Monday, October 20, 2014

වියෝ ගී ගැයෙනා හදේ ජෛවරසායනය (Science behind break up)






බස්සි කලින් වතාවෙ තොරණෙ විස්තරේ දුන්නෙ ආත්මීය ආදරේක ජෛව රසායනය ගැන නෙව. අනේ ඉතින් අපේ පින්වත්තු ඒකෙන් සෑහීමට පත් වුනේ නෑ. ඒ වෙනුවට එයාල තව තවත් උනන්දු වෙනව විද්‍යා ගවේශණයට.


ඒ පෝස්ට් එකේම කමෙන්ට් කරල අපේ චාමික මල්ලි අහනවා බූට් පාරකින් හද බිඳීමේ ක්‍රියාවලිය විද්‍යාත්මකව පැහැදිලි කරන්නෙයි කියල. ඇයි අපේ ප්‍රා අහනව බ්‍රේක් – අප් වලදි ස්‍රාවය වෙන්නෙ ඔක්සි-ටොක්සින් ද කියලා. ඊට හපන් අපේ ඉවාන්, අඬ අඬා කියපි අර ක්‍රශ් ක්‍රෑෂ් සිද්දියට පස්සෙ තමන්ට දැනුන බූට් රෝග ලක්ෂණවලට හේතු විද්‍යාත්මකව පහදලා දෙන්නලු ඉක්මනටම.






අනේ ඉතින් එහෙව් ඉල්ලීම් නොසලකා අරින්නෙ කොහොමද කියලා බස්සි අද තොරණෙ විස්තරේ දෙවෙනි කොටස කියාදෙන්නයි මේ සූදානම. ඕං එහෙනම් අහගන්න; වියෝ ගී ගැයෙනා හදේ ජෛවරසායනය.


ලූෂා පස්සෙන් එන්නා
සුරංගාට මල පැන්නා
පිහියක් එලියට ඇද පෙන්නා
උන්දැව එළවා ගන්නා


ටුරුටූ ටුරුටුරු ටුරුටූ ටුරුටූ
ටුරුටූ ටුරුටුරු ටූරුරු ටුරුටූ



අනේ ඉතින්, ඕ ලෙවල් කාලෙ තමන්ගෙ කුළුඳුල් ආදරෙන් අයිසින් කරපු හදවත ලස්සන රැපින් පේපරේකින් ඔතාගෙන, රිබන් පටියක් ගැටගහගෙන අපේ ඉවාන් පවුලූෂා සුරංගා දැරිවිට හද පුදනව. ඒත් මල හත්තිලව්වට ගහපු කලාබරේ වගේ අන්තිමේ සුරංගා කුකුල්ලු මරන පිහියක් උරුක් කරලා තර්ජනේකුත් කරලා ඉවාන්ට බූට් සපත්තුවක් දෙනව ගෙදර ගෙනියන්න.


අන්න ඒ වගේ බූට් සපත්තුවක් තෑගි වශයෙන් ලැබුනම, කසාදයක අනාගත කාල වාක්‍යය වන දික්කසාදයක් සිද්ද වුනාම, එහෙමත් නැත්නම් කල්ප කාලාන්තරයක් සිතින් විතරක් පෙම් කරල, බැඳල ළමයි පස්දෙනෙකුත් හදාපු කෑල්ලගෙන් යාලුවෙන්න ඇහුවම දෙනෝදාහක් නුවන් අභියස අට ඉස්බක් ගැඹුරට වැළලෙන්න සිද්දවෙන විදියට තමන්ව ප්‍රතික්ෂේප කලාම ඇතිවෙන පොදු රෝග ලක්ෂණ කිහිපයක්ම තියෙනවා.



ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං !!



1.




