Thursday, September 18, 2014

දිරූ ලණු ඔංචිලි






මේ කේතුමතී නුවරයි
උයන් තුරු නේක මලින් ගහණයි
මේ සිහිල් වසත් සමයයි
පොකුණුද සීත දියෙන් උතුරයි


මහ රජුත් පයින් ගමනේ
නිළමේ වඩිත් දකුණු පසිනේ
තද රත් පීත්ත පටි කැපුනේ
ළපැටි මුව හාදු දෙකක් රැඳුනේ


බර අළු වළාපෙලට පහළින්
නියං සහනාධාරය ගෙට ගන්
ප්‍රතිශතේ සීයට විසිපහකින්
අඩු කලා ඉතින් ඇපල් කාපන්


ඇපල් බර වැඩි ඈයන් වෙනුවෙන්
පැපොල් දෙමි රිදී තිහක් අඩුවෙන්
සහල් පොල් මහා දනක් සමගින්
සිහිල් දිය බෝතල්කර ගෙනඑන්


දුගී දර්ශක ඇත වලපල්ලේ
දනන් මහ සැණකෙලි ඔංචිල්ලේ
දිරූ ලණු දෙපොටක කෙඳිරිල්ලේ
හඬත් වියැකුනි  ගී කෙලිලොල්ලේ 




77 comments:

  1. දුගී දර්ශක ඇත වලපල්ලේ////
    ++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...


      (රිප්ලයි ප්‍රමාද වුනාට සමාවෙන්න )

      Delete
  2. කරලිය ළඟා කර ඉනිමන් ඇත දතන
    වැඩිහිටි මහලු ගුරු වෙසෙනා තැන කොතන
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..

    හැන්දෙන් කමින් හැන්දට ගරහා සිටින
    දුප්පත් එවුන් වෙනුවෙන් යයි හඬ තලන
    පීඩිත අහිංසක ඇරයුම් ඉවතලන
    කුමටද අපේ කට මුනිවත ‍රැක තිබෙන
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..

    දරු සෙනෙහසින් අත අල්ලා පෙර‍ටු කරන්
    සිරිපා මුවින් අප කරලිය තුලට අරන්..
    ඇසුවට මහල්ලගෙ වත ගොත කනින් කොනින්
    ඉහිලිය නොහැකි බර පොදි බැඳ එලොව ගිහින්
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..
    කෙතල පටානෝ නිතරම උඩ යට යානෝ..

    ගායනය: ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. අහලා නැ බං..
      උඔ යකෙක් සිංදු

      Delete
    2. මේ සිහින නගරයේ
      දැඩි සීත හිම වැටේ
      පුරසාර මුව ගිලෙයි
      රජ ගෙදර වීදියේඅහා,
      හරිම මිහිරියි සිත බොහොසෙ පිනා යයි..//

      රොන් මඩ කපා බිමේ පැල්පත් පැටව්
      ගසයිකුණු කසල කානුවේ රෝ බීජ පණ ගැහේ
      නාඳුනන වීදියේ පෙම් සුවඳ මිල අඩුයි
      හිරු දැවෙන පඩිතයේ හාමත හඬා වැටෙයි

      තුඩ වියරු ගිනි වෙලී ගම් බිම් හඬා වැටෙයි
      නෑ සියන් අහිමි වී මහ පොලව ඉකි ගසයි
      සාගරේට එපිටින් නෑඹුලු යකුන් එබෙයි
      මන ලෝල කරවමින් මල් ත‍ටු පුලු‍ටු පිදෙයි
      මේ සිහින නගරයේ සුරපුරට අත ළඟයි..

      - ගුණදාස කපුගේ -

      Delete
    3. ඔිං අනිත් වෙසමුනියා..
      අහලා නෑ යකෝ
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    4. සින්දු ඇනෝ ඇන්ඩ් පත්තරේ : උඹලා දෙන්නානම් ජාතික වස්තු දෙකක්. ඕ යේස්.

