Sunday, January 19, 2014

පස්ස වැහෙන්න සාය අඳින හැටි. (Beware, U are what you wear! -they say so-)






ඇඳගන්නා හැටි ගැන බස්සි මීට කලිනුත් පෝස්ටුවක් ලියා තිබුනේය. ඒ ඉන්ටවූ යද්දි ඇඳගන්ට ඕනා විදිහ ය. ඒකට නම් පාඨක ප්‍රතිචාර ඉහටත් උඩින් ලැබුනු බව ටොප් සෙවන් පෝස්ට් ලැයිස්තුව සාක්කි දරන්නේ ය. හැබැයි අද  කියන්නට යන්නේ ඉන්ටවු ඇඳුං ගැන නෙමේය. නිකං ඇඳුං ගැනලු ය.


අපි අඳින ඇඳුමෙන් පැළඳුමෙන් සමාජය අපිව මනින අවස්තා බොහොම ය. බොහෝ වෙලාවට සමාජයේ ඇත්තන්ගේ පා ණ්
නාඩි නිසා අපි මොනවා ඇන්දත් පේන්නේ එක එකාගේ ඇහේ හැටියට ය. ඒකටනම් අපිට කොරන්න දෙයක් නැතිය.


එහෙම සීන් කෝන් එකක් දවසක් බස්සිටත් උනේය.


කැම්පොස් ඉවර වී බස්සයි බස්සියි කඩාගෙන බිඳගෙන දුවගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන්නේය. කැම්පොස් යන කාලයේ බස්සිට තිවුනේ බැගී අඳින පික්සුවක් ය. ටී - ශර්ට් එක ඇතුලට තව දෙන්නෙක්ට විතර බහින්නට පුලුවන්ය.



 මේ ඔක්කොම මම බැගී අඳින හේතු නෙමෙයි හලි ද?




කෝච්චියේදිත් එක විදියකට ඉන්ට බැරි බස්සි එහෙට මෙහෙට පනිමින් කෝලිත්තම් කොරන්නේය. වැඩි සෙනගකුත් නැතිය.


ඉස්ටේසන් හත අටක්ම පහු උනාට පසු එක මැදි වයසේ ඇන්ටියෙක් නැගිට්ටේය. ඇන්ටිගේ සරීරය අයින් උනාට පසු අපි දෙන්නාටම වාඩි වෙන්නට ඉඩකඩ ඇති නිසා බස්සි බස්සාවත් ඇදගෙන එතනින් වාඩි උනේය.


ටිකක් වෙලා බස්සි දෙස ක්‍රිටිකල් බැල්මක් හෙලූ ඇන්ටි තමන්ගේ කට බස්සිගේ ඔලුවට පාත් කලේය.





"ළමයෝ මම දන්නව ඔය ළමය බැරි කෙනෙක් විත්තිය. මට මේ බෑග් එක උස්සන් හිටගන්න බැරි නිසයි සීට් එක නුදුන්නෙ."


කම්මුල් රතු පාට වෙනවා කියන එකත්, කන් අඩි රත් වෙනවා කියන එකත් මම හොඳින්ම අත්වින්දේ එදාය.





අවට සිටි ගැහැණු ළමෝ කිහිපදෙනෙක්ම ඇන්ටිට මඥ්ඥං බවත්, ගනන් නොගන්නා ලෙසත් ආංගික අභිනයෙන් දැක්වීමම බස්සිට මහමෙරක් විය.


පෙනේද ඇන්ටිගේ කණ්නාඩියේ තරම. පෙන්සිල් කට් කලිසම දැක දැකම, ස්කූල් බෑගය කරේ තියෙද්දීම ඇන්ටිගේ කණ්නාඩිය බබෙක් දැකලා ය. අඩු තරමේ බෑග් එක ඉල්ලාගෙන ඕම කතාවක් කිවුවා නම් හිතට දුක නැතිය.


හොඳා, පස්සට අඟල් දෙකක් පහලට සාය අඳින, ක්ලීවේජ් එක ඉතරක් නොව සේරම එවුවා පෙනෙන ඇඳුම් ඇඳ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අක්කලා නංගිලා මේ කණ්නාඩියට අහු උනාම කොහෙන් නවතීදැයි හිතාගන්නට බැරිය.


මේ පෝස්ටුව ලියන්නට හිතුනේ ගෙදර මනුස්සයාට පෙන්නිය යුතු දේවල් මුලු රටටම පෙන්නන කිරිල්ලියෙක් බස්සිට කියූ දුක් ගැනවිල්ලක් නිසාය.




 

එයා කොටට අඳින්නේ ලංකාවේ දේසගුනේට ගැලපෙන්නලු ය. ගමෙන් නගරයට ආ පසුව ලංකාවේ දේසගුනය ඒ අක්කා ඉගෙන ගන්න ඇත්තේ කැම්පුස් එකේ අපිට මග ඇරුනු කෝස්  එකකින් වෙන්නට ඕනෑ ය.


කොටට අඳිනවානම් වැහෙන තැන් වැහෙන්නට යටට ශෝට් එකක් ඇඳපල්ලාය. එතකොට අර ප්‍රියා අයියා කිවුවා වගේ එක එකා සාය යටින් පොටෝ අල්ලන්න එන එකක් නැතිය.

 
තැනට සුදුසු ලෙස ඇඳීම අගේ කල යුතු පුරුද්දක්ය. මගේ හිත පන්සලක් කිවුවාට, කොට බයිලා ගහගෙන පන්සල් යාම සුදුසු නැත්තේ වටේ පිටේ ඉන්නා උපාසකයන්ගේ සිල් කැඩීමේ සම්භාවිතාවක් ඇති බැවින්ය.

