Saturday, January 4, 2014

බස්සිගෙන් විරිදු පාඩමක්!! (Fun with Science - 1)



හැමදාමත් බස්සි කියන්නෙ මොකාක් හරි පිස්සු මඥ්ඥං කතාවක් නෙව. ඉතින් බස්සි හිතුවා අද කුරුලු යාලුවන්ට හරයක් ඇති, දැනුමක් ලැබෙන කතාවක් කියාදෙන්න. කතාව කියා දෙද්දී සුපුරුදු පිස්සු ගති මතුවුවහොත් සමා වුව මැනැවි.


අපේ ලෝකය හැදුනේ කොහොමද?






ඉතින් සුපින්වතුනි, බස්සි මෙතැන් සිට ඒ හද කම්පා කරවන ඉස්ටෝරිය විරිදු සුරල් වලින් ඔබතුමන්ලාගේ සවන්පත් මතට අතාරින්නයි සූදානම.



පෘතුවිය මැවුනේ කොහොමද
පණ්ඩිතයෝ කතා වෙනව
වෙනස් වෙනස් මත එනකොට
සේරම පොර කා ගන්නව


මැවුවේ අපෙ දෙවි උතුමා
සාර්ව බලධාරී
ගහකොල, ඇලදොල, සත්තුත්
මැවුවා කර වීරී


අනේ ඉතින්, ඔය පුරස්නෙට උත්තර හොයන්ට පට්ටාන් ගත්තු ඒ සුන්දර මොහොතේ, ආගමික පූජකවරු බොහොමයක් කිවුවා ඔය කතන්දරේ.... නෑ නෑ පින්වතුනි කිතුදහමේ විතරක් නෙමෙයි, තව බෝම ආගම් තියෙනවා මැවීම් වාදය පිළිගන්න. බෝම ආගම්.






ඒ දෙයියෝ නෙමෙයි ලෝකෙ
මැවුවෙ අපේ උතුමා
බොරු නොකියා නිකා හිටින්
අපෙ දහමට වටිනා



මේම සණ්ඩු දබර පවා ඇතිවුනත්, මිනිස්සු සමාදානෙන්, එක පතේ කාල, ඒ එක මතේ පිළි අරන් අහිංසක විදියට කාලෙ ගෙවනව.



අනේ ඔය සුන්දර ජීවිතේට, දවසක මෙන්න මේම හෙනහුරෙක් පාත් වෙනව. එකෙක් නම් කමක් නෑ පින්වතුනි, හිත හදාගන්ට තිබුනා. ඒත් මේ ඉපදුනේ රැඩිකල් මොල දෙකක්. එකක් නෙමෙයි දෙකක්.


කාලෙන් කාලෙට බිහිවෙයි පොරවල් රැඩිකල්
එන්ගලන්තෙ ඉපදුනි පොඩි කොල්ලෙක් රැඩිකල්
ඌට හැල්ඩේන් යන නම ලැබෙන වෙලාවේ
ඔපාරින්ට පස් වසරයි ඌ රුසියාවේ


ඔපාරින් රුසියාවේ
ඉපදුනේ රුසියාවේ






මේ දෙපලට අලුත් අලුත්
සිතුවිලි මතු වෙනවා
ලෝකෙ මැවුන හැටි සිතමින්
දෙපලම ලත වෙනවා



මේම කල්පනා කොර කොර ඉන්නකොට, ඔපාරින් දවසක් දුවගෙන එනවා හැල්ඩේන් ගාවට. ඇවිත් ලෝකෙ හැදුන හැටි ගැන මෙන්න මෙහෙම කතන්දරයක් කියා දෙනව. අනේ හැල්ඩේන් පුංචි එකා, ඔපාරින් අයියගෙ කතාව පුදුමෙන් අහන් ඉන්නවා.


මීට වසර දහ අටකට කලින් බිලියන
මහා පිපුරුමක් විය විශ්වයේ හැමතැන
Big Bangය කියලා අපි එයට කියන්නේ
Atom වලාවන් දස අත විසිරී යන්නේ


මහා පිපිරුම මේක
Atom ඇතිවුන සේක


ඔහොම වසර බිලියන හතරක් ගතවෙනවා
තනිවී සිටි Atom හීතලේ වෙවුලනවා
වෙවුලනවා බං අපි සේරම පොදි ගැහෙමූ
එක ගුලියක් වී අපි ලොකු පෘතුවිය හදමූ