කන්නත් බෑ බොන්නත් බෑ
උගුර කටත් වේළිලාලු
යාලුවො “කාපං” කිවුවට
කන්න බොන්න හිතක් නෑලු


සයිඩ් වෙලා මූඩ් ගසා බලන් ඉන්නවා
බූට් සැරට සැරින් සැරේ බඩ දඟලනවා



ආදර හැඟුමන් ඉපදුන
දවසෙත් මෙය සිදුවුනාලු
ඇඩ්‍රිනලින්, කෝටිසෝල්
අධිවෘක්කෙන් ගලනවාලු


මේ නඩලං හින්දා මහ
කරුම වැඩකි සිදුවෙන්නේ
ජීරණ පද්ධතිය වෙතට
රුධිරය අඩුවෙනි යන්නේ


සංකෝචන – ඉහිල්වීම් ස්ලෝ වෙනවාලූ
ඒ හින්දා බඩගින්නක් එන්නේ නෑලූ



2.



පතා ඔතා දුන් හදවත
පොළවේ ගැහුවා වාගේ
හාට් රේට් එකත් වැඩිය
මූණ පේනකොට ඈගේ


ඒ එක්කම හීන ලොවෙන් බිම ඇදවැටුනා
පපුව හිරවෙලා තදටම කැස්සත් හැදුනා


ඒ රුව දකිනා මොහොතේ
කලින් පුරුදු කරපු ලෙසට
තවමත් පණිවුඩ යැවෙන්නෙ
මොළේ pleasure cells වලට


තප්පර කාලක් යනකොට
නිවැරදි සිග්නල් යනවා
මස්තිෂ්කයෙ අපර කොටසෙ
pain center කික් වෙනවා


ඒ විතරද රුධිර සැපයුමත් අඩුවෙනවා
හෘත්පේශි හැකිලී හදවත කකියනවා



ඉස්සර පුරුද්දට ඒ මූණ දැකපු ගමන් හිතාගන්නත් කලින් ventral tegmental area එකට පණිවුඩයක් යනවා ආන් ඉන්නවා රාන් කුරුල්ලා කියල. අනේ ඉතින්, පුරුද්දට වගේ එතකොට මොළේ සතුට උපදවන සෛල උත්තේජනය වෙනවා.

ඒත් මොහොතක් ගතවෙනකොට ආපහු කඩන් වැටෙන්නෙ හැබෑ ලෝකෙට. ඒ රාන් කුරුල්ලා දැන් තමන්ගෙ නෙමෙයි කියලා මොලෙන් චටපට ගාලා කරෙක්ෂන් මැසේජ් යවනවා econdary somatosensory cortex එකටයි, dorsal posterior insula එකටයි. (මේවට කියන සිංහල නම් දන්නෙ නෑ. තරහ අවසර!) මේ පෙදෙස් වලින් කරන්නේ ශාරීරික වේදනාව දැනෙන්න සලස්වන එක. හොඳ විස්වාසෙට ගන්න, ඕන් ඔය නිසයි ඇත්තටම අර පහළොවක්ගෙන් ගුටි කෑව වගේ ඇඟට අමාරු දැනෙන්නෙ.

(ඉතිං ඒ උඩට කුංෆු අජන්තගෙනුත් ගුටි කාපු ඉවාන්...... නෑ එක්කො ඕනෙ නෑ.)



3.





හිතේ දුකට මුලු හදවත
බරට දැනෙන එකත් හරිය
ඒ වුනාට මුළු සිරුරම
රිදෙනව ඉවසන්න බැරිය


ඔලුව බරයි බෙල්ලත් හරවන්න අමාරූ
දෑත දෙපා තෙහෙට්ටු දෙනවා එක සීරූ



ඇඩ්‍රිනලින්, කෝටිසෝල්
සාන්ද්‍රණය වැඩිවෙන්නේ
පේෂි වෙහෙසපන් කියලයි
මොළයෙන් පණිවුඩ යන්නේ


