Sunday, May 11, 2014

ගිටාරයේ කඳුලු බිංදු



කෑලි කපන්න පුලුවන් අන්දකාරය.
මම ඇඳ උඩට වෙලා ඔහේ බලාන උන්නා. 
මුලු ඇඟම ගල් ගැහිලා වාගෙ.


මම ලෙඩින්ද?
ඔව්. මගෙ හිත ලෙඩින්. ඒ නිසාම මගෙ මුලු සිරුරම ලෙඩින්.

ඇස් කෙවෙනි අස්සෙන් මටත් හොරෙන් ගලාගෙන ගිය පුංචි කඳුලු කැටයක් ගිටාරය මතට වැටුන බව මට යාන්තමට දැනුන.






අමාරුවෙන් දෙපතුල් ලී පොළවට වාරු කරපු මම ගල් ගැහුනු ශරීරය කෙලින් කර ගත්තා. දොර පියන් දෙක ඇරල දාල නිසා කාමරේට එන හුළං රැළි සීතලයි. ඒත් ඇයි මට ඒ සීතල නොදැනෙන්නෙ?

ඔහෝ….! ඒ කඳුලු. දුරුතු හීතලත් පරදවාපු, සීතලම සීතල කඳුලු.


අර ඈත පේන්නෙ අහසද?
ඒ අහසනම්, ඇයි එක තරුවක්වත් පායලා නැත්තෙ?

තරුවක් කඩාවැටෙනකොට ඇස් වහගෙන ප්‍රාර්ථනාවක් කලොත් ඒ පැතුම ඉෂ්ඨ වෙනවලු. මට ඒක කියාදුන්නෙත් ඔයාමයි නේද? ඒත්, එදා ඉඳන් අද වෙනකල්ම මා වෙනුවෙන් එක තරුවක්වත් කඩා වැටුනෙ නැහැ.




පාලු අහස, පාලු අඳුර, පාලු ජීවිතය


 *****************



ඔයා මගෙ හොඳම යාලුවා. දන්නවද, එයා මට කැමති උනා.





ඔහ්! මම…… ම්හ්…. සුභපැතුම්! ඔව් මම කිවුවෙ…. මගෙන් සුභපැතුම්! ඔයා ගැන සතුටුයි.


මම ආසම දුඹුරු පාට කොණ්ඩෙ. බොයින් බොයින්
කෙස් කැරළි, උරහිස් වලට කඩාවැටෙන. දන්නවද? එයාට තියෙන්නෙ නිල්පාට කතා කරන ඇස්. වෝව්! මට අදහගන්නත් බැරිතරම්.


කතාකරන ඇස්, කහපාට උරහිසට වැටෙන කොණ්ඩ කැරළි. ඔව් එයා සුරංගනාවියක් වගේ ලස්සනයි. ඔව්. එයා ලස්සනයි’  මගෙ හිතේ පෙරළි කලේ දුකක්ද, ඉරිසියාවක්ද, ආත්මානුකම්පාවද මම දන්නෙ නෑ. ඒත් ප්‍රායෝගික රසායනය කාලච්ඡේදයේදි පැළඳගත්තු ගොග්ල්ස් යුගලය මගෙ තෙත් උන ඇස් එයාගෙන් වසං කලා.

 
ඒයි මොට්ට මෝඩිඑයා කෑගැහුවා. අත්මේස් යුගලය දවාගෙන ඇතුලට කාවැදුන උණුහුමක් ඇඟිලි වල හම සිදුරු කරගෙන යනබව දැනුනම නොදැනුවත්වම මගෙ අතේ තිවුනු බීකරය අතඇරුන.





 
හැලුව මැට්ටි වාගෙ සේරම ටික දුම් දාන ඇසිඩ් එකට. මේ මිලිග්‍රෑම් ගානට මැනලා දාන රීජන්ට් එක. කෝ ඉතිං දෙනවා මෙහාට අත්දෙක බලන්න. ග්ලවුස් දෙක මම හෙමින් ගලවන්නම් රිදෙනවනම් කියන්න හොඳද.


අතේ වේදනාව කොයිහැටිවෙතත් මම ඇස් දෙක පුරවලා හිතේ වේදනාව ඇති තරම් පිටාර යැව්වා. ඔයා සැරෙන්සැරේ මගෙන් රිදෙනවද කියල අහමින් ඇස් දෙකට එබුනත් මම ඇහුනෙ දැනුනෙ නෑ වාගෙ දිගටම කඳුලු ගලා යන්න ඉඩදුන්නා.



