Wednesday, June 11, 2014

මම හිතුවෙ උඹ මැරිල කියලයි....!!!







මාස ගානක්
සද්ද නැතුවම
පුස් ගඳක් එන
අඳුරු මුල්ලෙම
කලාතුරකින්
හුළං පාරට
ඇස් කෙවෙනි
ඇතුලටත් රිංගන
කඳුලු එක්කම
අමතකව යන
මතක අමතක
අළු දුඹුළු ගොඩ


එක්වනම ඇවිලීගති
ගිනිදළු හද වෙලාගති

ගැහෙන හදවත
උණුව වැගිරුනි

එගිනි අතරින්
යළිදු පණ ලැබු
ෆීනික්සියා
ඉගිලුනි


රක්ත වර්ණෙන්
උගේ අත්තටු
දැල්වුනි

ගිනි පුළිඟුවන්
දිස්නෙන්
දෙනෙත් යුග
අඩවන් වුනි


පිළිස්සීමෙන් ඇඹරුන
දුබල හදවත
නැවතුනි

මම හිතුවෙ
උඹ මැරිල කියලයි
මියෙන්නට 
එක මොහොතකට පෙර
වියළි දෙතොළින්
මිමිණුනි







107 comments:

  1. මම හිතුවේ ෆීනික්ස් ගැන කියලා

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මැලේ රාළ ගැන කියලා

      Delete
    2. මලා... මං හිතුවෙ මේ ලියන්නෙ අපේ බලු රාල ගැන කියල. කෝ කොහෙද ෆීනික්ස්?

      Delete
    3. ඉවාන් : මැලේ ගැන කවි ලියන්ඩ! හම්මේ!!! :P

      Delete
    4. ෆීනික්ස් කුරුල්ල ගැන සිංදුවකුත් තියෙන්නෙ

      මී අඹ අත්තේ - කොහෝ කොහෝ කියලා..

      Delete
    5. ඇයි ෆිනික්ස්ගෙ සිංදු ගැන තියෙන්නෙ

      කොහෝ කොහෝ
      කොහේ ඉඳන් කොහෝ කියනවදෝ කියලා :D

      Delete
    6. අපෝ මේ දෙන්නම කොහාගැන සින්දු ලියලා ෆීනික්ස් ගෙලු ............. ෆීනික්ස් ගැන තියෙන්නේ එක සින්දුවය් දන්නැත්නම් දන ගන්න මෙන්න එක
      ප්ලාස්ටික් බඩු ගැන කතා කරමු අපි
      වට්ටන්නට පෙරලන්නට ඇහැකි
      නමුත් බිඳින්නට නොහැකි
      ෆීනික්ස් ... ෆීනික්ස්
      කන්නට බොන්නට ප්ගන් කෝප්පත්
      කෑම බහාලන භාජන මානා
      ඉඳ ගැනීමටත් සවිමත් පුටු ඇත
      ෆීනික්ස් ... ෆීනික්ස්

      පුහ් ........... ඔන්න සින්දුව

      Delete
    7. හම්මේ ෆීනික්ස් ෆීනික්ස්
      කාලෙකට පස්සෙ ඇහුවෙ. :D

      Delete
  2. ටිකක් බරපතල වැඩිද මන්දා. " පීනික්ශියා" කියන්නේ කවුද හැබෑට.

    ReplyDelete
    Replies
    1. අනාආආ... ඒ ඇයි පකිස්? පීනික්සියා means phoenix.

      Delete
  3. මැරිලා කියලා හිතන හැම දේම මැරිලා නා කියලා පිට කාලයක් යනකොට අවබෝධ වෙනවා .

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තම් එක්කෙනෙක්ට කවිය තේරිලා.....! :D :P

      සමහර වෙලාවට අකුණක් ගැහුව වාගෙ එකපාරට අවබෝධ වෙනවා. හරියටම අළු අතරින් එකපාරට ගින්දරත් එක්ක පණ ලබන ෆීනික්ස් වගේ.....

      Delete
    2. ඉවාන් උබව මං මරන්නෙ ආයෙ නැගිටින්ඩ නං නෙවෙයි. බලං හිටපන් ඈ !!!

