Monday, September 15, 2014

පොත් ඇතුලේ නයි (කකුල් උඩට අරන් කියවන්න)





තවත් සාහිත්‍ය මාසයක්. මේ බස්සි පොත් ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ගිය පහළොස්වෙනි වතාව.


ඉස්සර නම් බුක් ෆෙයාර් යන්නෙ බස්සි-ඩැඩා එක්ක නෙව. මේ පාර එහෙම බෑ නිසා බස්සියි බස්සයි බසු නංගියි තමයි ඕන් බුක් ෆෙයාර් ගියෙ.


පොත් ගන්න යන අයට පුංචි උපදෙසක් දෙකකුත් දෙන්නම්කෝ. පොතක් ගන්නවානම් අදාළ ප්‍රකාශකයාගෙ ස්ටෝල් එකෙන්ම ගන්න. එතකොට 30% වට්ටමක් ලැබෙනවා. බොහොමයක් ප්‍රකාශකයො සාහිත්‍ය මාසය පුරාවටම ඔය ඩිස්කවුන්ට් එක එයාලගෙ පොත් සාප්පුවලදි දෙන නිසා ඇවිදින්න කාල වේලාව තියන උදවියට නිවාඩු පාඩුවෙ ඇවිදල බලලා පොත් තෝරගන්නත් පුලුවනි.


ඒ වගේම පොත් පිළිබඳ සිතැත්තන්ට පුලුවනි පාඨක ජාල වල සාමාජිකත්වය ගන්න. ඒ කියන්නෙ ඔය අපි ඇඳුම් සාප්පුවල, සුපර්මාර්කට්වල කාර්ඩ් එකක් ගන්නව වගේ වැඩක්. ඒ සාමාජික කාර්ඩ් එක ඉදිරිපත් කලාම පුලුවනි අදාල පොත්වලට අවුරුද්ද පුරාම 30% හෝ 25% වට්ටමක් ලබාගන්න.


බුක්ෆෙයාර් එකේ කොටසක් වෙන් කරල තියෙනවා Bargain stalls වලට. ඒ කොටසෙ stall වල තියෙන්නෙ හොඳ ඉංග්‍රීසි පොත්වල පරණ edition, අධ්‍යාපනික පොත්, ඔය සොල්දරේ ඉඳන් පොත් කියෙවුව කියන අය සඳහන් කරල තිබුනු පරණ පොත් වගේ ඒවා. අපේ නංගි රුපියල් එක්දාස් පන්සීයකට මිල කරල තිවුනු පොතක් රුපියල් හාරසිය හැත්තෑවකට ගත්තා ඒ ස්ටෝල් එකකින්.


ගොඩගේ ප්‍රකාශකයෝ මේ වතාවෙ වෙනදාට වඩා සංවිධානය අතින් ඉදිරියෙන්. මිහිලක මැදුරේ ඔවුන්ගේ ස්ටෝල් එකේ කවුන්ටර් අසල තදබදය අවම වෙන විදියට සකසාගෙන තිබුනු ආකාරය ප්‍රශංසනීයයි.


සරසවි ප්‍රකාශකයන්ටනම් තමන්ගේ "මානව සම්පත්" ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න වෙයි වගේ. පොත් ගන්න එන මිනිස්සුන්ට හරක්ට වගේ ආමන්ත්‍රණය කරන සේවකයො ඉන්න තැනක පොත් මිළදී ගන්න යන්න මමනම් කැමති නැහැ. මේ සරසවියේ සේවකයන්ගේ ලොකු ලයින් බලන්න සිදුවුන දෙවැනි වතාව. පොත් සාප්පුවක වැඩ කරන්න ඕනෙ පොත් ගැන යන්තම් හරි අවබෝධයක් තියෙන මිනිස්සු නේද?


විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ඉස්සර තරම් හොඳ පොත් එලියට ඇවිත් නෑ වගෙයි. විදර්ශන ප්‍රකාශකයන්ගේ පොත්නම් කවදත් වගේ මෙවරත් මගේ හිත ඇද ගත්තා.


Jeya බුක් ෂොප් එකේ ආරක්ශාවනම් ඕනෑවට වැඩිද මන්දා. ඇතුලට යනකොට බැක්පැක් එකට ප්ලාස්ටික් ලොක් එකකුත් දැම්මා. ඒත් එලියට එද්දි ඒක අයින් කරල දෙන්නත් කෙනෙක්ව තිබ්බානම් තමයි හොඳ. මොකද පොත් කන්දත් බිම තියාගෙන ඔතන ඉඳන් බෑග් එකේ ලොක් එක ගලවගන්න විනාඩි විස්සක් විතර ඔට්ටු වෙන්න වුනා.


