Wednesday, December 25, 2013

ඔයා - එයා සහ මම



මම ජනෙල් තිරය මෑත් කරලා කළුවරට එබුනා. මල් වට්ටියක් ඉහිරිලා වගේ අහස පුරාම නිවි නිවී දැල්වෙන තාරකා. වෙලාව රෑ එකොළහට විතර ඇති. නිවාස සංකීර්ණයේ ගොඩාක් ගෙවල් අඳුරුයි. මුලු ලෝකෙම නිදි ඇති. මගෙත් ඇස් පිහාටු බරයි. ඒත් ඉතින් හෙට chemistry ක්ලාස් යනකොට ඉවර කරගෙන යන්න පතරංග ජාතකයක් වාගෙ ටියුට් එකක් තියෙනව නෙ. මම ආයෙමත් පෑන අතට ගත්තා.


ජනෙල් තිරය වහලා දාන්න අත දිගු කරනකොටම මට ඔයාගෙ කාමරේ ලයිට් එළිය ඇහැ ගැහුනා. ඔයා තරහෙන් වාගෙ ෆෝන් එක ඇඳ උඩල වීසි කරනවා මට කවුලුව අතරෙන් පෙනුනා. අදත් රණ්ඩුවක් වෙන්න ඇති. එයා ඔයාගෙ ජීවිතේට ආපු දවසෙ ඉඳන් මම ඔය මූනෙ හිනාව දැක්කෙ හරිම අඩුවෙන්.


"ඔයා හොඳින්ද?" මම කටු වැඩට ගෙනා කොලේක ලියලා ජනේලෙන් ඔයාට පෙන්නුවා.


"බොරු රැඟිලි එපාවෙලා." ඔයා හිනාවෙවී උත්තරේ ලියාපු කොලේ මට පෙන්නුවා.


"මටත් දුකයි" මම ලිවුවා.






"මම ආදරෙයි ඔයාට" මගේ අත පිලිපැද්දේ හදවතින් අණකරන දේ මිස මොලෙන් කියාපු දේ නෙමෙයි. ඒත් ඒක පෙන්නන්න හදනකොටම ඔයා ජනෙල් තිරය වැහුවා.




මම ලස්සන කියලා පිරිමි ළමයි අදහස් කරන දේ අහලකටවත් ළං වෙන්න බැරි කෙල්ලෙක්. මම කැමති බාච්චු වාගෙ ලොකු ටීෂර්ට් අඳින්න. ඇඟේ හැඩයක් පේන ඇඳුමක් අඳින්නයි කියලා මට අපේ අම්මා විතරක් නෙමෙයි ඔයාලගෙ අම්මත් කියල තියෙන වාර අනන්තයි. ඒත් ඩෙනිමයි, ලොකු ටීශර්ට් එකකුයි ඇඳලා, flip flops දෙකට බැහැලා ඇවිදිද්දි මොන සැපක්ද?






එයා අඳින්නෙ ලස්සන කලවා යුගලය පේන කෙටි සායවල්, ඇඟේ හැඩේ ඉස්මතු වෙලා පේන ලස්සන හිර ගවුම්, ඇඳුමට ගැලපෙන අඩි උස සපත්තු..... ඔයා විතරක් නෙමෙයි මම දන්න තරමින් ඉස්කෝලෙ හැම කොල්ලෙක්ම හීන මවන්න ඇත්තෙ ඒ වාගෙ කෙල්ලෙක් ගැනම තමයි.


ඔයා ඒ අතින් වාසනාවන්තයි. මුලු ඉස්කෝලෙම කොල්ලො ඔයාට ඉරිසියා කරනව ඇති.


මම Daddy බෑන්ඩ් එකේ පිස්සු සින්දුවක් දාගෙන නටන්න ගත්තෙ කම්මැලිකමට. මට එයාට වාගෙ ලස්සනට නටන්න බෑ. මම කරන්නෙ පිස්සු විකාර ඇක්ෂන් දාන ගමන් කණ්නාඩියෙන් මගේම විකාර බලලා සතුටු වෙන එක. T.V. එකේ යන එක එක commercials වල තියෙන කොටස් විකාර විදියට රඟපාන්නත් මම කැමතියි.






ඒත් ඒවා කොල්ලෙකුගේ හිත ඇදගන්නා ගෑනු ළමයෙක්ට ඔබින දේවල් නෙමෙයි වෙන්න ඇති.