ඒ වුනාට හිත බිඳුනම
ඔහේ වකුටු වී ඉන්නේ
වෙහෙසවන්නෙ නැති හින්දම
අපේ පේෂි ඉදිමෙන්නේ


ප්‍රතිශක්තීකරණය තව පිස්සු නටනවා
ගොඩක් වෙලාවට හෙම්බා, කැස්ස හැදෙනවා




අනේ ඉතින් ඔය විදියේ අටෝරාසියක් විනම්බෑසිවලට මූණ දෙන්න වෙන නිසාම අපි තව තවත් තදින් මොළේට පණිවිඩ යවනව බූට් සපත්තුව තිත්තයි කියල. අන්න ඒ දත්ත මොළේට කාවැඩුනම එයා කරන්නෙ බූට් එක තව තවත් තිත්ත කරනව. (ඔව් ඇත්තටම අපිට හිතාගන්න පුලුවන් කොණ්ඩෙ දිග ඩයනා අක්කගෙන් බූට් කාල මේ වේදනාව විඳින අතරෙ කුංෆු අජන්තගෙන් ගුටි කකා බයික් එක හෝදන්න උනාම ඉවාන් පවුලූෂා මොන තරම් අන්ත අසරණ තත්වයට පත්වෙන්න ඇතිද කියල. හා නැද්ද?)


මෙතනින් මේ කරුමය නවතිනවද? නෑ පින්වතුනි. රමර අස්සෙ බරකරත්ත කියලා මේන් මෙහෙමත් වෙනවා.



4.





කුඩු සික් හැදුනා වාගේ
ඇඟපත සීතල වෙනවා
අතීත සැමරුම් සිහිවී
සිරුර සෙමෙන් වෙවුලනවා


අනේ ඉතින් ඒ කාලෙ හාදුත් එක්ක සිරුර පුරා දුවපු ඩොෆමයින් අද අතුරුදහන් වෙලා. හරියටම ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ඒ පුරුද්ද එකපාරට නැවැත්තුවාම වගේ. ඩොෆමයින් අරන් ආපු එයා අද ඈතට ඈතට පාවෙලා යනව. ඇබ්බැහිය බලවත්වෙන තරමට සිරුරට දැනෙන පීඩාව වැඩියි. ඒ නිසාම අත්ල සීතල වෙලා අත පය වෙවුලනව.


මෙන්න මේ නිසාම තමයි හදවත බිඳුනට පස්සෙ සමහර වෙලාවට ජීවිතේට මත්ද්‍රව්‍ය පාවිච්චි නොකල උදවිය ඒවට ඇබ්බැහි වෙන්නෙ.



මේ දුක්ඛ දෝමනස්සයන් මෙතනින් කෙලවර වෙනවද පින්වතුනි? නෑ. ඇඳේ වකුටු වෙලා ඔහේ ඉන්නකොටත් සිරුර පුරා දුවන කෝටිසෝල් නිසා ස්නේහස්‍රාවී ග්‍රන්ථි අසාමාන්‍ය විදියට උත්තේජනය වෙනව. ස්නේහස්‍රාවී ග්‍රන්ථි තමයි අපේ සමේ තෙතමනය රැකගන්න උදව් වෙන්නෙ. ඒත් ස්නේහ ස්‍රාවය අධික වීම නිසා සමේ සිහින් සිදුරු තෙල් වලින් වැහෙනවා. ඒ නිසා අති භයංකාර විදියට මූණේ කුරුළෑ ප්‍රමාණය වැඩිවෙන්න ගන්නවා.





