Tuesday, August 5, 2014

ඉරයි - මමයි (2) & 100,000+










ඇස් ඇරගන්න අමාරුයි. 

ඇයි මේ තරම් සීතල?


ඊයෙ නින්දට යනකම් මට උණුහුම දුන්නු දඟකාර හිරු රැස් කොහේ ගිහින්ද?



ඉර

ආදරණීය ඉර.
උඹ ඇයි මේ තරම් මාව රිද්දන්නෙ?



ඊයෙ රෑ මං නින්දට වැටුනෙ ඉරේ රැස් වළල්ල මැද්දෑවෙ. එතන උණුහුම අපූරුයි. කේශනාලිකා විස්තාරණය වෙලා හදවතට අලුත් උණුහුම් රුධිරය නොකඩවා ගලාගෙන එනව. කන් පෙති පවා නැවුම් රෝස පැහැයකට හැරවිලා.  රතුපාට උණුසුම් රුධිරයත් එක්ක මුහු වෙලා ගලාගෙනෙ එන්නෙ උණු උණු හීන.

ඒ හැම හීනෙකම උන්නෙ උඹ.



ඒක හීනයක්ද, හැබෑවක්ද කියන්න මම දැනගෙන උන්නෙ නෑ.  මම හිටියෙ පියවි සිහියෙන් නම් නෙමෙයි. 



ඒ කියන්නෙ ඉරේ උණුහුම මායාවක්ද? 

මේ තරම් ගැඹුරට මට මේ දැනෙන්නෙ මොනවද එතකොට?



සරත් සමය එළඹෙන්නෙ අවුරුද්දකට වතාවයිලු. 

නැහැ, 
ඒක විශ්වීය නියමයක් නෙමෙයි. 


සාමාන්‍ය පෘතුවි වැසියන්ට සොබාදහමෙන් පණවාපු නියමයක්. පෘතුවියට විතරක් අදාල නියමයක්, මං වගේ අවාසනාවන්ත පිටසක්වලයෙකුට බලපවත්වන්නෙ නෑ.




මගේ ලෝකෙ බලපවත්වන නියාම ධර්ම මහ අකාරුණිකයි. ඒකනෙ ඉර පායන්න වෙලාවක් කලාවක් නැත්තෙ. අවුරුදු ගණන් ඉර ඉන්නව මුහුදෙ ගිලිල. කලාතුරකින් දවසක මූදට එබුනම මට පේනව තැඹිලි පාට ආලෝක පුංජයක්. ඒ එළිය මං ඇස් අග්ගිස්සට එකතු කරගන්නෙ අසීමාන්තික ලෝබකමකින්.




එළි තිතක්. 

පුංචිම පුංචි ආලෝකයක්. 


මුලු සීත සෘතුවම මම පණ රැකගෙන උන්නෙ ඒ මලානික තැඹිලි පාට එළි කිණිත්තක එල්ලිලා. හරියට ගිලෙන්න යන මිනිහෙක් පිදුරු ගහක් බදාගෙන ඉන්නවා වගේ.










ඒත් අන්තිමේ උඹ ආව. දීර්ඝ සීත කාලෙකට පස්සෙ එකෝමත් එක දවසක මං ඇහැ ඇරල බලද්දි උඹ මං ගාව.



හිම දියවෙලා පොඩි දිය කඩිති හැදිලා තිබුනා. ඒවයෙ පාට පාට මල්පෙති පාවුනා.



අයිස් කුට්ටි මිදිලා හැදුන නිල්පාට දොළ පාරවල් කඩිමුඩියේ රැළි නංවමින් ගලාගෙන ගියා. තැන තැන පිපෙන පෙණ කැටිති වලට රන්වන් පාට හිරු කිරණ වැටුනාම පෙණ කැටිති දිළිසුනේ පුෂ්පරාග වගේ.




උඹ ගැන මතක රෑ තිස්සෙ ඇස් අස්සෙන් එලියට ගලාගෙන ගිහින් තිබුන, වෙනද වගේම. ඒ මතක බිංදු කොළපාට අලුත් තණ බිස්සේ විසිරිලා තිවුනෙ මුතු ඇට වගේ. හිරු රැස් වල රස්නෙ වැදිලා ඒ සීතල මතක බිංදු එක එක වේළිලා ගියා.




