Thursday, September 11, 2014

මෙන්න මගෙනුත් පොත් බාල්දියක්



මේ දවස්වල මූණු පොතේ යනවා අලුත් දාම අභියෝගයක්. Book bucket challenge.


කොහොමින් කොහොම හරි ඔය කියන බුක් බකට් චැලේන්ජ් එක බාර අරගෙන බුකිගත වෙලා තිවුනු බුක් බකට් චැලේන්ජ් එක බ්ලොග් ලෝකෙට ගෙනාවෙ මාතලන් බොස්. පෝස්ට් එකක් දාලා වෙනස්ම විදියෙ පොත් බකට් එකක් පෙරලලා විවෘත අභියෝගයක් කරලා තිවුනා අනිත් අයටත්.


බස්සිටත් මූණු පොතෙන් තනුජා නංගි, නාඩි මල්ලි සහ දිනේෂ් අයියා චැලේන්ජ් එක කලා. තුන් දෙනාම බ්ලොග් රචකයෝ. ඉතින් බස්සිත් වැඩි දෙනෙක් සඳහන් නොකල හොඳ පොත් දහයක නම් ලැයිස්තුවක් හදලා බ්ලොග් ලියන - නොලියන පොත් ගුල්ලො කීපදෙනෙක්ට අභියෝගය පාස් කලා.


කොහොමින් කොහොම හරි සාහිත්‍ය මාසෙට පොරෝජනයක් වෙන්න පෝස්ට් කට්ටක් තලාගන්න හැකියාව ලැබෙන පොටක් පාදල දුන්නට මාතලන්ට තැන්කිව් කියල බස්සිත් බ්ලොගියෙ පොත් ටිකක් පෙරළන්නම් නේද?



- ඕල් ටයිම් ෆේවරිට් සහ මගේ ලෝකයේ වීරයාගේ කතාව
- වානේ පන්නරය ලැබූ හැටි






රචකයා නිකොලායි ඔස්ත්‍රොවිස්කි. පරිවර්තනය දැදිගම වි. රුද්‍රිගු.


මේ පොත මට ලැබෙන්නෙ හය වසරෙදි, මගේ එකොළොස්වෙනි උපන්දිනයට. ආයෙත් අහලා, පොතේ පිටු කිහිපයක් ඇතුලත මම පාව්කා කෝර්චාගින්ට මගේ කුළුඳුල් ප්‍රේමය පුදලා හමාරයි. තෝන්යා එක්ක පට්ට තරහයි ඉතින්. ඔය සිරියෝෂා ගැනත් පොඩි මෙව්වා එකක් තිබ්බා මොකද එයා නාහෙට නහන දඟකාරයානෙ.

රුසියන් කතාවලට පණ ඇරපු මට මේ පොත නිධානයක්.




- පිස්සු වැටුන කවිපොත - ප්‍රබුද්ධ






මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ කවිපොත මගේ හදවත තදින්ම පෙලූ කෘතියක්. පිටු කිහිපයක් ඇතුලේ ඔහු ගෙනහැරපාන ගැඹුරු ජීවන දර්ශනය පුදුමාකාරයි. කීර්තිය හඹා ගිහින් මුදලට බුද්ධිය උකස් කරන කලාකරුවා අන්තිමේදි තමන්ව හොයාගෙන තමන් තුලින් ලෝකයත්, ලෝකය තුලින් තමාවත් දකිනවා.




- විස්මිත මනමැවිය 
-  The chronicles of Narnia - C.S. Lewis





කියවලා කියවලාම මේ පොත් කට්ටලයේ පිටුත් ගෙවී ගිහින් ඇති. ඇස්ලන්ගේත් සුදුමායාකාරියගේත් සටන්. කතා කරන සත්තු, නපුරු මායා මැහැල්ලන්, හිත හොඳ කින්නරයෝ, වික්‍රමාන්විත මීයෝ, කුඩුකේඩු කුරුමිට්ටෝ සහ තවත් බොහෝ අපූරු මනමැවි දාමයකින් සමන්විත මේ පොත මාව මෝහනයට පත් කලා. අදටත් පුංචි ඉසිඹුවක් ලබන ඇසිල්ලක, ඇඳේ මුල්ලකට ගුලිවෙලා නාර්නියා විස්ම දේශයේ අතරමං වෙන පුරුද්ද අතහැරිලා නැහැ.




- ජීවිතයේ එක යුගයක් 
– Sweet valley twins and Sweet valley high







Francine Pascal විසින් රචනා කලා කිවුවත් මේ පොත් මාලාව ලියා ඇත්තේ ghostwritersලා සමූහයක් බවයි කියැවෙන්නෙ. Sweet valley twinsලා ; ජෙසිකා සහ එලිසබෙත් සම නිවුන්නු. ගොඩාක් අයට මේ දෙන්නව ටැපලෙනවා. මගේ යොවුන් විය ගෙවුනේ මේ නිවුන් ජෝඩුවත් එක්ක කිවුවොත් නිවැරදියි. පොත් සේරම මිලදී ගන්න හැකියාවක් නොතිබුන නිසාත්, එක හුස්මට පැයක් දෙකක් ඇතුලත කතාවක් හමාර කිරීම නිසාත් මම සමහර සති අන්ත වල දවසට දෙවතාවක් පුස්තකාලයට ගිහින් පොත් මාරු කරන් එන්න සිදුවුනා. 


