Monday, April 28, 2014

මං කවිකාරිලු


මං කවිකාරිලු මං කවිකාරිලු
ගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආලවඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉදලම මං කවිකාරිලු



 

ඔව්. මට හිතෙන විදියට මං කවිකාරියක්. කවිකාරියක් වෙන එකේ කිසි ලල් එකක් නෑ නේද? දක්ෂ සංගීතකාරියෙක්, නැට්ටුක්කාරියෙක්, සිත්තරියක්, නිරූපිකාවක් උනා නම් ඒ වගේද! යාන්තම් වයලින් එක කුරුටු ගාන්න, ඕගන් එක කෑගස්සවන්න ගියාට මට ඒ හැටි දෙයක් බෑ. ඩී.ජේ එකක් වෙලාවට නැට්ට හපාගෙන උඩ පැන්නට මම නැට්ටුක්කාරියෙකුත් නෙමෙයි.


මට කවිකාරියෙක් වීම ගැන තිවුනෙ දුකක්. ඊයෙ කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ ටින්කර් බෙල් බලනකම් මට හිතුනෙ මේ හැකියාවෙන් මම මොනව කරන්නද කියලයි. කවි ලියන දාට බ්ලොග් එකේ හිට් කවුන්ටරේ එක තැන නතර වෙලා. කවුරුත් නොබලන රහ නැති කවි.


ඒත්. මම කවි වලට ආදරෙයි. මම මම වෙන්නෙ ඒවයින්.


දන්නවද මම මුලින්ම ලියාපු කවිය? මම චූටි කාලෙ මාව බලාගන්න එන සේවිකාව අසනීපෙන් උන්නු දාක අපේ අම්ම මාවත් දක්කාගෙන ඔෆිස් ගියාලු. අම්ම වැඩ කරනකම් පාලුවෙ බලන් උන්නු මම මාලු ටැංකියක් ඇඳලා ඒක උඩ කුරුටු බලි අකුරෙන් ලියාපු මුල්ම කවිය තමයි;







ඩොල්ෆින් මාලුවෝ - පීනන්නට සූරයෝ
ටැංකිය වටේම පීනලා - වෙහෙස උනා මේ වීරයෝ



මම ආසම මිනි කවි වලට. මොකක් හරි මාතෘකාවක් ගැන, ඊට අදාල වචනයක්වත් සඳහන් නොකර ලියන කවි වලට.


වෙනූශා ඉමන්දිගේ මරණය ගැන ලියපු මේ කවිය එහෙම එකක්.



උන් අඳුනන්නේ නැහැ දුයිශේන්ව  
ඔව්. උන් අල්තිනායි ගැන දන්නෙත් නෑ.
ඒ කොයි කාලෙකට ඉස්සරද?
කාලෙ වෙනස් තාලෙ අලුත්

ඒත්,
උඹ ඒ පාරෙ නොගිහින්,
ආවනම් මේ පාරෙ,
බලන්නට තිවුන නංගියේ…..
අදටත් පොප්ලර් ගස් දළුලන බව.




ඒ වගේම උඩින් එක අරුතක් දෙන ගමන් යටි පෙළෙන් ඊට හාත්පසින්ම වෙනස් අරුතක් මවන්න මම ආසයි. ඒත් මම ආදරෙන් ගොතාපු මේ කවියට මල් වගේම ගල් පාරවලුත් වැදුන.





කලු පාට වැහි වළා
එකින් එක එකින් එක බරවෙලා
මිරිකිලා ඇඹරිලා
බිඳෙන් බිඳ මහ පොළව තෙත් කලා


මහ පොළව ඉකි නොලා
මුවින් නොදොඩා බලා
ඉහිලුවා වැහි වළා
එකින් එක එකින් එක
උකුල මත කඩා හැලෙනා වළා

 
වැහි අඳුර පහවෙලා
උදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළා
මඩවගුරු ගත වෙලා
මහපොළව විළි බරව හිඳී මුව සඟවලා


පෑගේවි කියා පා වැසුම් ලා
මහපොළව නොඅල්ලා
සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා


ආකහේ රැස් බලා
අතක් නළලත තියා
බලාපන් සුදෝ සුදු පින් පාට වළා කැටි
කියා පැසසුම් සලා....


ඔය කවියෙන් කියන්නෙ ගණිකාවක් ගැන. ඒ වගේම තවත් එකක් තමයි මේ "කුමුදු මල සහ පුරහඳ" කියන කවිය.





