Sunday, November 10, 2013

නවාතැනේ සාදයක්!! කන්න බොන්න හිනාවෙන්න :)


එන්න. එන්න. ඇවිත් ඉඳගන්න. ආරංචිය දැනගෙනමද ආවෙ?

 
හරිම සන්තෝසයි. එන්න ඇතුලට. වාඩිවෙන්නකො තියෙන විදියට හත් අට පොළකින්.

 
ඉතින් ඉතින්.... ආ අන්න අරගොල්ලොත් එනවා, මම කතාකරලා එන්නම්.

 
හැමදාම ආවට අද ඉතින් බස්සිට විශේෂ දවසක් නෙ මෙයා.


ගන්න. බලන්නකෝ රහයිද කියලා.


 



මේවනම් මමමයි හැදුවෙ.






 
ආ ඔයා පැණිරසට එච්චර කැමති නෑ නේද? ඔයා එන බව දැනගෙනම මම මේවා ගෙනාව.







 
ඔව් අනේ... මෙයා හොඳ සින්ගර් කෙනෙක්. ලස්සනත් එක්ක නේ.




 
එන්න එන්න. මම ඔයාල වෙනුවෙන් පාර්ටියට ගෙන්නාපු මැජික් ශෝ එක.






 
ඩිනර් එකට නම් පිට්සා ගෙනාවෙ. අයියෝ බඩ පිරිලා කියන්න එපා. චුට්ටක් හරි කමු. කාල බීම එකකුත් බීලාම ඉමු.




එන්නකෝ පොඩ්ඩක් ඩාන්ස් කරන්න. අර කට්ටිය දැනටමත් ඩාන්ස් ෆ්ලෝ එකේ.





ඔව් අනේ. මට හරිම සතුටුයි. බස්සිගෙ නවාතැනේ සියවෙනි පෝස්ටුව දැම්මෙ අද නෙව. ඒකයි නේ පාර්ටිය. කේක් එක අයිසිං කලෙත් මමමයි. ලස්සනයි නේද?






 
එහෙනම් කේක් එකත් කපලා කෑල්ලක් කාලම යමු.

71 comments:

  1. හුරේ මන් ආවෝ එකටම

    ReplyDelete
    Replies
    1. යෑස් බේබි!! 100 වෙනි පෝස්ට් එකේ එක ඔයා!!!

      Delete
    2. මගේ connection අවුල් ගියා නැත්තම් මම තම ආ

      Delete
    3. බොරු කියන්න එපා , මන් ෆෝන් එකෙන් පෝස්ට් එක කියවලා සාලෙන් රූම් එකටත් ඇවිත් දැම්මේ කොමෙන්ට් එක

      Delete
    4. හී... චමියා නටන්න ගිහින් ඔමා... ඒකයි පරක්කු වෙලා තියෙන්නෙ. ;)

      Delete
  2. yes yes මං එක ,, ෆෝන් එකෙන් කියවුවේ දුවගෙන ඇවිත් ලැපෙන් කොමෙන්ට් කළා , මගෙන් සුබ පැතුම් බස්සියේ ,, තව දාහක් ලියන්න ,, ,, ඒවගේම බස්සා එක්ක ආදරෙන් ඉන්න ,, සතුට සමාදානය , විවේකය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා ,, මන් ආසම දේ මෙතන නැහැ ,, රෑ වෙලා එන්නම් ,, අපේ සෙට් එකකට ඩ්‍රින්ක්ස් අරන් වැඩි වුනාම කරන කෝලම් බලන්න ඉදගෙන ඔව් :)

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පේ ඔයා ආසම එක? green grasshopper එකක්ද? ;)

      ආසා එක දැන්ම කියලා ගියා නම් මට ඕඩර් කරන්න පුලුවනි "ඉඳගෙන". :)

      Delete
  3. කාලා,බීලා ඩාන්ස් පාරකුත් දාලා කේක් කපන්න ආවා.......මගේ උණුසුම් සුබ පැතුම් බස්සියේ...ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානු.... වේලාසනින්ම පාර්ටියට ඇවිත් නේ... රෑ වෙනකම් ඉඳලා යන්න හොඳේ...