      Delete
    3. හුහ් උඹව මරන්නේ නැතුව මම මැරෙයි කියලද උඹ හිතන්නේ , එව්වා හඳේ ලොක්කා

      Delete
    4. අහා..... උසි උසි! දාන දෙකක් එකපාර සැට් වෙයි වගේ.

      Delete
    5. අඩා..!! රෝස බස්සි...!! උන් දෙන්නව කොටවලා දාන වලදන්න නේ... හිතුවා මදි...!

      Delete
    6. ඔව් ඔව් මැරිල වගෙ තිබුනට හිටිගමන් නැගිටල එනව

      Delete
    7. දාන දෙකක් කියන්නෙ සුලුපටු වැඩක්ද නිමෝ. වැඩේ තියෙන්නෙ මුන් ඩබලත් ෆීනික්ස් උනොත් තමයි නේ.

      Delete
    8. අපෝ සැනසීමෙන් තියෙන නින්දත් නැතිවෙන වැඩක්......!
      ඉවානයා කෙසේ වෙතත් ඔය පත්තරයා කියන එකා නැගිට්ටෝත් හෙම වසන්න වෙන්නේ නෑ ඔං.

      Delete
    9. ඕ යේස්,මං නැගිටින්නෙ වෙරි බැස්සම .. :D

      Delete
  4. ඇත්තටම මෙ මොකක් ගැනද ලියලා තියෙන්නේ බස්සියේ.........???

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගේ කමෙන්ට් එකට දුන්නු පිළිතුර කියවලා ආයෙම කවිය කියෙවුවොත් තරමක් පැහැදිලි වේවි කල්හාන්. මටත් හිතුනා මේක ග්‍රීක් වගේ වෙයිද දන්නෑ කියල. :)

      Delete
    2. බස්c+ ඉවාන්= කවියේ අදහස= අරූටත් තේරුනා

      Delete
    3. ඇයි මට ..ටයිටලේ කියවද්දිම තේරුනා .. කොහොමද මගෙ වැඩ .. ඕ යේස්

      Delete
    4. මං හිතුවා.
      කලින් කවියත් (අර පද හතරෙ කවිය), අංකල් අරූ ආවානං ටක්ටික්ටුක් ගාලා තේරුම් ගනීවි කියලා. :)

      Delete
    5. පත්තරේ නං පෝස්ට් එකට යන ලින්ක් එක දැක්ක පරක්කුවෙන් අදහස මීටර් වෙන එක්කෙනානෙ. :P

      Delete
    6. @ බස්සි.
      අන්න වැඩ්ඩෝ

      Delete
    7. මාව ආස්සරෙ කරන්න ලැබෙන එක උඹලගෙ වාසනාව.. ඕ යේස් !!

      Delete
    8. හම්මේ ඉතින් නේද? :)

      Delete
  5. මේ කවියත් ගුණදාස කපුගේ ගයන උලලේනෝ සින්දුවත් බොහො දුරට සමානයි වගේ මටනං. ඒ සින්දුවේ අන්තිමට උලලේනා තටු සලා ඉගිලෙන සංගිතයක් තියනවා අහල තියනවද? ඒ ශබ්දයත් නැවත නැගිටීමක් ගැන සංකේතයක් තමා. හරියට ෆීනික්ස් වගේ.

    ReplyDelete
    Replies
    1. නලින් අයියෙ උලලේනෝ සිංදුවෙ ව්‍යංගය 71 කැරැල්ල නේද ?? මං එහෙම අහල තියනවා.කපුගේ සහ රන්බණ්ඩා තව ටික කාලයක් කාලයක් ජීවත් උනානම් අපිට තව කොච්චර විඳින්න පුලුවන් නිර්මාණ ඉතුරු කරල යයිද ..

      Delete
    2. ඹව් කැරැල්ලේ නැවත නැගිි්‍ටිම තමා ඒ උලලේනගේ තටු සලන හඩෙන් කියැවෙන්නේ.