අම්මාගෙ සමහර මිතුරියන් විසින් මේ පොත් නිසා මම “වල්” වෙනවායැයි නිගමනය කලත් හත, අට වසරවල මගේ හොඳම පොත් යහලුවන් වුනේ මේ දෙන්නා.




- මගේ ලෝකේ අනිත් වීරයා - පාව්කාට හොරෙන් මෙයාටත් ලව් කලා !
– ඇටමැස්සා – සුගතපාල ද සිල්වා








පාවෙල් කෝර්චාගින් තරමටම මගේ ආදරය දිනාගන්න සමත් වුන අනිත් වීරයා තමයි ඇටමැස්සා හි ආතර් බර්ට්න්. කතාව කියවා අවසාන කරනකොට මගේ ලෝකයත් සම්පූර්ණයෙන්ම කණපිට හැරුනා වගේ දැනුනා. කියවලාම බලන්න, ආදරය, අපේක්ෂාභංගත්වය සහ විප්ලවය ගැන.

මෙය පරිවර්තනයක්. මුල් කෘතිය, The Gadfly රචනා කර ඇත්තේ  එතල් ලිලියන් වොයිනිච්.




- පට්ටම පට්ට රැඩිකල්
– හිතේ කෙටූ ටැටූ – ඉන්දික ගුණවර්ධන






ඉන්දික ගුණවර්ධනයන්ගේ “හිතේ කෙටූ ටැටූ මා කියැවූ පට්ටම රැඩිකල් පොතක්. අමුතු පොතක්. මට ඒ පොත කියවද්දි දැනුනේ අමුතුම ආකාරයක කෙටි චිත්‍රපටයක් බලනව වගේ.


වචනයෙන් දෙකෙන් ඔහු අපිව කරකවලා අතාරින හැටි අපූරුයි. මෑත යුගයේ මා කියැවූ අපූරුම පොතක්. 




- මේ සතියේ ජයග්‍රාහකයා 
– තාරා මගේ දෙව්දුව – නිශ්ශංක විජේමාන්න






පොත කියවා දින කිහිපයක්ම ගත වුනත් තවමත් මගේ මනසේ හොල්මන් කරනවා තාරා ශ්‍යාමලී. අමුතුම ආකෘතියකට ලියැවුනු “වෙනස්” නවකතාවක්. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය මේ පොතට ලැබෙයි කියලා මමනම් උදක්ම බලාපොරොත්තු වුනා.




- මේ තමයි මිනිස්සු – චරිතාපදාන


මම කැමතිම චරිතාපදාන ද්විත්වය ගැන නොලිවුවොත් මේ ලැයිස්තුව අසම්පූර්ණයි වගේ. මේ මිනිස්සු ගැන කියැවීමම මගේ ජීවිතයට එකතුකල දේ බොහොමයි.

මිනිසෙක් -  

පනාගෝලිස්ව කියවන්න. මේ පොත මුද්‍රණය වී ඇත්තේ කොටස් දෙකකට. කතෲ සුනිල් මාධව ප්‍රේමතිලක.






ශ්‍රේෂ්ඨයා – 

මොහොමඩ් අලි ගේ චරිතාපදාන – මෙහි මුල් කෘතිය The greatest. පරිවර්තනය සුනිල් මාධව සහ සඳුන් රන්ජන.




- හොඳම දේ දරුවන්ටයි – සුන්දර ළමා කතා


ළමා කතා විදියට අද කාලෙ ගොඩක් දෙමවුපියෝ ලොකු බෝල අකුරු සහ පිටුවෙන් පිටුවට පාට පාට රූප ඇති පොත් දරුවන්ට තෑගි කලත්, වෙනස් විදියට පොත් දිහා බලන මගේ තාත්තා මට රෝල් ඩාල්ව, වසිලිස්සාව, නිකීතාව හඳුන්වා දුන් නිසාම, පොතේ පිටුවල අඳිනවාට වඩා පාට බහුල, ජීවමාන රූප රැසක් මගේ හදවතේ පිටු අතර ඇඳුනා.


හරිම සන්තෝසයි ඒ පරපුරේ අලුත්ම පුරුක ඩේවිඩ් විලියම්ස්, අද කාලේ ළමයින් වෙනුවෙන් ළමා කතා ලියන අපූරු ලේඛකයෙක්. මේ තියෙන්නෙ ඔහු ලියූ පොත් සෙට් එක. මේවායින් සමහරක් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. පොඩ්ඩන් වෙනුවෙන්ම ලියැවුනු අපූරු පොත්  එකතුවක්!








  • The boy in the dress (ගවුම් ඇන්ද ඩෙනිස්)
  • Mr. Stink (දුගඳ මාමා)
  • Billionaire Boy (බිලියනෙයර් ජෝ)
  • Gangsta granny (හයිරංකාර ආච්චි)
  • Rat burger
  • Demon dentist
  • The slightly annoying elephant





10 
- මගේම මගේම මගේ කතා – මගේ දිනපොත් 


ඔය උඩ තියන එක පොතකටවත් සම කරන්න බැරි වටිනාම දේ තමයි මගේ දිනපොත්. කාලයත් එක්ක ඒ පුරුද්ද මගහැරිලා ගියත් අදටත් මම ඒ දිනපොත් කියවන්නේ පුදුම ආදරයකින්. මම මුලින්ම දිනපොතක් ලියන්නේ තුන වසරෙදි, ඇදවුනු කැත ලොකු අකුරු වලින්. දා ඉඳන් දහතුන වසරට යනකම් මම දිනපොත් ලියනවා.