 
අපේ පන්සලේ නම් හාමුදුරුවෝ ගෑනු ලමයි සැහැල්ලු සුදු දිග කලිසමක් ඇඳගෙන සිල් ගන්න එන එකටත් අවසර දී ඇත්තේය.  ආච්චිලාගෙ ඇහේ කලිසමේ කටු ඇනුනත්, ඇත්තටම සමහර ඇන්ටිලා බඩයි, පිටයි දෙකම නැතුව, ටයර් පේන්නට අඳින සාරිවලට වඩා ඒ ඇඳුම සංවරය.

 
මූදු වෙරළට තට්ටු හත අටක දිග ගවුමක් ඇඳන් රැල්ල පාගන්ට ගියොත් ඔබ හිනාවට ලක්වෙනවා නිසැකය.





 
කොයි හැටි වෙතත් මම නම් කියන්නේ ඇඳුමින් පුද්ගලයා මනින්නට බෑම කියලා නෙමේය. ඇඳුමින් උනත් මනුස්සයෙක්ගේ ස්තානෝචිතව හැසිරෙන්නට ඇති හැකියාව ගැන යම් අදහසක් ගන්නට පූලුවන්ය. ඒක අපි හිතලා කරන දෙයක් නෙමේය, නිකම්ම ඒක ඔලුවට වැටෙනවාය.

 
ලිපිය දිග වැඩි උනත් තව දෙයක් කියන්නට ඕනේය. ගෑනු ළමයි කොටට අඳිනවා දැක්ක ගමන් කුලප්පු වෙන අපේ රටේ සමහර පිරිමි නම් ඇත්තෙන්ම හිරිකිතය. පොදු ප්‍රවාහන සේවා භාවිතය ගැන මේ උපදෙස් ලියන්න වෙන්නේද ඒ වාගේ උන්දලා හින්දාමය.

 
ඔහොම ගියොත් යම් දවසක ලංකාවේ පිරිමි මෙහෙම කියන්නත් බැරිකමක් නැතිය.


 

ඇඳුමක් අඳිද් දී මේ පස් මහ බැලුම් බලනවානම් කාට කාටත් හොඳ ය.

 

1. පෙනී සිටින ස්ථානය
 
2. වයස
 
3. සිරුරේ හැඩය
 
4. වේලාව සහ කාලගුණය
 
5. සුදුසු යට ඇඳුම් භාවිතය.


 


ප.ලි.

එදායින් පසුව බස්සි බැගී ඇඳන් බස් වල, කෝච්චි වල යන්න අම්බානක බය උනේ ය.


87 comments:

  1. හික්ස් ෆට්ට ආතල් සිදිය තමා.කොල්ලන්ට නම් කොහොමත් ඇදුම් ගැන අවුලක් නැත.කලිසමයි ,සර්ට් එකයි කොටත් තයිලය තමයි.මම මේ යෝජනා කරන්නේ කෙල්ලොන්ටත් ඒ විදිහට නරකද ඈ

    ReplyDelete
    Replies
    1. මම 1 බව පෙනේ

      Delete
    2. කොල්ලන් උනත් තුන්කාලේ කලිසම්, දිග කලිසම් සහ කොට කලිසම් තැනට සුදුසු ලෙස අඳිනවානම් යෙහෙකි.

      එහෙම අඳින මාව තමයි යකූ ඇන්ටිට අරම පෙනුනෙ....!!!

      යේස්, ඔබ එකය. ඒත් කප්පරක් ඇනෝ කමෙන්ටු, මඩ ගසා ගැනිලි ආදිය නැති පොඩි බ්ලොග් කට්ටක එක වීම ලොකු දෙයක් නෙමෙයි නේද.... ;)

      Delete
    3. //යේස්, ඔබ එකය. ඒත් කප්පරක් ඇනෝ කමෙන්ටු, මඩ ගසා ගැනිලි ආදිය නැති පොඩි බ්ලොග් කට්ටක එක වීම ලොකු දෙයක් නෙමෙයි නේද.... ;)//
      තමුන් තමුන්ව හා තමුන්ට අයිති දේ හෑල්ලුවට ලක්කරගැනීම කෙනෙකු කරන අතිශය කුප්ප කුජිත වැඩකි

      Delete
    4. කියූ දේ දෙවරක් සිතා බලන්න. එහි ඇත්තේ කුප්ප කුජීත හීනමානයක් නොව irony එකක සැඟවූ අහිංසක ආඩම්බරයකි

      Delete
    5. මට නම් ඒක දැක්ක ගමන් තේරුනා
      Literal Bus.C

      Delete
  2. කෙල්ලො කියන දේවල් තේරුම් ගන්න වෙනම ඩිග්රි එකක් කරන්න වෙනවා බං."

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගින් ම උස්සන ලද්දකි

      Delete
    2. manslater එකක් ගනිං මලේ... සතුටුයි මම කියන දේවල් ඕම මතක තියෙන එක ගැන.

      Delete
  3. පට්ටය. ලියලා විදිය සෝයි ය.
    අහිංසක අපේ සිල් බිඳින එවන් කාන්තාවන් හෙලා දකිමු....

    මමත් ඔයිට ආසන්නයෙන් යන ලිපියක් ලිව්වා...

    විළිලැජ්ජා නැතිකම හෙවත් සාපේක්ෂ (අඩ)නිරුවත ෴

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා ය. අනේ අහිංසක, මම කිවුවා කියලා හිතාගනින් ය.

      සාපේක්ශ අඩනිරුවත ලිපිය සිරා එකකි. ප්‍රශ්නයට හේතුව ලෙසටම විග්‍රහ කර ඇත.

      Delete
  4. opz antimatai kathawa therune.. any way good work akki ..............