***************



මම හෙමිහෙමින් වියළුන දෙතොලින් ගී පදයක් මුමුණන්න තැතනුවා.


The only thing that keeps me
wishing on a wishing star
He's the song in the car I keep singing
Don't know why I do


***************

  

සුදුපාට වෙලුම් පටි ගොඩක් ඔතාපු අත මම බෑග් එක ඇතුලට ඔබා ගත්තෙ හැමෝටම උත්තර දීල එපා වෙලා තිවුන නිසයි. ලෙක්චර්ස් ඉවර වෙලා ඒ මේ අත ඇදෙන ළමයින්ගෙන් දිග කොරිඩෝර පිරිල ඉතිරිලා. කාබනික විද්‍යාගාරයෙ පඩිපෙළ බැහැගෙන කොරිඩෝවට එන ඔයාව මම ඈතදිම දැක්ක.







හේයි!” 
ඔයා ඈත තියාම අත වැනුවා.


ඉස්සරටත් වඩා වේගයෙන් මගෙ කම්මුල් දෙක රත් පැහැ වෙනව මට දැනුන. හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් නැතත්, මම කෝල හිනාවකින් මූණ පුරෝගෙන ඉස්සරහට ආව.


ඔයා බලන්නෙ මගෙ පසුපසින් එන ඇය දිහා බව මට වැටහුනේ ඔයා මාව පහුකරගෙන නොදැක්කා වාගෙ ඉස්සරහට යනව දැක්කාමයි. පසුපස බලන ඇසිල්ලට ඔයාගෙ දෑත ඇයගෙ බඳ වටේ එතෙන හැටි මම යාන්තමට දැක්කා.






ප්‍රධාන පිවිසුම අසල ඉඳන් ආපහු හැරෙනකොට කඩිමුඩියෙ ඒ මේ අත ඇදෙන සිසු සිසුවියන් රංචුවක් මැද්දෑවෙ ඔයා අතුරුදහන් වෙලා තිවුනා. එයත් එක්කම.


තරු කඩාවැටෙන්නෙ ඉටුවෙන ප්‍රාර්ථනා හිතේ ඇති දාට විතරයිමම පාලු අහස දිහා බලාගෙන කල්පනා කලා. ඇස් කෙවෙනි වලට හොරෙන් කොපුල් තල මතින් රටාවල් ඇන්ද තවත් කඳුලු බිංදුවක් ගිටාරය මතට වැටුනා.








Drew looks at me
I fake a smile so he won't see
That I want and I'm needing
Everything that we should be


I'll bet she's beautiful
That girl he talks about
And she's got everything
That I have to live without


Drew talks to me, I laugh 'cause it's so funny
and I can't even see
Anyone when he's with me
He says he's so in love
He's finally got it right

I wonder if he knows
He's all I think about at night





He's the reason for the teardrops on my guitar
The only thing that keeps me
wishing on a wishing star
He's the song in the car I keep singing
Don't know why I do


Drew walks by me
Can he tell that I can't breathe?
And there he goes, so perfectly
The kind of flawless I wish I could be


She better hold him tight
Give him all her love
Look in those beautiful eyes
And know she's lucky 'cause


He's the reason for the teardrops on my guitar
The only thing that keeps me
wishing on a wishing star
He's the song in the car I keep singing
Don't know why I do


So I drive home alone
As I turn out the light
I'll put his picture down
And maybe get some sleep at night


'Cause he's the reason for the teardrops on my guitar
The only one who's got enough for me to
break my heart
He's the song in the car I keep singing
Don't know why I do


He's the time taken up but there's never enough
And he's all that I need to fall into
Drew looks at me
I fake a smile so he won't see






51 comments:

  1. නියමයි...නියමයි..
    Taylor Swift සුපිරියටම සින්දු කියන මම කැමතිම artist කෙනෙක්..

    හැබැයි මේ සින්දුව නම් මීට කලින් දැකල නෑ...

    තැනක් යූ & ජය වේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශෙහාන්. ස්වීට් ටේලර්ට මාත් ආසයි. වැඩියත්ම එයාගෙ ගිටාර් පාර්ට් වලට.

      Delete
  2. හ්ම් මටනම් අන්ඩර දෙමළ වගේ බං

    ReplyDelete
    Replies
    1. අණ්ඩර සිංහලෙන්නෙ ලිවුවෙ බන්

      Delete
    2. අන්ඩර දෙමල කියන්නෙ ආන්ද්‍ර ප්‍රදෙශ් වල භාවිතාවෙන දෙමල වලට මම අහල තියෙන විදියට.මටත් එහෙමමයි

      Delete
    3. අනාආආ දුක තමයි ඒනම්.

