හෙට බස්සිගෙ උපාධි ප්‍රදානෝත්සවය. බොසාගෙන් නිවාඩු ඉල්ලලා පච වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ නිසා බස්සි මේ සතියේ සෙනසුරාදාත් වැඩ කලා. බස්සිව බස් එකට නග්ගවන්නයි කියල බස්සාත් ආවේ බස්සි බෑග් මලු එක්ක කොටුවේ පේවුමන්ට් එකේ කරණමක් ගහාවි කියන බයෙන් වෙන්න ඕනෙ.
"බස්සෝ...."
"හ්ම්ම්ම්......................." බස්සා සුපුරුදු පිලිවදන දෙනවා.
"අනේ මාව කටුනායකටම ඇරලවන්නකෝ......."
"අද මට වැඩ ගොඩයිනෙ බබා..."
"අනේ බස්සෝ.... ඔයාගෙ පුංචි හුරතල් බස්සි කටුනායකට යනකම් පාලුවෙ යයි. පව්."
බස්සි තොඳොල් වෙවී බටර් පාර ගාන්නේ බස්සාගේ හිත උණු වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඇත්තටම ඒ අහන බස්සාගෙ හිතත් මොළොක් වෙනවා.
"හා එහෙනම් ඉතින් යමුකො."
"හ්ම්ම්ම්......................." බස්සා සුපුරුදු පිලිවදන දෙනවා.
"අනේ මාව කටුනායකටම ඇරලවන්නකෝ......."
"අද මට වැඩ ගොඩයිනෙ බබා..."
"අනේ බස්සෝ.... ඔයාගෙ පුංචි හුරතල් බස්සි කටුනායකට යනකම් පාලුවෙ යයි. පව්."
බස්සි තොඳොල් වෙවී බටර් පාර ගාන්නේ බස්සාගේ හිත උණු වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඇත්තටම ඒ අහන බස්සාගෙ හිතත් මොළොක් වෙනවා.
"හා එහෙනම් ඉතින් යමුකො."
පිටකොටුවෙ පෙට්ටි කඩේකින් බස්සයි බස්සියි කීරවඩේ ගන්නවා. ඌරන්ට මොන සෞඛ්‍යද?? පෙට්ටි කඩේකින් ගත්ත කඩචෝරුවක් බෝක්කු ගැට්ටක් උඩ වාඩි වෙලා හෙමින් හෙමින් රසවිඳිනකොට දැනෙන ෆන් එක තරු පහේ හෝටල් වල තියේද?
කොටුවෙන් 187 බස් එකට නැගපු ගමන් ගෙදරින් කෝල් එක ආවෙ හරියට බලා උන්නා වාගෙ.
"තාත්තෙ මම තනියම නෙමෙයි බස්සත් එක්කමයි එන්නෙ." කියලා කට ගන්න ලැබුනෙ නෑ...
"කොච්චර හොඳද? එහෙ ඇවිත් තේ ටිකක් එහෙම බීලා යන්න බැරියැයි." තාත්තා බස්සිගේ වැඩවලට කොයි වෙලාවෙත් ෆුල් සපෝට් නෙව.
කොටුවෙ ඉඳන් කටුනායකට බස් ගමන සුන්දර අත්දැකීමක් නෙමෙයි. තැනින් තැන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසා ගමනාගමනයට උදලු වැටෙනවා. ආසියාවේ ආශ්චර්ය දකින්න නම් ටිකක් දුක් විඳින්නෙ නැතුවත් බෑ නෙව.
උදේ ඉඳන් සැරින් සැරේ කොළඹට වැටුන චුරු චුරු වැස්ස නැවතිලා. හීන් අවු රැල්ලක් බස් එකේ කවුලුවෙන් එබිකම් කරනවා. ඉර හිනාවෙනව බලන්න බස්සි ආසයි. බස්සි ජනෙල් තිරය මෑත් කරනවා. එහාපැත්තෙ සීට් එකේ ඉන්න අංකල් කෙනෙක් ඒ දිහා බලලා හීනියට ඔරවනවා. නතිං ටු ඩූ අංකල්. බස්සි එක්ක එක බස් එකේ යන්න වුනොත් ඔහොම තමයි.
