Wednesday, August 20, 2014

2. ශාක්‍යාගේ කතාව - [ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?]


පළමු කොටස මෙතනින්






ෂිට් ! මොන මෝඩ, බූරු, හරක් යාලුවෙක්ද මට ඉන්නෙ. ආයෙනම් කතා කරන්නෙ නෑ එක්ක.


නෑ නෑ නෑ නෑ නෑමයි.


මම දන්නවද ලැප්ටොප් තෝරන්න. අනික අවුරුද්දෙ දවස් තුන්සිය හැටපහේම කඩ කඩා හදන කලබල පාරවල්වල ඩ්‍රයිව් කරන එකම මොන කට්ටක්ද ! මම නම් ආය ඔය මෝඩ අනුශ්කයට කතා කරන්නෙ නෑ හයි ටෙකි ටෙකි උපදෙස් ගන්න.


ඔව් අනුශ්ක තමයි මගෙ හොඳම යාලුවා. ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිදකවුද දන්නෑ ඒකට තහංචි දැම්ම ඒජන්ත උන්නාන්සෙ ! පුහ් !


මොනව උනත් මීට කලින් උදව්වක් ඉල්ලපු හැම දවසකම අනුශ්කයා බෙල්ල කඩාගෙන හරි ආවා. ඌ හිත හොඳ එකා. හැබැයි අද ඔය මැටි අලගෙඩියා කරපු වැඩේට මට පට්ටම තරහයි. තරහයි, තරහයි, අනන්තවත් තරහයි.  මම කොහොමද තනියම ටැබ් එකක් තෝරගන්නෙ. මම දන්නවද ෂොප් එකේ ඉන්න කොල්ලො ටික උඩ පැන පැන දෙන මාර්කටින් ටෝක් වලට උත්තර බඳින්න. නෑනෙ.  මට මැවිල පේනව ලැප් එකේ ෆීචර්ස් ගැන කියවද්දි මම මෝඩ තකතීරුවෙක් වගේ ඇස් ගෙඩි දෙක ඩොගිත්තගෙන බයවෙලා අහන් ඉන්න හැටි.



දැන් කරන්න දෙයක් නෑනෙ. පාකින් ස්පොට් එකක් හොයාගන්න එක තමයි සේරටම වඩා එපාකරපු වැඩේ. ආපහු හරවගෙන යන්නත් හිතෙනව. 


එක්කො ඕනෙ නෑ. මම තනියම ගිහින් වීරය වගේ ලැපක් අරන් එනව, ඇවිත් අනුශ්කයට පෙන්නනව ලොකු සීන් දාල. 


දැන්, වද්දගන්නෙ නැතුව සීරුවට රිංගවමු. සයිඩ් මිරර් ගලවන්න එපා දෙපැත්තෙ වාහන වල මොට්ට මෝඩි. ආන්න එහෙම. ටේක් ඉට් ඊසි. . . .

හම්මේ. . . . . මිෂන් එකේ පළමු කොටස හමාරයි.



මම කඩිනම් ගමනින් යුනිටි එකට ඇතුලු උනා.  දැන් මම යන්න ඕනෙ මොන ෆ්ලෝ එකටද? ඒකත් අහගන්න වෙන්නෙ අර මැට්ටගෙන්මනෙ. මේ වෙලාවෙ මොන මොන සීන් වෙනවද දන්නෙ නෑ. කෝල් කරල ඒකගෙ ෆන් එක කඩන්නෙ මොකටද. ඔන්නොහෙ ටෙක්ස්ට් එකක් දාමු.


-- floor eka ewapam --


== ශාකි උඹ කොහෙද ඉන්නෙ? මොන ෆ්ලෝ එකක්ද? මං මේ බස් එකේ  ==



මෙන්න ඒ ගමන මූ වයිබර් ඇවිත්. මලසමයම. ෂුවර් එකටම මූ ක්‍රෂ් එක යන බස් එකට නැගල දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වාගෙ ඒකි දිහා බලබල ඔහේ යනව ඇති. මොනව කරන්නද කරුමයක් තියනවනම් ගෙවන්නත් එපැයි.


ඉහල මාලයට දිවෙන එස්කැලේටර් එක පටුයි. හතරවටේට පටි හැටක් විතර එල්ලෙන මේ කෙහෙල්මල් සපත්තු දෙක එක්ක ඇවිදින එක නම් මාර කරුමයක්. ඒත් මොනව කරන්නද, ලස්සන නිසා ඉවසන්නම වෙනව. අනික මං ඒ හැටි උසත් නෑ නෙ.



අහ්, අනුශ්කයාට රිප්ලයි කලේ නෑනෙ.

-- මම ඉන්නෙ යුනිටි එකේ මැට්ටෝ. --

== එහෙනම් තර්ඩ් ෆ්ලෝ එකේ ලැප්ටොප් වර්ල්ඩ් එකේ බලපන්. ඒකෙ ඉන්නව කලු කෙට්ටු උස ඩයල් එකක්. මගෙ නම කියපම් එතකොට ඌ හෙල්ප් කරයි ==

-- ඕන්නෑ මට උඹේ මහලොකු යාලුවො. මම තනියම හොයාගන්නම් --


දෙවන මාලයට ගොඩ වෙලා මම එතනම හිටගෙන අනුශ්කට රිප්ලයි කරන්න ගත්තා. එස්කැලේටර් එකෙන් ඉහල මාලයට ගොඩවුනු සිය ගානක් සෙනග ඉස්සරහට, පස්සට, වමට, දකුණට ඇවිදගෙන ගියෙ මහා හදිස්සියකින්. මම එතැනම හිටගෙන ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක විකාරයක් වගේ පේනවද මන්දා.