    ReplyDelete
    Replies
    1. තැන්කූ සුප්පා.... අන්තිමට හරි සීන් එක මීටර් වෙලානෙ.

      Delete
  5. "අපි කොටට අදින්නෙ අපිට ඕන නිසා. බලනවානම් බලපියවු නැත්නම් ඒත් බලපියවු." කියලා කියන ගෑල්ලමයි ඉන්න රටක බස්සි නම් එළය.

    දැන් දැන් ගෑණු දැරිව්‍‍යො සාරිය එහෙමත් අදින විදිය දැක්කම සසරම කළකිරෙනවා. (ගුරුවරියො පවා). එහෙම බලත්දි ඇඟේ හැඩ මතුකරලා ඒත් ඇඟ අනවශ්‍ය විදියට නොපෙන්නා අදිනවා කියන්නෙ ලොකු අභියෝගයක්.

    ඔය අභියෝගෙට හොදම උත්තරෙත් ඔයාගෙ පස්මහා බැලුම් තුලම තියෙනවා. හැම ගෑණු දරුවෙක්ම ඔය 5ගැන කල්පනා ක‍රලා ඇඳුම් තෝරනවා නම් ඔය මුකුත් ප්‍රශ්ණයක් නෑ. හැබැයි මම දකින විදියට ඔතනදි ඇය කෙල්ලක් නම් මවුපියන්ටත්, බිරිඳක් නම් සැමියටත් වගකීමක් තියෙනවා ඇ‍ය තෝරා ගන්නා ඇඳුම් පිලිබදව ඇය දැනුවත් කිරීමට. (බලපෑම් කිරීමට නොව දැනුවත් කිරීමට පමණයි.)

    කොහොම උනත් පිරිමිත් දැනට වඩා බුද්ධිමත්ව මේ දිහා බැලිය යුතුයි. අර අන්තිම ෆොටෝ කෑල්ල දැක්කම මතක් උනේ අර ඉන්දියාවෙ ශිෂ්‍යාව දූෂණය කරලා මරපු වෙලාවෙ ඒ මිනිස්සු දොස් කිවුවෙ සනී ලියෝන්ටනෙ. ඕවට හැම පැත්තෙන්ම හිනා යන්නෙ.

    කොහොම උනත් පෝස්ටුව නම් එළය. දැන් කොහොමද අසනීප තත්වය. උණ හොදද??

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රියෝ... පාර්ටියකට යද්දි නම් කමක් නෑ. ඒත් සෙනග පිරුනු බස් වල නාරාහේන්පිටවල් වාගෙ පිටවල් සහ ටයර් තුන හතර එලියෙ දාගෙන අඳින ඇන්ටිලා නම් අනේ මන්ද. අනික කොටට ඇඳන් මැගසින් එකකින් කකුල් වහගන්න කෙල්ලො දැක්කාම හිනාත් යනව.

      අනිවාර්යයෙන්ම ඇය නොගැලපෙන ඇඳුමක් ඇඳන් එලියට බහිනවානම් දැනුවත් කිරීම කල යුතුමයි. විශේෂයෙන්ම යොවුන් දියණියන් සිටින මවුවරු ඔවුන්ව දැනුවත් කල යුතුයි ඒ ගැන.

      ඒක නෙ. සමහර පිරිමිත් බබා උක්කුන් වෙනව නෙව ඔහොම කේස් වලදි.

      තැන්කුයි දීර්ඝ අදහස් දැක්වීම ගැන. දැන් උණ හොඳායි. කැළණියෙ ඉද්දි සුට්ටි උණක් ආවත් ඩෙන්ගු භීතිය දැනෙනවා නෙව. :)

      Delete
    2. බය වෙන්ට එපා බස්සි බය වෙන්ට එපා. අපේ ආචාර්‍ය තුමා ආයෙම එනවා 23. අපි අපිවම ගස් බැඳගෙන හරි ඩෙංගු තුරන් කරනවා. හික්… හික්… :-D

      Delete
    3. ආචාරිතුමා කැළණියෙන් ඕක තුරන් කොරන එකක් නෑ ප්‍රියෝ.... එතෝට ආසාවට ගස් බඳින්නවත් එකෙක් හොයාගන්නෙ කෝමෙයි?

      Delete
  6. තැනේ හැටියට ඇනේ ගැහුවනම් ගොඩනේ....

    නිවාඩු පාඩු වෙලාවක ගොඩවැදිලා යන්න එන්න...
    ෴ හිතුවක්කාරයෙකුගේ සටහන් ෴

    ReplyDelete
    Replies
    1. යේස් යේස්.... මම කියන්න හදපු දේ ඔයා එක වාක්‍යකින් අපූරුවට කියල තියෙන්නෙ.

      ඕ.කේ සහෝ.... නිවාඩු වෙලාවක අනිවා එන්නම් හොඳේ....

      Delete
  7. හිනා යන විදිහට ලිව්වට මේකෙ ලොකු පාඩමක් තියනව බස්සියෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... තැන්කුයි දිලිනියෝ....

      Delete
  8. ගෝන් කෙල්ලෝ කොටට ඇදන් ඇවිත් උන්ගේ දිහා කවුරුහරි අමුතුවට බැලුවොත් ඔරවනවා පුපනවා රවනවා ඉවරයක් නෑ..... ඒ වගේ උන්ට කවන්න ඕනේ බත් නෙවෙයි පුනක්කු .......

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි, අනේ මට උන මේ අසාදාරනේ ගැන ඔයාගෙ බොලොග් කට්ටෙත් ලියන්නකෝ රිදෙන්න කියලත් කියනවා.... ඒකනෙ රිදෙන්න ලිවුවෙ.