      Delete
    3. නැවත නැගිටීමක් එන එකක් නෑ කියලා කාටවත් කියන්න බෑ. මේ පීඩනයන් ව්‍යාජයෙන් නවත්වාගෙන ඉන්න පුළුවන් කෙටි කාලයකටයි , එදාට බස්සිගේ මේ කවියත් අපට මතක් වෙයිද දන්නේ නෑ

      Delete
    4. History repeats නලින් මාමේ.... :)

      Delete
    5. උළලේනාගේ තටු සැලීමෙන් කී අනාවැකිය වැරදුනේ නැහැයිලු නේද?

      Delete
    6. අළු වෙලා ගිහින් වගේ පෙනුනට අතීතය ළඟදීම පුනරාගමනය වේවි කියල හිතෙනවා ගෙඹිලූෂෝ....

      Delete
    7. @ නලීන් සහ පත්තර..
      මේ ලින්ක් එක බලන්න

      http://masandumal.blogspot.com/2014/03/blog-post_14.html?showComment=1394857470626#c201770250084943541

      Delete
    8. විදානයා මං බලන්න එපාද අනේ?

      Delete
    9. @ බස්සි,
      බස්සිත් උඩ ලින්ක් එකට ගිහින් බලන්න.. මනෝෂ් පුංචි කාලේ ලියපු එකක්..

      Delete
    10. විදානෙ.. මනෝෂ් පුංචි කාලෙ :D ඒකත් කියෙව්වා මචං..උඹගෙ කමෙන්ට් එකත් පෝස්ට් එකතු උනානං මනෝ කිව්ව වගේ..

      Delete
    11. මනෝ පුංචි කාලෙ ලියපුවටත් වඩා මාර රහයි අලුතින් කරන නිර්මාණ. :D

      Delete

  6. ආයුබෝවන්, සුබ දවසක්!
    ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
    ▪ තාක්ෂණික ගැටළු
    ▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
    ▪ අන්තර්ජාල මුදල්
    ▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න

    http://lktips.com/discussions

    ReplyDelete
  7. ෆීනික්ස්ලා ගොඩාක් ඕන් යුගයක් මේක.. ඔහේලත් එහෙම ෆීනික්ස්ලා තමයි...

    ReplyDelete
    Replies
    1. ෆීනික්ස්ලා යළි ඉපදෙන බව නම් විශ්වාසයි.

      Delete
  8. මටත් ආසයි ෆීනික්ස් කෙනෙක් වෙන්න. කවුරු හරි පැට්ටෝල් ගැලුමක් අරන් දියල්ලකො. :) :)

    ReplyDelete
    Replies
    1. උඹට මර්වින් සිල්වා කෙනෙක් නම් වුන හැකි හැක්

      Delete
    2. ඊට හොදා බං මම මාවම ගස් බැඳ ගන්නවා. හැක්. :)

      Delete
    3. ඕං අපේ නලින් අයියට නං පැස්ටෝල් ඕන් නෑ බං.. මොකෝ ඉතිං චන්ඩිය බඩේනේ . .. හැක්.. ගිණිකූරක් ළං කරානං ඇති..

      Delete
    4. මටත් සහබාග් වෙන්න පුළුවං විදිහට තවම එක ගෙට්‍ටුවක් වත් සෙට් වුණේම නෑ නේ. එහෙම එන්න පුළුවං වුණු දවසක ලොවෙත් කරලා බලන්න ඕනෙ පත්තරේ!! ගිනිපෙට්ටියක් අරං ම තමයි එන්නෙ ලොවෙත් මං නං!! හිකිස් :D :D :D :D :D !!!!

      Delete
    5. පීරෙ ඈතිං ඉඳං කරපං ඈ .. අම්මට සිරිවෙලා තියෙයි මහ බැංකු බෝම්බෙ වගේ නැත්තං.. :D ළඟ පාතක අටමත් හිටියොත් හිරෝශිමා නාගසාකි කැලේ.. කට්ටියගෙ අතපය හොයන්ඩ වෙන්නෙ දකුණු ඉන්දියාව හරියෙන්.. හැක් .

      Delete
    6. පෙට්‍රෝල් ඕනෙනම් කැළණියෙ fuel station එකකට ගිහින් ගහගන්නෝ...

