Monday, November 18, 2013

හොකී ගහන ගෑනු


අදනං බස්සි හදන්නෙ යාලුවො කස්ටියට පොඩි පහේ දැනමුතුකමක් දෙන කතාවක් කියන්ට. මේක වැඩිපුරම වැදගත් වෙන්නෙ පෞද්ගලික අංශයේ රැකියා කරන සහ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටියට තමයි ඕන්.




"සන්නිවේදන කුසලතාවය" ඔන්න ඕක හරියට නොතිබුනොත් බොහොමයක් පෞද්ගලික ආයතන වල ජොබ ගැටගහගෙන ඉඳීම බොරු. රාජ්‍ය අංශයේ ජොබ රැක ගැනීමට මේක ඒ තරම් වැදගත් හැකියාවක් නූනත් ඕනෑම තැනකදි ඉහලට යන්න බලාපොරොත්තු වෙනවානම් කට පාවිච්චි කරන්ට ඕනෙ කොහොමද කියන එක බොහෝම වැදගත් වෙනවා.


මේ සිද්ධිය වුනේ එක්තරා සුපිරි වෙළඳසැලක. ඔවුවාට යන එන පාරිභෝගිකයන්ටත් බොහෝවිට සුපිරි සැලකිලි ලැබෙනවා නෙව. (සුපිරි විදියට පොකැට්ටුවටත් තට්ටු කරන ගමන්!)


දවසක් එක මනුස්සයෙක් මේ සුපර් සෙන්ටර් එකට ඇවිත් කඩේ සේවකයෙක්ගෙන් අහනවාලු මට රටලූණු ගෙඩියකින් බාගයක් ගන්න පුලුවන්ද කියලා.




සුපිරි වෙළඳසැල් වල එහෙම බාග විකුනන සිරිතක් නැහැ නෙව. පාරිභෝගිකයාව අසතුටු කොරන්ටත් බෑ. ඒ නිසා සේවකයා ගියාලු මැනේජර් මහත්තයා හොයාගෙන මේ ප්‍රස්නෙට විසඳුමක් බලාපොරොත්තුවෙන්.

 
මැනේජර්ගෙ කාමරේ දොර ඇරගෙන ඇතුලට යන ගමන්ම පොර මැනේජර්ට අවනඩුව කියාගෙනලු ගියෙ;

"සර් බලන්න සර් කවුද මන්දා ස්$%@$# ක් ඇවිත් ලූණු බෑවක් විකුණනවද අහුවා නෙව."

මැනේජර් ඇස් දෙක නළලට ගන්නවා දැක්ක සේවකයා පිටිපස්ස බැලුවලු. එතකොටයි පොර දැක්කෙ අර මනුස්සයත් මැනේජර්ගෙ කාමරේට එනකම් පස්සෙන්ම ඇවිත් ඉන්න බව.

"හොඳ වෙලාවට මේ මහත්තයා කැමති වුනා ඒ ලූණු ගෙඩියෙ ඉතුරු බාගෙ ගන්න." සේවකයා ඇඟට පතට නොදැනි කියලා දැම්මලු.

මැනේජර්ට ඉතින් මාරම හැපි. ඇයි දෙයියනේ අපහාස නඩුවක් වැටෙන්න තිබුන කේස් එකක් අපේ මෑන් ගොඩින් බේරුවානෙ අපූරුවට.

එදා හවස මැනේජර් බොහොම සතුටෙන් අර මෑන් වැඩ කරන තැනට ගිහින් පිටට තටුවක් දාලා කතා කරාලු.

"පුතා අර වෙලාවෙ කස්ටමර් එක්ක ඩීල් කරපු විදිය ගැන මට ඇත්තටම සන්තෝසයි. අපිට මෙතන වැඩ කරන්න ඕනෙ ඔයා වාගෙ හිතලා බලලා වැඩ කරන උදවිය. පුතාගෙ ගම කොහෙද කිවුවෙ?"

"මම ඉපදුනේ කැනඩාවෙ සර්." පොර ආඩම්බරෙන් උත්තර දුන්නාලු.

"කැනඩාවෙ? අපි කොහොම හරි ලංකාවෙන් කැනඩාවට පනින්න ට්‍රයි කරනවා. ඔයා මොකද එහෙ ඉපදිලත් මෙහාට ආවෙ?" මැනේජර් පුදුමෙන් වගේ ඇහුවලු.

"වැඩක් නෑ සර්. එහෙ ඉන්නෙ ඔක්කොම ව්@&#@% ගෑනුයි, හොකී ගහන උනුයි විතරයි."

මැනේජර්ගෙ මූණ කලු වුනාලු. "ඇත්තද? මගේ වයිෆ් කැනේඩියන් ජාතිකයෙක්."