      Delete
  9. මේ තියෙන්නේ කාලෙකට කලින් නාඩියා මේ වගේ එකක් ගැන කොටපු එකක්. අනේ මන්දා බං අක්කේ මට නම් තේරුම් ගන්න බැරි ඇයි අපේ උන් ටිකක්වත් හිතන්නේ නැත්තේ කියලා ...

    ReplyDelete
    Replies
    1. නාඩි මල්ලිගෙ ලිපියෙන් කියන්නා වගේ ඕකට හේතුව එක්කෝ නොදැනුවත්කම හෙවත් ගොන්කම. නැත්නම් ප්‍රදර්ශන කාමය. ගොඩක් අලගෝනි ඇන්ටිලාට තියෙන්නෙ දෙවනි හේතුව වෙන්න ඕනෙ.

      Delete
  10. 1කේ ඉලක්කමට අද ඉඳං "එක" නොකියා "දෙක" කියලා කියමු කියලා සම්මත කරගත්තා කියමු... ඒත් එහෙම කරාට අපිට කවදාවත් 1ට "දෙක" කිව්වට 1කියන සංඛ්‍යාව feel වෙන්නෙ නෑනෙ. ලෝකෙ පටං ගත්තු දවසෙ ඉඳං 1ට "දෙක" කියලා කිව්වනං ඔය අවුල එන්නෙ නෑ. ඉතිං මේ ලිපියෙ කියවෙන කාරණා වගෙම තව ගොඩක් දේවල් වලට අදාලව ආලක්ප සංවර්ධනය වගේ දෙයක් කතා කරලා වැඩක් නෑ.
    මොන විදිහට මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න හැදුවත් හැමොම කරන්නෙ පරන ටොපිය ඇතුලෙම අලුත් රසක් හොයන එක බස්සි. ඒකයි අපේ මිනිස්සුංගෙ විදිහ... අපිට තියෙන කැක්කුමට මෙහෙම ලිපි ලියලා හරි වෙන මොනවා හරි කලත් කෙනෙකුගෙ දෙන්නෙකුගෙ හිත් වෙනස් කරන්න පුලුවං වේවි. බට් ලොකු සමාජීය බලපෑමක් කරන්න බෑ. අපේ ජීවිත කාලෙ තුලදි නං ඒ ලස්සන දකින්න වෙන එකක් නෑ. ලංකාවෙ රිදම් එකේ විදිහට සමහර විට 3014දි විතර වෙද්දි නං හරි යන්නත් ඉඩ තියෙනවා.
    >
    බස්සිගෙ පස්මහ බැලුං තියරිය නං හරියට හරි. හැබැයි පස්මහ බැලුං බැලුවත් නැතත් ගතු කියන හෝ කොට්ටෝරු වැඩ කරන ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම වෙනසක් වෙන්නෙ නෑ. ඒක වෙනම කතා කරන්න ඕන වෙනම විශයක්. අපි ලංකාව ගැන විෂේශෙන් කතා කලාට ලෝකෙ කොහෙත් මෙහෙමය්. වෙනස ගතු කියන සහ කොට්ටෝරුවන්ගේ ප්‍රමාණය සමාජ ක්‍රමය හා ඒ ඒ රටවල් වල සංස්කෘතියත් එක්ක අඩු වැඩි වෙලා තියෙන එකයි. ආසියානු රටවල් වල තමයි මේ අවුල ලොකුවට තියෙන්නෙ. දුක කියන්නෙ අපෙ රටෙ මිනිස්සු ආකල්පමය විදිහට දියුනු වෙන්නෙ ආපස්සටනෙ..
    >
    මතකද අතවරේකට සාධාරණේ ඉල්ලපු නර්ස් කෙනෙකුට නඩුකාර උත්තමයෙක් ඇඳන් හිටපු ඇඳුම් ගැන ප්‍රශ්න කරලා උපදෙසුත් දීල තිබුණා...
    මතකද හිරුනිකා කවුද මුදලාලියෙක්ට තගක් දාපු නිසා ඒගැන අහපු නඩුවට හිරුනිකා ආපු විදිහ දැකලා නඩුකාරවරිය සංවරව ඇඳං එන්න කියලා උපදෙස් දීල තිබුනා... හිරුනිකාගෙ තග කෙසේ වෙතත් ඒ ඇඳුමෙ නං කිසිම අවුලක් , අසංවර කමක් තිබුනෙ නෑ. වැඩේ කියන්නෙ නඩුකාර''වරියක්'' මයි මේ සදාචාර උපදෙස දුන්නෙත්...
    මේ.., රටේ ඉහලම තැනක සිටිය යුතු බුද්ධිමතුන්ගෙ සාමාන්‍ය තීරණ... ඉතිං උඩ ඉඳං පහලට මේවගෙ ගොං වැඩ කීයක් නං කතා බහ කරන්න තියෙනවද...
    >
    කෙනෙකුට හිතනවනං, මේ වගේ ලිපි හොඳටම ඇති බස්සි.. ඒත් අපේ පොට යන එක විතරයි. ඔය කිව්වට අපිත්, පොට යනකං කොරන්න දඟලන්නෙත් ඕකමනෙ...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද තිලින අයියේ ඇම්මට ලියවෙනවා මෙහෙම එවුවා. හැදෙන එකා දෙන්නා හරි හැදෙනවානම් ඒකත් ලොකු දෙයක්නෙ.

      අතවරයක් උනාම ඒකට ලංකාවෙ ගැහැනියට ලැබෙන උපදෙස් නම් කියලා වැඩක් නෑ. හෙදියකට විතරක් නෙමෙයි අයියේ පහුගිය දවසක පොලිස් කාන්තාවකටත් ඔහොම උපදෙසක් ලැබුනා ලු. අදහන්න වටින නඩුකාරයො.