ඒත්, මේ මොකද වෙන්නෙ.

මාව වැටෙයි. මේ සෙනග ගොඩේ වැටුනොත් වස ලැජ්ජාව.

අපොයි දෙවියනේ. . . . . !!

කොරිඩෝව හෙමි හෙමින් ඉදිරියට ගමන් කරනව. මම කලින් වතාවෙ එනකොට මෙහෙම සීන් එකක් තිබුනෙ නෑනෙ. හරි. කොළඹ හැමදේම දවසට දෙකට වෙනස් වෙනවනෙ මේ ද්වස්වල. වැදගත්ම දේ සිහිකල්පනාවෙන් ඉන්න එක, මං කියන්නෙ මේ, වැටෙන්නෙ නැතුව බැලන්ස් එක තියාගන්න එක.


ඉදිරියට ගමන් ගත්තු කොරිඩෝව සම්බන්ධ වෙන්නෙ තවත් එස්කැලේටර් එකකට. යුනිටි එකේ උන්ටත් පිස්සුද කොහෙද. හරිනෙ, මේකට එන්නෙත් අපේ අනුශ්කයා වගේ ටෙකි ටෙකි පිස්සොනෙ.


-- මචන් මෙන්න උඹේ රාජධානියෙ ෆ්ලෝ වලට පිස්සු හැදිලා. හතරවටේ එස්කැලේටර් හයි කරල විනාසයක් කරල. --

මාව තව පොඩ්ඩෙන් මේ ලී කොට ෂූස් දෙකත් එක්ක බිම. යාන්තම් තර්ඩ් ෆ්ලෝ එකට පැන ගත්තා. 
යමු බලන්න ඉස්සරහට.


වෝව් ! මිනෝන් අක්කිගෙ වෙඩින් එකේ ෆොටෝස් වගයක් එෆ්.බී. ශෙයාර් කරලා. බලමු.

හාපෝ බයි කලර් සාරි. පට්ට චාටර්. කවුද දන්නෙ නෑ මේව ඩිසයින් කලේ. කොලපාටයි, කහපාටයි.   අපේ ආච්චි දැක්කනම් කියයි එළහරකයි මීහරකයි වගේ කියල.


ඇත්තටම මගෙ වෙඩින් එකට මම මොන පාටද අඳින්නෙ ? හ්ම්ම්. . . මම නම් තීම් කලර් එකට ගන්නෙ ස්කයි බ්ලූ. රෝස පාටත් නරකම නෑ.


වැඩිපුර ලස්සන මුහුදු නිල් පාට එක්ක සී තීම් එකකට වෙඩින් එක ගන්න එකද
නැත්නම් රෝස පාටයි, ලා දම් පාටයි එක්ක බටර්ෆ්ලයි තීම් එකකට වෙඩින් එක ගන්න එකද?


අනේ මට ගෑනු ළමයෙක් හොඳම යාලුව කරගන්න තිබුනනම් මේ සේරම කතා කරගන්න තිබුනා. උන්ගෙ කරුමෙකටද නැත්නම් මගේ කරුමෙකටද මන් දන්නෑ මගෙ යාලුවො වැඩිහරියක් කොල්ලො.


මේ වෙලාවෙ මේ කතාව අනුශ්කයට කිවුවනම්.

"අනේ මැටි හරකි. වෙඩින් එක ප්ලෑන් කරන්න ඉස්සරවෙලා ඔය යාලුවෙන්න අහන එකෙක්ට හා කියල බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා ගනින්.

ඔන්න ඕක තමයි මට අහගන්න වෙන්නෙ.


ඉතින් ඌ එක්ක එතනින් එහාට තවත් මොන කතාද ! පස්සෙන් වැටීගෙන ආදරේ හිඟාකන්න එන කොල්ලො මටනම් එපාවෙලා. මට ඕනෙ වෙනස් විදියක කොල්ලෙක්. සැහැල්ලුවෙන් හිතන, කෙල්ලො ඉස්සරහ වැඳ වැඳ චාටර් වෙන්න යන්නෙ නැති, මාව උනත් සත පහකට මායිම් නොකරන, හැබැයි එයා වෙනුවෙන් ජීවිත කාලයක්ම උනත් බලාගෙන ඉන්න හිතෙන. . . .


කෝ මේ මනුස්සය කියපු ලැප්ටොප් වර්ල්ඩ් එක. මම පිස්ස වගේ කොහෙටද මේ ඇවිත් තියෙන්නෙ.


ශාකි උඹ නම් නොම්මර එකේ පිස්සියෙක්.



වාව් !  අර මොකක්ද අර කෙලවරේම තියන පාට පාට ලස්සන ෂොප් එක ! 



WORK  YOUR  MAGIC


අනුශ්කයා කිවුවෙ ලැප්ටොප් වර්ල්ඩ් ෂෝ රූම් එකෙන් මේ සාප්පු පේලිය ඉවරයි කියලනෙ. අනේ ඒක දන්න ඉට්ට. ඇතුලට යමු බලන්න.



මම දැකලවත් නැති මාර ගැජමැටික්ස් ගොඩක්නෙ මේකෙ තියෙන්නෙ. ෆෝන් එකට ඕනෙ ඇක්සසරීස් ඔක්කොම තියෙනව මෙතන.


මේක නම් සුපර් කූල් !!!