සමහර පිටු සිංහලෙන්, සමහර පිටු වැරදි පිරුනු ඉංගිරිසි, සමහර කොටස් එස්.එම්.එස්. භාෂාවෙන්, තවත් සමහර කොටස් අපි දහය වසරෙදි හදාගත්තු රහස් භාෂාවකින්. (අවාසනාවකට දැන් මට ඒ රහස් භාෂාවේ කේත මතක නැහැ.)


කැම්පස් එකේදි දිනපොත් ලියන්න නොහිතපු මම මහා පුදුම මැට්ටෙක්. නැත්නම් මට මොනතරම් අපූරු පොත් හතරක් ලියන්න තිබුනද !!!






65 comments:

  1. මදෑ කොලා.. ඒ පාර අහපල්ලකෝ පොත් පෙරලපු විදිය.. හැක්..

    ටැටූ පොත නං පට්ට තමා..

    ReplyDelete
    Replies
    1. දේශාගෙ තමයි වැරැද්ද. මාතලන් බුක් බකට් එක බ්ලොග් වලට ගෙනාවෙ දේශා චැලේන්ජ් කරපු නිසානෙ. දැන් ඉතින් චේන් එක පටන් ගත්තනම් කියෝන එකයි ඇත්තෙ.

      :P

      Delete
  2. 10 වෙනි පොත් සෙට් එක නම් හොරෙන් හරි කියවන්න ඕන අප්පා ;)

    ReplyDelete
    Replies
    1. හාපෝ බසු අබිලිං. ඒව මගේම මගේම මගේ පොත්

      Delete
  3. ඉංගිරිස් ඒවා සහ චරිතාපදානද ටැටු වද හැර අනෙක් ඒවා කියවීමි. ඒවාට කැමති වෙන එකේ පුදුමය් නෑ... ඒපොත් වල තියෙන වචනම පුදුමාකාරයි...

    ReplyDelete
    Replies
    1. ඉංගිරිස් පොත් සියල්ලම ඉතා සරල පොත්. චරිතාපදාන දෙක කියවා බලන්න. සුනිල් මාධවගේ පොත් කියෙවුවොත් මටනම් අබිං කෑවා වගේ තමයි.

      මේ මා කියැවූ "හොඳම පොත්" නෙමෙයි. අමතක කල නොහැකි පොත්.

      Delete
  4. ගොඩාක් වැදගත් ලිපියක් බස්සි අක්කෝ... පොත් ගැන දනුවත් කොරපු නිසා උම්මා එකක් දෙන්ඩම හිතුනා. :)
    //කැම්පස් එකේදි දිනපොත් ලියන්න නොහිතපු මම මහා පුදුම මැට්ටෙක්. නැත්නම් මට මොනතරම් අපූරු පොත් හතරක් ලියන්න තිබුනද !!! // හ්ම් මේක නම් ඇත්ත.. කමක් නෑ බ්ලොග් එක නිසා අක්කියගේ සුන්දර මතක වලින් ටිකක් හරි ඉතුරු වුනා නේද??
    (මන් කිව්වෙ දිනපොත් නොලිව්වට) :)

    ReplyDelete
    Replies
    1. හිහිහි. ඉතින් උම්මා එකක් පාර්සල් කරල එවන්නකෝ.

      ඔව් ඔව්. බ්ලොග් එක නිසා තමයි කැම්පස් මතක ටිකක් හරි ඉතුරු උනේ. ඒත් විශ්වවිද්‍යාලයේ ගතකරපු හැම දවසක්ම සුන්දර කෙටිකතාවක් වගෙයි මටනම්. ඒ මතක සේරම බ්ලොග් ගත කරන්න බැහැනේ.

      Delete
  5. මමනං අදත් ආසාවෙන් පරිහරණය කොරාන්නේ පොත් දෙකයි.
    1. ඉලපොත- රෑට පරක්කු වෙලා ගෙදර ගිහාම ඉස්සර අම්මාත් දැන් නෝනාත් අතට ගන්න එක
    2. කොලපොත- ඉලපොතෙන් බේරෙන්න මම පිටේ බැඳගන්න පොත.

    සිරාවට කීවොත් - ෂර්ලොක් හෝම්ස් ඇතුලු චන්දන මෙන්ඩිස්ගේ (ස්වතන්ත්‍ර නොවන) පොත් පෙළ, ඩීමන් ආනන්ද පොත් පෙළ, මනුතාපය, උභය ජීව හා කුංචනාද, ඩබ්.ඒ. සිල්වා පොත්පෙළ, ආතල් එකට පියදාස සිරිසේන පොත්පෙළ

    ReplyDelete
    Replies
    1. හිහිහි. . . ඉලපොතයි කොලපොතෙයි කතාවනම් මරු.