රූ එන්ටර්ටේන්මන්ට් අලෙවිසලේ හඳගමගේ පරණ ටෙලිනාට්‍යවල ඩී.වී.ඩී. ටිකත් තිබුනානම් කොයිතරම් හොඳද.


දැන් නම් පොත් ප්‍රදර්ශනය තවත් එක කානිවල් එකක් වේගෙන යන හැඩයි. කෑම කඩ, ෆේස් පේන්ටින්, අයිස්ක්‍රීම් කඩ, tattoo කඩ ආදී මෙකී නොකී කඩ වැහිවැහැල. මට ඇහුනා ගේට් එක ගාවදි කොල්ලෙක් කියනව "යකෝ අපි වැරදිලා මැගී දයියා එක්සිබිෂන් එකකටනෙ ඇවිත් ඉන්නේ" කියලා.


කොහොමින් කොහොම හරි බස්සිත් පොත් ටිකක් ගත්තා. ගන්න හිතන් උන්නු පොත් කිහිපයක් හොයාගන්න බැරිවුනා තදබදය නිසා. සන්නස්ගලගේ "අම්මා" පොත ගන්නම ඕනෙ අද හවසට සරසවි පැත්තේ රවුමක් දාලා. "හැටේ වත්තේ මග්දලේනා" මගේ බලාපොරොත්තු සුන් කරමින් සියලුම පිටපත් විකිණී අවසන් වෙලා. පොත් සාප්පු කීයක රස්තියාදු වුනාද මම මේ මග්දලේනෙක් හින්ද.


පහුගිය අවුරුදු පහළොවටම නොකරපු ලාමක ටිං ටිං වැඩක් මේ පාර කරන්නෙ මගේ "පොත් ඔත්තු" ලිපි මාලාව වෙනුවෙන්. ඒ තමයි ගත්තු පොත්වල ලැයිස්තුවක් දාන එක. කැමති අය ඒකත් කියවලා යන්නකෝ.







1. මොහාන් රාජ් මඩවල - ආදරණීය වික්ටෝරියා

2. මොහාන් රාජ් මඩවල - ලොවීනා

3. මොහාන් රාජ් මඩවල - සිහින සිහින සහ සිහින (කෙටිකතා)

4. ශාන්ති දිසානායක - හිරුමඬල

5. ශාන්ති දිසානායක - දේදුන්න

6. තිලකසිරි ඒකනායක - තිලක සිත

7. නිශ්ශංක විජේමාන්න - මුවා මැරූ සලමන් (කෙටිකතා)

8. නිශ්ශංක විජේමාන්න - වැලන්ටයින් කුමාරයා

9. ජයතිලක කම්මැල්ලවීර - තාත්තලාගේ කතාව

10. ජයතිලක කම්මැල්ලවීර - ඇස් (කෙටිකතා)

11. ජයතිලක කම්මැල්ලවීර - කලු සපත්තු (කෙටිකතා)

12. මංජුල වෙඩිවර්ධන - මගේ ආදරණීය යක්ෂණී

13. සුනිල් මාධව ප්‍රේමතිලක - සත්‍යවාදියෙකුගේ දිනපොත 1 සහ 2

14. ලියනගේ අමරකීර්ති - කුරුලු හදවත

15. භද්‍රා ඉන්ද්‍රාණි අමරකෝන් - නිර්වින්දන

16. මලික් තුසිත ගුණරත්න - කිත්තා බයිසිකලේ වික්කා (කෙටිකතා)

17. මලික් තුසිත ගුණරත්න - චන්දරේ! මචාං!! (කෙටිකතා)