අර එහාපැත්තෙ ලැප්ටොප් එකක් අතේ තියන් ඉන්න කොල්ල මගෙ දිහාද බලන්නෙ. හප්පේ මිනිහගෙ කොණ්ඩෙ නිකම් කපුටු කූඩයක් වගේ. මම බලාගෙන ඉන්නව දැක්කොත් හරි නෑනෙ. අතන කෙලවරේම තියන රාක්කෙ පිටිපස්සට ගියාම එහාපැත්තෙ තියන උස මිරර් එකෙන් එයාව පේනව. කොහෙද ඉතින්, මේකෙ ඉන්න ඒජන්ත උන්නාන්සෙල කියන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන එකත් මහා වැරැද්දක්. විනාසයක් කියලනෙ. මමනම් ආසයි කෙලින් බලන්න. ඒත් ඉතින් මූ මොන ජාතියෙ සතෙක්ද කවුද දන්නෙ. ඇරත් මම ඉන්නෙත් තනියම.


හිහිහි, මරු කොණ්ඩෙ අප්පා. අවුරුදු ගානකින් පනාවක් දැකල නෑ වගේ. එයා  ලැප්ටොප් එක බලන්න නැමෙනකොට කොණ්ඩෙ ඇවිත් ඇස් දෙකට වැටෙනව. එයා දිහා බලන් ඉන්න ආසයි.

රැවුලත් තැනින් තැන අපිළිවෙලට වැවිල. මෙයාටනම් කෙල්ලෙක් නෑ, මට ඒක හොඳටම ෂුවර්.


මම මොකටද ආවෙ. ටැබ් එකක් ගන්නනෙ. කතාකරන්න ඕනෙ අතන හේත්තුවක් දාගෙන ඉන්න යුනිෆෝම් ඇඳපු උස කොල්ලට.


එක්ස්කියුස් මී. . . දම් පාට හරි රෝස පාට හරි ටැබ් තියෙනවද ?”


මොකද්ද මිස් ?”


දම් පාට හරි රෝස පාට හරි ටැබ් ?”


මෙන්න ඒ ගමන ඒ මනුස්සයා මා දිහා බලනව පුදුම වෙලා වගේ. එයාගෙ ඇස් කොලපාටයි. මම කොලපාට ඇස් වැඩියෙ දැකල නෑ. ඇස් දෙක තඩි කරන් මා දිහා බලන් හිටපු ඒ මනුස්සය ඊගාව මොහොතෙ එකපාරම හිනාවෙන්න ගත්තා.


මිස්ට ඕනෙ මොනවගේ මොඩ්ල් එකක්ද ?”


මම ඕක යූස් කරන්නෙ එෆ්.බී., ස්කයිප්, වයිබර්, එතකොට ඔය කැන්ඩි ක්‍රශ් වගේ පොඩි පොඩි ගේම් වලට, තව ෆිල්ම් එකක්, ටී.වී. සීරීස් එකක් බලන පුලුවන් විදියට. මොඩ්ල් නම් අනේ මන්දන්නෑ අනේ. ආ. . . බැට්‍රි ලයිෆ් එක හොඳ වෙන්න ඕනෙ.


හුරතල් පාට චූටි ටැබ් එකක් තිවුනා අත ළඟම. හැබැයි ඒක කලු පාටයි.


මේකෙ දම් පාට වගේ තියෙනවද ?”


හ්ම්ම්. . . ඕකෙ දම් පාට එන්නෙ නෑ මිස්. රතු පාට එනව, ඉන්න මම ස්ටොක් තියෙනවද බලන්නම්.

මදැයි. මට හිත යන මොඩ්ල් එකක් තිවුනට ඒකෙ මට ඕනෙ කරන පාට නෑ. ඉතින් කොහෙද. බලමු රතු පාට එක කොහොමද කියල. ඇස් කඩාඅගෙන යන කැතම කැත රතුපාටක් නම් මට එපා ඔන්න.

අන්න ආපහු එනව අත් දෙක වනවනා. ඈත තියාම අත් දෙකයි තොල්දෙකයි නොපිට පෙරලල කිවුවෙ වෙන පාට නෑ මිස්කියල නේද. මොනව කරන්නද එහෙනම්.


කෝ අර කපුටු කූඩයා? කොහේ ගිහින්ද?

පේන්න නෑ. යන්න ගිහින් වගේ. එයා හිටියෙ මෙන්න මෙතන. මේ ලැප්ටොප් බලබලා උන්නෙ.

අහා. . . .  ලස්සන දම් පාට ලැප් එකක්. මම හොය හොයා ඉන්නෙ මේ පාටම ටැබ් එකක්.


මොකද්ද මිස් බැලුවෙ ? මේ අලුත්ම මොඩ්ල් එක MGC 77. මේ දැනුත් එකක් ගියා මේ තියෙන්නෙ ආපු අන්තිම එක. i7, 16GB රැම්, 1TB හාර්ඩ්, 2GB සෙපරේට් VGA, 15.6 LED ස්ක්‍රීන්. . . 

මෙයා ගිරවෙක්ද මන් දන්නෑ, කියාගෙන කියාගෙන යනව.


මේ. . . . ඒත් මම බැලුවෙ ටැබ් එකක්.

එහෙනම් මිස් මේක තමයි නියම මොඩ්ල් එක. මේක කන්වර්ටිබල් එකක්. කී බෝර්ඩ් එක අංශක 360ක්ම කැරකෙව්වැකි. මේ බලන්න මිස්. අලුත්ම මොඩ්ල් එක.