      ඔයාගෙ පොත් ලැයිස්තුවෙන් මම ආසා පොතක් තමයි කුංචනාද. චන්දන මෙන්ඩිස් ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න වටිනව. මනුතාපයත් නියමයි. ඩබ්ලිව් ඒ සිල්වාගේ සමහර පොත් නම් මට ඒකාකාරියි.

      Delete
  6. //මම මහා පුදුම මැට්ටෙක්// ඇති යන්තම් දැන්වත් තේරුම් ගත්තනම්!! :D :D

    කියන්න ලැජ්ජයි සහෝදර සහෝදරියනි,, මේ පොත් අතරින් බහුත‍රය මා කියවා නැත!! :D

    ReplyDelete
    Replies
    1. වාසනාවන්....

      (මං හෙට ආයෙත් නිට්ටඹු යනවා)

      Delete
    2. @ ප්‍රියා :

      බ්ලොග වලදාල ඉන්න උඹ තමයි ලොකුම මැට්ටා.

      Delete
    3. විදානෙ ආයෙත් යන්නෙ සිග්නල් නැති නිට්ටඹුවකටද? ඩයලොග්නම් වෙන්ට බෑ.

      Delete
  7. ඔක්කොමත් හරි උඹ මොකද අර වානේ පන්නරය ලැබූ හැටි දෙකට දෙවැනි පොතේ පින්තුරයක් දැම්මේ ? හෆොයි මටනම් ඔය දෙවැනි පොත කියෙව්වම කියෙව්ව අපරාදේ කියලා හිතුනා .

    උඹ කියවලා නැද්ද ඇනා කැරනිනා ,ලියෝ ටෝල්ස්ටෝයි ගේ ... ඇනාගෙයි ඇලෙක්සි ගෙයි ආදරය ගැන

    ReplyDelete
    Replies
    1. හැබැයි එක කියවන්න අයිඩියල් කාලේ තමයි දහය එකොළහ වසර වල , ඊට පස්සේ නම් ඉතින් අල්ලලාගියේ "Lady Chatterley's Lover" තමා ... :P

      Delete
    2. @ඉවාන්... ++++++++++++++++++++++++++++++++++++++++

      http://www.youtube.com/watch?v=ZeQwJJXzumY

      Delete
    3. පළවෙනි පොතේ පින්තූරයක් හොයාගන්න බැරිඋනා මචන්. ඔන්න දැන් හරි.
      මමත් ආසා නෑ දෙවෙනි පොතට. නිකම් විදුරුවකට ගඩොල් බාගෙකින් ගැහැව්වා වගේ මගේ හීන ලෝකෙ කෑලි කෑලි ගියා ඒ පොත නිසා.

      ඇනා කැරනිනා කම්මැලි හිතුනා. ගොඩක් පුංචි කාලෙ කියෙවුව නිසා කතාව නොතේරුනා වෙන්නත් පුලුවන්. ආයෙත් කියවලා බලන්න ඕනෙ.

      Delete
    4. අහා... මම කියෙව්වෙ ඕකෙ ට්‍රාන්ස්ලේෂන් එක. චැටර්ලි ආර්යාවගේ පෙම්වතා.

      ලින්ක් එකට තැන්කූ කෙන්ජයියේ....

      අවවාදයයි : මේ කෙන්ජා පලකළ ලින්ක් එක ඔපීස්වල නැරඹීමෙන් සිදුවන අතුරු ආබාධවලට බස්සිගේ බ්ලොගිය කිසිදු අයුරකින් වගකියනු නොලැබේ.

      Delete
  8. පොත් ගැන කතා කරනවානම් ලොට් එකක්ම තියෙනවා, මට හම්බ වුනු පලවෙනි පොත මොකක්ද කියලා නම් මතක නෑ, එත් තාත්තා ගෙනත් දීපු සත්තු සහ කුරුල්ලෝ රුප පොත් දෙක තාමත් තියෙනවා වගේම හොඳට මතකයි, ඊළඟට තාත්තාගෙන් හම්බවුනේ හර්කියුලිස් සහ තවත් රස කතා පොත, අධ්‍යාපන කාණ්ඩයට වැටෙන පොත් වලින් ඔක්කොම සෙට් එක අද්යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවේ ඒවා, ව්‍යවහාරික ගණිතය පොත ඩබ්ලිව්. කේ ,හේවගේ මහත්තයාගේ, ඔකේ ගති විද්‍යාවයි ස්ථති හා ද්‍රවස්ථිති විද්‍යාව වශයෙන් කොටස් දෙකක් තියෙනවා, මිනිස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලස්සනට ගැට ගහලා තියෙනවා, මගේ ආසම කොටස ප්‍රක්ෂේපනය, ගල් ගහන ගණන්, :D, ඊළඟට සමහරු අකමැති ඇස් ඇල් ලෝනිගේ ත්‍රිකෝණමිතිය, රැම්සේගේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය (සරල රේකාව හා වෘත්තය හා පථ) ඊළඟට බ්‍රවුනින් සහ ජෝශප් ලියු ප්‍රයෝගික රසායන විද්‍යාව, තව පොත් ලොට් එකක්ම තියෙනවා. අහ තව තිලකරත්න දිගන්වෙලා මහත්තය ලියලා තියෙන චිත්‍රකලා ඉතිහාසය 1,2 අමතකම කරන්න බෑ,