Atom ටික ගුලි වෙන්නේ
අපේ ලොව ඉපදෙන්නේ









අනේ, මෙහෙම එකතු වෙනකොට මේ Atom මල්ලිලාගෙ තිවුන හයිය හත්තිය නිසා අපේ අසරණ පෘතුවියෙන් ගිනිකඳු මතුවුනා පින්වතුනි. උෂ්ණ කාලෙට අපේ ඇඟේ විසරගෙඩි මතුවෙනවා වගේ. මූදක් නෑ, වායුගෝල නෑ. පිච්චෙනවා රස්නෙට. (4000 0C - 8000 0C)







පෘතුවිය හෙමිහිට හෙමිහිට සීතල වෙනවා
කාබන් සහ නිකල් හදවතේ ඝන වෙනවා
එවුවායින් මදය නොහොත් හරය හැදෙන්නේ
ඊට පිටින් උණුසුම් මැන්ටලේ හැදෙන්නේ


හරය ඝන පාෂාණ
උඩින් ද්‍රව පාෂාණ







ඊට උඩින් සිසිල් පෘතුවි කබොලක් හැදුනා
ගිනිකඳු පිපිරී කාබන් පිටතට ඇදුනා
තවත් වායු ගිනිකන්දෙන් පිටතට එන්නේ
උන් සේරම පෘතුවි වායුගෝලෙ හදන්නේ


වායුගෝලය හැදුනා
එයින් සිසිලස ලැබුනා



ඉතින් ඊට පස්සෙ?


ආදි වායු ගෝලෙ
ඔක්සිහාරක වෙන්නේය
ගුරුත්වෙ අඩු නිසා
හයිඩ්‍රජන් දුර යන්නේය



ඔහොම තමයි පින්වතුනි මේ ලෝක ධර්මෙ. ගැන්සි බැහැල හිටපු හයිඩ්‍රජන්ලා ගොඩක් දෙනා අපිට ටටා බායි කියද්දි, හිත හොඳ හයිඩ්‍රජන්ලා ටිකදෙනෙක් ඉතුරු වෙනව. ඇති හැකි තැනටලු සෙනග ඇදෙන්නේ.



වායුගෝලය හැදුන. ඒත් කෝ මූද?


වායුගෝලෙ නිසා ලෝකෙ සීතල වෙනවා
ජල වාෂ්ප ඝනවී වැහි වලා හැදෙනවා
එක දවසක් මහ වැස්සක් කඩා හැලෙන්නේ
මුලු ලෝකෙම වරුසාවෙන් පිරිසිදු වෙන්නේ


පහත් බිම් පිරවෙනවා
ගංගා, මූදු හැදෙනවා





ඩුං ටුරු ටුං - ඩුටුං ඩුටුං




විද්‍යා පාඩම අදට ඉවරයි සුපින්වතුනේ. හෙටත් හරියටම මේ වෙලාවට, බස්සිගේ නවාතැනට ඉගිල්ලිලා ආවොත් බලාගන්න පුලුවනි පෘතුවියට ජීවය ලැබුන  හැටි.



66 comments:

  1. මරු විරුදු ටික හෙටත් මේ පැත්තට එකෙන්ම එනවා බස්සියේ.....ඩුං....ඩුං....ඩුංංං

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතියි ශානු අක්කෝ... !! ඩුං ටුරු ටුං - ඩුටුං ඩුටුං

      Delete
  2. හෙට වෙනකන් සමු ගන්නම්...
    ගූඩ් බායී ගිහින් එන්නම් කියලා..
    සිත් සතොසින් මම යන්නම්
    ඩුං ටුරු ටුං - ඩුටුං ඩුටුං

    ReplyDelete
    Replies
    1. හෙටත් එන්න නොවරදවා මේ වෙලාවට
      ජීවය ඉපදුන හැටි ගැන ඉගෙන ගන්නට
      සිත් සතොසින් නම් බස්සිත් සතුටින් ඉපිලේ
      සතුටුයි ඔබ රසවින්දම විරිදුවෙ තාලේ

      ඩුං ටුරු ටුං - ඩුටුං ඩුටුං

      Delete
  3. විජ්ජා විරුදුද මේ එතකොට? අමුතු විදියේ වැඩක් නොවැ

    ReplyDelete
    Replies
    1. යේස්. මේ විජ්ජා විරිදු ය. නිවාඩු දවසෙ අලුත් වැඩක්! :)

      Delete
    2. අද ඔයැයිට නිවාඩුය අපිට නම් පන්තිය :D

      Delete
    3. ඒකට මොකදෑ පන්ති ගිහින් ඔයැයි කරන්නෙත් නිදා ගන්න එක වෙච්චි කොට. :P

      Delete
    4. වැඩේ කියන්නේ අද නින්ද ගියේ නෑ වැඩ කොලා අනික මම එච්චර වල නෑ හරිය මේ දවස් වල මෝරා කැම්පස් යෑමේ දැඩි අදිස්ටනෙකින් සිටි

      Delete
    5. එල එල! ජාලයේ සැරිසරන කාලය පාඩමට යෙදෙවුවානම් ඒක අමාරු කාරියක් නෙමෙයි.