මෙහෙම ලැප් එක වගේ තියාගෙන වැඩ කරන්න පුලුවන්, මෙහෙම අනිත් පැත්තට ටෙන්ට් එක වගේ හරවලා ගේම්ස් ප්ලේ කරන්න පුලුවන්. මෙන්න මෙහෙම කී බෝඩ් එක පිටිපස්සට හැරෙවුවම මිස්ට ඕනෙ ටැබ් එක.


අන්න ඒක නම් මගෙ හිතට ඇල්ලුවා වගේ. පොඩි ඇඩ් එකක් දැම්මැකි ක්ලාස් එකේදි ඕක එහෙට මෙහෙට කරකවල.


ප්‍රයිස් එක කීයද ?”

නයින්ටි එයිට් තවුසන් වෙනව මිස්.


ඔන්න ඉතින් අන්තිමේදි මට මම හොය හොයා හිටපු විදියෙම ටැබ් එකක් ලැබුන. 

ලැප්ටැබෙක්. නෑ නෑ, ටැබ්ලැපෙක්. 

අයියට පෙන්නන්න ඕනෙ මගෙ අලුත්ම භාණ්ඩෙ. ඉරිසියා හිතෙයි උන්දැට. එයැයිටත් ඕනෙ වෙයි අලුත් ලැපක් අන්තිමට.

මම කාර් එකට ගොඩවුනේ අමුතුම සැහැල්ලුවකින්. මාර අවුවක්නෙ. අයිස්ක්‍රීම් එකක් කන්න හිතයි. යන ගමන් වැල්ලවත්ත පැත්තෙන් දාගෙන රියෝ එකට ගොඩවෙලා යන්න ඕනෙ.



 ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?







~~ මතු සබැඳි ~~



87 comments:

  1. හුටා ! කියෙවුවා... දැන් දොයිමතයි අයේ ඇවිත් හවසට කියවන්නම් සිහිකම්පනාවෙන්.
    ඒ කෙල්ල ඔව්.... උඹට චැට් එකේ කියන්නම් කාර්තික් ගැන කිවුවා වගේ. ^_^ 

    ReplyDelete
    Replies
    1. අද මෙයා නිදිමතේ ආවට එක වෙලා තියෙන්නෙ!
      හා හා කම්මැලියා නිදාගෙන ඇහැරිලා කියන්නකො එහෙනම් කාර්තික් ගැන කිවුව වගේ.
      කාර්තික් ද අහස් ද. . . . මං හිතන්නෙ මම ඒ දෙන්නටම ආඩලෙයි, ඔව්. ^_^

      Delete
    2. සිහිකම්පනාවෙන් කියෙවුවා ! හෙක් මමත් මගේ බ්ලු බර්ඩ් තෙරුවේ පාටයි ලස්සනයි බලලා. ලොල් මට ඒක මතක් වුණා. අයේ ඉතින් තාත්තා ඒක හොදයි කිවුව නිසා හොදයි නැත්තන් වස ලැජ්ජාව. පසුකාලිනව කෙනෙක් ලැප්ටොප් එක ගැන අහද්දි පාට බලලා ගත්තා කිවුවම හිනා වුණා.. :/ ඔන්න ඔහොමලු වුණේ ! 

      Delete
    3. හෙහ්, මටත් මතක් වුනේ එකලු හොදේ..

      Delete
    4. මාත් ලැප් තෝරන්නේ ඒ විදියටම තමයි අනේ. බස්සා ඔය ෆීචර්ස් අරකයි මේකයි අහලා හොඳ ලැපක් තේරුවාම මම ඒකෙ පාට කැතයි කියල වෙන එකක් බලමු කියනවා. බස්සට ඉතින් හොඳටම තද වෙනවා මාත් එක්ක ඕවා තෝරන්න ගියාම.

      Delete
    5. අන්න බස්සගේ එෆ් බී එක හැක් කරලා කවුද? මටත් බස්සා එවන විදියට වෛරස් එවනවා

      Delete
    6. ඒ සිරාවටද! බස්සා මාස ගානකින් එෆ්.බී. ගියෙ නෑ. ගියත් චැට් කරන්නෙත් නෑ. මම කියන්නම් බලන්න කියල.

      Delete
  2. අයිස් කිරිමක් කාලා කෝටුව විසි කරල දැම්ම වගේ...

    ReplyDelete
    Replies
    1. අයිස්කිරිම රහ ද? මෙලෝ රහක් නැද්ද?

      Delete
  3. ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?

    පුළුවන්..... :)

    එලස්....දැන් එතකොට ඊළඟට රියෝ එකේදී දෙන්නා මීට් වෙයිද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්... බලමු නේද. තවම ඊළඟ කොටස ලියල නෑනෙ. :D :D ;)

      මොකද බැරි නේ. ඒ උනාට සමහර ඒජන්ත උන්නාන්සෙලට එහෙම උනාම හෙන අවුල ලු.