      අනික තමයි ඔය පාට කණ්නාඩි වලින් ඇස් වහගන්න හදන ගොඩක් අය එහෙම කරන්නෙ තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාල අනිත් අයට පෙනේය කියන බයට. මෙහෙම සමාජයක ජීවත් වෙද්දි ගැල්ලමයි විතරක් නෙමෙයි කවුරු කවුරුත් තම තමන්ගේ තත්වය රැකගෙන, ඇඟේ ගාගන්නෙ නැතුව වැඩ කරන්න පුරුදු වෙන එකයි වටින්නෙ.

      Delete
  11. මේක අදාලමත් නෑ... නැත්තෙත් නෑ. ඒත් දාන්න හිතුනා.
    මේ තමයි තවමත් බහුතර ලංකාව...
    >

    ඇඟේ නූල් පොටක් නැති ගැහැණිය..
    විලි ලැජ්ජා නැත. ගල් ගැහුවත් කමක් නැත.

    තන් දෙක, කකුල් දෙක, බුරිය පේන්න අඳින ගැහැණිය..
    සංකරය. හිත කලඹන සුළුය. පිරිමින් පරිස්සම් කරගත යුතුය.

    බිම බලාගෙන ඇවිදින බුරිය, තන් වැහෙන්න දණහිසෙන් පහලට අඳින ගැහැණිය..
    අන්න පුල හෙල කුසුම කසාද බඳින්න.
    අක්කාව, නංගීව ඒ විදිහට හදාගන්න.

    හිසේ සිට දෙපතුල දක්වා මුහුණත් සමඟ වැහෙන්න මුස්ලිම් ඇඳුම් අඳින ගැහැණිය..
    බලපිය ,
    ආගමික ත්‍රස්තවාදය හිස ඔසවා කාන්තා අයිතිය නැත්තට නැති කර ඇත.
    ඒ ම්ලේච්ඡයින් පන්නා දැමිය යුතුය.

    අම්මගෙ රෙද්දෙ සධාචාර රේඛාවක්නෙ යකෝ මේ...


    (උපුටාගැනීමකි)
    අදහස : චාමර ගුරුගේ

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++
      සුපිරි කතාව. කන පැලෙන්න දීලා....

      Delete
  12. අනේද කියන්නේ බස්සියේ..සමහරුන්ගේ ඇදුම් විලාසිතා දැක්කම හැරී හැරී බලන්න හිතෙනවා..විශාල ඇගවල් යුරියා කවර වලට ඔබලා වගේ නිකන් ,,අපේ රටේ මිනිස්සු දැනුවත් මදි කියන්නත් බැහැ...කවුරුහරි ඇදන් ඉද්දි ලස්සනයි කියලා හිතුනොත් ඒ ජාතියෙන්ම ගන්නවා ආයේ බැලිල්ලක් නැහැ.. ,ඔයාගේ 5 මහ බැලුම් ටික බලනවානම් ඔය ප්‍රශ්න මොකුත් නැහැ ,,,හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. අන්ධානුකරණයත් මේකට ප්‍රධානම හේතුවක් ඔමා. තැන්කුයි ඔයාගෙ අදහසට.

      Delete
  13. ඇඳුම් ගැන අපි දෙන්නම පෝස්ට් දැම්ම හන්දා වැඩි යමක් කියන්න යන්නේ නෑ.. ඒත් යන තැනයි තමන්ටයි ගැලපෙන විදිහේ ඕන ඇදුමක් ඕකේ කියන එකයි මගේ මතය නම්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අයියේ පස් මහ බැලුම් බලන එක වටිනවාය කිවුවෙ. අනේ මට ඒ පෝස්ට් දෙකම මග ඇරිලානෙ.

      Delete
  14. මං ලිව්වා හලෝ පෝස්ට් එකක්ම ඔය ගැන කාලෙකට කලින්... ඔන්න දැම්මා ලින්ක් එක.. හි හි

    ගවුම් මෝස්තර...

    ReplyDelete
    Replies
    1. හිරූ අක්කාගෙ ලිපිය බලන්න ඕනෙ. ඒක මට කියවන්න මගඇරුනු එකක් වාගෙ.

      Delete
  15. මම මේක මුලින් බලල දෝණිට තමා පෙන්නුවෙ.... එල එල බස්සී...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ගාලුවෝ... දෝණිටත් දෝණිගේ දෝණිලාටත් අර පස්මහ බැලුම් බලන්න කියාදෙන්න.

      Delete
  16. කොහොම උනත් තැනේ හැටියට අදිනවානම් තමයි හොද . සමහර අය කොට ගවුම් ඇදගෙන ඇවිත් කකුල් වහගන්න බුදු ට්‍රයි එකක් දෙනවා ..බලනවට අකමැතිනම් මොකටැයි අදින්නේ ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත චමී... මොනා උනත් මේක ලංකාවනේ,....

      Delete
  17. ඒ ඒ හැටියට ඇනේ ගහන්නයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... ඒකනෙ දේශ්.

      Delete
  18. මවුස් පොයින්ටරේ ඉන්න එකා බස්සෙක්ද බස්සියෙක්ද?
    තමන්ගේ ගෑනියි (හෝ පෙම්වතිය) ,සහෝදරියි ,අම්මයි අර අනික් හැම ගෑනියක්ම අවලමේ යනවනම් පිරිමි කැමතියි කියා කතාවක් තියෙනවාය. ඇත්තෙන්ම ඇඳුම් ගැන වුවත් ඔය ටිකය. තමන්ගේ ඉහත කී එවුන් ඇර අනික් අය කොහොම ඇන්දත් කමක් නෑ කියා බහුතරය සිතනවාය. පට්ට රැඩිකල් පොරවල්ගේ වුවත් පවුලේ එවුන්ට නීති තදය. උන් රැඩිකල් ලෝකය දකින්නේ අනිත් එවුන්ගෙනය.

