Thursday, October 30, 2014

දෙබිඩි අහස








දියලුමේ වතුරයි
ලැයිමෙ දහදිය බිඳුයි කඳුළුයි
මහ දවාලෙම ඉහල ඇදගෙන
අඳුරු වැහිකළු තර වුනා
බදුලු අහසම බර වුනා


ලපැටි තේ දලු යාය අතරේ
රිදී උල්පත් ඉපැදුනා
එයින් කුස සතපන සියොත් කැල
ඉරට ඉහළින් ඉගිලුනා
උණුහුමට ඝන වළා සළුපිළි
උන්ගෙ උරමත දැවටුනා


විසල් වැහි පිරි වලා සළුවක්
ශිඛර මුදුනක ඇමිණුනා
දියලුමේ දිය සමග මුහුවුන
කඳුලු මිහිමත විසිරුණා
අහස් වත අතගාන කඳු හිස
කඳුළු ගඟ දැක හෙල්ලුනා
කන්ද පාමුල පුංචි බිම්මල්
පස් ගොඩක් යට වැළලුනා


ලැයිමෙ මල්වල සෝ විලාපය
හෙමින් ඇහුනා නෑහුනා
අමුතු කම්පාවක් මවාගෙන
සිඟිති සිරිපොද ඉහිරුනා
හාංකවිසියකුත් නොදන්නා
සියොත් මධු ගී ගයමිනා
තව රිදී උල්පතක් සොයමින්
ඉරට ඉහළින් ඉගිලුනා




58 comments:

  1. සොබාදහමත් අප හිතන තරම් දරුණු නෑ.. කී වතාවක් මොවුනට අනතුරු අඟවලා තියෙනවද.. කාගෙද වගකීම.. වගවීමක් නොමැති සමාජයක.. ඒකත් ගොන් ප්‍රශ්ණයක්..

    ReplyDelete
    Replies
    1. වගකීම කියන්නෙ බෝලෙ පාස් කරන ගේම් එකක් විතරයිනෙ මාතලන්. ඉරට ඉහලින් ඉගිල්ලෙන්න තටු හයිය කුරුල්ලන්ට හෙන වදින්නෙත් නෑ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. හ්ම්ම්… පද පෙලම හදවතේ සියුම් තැනක් රිද්දනවා බං. :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... කතා කරල වැඩක් නෑ බං

      Delete
  3. කොහොම වුනත් එතන පස් වලින් යට වුනෙත් දුප්පත් මිනිස්සු හ්ම්ම්ම් සංවේදී වෙමු හැකි උදව්වක් වේ නම් ඉක්මනින් ඉටු කරමු

    ReplyDelete
    Replies
    1. ඔව් ෂැගියෝ.

      මනුසත් දෙරණෙන් සංවිධානය කලා මතකද වකුගඩු රෝගීන්ගේ පවුල්වල දරුවන් වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමයක්. මේ අසරණ වුන දරුවන් වෙනුවෙනුත් ඒ වගේ දෙයක් කරන්න බැරිවෙයිද අපිට?
      නැත්නම් මේ ළමයිනුත් තේ ගස් යට රිදී උල්පත් හාර හාරා ඉරට ඉහලින් ඉගිල්ලෙන කුරුල්ලන්ගේ උදර පෝෂණය කරන සිවුවෙනි පරම්පරාවට එකතුවේවි.

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්.. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ .....

    ReplyDelete
    Replies
    1. සඳ එළිය ගඟක් වී මා නුවන් ඉවුරේ...
      හැපී පෙණ පිඬු නඟයි
      අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ...

      මල් සුවඳ රටක් වී මා නුවන් සයුරේ...
      ඒ රටට අඬ ගසයි
      අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ...

      කිරි සිහින සඳක් වී මා නුවන් අඹරේ...
      සිනා සී අත වනයි
      අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ...

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
      සංගීතය - සරත් දසනායක.

      Delete
    2. කලින් අහල තිබුනෙ නෑ.
      ස්තූතියි පවුලූශෝ....