    මගේ ආසම පොත් 10ක් කියලා එහෙම කියන්න පුලුවන්ද මන්දා, කොහොම හරි ඕමාර් ඛයියාම් ගේ රුබයාට් අදටත් කියෙව්වොත් අලුත්ම රසයක් දැනෙන පොතක්, එක 10 වතාවක් කියෙව්වොත් රස 10ක් දැනෙන පොතක්, ඒ කවි කැටගරි එකේ ඊළඟට ගුත්තිලය, සුභාෂිතය, බුදුගුණ අලංකාරය, සිරිත් මල්දම, මීවන් ප්‍රේමතිලක මහත්තයාගේ නවීන පදය රචනා පොත් සෙට් එක, මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ කොහොඹා යක් කංකාරිය, තාමත් ගන්න මිනිකට කවි සඟරාව, තිලකා සහ දාස, සුනිල් ජයවීර කියලා කෙනෙක්ගේ නියඟමාලා ඔය ගොඩක් පොත් අපේ ආච්චි අම්මගේ පොත් ගුලෙන් උස්සපුවා, ඇත්තටම ඔය ගොඩක් පොත් නිදහස් අද්යාපනේ නැති කාලේ අපේ අම්මලාගේ පවුලේ 9 දෙනෙකුගේ පොත් සෙට් එකක්, ගමේ ගියාම පොත 10ක් වත් උස්සන් එනවා. ඒ අතරේ මට ලඟදි ලැබුනේ relatives and disciples of the Buddha ථේර ථේරී ගතා සඳහන් ඉංග්‍රීසි පොතක් රාධිකා අබේසේකර කියලා කෙනෙක්ගේ,

    ඊළඟට මන් ගැටයා කලේ කියවපු ආසම පොත ටීල් දුපතේ අබිරහස (the famous five) එකේ සිංහල පරිවර්තනය, ටාසන් පොත්, මල්ගුඩියේ දවසක්, වගේ ඒවා මතකයි, ඒවගේම ෂර්ලොක් හෝම්ස් පිස්සුව තාමත් තියෙනවනේ, මාර්ටින් වික්‍රම සිංහ මතත්යගේ මඩොල් දුව, අපේ ගම ඒ අතර විශේෂයි.

    සෝවියට් කතා වලින් තියෙන්නේ මැක්සිම් ගෝර්කි ලියපු අම්මා, කමකට නැති එකෙකුගේ ජීවිතය (the life of a useless man), මගේ සරසවි, ඒ වගේම දොස්තයෙව්ස්කිගේ අපරාධය හා දඬුවම තමා සිත් ගත්තේ.

    මනෝ විද්‍යා පොත් පිස්සුව නිසාම කන්නිමහර සුමංගල හාමුදුරුවොන්ගේ සංසාර මන්දිර, ඊළඟට තව සයිකෝ පොත් සෙට් එකේ පිටසක්වල ජීවයක් පවතීද, සඳ ගමන ඇත්තක්ද, වගේ පොත තමා.

    එඩ්ගාර් ඇලන් පොගේ කතා ගත්තම රන් කුරුමිණියා විශේෂයි ඒ වගේම හර්ද සාක්කියේ කා මොර දීම, අමොන්ටිල්ලාඩෝ වයින් ලේගරය, මගේ සිත් ගත්තේ වයින් කතාව. එකේ තියෙන කතාව නම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. දාන්න පහක්. සොමියා මල්ලිත් මං වගෙම පොත් ගුල්ලෙක් විතරක් නෙමෙයි කවි රසවිඳින්නෙක් බවත් දැනගත්තු එක ලොකු සතුටක්.
      රන් කුරුමිණියා මම කියවලා නැහැ නෙව. හොයාබලන්න ඕන පොත් ප්‍රදර්ශනේට ගියාම.

      හැක් හැක් සයිකෝ පොත් පිස්සුව ඔයාටත් තියේද? එස් ඇන්ඩ් ජී පබ්ලිෂර්ස් මට මතක හැටියට ඒ ස්ටෝල් එක. 2007 ඉඳන් බුක් ෆෙයාර් වලදි සමහර විට එහෙනම් ඕකෙ රිංගගෙන ඉද්දි මම ඔයාව දැකලත් ඇති නේද? සොමියා ඔය ගැන සිංහල බ්ලොග් එකක් තියනවා අශාන් රවිඳු කියල මල්ලි කෙනෙක් ලියන්නෙ.

      නාරායන්ගේ පොතුත් මරු නේද! මම ආසම පොත තමයි එයාගෙ "සැරිසරන සිත්තරා". "ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්" පොතත් මරු නෙහ්.

      Delete
    2. \m/ වෙන්නැති වෙන්නැති අනිවා පොත් ගන්න ගියාම අතට අහුවෙන පොඩි පොත් එකක් දෙකක් ගන්නේ නැතිව ස්ටෝල් වල එහෙට මෙහෙට වෙවී කොහොම හරි කියවනවා, දැන්නම් එක කරන්න අමාරුයි සෙනගත් එක්ක, පුදුම සෙනගක් නොවේ ඉන්නේ. නාරායන් පොත් ටික ගෙනත් දුන්නේ අම්මා ඒ කාලේ ඔපිස් ලයිබරියෙන් අම්මලාගේ. සිත්තරා පොතත් උපරිමයි අක්කේ අක්ක කීවට පස්සේ මතක් උනේ, :D

      Delete
    3. හිහිහි ඔය ස්ටෝල් වල දැවටි දැවටි මම ඩික් කින්ග් ස්මිත්ගෙ පොත් සේරම වගේ කියවල තියෙනව.