      ඔයා විතරක් නෙමෙයි මාත් අහල නෑ මෙන්ඩියෝ....

      (රිප්ලයි ප්‍රමාද වුනාට සමාවෙන්න )

      Delete
  3. නියමයි කියනවා හැර කියන්න දෙයක් නොමැත

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ම.ක.සි. :)

      (රිප්ලයි ප්‍රමාද වුනාට සමාවෙන්න )

      Delete
  4. මෙය කියවු මහාතැන්නේ
    බඩ ලොකු පොල් ගෙඩි මුණන්ගේ
    නලලින් දා බිදු සට පට ගා වැටේය
    සිකුරුය බස්සි පනේ......
    ඒ උන්,
    රතු පීත්ත පටියෙන් දා බිදු
    ලහි,ලහියට පිස දා ගන්නේ....
    තේරුනොතින් යටිකූට්ටු
    සෙප්පඩ විජ්ජා මෙදා පොටේ,
    අපේ අසරණ ගොයියන්ට අනේ
    බවලත් කොයි කාට උනත්
    අනේ අපොයි රිදි......
    තුන්මුලින් දමා දාඩිය
    සිහි මුරුජ්ජා වෙන්නේ.......

    එල එල මචෝ

    ReplyDelete
    Replies
    1. හිහිහි පට්ට පට පට! තැන්කූ ශානු අක්කියා...
      (රිප්ලයි ප්‍රමාද වුනාට සමාවෙන්න ඈ... )

      Delete
  5. Replies
    1. හැක් හැක්... අසා ඇත. බස්සි ඩැඩාගෙ යාලුවෙක් ඕක ලියල තියෙන්නෙ. :)

      Delete
  6. බස්සිට මගේ උපහාරය.. උඹලා වගේ කෙල්ලෝ තමයි මේ රටට ඕන..

    ReplyDelete
    Replies
    1. ඔව් නෙහ් ....... මචෝ.........
      මේකි ව අපි රැකගමු........

      Delete
    2. හපොයි මෙකි වගේ දහයක් හිටියොත් රට විනාසයි ...:P ඕඕ යේස්

      Delete
    3. දායක් නෙමේ.... මල්ලි..... මේකි වගෙ .....තුනක් ඉටියොත් එති.......
      අපි වගෙ ....තූති එල කොල්ලො තියක් විතර ඉන්න .....හෙක්...හෙක්...... සිංහල බ්ලොක් එක ඉදිරියට ගෙනියන්න....

      Delete
    4. නිළ අනුග්‍රහය

      - D C S L -
      distilleries Company of Sri Lanka Limited.

      Delete
    5. සාදර අනුග්‍රහය
      Ceylon Tobacco Company PLC

      Delete
    6. හිහිහි ස්තූතියි මාතලන්!!

      කෙන්ජි : එකෙන්ම ඔව් නේ..

      ඉවාන් : හා හා උඹ බකබක ගාන්නෙ ඉරිසියාවට ඔය. මං නොදන්නවෑ....

      පත්තරේ ඇන්ඩ් මෙන්ඩි : :P :D

      Delete
  7. එල සිතිවිල්ල යකූ........
    හෙඩිම දැක්කම මං ඉතුව පුංචි කාලෙ ඔන්චිලි පැදපු එකක් මතක් විලා කීල .......හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. හිහිහි... බස්සිගේ ඇන්ඩි සීන් එකක් කියල හිතුවද! ඒකකුත් ලියන්න ඕන කෙන්ජයියේ ළඟදිම.

      Delete
  8. අපිට හොරෙන් අපි විකිණෙන...

    අගේ ඇති කවි ටික.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අයියා... මෙයාව දැක්ක කල්! කෙප්ප පෝස්ට් එකක් දාන්නෙ නැතෙයි?

      Delete
  9. පට්ට පට පට බස්සියෙ...
    මේ ආණ්ඩුවට මොනා හරි පිනක් කොරල බං නැත්තං චන්දයක් කට අඩට එද්දි නියං වැහි සුනාමි අනං මනං එයියැ...