ඔව්, තණ බිස්සෙ මතක බිංදු වැටුන තැන්වල කහදුඹුරු පාට පැල්ලමක් දෙකක් ඉතිරි උනා තමයි. ඕව කවුද ගණන් ගන්නෙ. ඇඳුරු පැල්ලම් පේන නොපෙනෙන තරමට ඉරේ දිස්නය වැඩි උනා. ඉන් පස්සෙ තවත් ටිකක් දිස්නෙ වැඩි වෙනකොට ලා කොළ පාට තණ බිස්සෙ කහ පාටක් හොයාගන්නවත් බැරිව ගියා.




ඔන්න ආයෙමත් මං හිනා වෙනවා. 

කල්ප ගානකට පස්සෙ මං ආයෙමත් හිනාවෙනවා.



මේක මහා පුදුම ලෝකයක්. කාලය කියන මානය හැසිරෙන්නෙ උම්මත්තකාගාරයකින් පැනලා ඇවිල්ලා වගෙයි. 



දන්නවද? සීතලම සීතල සීත දවස් වලට පැයක් ගෙවෙන්න පැය හයක් විතර යනවා. උණුහුමෙන් පිරුණු ආදරණීය දවස් වලට පැයක් ගෙවෙන්න යන්නේ විනාඩි පහයි.



ඉතින් උඹත් මගෙ ළඟ උන්නෙ 
තත්පරේකින් දාහෙන් පංගුවක් විතරයිනෙ.





***********************




ඇන්ඩි-ස්ටැයිල් කතා ලියන්න ගිහින් බස්සි ස්ටැයිල් අමතක වෙලාද මන්ද. ඔන්න අද ලිවුවෙ ඔරිජිනල් බස්සි ස්ටැයිල් කතාවක්.

අහ් තව එකක්! ඔන්න හිට්ස් 100 000 ක් වැටිලා ලු. ඉතින් බස්සි එක්ක ඉන්න ඔයාලට ගොඩාක් ස්තූතියි හොඳේ...!!!








103 comments:

  1. ජය වේවා.. මං තාමත් එතැනමයි.. ඒ කිව්වේ අර ඉර ගැන ලියනව කිව්ව එක.. හැක්..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ ඉතින් දේශා.... හැබැයි ඔයාගෙ අලුත් කතාව නම් සුපිරියි! ඉර ගැන කතාව බාගෙට ලියල නේද තියෙන්නෙ? ඔන්නොහෙ ලියපු ටික පබ්ලිශ් කරන්න මම කරනව වගේ...

      Delete
    2. ඔව්නේ.. ටයිප් කරගන්න විතරයි තියෙන්නේ. මම කියවන්න ටයිප් කරල දීහං ඒක.. හැක්..

      Delete
    3. හා... කියනකම් තමයි බලන් උන්නෙ ටයිප් කොරන්න. නාල වරෙන්කෝ...

      Delete
    4. දේශ්ගේ ලියවිල්ල මගේ ඉංග්‍රිසි වගේ ලියන්නයි කියවන්නයි කථා කරන්නයි තේරැම් ගන්නයි විතරයි බැරි.

      Delete
    5. හැබැයි ඔහොම ඉඳලා දේශ් ලියනවා ලිවිල්ලක් ආය ඇඬෙන්න. මෙන්ඩි "රිදී කාසිය" පෝස්ට් එක කියෙවුවෙ නැද්ද?

      Delete
    6. ඊයේ රෑ පොඞි මෙන්ඞියාටත් කියලා දුන්නා. (මම ඌට ආදරේට එහම කිව්වෙි.)