නිශා අහසේ - නැගී තරු වැල්
සිනා සැලුවත් කොයිතරම්,
වලා සළු මැද - දිලෙන පුරහඳ
කෙසේ උන් හා සමකරම්,

අනේ පුරහඳ - වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං,
ඔබේ දසුනෙන් සැනහුනෙම්,
කෙසේ ගගනත පියමනිම්,
සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
සිහිල විඳගමි හදවතින්,

අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!



සිංහලෙන් ලියාපුව එකෙක් දෙන්නෙක් හරි බලාවි. කඩු කවි දිහා නං මොකෙක්කත් වැරදිලාවත් ඇහැක් ඇරල බැලුවෙ නෑ ආයිබොවං.



FROZEN

 

I closed my eyes,
to the dancing glow,
of the glistening snow......


Closed my ears,
to the stormy rattle,
of the broken window........


For I’ve found my world
Long time ago.....
My heart just dance,
When sunshine flows,
From my head to toe....


Oh FROZEN! Am I ?
That’s all you know!!

 


ඒ වෙලාවට මං කොරන්නෙ අපේ බස්සව අල්ලගෙන බලෙන්ම එව්ව කියවන්න කියල අණ දෙන එක තමයි. පව් ඉතින් බස්සත් අපරාදෙ කියන්න බෑ කියෝල අහනව මොකද්ද ඒ හරුපෙ කියල.







Funeral


I buried my life
in a snowy cold breeze...
My tears
washed the brown soil,
My dreams
smashed & scattered upon the grave....


Deep in the earth
My pains
stood still
As if never to leave me...



Thus YOU
passed by
smiling into the breeze,

My life lied
silently
under your feet...

 



ලියුකේමියාවෙන් මියගිය මගේ ඥාති සොහොයුරා ගැන "මරණය" හෝ "පිළිකාව" කියන අමිහිරි වචන දෙකෙන් බැහැරව තියපු සටහනක් තමයි මේ. මේක තමයි මම පුවත්පතකට යවපු මුල්ම සහ අවසාන නිර්මාණය. අපරාදෙ කියන්න බෑ මාස දෙකකට විතර පස්සෙ නිර්මාණ හිඟයක් ඇවිත්ද මන්දා ඒක "රිවිර - අරුණැල්ලේ" පළ වුනා.






ගෙවී ගොස් ඇත වසන්තය
තුරු හිසක රත් කුසුම් පිබිදුන
සරු කෙතක හිරු කැළුම් ඉහිරුන
නිමා විය විහඟ ගීතය
හදවතට මල් හැඟුම් කැන්දන


දවාලයි ගත නැගෙන දාහය
හමා එයි වියලුන සුළo රැල්
රෝහලේ කවුළුවෙන් හෙමිහිට එකතු වී සේලයින් සුවඳට
යොමමි නෙතු කවුළුවෙන් එපිටට
සරත් හිරු රැස් පෙලයි නයනත


ඇට මිදුළු කකියවන සියුම් වේදනාවක්
රුධිරයට මුසුව පැතිරී ඇදෙයි, ගත වෙලෙයි
නියුරෝන කම්පිතව දුබල හද වෙවුළුවයි
ඇදුම් කන ළය මඬළ සුසුමකින් සසළ වෙයි


බලාපොරොත්තුව…… යළිදු මා පුබුදුවයි


ගගනත වළා කැටි මත
තරු අමුණලා පා කල
බලාපොරොත්තුව……


රෝහල් ඇඳට රහසේ ජීවය ගෙනා පෙරසේ
දිනිඳු රැස් දිසිසේ මුවට හසකැන් වළා පිවිසේ


උදා විය සොඳුරු ගිම්හානය
හරිත තුරු වියමන් සරසා රක්ත පැහැයෙන්
දසත අතුරා නිසoසල බව පළවා හරියි විහඟුන්
තවත් වියලෙයි සුසුමන්
තවත් උණුසුම් වේය කඳුළැල්


හැලෙයි රත් පැහැ කොල එකින් එක
නග්න තුරු අත් පියකරුයි, විළිබරයි
අහස වැලපෙයි කළු වළා විසිරෙයි
සුළඟ සසලයි කවුළු දොර හඬ දෙයි


සීතළ…. ලේ නහර කකියවන
ඇස් කෙවෙනි බොර පාට කරවන
කොපුල් තල කඳුළෙන් තෙමාලන
මද පවන සීතලයි
කඳුළු ඊටත් වඩා වැඩියෙන් සීතලයි....


යළි නැගෙයි ගත වේදනා
ගයත් සැම දිවි රැක දෙනුව ආයාචනා
කැටි කරන් හද සීතළ
හෙලමි හදවත නිසල වූ වා තලයට


එද සියල්ලෙහි අවසානය?
විඳි වේදනා අවසානය.
මා තව බොහෝ දුර යා යුතුය………..