      Delete
    3. බස්සි: හෑ ?? අහල නැහැ කිව්වා. අප්පා.. මේක මම ආසම ගීතයක්. අන්න වියෝගිත. දැන් තියෙන එව්වා 'අම්මේ පුඩු අම්මේ.. ඉන්න බැරියෝ... මම නැතෝ ' කිය කියා විලාප දෙන්නේ

      Delete
    4. අදකාලේ විරහ ගීත ගැන අපේ 'සිංදුවා'ත් අපූරු පෝස්ට් එකක් ලියල තිබුනා උපේක්ෂා කියෙවුවද මන්දා.

      http://sinduwagemiyasiya.blogspot.com/2014/08/blog-post_19.html

      Delete
  5. හොඳ නිසදැසක් බස්සි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් :)

      Delete
    2. http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/14278-2014-10-31-04-31-13

      Delete
    3. ලිපියට දුන් මේ වටිනාකමට ගොඩක් ස්තූතියි! :)

      Delete
  6. Loka winase laga athi mea awurudde tsunamiyak enna puluwan

    ReplyDelete
    Replies
    1. මේ කලාපයට සුනාමි ඇලර්ට් නිකුත් කරපු බවක් (2014 ට.) මටනම් කියවන්න ලැබුනෙ නෑ. කුණාටු තත්වයක් ගැනනම් කියලා තියෙනවා.

      Delete
  7. අපූරු නිසදැසක්.මට මතක් වුනේ මාව දැඩි ලෙස කම්පනයට පත් කළ සිද්ධියක්.ඒකෙත් පදවැල මේ වගේමයි.මොණරාගල දුප්පත් ඉස්කෝලෙක දැරියක් නෙළුම් මල් කඩන්න ගිහින් ගිලී මැරුන සිද්ධියක් අලලා රත්න ශ්‍රී විජේසිංහ නිර්මාණය කළ නිර්මාණයක් ඒ.සාහිත්‍ය සම්මන්ත්‍රණයකදි දේශකය මේක විස්තර කරද්දි මට ඇඩුනා.

    බස්සිගෙ නිර්මාණයට කදුලු ආවෙ නැතත් මේ අහිංසකයන්ගෙ විපත රසවත්ව ඉදිරිපත්කර තිබූ අපූරුව නිසා කීප වතාවක්ම උඩ සිට පහලටත් පහල සිට ඉහලටත් කියවමින් නිර්මාණය රස වින්ද

    නෙළුම් මල් කඩන්න මොර සූරන වැස්සෙ වැවට ගිය දැරියගෙ වාගෙම මේ තේදලු නෙළන අසරණයන්ගෙ කතාවත් එකයි.මට දෙකම එක විදියට දැනුනෙ ඒකයි.ඒ දුප්පත්කමේ ශෝකාලාපයයි.
    මේ අසරණයන් ගැන තව තවත් නිර්මාණ බිහිවිය යුතුයි.

    මේ අර දැරියගෙ සිද්ධිය

    සුදු නෙළුම කෝ සොර බොර වැවේ...
    මල් සුවඳ කෝ මහියංගනේ...
    පුන් පෝයදා පාළොස්වකේ...
    මල් නෙළා විකිණූ පන්සලේ....
    වැවට කලුවර යා වුනා....
    සංසාර දුක බෝ වුනා....
    නෙළු මල් මිට ඉහිරුනා....
    එහා ඉවුරට පාවුනා....
    සුදු නෙළුම කෝ....
    සිහින් සිරිපොද වෑහුනා....
    ඉවුරු දෙකොපුල සේදුනා.....
    සුදු නෙළුම් මල දෑස පියවී.....
    මෙහා ඉවුරට පාවුනා.....
    සුදු නෙළුම කෝ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සුදු නෙළුම කෝ " ගීතය වගෙ බස්සිගෙ නිර්මාණයටත් තනුවක් දාල ගීතයක් ලෙස අහන්න අපි ආසයි.සුදු නෙළුම කෝ ගීතය වගේම බස්සිගෙ ගීයත් රසික හදවත් කම්පා කරාවි.
      මම නම් සංගීතය දන්න කෙනෙක් නොවෙයි.ඒත් මේ පදවැල ගීයකට ඉතා සුදුසු බවක් මට හැඟෙනවා.

      බස්සිගෙ පදවැල මට කටපාඩම් වුනා.ඒක හදවතට දැනුන නිසාම. අමරදේවගෙ කටහඩින් බස්සිගෙ මේ පදවැල අහන්න පිනක් තියෙනවනම් ........

      Delete
    3. \\ ඒත් මේ පදවැල ගීයකට ඉතා සුදුසු බවක් මට හැඟෙනවා. \\
      ++++++++++++++++++++++++++++

      Delete
    4. //සුදු නෙළුම කෝ සොර බොර වැවේ...
      මල් සුවඳ කෝ මහියංගනේ...//

      මාවත් හඬවාපු ගීතයක්. මට මතකයි පුංචි කාලෙ අපේ තාත්තා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "සුදු නෙලුම" පොත ගෙනාවා. පිටකවරෙ තියෙන්නෙ ලස්සන සුදුනෙලුමක්, ඉතින් පුංචි මට මාර ආස හිතුනා පොතට. ඒත් ඒ සිංදු වල තේරුම් අවබෝධයක් නෑ. පස්සෙ තාත්තා සිංදු එකින් එක කියලා දවස ගානෙ ඒවයෙ තේරුම් කියලා දුන්නා. අන්තිමේ 'සුදු නෙලුම' ගීතයේ තේරුම කියාදුන් දවසෙ මම හොඳටම ඇඬුවා. ආයෙ සිංදුවල තේරුම් අහගන්න ගියෙත් නෑ සෑහෙන කාලෙකට.