      Delete
  4. මේ මම දැකලා තියෙන ගොඩක් කෙල්ලන්ට ඉන්නවා කියන හොඳම යාලුවෝ කොල්ලොනේ බං යශෝ..:)
    මට කතාවේ අග මුල පැටලුනාද ?එහෙම වෙන්නත් බැහැනේ බං.ගිය පාර ලස්සන රෝස සපත්තු දෙකක් පස්සේ ගියා නේද?මේ ගමන කොණ්ඩ කුරුල්ලෙක් ආවේ.?කතාව ලස්සනයි.එත් මට චුට්ටක් විතර පැටලිලා වගේ යශෝ..:)

    ReplyDelete
    Replies
    1. එකම සිද්ධි දාමය තමයි මනෝ.
      ගිය සතියෙ ලිවුවෙ කොල්ලගෙ ඇහෙන් බලලා (පහන්ගේ කතාව )
      මේ සතියෙ ලිවුවෙ කෙල්ලගෙ ඇහෙන් බලලා (ශාක්‍යාගේ කතාව )

      ලබන සතියෙ බලමු මුන් දෙන්නට මොකද වෙන්නෙ කියල

      Delete
    2. අපේ ඇස්නං ඉල්ලන්ඩ එපා හරිද අපිට බලන්ඩ වෙනදේවල් තියනව

      Delete
    3. හා හා දෙන්ඩ බැරිනම් කමක්නෑ ඉතින්.

      Delete
  5. මොකද බං මේ කලබලෙන් දුවලා තියෙන්නේ.. උඹ අර එදා කිවුව කේස් එක හන්දා ඕනවට එපාවටද මේ ලියන්නේ?

    // ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?//

    මොකද බැරි.. මගේ ජීවිතේ මට හම්බුන මගේ එකම හොදම යාළුවා කෙල්ලෙක්.. මදාරට පස්සේ මගේ ජීවිතේ 99%ක්ම දන්න මේ ලොකේ ඉන්න එකම එකා තමයි ඒකි.. ඒ යාළුකම මට පට්ටම වටිනවා..

    ReplyDelete
    Replies
    1. සිරාවටම බං එහෙම බොක්කෙ ෆිට් එකේ කෙල්ලො සෙට් එකක්ම අපෙත් හිටියා A/L කාලෙ.

      Delete
    2. ප්‍රියෝ … එයිං එකෙක් නේද දැං ගෙදර ඉන්නේ :D

      Delete
    3. ඒ කේස් එක නිසා කතාව ගැන තියෙන උනන්දුව නම් සෑහෙන්න අඩු උනා. ඒත් මම කොහොමත් ලියන ඒවා ඩබල් චෙක් කරන්න කම්මැලියානෙ. ඉතින් ලියාගන ලියාගන ගිහින් ටුක් ගාල පින්තූරයක් අමුණල පබ්ලිශ් කලා. දැන් කියවද්දියි දැක්කෙ ඉප්පෙලින් මිට්ටේක්, ගොඩක් අමුවට ලියපු තැන් වැඩියි කියල. ආය කොටසක් ලියන්න ගත්තම සිහිකම්පනාවෙන් ලියන්නම්කෝ. තැන්කූ හොඳේ.

      මටත් කෙල්ලෝ යාලුවොන්ට වඩා විශ්වාසවන්ත වී ඇත්තේ කොල්ලො යාලුවොන්ය.

      Delete
    4. උඹ ඉක්කෝලෙ අතපහු වෙච්චි පාඩම් ඉගෙනගන්න යාලුවො සැට් එකේ උන්නු ලස්සනම කෙල්ලව ගෙදර උස්සං ආවද? ;)

      Delete
    5. පත්තරේ, අපරාදෙ කියන්න එයා නම් දැනටත් යහළුවා වගේ බං.! :)

      බස්සියො, ඕක කිවුවම මතක් උනේ. ඒ දවස් වල මගේ නෝට් ඔක්කොම ලිවුවෙත් යහළුවොම තමා. ;)

      Delete
    6. වාසනාවන්! ඒකටත් එක්ක මගෙ යාලුවො. මං නෝට් ලියන්නෙත් නෑ, උන් එකෙක්කත් නෝට් ලියන්නෙත් නෑ. ඒ මදිවට සබ්ජෙක්ට් තුනට + ඉංග්‍රීසිවලට සහ අයි.ටී. වලට සේරටම පාවිච්චි කරන්නෙ එක පොතයි.

      Delete
  6. මේ මුකු යකු මේ වෙන්නේ :o

    ලබන සතියේ ශාකය ගේ ඇහැ ද පහන් ද නැත්තම් අනුෂ්ක ද අයියා ද ??

    මොකා වුනත් කතා දෙකම ලස්සනයි ඈ

    ReplyDelete
    Replies
    1. ලබන සතියෙ මොණරියෙක්ගෙ ඇහැ :P

      නිකම් හිතුනා කෙල්ලගෙ ඇහෙනුත් ලියන්න. මම සාර්ථකද අසාර්ථකද කියලනම් දල්ලෑ.

      තැන්කූ තැන්කූ.... :)

      Delete
    2. එහෙනම් ලිපං බාන්න මොණරිගේ ඇහැ.. :v එහෙම ලිව්වොත් හිස් පිටුවක් තමා තියන්න වෙන්නේ.. මන් ලැපක් තියා 4න් කට්ටක් වත් තනියම ගන්න දන්නේ නැහැ :v

      අති සාර්ථකයි..

      මොකද යකු මේක ආයේ රිපොස්ට් කරේ දුවගෙන දුවගෙන ආවේ ඊලග කොටහ බලන්න.. මදෑ..

      Delete
  7. අඩෙ අප්පා එතකොට අපි මෙයා පස්සෙද එදා පැන්නුවෙ? (ආ නෑ අපි නෙමේ පහන්නෙ පැන්නුවෙ!)