ඔය අතරෙ සඳැස් නිර්මාණත් කලා එහෙන් මෙහෙන්. මෙන්න මේ වගේ.





දොළොස් මසක් ගෙවී ගිහින්
නිසංසලෙන්, හෙමින් හෙමින්
තවත් නැවුම් ඉරක් අරන්
යළිත් ඇවිත්
වැලන්ටයින්


බාලිකා කුසුම් පෙලින්
සැඟවෙමින්, හොරෙන් හොරෙන්
චොකෝ එකෙන්, හසුන් පතින්
එබී බලයි
වැලන්ටයින්


උයන් කොනේ කුඩේ යටින්
වෙරළ අයිනෙ ගල්කුළෙන්
ඇසිල්ලකින්, දෙතොල් මතින්
සිනා තියයි
වැලන්ටයින්


මියුසිකල් නයිට් ගිහින්
මදුවිතෙන් පියා නුවන්
නුරා තෙපුල් පුරා ලවන්
රහස් කියයි
වැලන්ටයින්


ලැගුම්හලේ යහන් මතින්
රෝස පියලි විසුරුවන්
කිරි කළේ බිඳුනු සැනින්
පලා ගියා
වැලන්ටයින්



ඇයි මම මේ පෝස්ට් එක ලිවුවෙ? කම්මැලිකම මචන්ලා කම්මැලිකම! මෙන්න මගේ කම්මැලිකම දුරු වෙනකම් කියවන්න මම කාන්සියට කියාපු කවි ලැයිස්තුව.





93 comments:

  1. ෂැහ් බස්සිත් මාර කවි කාරියක්නේ,
    එ් උනාට බස්සාට දස වද නං මං එකහෙලා හෙලාදකිනවා ඔ්ං හිටගෙන..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. "බස්සාට දෙන දස වද" ලෙස සංශෝධනය විය යුතු බව කරුණාවෙන් සලකන්න..

      Delete
    2. බස්සගෙ ඔලුවට ඕව දාන්නැතුව හිටින්. හම්මේ මම ලියන හැම අටමගලම කියවන පිනම මදෑ බස්සට ආත්ම ගානකට.

      Delete
  2. එල එල... නියමයි

    පව් බං වැලන්ටයින්..ඌ මක්කරන්නද බං..බිඳපං කියල කිරිකලේ අතට දුන්නම..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කලූ යාලූ.........

      මේ කිරිකලේ සංකේතෙ දුන්නෙ වෙන මෙව්ව එහෙකටලූ..... හි හි හි සැජ්ජයි. හිතල බලන්නලූ කලූ....

      Delete
  3. තොගේ කාන්සියට අපිව පිස්සු වට්ටන්න එපා යකෝව්....දිව හපන් මැරෙන්න හිතෙනවා.....කඩු කවි නම් වනාම් බතල බස්සි.......හිකිස්..... කම්මැලි කමට හරි ලිව්ව එක අගේ බන්

    ReplyDelete
    Replies
    1. ඒව හැමෝටම වානම් නෙ. බස්සත් කසාය බොන්නැහෙ කියෝනව ඇති. තැන්කිවු ශානු අක්කෝ!!

      Delete
  4. කවි නේ?^_^ කියවන්න තව මාත් මේ, මේ දවස් ටිකේ වැඩි පුර කවි ගැන පොත් කවි පොත් කියවනවා.

    ReplyDelete
    Replies
    1. හම්මේ කවි වලට ආස අයත් ඉන්නව ඒනම්. සන්තෝෂමා!!! :) ඔයාගෙ කවි කෑලි (එෆ්.බී දාන එව්ව.) පට්ට රහයි.

      Delete
  5. අපේ බ්ලොග් දර්ශකයට ඔබේ බ්ලොග් පිටුවත් ඔබ දන්නා වෙනත් සිංහල බ්ලොග් පිටුත් ඉදිරිපත් කරන්න. දැනටත් අප බ්ලොග් අඩවි විශාල ප්‍රමාණයක් දර්ශකයට ඇතුල් කර තිබේ. බ්ලොග් පාඨකයාගේ පහසුවද සලකා අප මේ වැඩේට මුල පිරුවා. මෙන්න අපේ ලින්ක් එක.
    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඇතුලත් කරන්නම්.

      Delete
  6. ඔබගේඉල්ලීමක් ඉටුකළා පුළුවන්නම් ගිහින් බලන්න http://cvpsur.blogspot.com/2014/04/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා එල! කියෝල එතන ගුන දොස් කියන්නම් ඈ....

      Delete
    2. විදානෙගෙ ලින්ක් එක ඔයාල හැමෝටම කියවන්න වටින කතාවක්!!!