බූට් රහත් එක්කම මේ
විනම්බෑසි සිදුවෙන්නේ
සතිය සතිය ගෙවෙන විටදි
ආපහු නෝමල් වෙන්නේ


බූට් එකක් අතේ අරන්
තනිවෙන්නට නොසිතන්නේ
පුලුවන් හැම මොහොතකදිම
මිතුරන් අමතාපන්නේ


පිස්සු ඇන්ඩි පාර්ට් තියෙන උන් ළඟ ඉන්නේ
උන්ගෙ ජෝක් නිසා ඩොෆමයින් උපදින්නේ


එළියෙ ඇවිදින්න නිතරම වැඩක යෙදෙන්න
ගිය එකාට යන්න කියල ෆන් එක ගන්න


අන්න එතකොට ලෝකේ
පහව යයි දුක ශෝකේ


ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං
ඩුං !!!!



~~~@~~~




162 comments:

  1. බුට් සපතතුව හරි පැණි රහයි කියල නේ බං මට මොලේ රසායනික සංයුතිය බැලුවම පෙනුනේ..

    ReplyDelete
    Replies
    1. පැණි දාල රහ කරලනෙ දුන්නෙ. ;)

      Delete
  2. මේ පොස්ටුව හෙලා දකිමි ... ඕ යේස්

    ReplyDelete
    Replies
    1. කවුරු හරි ඉවාන්ට ශත පණහක් දෙන්න, බඩ කපාගන්න.
      යකෝ මෙහෙමත් චරිත ඝාතනයක්. කියපං බං අර ප්‍රේමදාස මහත්තය වගේ “මාව ඝාතනය කලත් කමක් නෑ. කුඩා කල පටන් මා අමාරුවෙන් හදාගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා“ කියලා.

      Delete
    2. ඇත්ත තිත්තයි... ඕ... යේස්...!!!

      Delete
    3. අනේ ඉවාන් මචං ඉතින් උඹ අඬාගෙන ආපු හැටි දැකල හිත උණුවෙලානෙ මේක ලිවුවෙ! ඇයි අවුල්ද??

      Delete
    4. හත්වලාමයි V! ඉවානයට චරිතෙකුත් තියෙනවද ඝාතනය කරන්න!!
      බ්ලේඩ්තලයක් පෝස්ට් කරමු!

      Delete
    5. නොලැබෙනා කාලෙට කජ්ජ ගහේයන් පුහුල බ්මේයන් කිව්වලු ඉවාන් අයියා හැක

      Delete
    6. බුහාහ් හෑහ් හුකෑස්

      මට සංතෝසෙ උහුලන් නෑ …

      ඉවානයා ඉවරයි … හුරේ .. ජය වේවා !!!!

      Delete
    7. පත්තර මල්ලිගෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එක තමයි ඉවාන්ගේ සායම යන පෝස්ට් එකක් පල කිරීම.

      Delete
  3. Fun with Science ද Science with fun ද කියල ඇහුව වගේ.
    ඕක ලිපියක් හැටියට ලීවා නම් බාගෙට බාගයක් කියවන්නේ බාගෙට.
    විද්‍යාව සන්නිවේදනය කරන්න ඕන ඔන්න ඔහොම රසට තමා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ජීවන!

      ඒත් මේ විදියට ගොඩක් ගැඹුරට ලියන්න වෙන්නෙ නෑ. අනික මස්තිෂ්කය වැඩකරන හැටි ගැන ලියන්න විදියක් තිබුනෙම නෑ විරිදුවෙන්.

      ventral tegmental area, left prefrontal cortex, secondary somatosensory cortex and dorsal posterior insula උත්තේජනය වෙන හැටි විරිදුවෙන් කියන්න ගියානම් අනිවා මට පිස්සන්කොටුවෙ තමයි නවතින්න වෙන්නෙ.
      :D :D

      Delete
    2. මටනං ඔය ලියල තියෙන ටිකත් ලිපියක් හැටියට ලියන්න පට්ට ගේමක් දෙන්න වෙනවා.

      Delete