    ReplyDelete
    Replies
    1. තිසර කියාපු විදියට නම් මවුස් පොයින්ටරේ ඉන්නෙ "බෙටි දදා යන ඔලුව නැති තාරාවෙක්ලු". මටනම් ඒක පේන්නෙ හැරී පොටර්ගෙ snitch එක වාගෙ.

      එවුවා ඒම තමයි පවුලූශෝ... ලෝකෙට පරකාසෙ - ගෙදරට මරගාතෙ කිවුවලු.

      Delete
  19. මමත් කොටට අඳිනවා..හැබැයි හරියටම දනිස්ස ළඟට..

    මමත් ඉතිං වැඩිපුරම ඩෙනිමට බැහැලා ටොප් එකක් ඇඳගන්න එක තමයි කරන්නේ...මට හිතෙන විදියට එහෙම පහසුයි.

    ඔයාගේ ලිපියේ කරුණු වලට එකඟයි බස්සි

    ReplyDelete
    Replies
    1. දනිස්සෙන් උඩට අඳින එකෙත් වරදක් නෑ අක්කෝ තැනට ඔබිනවානම්. උදාහරණයක් කියන්නම් අපේ ඉක්කෝලෙ යාලුවො වසරක් පාසා තියන සුහද හමුව, හැමෝම කෙල්ලන්ට පමනයි පාර්ටියක් නිසා හැමෝම වාගෙ මමත් ඒකට කොටට අඳිනවා. ඒත් අර පස් මහ බැලුම් වලට එකඟව.

      ඩෙනිමයි ටී ෂර්ට් එකයි, බාටා දෙකයි මොන සැපක්ද? පහසුම ඇඳුම.

      Delete
  20. කොට සායවල් අදිනවාට වඩා ඩෙනිමක් ගහලා යන එක අගනේය :D

    ReplyDelete
    Replies
    1. තම තමන්ට ගැලපෙන පරිදි..... :)

      Delete
  21. මේ මං තාම පොඩිඑකා ය.

    සවිස්තරාත්මක ය.

    ReplyDelete
    Replies
    1. පොඩි එකා පවුය. තැන්කූ ය.

      Delete
  22. ඔන්න පෙනුන මෙන්න පෙනුන නැතුව කොටට ඇන්දන එක කිසි අවුලක් නැත.එහි ලස්සනක්ද ඇත.

    ReplyDelete
    Replies
    1. ඔන්න පෙනුන මෙන්න පෙනුන වෙද්දි හිත චංචල වෙන නිසාද?

      Delete
  23. මට කියලා කෙල්ලෙක් උන්නා නම් මං මේ පොස්ටුව එයාට පෙන්වනවා. ඒත් වැඩක් නෑ.

    පට්ට ඇත්ත කතාව. මමනම් ගෑල් ළමයි දිහා බලන්න ලැජ්ජයි ඇඳුම හරියට ඇඳගෙන නැත්නම්.. මට හිතෙන්නේ එයා මං ගැන වැරදියට හිතයි කියලා.. ඒ නිසා බස් එහෙක ගියත් පාරේ ගියත් අඳුරන්නේ නැති අය එක්ක කතාවටවත් බලන්නේවත් නෑ.. එතකොට ප්‍රශ්නත් අඩුයි නෙව.
    හොඳ පොස්ටුවක්.. !

    ReplyDelete
    Replies
    1. කඩේ නංගිට පෙන්නහං වෙලාවක ලැප උස්සාන ගිහින්. :P

      ඔව් ඔව් නැත්තං කුඩ පාර වදී බලාගෙන. තැන්කූ සඳරු මල්ලි.

      Delete
  24. මෙහෙමනේ යශෝ,ඕකේ දැන් දෙපැත්තක් තියෙනවා.දැන් බලන්න අර මුස්ලිම් ඇඳුම් අඳින ගැහැණියට තියෙන විරෝධය අපේ සමාජයේ.ඒ විරෝධය අඩු නැතුවම තියෙනවා කොටට ඇඳුම් අඳින ගැහැණුටත් අඩු නැතුවම තියෙනවා.අනික බලන්න සුද්දීයෙක් බිකිණියක් ඇදන් බස් එකේ ගියත් නොබලන වුන්ට අපේ කෙල්ලෙක් කොටක් ගහගෙන ගියොත් කලා,ඉන්න බැරි වෙනවා.මට නම් හිතෙන්නේ ඕක අඳින ඇදුමට වඩා බලන ඇස් වල තියෙන ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. අර තිලින අයියා උඩ කමෙන්ට් එකක කියලා තියෙන්නෙ මනෝ අපුරු කවියක්. ඒකෙත් කියනවා ඔය සදාචාර රේඛාව ගැන ලස්සනට.

      Delete
  25. ඔන්න ඕව උඹලගෙම පුරස්නනේ. ඒව උඹලම විසදගනිල්ලා... හැබැයි ලස්සන දෙයක් දැක්කොත් නං නොබලා ඉන්නෙත් නැ...

    ReplyDelete
    Replies
    1. ලස්සන දේවල් ඇත්තේ බලා රසවිඳින්න නෙව. නැරඹීම තහනම් කර නැත්නම් ලස්සන දේවල් බලලා හිත පහදවා ගැනීම හොඳයි අයියේ.

      Delete
  26. ලියලා තියෙන විදිහ හරිම ශෝක්.. රසවත්ව හරවත්ව ලියලා තියෙනවා..