      Delete
  2. 100,000 කියන්නේ ලේසි කෙලියක් නෙවෙයි. ඕක වනාගන්න සෑහෙන දුර යන්න ඕනේ. මමත් මේ මෑතකදි තමයි යාන්තම් ඔය කට්ටේ පන්නගත්තේ. නමුත් බස්සි මාව ඉතාම ඉක්මනින් මාව පහුකරගෙන යන බවට මට කිසිම සැකයක් නෑ. කිසිම ඉරිසියාවකුත් නෑ. :D

    උණුසුම් සුභ පැතුම් 100,000ට.

    ReplyDelete
    Replies
    1. මටයි අර ගෙම්බටයි නං ඉරිසියයි.. ඔව්...

      Delete
    2. ස්තූතියි ඩූඩ්!! 100,000 ගන්න එක නෙමෙයි වැඩේ, මටත් සතුටක් ලැබෙන, කියවන අයත් සතුටු වෙන විදියට ලියන එකනේ ගේම. අහා මම දන්නව ඩූඩ්ගෙ හිතේ කහට නෑ කියල.

      Delete
    3. කවුද ගෙම්බා අර ශානුවගෙ කතාවෙ හිටපු එකාද? 3:)

      Delete
  3. උණුසුම් සුභ පැතුම් ! කඩ ඉරක් නොවී දිගටම යාම ගැන

    ReplyDelete
  4. සුභ පැතුම් බස්සි, :D :D හොට බිම ඇනෙනකං ලියන්න හේතු වාසනා වේවා !!!!!!!!!! :D :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ගොලූ....

      Delete
  5. කලිනුත් සුභ පැතුවා ඕං ආයෙමත් මචෝ …

    මහ පළවෙනියටම ආයිබෝ වේවා !!!!!!!

    අපේ බ්‍රෑන්ඩ් එක ඉතිං දන්නවනේ … :D ඒව යුතුකං ඈ…

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++
      මට නම් ඕන බ්‍රෑන්ඩ් එකක්

      Delete
    2. බොහොම ස්තූතියි පත්තරේ!!

      මොන බෑන්ඩ්ද අනේ මේ බොලොක් කට්ටකට.

      Delete
    3. බැන්ඞ් අපි ගහන්නම් දෙකක් දාපුවහම උඔ ඒ ටික ලැහැස් කරහන් බස්සි

      Delete
    4. මොනවද මේ කතා මෙන්ඩියා … එක මිනියයි පෙට්ටි දෙකයි !!!!

      Delete
    5. උන්නොත් 1000 යි
      මලෝත් 1000 යි
      පෙට්ටියට 1000 යි
      3000 යි

      Delete
  6. මගෙනුත් සුබ පැතුම් බස්සියෝ.... මං කම්මැලියා වෙලා බස්සු,,,,, දිගටම ලියමු ඉදගෙන :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඔමා....
      ඒකනේ.. කම්මැලියා නොවී ලියමුකෝ

      Delete
  7. සුභ වේවා ! ජයම වේවා කිව්වා එහෙනම් !

    ReplyDelete
  8. ලස්සෙ කියන්නේ සුළු පටු ගානක්යැ.. තව අවුරුදු දහකින් මාත් එතෙන්ට එන්න ටාගට් කරනවා...

    ජ ය වේ වා !!!
    (පත්තරේට දෙන ඒවැයින් බාගයක් මටත්)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ආචාර්ය ආතර් මෙතැන්ටත් අවිල්ලා මයෙහිතේ සුභපතන්න වෙන්ටෑ........

      Delete
    3. අවුරුදු දහයකින්!
      ඒ කියන්නෙ විදානේ දිගටම ලියන්න ඉන්නෙ මාසෙකට එක පෝස්ටුව බැගින් ද? :/

      Delete
    4. මර්ලින් ඉවර නිසා බස්සිගෙ ඩ්‍රාමා එකට ඇවිත් ඇති ආතරයා

      Delete
  9. සුබපැතුම් කිව්වා එහෙනම්, ඔය පත්තරයට ගේන ජාතියකින් මටත් ගෙනවානම්. 100,000 කියන්නේ ලේසි පහසු ඈ...!

    ReplyDelete
    Replies
    1. ඔය පත්තරේ ලිස්ට් එක එකතු කොරන්නෙ. පාර්ටියක් ලැබෙයි ඒ කියන්නෙ.