      Delete
  3. උඹ කලිනුත් සිංදුවක් කතාවකට හරවලා පෝස්ට් කට්ටක් තැලුවා වගේ මයේ මතකේ තීනවා.... :) ඒ මේ සින්ඩුව නියමයි බස්සියා

    ReplyDelete
    Replies
    1. ම්ට්ත් ඒක් ම්ට්මතක් ව්ුන්ස් sinhala awul .
      Matath mathakuna parana kathawa. lssanai bassu

      Delete
    2. ඔව් ඔව් ශානු අක්කෝ. you belong with me සිංදුව. මේ තියෙන්නෙ ඒක.
      ඔයා - එයා සහ මම

      Delete
    3. අදත් සීයද කොහෙද සිංහල ටයිප් කොරල ඔමාගෙ ලැපෙන්.
      ඔය හෙලකුරු අප්ඩේට් කොරගනින්කො ඔමයියෝ....

      Delete
    4. ෆ්ොන් එක්ෙේ අන්ෙේ
      Man uninstole karala ayema instoal kala eth hariyanne naha. Fb eke puluwan blogger wala baha

      Delete
    5. හයියූ.... හෙළකුරු බ්ලොගර් ඇප් දෙක වලි වෙන්ටැති බන්.

      Delete
  4. ගීයක පද වැල

    නියමයි අක්කේ, හරියටම අල්ලලා තියෙනවා අදහස.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයාන් මල්ලි. :)

      Delete
  5. ela ela....

    මගේ බ්ලොග් සින්ඩියටත් බ්ලොග් එක දාන්න
    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනිවා. ස්තූතියි. ඔන්න එවුව.

      Delete
  6. ලස්සනයි නංගී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අයියේ!

      Delete
  7. ලස්සනයි නංගී!

    ReplyDelete
  8. මරු මරු... අපූරු පිවිසුම!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කුරුට්ටියේ!!

      Delete
  9. ටේලර් නංගී ලස්සනයි නේ බං.. අපි ඔය ඉංග්‍රීසි අහන්නේ නෑනේ.. අපිට තේරෙන්නේ නෑ.. කතාව එල ඈ..

    ReplyDelete
    Replies
    1. ඔයාට වෙනම අපායක් සිරාවට තියෙනවලු !

      Delete
    2. තැන්කිවු හොඳේ... මාත් ආසලු ටේලරේට.

      Delete
    3. හම්මේ දැන් මුන්දැ අපායෙ යන්නෙ ටේලර් නගා ලස්සනයි කිවුවටද? අපි ඔය ඉංග්‍රීසි අහන්නේ නෑනේ කිවුවටද?

      Delete
  10. ලෙසටම ලියල මචෝ.....උඹේ වචන ලිවිල්ලත් පස්ට ඩෝ ......
    මෙන්න මම මේකට >>හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් නැතත්,<< Like ........යකූ.........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්... :D

      තැන්කිවු තැන්කිවු කෙන්ජයියේ.....

      Delete
  11. පස්ට ලිවිල්ලක් ඇ, මන් හිතන්නේ ඉංගීසි සිංදුවකට ලියවුන පලවෙනි සිංහල විචාරය වෙන්න ඕන හේක් හෙක්, ටේලර්ගේ සින්දු නම් ඉතින් පසට අහ, ඒ වුනාට මන් නම් අසම ගිටරිස්ට් ඇවිල්ල කාලෝස් සන්ටානා වාව් අයෙ ලොවෙත් නැති ගැහිල්ලක් ගහන්නේ, හැබැයි මේ ස්ටොරිය කැම්පස් වල බොහෝ විට සිද්ද වෙන දෙයක්, මොකද මටත් ඒ වගේ කතා තියෙන නිසා හේක් හෙක්, අර කෙන්ජි කිව්වා වගේ //හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් නැතත්// එකනං පසට ඇ, මොකද හැමෝම සංගීතා වීරරත්නලා නෙවේනේ :D, එහෙනං ජය වේවා.

    ReplyDelete
    Replies
    1. පළවෙනි සිංහල පිවිසුම වෙන්ට බෑ සොමියෝ. මම කලින් ලිවුව ටේලරේගෙම You belong with me සිංදුවටත් මේ සෑම්පලේ එකක්.