      Delete
    3. අනේ පල යන්න කොට බස්සි අපි කියවල ඉන්නේ , උඹ මේ දැන් කියවලා එනවා මෙතන උඩ පනින්න ..දුප් යන්න

      Delete
    4. පල පල ගෙඹිලූශා. මේකගෙ මලදානෙ මගෙ බ්ලොග් ‍රෝලෙ අප්ඩේට් වෙලා නෑ බොල. නැත්තන් මමයි ඕක මුලින්ම කියවන්නෙ. ටෝ තනියෙන් කියෙව්වට ලින්ක් එකක්කත් එව්වෙ නෑ ගෙඹි තඩිය. අහුවෙයම්කො.

      Delete
  7. මං නං කවි කියවන්න එච්චර මනාපයක් නෑ...ඉස්සර කලු ජෙමා ලිව්ව වගේ ආතල් කවි වලට...එහෙමත් නැත්තං ඉස්සර තරුණයා පත්තරේ පල වෙච්ච රීකන්ඩිෂන් සීපද වගේ එවට නම් කැමතියි....අද මෙහෙම කිව්වට මම ඉතින් පාසල් යන කාලෙ නිසදැස් පට්ට ගහපු එකෙක්...මගේ උසස් පෙල කේවල ව්‍යාපෘතියත් නිසදැස් සම්බන්ධ එකක්...නමුත් වර්තමානයේ නම් මගේ කැමැත්ත අර කිව්ව ඒවටයි....ඔන්න ඇත්තම කිව්වා සුපිරියි පට්ටයි කියලා වැඩක් නෑ...පිස්සු බම්ප් වෙනවා වගේ ඒවා නොලියා. උත්සාහය අගය කරනවා ඔබේ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සිරා අයියේ ඇත්තම කිවුවට. මටත් ඕනෑ කලේ කී දෙනෙක් මේ කයි කියවිල්ලට මනාපද/අමනාපද කියල හොයාගන්න තමයි.

      Delete
  8. ක්ව්ුඩ් ක්ිව්ෙ ඔය්ට් ල්ිය්න්න් බ්හ් ක්ිය්ල්

    Kawuda kiwe oyata liynna baha kiyala. Hits gana hithana epa.

    ReplyDelete
    Replies
    1. උඩ සින්හල කමෙන්ට් එක සීයා ටයිප් කරපු එකක් වගේ... :D

      Delete
    2. ඔව් එය්ා ට්ත්ාම්ය්ි

      E siya type kale. He he phone eke sinhala awulak wela

      Delete
    3. ෆෝන් එකට ඔයාගෙන් පිස්සු බෝ වෙලාලු අපූරියෝ....

      Delete
  9. බස්සෙකුගේ ඉරණම කියලා කවක් ලියන්න හිතයි

    ReplyDelete
  10. මම කියවන්න කැමති පොල්ලෙන් ගැහුවා වගේ තියෙන මිනි කවි තමා! මොකෝ අනිත් ඒවා කියවන්න කම්මැලියි! :D

    ReplyDelete
    Replies
    1. මාත් ආස මිනි කවි වලට. ඒත් ලියන මිනි කවි වැඩිහරියක් නතරවෙන්නෙ කුණු කූඩෙ. :D

      Delete
  11. මටනම් කවි රස වින්දට ලියන්න නම් දන්නේ නැහැ. මට තියෙන්නේ සමීකරණ විසඳන්න හැදුනු මොලයක්.

    ReplyDelete
    Replies
    1. හැම fairy ම එකවගේ නෑ කියල tinkerbell කියන්නෙ. ඔයාගෙ හැකියාවත් අපූරුයි නෙ.

      Delete
  12. හෆ්ෆේ බස්සි අක්කා හැබෑම දක්ෂ කවි කාරියක් නේ.. අපුරුයි ^_^

    ReplyDelete
  13. අපිත් සිංදු නම් කවි කරනවා , °_°

    ReplyDelete
    Replies
    1. හම්මේ ගොලු හදවත ගොලු බෙල්ලා උනේ මොකෑ?!

      Delete
    2. මේ නම හොඳයි කියල හිතුන අෆ්ෆා, :D බුකියෙ තියෙන්නෙ පරන නම :)

      Delete
    3. ඔව් ඔව්. මේක මරු. හිනාත් යනව, ඒ නිසාම නම මතකත් හිටිනව.

      Delete
    4. ඔව් ඔව්. ගොඩක් අය ආස සතෙක්නෙ :D :P

      Delete
  14. කවි නේ මට හරියන්නේ නෑ.මොකද තේරෙන්නේ නෑ නේ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ගොඩක් අයට කවි දිරවන්නේ නෑ.