      Delete
    7. මලහත්තිලව්වයි. ඔය ගිනිකූර ගහන්ඩ කලින් අපිට කියලා හිටිල්ලා... ආපදා කළමනාකරණ එකට එහෙම දැනුම් දෙන්න එපාය.

      Delete
    8. සැක්... පිරේ ඉතින් නැකැත් බලබලා ඉන්නවනෙ ගෙට්ටු වලට එන්න. අපරාදෙ.

      Delete
    9. හරි හරි බං පත්තරේ!! බය වෙන්න කාරි නෑ!! මම පුපුරන දේවල් එක්ක හොඳ හැඉ ඔට්‍ටු වෙලා තියෙනවා. මදි පාඩුවක් වුණොත් අපේ විචාරක තුමා එහෙමත් ඉන්නවනේ!!

      අනේ නෑ බං බස්සි අක්කේ. නැකත් බලන කෙහෙල්මලක් නෙවෙයි, එන්න නිවාඩු නෑ!! බොරුනං අර මල් මල් අඩවියෙ නාමල් ගෙං අහල බලන්නකො!

      Delete
    10. අනේ විහිලුවට කිව්වෙ අයියෝ.

      Delete
  9. ඔයයි මහා නරකයි අක්කේ දැන් කවි ම ලියනවා.මෙවුවා මගේ සුට්ටන් මොලේ ට තේරෙන්නේ නෑ. කෙට් කතාවක් වත් ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. අනේ කතා ලිවුව දෙකක්. හිතන එක නෙමෙයි ලියවෙන්නෙ. ඉතින් ඔන්නොහෙ කවියක්ම දැම්ම. ඉරිදට කතාවක් ලියන්නම්කො අනිවාර්යයෙන්ම. :)

      Delete
  10. වලහ කනට කරල කිව්වේ මේක නේද??????????

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි හිතුවෙ උඹත් මැරිල කියල.. මේං ඉන්නවා බොල :D

      Delete
    2. වළහ? ඌ අලුත් හෝඩි පොතේ කියන්නෙ යාලුව වගේ උඹත් මාරුවෙන්න එපැයි කියලලු.

      Delete
    3. මාත් මේ දානෙයක්ද කියල හිත හිත උන්නෙ. කොහෙද විදානෙ අතුරුදහන් වෙන්නෙ හිටි ගමන්?

      Delete
  11. ඔය බකුසු මොලේට අමුතු අමුතු එව්වා තමයි මීටර් වෙන්නේ නේද?

    හැබැයි ඉතින් super...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... බකුසු මොලේ උනාට පිස්සු ඒව හිතෙනව නිතරම.

      Delete
  12. ෆීනික්ස් ප්ලාස්ටික් බඩු වල ලංජනේ ඉන්නෙ ඔය අහවල් කුරුල්ලා වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ මූ හැරී පොටර් එකේ ඉන්න එකා. ඩම්බල්ඩෝගෙ හුරතලා.

      Delete
  13. *ඇයි පුතේ මේක විසි කරලා???
    #ඒකේ කාලෙ ඉවරයි අම්මේ, දැං ඒකෙන් වැඩක් නෑ.......
    *අනේ මංදා, මටනං තේරුමක් නෑ ඔව්වා ගැන. කෝකටත් මෙහෙං අරං තියන්නංකො. කාට හරි ඕනෙ වෙයිනෙ.
    #මට වැඩක් නෑ අම්මෙ. ඕක කැඩිලා.
    ........................................
    #අම්මේ................! අම්මේ.......................! කෝ අම්මා ඒ පාර කොහෙ ගියාද??
    * මොකද පුතේ කෑ ගහන්නේ??
    #අරක කෝ අම්මේ???
    *කෝකද??
    #අර එදා මං විසි කරපු එක අම්මා අරං තිබ්බේ!! ඒක කෝ??
    *වැඩක් නෑ කියල නේද විසි කලේ?? දැං මොකටද ආපහු හොයන්නේ?? ආ මෙන්න!!
    #නෑ අම්මේ, අලුත් එකේ අවුලක්. ඒකෙන් කැල්ලල් ගලවලා අලුත් එකට දාන්න වෙනවා. අලුත් එකට වඩා ඒක තව හොඳයි වගේ!!