      Delete
    6. දිනකට පැය 24 ඇත.එයින් 6 නිදාගන්නත් 1 ක් ජාලෙටත් ඇරියට අවුලක් නොවේ යයි මගේ හැගීම අනික මම මෙහෙම දැන් පැයක් ආවට ඉස්සර පැය 14 විතර ජාලේ ඉදපු එක්කෙනෙක් ඒ අතින් මම දැන් කොච්චර හැදිලද ඈ

      Delete
  4. මේ මගේ atom ප්‍රොසෙසර් එකක් තියෙන note book එකක් තිබුනා කියහන්කෝ.. එකත් ඔය තියරියට යටත් ද ? :p

    පට්ට විරිඳු ඈ

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ පරමාණු ඇතිවීම ගැන බෙනෝ.... බෝම ඉත්තූති ඈ...

      Delete
  5. මරැ බස්සිගේ විරැඳූ
    මොළයට මගෙ වැඳුණූ
    ඉතුරැ ටිකත් අහං යන්න
    එන්නෙමි මම සොඳුරැ....

    ReplyDelete
    Replies
    1. නවාතැනට පිලිඅරගන්නම් සාදරයෙන්
      හෙටත් ඇවිත් අහන්න විජ්ජාව විරිදුවෙන්

      Delete
  6. යශෝගේ මේ විරිදු
    පාඩම නම් අගෙළු
    ඉතුරු ටිකත් දැනගන්නට
    ආයෙත් එමි යාලු.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මනෝජ්!! හෙටත් එන්න විරිදු අහන්න. :)

      Delete
  7. රබාන හොයාගෙන එනකම් පොඩ්ඩක් හිටු.....

    ReplyDelete
    Replies
    1. ඩුං ටුරු ටුං - ඩුටුං ඩුටුං

      Delete
  8. මම අහලා තියෙන විදිහට ඔය big bang theory එක අද පිළිගන්නේ නෑ. අනිත් ඉදිරිපත් වෙලා තියෙන theory එකේ නම මතක නෑ. ඒක ඉදිරිපත් කරන්න ශ්‍රී ලාංකික විද්වතෙකුත් සම්බන්ධයි! හොයා ගත්ත ගමන් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. නව ස්තරත්ව වාදය.තව සුද්දෙක් එක්ක ඕක කිවුවේ.කඩ්ඩෙන් නම නම් මතක නෑ

      Delete
    2. බොහොම ස්තූතියි නාඩි මල්ලිටත්, චාමික මල්ලිටත් දෙන්නාටම. අපිට ෆස්ට් ඉයර් එකේ තිවුන course unit එකකට පවා ඉගැන්නුවේ big bang theory එක. ඒ නිසා මම ඔය අලුත් තියරි එක අහලා තිවුනෙත් නෑ.

      කියවලා බලන්න ඕනෙ ඒ විජ්ජා කතන්දරේ ගැනත්.

      Delete
    3. Steady State Theory මෙන්න මේක කියවලා බලන්නකෝ..

      Delete
    4. තැන්කූ නාඩි මල්ලී.... මේක ගැන මුල් වතාවට හෙවුවෙ ඊයෙ ඔයාගෙ කමෙන්ට් එක දැක්කාම යි. ගොඩක් ස්තූතියි කියාදුන්නාට.

      Delete
  9. නියම විරිදු ටික බස්සි, හෙටත් මේ වෙලාවටම එන්නම් ඉතුරු ටිකත් අහන්න.
    මට නම් ලාවට රබන් සද්දෙත් ඇහෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතියි ප්‍රියෝ.... ඩුං ටුරු ටුං - ඩුටුං ඩුටුං කියලාද ඇහෙන්නෙ?

      Delete
  10. සිම්ප්ලි අවොසම්
    නියමයි අක්කේ නිකම් පාඩමක් කියවනවට වඩා මෙහෙම දෙයක් බැලුවම මතක හිටිනවා වැඩි.දිගටම බලනවා මොකෝ කියන්නේ මේක මට පොඩි වැඩකට ඕනි වෙනවා .