      Delete
  10. ලස්සේට බොක්කෙන්ම සුබ පතනවා නංගී ....... අරි........ තන්තොෂයි ............. ආ............

    (කොමද මේකිගේ බෝගට ගේමක් දෙන්නේ) ... ඒ පාර හිතෙන ඒවත් ලිය වෙන්න අරන් නේ

    ReplyDelete
    Replies
    1. පස්සෙ ඥං පචං ගාන්න බෑ.. බඩු පොඩ්ඩයි ගේන්නේ.. ඔන්න උඹවත් ලිස්ට් එකට දාගත්තා..

      තුනායි !!

      Delete
    2. මගෙ කැකුණ පාට්නර් එකෙන්ම …

      පහායි … !!!

      Delete
    3. හරි මම එන්නම් හැබැයි මැලේසියන් එයාර්ලයින්

      Delete
    4. එනවනම් බ්‍රහස්පතින්ද/සිකුරාද දවසක ඈ... එතෝට වීක් එන්ඩ් එකේ දානෙ සැට් වෙයි.

      Delete
  11. මට තෙරුමක් නෑ -_-

    අර එකයි බිංදු ගොඩට සුභ පැතුම් සිරාවට !!!! ජය වේවා ! 

    ReplyDelete
    Replies
    1. අයියූ... නිකම් ලියවෙන ඒවා අනේ...
      තැන්කූ ඈ...

      Delete
  12. උණුසුම් සුබ පැතුම් අක්කියෝ

    පත්තරයෝ මත් එනවෝ..මන් ගානේ shandy.....

    ReplyDelete
    Replies
    1. ලැමනේඩ් හරි ඔරේන්ජ් බාර්ලි හරි ගෙන්න හොඳේ...

      Delete
  13. උණුසුම් සුබ පැතුම් බස්සියෝ...:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ පොඩ්ඩි අක්කා...

      Delete
  14. // ඉතින් උඹත් මගෙ ළඟ උන්නෙ
    තත්පරේකින් දාහෙන් පංගුවක් විතරයිනෙ.//

    ඉරටද කිවුවේ?

    එලස් ..සුභ පැතුම් ඈ ....!

    ReplyDelete
    Replies
    1. ඉරට නේන්නම් අනේ....
      තැන්කූ අක්කියා....

      Delete
  15. එළකිරි.. බොක්කෙන්ම සුපැතුම්..!!!

    ශීතල හිම රටක ජීවත් වීමේ වාසනාව උදා වේවා....!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.....!!!

      ඔව් ඔව්, ඉරට කතන්දර ලිවුවට මම ආසම සීතලම සීතල සීත දවස් වලටනෙ.

      Delete
  16. එහෙනං ලස්සේට කොඩි දැම්මා ඈ! මල් හතයි ඈ!!!!

    ReplyDelete
    Replies
    1. හිහිහි... තැන්කුයි ඈ...

      Delete
    2. බස්සිට ඡයවෙිවා කියලා උඔ ගෙනාපු බෝතලයක් ගහමුකෝ

      Delete
    3. වතුර බෝතලයක් වෙන්ටෑ...

      Delete
  17. පිස්සු හැදෙනවා බස්සියේ උඹේ වචන ඇමිණෙන පිළිවෙල දැක්කහම...

    ඇත්තටම ඇති විශිෂ්ඨයි..

    හිට්ස් ලස්සේ ට මෙන්න දෙවනි විභීෂණ ගෙන් උණුසුම් සුභ පැතුම,,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභීෂණ...!!!

      Delete
  18. දෙවනි වතාවටත් හදවතින්ම සුබ පතනවා පස්ස අහිමි බස්සි මතන්....දිගට ලියපන් හැමදාම අපි උඹ එක්ක....හවසට පාටියක් ඕනේ ඈ

    ReplyDelete
    Replies
    1. ටෝ හැල කිඹුලි මට මඩක් ගහල. අහුවෙයම්කො. පාටියට දෙන්නෙ කිඹුල් ඉස්ටුම තමයි ආය කතා දෙකක් නෑ...