    ශාක්‍යා ලස්සන නම!! :)
    ඊළඟ කොටසත් බලලම ඉමු!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා ... පට්ට චාටර් නම :P

      Delete
    2. ශාක්‍යා කියන නම ලස්සනයිනේ. ගෙම්බාට මොකද්ද ඒ නමත් එක්ක තියෙන අවුල ඈ. . .

      Delete
    3. පරණ හුටපටයක් තිබ්බද උඹේ ශාක්‍යා කියලා කෙල්ලෙක් එක්ක.? :D

      Delete
    4. සුරංගි ශාක්‍යා
      ඒ නම නම් ගැලපෙනවා.

      ඩයනා ශාක්‍යා ; ඒක ගැලපෙන්නෑ,

      කියන්න බෑ අපිට කිවුවෙ සුරංගියි, ඩයනයි ගැන ඉතරක් උනාට මූ ශාක්‍යා කියල කෙල්ලෙක්ගෙනුත් ගුටි කෑවද දන්නෑනෙ.

      Delete
  8. අද ප්‍රශ්ණෙට උත්තරය. =

    හැමදාම ප්‍රශ්ණ අහලා උත්ත‍ර දුන්නා කියලා උඹ අපිට උම්බලකඩ වඩයක් වත් අරන් දෙන එකක් යෑ. ඒ නිසා උත්තර නෑ. :p

    ReplyDelete
    Replies
    1. ඉතින් අනේ උම්බලකඩ වඩේ නැතුවට මම කතාවෙ ඊළඟ කොටස ලියල දෙනවනෙ. :P

      Delete
  9. බෑ.....................
    එක මොහොතකදි තරහ වෙනවා නැත්නම් තරහ වෙන්න වෙනවා !!!!

    ReplyDelete
  10. උඹත් ලියන දේවල් යකෝ... මම මේ කල්පනා කරන්නේ වෙලාවකට උඹ පිස්සු ඇන්ඩියද ,පිස්සු හොල්මන් බස්සිද එහෙමත් නැත්තම් වෙන පිස්සු හෝන්තුවක්ද කියලා . උඹනම් තනිකරම මොංගල් ඩයල් එකක් යකෝ.
    එලද බ්‍රා ...(මෙන්ඩියාගෙන් සොරාගන්නා ලදී)

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම කවුද කියල හිතාගන්න බැරි වෙන තරමට හොඳයි. නැත්නම් එකම විදියට ලියද්දි කාලයක් යනකොට බෝරින් වේවි නේ.

      උඹට මෙන්ඩියගෙන් හොරකම් කරන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද? :P

      Delete
  11. අනේ..අම්මෝ..මේක පිස්සු කොච්චියක්නේ බස්සියේ...

    එකම කතාව ඈන්ගල් දෙකකින් ලියල තියෙනවා දැක්කමයි..

    පට පට පට්ට පට පට...

    ReplyDelete
    Replies
    1. දැක්කමයි?? වෙන්න බෑ. . . .

      මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා. මතකයිනේ. තව එකක් කියෙවුවා මට මතක විදියට ඒකෙ නම "දීපානිගේ කතා වස්තුව" වගේ එකක්. ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ කෙටිකතාවකුත් තියනව එහෙම ලියාපු එකක් නම මතක නෑ.

      හැබැයි ඒ ආරට ලියවුන ලාමක ටිං ටිං කතාවක් නම් විභියා මීට කලින් කියවලා නැතුව ඇති.

      Delete
  12. MGC 77.කියන්නේ මොඩල් එකනේ. දැන් මොකක්ද ඕකේ make එක? hpද, Dellද, Lenovoද, Acerද යනාදී වශයෙන්?

    ReplyDelete
    Replies
    1. හා බ්‍රෑන්ඩ් එකද අහන්නේ ?
      එකෙන්ම …

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. සමාවෙයං පත්තරයා. බ්‍රෑන්ඩ් එක ගල් නේන්නං.

      Delete
    3. අනේ හරිම අමාරුවෙන් අමුතු මොඩ්ල් එකක නමක් හදාගත්තා. දැන් හදාපල්ලකෝ කොම්පැණියක නමකුත්. අයියෝ ඕව හිතන්නෙ නැතුව කියෝල දාන්නකෝ අෆ්ෆා. :)

      Delete
    4. මොනවද මේ කත බොසා.. ගන්න අපේ දේ :D

      Delete
  13. ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?
    මොකෝ බැරි...?

    ReplyDelete
    Replies
    1. බැරි කමක් නෑ ඒත් වයිෆ්/ගර්ල් ෆ්‍රෙන්ඩ් මොනව කියයිද දන්නෙ නෑ නේ? :-D

      Delete
    2. වයිෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන මොනා කියයිද? :P

      Delete
  14. මං අහල තියෙන විදිහට අනංගයට තියෙන්නෙ දුන්නකුයි ඊතලයි විතරයි. දැං බලාගෙන යද්දි පොරට යුනිටියෙ කොම්පියුටර් ෂොප් එකකුත් තියෙනවනෙ...

    බලමු මගේ ගෙස් එක කොච්චර දුරට හරියයිද කියල... :)

    ReplyDelete
    Replies
    1. හයියෝ පරිකල්පනයෝ ඔයාගෙ පරිකල්පන සේරම ඉදිරිපත් කරන්න ගියාම මම මොනාද ලියන්නෙ!! මගෙ මේල් ඇඩ්ඩ්‍රස් එක දෙන්නම් ඒකට ලියල එවන්න ඔයා ගෙස් කරන එක.
      :P

      Delete
  15. Ai yako uba adama meka damme.
    Mata 103ta una tgiyagenath, eka husmata kathaawama kiyawala damma. Echcharata patta. Maarama natural. Ekath ehemai, dekath ehemai.

