන්ටුවට ස්තූතියි සිතුවිලි!! අයියා කවුද කියා නම් කියන්නට බැරිය.
Deleteමාහට ප්‍රශ්නයක් ඇත්තේය . ඒ පොඩි එකා ගොලු දරුවෙක්ද යන්නය .
ReplyDeleteලීවේ මොනාද හා යාචකයෙක්ද යන්න ගැටළුවක්ය .
____________
වෙනදා මෙන්ම කතාව මාරම ලස්සනය . අර්ථවත්ය .
මෙහි විශේෂත්වය කාල වලට බෙදී මය . අගනේය
ස්තූතිය .
පොඩි එකා ගොලු දරුවෙක් නොවේ. නමුත් පැහැදිලිව වචන කතා කිරීමේ අපහසුවකින් පෙලෙන්නෙකි. යාචකයෙක්ද විය නොහැක. කිසිවෙකුට අත නො පෑ බැවිනි. බස්සිට හැඟුන ආකාරයට නම් ඔහු මානසික වර්ධනය අතින් යම් තරමකට පසුගාමී දරුවෙකි.
Deleteඑක දෙක වසරවල දරුවන්ට ගුරුවරයා ඩබල් රූල් පොතේ පිටුවක පළමු පේලිය අකුරු පෙලක් ලියාදුන් පසු ඔවුන් එය පිටපත් කරන ආකාරයටම මොහුත් අකුරු පිටපත් කරයි. නමුත් රතු තීන්තෙන් පළමු අකුරු පෙල ලියාගන්නේද ඔහු විසින්මය. මානසික පසුගාමිත්වයකින් පෙළුනද ඉගෙනීමට ඇල්මක් දක්වන්නෙක් යැයි සිතිය හැක.
බස්සිගේ කතන්දර අගය කරමින් තව තවත් ලියන්නට දිරිමත් කරන කොමෙන්ටුවලට ගොඩක් ස්තූතියි තිලංග!!
පැහැදිලියී ස්තුතියී .
Deleteවෙනත් කෙනෙක්ගෙ හිතකට සතුටක් ගෙන දෙන්න තමන්ගේ වෙලාව කැප කරන්නේ එහෙමත් මිනිස්සු. ගුඩ් මෝනින් කිවත් ආපහු විෂ් එකක් ලැබෙන් නැති සමාජයක එහෙම හොඳ මිනිස්සුත් ඉන්නව කියල දැනගන්න ලැබුන එක සතුටට කාරණයක්..
ReplyDeleteඅතීතයේ වාගේම වර්තමානයේත් අනිත් අයගෙ ජීවිතවල යහපත් වෙනසක් ඇතිකරන්න කැපවුන මිනිස්සු ඉන්නවා රතී. ඔවුන්ව හඳුනා ගැනීම වගේම අපේ හද තුල ජීවත්වෙන ඒ චරිතය ඉස්මතු කරගෙන අනාගත කතාව අප විසින් ලියා තියමු.
Deleteමැද කතාව තව ටිකක් විස්තර වුයේ නම් අගනේය. එය අනාගත කතාව හිතින් හෝ මවාගන්නට රුකුළක්ම වන්නේය. මේ වෑයමට තුති.
ReplyDeleteමැද කතාව විස්තර කලා මදි කියලා හිතුනෙ කට්ටිය ඒක ගැන ගොඩක් දෙවල් අහනවා දැක්කාම. අපහැදිලි තැන් වලට කොමෙන්ටු හරහා පිළිතුරු ලබා දෙන්නම්.
Deleteඔබ රචනා කරන අනාගත කතාවේ ප්‍රධාන චරිතය ඔබම විය යුතුයි. කොමෙන්ටුවට තුති...!
කොහොමත් ලොකු වෙනසක් කරන්නට පුන්චිම් පුංචි දෙකින් හැකිවන්නේය . එය සත්‍යයකි
ReplyDeleteඇත්ත. එක පුංචි වැළි කැටයකට කාන්තාරයක් වෙනස් කරන්න පුලුවන්. ස්තූතියි පවුලූෂා.... නැත්නම් මම පාවුකා කියලා කියන්ටද....? ;)
Deleteමිනිස්සු හැටියට අපි තව කෙනෙක් ව තේරුම් ගන්න උත්සහ කරන්න ඕනෙ නෙ....
ReplyDeleteසහතික ඇත්ත. ඒකත් මනුස්සකමේ කොටසක්.
Deleteඇඟේ හැපීගෙන, පෙරලාගෙන, බෙලි කපාගෙන මැරතන් දුවන ලෝකයේ මේ වගේ සුන්දර මනුස්සකමුත් තියෙන එක ලොකු සතුටක් :)
ReplyDeleteඑහෙම මනුස්සකමක ඇසින් දුටු සාක්කි කාරියක් වෙන්නට ලැබීම මගේ වාසනාවක්...
Delete