      Delete
  19. සුභ පැතුම් බස්සියේ...
    තව අවුරුදු තිහ හතළිහක් විතර යයි අපිටනං.. :3

    ReplyDelete
    Replies
    1. යකූ අවුරුදු තිහ හතළිහක් බ්ලොගර් එක තියෙයිද දන්නෙත් නෑ....

      තැන්කූ සංචාරේ....

      Delete
    2. උඔගේ නමත් පත්තර මලයන්ඞිගේ ලිස්ට් එකට දාන්නද? (උඔට සැර 4.5 ඒවා)

      Delete
    3. ඔව් ඔව් … ආයෙ වැඩිපුර නෑ කඳුලක්කත්.
      නම දාපං.

      Delete
    4. තැන්කූ ඈ.. :D

      Delete
  20. සුභ පැතුම් මචී! ලස්සෙට කොඩි දැම්ම බස්සියෙක් එහෙනං ඈ..:P
    උඹේ කතාවේ රෂියන් ටච් එකක් තියෙනවා කියලා මට හිතෙනවා..සුපිරියට ලියලා තියෙනවා..ව්‍යාංගාර්ථයෙන් ලියන එක සිරා වැඩක්..
    ඒ එක්කම ඉර නේද?මගේ නම් ප්‍රත්‍යස්ථතා මාපාංකය පැන්න බං හුඟක් කලින්..දැන් ඒ ගැන හිතන්නෙවත් නෑ..:D

    ReplyDelete
    Replies
    1. රශියන් ටච් එකක් තියෙනවා කියන එක අහන්නත් සතුටුයි, මොකද මම රුසියානු කතා පිස්සෙක්.

      ලකී ගර්ල්!
      ප්‍රත්‍යස්ථතා මාපාංකය වැඩි වෙන එක මහ වදයක් කියල මම එදත් කිවුවෙ තරුවෝ.....

      තැන්කූ වේවා ඈ... මේ ගුටි නොකා අරකෙ අන්තිම කොටස දාපිය ඉක්කනට. අපිට ෆිල්ම් එක නැතුව විජලනේ වගේ...

      Delete
  21. බස්සිත් හරියට මං වගේ ..... මොකෝ..... මාත් ආස අව්ව වැටිලා රස්නේ දෙනවට..... සිතල හෝරාවන් හරි මුසලයි වගේ...... ඉතින්.... ඔය style එක හොදයි..... වරදක් නැ....

    ReplyDelete
    Replies
    1. මේ ඉර අමුතු ඉරක්නේ නිහිංසා....
      පොඩ්ඩක් කතාවේ පේලි අතරින් එබිල බලන්නකෝ. එතකොට ඔයාටම පෙනෙයි.

      මම ඇත්තටමනම් ආස සීතලම සීතල සීත දවස් වලට.

      Delete
  22. අඩේ, උඹ කවද්ද බං මට හොරෙන් මේකේ පළවෙනි එක දැම්මේ.. මම කියවලා නැහැනේ.. හරි කමක් නෑ..

    ලක්ෂයක් හම්බුන එකේ අපිටත් ලක්ෂයකවත් පාටියක් හම්බුනොත් තමයි හොද.. මොකො කියන්නේ යංද කෑමසූත්‍ර එකට.. ^_^

    ReplyDelete
    Replies
    1. මේකෙ පළවෙනි කොටස දාපු දවසෙ දිනේෂ් අයියා අර කිඹුලි කියපු පාසි බාර් එකේ ෂොට් එකක් දාන්න ගිහින් ඉන්න ඇති සුවර් එකටම.

      කෑමසූත්තර ගියොත් ජිම් පප්පගෙ චරිතෙ රඟපාන්න වෙනවා. ඔට්ටුද?

      Delete
    2. උඹ වළං ටික හෝදපං.. මං කන්නම්.. කැමතිද??

      Delete
    3. හා ඉතාලියෙ පහළ ඇලෙන් නාල වරෙන් හොඳේ

      Delete
  23. පැයට පැය හයක් ගතවුනත්...... මං ආසම ශීත කාලයට........
    බස්සිට මගෙන් සුභ පැතුම්''''''''''! ......................................

