Saturday, November 30, 2013

හතළිස් අටවෙනි කොටස : ලොකුම වරද


බස්සි බස්සාව අඳුනාගෙන ගෙවෙන පළමු පෙම්වතුන්ගේ දිනය. ඒ කාලෙ බස්සිට ඔය තෑගිබෝග ලස්සනට හදලා ඇඳලා දෙන ඒවා ගැන ලොකු වැටහීමක් තිවුනෙ නෑ. වැලන්ටයින් දිනයට කලින් දවසෙ බස්සා බස්සිව බෝඩිමට ඇරලවලා ගියාට පස්සෙ බස්සි ආපහු ඇවිත් හොරෙන්ම බස් එකක නැගලා කිරිබත්ගොඩ ගියේ තෑග්ගක් තෝරා ගන්න.



 පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන්ම හදාපු රතු පාට, රෝස පාට විසිතුරු හදවත් හැඩේ සුකුරුත්තම් වලින් කඩවල් වල රාක්ක පිරිලා. රෝස මල් දාස් ගණන් පදික වේදිකාව දිගට පවා අලෙවි වෙනවා.

ඒත් බස්සිගේ හිත ගියේ ඒ එකකටවත් නෙමෙයි. වීදුරු වලින් හදාපු ලස්සන ෆ්ලේජ් අස්සයෙකුට. බැටරි දාලා පුංචි බොත්තමක් එබුවාම අස්සයාගෙ ඇතුලෙන් ලස්සන නිල් පාට එලියක් විහිදෙනවා. බස්සි ඉතින් දැක්ක ගමන් හිත වැටුනු නිසා ඒක මිළදීගෙන ආවා,

පහුවෙනිදා උදේම බස්සා එක්ක ජිම් කැන්ටිමට ඇවිත් දෙන්නත් එක්ක සුපුරුදු මේසෙ කෙළවරේ වාඩි වුනා.

"කෝ බස්සියෝ ඇස් දෙක පියාගන්න," බස්සා කිවුවා.

බස්සි අත් දෙකෙන් ඇස් වහගත්තෙ කපටි කමට. එතකොට ඇඟිලි අස්සෙන් හොරෙන් බලන්න පුලුවන් නෙව.

බස්සා බෑග් එකෙන් රෝස පාට පාර්සලයක් එලියට ගත්තා.  හෙමිහිට බස්සිගෙ අත් දෙක මෑත් කරලා වටපිට බලලා නළලට ඉක්මන් හාද්දක් දුන්නා. "හැපි වැලන්ටයින්ස් ඩේ බස්සියෝ!' බස්සා බස්සිගෙ කනට කෙඳිරුවා.

බස්සි හෙමින් සැරේ පාර්සලය දිග ඇරලා බැලුවා. ලස්සන චූටි ටෙඩියෙක් ඉන්න පෙට්ටියකුයි, හුරුබුහුටි සුභපැතුම්පතකුයි ඒකෙ තිවුනා.

දැන් බස්සිගෙ වාරෙ. තැග්ගට අමතරව හැම විශේෂ අවස්ථාවකදිම බස්සා වෙනුවෙන් ලියැවෙන කවි පන්තියකුත් බස්සාට ලැබුනා.

මේ තියෙන්නෙ බස්සා එදා දීපු තෑග්ග.




පහුවදා උදේ බස්සි කැම්පස් යන්න සූදානම් වෙනකොට බස්සාගෙන් කෝල් එකක් ආවා.

"බස්සියෝ... ඔයා එනවා නේද?" බස්සාගෙ කටහඬ හිරවෙලා වාගෙ.

"ඇයි. මොකක් හරි අවුලක්ද?"

බස්සිත් පටස් ගාල ඩෙනිමටයි ටී එකටයි බැහැලා, බාටා දෙකත් දාගෙන ඉගිල්ලුනා. බස්සා බස්සිගේ බෝඩිමේ ගේට්ටුවට චුට්ටක් එහායින් මග බලාන ඉන්නවා.

"මොකක්ද අවුල බස්සෝ?" උත්තරයක් නෑ. බස්සා බිම බලාගෙන කැන්ටිම පැත්තට තටු ගහනවා.

බස්සි කැන්ටිමේ පුටුවක වාඩි වුනා. බස්සා බස්සිගෙ උරහිසට ඔලුව තියා ගත්තා. ලොකුම අවුලක් වගෙයි. ඇස් දෙකේ කඳුලු කැට දිලිසෙන හැටි බස්සිට පෙනුනා. බස්සි හෙමින් හෙමින් බස්සගෙ ඔලුව අතගාන්නට වුනේ බස්සා තවමත් කතා කරන්න සූදානම් නැති බව පෙනුන නිසයි.