      Delete
    5. මගේ රචනය මටනම් සංවේදී මදි. මොකද තාමත් මේ සිදුවීම කන්ද යට වැළලුන බිම්මල්වල දෘෂ්ඨි කෝණයෙන් දැකලා කවියක් ලියාගන්න තරම් මගෙ හිත හයිය මදි. ඒ නිසයි හිත තදකරගෙන අසරණයන්ටම හෙන දෙන 'දෙබිඩි අහස' ගැන ලීවෙ,
      බාගදා පසුව තව නිර්මාණයක් බිහිවේවි. උණු වෙච්ච හිතකින් කවි ලියන්න අමාරුයි. සාර්ථක කවියක් ලියවෙන්න නම් හිත ගලන්නෙත් නැති, ඝනත් නැති ජෙලි වගේ වෙන්න ඕන. අන්න ඒ දවසට ආයෙත් බලමු. :)

      Delete
  8. Replies
    1. අන්තිම කවිය ඇතුලෙ "දෙබිඩි අහස" පිළිබඳ කටුක සත්‍යය තියනවා කියල මට හිතෙනවා. දෙවෙනි වර කියවන කොට තේරුණේ මේ කියන අහස ගැන.

      Delete
    2. චන්දන අයියට වැඩේ සෑහෙන දුරට තේරිලා තියෙන එක ගැන සතුටුයි.

      අහස අතගාන මන්දිර වල සඳලුතලවල කොඳුරන රහස් ඇහිලද මන්දා කලියුගේ අහසත් අනුගමනය කරන්නෙ දෙබිඩි පිළිවෙතක්.

      Delete
  9. සංවේදී නිර්මාණයක් ..

    // ලැයිමෙ මල්වල සෝ විලාපය
    හෙමින් ඇහුනා නෑහුනා //

    තව ටික දවසකින් ඔය කතාව බහුතරයකට අමතක වේවි. ඒ සිදුවීමෙන් පීඩනයට පත් උනු මිනිස්සුන්ට විතරක් ඒ ගැන මතක තියේවි. නැවත මෙවන් විපත් නොවෙන තැනට වැඩ කටයුතු සැලසිය යුතු පිරිසට ඒ සිදුවීමත් තවත් එක සිදුවීමක් පමණක්ම වේවි. ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සඳරු. හැමෝම නොමැරෙන මිනිස්සු වගේ පුදුම ආඩම්බරෙන් හැමදේම අමතක කරාවි.

      Delete
  10. බස්සිට ලියවුණ මගේ හිතට වදිනම සිතුවිල්ලද මන්දා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රොෆා
      සිදුවීම නම් අපි හැමෝගෙම හිත්වලට වැදුනා නෙ

      Delete
  11. කවදහරි අපිටත් මේ වගේ අත්දැකීමක් විඳින්න ලැබුණොත් කියල හිතන්න පොළඹවන හරිම සංවේදී නිර්මාණයක්...

    ReplyDelete
  12. හ්ම්ම් හිත ගැඹුරටම කිඳා බහින පදපෙලක්...මේ දුක්බර සිදුවීම නුඹට දැනුන තරම්ම අපිටත් දැනුනා.

    ReplyDelete
  13. කන්ද නුඹ නුඹේ
    මව් තුරුලට දියව යද්දී
    අපේ මව් නුඹ තුරුලෙ
    පෙනී නොපනී ගියා

    ReplyDelete
    Replies
    1. ඉතාම සංවේදී කවියක් මධූ!
      සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!

      Delete
  14. මේ මිනිස්සුන්ගේ කටුක ජීවිත මුහුණෙන් පේනවා. මියගියවුන් මියගියා යැයි හිතහදාගන්න ඕන. ඉන්න මිනිසුන්ට හරිහමන් ජීවිතයක් හැදීමයි වියයුත්තේ. ඔය වතු ආශ්‍රිත ලයින් කාමර ජීවිතවලට ආශ්චර්යේ හුලං පොදක්වත් වදින්නේ නැහැ. උන්ව හූරන් කනවා හැමෝම.

    සංවේදී පදවැලක්!!