      Delete
  15. සිංදු කාරියක් වෙන්නට කටහඬ ලස්සන ඕනා
    උඹේ ටකරං කටහඬිනා සින්දු කියන්නේ කෝමා
    නැටුම්කාරියක් වෙන්නට නටන්න දැනගන්නෝනා
    බොලේ පෙරළෙනව වගේ නට නට ඉන්නේ කෝමා

    සිත්තරියක් වෙන්නට නම් චිත්‍ර අඳින්නට ඕනා
    උඹ අඳිනා කුරුටුබලිය චිත්තර නම් නොව නෝනා
    නිරූපිකාවක් වෙන්නට අඩි හතරක්වත් ඕනා
    අඩි තුනටත් වැඩිය කොටට ඒක කරන්නේ කෝමා

    කොහොම වුනත් මොනවා හරි දෙයක් කරන්නට ඕනා
    ඒ හින්දා ලියනා කවි කියවන්නට අපි එන්නා
    උඹ ලියනා කවී කියවා ඔන්න උඹේ හිත හදනා
    අසරණ ඒ බස්සාහට දෙව් ලොව සම්පත් ලැබෙනා

    හැක හැක හැක හැක හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. +++++ සිරාවට බස්සට ඔය පිනම ඇති බං ජාති ජාතිත් පල දෙන්න… ;)

      Delete
    2. @ ඉවාන් ෆට්ට සහෝ..
      දැක්ක සිරාම කොමෙන්ටුව

      බටල බස්සි අක්ක ගැන අලියටම liyalaa

      Delete
    3. හපොයි දෙයියනේ

      Delete
    4. @ ඉවාන් ගෙඹිලූශා

      සිංදු කාරියක් නොවුනේ ස්ටාර්ල පව් හින්දා
      දැනගං මම කියන සිංදු කොයි කාගෙත් හද බැන්දා
      නැටුම් කාරියක් නොවුනේ නටල කැහැටු වෙන හින්දා
      කටු ඕනේ බවුවන්ටලු - බස්ස කිවුව අනෙ මන්දා

      කුරුටු බලිය ලෙස පෙනුනේ උඹේ තියන අහේතුවට
      අරටු බැහැපු සිත්තරකම් අකැපයි නෙව ගෙඹිලූශට
      නිරූපිකාවක් උනොතින් මගෙ මූණේ කාන්තියට
      නිරූපනය කරන බ්‍රෑන්ඩ් එක නොපෙනී යයි සත්තට

      ජන ගංගාවක් මැද්දේ බැබලෙන එකනම් වානා
      ඒ හින්දලු හැංගී ඉඳගෙන කවි ලිවුවේ නෝනා
      වෙසක් මහේ වැහි එනකොට ගෙම්බන් බක බක ගානා
      ගෙඹි හමකින් පර්ස් එකද? බෑග් එකද බොට ඕනා

      Delete
    5. @ප්‍රියා

      ප්‍රියෝ උඹත් අහගන්නයි හදන්නේ
      උඩ පැනලා ඔලුවට ෂොට් එක දෙන්නේ
      බස්සට හිනා උනොතින් නම් බොලන්නේ
      හොටේ මැදන් ඇවිදින් මම නෙලන්නේ

      Delete
    6. @ ප්‍රොෆා මල්ලි

      කවුද නකෝ බතල බස්සි
      ආවද උඹ ඉස්සි ඉස්සි
      අහුවුනොතින් බොටත් බස්සි
      කොටනව වෙන්නට තඩිස්සි

      Delete
  16. කවි කියවන්ට විනා ලියන්නට පිනක් නැති අපට කියවන කවිය සත්තලං නෙව...
    කව්රු මොනා හිතුවත් ලියන දේ ලියන්ට...
    හිටිස් වලට ලියන එක ගැන මාගලං ගෙං ඇහුව නං කුණු වෙන්ට අහගන්ට තිබ්බ....

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්තූතියි මහේෂ්! බලන්නකෝ හිට් කවුන්ටරේ ඉරණම ගැන මාතලනුත් ඒ ටිකම කියල තිවුන පහල.

      Delete
  17. පට්ට පට පට… බොලාගෙ කියවන්න ආස කවි ටිකක් තිබ්බ හන්දා බේරුනා කියලා හිතාගන්. >:)

    කම්මැලී කියලා මෙහෙම පෝස්ටු දාන්න නම් බස්සිගෙන්ම තමා ඉගෙන ගන්න ඕන.