"මගෙ අතින් ලොකු වැරැද්දක් වෙලා බස්සියෝ...." බස්සා ඇහෙන නෑහෙන ගානට මිමිනුවා. "ලොකුම ලොකු වැරැද්දක්"

හ්ම්ම්ම්.... හදාගෙන ගිය වෙබ් සයිට් එකක්වත් අවුල් ගිහින්ද? බස්සිට හිතුනා. ෂුවර් එකටම එහෙම දෙයක් වෙන්න ඇති. බස්සා මෙච්චර අවුලෙන් ඉන්නවා බස්සි මීට කලින් දැකලා තිවුනෙ එකම එක වතාවයි. ඒ බස්සගෙ ලැප් එක හොරකම් කරපු දවසෙ.

"මට කියනවද?" බස්සි බස්සාගෙ කෙහෙරැලි අතරින් ඇඟිලි තුඩු දිවෙවුවා. "හිත සැහැල්ලු වෙනවානම් විතරක්...."

"ඔයාට මම මේක කොහොම කියන්නද......" බස්සාගෙ කටහඬ ඇඬුම්බරයි. "මම කොහොමද කියන්නෙ නංගියෝ..."

බස්සිට හිතාගන්න බැරි විදියේ ලොකු බයක් දැනුනා. බස්සට මොකක් හරි කරදරයක්ද.... මොනවා කීවත් කළබල නොවී ඉන්න ඕනෙ බව බස්සි හිතාගත්තා.

"කියන්නකෝ ඉතින්?"

"ඔයා මට දුන්නු තෑග්ග මගෙ අතින් බිම වැටිලා කුඩු වුනා. පැය විසිහතරක් යන්නත් කලින්... මම මහා මැට්ටෙක්..."

අනේ බස්සිගෙ හිතට ඒ වෙලාවෙ දැනුන සැනසිල්ලක මහත!!!

37 comments:

  1. පව්! අහිංසක බස්සා :( ‍දුක හිතෙන්න ඇති පළවෙනි සිහිවටනේ කුඩු වුණ එක ගැන! ඊට පස්සේ මොකද කළේ?

    ReplyDelete
    Replies
    1. ඒක කියන්නම්කො ධාරා ඊළඟ කොටසින්. :)

      Delete
  2. //අනේ බස්සිගෙ හිතට ඒ වෙලාවෙ දැනුන සැනසිල්ලක මහත//
    මට හරි සතුටුයි බස්සි ගැන.බස්සත් වසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ දමිත්...! :D

      Delete
    2. බස්සා නම් පුදුම වාසනාවන්තයි ඔයා වගේ බස්සියෙක් හම්බෙන්න අක්කෙ. ඇත්තටම. :)

      Delete
    3. අහා... බස්ස දකින්න ඕන මෙවුව තමයි. ඊගාව කොටසත් කියවන්නකෝ...

      Delete
  3. මං හිතුව බස්සා වෙන වවුලියෙකුට ගනිපු තෑග්ගක් වැරදිලා බස්සිට දීල කියලා... හික්ස්...

    බස්සා වෙබ් ඩිසයිනර් කෙනෙක්ද? බස්සගෙ ෆේස්බුක් ලින්කුව දෙන්නකෝ...අනේ...

    ReplyDelete
    Replies
    1. බස්සා කැම්පොස් යන කාලෙ වෙබ් ඩිසයිනර් කෙනෙක්. දැන්නම් ඩිවලොපර් කෙනෙක්. වෙබ් සයිට් හැදිල්ලත් කොරනවා විවේක වෙලාවට :)

      මේන් ලින්කුව
      https://www.facebook.com/pasanbuddhika?fref=ts

      Delete
  4. මාත් බය වුනා මොකක් වෙලා ද කියල.. ඔය වෙලාවට ඕන කරන්නෙ නලලට ලොකුම ලොකු මේම එකක් තමා. හපොයි බස්සියේ ඔයා කොහොමද අඩන්නෙ නැතුව බස්සා අඩනව බලං හිටියෙ?...
    මට නං අපේ මහත්තයගෙ ඇස්වල කදුළු දැක්කොත් එයාගෙ කතාව අහන්න වෙන්නෙ අඩ අඩම තමයි.

    ReplyDelete
    Replies
    1. හිතෙන් කොයි තරම් ඇඬුවත් බස්සි නම් කෙනෙක්ගෙ දුකක් අහනකොට කඳුලු හංග ගන්නවා කොහොමහරි. අමාරුයි ඒක කරන්න. ඒත් සිඟිතියෝ අපි අඬනවා දැක්කොත් එයාල තවත් අසරණ වෙනවා නෙව. කොහොම හරි හිතෙන් අඬ අඬා මූනෙ විශ්වාසවන්ත හිනාවක් පෙන්නන්න පුලුවනිනම් ඒකෙන් ප්‍රශ්නෙ බාගයක් දුරට හරි විසඳෙනවා. :)

      Delete
  5. බස්සයි බස්සියි කැලණියේ ද, එහෙනං මෙතෙන්ට ගොඩවැදිලා බලන්න පොඩ්ඩක්. කැම්පස් සින්ඩිය
    මේ ලියැවිල්ල රහයි බස්සී..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්.