  4. බස්සියො, දැන් මේක තමා ඔහෙගෙ අනන්‍යතාවය. මේ විලාශය නම් පටේ පට්ට.
    එතකොට අර කම්මුල් රත් වෙලා කන් රත්වෙලා යන්නෙ මක්කෙයි?

    ReplyDelete
    Replies
    1. ඒ අර ඩී.එස්.අයි. මාර්ක් එක කම්මුලේ හිටියමනෙ රත් වෙන්නෙ. :P

      Delete
    2. එහෙම වෙන්නෙ අමුවට ගැහුවම..

      ෂැන්ඩි පොඩ්ඩක් වැඩි කරහං පලවෙනි ෂොට් එකේ.. ඕක හරියනව.!! ඕ යේස්

      Delete
  5. Tyela khs lho frdaia mdx lSj,q
    niaisf. ffcj ridhkh kx urq'''
    yS'''''''

    ReplyDelete
    Replies
    1. හුටා.......................................

      Delete
    2. මොකක්ද යකෝ මේ...!!!

      Delete
    3. wgsYhska nqvavsugqkag muKhs''''''''''''''''''''

      Delete
    4. අඩේ ඒක මරු බාසාව බං....
      පාවිච්චි කරන්න පටං ගත්ත නං හරි

      Delete
    5. අර හොර දේශකයගෙ රහස් භාෂාව මහේෂුත් පටන් අරන්! විනාසයි.
      අපි අහිංසක යුනිකෝඩ් ජනතාව පව් :/

      Delete
    6. //Tyela khs lho frdaia mdx lSj,q
      niaisf. ffcj ridhkh kx urq'''
      yS'''''''//

      ඔහැක් නයි කයද රොස් පාන් කීඩවල බස්සිගෙ ජෛව රසායනය නං මරු...
      හි....

      Delete
    7. පද පෙරලියට තැන්කූ විදානේ...
      (නැත්නම් මේකල රහස් බාසාවලින් මට බනිනවද දන්නෑනේ)

      Delete
    8. කියන වස්තරයක් තේරෙන හිංගලෙන් කි‍යපල්ලකො. සෙද්ද. :p

      Delete
    9. ufa ufdk yqhkaklao nx Fgaf ndidjla kfa!!! wms ufal "permenant" lr.uq???

      Delete
  6. බූට් කෑම ගැන කතාකරන්න ඉස්සර වෙලා මමනම් ගෑනු ළමයින්ට කියන්නේ කොල්ලන් එක්ක සම්බන්ධකම් පවත්වන්න ගියොත් ඔය ආනිසංසේ අත්වෙනව කියලා. ඒක නිසා ඔය මෝඩ පෙම්වතියන්ගේ භූමිකාව අතඇරලා නූතන යුගයට ගැලපෙන විදිහට ධෛර්යයෙන් හා ශක්තියෙන් නැගී හිටින නූතන කාන්තාවන් හැටියට ක්‍රියා කරන්න කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි වනිතා දෙයක් තියේ...

      හැම කෙල්ලම ඔය විදියට හිතන්න ගියොත් ආසන්න වශයෙන් ශත වර්ශයක් ඇතුලත...
      ඔක්කො
      ගැහැණු ලියල්ල අමරනීය විය යුතුයි...
      නැත්තං
      දවසක පෘථීවිය මනුස්ස වාසයෙන් තොර තැනක් වේවි...

      (වනිතාගේ ඔළුව වේගයෙන් ඇද විට්ටමක හැප්පී ඇත...(මාගේ අවසන් නිගමනය))

      Delete
    2. වනිතාගේ ඔළුව නෙවෙයි ඔයාගේ ඔලුවනම් වැදිලා තියෙනවා. අමරනීය වෙන්න උනත් බැරිනෑ නවීන තාක්ෂණය ඉදිරියට ගියොත්. එහෙම නොවී පෘථිවිය මනුස්ස වාසෙකින් තොර උනත් කාන්තාවන්නම් ඉඳියි.

      Delete
    3. @ වනිතා
      අනේ කාලේ වනේ වාසේ කිව්වලු

      Delete