18. ඒ. වී. සුරවීර - කාටත් මා එපාවෙලා

19. එදිරිවීර සරච්චන්ද්‍ර - විලාසිනියකගේ ප්‍රේමය

20. ඇරැව්වල නන්දිමිත්‍ර - දුටු තැන වෙඩි තබනු

21. පී.බී. ජයසේකර - මරියා සිලොනිකා වස්තුව

22. යනූෂා ලක්මාලි - තරු

23. තාරකා වාසලමුදලිආරච්චි - මැටි

24. තාරකා වාසලමුදලිආරච්චි - දෙහි

25. තාරකා වාසලමුදලිආරච්චි - ඇස්

26. සයිමන් නවගත්තේගම - මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව

27. මාර්ටින් වික්‍රමසිංහ - විරාගය

28. ස්වර්ණ කාන්ති පෙරේරා - බිම්බා

29. භද්‍රජී මහින්ද ජයතිලක - තුම්මාසේ



30. මහ රහතුන් වැඩි මග ඔස්සේ (7) -ඉන්ද්‍රජිත් සුබසිංහ

31. පියවි සිහිය සහ තේ පානය - සමන්ත තැන්නගේ

32. Opening the door of your heart and other Buddhist tales of happiness - Ajahn Brahm



33. Jagath Kumarasinghe - A calf in milk and milk chocolate

34. Zizou Corder - Lee raven

35. Zizou Corder -Boy thief

36. Paulo Coelho - By the river piedra i sat down n wept

37. Paulo Coelho - The witch of portobello

38. Paulo Coelho - The devil n miss prym

39. Emily Bronte-Wuthering heights




TRANSLATIONS:


40. The naked woman (නිරුවත් ගැහැණිය) - Desmond Morris (පරිවර්තනය : පසන් කොඩිකාර)

41. සදාකල් ආනන්දයෙන්
(Leo Tolstoy's happy ever after)

42. ජෑම් ගස යට ගෙදර - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
(The jam fruit tree by Carl Muller)

43. නිදි කුමාරියන්ගේ නිවහන - ඉන්දික ගුණවර්ධන (House of the sleeping beauties by Yasunari Kawabatha)

44. අපේ කාලයේ වීරයෙක් - දැදිගම වී රුද්‍රිගු

(They fought 4 their country by Mihail Lemarnthav)


45. සිරකරුවා සහ ඔත්තුකරුවා -ආනන්ද සෙල්ලහේවා

(The Afgan by Fredrick Forsyth)





46. මං අනාථයෙක් නොවේ - මානෙල් ජයන්ති

(Emarald star by Jacqueline Wilson)


47. තාත්තයි දුවයි - කත්‍යානා අමරසිංහ

(The blue cup by Arkadi Gaidar)


48. පුංචි මායාකාරි - මානෙල් ජයන්ති

(Lucy Willow by Jacqueline Wilson)


49. මැන්ඩි - මානෙල් ජයන්ති

(Bad girls by Jacqueline Wilson)


50. තෙල්මන්දා - මල්ෂා ගයාත්‍රි බණ්ඩාර

(The Blabber by Judy Blume)


P.S.

අද නුගේගොඩ රස්තියාදු ගසා සොයා ගතිමි.

51. අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල

52. හැටේ වත්තේ මග්දලේනා -
සෞම්‍ය සඳරුවන් ලියනගේ











64 comments:

  1. යකෝ මේව කෝම උස්සං ගියාද මංද...
    පොත් කඩයක්ම දාලනෙ... හිහි...
    සරසවි නෙවී බස්සියෙ ගුණසේන එකේ කීප දෙනෙකුත් එහෙමයි... මට අතේ තිබ්බ පොතෙන් මූනට දමල ගහන්න හිතුණ... ගොඩගේ එකේ හම්බානෙට සෙණග ඒත් හොදට ඉඩ කඩ නං තිබ්බ තමා අනික්වට වඩා
    මග්දලේන කවිපොත් සල්පිලේ තිබ්බ නෙව හෙන ලොට් එකක්

    ReplyDelete
    Replies
    1. ඉතින් හිතාගන්නකො මහේෂ් අතින් කටින් පොත් එල්ලන් ඉන්නකොට jeya එකේ සික්කා බැක් පැක් එකට ලොක් එකක් දාල ඒක ගලවලා දෙන්නෙ නැතුව හිටියම මොන අමාරුවක වැටෙනවද කියල.

      මං යනකොට කවිපොත් සල්පිලේ මග්දලේනා ඉවරයි කිවුව අනේ.
      නුගේගොඩ සරසවි එකේ ගෑල්ලමයෙක්ගෙන් මග්දලේනා තියෙනවද ඇහැවුවම මගෙන් අහපි "ඒ කවුද ඒ? හිහිහි.... පොතේ නම කියන්නකො" කියල.