"සිරාවට? එයා මොන හොකී ටීම් එකටද සර් සෙල්ලම් කරලා තියෙන්නෙ?"



48 comments:

  1. මේ කතාවෙ versions කීපයක්ම තියෙනව නේද ?
    බස්සිගෙ බාසාවෙං කියනවනං, මං අහල තියෙන්නෙ මේකෙ "බීප්" version එක...

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා එහෙමද? "බීප්" "බීප්" කියලා ඇහැකිනං "බීප් වර්ශන්" එකත් දාන්නකො.

      Delete
  2. අග කොටස මොලේට ප්‍රරතික්ක්රියා කලේ නැ නෙහ්

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ ආචාර්යතුමෝ... ප්‍රනික්‍රියා කොරන්ට ඕනෙම කෑල්ල නෙව මගඇරිල තියෙන්නෙ!!

      මැනේජර්ගෙ වයිෆ් කැනේඩියන් නම් පොර කලින් කියාපු විදියට එයා ව්@&#@% ගෑනියෙක් (ඇයි කැනඩාවෙන් ආව කිව්වෙ ඒ නිසානෙ.
      පොර ඉතින් මැනේජර්ගෙ වයිෆ්ව හොකෙය් ගහන එකෙක් විදියට හරවලා ජාමෙ බේර ගත්තා.

      අනේ මං මෙහෙම ජෝක් විස්තර කොරන වැඩේට එච්චර මනාප නෑ. අද පළමු වතාවට නවාතැනට ගොඩවැදුනු ආගන්තුකයෙක් නෙව. කියලා නොදීත් බැහැනෙ.

      Delete
    2. නොතෙරුනේ එහෙ නෙමේයි මැඩම්...හොකි ගැහිල්ල..හොකි ක්‍රීඩාව ගැනමද කියලයි දෙගිඩියාව....
      කොටලා ගියේ අද උනාට මම කියවන්න නිතරම අවා ගියා..ඇනෝ කෙනෙක් විදියට උන්නේ.. වැඩත් එක්ක නිර්නාමිකව උන්නට හැන්ගිල ගැහිලි මට හුරු නැ...ඉතින් ඇනෝ කොමෙන්ට් දැන්මේ නැ..ඉදිරියට මෙහ් නමින් ප්‍රොෆ ඉදි හැම තැනම....

      Delete
    3. ඒක හොඳා ප්‍රොෆා තුමෝ, එහෙම එකක් තියෙනවාද මන්දා. බස්සිටනම් හිතුනෙ කැනේඩියන් ටීම් එක හොකී වලට ප්‍රසිද්ධ නිසා කියලයි. (බලාගෙන ගියාම බස්සිගෙ ජෝක් එකට බස්සිත් ටියුබ් ලයිට්ද මන්ද...)

      ඇනෝ කමෙන්ට්ස් වාරණය කරන්ට වුනා නෙව. හොඳා මෙහෙම ආපු එක. සාදරයෙන් පිළිගන්නවා!

      Delete
    4. බොහොම ස්තුති බස්සියේ...
      කැනේඩියන් ටීම් එක හොකි වලට ප්‍රසිද්දයි කියලා දැන ගත්තේ මෙහ් ලිපිය කියවල ඉවර වෙලා ගූගල් දෙයිය සරණ ගියා වෙලාවේ නොවැ....

      වරණ නොතිබුනත් මම ඇනො කමෙන්ට්ස් දන්නේ නැ...එක මගේ අනන්‍යතාවය නෙමෙඉ නෙහ්...

      Delete
    5. //වාරණ නොතිබුනත් මම ඇනො කමෙන්ට්ස් දන්නේ නැ...එක මගේ අනන්‍යතාවය නෙමෙයි නෙහ්..//

      ඒ අදහස වෙනුවෙන් බස්සිගේ ප්‍රණාමය!

      Delete
  3. මගේ මොලේ ප්‍රතික්‍රියා සීග්‍රතාව බැහැලද මන්දා..? ගොඩක් කාලෙකින් මෙහාට බැහැපු නිසාද මන්දා තේරෙන්නේ නැහැ නේ... :/

    - මම || Bora Diyaka Induwara ||

    ReplyDelete
    Replies
    1. මැනේජර්ගෙ වයිෆ් කැනේඩියන් නම් පොර කලින් කියාපු විදියට එයා ව්@&#@% ගෑනියෙක් (ඇයි කැනඩාවෙන් ආව කිව්වෙ ඒ නිසානෙ.)
      පොර ඉතින් මැනේජර්ගෙ වයිෆ්ව හොකී ගහන එකෙක් විදියට හරවලා ජාමෙ බේර ගත්තා.