      ඇත්ත තමයි. දැන් පුදුම සෙනගක් එන්නෙ. හැබැයි පොත් කියවන පාටක්නම් පේන්නෙ නෑ බුක් ෆෙයාර් යන එකත් ෆැෂන් එකක් වෙලානෙ.

      Delete
  9. 10න් නතර කරගන්න පුලුවන් උනාද? දාන්න ගියානම් පතරංගයක් වගේ ලිස්ට් එකක් දාන්න පුලුවන්. එකකට අනික පරාද නෑ.

    ReplyDelete
    Replies
    1. අංක දහයක් උනාට මෙතන පොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මනෝෂ්.

      Delete
  10. ඇයි බන් පොත් 10ක්..
    මම කියවලා තියන හැම පොතක්ම මට වටිනවා..
    මේ දවස්වල වැඩිපුරම නැගල යන්නේ "ආයතන සංග්‍රහය" සහ "මුදල් රෙගුලාසි"

    තවත් ආසම කරන පොතක් තමයි ණය පොත

    ReplyDelete
    Replies
    1. අනිත් පොත් වටින්නෙ නැහැ කියල කොහෙවත් කියල නෑනෙ බන්.

      පොත් "දහයක්" නම් කිරීම තමයි බුක් බකට් චැලේන්ජ් එකේ රීතිය. පොත්වලට ආදරේ උනාට ඒ වගේ දේකදි රාමුවෙන් පිට පනින්න බෑනෙ.

      Delete
  11. හරි..ඔය එන්නේ තව චැලේන්ජ් එකක්..

    මේක චැලේන්ජ් ලෝකයක් නේ බොල

    ReplyDelete
    Replies
    1. ජීවිතේම චැලෙන්ජ් එකක් තමයි විභී.

      Delete
  12. බස්සි පොත් ගුල්ලෙක් කියලා බස්සිගෙ පෝස්ට් කියවන කොට හොඳට තේරෙනවා. බස්සියි, ඔමායයි දෙන්නම ලේඛණ කළාවේ නම තියන කෙල්ලෝ දෙන්නෙක් දිගටම වැඩේ කරණවනම්.

    ඔයාට පින් සිද්ද වෙන්න තමයි මම "හිතේ කෙටූ ටැටූ" පොත හොයාගත්තේ.. ඒක නම් මාර විදියට දැණුනා..

    ReplyDelete
    Replies
    1. බස්සි පොත් ගුල්ලියෙක් නේන්නම්. තව පොත් කතා ටිකක් ලියන්නම්කො සාහිත්‍ය මාසෙ වෙනුවෙන්.

      ඔමා ලියන්නෑනෙ බලන්නකො. බිසී වෙලාලු නෙව. අපි කිවුවට අහන්නෙ නෑනෙ.

      හිතේ කෙටූ ටැටූ වගේ තව ලස්සන පොතක්ලු "හැටේ වත්තේ මග්ද්ලේනා" මටත් තාම හොයාගන්න බැරිඋනා පොත.

      Delete
  13. වානේ පන්නරය ලැබූ හැටි අම්මලගේ මහ ගෙදරදි දෙකේ තුනේ ඉන්න කාලේ පෙරලල අකුරු ගැට ගහල තියනව , පස්සේ අපේ ගෙදර කාලයක් ඉදලා ආයෙත් හතේ අටේ ඉන්න කොට එහේ ගියහමත් ඒ මහ පොත් ගොඩ එහෙම්මම තිබුනා මාසයක් හමාරක් යනකොට ලොට් එකම ඉවර කලා , හැබැයි ඉස්සෙල්ලම අතට ගත්තේ එක් සැබැ මිනිසෙකුගේ කතාවක් , දෙවනියට තමා වානේ පන්නරය ලැබු හැටි , කලින් ඕනතරම් පොත් කියවලා තිබුනත් තදින් හිතට කාවැදුනේ ඔය දෙක ,

    රුවන්වැල්ල මහජන පුස්තකාලේ සාමාජිකයෙක් වෙන්න කවදාවත් බැරි උනත් , ආච්චිලගේ ගෙදර ඒකේ සාමාජිකයෝ හතරදෙනෙක්ම හිටපු හන්දා මං වාසනාවන්තයෙක් උනා

    අනිත් අමතක නොවෙනම පත්තර තමයි මිහිර , විජය සහ සමුදුර

    ඇයි මනහර , සිවිදෙස සගරා

    ඒ විතරක් නං බැරියැ ඉස්කොලේ හංගගන කියවපු සොදුර , නවරස පත්තර

    කොහෙද දැං හැදෙන එකාක කුණුහරප පත්තරයක්වත් බලනවැ

    ReplyDelete
    Replies
    1. අටම් අයියත් දරුණු ගණයේ බුක්මාර්ක් එකක් නෙව. ඒක තමයි එහෙනම් ඔයතරම් ලස්සනට කෙටිකතා ලියන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
      සැබෑ මිනිසෙකුගේ කතාවත් මාරයි. කකුල් නැතුව ඒ මනුස්සයා ආයෙත් දෙපයින් හිටගන්නා හැටි. මම ඒ පොත කියෙවුවෙ වානේ පන්නරය ලැබූ හැටි කියෙවුවට පස්සෙ.