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කෙන්ජයියා....

      Delete
  24. ඉතාම කෙටි කාලයකින් හිට්ස් ලක්ෂයක් පන්නපු එක ලොකු දස්කමක්. මගෙත් උණුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. අවුරුද්දයි මාසයයි තවම.
      තැන්කූ සුදීක අයියේ....

      Delete
    2. ලොකුඅයියා ගල් තමා ඈ… අවුල්ක් නෑනේ

      හතායි …

      Delete
  25. ලස්සෙට කොඩිය දාමු ඈ.......?
    මම හිතුවේ බස්සිට ඉර පායලා , ඒ හින්ද ලක්ෂයක් පාඩුයි කියල.. හි.. හි... බස්සියෝ ඉරට අකමැති නොවැ... එළ එළ ...

    ReplyDelete
    Replies
    1. මොනා කොරන්නද අනේ සඟලාස් එකේ පිහිටෙන් යාන්තං තටු ගහගෙන යනවා....

      හිහිහි, තැන්කුයි හොඳේ.... :)

      Delete
  26. බෝකෙන්ම සතුටුයි ඈ...
    උඔ ලියන මගුල් සමහර වෙිලාවට මට තේරෙන්නෙත් නෑ බං ඒත් උඔ ලියන ඉට්ටැයිල් එකට මම කැමති ඒ මදෑ නේ බං?
    අර පෙටෝ දෙකේ ඉන්නේ බස්සිද?

    ReplyDelete
    Replies
    1. අටායි …නමයායි …දහයායි … :D

      Delete
    2. ඒකට මොනව වෙනවද අනේ සමහර වෙලාවට අපිටම අපිව තේරුම් ගන්න බෑ නෙව.

      නෑ ඒ බස්සිගෙ මිනිබිරී... :P

      Delete
    3. 8,9,10!!!
      මූ ස්පොන්ජ්බොබ් කියල හිතුවද!!!

      Delete
  27. අන්තිම අඞිය ඉතුරැ වෙන ෂෝට් එක මට ඈ...ඉස්කෝලේ යනකාලේ ඉදලා මම ඒ ෂෝට් එකට පේරේතයි.

    ReplyDelete
    Replies
    1. හෑ... ඒකෙ තියෙන්නෙ මණ්ඩි ද? කෝපිවල/තේවල තියෙනව වගේ?

      Delete
  28. ලක්‍ෂපතිනියක්..!!
    සුබ පැතුම් යශෝ හදවතින්ම...:)
    ඇත්තනේ ජිවිතේ අපි ආස කරන හෝරවල් තප්පරෙන් ගෙවිලා යනකොට ඒ වෙනුවෙන් අපි බලාගෙන ඉන්න කාලේ කල්පයක් වගේ දිගට දැනෙන එක

    ReplyDelete
    Replies
    1. හරිහම්බ කරපු දේවල්, දුක්මහන්සියෙන්...
      බොහොම ස්තූතියි මනෝ...
      :))

      Delete
  29. ලස්සෙට මගෙනුත් උනුසුම් සුභ පැතුම් නගේ

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා අයියණ්ඩී

      Delete
  30. බ්ලොගාචාර්ය බස්සි මැතිනියනි මෙන්න මගේ උත්තමාචාර ..පප්පර පප්ප්ර පාන් .....පනස් පහයි පාන් ..ලස්සේට කොඩි දාපු බස්සිට අපේ ප්‍රමාණය ...
    (ඉරිසියාවේ පැලෙමින්) අනී හොඳයි ඔයා ලස්සනට ලියනවා මෙයා ...ඔයාගේ ලිපි මම ආසාවෙන් කියවනවා මෙයා ..හැලි චෝයි මෙයා . සුබ පැතුම් මෙයා (පිටුපස හැරී - නොදකින් පස්ස නැති හොල්මන ) :P

    ඔන්න ඔහොමලු වෙන්නේ ඈ..