*********************************************



සෙනසුරාදා පංති ඉවරවෙලා මම පාක් එකට ගියේ වෙනදා වගේම කතන්දර පොතක් ඇතුලෙ අතරමං වෙන්න. කවුරු හරි මා දිහා බලාන ඉන්නවා කියලා හැඟීමක් ආපු නිසා මම හෙමින් ඔලුව උස්සලා බැලුවා. ඔයා හිනා වෙවී මා දිහා බලාන ඉන්නව.







"මොකෝ මේ පැත්තෙ?"


"අදත් පරක්කුයි." ඔයා ඔරලෝසුව බලමින් කිවුවා.


"හ්ම්ම්.... ඔයා ආවෙ මාව බලන්න නෙමෙයි..." මගේ හිත මටම හිනාවුනා.



ඒත් එක්කම රතු පාට හුරුබුහුටි sports කාරෙකක් ඇවිත් අපි දෙන්න ඉන්න බංකුව ගාව නැවැත්තුවා.






"යන්නම්." ඔයා කීවෙ කලබලෙන් වාගෙ.


කාරෙකට නැග්ග ඔයාව එයා උණුසුම් හාද්දකින් පිළිගත්තා. ඒ අතරෙම ඔයාගෙ බෙල්ලට උඩින් මා දිහා පුරුදු විදියට ඔරවලා බලන්නත් එයා අමතක කලේ නෑ. එයාගෙ අලුත් කොණ්ඩා මෝස්තරේ දිහා මම ආසාවෙන් බලාන හිටියා. ඇත්තටම එයා ලස්සනයි. ඒත්........




********************************************* 



ඉරිදා තිවුන රගර් මැච් එකට මම මගේ ට්‍රම්බෝන් එකත් උස්සාන ආවෙ අපේ ටීම් එකට Cheer කරන්න. වාදකයෝ විස්සක් තිහක් අතරේ තවත් එක්කෙනෙක් විතරක් වුනු මාව ඔයාටනම් පේන්නවත් නැතුව ඇති.


එයාගෙ අලුත් කොණ්ඩා මෝස්තරේ අවුවට දිලිසෙනවා. Cheer leaders ලා එදා අලුත්ම steps වගයක් පුරුදු වෙලා ඇවිත්. හතුරු ඉස්කෝලෙ කොල්ලොත් බලන්නෙ අපේ Cheer leaders ලා දිහාමයි.


මැච් එක ඉවර වෙලා ඔයා විවේකාගාරයට ඇවිදගෙන එන හැටි මම ආදරෙන් බලාන හිටියා.


"මොකද්ද මෙතන වෙන්නෙ?" එකපාරටම ඔයාගෙ කටහඩ ඇහුනෙ අහස ගුගුරන්නා වාගෙ. එයා අනිත් පිලේ නායකයාගෙ උරහිසට හේත්තු වෙලා බර කතාවක්.




එතන සිදුවුන වචන හුවමාරුව මට ඇහුනෙ නැතත්, හෙල්මට් එක දමලා ගහලා ආපහු යන ඔයාගෙ මූණෙ තිවුන කලු වලාකුලු මම දැක්කා.






එදා රෑ මම පොත් ගොඩත් වටකරගෙන ඇඳට වෙලා පාඩම පටන් ගන්න ලෑස්ති උනේ. ඔයා එදා තිවුන ඩී.ජේ. එකට යන්න ලෑස්ති වෙලා.


"ඔයා එන්නෙ නෑද්ද?" ඔයා ලොකු අකුරෙන් කඩදාසියක ලියලා කවුලුව දිහාවට හැරෙවුවා.





"පාඩම් කරනවා." මම උත්තර බැන්දා.




"අපරාදෙ...." ඔයා පසුතැවෙන බව මට ඔයාගෙ මූනෙන් කියන්න පුලුවනි.




මම ඔයා කැමතිම සින්දුව දන්නවා. ඔයා කන්න කැමතිම කෑම. අඳින්න ආසම ටී ෂර්ට් එක පවා දන්නවා. ඔයාගෙ හීන ගැන අකුරක් නෑර ඔයා කිවුවෙ මටයි. ඒව දන්නෙ මම. මම විතරමයි.


එහෙනම් ඇයි ඔයාට මේක තේරෙන්නැත්තෙ? ඔයා මගෙ. මගෙ විතරක්මයි.


මම අක්කාගෙ Party Frock එකකුත් ඇඳගෙන ඩී. ජේ. එකට ගියේ ඔයාට එදා පෙන්නන්න බැරි වුන යමක් අතේ ගුලි කරගෙන.