    ReplyDelete
    Replies
    1. පරණ බඩු හොඳයිලු බං.. අනේ මන්දා මගෙ නං පරණ ඒව ආගිය අතක් නෑ :D

      Delete
    2. අලුත් බඩු වගේද පිරේ පරණ එවුව. නේද?

      Delete
    3. ඔය පත්තරයත් ඇන්ටික් බඩුවක් තමා.
      පුත්තලන් බුරුවො හත අට දෙනෙක්ගේ වයස නෙව.

      Delete
    4. පුත්තලං .හුහ් මං පාරෙ යද්දි ඉතාලි කෙල්ලො පස්සෙන් එනවා. ඊයෙත් ගේ ළඟට එනකං දෙන්නෙක් පස්සෙං ආව මං කිව්ව අනේ සොරි නංගියෝ මම බැඳලා කියල.. එහෙම මට තමා මේ බූරුවො කියන්නෙ.. ඕ යේස්.

      Delete
    5. අනේ නිකා ඉදින්.....!
      තොගේ පස්සෙන් එනවා නම් සුවර් එකටම මොකක්හරි විලම්බිතයක් තමා...
      එක්කෝ බෝතල් අඩි දෙකක් ඇස් දෙකේ දාගත්ත 60 පැනපු නාකි අච්චියෙක් වෙන්නෑ.
      පුහ්....මුගේ පස්සෙන් එන කෙල්ලෝ.....!

      Delete
    6. ආයෙත් අහල. පත්තරේගෙ වයසත් එක්ක බලද්දි ඉතින් හැට පැන්න ආච්චිලට නංගිල කියන එකේ වරදකුත් නැහ්. :P

      Delete
    7. නෑ නෑ බං, නිමෝ, පත්තරේ කොහෙ හරි ඇදබෑවිලා ඉන්න ඇති අතපය වාරු නැතුව. පොලෝසියෙ කෑල් දෙකක් තමයි මූව උස්සං එන්න ඇත්තෙ ගෙදරටම. මෙහෙ වගේ නෑනේ එහෙ පොලිසිය හරි ස්වීට්(ලු)!!

      Delete
    8. සිරාවටම මටත් මේල්ලුවක් ආව ඔය සුවිට් පොලෝසිය ගැන. එහෙනම් පත්තරේගෙ පස්සෙන් එලෝල තියෙන්නෙ පොලෝසියෙ නංගිලානෙ.

      Delete
    9. සුවීට් නං තමා බං.. පොලිස් ඇන්ටිලාගෙ ලස්සන :D පුහ් . අම්මේ හරි "ගාම්භීරයි" :D

      Delete
  14. මේ.... මොකෝ හැරී පෝටර් වෙන්න හිතිලද?

    ReplyDelete
    Replies
    1. නෑ ජිනී වීස්ලි වෙන්න හිතුන. :P

      Delete
  15. හුඟක් අය හිතන්නේ ඉතින් කාලයත් එක්ක හැමදේම මැරිලා යනවා කියලා තමයි.. ඒත් ඔය ෆීනික්සියා ආයෙම ඉපදිලා පියාඹනකන්ම ඒ කවුරුත් දන්නේ නෑ හැමදෙයක්ම එහෙම ලේසියෙන් මරන්න පුළුවන් කියලා..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වෙන එක හොඳයි නේද දිනේෂ් අයියෙ..... එතකොට මවිතයත් එක්කම ෆීනික්සියාගේ පුනරාගමනය භාර ගනීවි. අදහාවි. අනුගමනය කරාවි.

      Delete
  16. අනේ අප්පා මට නම් එකපාරක් මැරුණම ඇති ඔං.....

    රෝස බස්සිටත් හිතෙන දේවල් ඈ...........!