      අදයි සොමියව මේ පලාතෙ දැක්කෙ. සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete
    2. තැන්කූ තැන්කූ, නැතෝ නැතෝ මන් අර කප් කේක් එකටත් කොටලා ගියෝ හේ හේ. :D

      Delete
    3. හානේ සොරි ඈ.... කප්කේක් කමෙන්ටුව දැනුයි දැක්කෙ. බ්ලොගරෙ අවුලක් නේ. කමෙන්ට් වල නොටිෆිකේශන් එන්නෙ නෑ.... :D

      Delete
  12. Replies
    1. අනා.... තැන්කුයි ප්‍රියෝ.... :D

      Delete
  13. බස්සිගෙන් තවත් ආදර අන්දරයක්. හරිම ලස්සනයි බස්සියො කතාව.

    ReplyDelete
  14. //‘තරු කඩාවැටෙන්නෙ ඉටුවෙන ප්‍රාර්ථනා හිතේ ඇති දාට විතරයි’//

    ඇත්තට ඇයි බං යශෝ එහෙම වෙන්නේ.එතකොට කඩා වැටෙන තරුවක් දිහා බලලා හරි අපිට ප්‍රාර්ථනාවක් කරන්න අයිතියක් නැතිද.?

    දුරුත්ත මට කොහොමත් සීතලයිනේ...:(
    නිල්පාට කතා කරන ඇස් තියෙන කෙල්ලෙක්ට කොල්ලෙක්ගේ හිත යන එක පුදුමයක් නෙමේ.එත් ඉතින් එහෙම ඇස් තියෙන කෙල්ලෙක්ට වඩා සාමන්‍යඇස් දෙකක් තියෙන කෙල්ලෙක්ගේ හිත ලස්සන වෙන්න පුළුවන්.අර නිල්පාට ඇස් වලට වඩා වැඩියෙන්.

    සින්දුව නම් කලින් අහලා නැහැ.

    ReplyDelete
    Replies
    1. සීතල දුරුත්තයි, ලෝබ බඳින ලොකු ඇසුයි ගැන අපිට වඩා හොඳට දන්නෙ මනෝ නෙව. ;)

      සිංදුව අද අහන්නකෝ එහෙනම්.

      Delete
  15. ""wishing on a wishing star"' ද wishing on a falling star ද ....
    මොකක් හරි කමක් නෑ... මේක බස්සිට බොක්කෙන්ම ලියවෙච්ච එකක් වගේ

    ReplyDelete
    Replies
    1. යකෝ මම ලිවුව එකක් නෙමෙයි ඕක ස්වීට් ටේලර්ගෙ සිංදුවක්නෙ.

      අනාආආආආ ;)

      Falling star එකක් දිහා බලාගෙනනෙ බන් wish එකක් කරන්නෙ. ඉතින්
      wishing star = falling star
      මන්දා බන් ටේලර් අක්කා තමයි දන්නෙ ඔවුව.

      Delete
  16. මං කවුද.......
    මොකක්ද මට උනේ...
    අනේ... මගේ ඔළුව කොහේ හරි වැදුනද?.. නෑ...
    අපොයි..
    මේ මොකද වෙන්නේ.. .
    මට පිස්සුද?....
    එහෙම වෙන්න අැති..
    එ්ත් එහෙම වෙන්නත් බෑ..
    එහෙමනං ගෙදර අයට අහුවෙන්නඑපැයි...
    අා.. හරි...
    මට නෙවෙයි..
    මේකිට පිස්සු....

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මේකිට පිස්සු කියලා උඹ අදද දන්නේ යකෝ ..?

      Delete
    2. හැක් හැක්… ඇති දෙයියනේ කියලා උඹ දැන්වත් දැන ගත්තා ඔය ගැන. :D

      Delete
    3. විදානේ අහුවෙයකෝ.... මන් ටෝ අල්ලලා ඔබනව කණා මුට්ටියක. මුට්ටිය එල්ලල දෙනව උඩීඊඊඊඊන් යන්න. අහුවෙයකෝ...

      Delete
    4. ගෙඹිලූශා උඹටත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නෙ!

      Delete
    5. හැක් අඩි අටේ පොඩි එකත් ඇවිත්! මට නෙමෙයි මුන් තුන්දෙනාට තමයි පිස්සු.

      Delete
  17. Taylor Swift පට්ට...... සිංදු ගැන නම් දන්න මගුලක් නෑ ,කොම වුනත් මෙලො දෙයක් තෙරුණේ නෑ වෙනස් හොදයි එත් ,

    ReplyDelete
    Replies
    1. සිංදු නම් කන්නද. ඒ වගේද ටේලර්! නැද්ද සහෝ!

      Delete
  18. ස්තූතියි නෙතින් එහා!

    ReplyDelete