ඔයා පුදුමෙන් වගේ මා දිහා බලාන හිටියා. මීට කලින් කවදාවත්ම මම ගවුමක් ඇඳලා නැති නිසා වෙන්න ඇති.





"මම ඔයාට ආදරෙයි" මම මෙතෙක් වෙලා අතේ ගුලි කරගෙන හිටපු කඩදාසිය දිගඇරියෙ හීනෙන් වගේ.


ඔයත් කමිස සාක්කුවෙන් කඩදාසියක් එලියට අදිනවා.


"මම ඔයාට ආදරෙයි" ඔයාගෙ ඇද අකුරු වලින් ඒකෙ ලියලා තිවුනා.



ඔයා මගේ තොල් සිපගන්න ළං වෙද්දි එයා ඈත ඉඳන් ගස්සාගෙන අපිට පිටිපස්ස හරවගත්තු හැටි මට පෙනුනා. එයාගෙ කෙස්වැටියෙ දිස්නයත් එක්ක ඇස් පියාගත්තු මම ඔයාගෙ තුරුලෙ උනුහුමට තව තවත් ගුලිවුනා..... 






You're on the phone with your girlfriend-she's upset,
She's going off  bout something that you said
'Cause she doesn't get your humor like I do.


I'm in the room, it's a typical Tuesday night.
I'm listening to the kind of music she doesn't like.
And she'll never know your story like I do.


But
she wears high heels,
I wear sneakers.

She's cheer captain
And I'm on the bleachers
Dreaming about the day when you wake up and find
That what you're looking for has been here the whole time.


If you could see
That I'm the one who understands you.
Been here all along. So, why can't you see

You belong with me,
You belong with me?


Walking the streets with you in your worn out jeans
I can't help thinking this is how it ought to be.
Laughing on a park bench thinking to myself,
"Hey, isn't this easy?"


And you've got a smile
That can light up this whole town.
I haven't seen it in a while
Since she brought you down.


You say you're fine - I know you better than that.
Hey, what you doing with a girl like that?


Dreaming about the day when you wake up and find
That what you're looking for has been here the whole time.


If you could see
That I'm the one who understands you,
Been here all along. So, why can't you see
You belong with me?


Standing by and waiting at your backdoor.
All this time how could you not know, baby?
You belong with me,
You belong with me.


Oh, I remember you were driving to my house
In the middle of the night.
I'm the one who makes you laugh
When you know you're 'bout to cry.
I know your favorite songs,
And you tell me about your dreams.
Think I know where you belong,
Think I know it's with me.


Can't you see
That I'm the one who understands you,
Been here all along. So, why can't you see
You belong with me?


Standing by and waiting at your backdoor.
All this time how could you not know, baby?
You belong with me,
You belong with me.


You belong with me.
Have you ever thought just maybe
You belong with me?


You belong with me……………







63 comments:

  1. හ්ම්ම්ම් ... එකෝමත් එක පුංචි ආදර කතාවක් ,, ශෝක් බස්සියේ නත්තල් පැතුම් එක්ක මෙවුවා වෙලා තිබ්බ හිතට අමුතු මෙවුවා එකක් ආවා ඉදගෙන ;)

    ReplyDelete
    Replies
    1. පට්ට සින්දුව , ඒ වගේම ඔයාගේ මහන්සියට මගේ ප්‍රණාමය කියන්න අමතක වුණා එකයි ආයේ ආවේ

      Delete
    2. හි හී.... නත්තලට බස්සා සහ ෆැමිලි එක ඇවිල්ලා නෙව බස්සිගෙ ගෙදර. සුට්ටං විවේකයක් ලැබුන වෙලේ ගිය සතියෙ ලීව කතාවක් මේ පබිලිස් කොලේ. නිවාඩු දවස් ටිකේ කටියටම කියවන්න පුලුවනි නෙව එතෝට.

      තැන්කූ ඔමයියෝ...! නත්තල් සරුද? තුබ නත්තලක් වේවා!!

      Delete
    3. අනේ මෙහෙ නත්තල් නැහැ බස්සියේ ,, මේ මිනිස්සු යේසුස් කිවම කෙල ගහනවා.. එයාලා එද්දී ඔයාට මොනාද ගෙනාවේ ? :)

      Delete
    4. අයියූ ගෙනාපු ජාති වට්ටෝරුව නම් ලියන්න දිග වැඩී අනේ....