    ReplyDelete
    Replies
    1. //මියගියවුන් මියගියා යැයි හිතහදාගන්න ඕන. ඉන්න මිනිසුන්ට හරිහමන් ජීවිතයක් හැදීමයි වියයුත්තේ.//

      සහතික ඇත්ත අරූ. ඔවුන්ට පොදවැහි ඉහලා පලක් නැහැ. වතුකරේ කඳු පාමුල පිපුන මේ සිවුවෙනි පරම්පරාවවත් ගොඩගන්නයි ඕන කරන්නෙ.

      Delete
  15. රිදෙන්න ලියලා තියෙනවා..

    ReplyDelete
  16. අහස නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ මහ වැසි වටුනාමයි.....
    පොලොව නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ නියඟය ආවාමයි ....

    මගේ හිතට ආවේ ඔන්න ඔය ගීතය.

    ReplyDelete
    Replies
    1. නීල ඉදුවර පෑ අහසට
      කදුළු වැසි දුන්නේ කවුරුද...//
      පලා පෑ ඉසි ලූ මිහිමත
      නියන් ඇති රූ වුයේ කවුරුද..

      Delete
  17. සංවේදී මොහොතක ලියවුනු සංවේදී පද පෙළක්...

    මොනවා කරන්නද බස්සියෝ...සොබා දහමේ හැටි තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ඒක නේන්නම් විභී

      Delete
  18. කියන්න දෙයක් නෑ බස්සීෟ.. ඊයෙත්, පෙරේදාත් දවස් දෙකේම මම හිටියේ ඔය සිද්දිය සිදුවුනු තැන.. අම්මලා නැතිව අඬන පොඩිඑවවුන්, ලමයි නැතුව අඩන දෙමව්පියන් ගේ විලාපය තාමත් හදවත ඇතුලේ දෝංකාර දෙනවා වගේ.. ආයේ නං කවදාවත්ම මේ වගේ විපත් ගැන අහන්න දකින්න නොලැබෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අපි රූපරාමු දැකලා මේ තරම් කම්පා වෙනවනම් එතැන වැඩකරන්න වුන උඹට මොන වේදනාවක් දැනෙන්න ඇත්ද කියලා හිතාගන්න පුලුවනි.

      Delete
  19. බ්ලොග් රෝලේ ඔවුන් වෙනුවෙන් දුටු එක ම නිර්මාණාත්මක සටහන. තුති!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුට්ටියේ

      Delete
  20. ස්වර්ණ බිම රන් මාළිගේ ගිර
    බිම්බරක් මහ සෙනග හිස මත
    කඩා හැලෙමින් දියවුණා...

    කියන නොකියන දැනෙන නොදැනෙන
    දහක් කරදර සෝ සුසුම් මද
    බස්සිගේ හිත් ඇවිලුණා... ;'(

    ReplyDelete
    Replies
    1. කලාහිතගේ පෝස්ට් එකෙන් දුක තවත් වැඩිවුනා

      Delete
  21. සොබාදහමට දරුණුයි කියන්න බෑ.. ඒ ඒකෙ හැටි.. මේක තමා ජීවිතයේ යතාර්ථය.. අපිට මොකක් සිද්ද වෙයිද කියල කියන්න බෑ ඒක වෙනකල්ම..

    කාලෙකින් බ්ලොග් පැත්තට ආවේ.. එන්ජිමේ පොඩි අවුලක් ඇවිල්ල තිබ්බ. දැන් හරි.. ආපහු දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වන බව කාරුණිකව සලකන්න...

    ReplyDelete
    Replies
    1. විභාග අබාග හමාර වෙලා ආපහු බ්ලොග් සැරිය පටන් අරන් වගේ... වෙල්කම් බැක් අඟහරු මල්ලී...!! :)

      Delete
  22. සංවේදීව දැනුන නිර්මාණයක්..

    ReplyDelete
  23. සොභාදහම විපත්තියක් ඇති කරන්න කලින් ගොඩාක් වෙලාවට අනතුරු ඇඟවීම් කරනවා..නමුත් අපි ඒ පණිවිඩ ග්‍රහණය කරගන්න සමසතුන් වේද කියන කාරණය මත ඛේදවාචක බිහි වෙනවා. පද ගෙත්තම අපූරුයි නගා...

    ReplyDelete
    Replies
    1. අපි ගොඩක් වෙලාවට හිතන්නෙ සොබාදහමට ඉහලින් නිසා අපිට ඒවා ඇහෙන්නෙ පේන්නෙ නෑ සිරා අයියේ. ඒක මිනිස්සුන්ගෙ අවාසනාව.

      Delete
  24. වැඩක් නැහැ බං මේවා තේරුම් ගන්න තරම් ගොඩක් උන් සංවේදී නැහැ.

    ReplyDelete