    ReplyDelete
    Replies
    1. අර බයිසිකලෙන් වැටුණු වෙලාවේ තෝ මරුනේ නෑනේ අම්මපා , ශික්, නයිට් දෙක තුනක් ගහන්න මළගෙදර නැද්ද පත්තරේ

      Delete
    2. නැත්තං ඉවානෙයො. මං කැරම් බෝඩ් එකත් පිහිදාල සුද්ද කරා නයිට ගහන්ඩ, මේ ආයෙ වැටෙනවනං මැරියං ඈ.. හැබැයි පර්ස් එක එලියෙ තියල මැරියං..අපිට අපේ සල්ලි වලින් බොන්ඩ මලගෙවල් ඕනැයි :D

      Delete
    3. නොදකින් තොපි වගේ උන් දෙන්නෙක්.... මගේ මළගම විකුණලා තොපි ෆන් ගන්න නේ......!
      හිටහන්කෝ, මම වැටිලා මළොත් තොපි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ..
      තොපි දෙන්නවම රෑට නිදියන් ඉන්නකොට ඇවිත් ඇදෙන් බිමට ඇදලා දානවා......

      Delete
    4. පත්තරයා බොන්න සෙට් වෙන හැම තැනටම ඇවිත් හොල්මන් කරනවා... හිටහන්කෝ.....!

      ඉවානයා අමද්‍යප නිසා බේරුනා කියලා හිතා ගනින්......!

      Delete
    5. මචං නිමෝ ..
      මේ සතියෙ නෙවෙයි ලබන සතියෙ කොහොම හරි මැරියං.. ප්ලීස්.. එ්ක තමයි මේ බ්ලොග් ලෝකෙට උඔගෙන් වෙන්න තියන ලොකුම සේවය.....

      අනිච්ඡාවත සංඛාරා !!!!!!

      Delete
    6. හම්මේ නිමෝ මැරෙන්න කලින් ඇඩ්‍රස් එක දෙන්න අපිට දානෙට එන්න.

      Delete
    7. නිමෝ ..අනේ හොල්මනක් වෙලා හරි කමක් නෑ බාගයක් ඩන්හිල් පැකට් එකක් එහෙම අරං වරෙං ඈ.. උඹ හොල්මනක්නේ .සල්ලි යනවැයි

      විදානෙයො.. ඕං බලපන් මූට මැරිල මෙච්චර සේවයක් කරන්න පුලුවන් වෙන එකේ මූ තාම ජීවත් වෙන කැත .. චැහ් මම නං දැං මැරෙනවා දැං. ඕ යේස්.

      බස්සි මචං.. අරූ හොල්මනක් වෙන්ඩ ක්ලිං කියහං උඹටත් රෝස් කුකුලෙක් වත් ගේන්ඩ කියලා.අපිටත් ඒකෙන්ම ෂේප් උනහැකි .. :D

      Delete
    8. ඇත්තට නිමෝ ඔයා මැරුනම අර රෝස් කුකුල වගේ ඕන ඕන ජාති ගෙන්නනන්න පුලුවන් වෙයි නේද. හොල්මනක් නේ කවුරුත් බයයිනෙ හොල්මනක් කිවුවම. මොකද අනිත් උන් දන්නෑනෙ මේ හොල්මනක් වෙලා ඉන්නෙ නිමෝ කියල (ඒම උනානං ලොවෙත් බය නෑ). ඉතිං අපිට යාලුකම සලකල උදව් පදව් ගන්නත් පුලුවන්. ඒ අතිං බලද්දි කොයිතරම් සේවයක්ද බොලා හොම්මනක් වෙන එක. ;D

      Delete
    9. අඩොව්......!
      තොපි ඔක්කොම මගේ මළගම ලෑස්ති කොරලා ඒමදිවට බුතයෙක් කරගෙන වැඩ ගන්නත් සෙට් වෙලා....!
      තොපි දැනගනිව් රෝස් කුකුල්ලු, ඩන්හිල් නෙමෙයි ගෙනල්ලා අතාරිනවා තඩි කළුගල් ටිකක් තොපේ ඔලු උඩට අනිච්ඡාවත සංඛාරා වෙන්නම.....!

      Delete
    10. තොපි ඔක්කොම මැරියව්.
      හැබැයි අපිට කමෙන්ට් දාන්න බ්ලොග් වලට වරෙවි!!!
      ඕ යේස්!!!