      Delete
    2. //සරසවි එකේ ගෑල්ලමයෙක්ගෙන් මග්දලේනා තියෙනවද ඇහැවුවම මගෙන් අහපි "ඒ කවුද ඒ? හිහිහි.... පොතේ නම කියන්නකො" කියලා// ++++++++ නියමනෙ. :D :D

      Delete
    3. සිරාවටම ප්‍රියෝ අද ගොඩක් පොත් කඩවල තත්වෙ ඕක තමයි.

      Delete
    4. @ මහේෂ්

      අද නුගේගොඩ සරසවි පොත් හලෙන් "හැටේ වත්තේ මග්දලේනා" සොයාගත් බවද, සන්නස්ගලගේ "අම්මා" පිටපත් විකිණී අවසන් බව සාප්පු වලින් පැවසූ නිසා බරවූ හිසින් යුතුව බිම බලා එන විට පේව්මන්ට් එකේ පෙට්ටි කඩයකින් "අම්මා" පොතත් රුපියල් සියයක ඩිස්කවුන්ට් එකක් සමග හමුවූ බවද මහත් සතුටින් දන්වා සිටිමි.

      Delete
  2. දැන් ඔය ටිකෙන් පුස්තකාලයක් දාන්න තමා තියෙන්නේ, "බස්සිගේ පොත් එකතුව", දුක තමා මේ සැරේ මට යන්න වෙන්නේ නෑ නොවැලැක්විය හැකි හේතුන් කිහිපයක් නිසාම, ඒ නිසා යන, ගියපු එවුන් එක්ක පට්ටම ඉරිසියයි, ඔව් අම්මපා එකෙන්ම ඉරිසියයි :) ඒ බෙගේම දුක යනු බහුතරයක් කියවා නොතිබීමයි, අම්මපා මට ආයේ පොඩි කාලෙට යන්න ඕනා පොත් කියවන්න වෙලාව ගන්න :( ඒ වගේම සමහර කියවපු පොත් මතකයෙන් ගිලිහී ඇත. මේ පොස්ට් එක දැක්කම තනි ඇහැට නෙවේ ඇස දෙකටම ඇඩේනවා :'( මොනවා උනත් ජය වේවා බස්සි අක්කා, කියවලා රස තැන් අපිත් එක්ක බෙදා ගනියෝ හරිය. :D

    ReplyDelete
    Replies
    1. පුස්තකාලයක් දැම්මෙ බස්සි බබා කාලෙමයි සොමියෝ. පොත් ප්‍රදර්ශනේට දැන් නම් පුරුද්දට යනවා මිසක ඒකෙ ඇති ලොකු දෙයක් නෑ. මරදාන පැත්තෙ රවුමක් ගැහැව්වනම් සාහිත්‍ය මාසෙ ඩිස්කවුන්ට් එක්කම හොඳ පොත් ටිකක් අරන් එන්න තිවුනා.

      කියවන්න කාලෙ මදි එකනම් මටත් තියෙන ලොකුම ප්‍රශ්ණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉදිරි මාසයේදි නින්ද පැය තුනහතරකට සීමා වේවි. :/

      කියවලා විස්තර බෙදාහදා ගන්නම්කො එහෙනම්. :D

      Delete
    2. මගේ පුස්තකාලේ කබඩ් එකේ දැන් වෙකන්සි නෑ අප්පා, ඔක්කොම් ක්ලෝස්, අල්මාරියේත් පැත්තක පොත් පැත්තක ඇදුම්, ඉතින් ආයේ ලොකු කබඩ් එකක් අරන් තමා වඩම්මන්න වෙන්නේ, ගත්ත එකේ අයියගේ චාටර් (chartered) පොත්.

      Delete
  3. හෑ! උඹ මෙච්චර පොත් ගත්තද?
    (කොහොම උනත් හොඳයි කියල හිතන පොත් සෑහෙන්න තියනව)

    ReplyDelete
    Replies
    1. පහුගිය අවුරුදු වල තාත්ත එක්ක ඇවිත් ගන්න පොත් එක්ක බැලුවම මේ බොහොම චුට්ටයි රාජ්. උස්සන් යන්න පුලුවන් ප්‍රමාණෙ විතරයිනෙ ගත්තෙ මේ පාර.

      හොඳ පොත් ගොඩක් තිබුනා. විශේෂයෙන්ම මලික් තුසිත ගුණරත්නගෙ පොත් මම කලින් කියවලා නෑ. ස්ටෝල් එකේ ඉඳන් කියවාපු මලික්ගෙ පොත්වල පිටු කිහිපය හිතට වැදුනා හොඳටම.