      මම අද නෙ මේ කැම්පස් සින්ඩිය ගැන දැනගත්තෙ. දාන්ට ඕනෙ ඇප්ලිකේසොන් එකක්. බස්සටත් කියන්ට ඕනෙ එයාගෙ බ්ලොගටත් ඇප්ලිකේසොන් එකක් දාන්ට කියල. ඔත්තුව දුන්නට පින්!

      Delete
  6. ඇත්තටම බස්සි ආදර්ශමත් පෙම්වතියක්.
    නැත්නම් ගොඩක් අය ඔය වෙලේට කරන්නෙ "තෝ මං දුන්න තෑග්ග කඩා ගත්තානේද යකෝ" කියාගෙන කොල්ලාගෙ බෙල්ල මිරිකන එක.

    ReplyDelete
    Replies
    1. හී.... තැන්කූ ප්‍රියෝ... මේ කොමෙන්ටුව නම් බස්සාට පෙන්නන්නම වෙනවා. :D
      හෙට ඊළඟ කොටසත් කියවන්නකෝ...

      Delete
  7. අප්පේ. මට දුන්නොත් කියන්න වෙන්නේ.
    "මට ඒක තියපු තැන මතක නෑ අනේ.. කොහෙද මන්දා තිබ්බේ.. කමක් නෑ.. පස්සේ හම්බ වෙයි.. " :D

    ReplyDelete
    Replies
    1. හී.... ඒකත් හොඳා එක අතකට. කැඩෙන්නෙ බිඳෙන්නෙ නැතුව පරෙස්සම් වෙනවා නෙව. :D

      Delete
  8. පව් බස්සා මල්ලියා මම හිතුවා එයාට වෙන කරදරයක් වෙලා කියලා.බස්සෝ ජෝඩුවට හැමදාම ආදරෙන් ඉන්න සුභ පතනවා.....ඊලග කොටසත් ලියමුකෝ එහෙනම්

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙ එහෙමම තමයි ශානු අක්කේ... ඊළඟ කොටස අද හැන්දෑවෙම පළ කරන්නම්කෝ.

      Delete
  9. බස්ස හොදටම බය වෙලා තියෙන්නෙ මෙයා කුඩෙන් පාරක් ගහයි කියලද දන්නේ නැහැ. හි හි

    ReplyDelete
    Replies
    1. බස්සා දන්නවා බස්සි ගිනි අවුවෙ ගියත් කුඩයක් නම් ඉහලන්නෙ නෑ කියල. ;) ඒ නිසා එහෙම බයක් එන්න නැතුව ඇති.

      Delete
  10. හින්දි පිචර් එකක් වගේ කියවපු වෙලාවත් අපරාදේ ( ඔන්න බනින්න ඔට්ටු නෑ )

    ReplyDelete
    Replies
    1. ඔව් රාළේ "බස්සිගේ ආදර අන්දරය" ලියන්නෙ හින්දි පිචර් වලට එහෙම ආසා කුරුලු යාලුවො කස්ටියට නෙව. එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස් නෙව. ඒකයි බස්සි එක එක ඉට්ටැයිල් වලින් ලියන්න හදන්නෙ හැමෝටම නවාතැනට ගොඩවදින්න හිතෙන විදියට.

      Delete
  11. බස්සි දන්නවද හීනෙන් අශ්වයෝ පෙනුණාම මොකද වෙන්නේ කියලා ..?

    ReplyDelete
    Replies
    1. හි හි :D

      Delete
    2. නෑ නෙව. ඔමාගෙ හිනාව නම් මට ඇල්ලුවේ නැත. හීනෙන් අස්සයෝ පෙනීමේ මොකක් හෝ අටමගලක් තියෙනවා වගේ....

      Delete
    3. ගූගල් දෙයියා සෑහෙන කරුනු කිවුවා හීනෙන් අස්සයො පෙනීම ගැන.

      …To see a horse in your dream symbolizes strength, power, endurance, virility and sexual prowess. It also represents a strong, physical energy. You need to tame the wild forces within. The dream may also be a pun that you are "horsing around". Alternatively, to see a horse in your dream indicates that you need to be less arrogant and "get off your high horse". If the horse has two heads (one on each end), then it implies that you are being pulled into two different directions. Perhaps your strength or power is being divided. Or you are confused about some sexual matter.