      බෙනා ලැපට බේත් කරගෙන වාගෙ! සන්තෝසයි ඈ... :)

      Delete
  4. හෙක් හෙක්............... පව් අප්පා මැනේජර් සෑර්

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් රෙහානි! කමක් නෑ වැඩේ ගොඩින් බේරුනා නෙ.

      Delete
    2. @රෙහානි අක්කට විතරද එතකොට තේරුනේ :o

      Delete
  5. අග කොටස මොලේට ප්‍රරතික්ක්රියා කරන්නේ නැහැ පොඩි උත්ප්‍රේරකයක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මැනේජර්ගෙ වයිෆ් කැනේඩියන් නම් පොර කලින් කියාපු විදියට එයා ව්@&#@% ගෑනියෙක් (ඇයි කැනඩාවෙන් ආව කිව්වෙ ඒ නිසානෙ.)
      පොර ඉතින් මැනේජර්ගෙ වයිෆ්ව හොකී ගහන එකෙක් විදියට හරවලා ජාමෙ බේර ගත්තා.

      ඔන්න සම්පූර්න සක්‍රියන ශක්තිය සපයලා ප්‍රතික්‍රියාව මංම සම්පූර්ණ කොරලා දුන්නා. දැන් තේරුණැයි?

      Delete
  6. මං හිතන්නේ ජාතික පිලේ වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. වෙන්ටෑ වෙන්ටෑ.... මැනේජර්ගෙ වයිෆ් නෙව!

      Delete
  7. අය්යෝ මගේ හොකී!!! "හොකී ගහන ගෑනු" කියලා මාතෘකාව දාලා දාන්න වෙන මුකුත් තිබුනෙම නැද්ද අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. නෑ නෙ අෆ්ෆා.... ඔයා ආසා විදියට මාතෘකාව හරි තියෙනවනෙ ඉතිං!

      Delete
    2. හා...කො :P

      Delete
  8. පෞද්ගලික අංශයේ රැකියා කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටියට university of kelaniya එකේ නම් career fair එකට සෙට් වෙන්න තමයි තියෙන්නේ...:D (සල්ලී දෙන්නේ නැතුව දාපු add එකක්)

    ReplyDelete
    Replies
    1. හයියෝ... මෙන්න මුදල් නොගෙවා හොරෙන් ඇඩ් දානවෝ....!!! කමක් නෑ අපේ කැම්පස් එකේ වැඩක් නෙ. ඒත් ඉතින් ඇඩ්වර්ටයිස් කලාට ඕක විවෘත කැළණි සරසවියෙ ෆයිනල් ඉයර් කස්ටියට විතරයි නේද?

      Delete
  9. BUSසී.....හොකී කියන්නේ අර කළු කොටුයි, සුදු කොටුයි තියෙන බෝඩ් එකක දෙන්නෙක් වාඩිවෙලා ගහන ගේම් එකද? අන්තිමට දාම් ගිය එක්කෙනා දිනුම් නේද? මට මතකයි.

    ReplyDelete
    Replies
    1. හයියෝ.... අරූට වැරදිලා නෙව. කලු කොටුයි සුදු කොටුයි තමයි. ගේම් එක ගහන්නෙත් දෙන්නෙක්. ඒත් දිනන්නෙ රජාව චෙක් මේට් කලාම.

      Delete
    2. අයියෝ මේ වයසක උන්දැලගෙ කතා වලට බස්සි රැවටෙන හැටි!

      Delete
    3. එතකොට රාජ් කියන්නෙ ඕක ප්ලේ කරන්නෙ වෙන විදියකට කියලද? :O

      Delete
  10. හෙහ්, පවු අෆ්ෆා මැනේජරයා.. මොනවා හිතුනද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. දිව විකාගෙන අභාවප්‍රාප්ත වෙන්න හිතුනාලු...

      Delete
  11. විහිළුව නැවත නැවත පහදලා දෙන්න වෙලා තියනවා දැකලා හතර පාරක්ද කොහෙද හිනා ගියා....

    ReplyDelete
    Replies
    1. විහිලුව නැවත නැවත පහදා දෙන්න කම්මැලි කමට එකම පැහැදිලි කිරීම කොපි පේස්ට් කරන්න වුනා.

      Delete
  12. මම නම් මැනේජර්....

    මම උගේ එවෙලෙම බෙල්ල මිරිකනව....

    ReplyDelete
    Replies
    1. ආන්න හොඳා.... ඌ මැරෙයි. උඹ හිරේ යයි.

      Delete
  13. පව් අහිංසක මැනේජර්!