      අනෙයියෝ.... නත්තලට මෙහෙ ආවානම් හරි ඔයා. එතෝට ඔහේ පල්ලියක්වත් නැද්ද ඉතින් නත්තල් දාට යන්න? :(

      Delete
  2. mn aasama sinduwa bassi akke :) harima lassanai..ela ah (y) :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ නංගෝ.... ඔයාම තමයි නේද මට මේ වීඩියෝ එක දුන්නෙ? මාත් මාර ආසයි මේ සින්දුවට. ඒත් මට හොඳටම හිතට වදින එක තමයි "Our Song -Taylor Swift"

      Delete
    2. math ekatath asai..meka thama hndama :))

      Delete
  3. ආ ටේලර් ස්විප්ට් නැත්තම් ස්වීට් ටේලර්. මේ පිස්සිගේ සින්දු වලට ආසා නැත්තේ කවුද?

    ReplyDelete
    Replies
    1. හී.... සිංදුවෙන් කියන කතන්දරේට තමයි මමනම් වැඩියෙන්ම ආස. තව අර පිස්සු හැදෙන ගිටාර් පාර්ට් ටිකත් මරු.

      Delete
  4. ලස්සන කතාවක්. සුබ නත්තලක්. සුබ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විශ්ව! ඔයාටත් සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා!!

      Delete
  5. නියමයි බස්සි, මම නම් කැමති චාම් දැරිවියන්ට. ඔයා විස්තර කරලා තිබුනා වගේ.

    සුභ නත්තලක් වේවා කිවුවා.

    ReplyDelete
    Replies
    1. හී... හොඳ වෙලාවට අපේ බස්සත් කැමති ඒ වාගෙ චාම් දැරිවියන්ටම තමයි. ඒත් ගොඩක් කොල්ලො කැමති පිට ඔපේට නෙව. (විශේෂයෙන් ඉක්කෝලෙ යන කාලෙ එහෙම.)

      ඔයාටත් සුභ නත්තලක් වේවා ප්‍රියෝ...!!

      Delete
    2. මමනම් කැමති ලොකු ඇස් තියෙන චාම් දැරිවියන්ටයි

      Delete
    3. හි.... බ්ලොග් එක පුරාම ඔයා ලොකු ඇස් ඇති දැරිවියෙක් ගැන ලියල තියෙනවා නෙව යාලු... සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!

      Delete
  6. වාව්...මරු නේ...
    මුලදි හිතුණේ කෙටි කථාවක් කියලා. ඒත් බැලින්නම් සින්දුවක පසු සටහනක් නේ.... හිතුණෙම නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රන්දු.
      ඒකනෙ. මේ සිංදු කතාවක්. :)

      Delete
  7. ෆට්ට සින්දුව නේ මෙයාගේ සිංදු ගොඩක් ඔය වගේ ඒවා. මරු තමා ඉතින් http://www.youtube.com/watch?v=8xg3vE8Ie_E&playnext=1&list=AL94UKMTqg-9Ds071vp-9iWci4ryhkG4Us මේකත් ඒවගේ එකක්

    ReplyDelete
    Replies
    1. හී... මේ මගෙ රින්ගින් ටෝන් එකනෙ අපේ බස්සගෙ කෝල් වලට දාල තියෙන. :)

      Delete
  8. මුල ටික කියවන් එද්දී මම බැලුවා කොහොමද කතාවටම ගැළපෙන photos හොයාගත්තේ කියලා... සින්දුවක් කියල දැක්කෙ පස්සේ... :D මම ටේලර් ස්විෆ්ට් ගේ සින්දු වැඩිය අහන්නැති වුණත් එයා දැනට ඉන්න හොඳම female guitarist කෙනෙක්.... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අශාන් මේ පැත්තෙ ආවට! සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!

      හ්ම්ම්... හ්ම්ම්ම්... මමත් ආසයි මෙයාගෙ සිංදුවල ගිටාර් පාර්ට් වලට.

      Delete
    2. You're welcome..! :) නිදහස් වෙලාවක එන්න අපේ පැත්තෙත්... :)

      Delete
    3. ආවා ආවා.... කොමෙන්ටුත් දාලා බ්ලොග් රෝලෙත් එල්ලුවා. බ්ලොග් එක අපූරුයි. මාත් Ufology පිස්සියෙක් නිසාද මන්ද. දිගටම ලියන්න. ජයවේවා!!