    පරිස්සමින් දිග ඉනිමක් ගහමු නිකන් දොන් බ්‍රැඩ්මන් වගේ ... ජයෙන් ජය බස්සි

    ReplyDelete
    Replies
    1. හරි හරි සැට් වෙනවද සෙට් වෙනවාද ඉක්මනට කියපන් පත්තර මලයන්ඞි ලිස්ට් එක හදනවා.

      Delete


    2. පිටුපස හැරී (+නම හංගා ඇනෝ දමමින්...) අන්න එහෙමයි අර අන්තිමට කියන කෑල්ල එකතු කරන්න. හික්ස්!!

      අතිශය කාර්යබහුල වාතාවරණයක් මැද්දෑවේ වුවද බ්ලොගියට සුභපැතීමට ජාලය තුලින් මතුවූ ගෙඹිලූශා මහතාට (පුහ්!) මාගේ ශීර්ෂ ප්‍රමාණය!!!
      (ඔව් යකෝ හිතලමයි වරද්දල ලිවුවෙ.)

      සිරාවටම තැන්කුයි ඈ... අච්චර වැඩ තියාගෙනත් විශ් කරල යන්න ආපු එකම මට මාර වටිනව!

      Delete
    3. ඕ යේස්.. ලිස්ට් එකට දාන්න න๬ ගල් බෝතලයක් ඇරං දියං !!!

      Delete
  31. අඩෝ බතල බස්සි බොට බොක්කෙන්ම සුබ පැතුම්!!!!

    මෙතනින් එහාටත් දිගු ගමනක් යන්න ධෛර්‍ය ශක්තිය ලැබේවා!!!!

    පත්තරේ, මෙවුවා ලිස්ට් එකට මයෙ නමත් දාගනින්. බයිට් එක කන්නත් එකෙක් හරි එපෑ.!! :D

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි ප්‍රියෝ....
      බ්ලොග චකබ්ලාස් වෙච්චි වෙලාවෙ ඒක හදාගන්න උඹ දුන්නු උදව් අතමක නොවේ කිසිදින!

      Delete
  32. සුබ පැතුම් ...ලක්ෂෙට වඩා වටින්නෙ බස්සි ලියපු දේවල් ..එ වුනත් ලක්ෂ කියන්නෙ පොඩි ගානක් නෙවෙයි :)))
    තව ලියන්න හැකිවෙවා !!!
    (ඔය තියෙන දෙයක් ගත්තා නම් ඉක්මනට ... :D )

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා සහෝ...
      ලියන දේවල් විතරක් නෙමෙයි මේ බ්ලොග් එක හරහා අඳුරගන්න ලැබුන "මිනිස්සු", මිලියන ගානක් වටිනවා.

      Delete
  33. ඉර වුනත් කාලයත් එක්ක වෙනස් වෙනවනේ....
    සිංදු තෑග්ගටයි විශ් එකටයි දෙකටම තැන්කූ හොඳේ....

    ReplyDelete
  34. බස්සියට මගෙනුත් උණුසුම් සුබපැතුම් !!! මේ දවස් වල හෙන බිසී .(අබාගේ නිසා ) මගේ බ්ලොග් එක පළාතේ නොගිය මම මේ පැත්තේ ගොඩවදින්නේ ඉතිං මමත් ඔයාගේ ඔව්වට ඇබ්බැහි වෙලා නිසා නොවැ.. හ්ම් හ්ම්ම් දිගටම පෙරමුණ බලා යමු...හොඳේ ..

    ReplyDelete
    Replies
    1. අලේ.... ඔයාට ඒ ලෙවල් අබාගෙද? අපේ නගාගෙ වයසෙ සූටි නංගියෙක්නෙ ඔයත් බලාගන ගියාම.

      මේ මේ බකුසු කතා කියවන්න ඇහැකි විභාග ඉවරවෙලා. ඔන්න බස්සිගෙනුත් එක්සෑම් එක ගොඩයන්න උණුසුම් සුභපැතුම් දිලෝ....!!!

      Delete
  35. හපොයි නැතෝ ..මේ කැම්පොස් අබාගේ එකක් . ඉත්තූ..................තී

    ReplyDelete