    :) :) :) :)

    ReplyDelete
    Replies
    1. අනිවා මම guru.lk එකේ උගන්නන්න යන්නෙ කාන්සියට පෝස්ටු තැලීම ගැන. ඇවිත් රෙජිස්ටර් වෙන්න. :P

      Delete
  18. අඩේ මම ඉස්සර කවි කියෙවුවා..ඕලෙවල් කරන කාලෙදි එපාම උනා,ඇයි යකො ලස්සනට කවියක් කියොලා එකේ තෙරුම මෙකයි කියලා හිතගෙන ඉන්නකොට මිස් කියනව මෙන්න මේකයි තෙරුම කියලා,ලියපු එකා ලොවෙත් හිතපු නැති තෙරුමක් කියොනවා.මල පනිනවනේ අප්පා ඔහොම වෙනකොට.
    අනේ බස්සියේ කියන තැනකට වදින්නම්,නොතෙරුනත් කවි කියවන්නම්,වයලින් ගහන්නනම් එපා දෙයියනේ....

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔය ලෙඩේ අපේ ඉක්කෝලෙ ඉන්ගිරිස් සාහිත්‍ය මිස්ට දරුණුවටම තිබ්බා. Negro woman, Eleanor Rigby වගේ පොයම් වලට ලොවෙත් නැති තේරුම් දෙනවා හරියට අර "මියැසියේ රසකතා" බ්ලොග් එකේ "වයලිනෝ" ලියන ගීත විචාර වගේ. වෙනසකට තියෙන්නෙ වයලිනෝ ඒව කියන්නෙ ජෝක් එකට, හැබැයි මිස් ඒව කියන්නෙ තොල හපාගෙන පට්ට සිරාවට.

      Delete
  19. කවිකාරි මහ වදකාරී... හැක්.. එළස්..

    ReplyDelete
    Replies
    1. I fell in love with ඔයා බුකියෙ ශෙයා කරපු සින්ඩරෙල්ලාගෙ සපත්තුවෙ හිමිකාරි Rasi's poetry. ඒ ලින්ක් එක දැම්ම එකට බොහොත් ඉස්කෝතුයි දේශා!!

      Delete
  20. වෙලාවට මිනි කවි ගැන හැදිනිම්ක් දාලා තියෙන්නේ නැත්තන් මම වගේ උනදෙල එකෙන්ම හිතනවා මල පත්තර වල ලියන සීන් එකාක් කියලා

    ReplyDelete
    Replies
    1. හික්ස්
      මිනි කවි VS මිනී කවි

      Delete
  21. හොඳ හැමදේම හිට් වෙන්නෙත් නෑ හිට් වෙච්ච හැමදේම හොඳත් නෑ... දෙකම එකද මන්ද??? කවි කියවන්න ෂැගිය නම් ආසයි ඒ වගේම බස්සිගේ කවිත් සුපිරි... කම්මැලි කම පැත්තකින් දාලා.. කම්මැලි කම ගැන හරි කමක් නෑ බෝල ලියහන්...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු ෂැගියෝ!! ඔයා කියන කතා ස්කූබි ඩූ එකේ ෂැගියගෙ කතා වගේමයි අෆ්ෆා! :D

      Delete
    2. ඔව් ඔව් ඒ ෂැගිය මගේ ගෝලයෙක් ;)

      Delete
  22. කවියට මමත් ආසයි.ලියාපි දිගටම කවි ටිකක් තව.
    කම්මලි කමට යශෝ දාන පොස්ට් එහෙම නරකත් නැහැ..:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් තැන්කුයි මනෝ! අන්න ඒකයි කම්මැලිකමේ කලාව.

      Delete
  23. බස්සියෝ කවි කියන්නේ හුම් හුම් කියලා නේ. ඉදපල්ලකෝ මමත් දවසක කවි ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියහන්කො මකසියෝ. කම්මැලිය වගේ සති ගනන් අතුරුදහන් වෙන්නෙ නැතුව.

      Delete
  24. බස්සි, ඇත්තටම ඔයා හොඳ කවිකාරියක්. කවි කියවන්න ආස අය බ්ලොග් ලෝකෙ අනන්තවත් ඉන්නවා. ඒ නිසා හිට් කවුන්ටරේ එකතැනම කියල හිතල නොලිය ඉන්නෙපා. අනං මනං වල්පල් වලට වඩා කවියක් ලියන එක කොච්චර හොඳද.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ්. කවි වලට කැමති අය හඳුනා ගැනීමම සතුටක්!