      Delete
  4. ඔහ මාරයි සුබ පැතුම්.හැබැයි බඩගිනි හදපු ඒක මම තරයේ හෙලා දකිනවා, ඔවු තරයේ

    ReplyDelete
    Replies
    1. අද ඔයාට එක වෙන්න බැරි උනේ ඩාන්ස් කරන්න ගිය නිසා නේද? හී හී... :D

      Delete
    2. හෑ ඔවු මේ slt router ඒක මාත් එක්ක dance කරනවා එකයි :p

      Delete
    3. SLT නිසානෙ මල්ලි අවුල. ගන්නකො Dialog! ;)

      Delete
    4. හික්ස් එහෙනං දෙන්නකෝ අක්කේ අපිටත් dialog signal :p

      Delete
    5. සිග්නල් නැතෙයි. ඇත්තටම? වෙන්න බෑ... කොයි පලාතෙද?

      Delete
    6. රත්නපුර නවනගරේ,මේ වෑයම 4g ලබා ගැනිමට නොව 3g ලබා ගැනීමටයි

      Delete
  5. ඔන්න මමත් ආව. පොඩ්ඩක් පරක්කු උනා නෙව. අද පාරවලුත් වහලනෙ. මම කලින්ම ඕන දේවල් ගෙනත් දීල අඩුපාඩු බලලනෙ ගියෙ. ;)

    සුබපැතුම් මගෙ ආදර බස්සි පැටික්කියට !!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ බස්සා පැට්ටෝ.... ඔයා නෙවෙන්නම් නිතරම මගෙ බ්ලොග් එකේ අඩුපාඩු හොයලා උදවු කරන්නෙ.

      Delete
  6. Onna math ava. Kala bola ikmanata yanava havai. Mokada heta uden nagitinna onane.😊🎁

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ. ආපු එක වටිනවා නෙව. හෙට එනකොට මට තෑග්ගකුත් අරන් එන්නකො එහෙනම් ලොකු මස්සිනේ... :D

      Delete
  7. 100 ක් ලියලද ඔයා... අම්මෝ...

    ReplyDelete
  8. තෑංක්ස් ස්ස් ස් ඈ __________ :-)
    කාලෙකි එන්න උනේ ආව විතරයි දන්සැළක් නියමයි ඕන් .
    ජය !!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ඔයා හොඳ දවසෙ ආවෙ. ස්තූතියි සජාන්...!!

      Delete
  9. Good luck for the blog,,,Love u and ur blog tooooo....
    there are some fans in OCEAN UNIVERSITY too with this wish!!!!!!

    ReplyDelete
  10. සීයට මගෙන් උණුසුම් සුභ පැතුම් !!! දෙසීයත් ඉක්මනටම දාන්න ලැබේවා !!! හැබැයි ගුණාත්මක දේවල්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදීක අයියේ. බස්සිගේ නැණ පමනින් ගුණාත්මක දේ ලියන්න උත්සාහ කරන්නම්.

      Delete
  11. මගේ සුභ පැතුම්!!!

    ReplyDelete
  12. සීයට මගෙන් සුභ පැතුමන්...!
    අද එලටම වැඩ කිඩ එක්ක පෝස්ට් එක හරිම ලස්සනයි...
    දිගටම ලියන්න ශක්තිය....
    බස්සි ...ට....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජයියේ.... :D

      පාර්ටියට ඇවිත් සතුටු වුනානම් ඒ ඇති. දිගටම එන්නෝ....

      Delete
  13. යකෝ දැන් බස්සිත් ආච්චි කෙනෙක් එහෙමනං (සීයා කියන්න බෑනේ), සුබපැතුම් මචං බස්සියේ සීයට. හැබැයි මට හිතෙන්නේ උඹ තාම උපරිම හැකියාව අපිට පෙන්නුවේ නෑ කියලා. මොකද උඹ සිරා වැඩ්ඩේක්‌ සොරි වැඩ්ඩියක්.... ජයවේවා, දිගටම ලියවෙවා

    ReplyDelete
    Replies
    1. හී... තැන්කූ තැන්කූ පවුලූශෝ... :)
      ලැජ්ජත් හිතෙනව අනී..... බලමු බලමු. පුලුවන් හැටියට උපරිමය කොරන්න.

      …ආච්චි නෙමේ මම තවම සූටි කෙල්ල හරිද?

      Delete
  14. ඔන්න එහෙනම් රජ වීදියෙනුත් බස්සිට සුබ පැතුම්...