    ප :ලි
    බ්ලොගියට ගොඩ වෙනකොට අහලා ටිබුනා පිට් බොඩියක් තියේද කියලා ඒකට නම් උත්තරේ නෑ තමා :D

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතියි මල්ලි.... මේ විදියට තමයි මම ඉස්සර ඔය කොටස පාඩම් කලේ.

      //ප :ලි
      බ්ලොගියට ගොඩ වෙනකොට අහලා ටිබුනා පිට් බොඩියක් තියේද කියලා ඒකට නම් උත්තරේ නෑ තමා :D//
      මේක තේරුනේ නෑනෙ මට?

      Delete
    2. ඇදෙ දැන් ඒක අහන්නේ නෑ නේ.ඉසෙල්ලා ඇහුවා පිට් බොඩියක් තිය්යේද කියාලා සිරාවට

      Delete
    3. ඔයාව දැක්කම දුක හිතෙන්න ඇති :P

      Delete
  11. akka niyameta liyala thiyenawa (y) eth attama de nam kawadawath maha pipurumak ati un na....... vishwaye swabawaya thamai prasaranaya weema ha sankochanaya weema....... mekata kiyanne pola panum wadaya kiyala............ oya kiyana widiyata maha pipurumak unanam eta kalin thibbe mokakda kiyala prashnayak enawaneee.........wishwayata arambayak ho awasanayak na............ me kale siddwenne vishwaya prasaranaya wena eka.......... mehema prasaranaya wela iwara wela aye vishwaya sankochanaya wenawa......... aye prasaranaya wenawa. meka damayak

    ReplyDelete
    Replies
    1. නාඩි මල්ලිත්, චාමික මල්ලිත් කියාපු අලුත් තියරි එක ගැන වෙන්ට ඕනෙ මේ මල්ලිත් කියන්නෙ. බොහොම ස්තූතියි. විශ්වය ප්‍රසාරණය වීම ගැන නම් කියෝලා තියේ. නමුත් ඒකෙන් මහා පිපිරුම් වාදය replace වෙලා කියල දන්නෙ දැනුයි.

      බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  12. එල විරිදු ටික බං....
    එන වෙසක් එකට පන්සල් ට්‍රි මාලිගාව ඉස්සරහ තොරණක් ගස්සොල බස්සත් එක්ක ගැයුවනම්,දෙන්නගෙ බඩවල් මිරිකලා ඉන්න සමුහ ෆොටෝ එහෙකුත් වැටෙයි පච දෙසා බාන මිඩියා වල...
    ඇත්තටම සුපිරි....,.

    ReplyDelete
    Replies
    1. තැන්කූ කෙන්ජයියේ.... පච මීඩියා වලට විරිත්තනවට වඩා කොයිතරම් වැඩ තියේද අනේ... :D

      Delete
  13. akka niyameta liyala thiyenawa (y) eth attama de nam kawadawath maha pipurumak ati un na....... vishwaye swabawaya thamai prasaranaya weema ha sankochanaya weema....... mekata kiyanne pola panum wadaya kiyala............ oya kiyana widiyata maha pipurumak unanam eta kalin thibbe mokakda kiyala prashnayak enawaneee.........wishwayata arambayak ho awasanayak na............ me kale siddwenne vishwaya prasaranaya wena eka.......... mehema prasaranaya wela iwara wela aye vishwaya sankochanaya wenawa......... aye prasaranaya wenawa. meka damayak

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ වෙන නමකින් දාල තිබුන මේ කමෙන්ටුවටම මම කලින් උත්තරයක් දුන්නා. :)

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හරියටම delete කරන්න ඕනෙ කොයි කමෙන්ට් එකද? blogger එකේ අවුලක් වෙන්න ඇති.

      Delete
  15. නොදකිං... මෙච්චර ලස්සන පාඩමනෙ කෑලි කෑලි වලට කඩාගෙන මහ එපාම කරපු විදිහකට උගන්නන්න ඉස්කෝලෙ අවුරුදු 3ක්'4ක් ගන්නේ.. ඉතිං අපි වගෙ හරක් ඒ'කාලෙ මේවට පිස්සු වැටිලා කට බලියං අහගෙන ඔලුවේ කොනකට තල්ලු කරලා දැම්මට හැබෑම දක්ෂයො කී දෙනෙකුට ඇස් පනාපිටම විද්‍යාව එපා වෙලා ගියාද...
    මතු සම්බන්ද කෑල්ලටත් ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත හරක්. ගොඩක් ගුරුවරු බයොලොජි උගන්නන නීරස විදිය නිසා ළමයින්ට ඒක තිත්ත වෙනවා. මමනම් බයෝ ක්ලාස් වල පිටිපස්සෙ පේලියකට වෙලා හොඳට දොයියන එක තමයි කලේ...