    ඔසුවකින් සුවව
    දෙවියනට තුති පුදන

    කලට වැසි ලද කල
    පාලකයිනට ඡන්දය දෙන

    මේ කවිය නුවන් තොටවත්තගේ ගෙ... හරියටම හරි නේද කියල තියෙනව

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මහේෂ්... පාලකයින්ගේ වාසනාව සහ අපේ අවාසනාව.

      අපූරු මිනි කවියක්! ස්තූතියි මෙහි පල කලාට.

      Delete
  10. ආශ්චර්‍යය බං ආආආආශ්චර්‍යය.

    දිරච්ච ලණුව කඩා වැටිලා පස්ස බිම ඇනිච්ච දාට තමා තේරෙන්නෙ පැදපු පැදිල්ලෙ රඟේ!!

    පට්ට කවි ටික බස්සියො!! (y)

    ReplyDelete
    Replies
    1. //දිරච්ච ලණුව කඩා වැටිලා පස්ස බිම ඇනිච්ච දාට තමා තේරෙන්නෙ පැදපු පැදිල්ලෙ රඟේ!!//
      සහතික ඇත්ත ප්‍රියෝ...

      Delete
  11. ඌවට හූවක් කියහං..

    ReplyDelete
    Replies
    1. මොකද.....හූව තමා......
      අන්තිමට.......

      Delete
    2. තැන්කූ දේශෝ... මගේ ඊළඟ පෝස්ට් එකට මාත්තුරුකාවක් දුන්නට..

      Delete
    3. හැක් හැක්.. ඉංගිරිසි කෑල්ලත් දෙන්නං ඕන නං.. UUhuva

      Delete
    4. දේශෝ සිංහල මාත්තුරුකාවයි, ඉංගිරිස් පරිවර්තනෙයි දෙකම පට්ටයි ඈ...!!!

      Delete
  12. උඹේ පලවෙනි කවිය දැක්කම මට මේ සින්දුව මතක් වුනා , මේක දාලා ගිහින් ඉතුරු ටික කියවලා එන්නං

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිතමිතුරු වූ වසත් කාලයයි //

    සිතුවමින් මතුව ආ සුසුම් රැල්
    බොඳ මලක් මත වැටී බොඳව යයි
    සිහිනයක් අවදි වී පිය නගයි
    අඬ අඳුරු සීත කඳු මාවතේ

    නෙක උයන් වතු මැදින්...

    නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
    හෙට දවස මීවිතක් සේ දිසෙයි
    නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
    නිම්නයක නතර වී ගිම් නිවයි

    නෙක උයන් වතු මැදින්...//

    ගායනය - ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්

    ReplyDelete
  13. ඔන්න පොස්ට් එක කියෙව්වා , උඹ හරියටම හරි , මේකට ගැලපෙන සින්දුව මෙන්න මේක

    දන්සැල් දොරෙහි නැත යදියෝ
    සල්පිල්වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    -නොමැත ඇසක කඳුලක්
    නොවැටුනොත් රොඩු කැබැල්ලක්
    දකිනු නොහැක ලේ බිඳුවක්
    නොමළොත් මකුණෙක් මදුරුවෙක්
    මල බැඳුනු ගිනිදණ්ඩේ
    දැල් බදිත් මකුළු සේනා
    වෙඩි හඩ අසනු රිසි දනො‍්
    පුපුරුවති අහෝ රතිඤ්ඤා

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා

    දස රද දම් නිමිති පැවති
    නර පති ඇමති වඩන රුති
    සත වෙත පතන මෙත සදති
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    රැකෙයි අකුරට නීතිය
    දෙයක් වේ නම් යම්
    සුදුස්සාටම අයිති වී ඇත
    නැත අක්රමිකතා
    වැඩෙයි සුහදතා
    සුන්දරතා
    සුවතා
    අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම්