      Delete
    4. ඉත්තූති ඈ.... :D විෂයට කැමති තවත් කෙනෙක් අඳුනගන්න ලැබීම සතුටක්.. :) බොහොම ස්තූතියි...! :)

      Delete
  9. ලස්සනට වැඩේ කරලා තියෙනවා. මුලින්ම හිතුවේ කෙටි කතාවක් කියල. කතාවේ මැද හරියට එනකොට ටිකක් අහල පුරුදු දැකල පුරුදු වගේ ගතියක් දැනුනු නිසා කෙලින්ම අගට ගියා. එතකොටනේ දන්නේ බොහොම අස්සවෙන් බලපු music video එකක් කියල. music video එක කොච්චර බලල තිබුනත් ඒ බව නොදැනෙන්න ලස්සනට කතාව ලියල තියෙනවා. එකත් එක්තරා talent එකක්. තැනක් යූ ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෂෙහාන් අයියා! කතාව ගොඩනැගුනෙ music video එකෙන් කියලා නොදැනම අවසානෙට එනකම් කතාව රසවින්ද එක ගැන ගොඩක් සතුටුයි.

      Delete
    2. මුල පේලි කියවනකොට මට නම් තේරුනා

      Delete
    3. ඔයා දස්සයා නෙව. ;)

      Delete
  10. ලස්සණට ලියල තියනව. ඒ නිසා හිතට දැනුණා ගොඩක්. බස්සටයි බස්සිටයි දෙන්නට ම සුබ නත්තලක් හා සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිලිනියෝ... ඔයාටත්, ආගන්තුකයාටත් එසේම වේවා!!!

      Delete
  11. ලස්සනයි බස්සියේ..........මේ සින්දුව මගේ ළඟ නෑ...ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ....ස්තුතියි...

    පරක්කු උනත් සුභ නත්තලක් පතනවා ඔයාටත් බස්සාටත් පව්ලේ සැමටත්..!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ යූ ටියුබ් වීඩියෝ එක. තැන්කූ අක්කෝ!! ඔයාටත් සුභම සුභ නත්තලක් වේවා!!

      Delete
  12. හ්ම්ම්ම්.............ආදරේ කියාගන්න බැරිවීම මොනතරම් දුකක්ද? ඒ වගේම ඒ ආදරේ කොහොම හරි කියාගත්තම .............ආයේ කියලා වැඩක් නෑ...ව්දගත්ම දේ වෙන්නේ ආදරේ කියාගන්න එක නීවෙයි ආදරේ නැවුම් බව හැමදාම එක දිගටම පවත්වාගන්න එක.

    ReplyDelete
  13. ඊයේ කියවලා කමෙන්ට් කරලා නැ... -_-
    මේක මරු සිංදුව. මෙයාගේ ගොඩක් සිංදු වල විෂුවල්ස් නියමයි. ^_^  කියවද්දිම සිංදුව හිතට අවා. බැලින්නන් ඒ ගැනම තමා ලියලා තියෙන්නෙත් :) 

    ReplyDelete
    Replies
    1. මදාරා අක්කා ඊයෙ නත්තල් පාර්ටියකට ගිහින් ඇවිත් වැනි වැනි කියෝලා කමෙන්ට් කරන්න අතමක උනා නේද? :D

      Delete
  14. ලස්සන සින්දුවක්! කතාවත් මරු! :) මේකේ male part එකක් ලියන්න තියනවනම්....

    ReplyDelete
    Replies
    1. ඉතිං ලියන්ටකෝ... ඕං මම ආරාධනාවත් කොලා ඒම පෝස්ට් එකක් ලියන්නෙයි කියල.

      එතෝට කවුද අර ඉටිකිරිස් කෙල්ලගෙ පාර්ට් එක ලියන්නෙ ඈ?

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්.. බලමුකෝ ලියන්න... ඉටිකිරිස් කෙල්ල නේ... ;) තාම හොයා ගත්තේ නෑනේ :(

      Delete
  15. සින්දු කතාවක්... එල එල..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්ම්.... තැන්කුයි වේවා රවීන්!!

      Delete
  16. මම ආස ම සින්දුවක් :) ඒ නිසා පළවෙනි වාක්‍ය කියවනකොට ම වැඩේ තේරුනා. හරිම ලස්සණට කතාව ගළපලා, බස්සියෝ. ඔයා දන්නව ද දන්නේ නෑ ඕකේ අහිංසක කෙල්ල සහ නපුරු කෙල්ල කියන චරිත දෙක ම රඟපාන්නේ Taylor Swift තමයි!