      Delete
  4. ඈ බන් බස්සියෝ කඩයක්ම අරගත්තද ? ඊළඟ පාර බස්සට කියලා ලොරියක් හයර් කරගෙන ගියානම් හරි වගේ....

    ReplyDelete
    Replies
    1. තාත්තත් එක්ක වාහනේ බුක් ෆෙයාර් යන වාරවල ඔයිට හපන් සිංදුවෝ.....

      Delete
  5. මට මැවිලා පේනවා බටු බස්සි තමන්ට වඩා උස පොත් කන්දත් උස්සගෙන jeya එකෙ බැක්පැක් එක ගලව ගන්න දත කාපු හැටි!! හැක් හැක්… ;D :D

    බලාන් ගියාම උඹ පොත් ගුල්ලියෙක්ම තමා බං! :D

    ReplyDelete
    Replies
    1. බටු? කවුද නකෝ බටු? උඹ අවුරුදු උත්සවේ දවසෙ මාව අඳුනගෙන ශේක් හෑන්ඩ් කලෙත් උඩ බලාගන නෙව. :P :P

      Delete
    2. හැක්! ඒකත් ඇත්තනෙ. බසු ජෝඩුව පඩි පෙලේ උඩ පඩියක නිසා හොදට ගියා. :D

      Delete
  6. ඔය ඔක්කොම කියවල ඉවර වෙලත් පොස්ට් එකක් දාහන්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දැනට මේ පොත් කියවා හමාරයි.


      පුංචි මායාකාරි - මානෙල් ජයන්ති
      (Lucy Willow by Jacqueline Wilson)

      තෙල්මන්දා - මල්ෂා ගයාත්‍රි බණ්ඩාර
      (The Blabber by Judy Blume)

      හැටේ වත්තේ මග්දලේනා - සෞම්‍ය සඳරුවන් ලියනගේ



      මේ පොතේ පහෙන් එකක් පමණ කියෙවුවා.

      The naked woman (නිරුවත් ගැහැණිය) - Desmond Morris (පරිවර්තනය : පසන් කොඩිකාර)

      Delete
  7. අපේ කාලයේ වීරයෙක්
    ඔය මම දීපු ඔත්තුවක් වැඩ කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මම ඒ පොත කලින් කියවා තියෙනව. "ඔවුන් සටන් වැදුනේ ඔවුන්ගේ මවුබිම වෙනුවෙනි."
      මේ පරිවර්ථනය කියවා නැති නිසත්, මකසිගෙ කමෙන්ටුව සිහිවූ නිසාත් ඒකත් ගත්තා. :)

      Delete
  8. කොහොම ද අප්පා මෙව්වා එළියට අරන් ගියේ??? මොනව වුණත් හොඳ ඔත්තුවක්. මම නම් ඕකට යන්නෙ නැත්තෙ නිදහසේ පොතක් බලලා ගන්න නැති නිසා. ලබන සතිය දිහාට කඩ ටිකේ සවාරියක් දාන්න ඕනෙ. නුගේගොඩ සරසවියෙ ඉන්න අයට නම් පොතක් අහපු ගමන් ටක් ගාල කියන්න පුළුවන්. මොකද්ද මන්දා ඔතන පුරස්නේ???

    ReplyDelete
    Replies
    1. බස්සගෙයි බස්සිගෙයි තටු ටික ඔරොත්තු දුන්නද ඔය පොත් ලෝඩ් එකට :)) ??

      Delete
    2. ඊ බුක් පමණක්ම කියවන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි, මං වගේ තුනක් විතර සයිස් සූටි නංගියෙකුයි ඉන්නකොට පොත් ලෝඩ් එක ශෙයාර් වෙනවනෙ කුරුට්ටියෝ.

      ආපෝ අලුතින් සරසවියට ඇවිත් ඉන්නව හෙන ලොකු සීන් දාන කීපදෙනෙක්.

      Delete
    3. තටු කඩාගන්නැතුව යන්තම් පැනගත්තා දිලා.

      Delete
  9. මම දැක්කා බී ඇම් අයි සී ඇච් එක ඉස්සරහා පත ලොරියක් නවත්තලා තිබුනා..

    අම්මට හුඩු නයා...