      To see a black or dark horse in your dream signifies mystery, wildness, and the unknown. You are taking a chance or a gamble at some unknown situation. It may even refer to occult forces. If the horse is white, then it signifies purity, prosperity and good fortunes. To dream that you are being chased by a white horse, may be a pun on chaste. Perhaps you are having difficulties dealing with issues of intimacy and sexuality.

      To see a dead horse in your dream indicates that something in your life that initially offered you strength is now gone. This may refer to a relationship or situation. Consider the phrase "beating a dead horse" to indicate that you may have maximized the usefulness of a certain circumstance.

      To see a herd of wild horses in your dream signifies a sense of freedom and lack of responsibilities and duties. Perhaps it may also indicate your uncontrolled emotions. If you are riding a wild horse, then it represents unrestrained sexual desires.

      To dream that you are riding a horse suggests that you are in a high position or position of power. Alternatively, it indicates that you will achieve success through underhanded means. You lack integrity. If you are riding a horse that is out of control, then it means that you are being carried away by your passions.

      To see an armored or medieval horse in your dream, refers to your fierceness, aggression, power and/or rigidity. You may be too confrontational. Alternatively, you may be trying to protect yourself from unconscious material or sexual desires that is emerging.

      To dream that you are bathing a horse represents a renewal of strength and vigor. You are experiencing a burst of energy in some aspect of your life.

      To dream about a talking horse refers to higher knowledge. Consider the significance of what the horse is saying. If the horse is black, then the message may be coming from your subconscious. If the horse is blue, then the message may be of sadness. You or someone is looking for help, but don't know how to go about getting it. The dream may also a metaphor for the idiom "straight from the horse's mouth"

      Delete
  12. හි හි ෂෝයි ලව් එක අනේ..ඔයාගේ බස්සාත් මං වගේ එකෙක්ද කොහෙද මගේ අතිනුත් ඔවුවගේ දේවල් වෙනවා ... ඔයා බස්සට කැන්ටිමේදී උම්මා දෙනවද ඈ .ඔයා ඒ වෙලාවේ බස්සට බනින්න ඇති ඒත් ආයෙම ඒ වගේ එකක් අරන් දෙන්න ඇති . . සතුටින් ඉන්න හැමදාම

    ReplyDelete
    Replies
    1. අඩෝ කට වහගෙන හිටු. දැන් මම දෙවෙනි කොටසට ලියන්නෙ මොනාද කතාව ගෙස් කොරලා ඔහොම කොමෙන්ටු දැම්මාම!!!

      මම නෙමෙයි උන්දෑ තමයි දුන්නෙ. හැබැයි කැම්පස් එක ඇතුලෙ තියෙන නිදහසත් එක්ක ඒක කවුරුත් වරදක් හැටියට දකින්නෙ නෑ. අපිත් ෆස්ට් ඉයර් එකට ආපු ගමන්ම ඔවුවා නෙමෙයි ඊටත් එහා දේවල් දැකලා හරියට කලබොල උනා. ඒත් පසුකාලීනව තේරුම් ගත්තා ඒ මේ පරිසරයේ හැටි කියලා. :D

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. mage ammoooooooo, maath hodatama baya unaa... Bassa aul giya welaawal dakala thibunata, mamath bassa mehema aul giya welaawak gana, dakalawath, kiyawalawath nee bassiyoooo...

    ReplyDelete
    Replies
    1. මමත් එදා සහ තව එකම එක දවසක් තමයි බස්සා ඔහොම අවුල් යනවා දැක්කෙ කවි අයියා. දැන්නම් බස්සා ඔවුවා ගනන් ගන්නෙ නෑ. :)

      Delete
  15. බස්සී කිවුවට විශ්වාස කරයිද මන්දා.. අපි දෙන්නානම් පෙම්වතුන්ගේ දිනය සමරන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හී... මම දන්නවා ඇයි කියලා.... විශේෂයෙන් සමරන්නෙ නැතුව ඇති, 365 දවසෙම ඒක සමරන නිසා. :)

      Delete
  16. තෑග්ග කුඩු වුණේ භෞතික ව විතර යි නෙ බස්සියේ. හිතේ තියනවනෙ හැම දා ම.

    ReplyDelete
    Replies
    1. ඒ උනත් බස්සාට දුක හිතෙන්නෙ ඇති නෙ බස්සි දුන්න මුල්ම තෑග්ග කුඩු කොර ගත්තු එකට. ඊගාව කොටසත් කියවලා බලන්නකෝ.

      Delete
  17. "අනේ බස්සිගෙ හිතට ඒ වෙලාවෙ දැනුන සැනසිල්ලක මහත!!! "
    හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ලකී ඒ වෙලාවෙ පුදුම සැනසිල්ලක් දැනුනෙ.

      Delete