      Delete
    11. ඩ්රැකිය කාලෙකට ඉන්නවා කාලෙකට නෑ .. ඕං මාස දෙහෙකින් විතර දැක්කේ .මොකෝ බං ආයෙ දවස් 21 ට ඇතුලට ගියාද ?? දන්නවනං විසිට් එක්ක් දාන්න එනවා :D

      Delete
    12. මෙන්න බොලේ කල්ප ගානකට පස්සෙ ඩ්‍රැකියත් ඇවිල්ල

      Delete
    13. 21කට නෙවෙයි බොලව්...
      ජීවිත කාලෙටම හිරේ...!

      Delete
  17. 1 පාරක් කියෙව්වා...2පාරකු ම්හු....3 පාර කියවද්දි මගේ මීටරේ හිටිය ෆීනිස් කුලුල්ලා ඉගිලුනා.... නියමයි ඈ..... usa ගියා වගේ හැගිමක් ආවා බන්...

    ReplyDelete
    Replies
    1. අනේ නකෝ මං ආන්න අර සීන්කෝන් එකෙන් මේන්න මේම එකක් ලිවුවා බලහන් කියලත් කවිය පත්තියන් වෙන්න තුන්පාරක් කියවන්න උනාද!! visa අරන් බලන්න අක්කියා සමහරවිට හරියයි. :P

      Delete
  18. ඔහොම තමයි අපි මැරිලා කියලා හිතාගෙන ඉන්න සමහරක් දේවල් ඇත්තටම මැරිලා නෑ වගේම
    අපි ජිවත් වෙනවා කියලා හිතාගෙන ඉන්න සමහරක් දේවල් මැරිලා අපි දන්නෙවත් නැතිවම

    ReplyDelete
    Replies
    1. මනෝගෙ කතාව හරියටම හරි. ජීවත් වෙනවා කියල අපි අදහගෙන ඉන්න දේවල් මැරිල බව දැනගත්තම දැනෙන වේදනාව දරන්න අමාරුයි.

      Delete
  19. වම
    මැරිලා
    නෑ
    නැගිටියි ආයෙ
    දකුණට මෙහෙ කරන්න...

    ReplyDelete
    Replies
    1. දකුණට මෙහෙ කරන්න? :/

      Delete
    2. බස්සි ..මම හිතන්නේ ඔය කියන්නේ අපේ සාමාන්‍ය වාමන්ශිකයෝ අතීතය පුරාම කලේ මොන විදිහකින් හරි ධනවාදී දක්ෂිනාන්ශිකයෝන්ට කඩේයන එක , ඉතින් අනාගතයේදීත් එක වෙනස් වෙන එකක නෑ කියන එක තමයි ඔය ද්‍රකියා කියන්නේ

      Delete
    3. දකුණ
      දන්නවා
      වමට
      සිග්නල් දාන්න

      Delete
  20. හලීම මාන්ජමිකයි..උත්කුශ්ටයි විසිස්ටයි..
    මාතෘකාවම හෙන බරයි උඹ කියන වචනේ දැම්ම ..ඒකේ පොඩි ගතියක් තීනව..අදහසත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අකී.... අයියෝ උඹ කියන වචනෙ දැම්මෙ හිතට වදින ගතිය වැඩිවෙන්න නංගියා. තැන්කිවු හොඳේ. අන්න මාත් කතාවක් පටන් ගත්තා. ඔයා වගේ ගොඩාආආක් දිගට ලියන්න නම් කම්මැලියි මම. :)

      Delete
    2. හීහී මගේ එකත් පටස් ගාල ඉවර කරන්න තම මාත් මේ දගලන්නේ... ඒත් ඉතින් ඉස්කෝලෙ පටන් ගන්නවලුනේ අපිට ලබන සතියේ වගේ :/ ඒකට රෙඩී වෙන්නත් එපායෑ.. එ හින්ද ඉක්මනටම ඉවර කරනව..උඹ කියන වචනෙනම් ගැලපෙනව නියමට ඇත්තටම එතනට

      Delete
  21. ලස්සනයි

    ReplyDelete