    ගෑණු ළමයි විදිහට ඇදුම් අදිනකොට හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ.. තැනේ හැටියට ඇන්දහම වෙන කරදරත් අඩුයි.

    ReplyDelete
  27. පහුගිය දවස් ටිකේ මං හිටිය පැත්තේ තුන්වෙනි පරම්පරාවේ සංඥා නැති නිසා දවස් කීපෙකින් බ්ලොග් පැත්තේ එන්න බැරි උනාය..
    එකටම බස්සාට හැපි බර්ත් ඩේ කියන්න ඕනෑය.....(ඌ ඉතින් අහිංසකය නොවැ)
    මුලින්ම ඒ ලිපිය කියෙව්වේය.. අපේ ගෙදර මනුස්සයත් එහෙමය තාමත් මගේ උපන් දිනේම මාව සර්පයිය් කරනවාය ( ඒක ස්ත්‍රී රත්න වල හැටි වෙන්න ඇතිය)..

    ඔය ඇඳුං ගැන නම් මට ඒ හැටි ගනිච්චියක් නැත..
    ගෑනු උදවිය චාමෙට ඇන්දාම හොදය...
    වැඩි කැටයම් නරකය...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පුංචි බස්සට හැපි බර්ත්ඩේ විශ් කොලාට තැන්කුයි හොඳේ.... සරපයිස් කිරීම ගෑනු ලක්සනයක් වෙන්ට ඇති තමයි. එතෝට ඔය සරපයිස් ගැන මෙලෝ අදහසක් නැති වීම පිරිමි ලස්සනයක්ද විදානේ?

      Delete
    2. උන්ට වෙන වැඩ තියෙනව නොවැ..

      Delete
  28. මමනම් දකින්නෙ විලාසිතා කියන දේ ඒ ඒ විදියට ඒ ඒ කාලවලට උචිත විදියට කල යුතුයි..කෙල්ලො කොටට ඇන්දට අවුලක් නැහැ අර බස්සි කිව්වා වගේ හැමදේම නැතත් ඕනෙම දේවල් නොපෙනෙන්න වග බල ගන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. තමන්ගේ තත්වය සහ බුද්ධිය ඇඳුම් තෝරා ගන්න විදියෙනුත් කියැවෙනව නෙව උමේශ්. විලාසිතා නැතුව බැහැ. ඒකනෙ අර පන්සලටයි, බීච් එකටයි යන පින්තූරෙන් කියැවෙන්නෙ.


      තැන්කුයි උමේශ්....

      Delete
  29. ඇදුම් ගැන බස්සිගේ පස්මහා බැලුම් නම් අගනේය.. ඒවා ගැන මෙන්ම කුමක් වුවත් පිරිමි උදවියත් තම සිත් පාලනය උගතයුතුම වේය.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නැත්නම් අනාගතේ අසරණ පිරිමි අර පින්තූරෙ විදියට අඬාවි ෂැගියෝ...

      Delete
  30. මොළය ඇති අය යනු තැනට සහ තමාට ගැලපෙන යමක් ඇදීමට හැකියාව ඇති අයය. තවත් සමහරු භාගයක් පෙන්වා භාගයක් නොපෙන්වා හිද අමුතු ආතොල් ගන්නෝය...එහෙව් විටෙක කොලු පාර්ශවයෙන් යම් ප්‍රතිචාරයක් ලැබුනොත් එහි වරද කොලුවන් පිට සම්පූර්ණයෙන් හෙලන්නටද එවැනි මෙංගල් මරගාත ඉතා කැමතිය.

    ReplyDelete
    Replies
    1. සමාජයේ හැටි අවබෝධ කරගෙන විලාසිතා කල යුතුය. කොලුවන්ට ආතල් දීම හොඳ නම්, කොලුවන් ආතල් ගැනීම වරදක් නැත. නමුත් පිරිමි යනු නිරුවත් කලවා යුගලක් දුටු පමණින් කුලප්පු වන සතුන් රැලක් නොවේ. ඔවුන්ද තම මනස අන් වානරයන්ට වඩා බොහෝ උසස් බව සිහිතබා ගත යුතුය..

      Delete
  31. බස්සි මම ඔබේ ලේඛන කලාවට ,නිර්භීත භාවයට සහ නව පරපුරේ අදහස් වලට කැමතියි.ඇදුම කියන්නෙ හරිම වටින දෙයක්.ඒ තුලින් තමයි සමාජය අපිව මනින්නේ.ගැහැනු පිරිමි භේදයක් නෑ.හැමෝටම හිතන්න වටින කාරනාවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යකා.... සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට.....!!!

      Delete
  32. මේ වගේ දෙයක් පිරිමි අපි කිව්වොත් වැරදි බස්සියේ. ඒ හින්දා ඒක ගැහැණු කෙනෙක්ම කියපු එක තමයි නිවැරදි. පන්සලට නිරාවරණය වුණු ඇදුම් අදින එක අපහාසයක් වගේම විනෝද වෙන තැනකට නුසුදුසු ඇදුම් අදින එක විහිළුවක් කියන මතයට සම්පුර්ණයෙන්ම එකඟයි

    ReplyDelete
    Replies
    1. තැනට සුදුසු විදියට ඇඳුම් අඳින එකට ගැහැණු පිරිමි භේදයක් නෑ සහෝ. :)