    ReplyDelete
  15. ඔන්න එහෙනම් මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. අප්පේ අත් දෙකත් පිච්චෙනවා. තැන්කූ ගාලුවෝ.... :)

      Delete
  16. බස්සිගෙ සීයට අපෙන් දහස් වරක් උණුම උණු උණුසුම් සුභ පැතුම්!
    ලිවුවා වගේම අර්ථවත් ලිපි දාහක් ඉක්මනටම ලියන්න ලැබේවා!
    :-)

    ReplyDelete
    Replies
    1. අප්පුච්චියේ මෙයාත් අත් දෙක පිච්චෙන්නම උණු සුභපැතුම් ගෙනල්ලා නෙව.
      තැන්කූ ප්‍රියෝ....!

      Delete
  17. කෙළ ගිලෙනවෝ.... ඔන්න අපෙත් සුබ පැතුම් බස්සියේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලිනියෝ.... :)

      Delete
  18. පොඩ්ඩක් පරක්කු උනො ....දුර ඉදන්නේ එන්නේ (මැලේසියාවේ ඉදන් බොල ) පටියේ ඉතුරු මුකුත් නැද්දෝ ....... ගෙදර හදපුවනම් පරණ ක් උනත් අපි කනවෝ........ සීයෙන් දෙසියට ඉක්මන් ගමනකට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාලේ...!! පාර්ටියට ගෙනාවෙ ලේසියෙන් එක්ස්පයර් වෙන්නෙ නැති කෑම. ඔය තාමත් දුං ද දා තියෙන්නෙ. :D

      Delete
  19. සුභ පැතුම්!!!!!!!!!!කෝ යකෝ බත්?

    ReplyDelete
    Replies
    1. මොනාද අනේ බත් ඉතින් හැමදාම කන එකනෙ. ඕන් ඔය අඩුපාඩුව අමතක වෙන්නත් එක්ක අර නංගි එක්ක පොඩ්ඩක් ඩාන්ස් කරල එන්නකෝ අරූ. ;)

      Delete
  20. ehemada! ehenam onna magenuth suba pathum....!

    ReplyDelete
  21. party eka nam niyamai bassiyo... ehenam thawath liyanna suba pathanawa... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කවි අයියා....

      Delete
  22. බස්සී, මුලින්ම සොරි වෙන්න ඕන ඊයේ එන්න බැරි උනාට.. මගේ සන්ඩේ එක ෆන්ඩේ උනේ නැති හන්දා එන්න බැරි උනා.. හරි

    ලිපි 100ට සුභ පැතුම්.. මම ඉතින් මෑතකදිනේ සෙට් වුනේ.. හැබැයි ඉතින් ආවා කියන්නේ බස්සී මේක ලියනකන්ම එනවා කියන එක තමයි.. දිගටම ලියන්න සුභ පතනවා.. ජය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේශ් අයියා. සීය දැම්මට පස්සෙ නවාතැන පැත්තට ආවෙ අද තමයි. අනිවා, දිගටම ලියනවා. :)

      Delete
  23. ඔන්න එක රජ කෙනෙකුට හිටියා අස්සයෝ සෙට් එකකුයි කොටළුවෝ සෙට් එකකුයි. දවසක් රජතුමා යුද්දෙකට ගිහින් දිනලා ආපහු මාලිගාවට ආවාම නියෝග කරා යුද්දේ දිනන්න උදවු කරපු අස්සයෝ සෙට් එකට මිදී යුෂ දෙන්න කියලා. මිදී යුෂ බීපු අස්සයෝ ටික පාඩුවේ නිදා ගත්තා මහන්සි යන්නත් එක්ක. මිදී යුෂ මිරිකා අහක් කරපු රොඩු ටික විසිකරන්නේ අපරාදේ කියලා හිතපු කෙනෙක් ඒ ටික දිය කරලා දුන්න අර කොටළුවෝ ටිකට. අනේ එදා මුළු රෑම රජ්ජුරුවන්ට නිදා ගන්න නෑලු.

    හොඳයි නේද මගේ කතාව.
    අනේ ලකෆ්‍රෑන්ස් උඹ කොහෙද ?