    ReplyDelete
    Replies
    1. හික්ස්.... මේ ටුක් ටුක් එකේ පටෝගෙන ආපු පොත්. වාහනේ එන දාට තත්වෙ දරුණුයි. ලොරියක් ගෙනාවනම් විනාසයි.

      ඒකනෙ කලින්ම කිවුවෙ නයා භයානකයි කියල.

      Delete
  10. සතියට එක ගානේ කියවන්නද කොහෙද අරන් තියෙන්නේ.

    පුදුමාකාර පොත් පිස්සුවක් නොවැ මේකිට තියෙන්නේ...

    අර සිත්තරීත් පොත් විස්සක් ද කොහේදෝ අරගෙන ෆොටෝත් ගහල දාල තිවුන...

    හරි හරි ඔහොම කියෝගෙන යමු...

    ===========
    අර නයාට පොඩ්ඩක් කියහන් අපි ඌව තාම හොයනවා කියල...

    ReplyDelete
    Replies
    1. වීක් එන්ඩ් එකේ ඉරිදාව ඇතුලතම පොත් දෙකහමාරක් කියවලා ඉවරයි. අදනම් කියවන්න බෑ මහන්සියි. මග්දලේනවයි, අම්මායි හොයන්න ගියානෙ.

      නෑ විභී කස්ටිය නයි ගැන මතක් කරයි කියලයි මමම කිවුවෙ.

      Delete
  11. මටත් මග්දලේනා හොයාගන්න බැරුව උන්නෙ.. පස්සෙ ඉරිද ක්ලාස් ඇරිල එන ගමං ආපහු සැරයක් බලනව කියල හිතාගෙන ඇවිල්ල අර එනකොටම තියෙන කවි පොත් කඩේ තිබිල හම්බුනා..

    පොත් පෝලිමට වැඩිය මැගී පෝලිමනං තිබ්බ තමා.. :D

    ReplyDelete
    Replies
    1. මටත් අද සරසවි එකෙන් මග්දලේනා හම්බවුනා. හෙට කියවන්න ඕනා ඒක මම සෑහෙන දවසක ඉඳන් හොයන්නෙ.

      Delete
  12. බස්සිට කියන්න බස්සියෝ... නෑනේ ඔය ඉරිසියාකෙරිලි... හරි ෂෝයි ලිස්ට් එක

    (අනේ අපිට මොකද අනේ ඔතරම් පොත්... හුහ්... ඔය තියෙන්නේ ගෙදර පුරෝලා කබඩ් එකක්ම. ආය ගියා කියල මොනවා ගන්නද... අනේ මන්ද මොකට සල්ලි නාස්ති කරනවද කියල.. හෙක්..)

    මමත් ඔයපොත් බාගයක්ම කියවල තියෙන්නේ. ( අඩේ ... සමහර නම් ඇහුවෙත් අදයි... මේකි පස්සේ දවසක පිනට දෙනකොට බැරිය ඉල්ලගන්න) ඒ උනාට ආයෙත් කියවන්න පුළුවන් ඈ !

    ReplyDelete
    Replies
    1. හිහිහි... ඔය ලිස්ට් එකේ සමහර පොත් අපි ඉස්සර අරගෙන පිනට දීලා හරි, නැත්තම් ගෙනිච්ච කෙනෙක් කියවලා ආපහු නොදී තියාගෙන හරි පොත් කලෙක්ෂන් එකෙන් ඉවත් වුන පොත් උපේක්ෂෝ.... හහා ඒ පැත්තෙ ආවොත්නම් බඩ පිරෙන්න පොත් කියෙව්වැකි අනිවා.

      Delete
  13. එකම පොත ආයේ ආයේ ගන්න ලෙඩේ නැත්ද ?,මට එහෙම එකක් තියෙනවා නොවෑ කලින් මේ පොත ගත්තා කියලා අමතකයි ආයේ අරන් බලන කොට එකම පොත දෙපාරක් අරන් ...කොම උනත් දැකලත් කියවන්න බැරි උණු පොත් ටිකක් දැක්කා කියවන්න ඕන වෙලාවක් ලැබුණ ගමන් .....

    ReplyDelete
    Replies
    1. එහෙම ලෙඩක්නම් නෑ.... ඒත් ගත්ත පොතක් පිනට දුන්නට ආයෙ ඒ පොත දැක්කොත් ගන්න හිතෙනව.
      ඒ වගේම පොතක එක පරිවර්තනයක් ගෙදර තිබුනත් ඒකම වෙන කෙනෙක් පරිවර්තනය කරලනම් ඒකත් කියවන්න හිතෙනවා.