    (Meka kiyewwa wage newei dan oluwa pupuranna wage meka dihaa balan idalama. )

    ReplyDelete
    Replies
    1. අලේ ගෙට් වෙල් සූන් හොඳේ....

      හරි හැපි ! හරි හැපි !! ඔයාගෙ ලෙඩ හොඳ උනාද නැත්නම් උණ ඩබල් උනාද මේක කියෝල?

      Delete
    2. උණ ඩබල් ට්‍රිප්ල් ක්වොඩෘප්ල් වුණා යකූ මේක කියවලා. ඇයි බං, ඔලුව උස්සගන්නවත් ඇස් අරින්නවත් බැරි තරමට අමාරුවෙං ඉන්න වෙලාවෙ අහම්බෙං වගේ මේකෙ ඇඩ් එකක් දැක්කෙ. (කොහොම දැක්කද මතක නැත)
      අයෙ ඉතිං මේකෙ එකක් දැක්කම නොබලා ඉන්න පුළුවනැයි මං අහන්නේ ඈ!!!
      අමාරුව දෙපිටිං යන්න කියලා ඔන්න ඔහෙ මුලු ස්ටෝරියම කියෝලා දැම්මා.
      හප්පේ ඉතිං ඈ!!

      Delete
  16. මොකද්ද මේ surface එකක්ද අරගෙන තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නැත නැත මෙය convertible එකකි නාඩි මලයෝ...

      Delete
  17. හතර වරං ඈ...
    ටැබ ගන්න ආපු එකාට ලැපක් පංගාර්තු කොරල දැම්ම...
    නියම මාකටිං...
    ටිං ටිං ඩබල් ටිං

    ReplyDelete
    Replies
    1. මාර්කටිං කියන්නෙ ඔවුවට තමයි.

      Delete
    2. ලැපක් නෙවේ ලැප්ටැබෙක්..නෑ නෑ ටැබ්ලැපෙක්.. :D

      Delete
  18. අඩෙ මරු ඇ.නියමයි.උබ වගෙම පිස්සු හොන්තුවක් නේ.
    ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?
    මොකද බැරි.එහෙම තමයි වෙන්නෙ.නැතුව කවදාවත් කෙල්ලෙක් කාටවත් හොද යාලුවෙක් වෙලාතියෙනව කියල ඉහිහාස පොතකවත් තිබිල තියෙනවද.න් ඇ නේ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දමිත්! :D

      Delete
    2. ///ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?
      මොකද බැරි.එහෙම තමයි වෙන්නෙ.නැතුව කවදාවත් කෙල්ලෙක් කාටවත් හොද යාලුවෙක් වෙලාතියෙනව කියල ඉහිහාස පොතකවත් තිබිල තියෙනවද.න් ඇ නේ.///

      මේක තමයි බං ඇත්ත. උඹේ කී බෝඩ් එකට මසුරං දාන්න ඕනෙ මේ කොටලා තියෙන කොමෙන්‍ටුව නිසා ඈ!! (කටේ දාලා වැඩක් නෑ, කටිං කිව්වෙ නෑ නේ!! )

      කොහෙද ඉතිං, මේ පරම පිවිතුරු විශ්ව සත්‍යය පිළිගන්නෙ නෑ නේ ගොඩක් එවුං!!! අපරාදෙ ජීවිත!!

      Delete
  19. //“දම් පාට හරි රෝස පාට හරි ටැබ් ?”//
    කෙල්ලො ඔහොම්මමයි.. :D

    මේකනං පට්ට පට පට බස්සියෙ ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සංචාරේ. . .
      @ රහසින්: කිවුවට මොකද මාත් එසේමැයි අනේ.

      Delete
  20. මට නම් ඉන්නෙ පට්ට ...බොක්කෙ යාලු කෙල්ලො සැට් එකක්.....
    කොල්ලො සැට් එකක් ...ඉන්නව එල....ටිකක් වයස වැඩියි.... එවුන්....හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ කොල්ලො සැට් එක ඔයාගෙ වයසෙද අනී? :P

      Delete
  21. මම මේක කියවලා මෙන්න මේක බැලුවම .............................. එක්කොත් ඕන නෑ

    ReplyDelete
    Replies
    1. මේ දෙකේ සම්බන්දයක් මට නම් පෙන්නේ නෑ

      Delete
    2. අමරෙට පෙන්නන්න හිතුනද මේක ??

      Delete
  22. ඇයි යකෝ මගෙත් බොක්ක කෙල්ලෙක්නේ, හැක් හැක්
    ඒ උනාට වෙලාවකටනන් මාරම ඇනයක්?

    ReplyDelete
    Replies
    1. අනේ අනේ හොඳම යාලුවත් ඇනයක්ද?! :D

      Delete
    2. හොඳම යාලුවා/යාලුවන් ට ඉඳලා හිටලා හරි ඇණයක් වෙන්න බැරිනම් ඒ යාලුකමත් හරියට, පාලු වැවක් වගේ අෆ්ෆා!!
      පොඩ්ඩක් ඇලි, ‍රැලි, පෙ‍රැලි දාලා ගලන ගඟක් වගේ වුණාම නේ ලස්සන!!

      Delete
    3. ඒකත් හැබෑව. ඔන්න මාත් යාලුවන්ට පොඩි පහේ ඇණයක් වෙන්න හිතට ගත්තා.