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා

    කියමින් නිබඳ ගී මියුරු
    දකිමින් අවට රූ සොඳුරු
    සතුටින් රඟති මේ නුවරු
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    නැත මුදලේ වටිනාකම්
    බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම
    නැත පවුල්වාද, පිල් බේද, කුල වාද, දෑ වාද
    නැත බදු බර, පවුල් බර, ජීවන බර

    මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    ස්ටැලින්ගේ සෝවියට් දේශයේ විසූ ගායිකාවක, කෝන්-ග්‍රාද් හෙවත් කේතුමතී නම් පුරවරයක් අලලා එකල්හී ගැයූ ගීයකි. ගීතය ද ගායිකාව ද ශ්‍රාවකයා ද යන මේ සියල්ල මේ වන විටත් ඌර්ධවපාතනය වී ඇත

    මෙය උපුටා ගත්තේ බූන්දියෙනි

    ReplyDelete
    Replies
    1. මැගේ නම ලංකාය
      ඉන්දියන් සාගරේ වසන්නී
      මුසාවෙන් මුළාවී සිටින්නී
      විමුක්තිය නාමයෙන් හඬන්නී …

      උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ
      මල්වරව නාඹරව බබළමින් සිටියාය මෑ
      සල්ලාල පාෂයෙන් බොහෝ වර මිදුණාය මෑ
       සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණෑය මෑ...  

      කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ
      සලෙළුනට රැවටෙමින් සිය රුසිරු පිදුවාය මෑ
      ඉසුරු සඳ හා ඔවුන් උගසට ද තැබුවාය මෑ
       අසරණව අද මෙසේ මහමඟට වැටුණාය මෑ...

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න. 
      සංගීතය - ඔස්ටින් මුණසිංහ.

      Delete
    2. නෙක උයන් වතු මැදින්
      හමා යයි නව මන්ද මාරුතේ
      සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
      හිතමිතුරු වූ වසත් කාලයයි //

      සිතුවමින් මතුව ආ සුසුම් රැල්
      බොඳ මලක් මත වැටී බොඳව යයි
      සිහිනයක් අවදි වී පිය නගයි
      අඬ අඳුරු සීත කඳු මාවතේ


      මේ ගීතය ඇහෙද්දි මට පාසැල් කාලය සිහිපත් වෙනවා. ඒත් එක්කම මහා විසාල අහිමිවීමේ හැඟීමකුත් දැනෙනවා. මම ආසම සින්දුවක්. හැබැයි මේක මට සතුටු ගීයක් නෙමෙයි. :( :(

      Delete
    3. කේතුමතී ගීයත්, පත්තරේ ඇලවූ ගීයත් දෙකම අපූරුයි.

      Delete
  14. //අඩු කලා ඉතින් ඇපල් කාපන්//
    නොකාම ඉඳීවී...
    පස්ටය බස්සි !

    ReplyDelete
    Replies
    1. නිකං දෙනවනම් වහ උනත් මොකෑ ආයුබොවන්ඩ. අද පාන්දර වෙද්දි බලාගත්තැකි ආස්චර්යය. තැන්කූ සිංදුවෝ....

      Delete
  15. රුවන් මල් හැලී අකලට
    විසාලා නුවර විලසට
    තුන් බියක් නොවෙයි බුදු බණ
    අසන මං තෙරේ..
    මේ රම්‍ය භූමියේ..
    මේ පුන්‍ය භූමියේ..

    කිරිවරා උගත් ශිල්පය
    තන පුඩුව හපා රිදවන
    වල් වැදී තිබුණු සිත් වලදලු
    දමා නැගෙයි මැර බල
    කාලයත් මෙයයි උන්ටම - දේශයත් මෙයයි..

    සිල් බිඳි සහස් පෙලපත
    උණු නොවේ මෙකල පඬුපුල
    පිල් විදා රඟන මොණරුද
    දෙපා දැක තැවෙති විලි වැද
    කාලයත් මෙයයි උන්ටම - දේශයත් මෙයයි

    ගායනය : ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies

    1. අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
      ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
      දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
      දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...

      උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
      මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
      තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
      ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...

      උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
      මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
      අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
      මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

      ගායනය - නන්දා මාලනී
      පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය:- ස්ටැන්ලි පීරිස්

      Delete
    2. නැත අපට ප‍තිරූප දේශයක්
      විඳින්නට අති පවර රස භාව
      පෙදෙහි රස භාව
      විඳු නජනයිනේ වනු සමා

      ඔබ සවන් පිනවන්න
      සමත් ගී දුලබ නම
      කලා මර්යාධා විඳින්නට විනම්
      බිඳ හළෙමි සැහැසි ලෙස
      චණ්ඩ මැරවරියක්ව
      යළි කියමි නැත අපට
      භද්‍ර වූ දේශයක් – භද්‍ර වූ කාලයක්

      රාජ්‍යයක්……

      අනන්ත වූ දුකින් වුව
      අතැර කව් රස භාව
      ගයන්නට ලද හඬින්
      කියා සැඩ පරුෂ වැකි
      අප මැරුණු කල අපේ දරුවනේ ගයව්
      තෙපි වැස භද්‍ර දේශයක …

      - නන්දා මාලනී -

      Delete
    3. සින්දු ඇනෝ සහ පත්තරේ : අති විශිෂ්ඨයි!

      Delete
  16. අලි පුකෙන් වැටෙන දිවුල්
    පුස්මයි ඇතුල ලොවෙත් අවුල්
    අඩුකල විට බලා තුන් කල්
    ලාබයි නොවේද මේ ඇපල්

    චීනා ආවේ ජින් පින්
    දීලා යන්නයිනේ යෙන්
    කාලා උන් නම් සුවෙන්
    උඹලා තාමත් ඇයි දුකෙන්

    කෙතුමතිය මුහුද ගොඩකර
    තනනවා චින්තනය දිගු කර
    උඹලා මොටද කරදර
    වෙන්නේ ඉරිසියා කර

    නියන් නැත මේ රටේ
    ඉසුරින් පිරී ඇත කැටේ
    ඈස්චර්යය නෙත ගැටේ
    නෙතගින් කඳුළු කැට වැටේ

    ReplyDelete
  17. හුහ්... මාට් හෙට උඩේ පාන්ඩරින්ම යන්ඩ එපැයි මනාපෙ ගහන්ඩ.

    අම්මපා මේ ඩවස් ටිකේ තමා ඕං කාරිය කොරවන ඇත්තො යාන්තමින් හරි ඩැක බලා ගත්තෙ. ඊට එහා නොවැ හෙංචයියල. හප්පේ බලන්ඩ එපායැ උජාරුව, හුහ්...

    අපි නං ඕං පාරක තොටක යන්නෙත් බයෙං. ඇයි අප්පේ කොයි වෙලේ ඇගට වාහන ඩක්කයිඩ ඩම්නෙ නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. "ද"යන්න ඩෝප් වෙලා වගේ , :P

      Delete
    2. "ද"යන්න නෙවෙයි සර්වාංගෙම ඩෝප් වෙනව ඉවාන් අපේ පැත්තෙ වෙන එව්ව පේනකොට

      (දේශකතුමාට මොකෑ උණේ...)

      Delete
    3. මේ අපිත් ඔය පැත්තේ තමා , මේ දවස් වල නිකං ඩෝප් වගේ තමා

      Delete
    4. ඉවාන් උඹත් ඒ පැත්තේද ??????? යකෝ මමත් ඒ පැත්තේම තමයි .

      Delete
    5. පට්ට පට පට ..ඕකනේ කියන්නේ ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවලු කියලා ,දාපං පහක් සිංදු මචං

      Delete
    6. අඩෝ මාත් ඒ පැට්ටේ. ඒකනේ මේ ටරං වේව්ලන්නේ

      Delete
    7. හත්දෙයියනේ.... සිංදු ඔයා කොහෙද ඇන්ඩ් ඉවාන් කොහෙද.