      Delete
  14. ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවතින් අඩක් ඊයේ කියවලා ඉවරකලා...

    ReplyDelete
    Replies
    1. මට තවම ඒක කියවන්න පටන් ගන්න බැරිවුනා. :)

      Delete
  15. මමත් දවස් දෙකක්ම ගියා.ඔය තරම් පොත් නම් ගත්තේ නැහැ බං යශෝ.මට තරු අක්කාවත් මුණ ගැහුනා තිලක සිත පොත් අරගෙන විදර්ශනා එකට ඇවිත් ඉන්න කොට.

    //ගොඩගේ ප්‍රකාශකයෝ මේ වතාවෙ වෙනදාට වඩා සංවිධානය අතින් ඉදිරියෙන්//
    අනේ මන්දා යශෝ සුගතපාල ද සිල්වාගේ හිට්ලර් එල්ලා මරයි පොත උන්ගේ එකක් වෙලත් ඒ ගැන දන්නා කියන එකයි හිටියේ.මිනිහා කිව්වා පොත තියෙනවා පොඩ්ඩක් බලන්න කියලාඅච්චර බලලා නැති තැනයි මිනිහාගෙන් ඇහුවේත්.වෙන කිහිප දෙනෙක්ගෙන් ඇහුවා උන් එහෙමවත් දැනන් වුන්නේ නැහැ එහෙම පොතක් ..:(

    ReplyDelete
    Replies
    1. සංවිධානය ගැන කිවුවෙ, මානව සම්පත් ගැනම නෙමෙයි. හැබැයි අපිට මුණගැහුන ගොඩගේ සේවකයොත් හරිම සුහදශීලියි. මම කිවුවෙ පොත් වර්ගීකරණය, සැලසුම්කරණය, billing වගේ දේවල් නෙව මනෝ.

      Delete
  16. 49. මැන්ඩි - මානෙල් ජයන්ති
    මෙන්න යකෝ මම ගැනත් පොතක් ලියලා.
    පොත් ඔත්තුව එල ද බ්‍රා..එ්කට මම ගානේ උඔට තෝත්තුවක්(බස්සා අහක බලා ගනින්)

    ReplyDelete
    Replies
    1. සිරාවට මට ඒක මීටර් උනේ නෑනෙ. හැබැයි පිටකවරෙ ඉන්නෙ නම් බෝනික්කෙක්. :)

      Delete
  17. හුටා නේද?? බොට කසේරුකාවක් තියෙනවා එහෙනං..

    ReplyDelete
    Replies
    1. බස්සාගේ කසේරුකාව නිසා බේරුනා කිවුවොත් තමයි හරි දේශෝ....

      Delete
  18. මොනවද බං පොත් කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ගෙම්බෝ කවද්ද පොත් කියෙව්වෙ... හූ.....

      Delete
  19. හොද කෙටි විස්තරයක්..........
    අර සරසවි පොත් කඩේ උන්ට මුදලාලිය පුරුදු කරල තියෙන්නෙ .....කඩේට එන්නෙ සේරම හොරු ...සීරුවෙන් ඉදපල්ල කියල....
    අර ඇතුලට අරගෙන යන බෑග් වලට ප්ලාස්ටික් ලොක් දැම්මට කමක් නැහැ.....පිට වන තැන එය සැනකින් කපා දමන ....කතුරක් ඇති කෙනකු/දෙන්නකු සිටිය යුතුයි.....අනිවා......
    හැබැයි ලෝකෙ කොහෙත් ප්‍රදර්ශන තිබෙන තැන් වල ....කෑම ....බීම ...සහ අනිකුත් කුටි තිබීම සාමාන්‍ය දෙයක්....
    මම හිතන්නෙ ලොකු දෙයක් බියර කුටියක් නොතිබීම.....
    අපේ වෙනිය මලාද...... මෙවර...... ම්හු..... සද්දයක්......
    උඹ ඉතිං පොත් ගුල්ලි නොවැ ...... මචෝ..... හෙක්.....හෙක්.....

    ReplyDelete
    Replies
    1. //මම හිතන්නෙ ලොකු දෙයක් බියර කුටියක් නොතිබීම//
      මේක දැක්කම මට හිතුනෙ ප්‍රොෆයිල් දෙකම එක්කෙනෙක්ම වෙන්නැති කියලයි. :)

      Delete
    2. japan කොහෙ ඉවර වෙනවද අනී ..........
      දැන් ඉන්න තැන ....නොදාන එක සම හරක් ට ලොකු අවුලක් තිබ්බ......හෙක්....හෙක්.....