      Delete
  33. ඩිනර් ඩාන්ස් වලට අඳින්න ඕන එව්වා ඔෆිස් ඇඳන් එනවා..ඔෆිස් ඇදන් යන්න ඕන ඒවා බීච් ඇඳන් යනවා..බීච් ඇඳන් යන්න ඕන ඒවා පන්සල් ඇඳන් යනවා...පන්සල් ඇඳන් යන්න ඕන ඒවා ඇඳන් රෑට ඇඳට ගොඩවෙනවා.....අනේ මන්දා සමහර ගෑණු නම් ෆැශන් දන්නෙත් නැහැ... ඩ්‍රෙස් මැනර්ස් දන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. //පන්සල් ඇඳන් යන්න ඕන ඒවා ඇඳන් රෑට ඇඳට ගොඩවෙනවා// මේක තමයිලු අරූ අංකල්ට හොඳටම තරහා යන සීන් එක. :P

      Delete
  34. තැනට සුදුසු ඇදුම් ඇදිම වැදගත්. අනික් අය වැරදියට හිතයි කියලා නම් වෙනස් වෙන එක පිස්සුවක්.
    මේ බස්සියෝ ඇත්තට වයස කියද කැම්පස් ගිහිල්ලා ඉවරයිද ඇ ???

    ReplyDelete
    Replies
    1. වයස නම් 24 යි. මේ අවුරුද්දේ 25 ලබාවි. දිනේශ් අයියට අයියා කියන නිසා මදාරා අක්කටත් අක්කෝ... කිවුවට ඇත්තටම අක්ක ද, නංගිද නොදනිමි නේ.... කැම්පුස් අහවර වෙලා වැඩි කලක් නෑ තවම. :)

      Delete
  35. යට බාගෙ දිග කොට විතරක් නෙවෙයි බස්සි අක්කෝ, උඩ කොටහ ගැනත් පොඩිත්තක් දැනුවත් කොලානං නරකැයි??
    මං නං බස්වල හිටගෙන යනකොට බස් එකේ උඩ තියෙන පොලු දිහා බලාන යන තත්වෙට අසරණ වෙලා තියෙනවා එතන ඉඳගෙන ඉන්න කෙල්ලගෙ T-ශර්ට් එකේ ලොකු කර දිහා වගේම මං දිහාත් වටේ ඉන්න එවුං ඔය කණ්ණාඩිවලිං බලන නිසා. එවුං හොඳට ඒක බලබල කෙල පෙරන ගමං එතනම ඉන්න මං දිහා බලන්නෙ හරියට මං කෙල්ල දිහා බලාන කෙල පෙරන ගානට.
    එහෙම වෙලාවට මට ඒක තදේට වැදුනොත් කෙලිම්ම කතාකරලා කියනවා "අක්කෙ/නංගියේ, අන්න අරයා බලන විදිහ හරිනෑ, ටීයේ කර පොඩ්ඩක් හදාගනිං සුදෝ කියලා."

    ප්‍රශ්නේ කියන්නේ බං බස්සි අක්කෝ, එහෙම වෙලාවට ඒ කෙල්ලොත් අපි අපේ යුතුකම කොලාය කියල අපිට තැංකූ කියනවා වෙනුවට අපි දිහා කැතවිදිහට බලන්නෙ, මං වැ‍රැද්දක් කරපු ගානට.

    ඒමදිවට සමහරු, කොට උණාට කොටමත් නැති, දනිස්සට විතර තියෙන එව්වා ඇංදට තැනක ඉඳගන්නකොට එහෙම ඒක හරියට හදාගන්න දන්නෙත් නැතිගානයි. වටේපිටේ යන එන පිරිමි විතරක් නෙවෙයි, සමහර ගෑණුත් ඒ දිහා බලබලා කැත හිතින් ඒකෙල්ල ගැන මොනවාහරි කියකියා යනවා. ඒවා දැකලා පව් කියලා හිතිලා කවුරුහරි එයාට ඒක පෙන්නලා දුන්නහම අන්තිමට වැරදිකාරයා වෙන්නෙ පෙන්නපු අහින්සකයා. එතකොට අර "යුතුකම සලකා දෝශය පෙන්වූ අහින්සකයා"ට ඉතිං විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ මල්ලි. උඹත් ඉල්ලන් කන්නනෙ යන්නෙ ඉතින්. සමහර සහෝදරියොනම් ඕක පෙන්වලා දුන්නාම ස්තූතියක් පවා කරනව. ඒත් සමහරු නම් දවා හළුවෙන බැළුම් හෙලන්නෙ.

      Delete
    2. ඒකනෙ අක්කේ කියන්නේ. සමහර හොඳ සහෝදරියෝ නම් එහෙම දොසක් පෙන්වලා දුන්නම ස්තුති කරලා වරද නිවැරදි කර ගන්නවා.
      ඒත් සම'හරක්' සහෝදරියෝ අපි දිහා බලන්නේ අපි උන් ලවා බලෙං වැ‍රැද්දක් කරවපු ගානට. එතකොට අපි තමයි වැරදි කරයෝ (එවුන් ආසාවෙන් පෙන්න පෙන්නා යන එව්වා දීහා කෙල පෙර පෙරා බලාගෙන මෝඩ ආතල් එකක් ගන්නේ නැතුව, මනුස්සකමට උදව් කරන්න යනවට අපිටත් හොඳ වැඩේ).

      මොනවා කරන්නද ඉතිං, අපිට මොනවා උනත් මනුස්සකම නැතිකරගන්න බෑනේ ඉතිං.
      ඒ නිසා ඕනේ මරාලයක් වෙන්න කියලා අපේ යුතුකම අපි ඉ‍ටු කරනවා.

      Delete
  36. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  37. විශේෂිත කාන්තා ඇඳුම් විලාසිතා අවශ්‍ය නෑ. ඒව කොහොමත් පිරිමින්ගේ කාමුකත්වයට ගැලපෙන්න හදපුවා.

    ReplyDelete