      Delete
  25. කවියක් ලියපු දාට නම් මටත් ඔය හුප්පේ තමයි. කවි වලට කෙල වෙලා තියෙන්නේ කවි කරයෝ අතරෙවත් එකමුතු කමක් නැති එක. නැත්නම් මේකේ සාර්ථක කවිකාරියෝ කීප දෙනෙක්ම ඉන්නවා. එක්කෙනෙක් බස්සි, අනිකා කඳු, තව කෙන්ක් තමයි කංචනා අම්ලානී. එයානම් මාධ්‍යවෙදිනියක්. අනික මේකේ රැඩිකල් කවියොත් බොහෝමයක් ඉන්නවා. මෑතකදිම මම දැකපු සාර්ථක කවියෙක් තමයි චෙෆ් ක්‍රාෆ්ට්, අරූටත් ලස්සනට කවි ලියන්න පුළුවන්. රස්තියාදුකාරයත් එකෙක්. මේ කීප දෙන්ක් විතරයි. මමත් බොහෝම මනාපයි කවි වලට. මට නම් ඉතින් ජීවීතේම සුන්දර කවියක් වගේ.

    ReplyDelete
    Replies
    1. මම ආසම කවි බ්ලොග් දෙකක් තමයි මේ. මාතලන් කියූ කවිකාරයන්ගේ ලැයිස්තුවට අමතරව.
      සින්ඩරෙල්ලාගේ සපත්තුව
      කාලාකාශය

      කවියට ඇල්ම ඇති අය හිඟයි. ඒ නිසයි මම හිටපු ගමන් කවි/විරිදු කෑලිත් එක්ක hybrid කතා දාන්නෙ. :)

      Delete
    2. නිල සංගීත සැපයුම්කරු : ගෙඹිලූශා මහතා :P

      Delete
    3. දැන් ලියන්නේ නැති මම ආව කාලේ හිටපු හොඳටම කවි ලිව්වා එකෙක් තමයි කිරි පුතා. ළඟදී මුණ ගැහුණා බ්ලොග් අමතක වෙලා ඌට. මෙන්න ලින්ක් එක

      කිරි පුතා

      Delete
    4. ස්තූතියි සුදීක අයියේ ලින්ක් එකට.

      Delete
  26. ඔය තියෙන්නේ අපූරු කවි ටිකක්..

    කවියට මමත් හුඟක් ආසයි.. කුරුටු ගාගාන්න තමයි බැරි.. විවේක වෙලාවට කුරුටු ගාන බලිකුරුට්ටක් තමයි මම ඔය ඉඳල හිටලා බ්ලෝග් එකේ දාන්නේ...

    ReplyDelete
    Replies
    1. මමත් බලි කුරුටු තමයි ලියන්නෙ. විවේක වෙලාවට විතරක් නෙමෙයි මහා වැඩ කන්දකට යටවෙලා ඉද්දිත් කුරුටු ගාන වෙලාවල් තියෙනව. හැබැයි ගොඩක් ඒව නවතින්නෙ කුණු කූඩෙ. දවසකට දෙහෙකට පස්සෙ හිතෙනව විසිකරපු කවිය තිබ්බනම් ටිකක් හදල ගන්න තිබ්බනෙ අපරාදෙ කියල. :)

      Delete
  27. කියන්න දෙයක් නෑ අර වෙනුෂා වෙනුවෙන් ලියපු එක මට හොදයි .....
    ඇත්ත කියන්න බෑනේ කන්න බලං නේ ඉන්නෙ, එත් ඉතිං ඕන් කිව්වා ...නැත්නම් අයේ මං බොරුවට හානේ මල් හතයි ,නියම කවි ටික ,සුපිරි ..මාර ලස්සනයි කියලා හිත හැදෙන්න කියවන්නෙ නැතුව බොරු ටිකක් කියලා යන්නම් ...දැන් කියමු එහෙනම් සහෝදරට හොද අර නි..... වගේ පොඩි නංගිලා ලියන එවා විතරනේ කියලා ...........


    ReplyDelete
    Replies
    1. හැක් හැක්! සහෝදර මට නාකියි කියපු හින්ද මම නි... නංගිව මතක් කොරල ඔයාව මට වඩා නාකි කරවන්න හැදුවෙ. හම්මේ අවංක අදහස කියල යමන්කො හිතේ කහටක් ඇත්නම් වටවල කහට තේකක් බීල.

      Delete
  28. යටිපෙලෙ අරුතක් යන යවියට මාත් කැමතියි.එත් තෙරුනෙ නැතිවුනාම තමයි එපා වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒකට නෙව දමිත් පහලින් කමෙන්ට් තියෙන්නෙ කවියෙ අදහස අනුමාන කරගන්න.

      Delete
  29. බස්සටත් මගේ ඉරණමමද මන්දා..හෙහ්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයිය කලින් වතාවකත් අර මම බලෙන්ම බස්සට සුරංගනා කතා හදල කියන හැටි ලියපු පෝස්ට් එකෙත් ඔහොම කිවුව. බස්ස කන කට්ට හොඳින්ම දන්නව වගේ. :D

      Delete
    2. ඌත් මං වගේම අහිංසක කොල්ලෙක් තමා.. ^_^

      Delete
    3. අහිංසක! හා ඈ.......