      Delete
  14. අනිත්වා කෝම හරි හොයා ගන්න බැරිය.. අර දින පොත් ටික.. මට පේන්නේ කට්ටියක් සෙට් කරන් බස්සියගේ ගෙට පැනලා පොත් ඩයරි ටික උස්සන්නම වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. අර බස්සා දැනටම මාස්ටර් ප්ලෑනක් ගහනවලු ඒ ටික උස්සන්න. අහල බලන්න, ෆොටෝකොපි ගහලා එවයි ඉතාලියට.
      (හුහ්.... හොයාගනි හොයාගනී මේන් කියල. එවුව හඳේ හරී...)

      Delete
  15. බස්සි...ටිකක් දිග කමෙන්ටුවක් කෙටන්න ආස වුනත් මට යන්න වෙනවා බං. අපේ MD හිතන්නේ අපි shipment යැව්වෙ නැත්නම් ඇමරිකාවේ සුද්දියෝ බ්‍රා නැතුව පාරවල් දිගේ දුවයි කියලා..මම යනවා ෂිප්මන්ට් එක දාන්න.
    පොත් ගැන දුන්න ඔත්තුවට ටැංකියු...
    ලිපිය එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. හයියෝ.... හිනා වෙලා පණ ගියා බොල. හා හා ඒහෙනම් ඒ ටික සෙට්ල් කරලා හිටින්.
      අපේ ගෙවල් පැත්තෙ වගේ වාසෙ නේද? MAS එකේ ද?

      Delete
  16. මමත් කලින් පොත් පිස්සෙක් ...හැබැයි කොච්චරද මතක තියෙනනවද කියලා දන්නේ ඒ පොත දෙවැනි පාරත් කියවලා අන්තීම හරියේදී තමයි මතක් වෙන්නේ මේක මම කියවපු එකක් කියලා ...

    පොත පත පාඩම් කරලා ඉගෙන ගනින් පුතේ
    යහගුණ මනුස්සකම් ඉතිරි කරන් හිතේ
    අපෙන් පසුව බාරගන්න නුඹට ලොවක් ඇතේ
    තමන් හිසට තම අතමය වෙන සෙවනක් නැතේ

    ගුරු දෙගුරුන් අත දෙන්නට හැමදා ළඟ නැතේ
    වග වළසුන් වැනි මිනිසුන් මඟ තොට ගැවසෙතේ
    හිත මිතුරන් සතුටෙදි ඇති විපතෙදී හැරයතේ
    හිස මුදුනින් මේ ඔවදන් හිතට ගනින් පුතේ

    පොළොවට බරක් නැතී ලෝකෙට වැඩක් ඇතී
    නොනැමෙන හිසක් ඇතී උණුවන හදක් ඇතී
    මඳ සුළඟට නැමී මාරුතයට නොම සැළී
    මලක සුවඳ දිදී පුතුණේ ඉගෙනුම වටී

    ගී පද - සෝමතිලක දිසානායක
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. පොත් පිස්සෙක් වීම වගේම පොත් වනපොත් "නො"කිරීමත් හොඳ පුරුද්දක් සින්දු ඇනෝ. මොකද ගත යුතු දේ අරගන්නවා මිසක ගිරවා දැමීමෙන් පලක් නැහැ කියලයි මමනම් හිතන්නෙ.

      මම අහල නැති තවත් අලුත් සින්දුවක්! ඔයා නම් මාරයි.

      Delete
  17. මම නම් දිනපොතේ එක දවසක් එක පිටුවක එක රූලක් විතරයි ලියලා තියෙන්නේ. හැක හැක හැක ඒකත් දැන් නෑ.

    ReplyDelete
    Replies
    1. දිනපොත් ලියන පුරුද්ද ඇති කරගන්න පට්ට අමාරුයි.
      නැතිකරගන්න ඊට වඩා අමාරුයි.
      නැතිවුනාම ආයෙ ඇතිකරගන්න සේරටම වඩා අමාරුයි.
      තේරුනැයි සිංදුවෝ?

      Delete
    2. හැක් ...මට දැනුයි මතක් උනේ ..මමත් දින පොත්වල ලිව්වා .දැන්නම් ඒක අමතක වෙලාම ගිහින් .දින පොත් වල ලිව්වේ ඒ වෙලාවේ (ලියන වෙලාවේ ) රේඩියෝ එකේ යන සින්දුවක් ...ගෙදර ගිය වෙලාවක පරණ පොත් ටික ඇදලා බලන්න ඕන .
      මේ වෙලාවේනම් අහන්නේ මේක ප්‍රේමසිරි කේමදාසයන්ගේ "පිරිනිවන් මංගල්ලය"
      http://www.boondi.lk/article.php?ArtID=898

      Delete
    3. එහෙයි එහෙයි බස්සියේ..
      මරු එකක් නොවැ සින්දු ඇනෝ අහන්නේ...