    ReplyDelete
    Replies
    1. මම ඒක දැනං හිටියෙ නෑ නෙව ධාරා! නපුරු කෙල්ල ස්වීට් ටේලර් කියලා හිතන්නවත් බෑ! තැන්කුයි ඈ ඒක කියාදුන්නට. :)

      Delete
  17. සිංදුවක් කිව්වට කථාවක් වගේ ලස්සනට ලියල තියෙනවා!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ විදානෙ මේක සිංදු කතාවක් කිවුවෙ. :) බෝම ඉත්තූතියි ඈ...

      Delete
  18. සින්දු කතාවක් වුණාට මට නම් අගට එනකම් හිතුණෙම නෑ.. ලස්සනට ගළපලා කෙටි කතාවක් වගේම...

    ඔයාටයි බස්සටයි පවුලේ හැමෝටමයි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ.... ඔයාටත් එසේම වේවා...!!

      Delete
  19. ලස්සන නිර්මාණයක්..... සාර්ථකයි
    සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.... සහ සුභ නව වසරක් ඔයාටත්!

      Delete
  20. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මන් හිතන්නේ බස්සිට තේරුණා.. ;)
    ඔන්න දිගටම මේ පැත්තෙන් යන්න අවසරයි අපිට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්...
      හ්ම්ම් හ්ම්ම්හ්ම්ම්... සාදරයෙන් පිළි ගන්නවා ෂැගියෝ බස්සිගේ නවාතැනට!!!

      Delete

  21. You belong with me...

    ඊයෑ...ක්කා.. ඒ අක්කා කට කනවා අර කොල්ලගේ අප්පා.. විලි සංගයක් නැහැ නේ ඔකූන්ට..

    පට්ට සිංදුව.. :)

    ReplyDelete
    Replies
    1. අයියූ.... ලැජ්ජයි නම් ඉක්මනට ඇස් දෙක වහගන්න...!

      Delete
  22. බස්සියොන්ත් එන අදහස්. බොල මේ සින්දුවක්නෙ. ඇන්දුනා ලෙසටම...

    හොඳ නිර්මාණයක් බස්සි අක්කෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ධනා....!! සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!

      Delete
  23. පළවැනි පරිච්චෙදේ කියවනකොටම හිතුනා මේක බස්සිගේ(ඔයාටත් බස්සි කියන්න නිකන් නුහුරුයි වගේ අප්පා) අත්දැකීමක් නොවේ කියලා.ඇයි මේ//මුලු ලෝකෙම නිදි ඇති. මගෙත් ඇස් පිහාටු බරයි.// මුළු ලෝකෙම නිදා ගන්න වෙලවටනේ බස්සෝ,බස්සියෝ ඇහැරගෙන ඉන්නේ...:D
    ලස්සන නිර්මාණයක් බස්සියෝ.
    සාමය,ප්‍රේමය පිරි සුබ නව වසරක් ඔය බස්සටයි,බස්සිටයි දෙන්නාටම.

    ReplyDelete
    Replies
    1. හි හී.... ඕම තමයි අලේ... ඒ බස්සිත්, මේ බස්සිත් හැරුනු කොට තවත් බස්සියෝ සිටිත් ද දන්නෑ නේද? බස්සි කියන්න නුහුරුයි නම් යශෝධා කිවුවට මගෙ නම් තරහක් නෑ ඕං... :)

      ඔයාටත් ඔයාගෙ බස්සිටත් දෙන්නාටම එසේම වේවා.....!!!

      Delete
  24. බස්සි නංගියෝ පොස්ට් එක කලින් කියෙව්වා ඕං කොමන්ටුවක් දාන්න බැලි උනා අයියෝ.....මේ සින්දුව හලිම ලත්තනයි.පලක්කු වෙලා නත්තලට සුබ පැතුම් එක්කරනවා.....2014 අවුරුද්ද ඔයාටත්,බස්සා මල්ලිටත් පවුලේ සැමටත් සිතුම්,පැතුම් ඉටු වන සුබදායක නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තුතියි ශානු අක්කෝ... නත්තල් දවසෙ බිසී වෙන්ට ඇත්තෙ නත්තල ඉහලින්ම සමරපු නිසා වෙන්න ඇති නේ...? කෝ ඉතින් අපිට නත්තල් කේක්? :)

      අක්කාටත්, හබියාටත්, පවුලේ හැමෝටමත් වාසනාවන්ත නව වසරක් වේවා..!!

      Delete