      Delete
  16. ඩුං ටුරු ටුං - ඩුටුං ඩුටුං


    ලියමු ලියමු ඉතිරි ටිකත්

    ReplyDelete
    Replies
    1. ඩුං ටුරු ටුං - ඩුටුං ඩුටුං


      හෙට ලියනව ඉතිරි ටිකත්

      Delete
  17. පට්ට සංකල්පෙ ඈ .. මරු :3

    ඊටත් වඩා ඒ සංල්කල්පෙට විද්‍යාත්මක කරූනක් කවපු එක තමයි හරිම වටින්නේ.. :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ සමී... මේම තමයි මම මේ කම්මැලි පාඩම ඒ.ලෙවල් වලටත් පාඩම් කලේ. :D

      Delete
  18. නියම සංකල්පයක් බස්සියෝ.... මතක හිටින්නේ නැති ඒවා මතක තියා ගන්න මේ ක්‍රමේ මරු!

    ReplyDelete
    Replies
    1. බෝම ඉත්තූතියි සිතූ..... මේ ක්‍රමේ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :D

      Delete
  19. මරු බං....විරිඳුවෙන් කියන්න හදපු කාරණේ හරිම වැදගත්....බලමු ඉස්සරහටත්......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්ම්..... තැන්කුයි වේවා රන්දූ......!! :)

      Delete
  20. නියමයි බස්සි අක්කි... ලෙසටම විරිදුව ලියලා තීනවා..ඔයාට රබානකුත් අරන් බස් එකට නැග්ගනම් හොද ගානක් හොයා ගන්න තිව්නා.....හික් හික්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ මල්ලි... හෙට ඉඳන් සක්යා එක ගාව බයෝ ලමයින්ට විරිදු කියන්න රබානක් අරන් යන්නයි කල්පනා කලේ... :D

      Delete
  21. අපිට අමතක වෙලා යන විරිදු නව සකල්ප එකතු කරමින් ගායනා කිරීමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදීක අයියේ... :)

      Delete
  22. නියමයි බස්සියේ ... ඒත් තවම ලෝකේ හැදුනේ මෙහෙමයි කියන්න නම් කාටවත් බැහැ ,, ඒ නිසා මැවුම්වාදය උපහාසයෙන් බැහැර කරන්න හෝ මහා පිපුරුම් වාදේ නිගමනයක් විදියට පිළිගන්නත් බැහැ .. මොනතරම් හැලහැප්පීම් මත ඝට්ටන තිබ්බත් හැමදේම කල්පිත විතරයි ..

    ReplyDelete
    Replies
    1. බිග් බෑන්ග් ගැන දැනුම බෙදාදීම වැරදිද? o.O

      Delete
    2. අපුර්වී , ඒක කල්පිතයක් නෙමේ. මම ඔබට ආරාධනා කරනව මගේ බ්ලොගයේ ඊළඟ ලිපි ටික කියවන්න කියල. සාධක ටික එකින් එක තමා දාන්න වෙන්නේ. මහා පිපුරුම් වාදය කියන නම වැරදියට යොදා ගත් එකක්. ඒක කියලම තමා මම පටන් ගත්තේ මගේ ලිපියේ. දැනට කල්පිතයක් හැටියට තිබෙන්නේ bigbang ලක්ෂයට කලින් මොකද්ද්ද තිබ්බේ කියන එක.

      Delete
  23. විද්‍යාව මට විජ්ජාවක් බව අමතකද බස්සියේ..

    ReplyDelete
    Replies
    1. මේ ලිපි විජ්ජාවක් නොවෙන බහුතරයක් දෙනා ඉන්නවනේ.

      Delete
  24. මේ වගේ දේවල් මතක තියා ගන්න හොඳ ක්‍රමයක්. මම කරන්නෙ මේක නෙමේ. කැමති ගීතයක වචන අයින් කරලා කරුණු දා ගන්න එක.

    ReplyDelete
  25. දිගටම මෙහෙම විද්‍යා කරුනුත් ලියන්න රසවත්

    ReplyDelete
  26. රසබර කවි රස දැක යයි හදවත .. ගැස්සී
    සරසවි ලොව රැජින වගෙයි කිවිදිය බස්සී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු...

      Delete
  27. නියමයි නියමයි. විද්‍යා පාඩම් ටික පටන් ගත්ත දැන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්! විද්‍යා ලිපිත් ලියමු එහෙනම් නේද?

      Delete
    2. ලියමු ලියමු.

      Delete