      Delete
  18. මම කියවපු පොතකට ඔතන තියෙන්නේ වානේ පන්නරය ලබපු හැටි විතරයි. අපේ කාලයේ වීරයෙක් කියලා රුසියන් පොත බලලා නැද්ද? එකත් සුපිරියි

    ReplyDelete
    Replies
    1. අනිවා.. එල ද බ්‍රා පොතක්

      Delete
    2. මෙතන හොඳ අලුත් පොත් කිහිපයක්ම තියෙනවා. මම අපේ කාලයේ වීරයෙක් පොතනම් කියවා නැහැ මං හිතන්නෙ.

      Delete
  19. අද පොත් ගැන පොස්ට් ගොඩක් කියෙව්වා... සේරම වගේ නම් කරලා තිවුන ගොඩක් පොත් සොල්දර වල තියෙන ලොවෙත් හොයාගන්න නැති පිටු ගැලවුන පරණ පොත්... :D මම හිතන්නේ බස්සිගේ පෝස්ට් එකේ තමයි ඔන්න තාමත් කඩෙන් ගන්න පුළුවන් පොත් තියෙන්නේ...මම හිතන්නේ පරම්පරා වෙනස වෙන්නැති... :D

    ReplyDelete
    Replies
    1. හිහිහි වෙන්නැති වෙන්නැති බීට්ල්. බස්සි කියවන්න පුරුදු වුනේ තාත්තා ගෙනත් දුන්නු පොත් වලින් නෙ. අනික පුංචි කාලෙ ගෙවුනෙ තාත්තලගෙ නිල නිවාස වල නිසා අපිට සොල්දර තිවුනෙත් නෑ, පරණ කඳු ගහපු පොත් තිවුනෙත් නෑ. ඒකත් එක හේතුවක් වෙන්නැති. :)

      Delete
  20. පොත් හම්මේ මෑත කාලයේ මගේ හිතත් පොත් වලට වහල් වෙලා....හිතේ කෙටු ටැටු කියවන්න ඕනා......අර 10 පොත මිල කලනොහැකි නිසා ඒ පොත ගන්න අදහස මග අරිනවා ඕං

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න. ඉන්දික ගුණවර්ධන කාලයක් බ්ලොගියකුත් ලිවුව මයෙ හිතේ.

      ආන්න හොඳ ළමයි. ඒකටත් එක්ක අපේ බස්සුවා දැන් පැලෑන ගහන්නෙ ඒ 10වෙනි පොත් සැට් එක උස්සන්න. ඕන් ඉඳිකට්ටත් ඒ මිෂන් එකට සපෝර්ට් කොරන්න යනව කියන්නෙ.

      Delete
  21. වානේ පන්නරය ලැබූ හැටි නං මගෙත් පේවරිට්ම් පොත..ඕක ඉස්සෙල්ලාම කියෙව්වෙ පුස්තකාලෙන්..කියෝල ඉවරවෙලා පොත ගෙනිහින් දීල ආයි කඩෙනුත් ගත්තා.. :D ඒ තරං ආසයි බොලව් ඒ පොතට..
    දෙවැනි එකත් කියෙව්වා..ඒත් අරක තරං බලපෑමක් කරේ නෑ.

    මාත් දින පොතක් කියල එකක් ලියන්න පටන් ගත්ත කාලයක්..පස්සෙ ලියන්න දෙයක් නෑ කියල තේරුංගත්තට පස්සෙ වැඩේ අත්ඇරල දැම්ම.. :D

    ReplyDelete
    Replies
    1. වානේ පන්නරය ලැබූ හැටි බොහෝ දෙනෙක්ගේ සිත්ගත් පොතක් වගේ. කෝ සංචාරක අද ලන්ච් එකට පොත් ගන්න බුක්ෆෙයාර් එනව කිවුව ආවද? අපිත් උදේ දවල් රෑ තුන්වේලටම කෑවෙ පොත් තමයි. :)වානේ පන්නරය ලැබූ හැටි බොහෝ දෙනෙක්ගේ සිත්ගත් පොතක් වගේ. කෝ සංචාරක අද ලන්ච් එකට පොත් ගන්න බුක්ෆෙයාර් එනව කිවුව ආවද? අපිත් උදේ දවල් රෑ තුන්වේලටම කෑවෙ පොත් තමයි. :) :D

      Delete
  22. ආ මේක කියවලාත් කමෙන්ට් එකක් දාන්න බැරි වුනානේ.තාරා මගේ දෙව්දුව ලඟ තියෙනවා කියවන්න ඕනේ.
    ඇට මැස්සා පොත අතටත් අරන් තියලාත් අවා.

    ReplyDelete
    Replies
    1. ඔහෝ ඇටමැස්සා හොඳ පරණ පොතක්. කියවලා නැති එකනම් පාඩුවක් මනෝ...

      තාරා මගේ දෙවුදුව - අමුතු ආකෘතියක්. නැවුම්.

      Delete
  23. ගොඩක් හොද පොත් ටිකක්... මම මැතකදි ඉදන් බස්සි ගෙ නවාතනට ගොඩ උනෙ.. දිගටම ලියන්න. මම සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු! බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!!

      Delete
  24. බස්සිගෙ නවාතැට අලුතෙන් ගොඩ උනේ... අතරමං උනා වගේ.. පොත් ගොඩක් අස්සේ...

    ReplyDelete