      Delete
    8. ඇහුවේ නැති උනත් කියන්න එපායැ මම බදුල්ලේ. මගේ ත්‍රිවිල් එක පොළට එනවා පොළ දවසට. අදුරගන්න ලේසියි පස්සෙ පැත්තේ “දේශිකා“ කියල ගහල තියේන්නේ

      Delete
    9. අනේ දේශකතුමා සමාවෙන්න ඇහුවෙ නැතුවට. මන් දැක්කොත් කතා කරන්නම්කො. හැබැයි ඉතින් ඔය පැත්තෙ ආ දවසක තමයි.

      Delete
    10. "ද"යනු "ත"යනු සියල්ලම ඩෝප් වෙයි තව ටිකකින් සමස්ත ප්‍රතිඵලය ඇහුවම.

      හෆ්ෆෝ මුන් සේරම එකම රෑනෙ කුරුල්ලො නෙව!!

      Delete
  18. පොඩි උන් උඩදමා
    ලොකු උන් නැබ මිරිකා
    පස් නැබ පිහිටුවා
    රාජා භවතු දම්මි කෝ...කෝ...කෝ...
    එළ බස්සි...එළ එළෝ...

    ReplyDelete
  19. "දනන් මහ සැණකෙලි ඔංචිල්ලේ
    දිරූ ලණු දෙපොටක කෙඳිරිල්ලේ
    හඬත් වියැකුනි ගී කෙලිලොල්ලේ "

    :O

    ReplyDelete
    Replies
    1. :) :)

      ලෝකෙ අනිත් රටවල්වලට වඩා අපේ රටේ මිනිස්සු "වෙනස්" බීට්ල්!

      Delete
  20. එලනෙ බස්සියෙ ඈ..

    ReplyDelete
  21. කහවනුත් සමගින් .... සියළු යස ඉසුරු...... පෙරදැරිව, ....මනාපයි..... මං නුඹට....... දීපන් නමස්කාරේට...... තවත් හුරුල්ලක්.....

    ReplyDelete
    Replies
    1. හික්ස්! අනිවා ඕක තමයි වෙන්නෙ. මං හූනා කියන්නැහෙ කිවුවෙ.

      Delete
  22. ලොක්කා හිතං ඉන්නේ ලංකාවේ ඉන්නේ බත් කන හරක් කියලා.ඌව ජන්දේ එනකම් බැරි වුනා ජනතාවට ඕනේ සහන දෙන්න.මෙයට වඩා ජනතාව වෙනුවෙන් මේ සහන දෙන්න පුළුවන්.කරන්න ඕනේ ඕවයේ තියෙන දුෂණ,අක්‍රමිතා නැති කරලා දාන එකයි.එත් එහෙම කරන්නේ නැත්තේ එක්කෝ ඒවයේ මුල් පුටු වල ඉන්නේ තමන්ගේ බත් බැලයෝ,හෙන්චයියෝ නිසා.නැතිනම් පපුවට ස්ටේජ් වල ගහා ගත්තා වුනත් අර වගේ හොරුන්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න තරම් පණක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. පපුවට ගහගන්න එක වැඩක්ද මනෝ....

      //ලොක්කා හිතං ඉන්නේ ලංකාවේ ඉන්නේ බත් කන හරක් කියලා// ඉතින් එහෙම නෙමෙයිද? :D

      Delete
  23. අඩෝ බස්සියෝ..උඹේ පොස්ට් වලට දැන් අපි වහ වැටිලා බොල..ආයේ මොනා කියන්නද සුපිරි වැඩක්...

    නියම වචන ටික...

    ReplyDelete
  24. Replies
    1. හෑ... සුවර්ද? මං හිතුවෙ කලින් ඉඳලම එහෙමයි කියල. (මේ මට වගේ)

      Delete
  25. කවුරුත් එකයි බං!! Assචර්‍ය්‍යය බං!!! තුන් කල් නොවෙනස් නියාම ධර්මයක් වෙලා දැං!!!

    ReplyDelete