      Delete
  23. කියවලා නම් ගොඩ දවසක් comment කරන්න බැරි උනා :/
    කතවා දෙන්නක් කියනකොට මාරු ආසා හිතෙනවා කියවන්න ..:D
    // ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා වෙන්න බැරිද?//
    අපිට උගන්නපු මිස් කෙනෙක් කිවුවේ නම් බෑ කියලා

    ReplyDelete
    Replies
    1. මිස්ට පොට වැරදී ඇති බව කමෙන්ට් කියවන විට නොපෙනේ ද? :)
      මගෙත් හොඳම යාලුවා කොල්ලෙක්.

      Delete
    2. මිස් අනාගෙන. අපරාදෙ අහිංසක කොල්ලෙක් ඈ!!
      පව් :'( :'(

      Delete
    3. පිරේ, බොට උණ විකාරෙද දිගට හරහට කොමෙන්ට් කොටනව ඒ පාර. හික්ස් !

      Delete
  24. එකම කතාව කෝණ දෙකකින් තුනකින්ද මන්ද සුපිරි බස්සි !

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සිංදුවෝ....

      Delete
  25. හිතල බලද්දි මගෙ හොඳම යාලුවත් කොල්ලෙක්නෙ..... මාර කේස් එක ! හොඳම යාලුව වුන පලියට මා එක්ක බ්ලොග් එකකුත් පටන් ගත්ත. ඒත් දැන් නම් ඌට එහෙම එකක් තිබුනද කියලවත් මතක නෑ වගේ...........

    ReplyDelete
    Replies
    1. ඒක ඇහුවම මටත් හිටපු යාලුවෙක්, (යාලුවෙක්මත් නෙමෙයි අපේ පන්තියෙ එකෙක්, ගෙවල් ගාව පදිංචිය ) කරපු ඒව වගයක් මතක් උනා. මම කරන්නෙ මොනාද, ඌත් ඒකම කරනව. ඔයාගෙනම් යාලුවනෙ. අනික ජොලියට බ්ලොග් එක පටන් ගන්නෙ යාලු ෆිට් එකටනෙ. අරකා නම් එහෙම නෙමෙයි මට ඉස්සර හෙනම මල ඉතින් හොඳේ. මම හිතන්නෙ ඒ ළමයගෙ දෙමවුපියො බලපෑම් කලාද මන්දා එහෙම අනුකරණය කරන්න.
      මම ඒ ලෙවල් වලට මුලින්ම මැත්ස් ක්ලාස් එකකටත් ගියා, නිකම් ජොලියට. මෙන්න මූ මැත්ස් කරනව කියල ප්‍රකාශයට පත් කලා හොඳේ. ඊට පස්සෙ මම කරන්නෙ බයෝ කියල ආරංචි වෙච්ච ගමන් මෙන්න අර යකා මම යන පන්තියටම එනව ඒ ගමන බයෝ වලට.
      මම ටියුෂන් යන යන එකට ඌ එනව.
      මම අලුතින් මොනා හරි ගත්තොත් ඌත් ගන්නව.
      මම කරන විෂය බාහිර වැඩ බොහොමයකට ඌත් රිංගගන්න හදනව.

      ඉන් පස්සෙ එයාට උන දේ දිග කතාවක්නේ. පෝස්ට් එකකින්ම කියන්නම්කො සිඳු අක්කෙ.

      කෙල්ලො යාලුවන්ට වඩා කොල්ලො යාලුවො විශ්වාසවන්තයි, නැද්ද.

      Delete
  26. ෂෝයි කතාව, කතාවත් එක්ක ඇතුලේ තව කතා නියමයි බස්සි,, මටත් ගැහැණු යහළුවෝ නම් නැති තරම්,, උබ විතරයි ඉස්සර හිටියේ දැන් උබත් නැහනේ බන් fb චැට් එකේ :(

    ReplyDelete
    Replies
    1. එෆ්.බී දැන් කම්මැලී ඔමා. ෆෝන් එකෙන් ඔන්ලයින් හිටියට මට අර මැසෙන්ජර් ඇප් එක දිරවන්නෑ ඒ නිසා ඒකත් ඩිලීට් කරල දැම්මා.

      Delete
  27. අපිටනං හරි හරියට ගැහැනු පිරිමි දෙගොල්ලන්ගෙන්ම යාළුවෝ ඉන්නවා. විශ්වාසය කොතැනද එතැන යාළුකම පවතීවි. අවිශ්වාසය හිතේ කොනක තියන් ඉන්නතාක් එසේ නොවේවි

    ReplyDelete
    Replies
    1. //විශ්වාසය කොතැනද එතැන යාළුකම පවතීවි. අවිශ්වාසය හිතේ කොනක තියන් ඉන්නතාක් එසේ නොවේවි//

      දවසේ රුවන් වැකිය!!

      Delete
  28. හොඳම යාලුවා මම උණු කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා (ඉස්සර කෙල්ලෝ - දැන් කෙල්ලොන්ගේ අම්මලා) මගේ වයිෆුත් උන් දෙන්න එක්ක මටත් වඩා ෆිට්. පිටකොටුවේ ෂොපින් යන්න කතා කරන එක ඇරුනම අනිත් ඔක්කොම හොඳයි.

    ReplyDelete
  29. ෆට්ට බන් හැබයි ඉතුරු ටිකත් ඉක්මනට ඕනි මේ ඔය උබේ කෙටි කතා ඔක්කොම එකතු කරලා පොතක් දාපන් මට නම් උබේ කතා මරු බන්

    ReplyDelete