      Delete
    3. අහා ඒක හොඳයි. මඩ ඇනෝලට උත්තරයක් වෙන්නැති මේ ප්‍රොෆයිල් එක නේද?

      Delete
  20. මමත් ඉස්සර මැගී දයියා එකක් කනවමයි ඔතෙන්ට ගියාම..... හැබැයි කන්න බැරි තරම් උනු උණුවේ......දැන්නම් යන්න වෙන්නේ නැ..... බස්සියෝ මං හුගක් දුරනේ.....මෙහෙම තමා book fair එක රස විදින්නේ....

    ReplyDelete
    Replies
    1. මමනම් මැගී දයියාවලට කැමැත්තක් නෑ. ගියවතාවෙනම් අපේ බසු නගාගෙ කරච්චලේට අමාරුවෙන් දයියා සුට්ටක් කෑවා.

      Delete
  21. මේක බලලා මට තේරුණා දෙයක් තමයි, බස්සි තෝරාගන්නේ පොත් නෙවෙයි රචකයින්ව.

    ReplyDelete
    Replies
    1. වැරදියි අෆ්ෆා. එහෙමනම් බස්සි කවදාවත් අලුත් පොත් කියවන්නෙ නැතුව ඉන්න එපැයි.
      බස්සි තෝරාගන්නෙ රචකයන් සහ පොත්.

      Delete
  22. සිග්නල් කනුවක් නැති නිට්ටඹුවේ ඉන්න මට මොන සාහිත්‍ය පොත්ද බස්සියෝ....
    මං ආයේ ගමේ එනකං හොදින් හිටහං..

    බු දු ස ර ණ යි!!!

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි. ඉරකි. තිතකි.
      උඹ නිකම් සයිබීරියාවට පිටුවහල් කරල වගේ නෙව.

      බුදුසරණයි!!!

      Delete
  23. අම්මපා...බත් පොස්සියක්නෙ මේක!

    ReplyDelete
  24. දෙයියෝ සාක්කි! බස්සිට මේ පොත් ලැයිස්තුව ගන්න බැංකු ණයක් ගන්න වෙන්න ඇතිනේ. එහෙම එකක් පටන් ගන්න පුලුවන් නේ සාහිත්‍ය ණය කියලා?
    දැන් ඉතින් well stocked නිසා බ්ලොග් එක ලියවිල්ල අතපසු වෙන්නත් පුලුවන් නේද?
    (මමත් පහුගිය ටිකේ වැඩ අධික නිසා බ්ලොග් අමතක කරලම දැම්මා)
    ආ කියන්න අමතක වුනා. මමත් පරම්පරාවෙන්ම පොත් ගුල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් තියෙනවද! සාහිත්‍ය ණය කියලත්. මේ පොත්වලට ලොකු ගාණක් ගියෙත් නැහැ ඩූඩ්. ගොඩක් තැන්වලින් 30% -25% අතර ඩිස්කවුන්ට් ලැබුනා වගේම සමහර ස්ටෝල්වල සම්පත් කාර්ඩ් වලට 5% කෑෂ්-බැක් එකකුත් තිබුනා.

      ඉස්කෝලෙ යන කාලෙ බස්සි බුක්ෆෙයාර් යන්න සල්ලි හොයපු හැටි මීළඟ පෝස්ටුවෙන් කියන්නම්කෝ.....

      පොත්වල අගය දන්නේ තවත් පොත් ගුල්ලෙක්ම පමණකි.

      බ්ලොග් අතපසුවෙන එකක් නැහැ. මට පොඩි මල්ටි-ටාස්කින් හැකියාවක් තියෙනවනෙ. දැනට පොත් පහක් කියවා හමාරයි.

      Delete
  25. ජෑමි ගහ යට කියවල බස්සි ලමයට හිතට එන දේ අහන්න කැමතියි. ලංකාවෙම burgher-english හාස්‍යය සිංහලට පෙරලන හැටි

    ReplyDelete
  26. ජෑමි ගහ යට කියවල බස්සි ලමයට හිතට එන දේ අහන්න කැමතියි. ලංකාවෙම burgher-english හාස්‍යය සිංහලට පෙරලන හැටි

    ReplyDelete