    මගේ මල්ලියේ,උඹට තව කාරණයක් කියන්න ඕනේ.උඹ අද ඊයේ දාපු සයිබර් අව්රුදු ෆොටෝ පෝස්ට් දෙකම මම බොහොම කැමැත්තෙන් කියෙව්වා මගේ මල්ලියේ.ඒ පෝස්ට්නන් එළ, සුපිරි, පට්ට, මල් හතයි ඈ, නියම පෝස්ට් එකක්, ++++++, එක හුස්මට කියවගෙන ගියා., හිහ්, මාර රසයි බං, :), සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !, *, බුහහා, පට්ට..., හික්ස්..., හයියෝ සල්ලි, ලොල් ම තමා. එළ ඈ!, එළ කතා....., හි හි හි....., කියෙව්ව ඔන්න....., ෆස්ටය...., මරු ...., ලොල් ...., හක්,,ඒක එල හලෝ, හොක් හොක්...!!, මරු බං..!, එක හුස්මටම කියවගෙන ගියා. මට කට උත්තර නැතුව ගියා, සාහිත්‍යය රස බේරෙනවා., පුග්, :), මම අද එක ද ?, හුරේ.. මම එක, මම එක ද මන්දා...?, ලොවෙත් නෑ, සිරා පෝස්ටුව, මාර රහයි, ජය, :-D :-D, ගති, මට ඇඩෙන්න වගේ, හොදට ලියල තියෙනව, ඔයානම් මාරයි අනේ, නෙදකිං, (Y) මල්ලියේ.

    http://lakafrance.blogspot.com/2013/04/8.html

    ReplyDelete
  24. සීයට සුභපැතුම්!

    ReplyDelete
  25. මගෙනුත් උණුසුම් සුබ පැතුම්. දිගටම ලියන්න. 200ත් ඉක්ක්මන්ට ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්දික. දිගටම එන්න, දිගටම ලියන්නම්. :)

      Delete
  26. 100ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ රජෝ!!! රජාටත් එසේම වේවා!

      Delete
  27. ඔන්න එහෙනම් අපි කැව බඩ පිරෙන්න.නැටුම් තෙල් නැතුව නටන්න්නනම් බැ.හෙනම් සුබවෙවා කියල අපි ගියා

    ReplyDelete
    Replies
    1. බස්සි නම් ඔය නැටුම් තෙලට විරුද්ධයි. ඒ නිසා ස්ප්‍රයිට් බෝතලයක් බීල තමයි දමිත්ට නටන්න වෙන්නෙ. :)

      Delete
  28. මගෙනුත් සුබ පැතුම් බස්සිට....මම කලින් ආව 4න් එකෙන්...අදයි කොම ඔන් කොරන්න විවේකයක් ලැබුනේ

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ. කොහොමහරි ආවනෙ. බස්සිටත් විවේකය අඩුයි මේ දවස්වල.

      Delete
  29. සුභ පැතුම්/................තව දහස් ගණනින් පෝස්ටු දමන්නට ලැබේවා බස්සි කෙල්ලට..!

    ReplyDelete
  30. බොහොම ස්තූතියි රෙහානි අක්කා....

    ReplyDelete

  31. දැනගෙන ආවා කිව්වොත් බොරුවක්. එනකල්ම දන්නේ නෑ. ඒකනේ මේ ගෙදර ඉන්න විදියටම ආවේ.
    ශතකයට උණුසුම් සුභ පැතුම්. දිගටම හූම් හූම් ගාන්න ලැබේවා.

    අර නැ‍ටුම දැක්කම මට මතක් වුනේ එක පොරක් ඔලුව පලාගෙන ඇක්සිඩන්ට් වෝඩ් ගියාම දොස්තරලා අහලා මොකද වුනේ කියලා.

    "අනේ ඩොක්ට, මම මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ලම්බාඩා සින්දුවට ඩාන්ස් කරනකොට ඒකිගේ තාත්තා ආවනේ."

    "ඉතින් මොකක්ද ඩාන්ස් කරන එකේ අවුල?"

    "තාත්තා බීරි පොරක්නේ."

    ReplyDelete
    Replies
    1. හී.... ඒකට කමක් නෑ ඩූඩ් කොහොම හරි ආවනෙ. සීයෙන් පස්සෙ බස්සිට ලියන්න බැරිවෙයිද මන්දා... කරදර ගොඩයි. ඩැඩා තාම හොප්පිටල්. :(

      අර සිංදුව මොකද්ද කියල බස්සිට ක්ලික් උනේ නෑ. ගූගල් දෙයියාගෙන් අහලයි දැනගත්තෙ.

      Delete
  32. සන්තෝසයි අක්කේ .................
    දිගු කාලයක් මෙලසම ලියන්න ලැබෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා අක්කේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි. දිගටම බස්සිගේ නවාතැනට එන්න හොඳේ...

      Delete