කටුනායකින් බස්සිව තාත්තට බාර දීලා බස්සා බෝඩිමට යන්නයි හැදුවෙ. ඒව කොහෙද බස්සියි තාත්තයි එක්ක. බස්සාව තේ බීලා යමු කියලා නග්ග ගත්තා ඉස්සරහින්ම. මගදී තාත්තා පොළට ගිහින් එන්න නැවැත්තුවාම බස්සි බස්සාට නේල් ආර්ට් දාන හැටි ගැන පාඩමක් කියාදුන්නා. හ්ම්ම්... බස්ස ගෝලයත් නරකම නෑ. උනන්දුවෙන් තාත්ත එනකල්ම ට්‍රයි කලා පිට යන්නෙ නැතුව කියුටෙක්ස් තවරන හැටි ඉගෙනගන්ට.
ගෙදර ඇවිත් තේ බීලා එහෙම බස්සි ක්ලාස් ගිහින් හිටපු නගාට එස්.එම්.එස්. එකක් කෙටුවෙ බස්සත් ඇවිත් ඉන්න බව දැනුම් දෙන්නයි. අහෝ එයින් වූ ආශ්චර්යක මහත!! එස්. එම්. එස්. එක ලැබුන සැනෙන් නගාගේ හවස පංතියේ සර්ට අසනීප වෙලා නගා වරුවෙන් ගෙදර ආවා නෙව.
"මට ඕර්ගන් එක ප්ලේ කරලා පෙන්නන්නකෝ...." බස්සා හදන්නෙ මගේ සායම යවන්ට තමයි. බෑ කියල පච වෙනවද? හැකියාව පෙන්නලා පච වෙනවද? යාන්තම් සිංදු දෙක තුනක් කොටාගෙන (නිල් අහස් තලේ ද ඇතුලුව.) ජාමෙ බේර ගත්තා.
කීබෝඩ් එක උඩ දුවන බස්සිගෙ ඇඟිලි උඩින් අත යවමින් බස්සත් ප්ලේ කරන්න ඉගෙනගන්නයි සූදානම. සංගීත පාඩමෙන් එහාට ගිහින් ඇඟිලි තුඩු එකිනෙක පැටලෙන ඒ මොහොත සංගීතයට වඩා රසවත්.
පැය දෙකක් විතර කී බෝඩ් එකයි වයලින් එකයි කුරුටු ගාමින් සිංදු හත අට කියන කොට බස්සට උදේ තිවුන හදිසිය අමතක වෙලා. ඉන් පස්සෙ බස්සයි නංගියි සෙට් වුනේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් බලන්ට.
"පුතේ බත් කමු." බස්සිගේ අම්මා දොර රෙද්ද මෑත් කරලා කාමරේට එබෙනවා.
"දැන්ම බෑ අම්මා. ෆිල්ම් එක ඉවරත් නෑ." බස්සිගෙ නගා උත්තර දෙනවා ඇහෙනවා.
"මම ඇහුවෙ පුතාගෙන්."
නගාගෙ මූණ ඥුක් වෙලා යන හැටි බස්සිට මැවිලා පේනවා. අම්මලා කොහොමත් වැඩිපුර ආදරේ පුතාලට නෙව. ඒ නිසා බස්සා අපේ අම්මගෙ ආදරේ හොරා අරන්.
දවල්ට බයි එහෙම කාල බස්සා ආයෙත් වතාවක් "තව ටිකකින් යන්න ඕනෑ" බව ප්‍රකාශයට පත් කලා. ඒත් එක්කම නගා බස්සාව ඇදගෙන ගියේ අලුතෙන් ගත්ත පොත් වගයක් පෙන්නන්න. පොත් පෙරල පෙරලා ඇඳේ වැටිලා තුන්දෙනාම ඔහේ පච කියකියා හිටියා හරිම නිදහසේ. බස්සි බස්සාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගන්නවා දැකලා නගා ඇස් දෙකත් වහගෙන. අපි හොඳ ළමයි බව ඒකා දන්නෙ නැතුවද කොහෙද? බස්සා නාගෙන ආපු බස්සිගෙ කොණ්ඩෙත් ඩ්‍රයි කරලා දුන්නා ඒ අතරෙ.