      Delete
  30. බස්Cගේ කවි ලස්සනයි. කඩු කවිවලත් මුවහත් බවක් තියෙනවා. මම විචාර කරන්න දන්නේ නැහැ. නමුත් අගය කරනවා. කරදරේට ඔයාගේ කවි අහන බස්සාව මතක් කරන්න. හ්ම් හ්ම් කියා කියා ඉන්නවා ඇරෙන්න ඌට වෙන වැඩක් නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තූතියි අරූ අංකල්. කඩු කවි එන්න එන්නම මොට්ට වෙනව ගුණදොස් විචාරන්න, උපදෙසක් ගන්න කෙනෙක් නැති කම හින්ද.

      …බස්සත් කවි ලිවුව, ඉස්සර. මේ තියෙන්නෙ;
      1.නිව්ටන්ටත් වැරදුනු තැන
      2.සිත මුමුනන
      3.සඳේ...........................!
      4.දන්නෑ.........


      Delete
  31. කවි ලස්සනයි බස්සි..... බස්සගේ කන් ගොඩ වෙලා ඇතිනේ මේවා අහලා...... ඉදලම ඉවරයි....... ඇහුවේ නැත්නම්...?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහංසා!!

      ඇහුවෙ නැත්තම් සොරි තමයි. දැනුත් මම බලෙන්ම කිව්ව අර උඩ කමෙන්ට් එහෙක ඉවාන්ට ලියපු වලි කවිය.

      Delete
  32. කියවන්න විතරයි පුළුවන්. ඉඳහිට පොඩි ට්‍රයි එකක් දාලා බැලුවා. මම කවි ලියලා මුදියාට දෙන්න හිටියේ "යවහන් මේකේ දෝස" කියලා. කොහෙද ඌ කැම්පස් ගියාට පස්සේ ලොකු එකෙන් නේ.

    ReplyDelete
    Replies
    1. දෝසයක් දෙකක් තිබ්බට මොකෝ සුදීක අයියේ. මාත් මේ ලිවුවට කාව්‍යකරණය ගැන කොහෙන්වත් ඉගෙනගෙන නම් නෑ.

      මුදිය දැන් බ්ලොග් ලෝකෙන් අතුරුදහන් වෙලානෙ.

      Delete
  33. "බකුසු පෙම" කියල කවියක් ලියන්න

    මට නම් කවි බැරියෝ...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ලියපු කවිත් කිහිපයක්ම තියෙනවා.

      Delete
  34. ///සිංහලෙන් ලියාපුව එකෙක් දෙන්නෙක් හරි බලාවි. කඩු කවි දිහා නං මොකෙක්කත් වැරදිලාවත් ඇහැක් ඇරල බැලුවෙ නෑ ආයිබොවං.///
    අනේ පලයං බස්සි අක්කේ, නිකමට බලහංකෝ මගෙ රීඩිං ලිස්ට් එක. මම මේ බ්ලොගිය හොයාගත්තෙත් උඹේ Infinityයෙන්, ඒත් ඉතින් මේකට ආවට පස්සෙ මවුබසින්ම තියෙන නිසා මේක අල්ලලා ගියා ඒකට වඩා.

    කව්ද යකෝ කිව්වෙ කවි කාරියෝ වැඩක් නෑ කියලා. අක්කේ, ඔයාගෙ කවි ඇත්ත්ටම නියමයි.
    ඔන්න නවත්තන්නේ එහෙම නෑ (අර අපූර්වි අක්කා නවතින්න හැදුවා වගේ) හරිද!!!

    ReplyDelete
    Replies
    1. මම පොඩි කැතවැඩක් කලා. නිකමට වගේ මෙන්න මේකත් බලන්නකෝ.

      Delete
    2. ආනේ.... infinity ය ඔයාගෙ බ්ලොග් රෝලෙත් තියෙනවනෙ. හරිම සතුටක් දැනුන මල්ලි. නවත්තපු තැන ඉඳන් මම ආයෙත් infinity ලියන්න පටන් ගන්නව.

      ගොඩක් ස්තූතියි මල්ලි.

      Delete
    3. Gosh I just saw that FB link!!!! පිස්සු හැදෙයි. Only a handful of people care to make others happy in their own simple ways and I'm so lucky that u r one of them. :) :) :) :) :)

      Delete
    4. දැට් ඊස් කෝල්ඩ් "සයිබ' බ්‍රද'හුඩ්"! තේරුණැයි??

      Delete