    ReplyDelete
    Replies
    1. මැනේජරයා නෙව ඉල්ලං කෑවෙ.

      Delete
  14. සුපිරි වෙළඳසැල් වලදි මට නං මුනගැහෙන්නෙ මේවගේ නෝනල!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රාජ්. ඔය සුපිරියි කියන ගොඩක් වෙළඳසැල් වල අලෙවි සේවිකාවො හද්දා පිටිසර ගම්වල කෙල්ලො. (උංගෙ කටේ සැර නම් පිටිසර නෑ.) රැකියාවට ඒ හැසිරීම ඔබින්නෙ නෑ තමයි. ඒත්......

      බස්සිත් මාස කීපයක් "ලංකාවේ ෆැෂන් ට්‍රෙන්ඩ් සෙටර්" කියන, ටී ෂර්ට් එකක අවම මිල රු.2500 ඉක්මවන ෆැශන් ස්ටෝර් එකක ඇනලිස්ට් කෙනෙක් වෙලා හිටියා. ඒකෙ අලෙවි සේවිකාවො දැක්කාම හිතෙන්නෙ කොළඹ හතේ, පට්ට පොශ් කෑලි කියලයි. ඒත් හැමෝම වාගෙ එන්නෙ හද්දා පිටිසරෙන්. යාන්තම් ඕ ලෙවල් කරා විතරයි ගොඩක් අය. උන්ගෙ ජීවිතවල ඇතුලාන්තය දැක්කාම ඇත්තටම දුකයි. හ්ම්ම්... ඒ අත්දැකීමත් ලිපියකින් බෙදා ගන්ට ඕනෙ ළඟදීම.

      Delete
  15. කොල්ලගේ මොලෙත් නරකම නැහැ..

    ReplyDelete
    Replies
    1. මොනාද අනේ නරකම නෑ කියන්නෙ... නරක නෑ නෙමෙයි පට්ට සුපිරි මොළයක් නෙව!

      Delete
  16. පවු දෙයියනේ මැනේජර්. මටත් ලගදි ඔය වගේම සිව්දියක් වුනා. අපේ වැඩ කරන තැනට ආපු ලොරි ඩ්‍රයිවර් කෙනෙක් ලො‍රිය දාලා පැය ගානක් අතුරු දහන්, අපි ලොරි ගෝලයත් එක්ක මෑන්ට හොදටම බැන්නා. "මූ කොට්ටක්වත් පනින්න ගියාද දන්නෑ" කිය කිය. මේ මෝඩයත් සද්දෙ වහලා අහන් හිටියා. අන්තිමේ බැලින්නම් ගෝලයා ඩ්‍රයිවර්ගෙ පුතා. වලියක් නොයා බේරුනෙ නූලෙන්.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. පුතාටත් ඒ තාත්තා කියලා කටක් ඇරල කියන්ට බය හිතෙන්න ඇති මෙයාලා බනින හැටි ඇහුවාම :D

      Delete
  17. ළූණු කතාව නම් පටේ පට්ට

    ReplyDelete
  18. හෑ අනේ මන්දා ඔයා ජොබ් කියනකොට මතක් උනේ maths කරලා තියන ජොබ් මොනවද කියලා දැනගන්න පොඩි article එකක් ලියලා බ්ලොග් එකේ දාන්නකෝ

    ReplyDelete
    Replies
    1. ඕක අපේ බස්සාට කිවුවනම් තමයි වටින්නෙ. මොකද බස්සි Bio නෙව. මම හිතන්නෙ ලංකාවෙ Job oppertunities වැඩිම විෂය ධාරාව තමයි මැත්ස්. මල්ලි තවම දොළහ වසරෙ නේද? G+එකේ පෞද්ගලිකව ඇහුවොත් විස්තරාත්මක උත්තරයක් දෙන්න පුලුවන් වේවි. මොකද තමන් කැමති ෆීල්ඩ් එකක් වීමත් වැදගත් නෙව.

      Delete
  19. මාත් ටියුබ්ලයිට් උනා නොවෑ (බීප් දාල තිබ්බ තැන් වටහුනෙත් නෑ :p )

    මොනා උනත් සේවකය superviser කෙනෙක්ට උනත් ගැලපෙනවා :)

    ReplyDelete
    Replies
    1. අනේ නොවැටහෙන්න ඔයා බබා.... :P

      Delete
  20. මො කක්ද හැබෑට ඔය හොකි කියන්නෙ ,අර මොකක්ද මගුලක් බිමට දලා අර පොලු කැලි ටිකක් අරන් එක පස්සෙ දුවන එක ද ???මම නම් දන්නෙ නෑ
    කොම උනත් කතාව එල හොදේ /...

    ReplyDelete