හවස තේ බීලා බස්සා යන්න පිටත් වෙනකොට බස්සිත් ආවා තාත්තත් එක්ක බස්සාව මගට ඇරලවන්ට. හෙට උදේම BMICH එන පොරොන්දුවත් එක්ක බස්සා පිටත් වුනා.
කොහොමින් කොහොම හරි බස්සිව උදේ කොටුවෙන් බස් එකට නග්ගන්න කියලා ආපු බස්සා ආපහු යනකොට හයත් පහුවෙලා. දැන් තමයි ඕං බස්සා බෝඩිමට ගියාය කියලා කෝල් එක ආවෙ.
සුන්දරම දවසක්. වැඩ පාලු වුනාට කමක් නෑ බස්සෝ. බස්සි අද ගොඩාක් සතුටෙන්.
අනේ හොදයි... :)
ReplyDeleteහොඳයි නෙවෙන්නම්. :)
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteInteresting
ReplyDeleteThankZ akkaa!!
DeleteInteresting
ReplyDeleteInteresting
ReplyDeleteහ්ම්ම්.... බ්ලොගර් එකේ මොකක් හරි අවුලක් වගේ. එකම කොමෙන්ටුව දෙතුන් පාර පබිලිස් වෙලා....
Deleteසුබ පැතුම් බස්සටයි බස්සිටයි ...
ReplyDeleteස්තූතියි සුළඟ....!! බස්සා ඩිග්‍රි ගත්තෙ නම් ගිය අවුරුද්දෙ. බස්සි ඉතින් බස්සාට වඩා අවුරුද්දක්ම බාල පුංචි නංගියෙක් නෙව. අද තමයි ඕං බස්සිට ඩිග්‍රි ලැබුනෙ.
Deleteසුබ පැතුම් බස්සටයි බස්සිටයි :) බස්සි BMICH එකෙ නැවතුනාද? අලුත් කථා ලිව්වෙ නැහැනෙ???
ReplyDeleteThankuu thankuu!! අනේ නෑ අක්කා. Convocation එකෙන් පස්සෙ බස්සිගෙ ජීවිතේ තවත් ලොකූ වෙනසකුත් සිද්ද වුනා නෙව. හීනයක් හැබෑ වුනා. ඒකට මාන්සි වුන නිසයි පහුගිය ටිකේම නවාතැනට එන්න වෙලාවක් නොවුනෙ. ඔන්න අද කතාවක් ලියනවා.
Deleteසුභ පැතුම් බස්සි! හී හී බොසාගෙන් නිවාඩු ඉල්ලාගැනීම නම් සහතිකෙන්ම පචවෙන වැඩක් තමයි. ලොල්!
Deleteතැන්කූ තනිතරුව. ඔයාටත් ඒ ගැන අත්දැකීම් තියෙනවා වාගෙ. පහුගිය සතියෙමත් මමනම් බොසාගෙන් කන් දෙක පිරෙන්න අහගත්තා. :)
Deleteදුකටද සතුටට ද මන්දා ඇහේ කදුලක් මතු උනා බස්සියේ...ඩොකාටත් කාලෙකට කලින් ඔහොම ජිවිතයක් තිබ්බ ...වැඩ කිඩ ගොඩ උන දාටත් දුවන් යනවා විනාඩියකට මුණ බලලා එන්න...විනාඩිය ඉවර වෙන්නේ බිම් කරුවල වැටිලා එයාලගේ තාත්තා වෙලාව මතාක් කරන කොට තමා...ඔයාගේ කතාව කියවද්දී මට අමතක උන මගේ ඇතිතේ මතක් උනා....
ReplyDeleteබස්සිගේ අත්දැකීම සහෘදයන් විඳගන්න ආකාරය දකිනකොට හරිම සතුටුයි ඩොක්ස්....!!!
Delete