    4. වනිතා ඔයා යන්න ඕනෙ එක්කො මානසික උපදේශන සායනයකට. නැත්නම් dating site එකකට. ප්ලීස්!

      Delete
    5. ආතල් එක නං සුලුපටු නෑ වනිතා ඇනන්ටි … ඔහොම යං :D

      Delete
    6. //පෘථිවිය මනුස්ස වාසෙකින් තොර උනත් කාන්තාවන්නම් ඉඳියි. //

      සම්පූර්ණ ඇත්ත !!

      Delete
    7. අනේ අම්මෝ වනිතා !!!!!!!!!!!!!!!!!!!!!!
      කොහේද දෙයියෝ මෙච්චර කල් මකබෑවිලා හිටියේ...

      මං හිතං හිටියේ ඉබෝලවත්ද දන්නෑ කියලා

      Delete
    8. වනිතා ඇන්ටි අපිට හොරෙං බැඳලා විදානෙයො.. ඒකයි පේන්න නොහිටියෙ

      Delete
    9. සා වනිත මමනම් හරි ආසයි ඔයාවගෙ කෙල්ලන්ට.කොහෙද අපෙ කාලෙ හිටියෙම පොඩ්ඩක් ලගට ආවොත් බදිමුම කියන අයනේ.අනෙ ඔයාවගෙ යාලුවෙන්න ඔන නැ අනිත්ටික කරමු කියන කවුරුවත් හිටියෙ නැ.

      Delete
    10. //පෘථිවිය මනුස්ස වාසෙකින් තොර උනත් කාන්තාවන්නම් ඉඳියි//
      කාන්තාවෝ මනුෂ්‍ය ගණයට අයිති නැත්ද? මෙච්චර කල් මන් හිත ඉඳල තියෙන්නේ වැරදියට? බිරින්දෑ ගෙන් අහල බලන්න ඕනේ මොන ග්‍රහ ලෝකෙන්ද ආවේ කියාල?

      Delete
    11. මම ළගදිම වනිතාට බූට් එක තියනවා. ඕ යෙස්!

      Delete
    12. @වනිතා.
      //එහෙම නොවී පෘථිවිය මනුස්ස වාසෙකින් තොර උනත් කාන්තාවන්නම් ඉඳියි// ඒ කියන්නෙ කාන්තාවො මනුස්සයො නෙමෙයි? වනිතා හඬ ඇහුණම එහෙමත් හිතෙනවා. මක්ක උනත්,
      මගේ සොඳුරු ලිය, ඔබ මේ දෙන්නා වූ ආතල් ජීවිතයේ කිසිම, කිසිම, කිසිම දිනක
      කිසිම, කිසිම, කිසිම ලියකගෙන් නොලද බව මා පවසන්නේ මගේ බොකු පත්ලෙන්මය,
      ඔබ වන් ලියක් අඳුරු කාමරයකදී කිසිදු මිනිස් දෑසක, දෙසවනක, දෙපහසක ඉස්පර්ශය නොලබන තැනෙක හමුවීනම් රෑ එළිවනතුරා ඔබ හා දොඩමලු වන්නට මේ ඔබ පුන පුනා කියන වචන සුවල්පය, ඒ කියන වාර ගණනට යම් පිරිමැදීමක් කල හැකිනම් රැය පුරා මා කෙතරම් වාර ගණනක් අහා...ලබමිද, සුර-----?

      Delete
    13. ඔය වනිතා හඬ කාලෙකට සැරයක් මේ බ්ලොග් එකටයි තව බ්ලොග් කිහිපෙකටමයි ඇවිත් ඔහොම ඒව කියල ආතල් එකක් දීල යනව. ඒ එයාගෙ හැටි. ^_^

      Delete
    14. ව.හ.ට තියෙන ආදරේ මට කියාලා දෙන්න
      ගහක තියෙන තල් කොළ මදි ලියාලා දෙන්න....

      ව.හ....මට එක පාරක් ආදරෙයි කියන්න. නැත්නම් මම වහ බොනවා.

      I love you honey!! දෙයියම්පා..

      Delete
  7. නියම පොස්ටුව. මේක කියවන කොට හිතට ආවේ ඩාර්වින් ගේ පරිණාම වාදය කොච්චර හරිද කියල. හැම දේටම හෝමෝන වගේ එකතු වන ලෙසට හැගීම් පාලනය හෝ වැඩි වෙන ලෙසට , නියමයි නේද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්! ඇත්තටම අපි සුළුවෙන් හිතන සිදුවීම් දාමයක් දිහා sciency කණ්නාඩියක් ඇතුලෙන් බලද්දි පේන දේවල් ඇත්තටම සුන්දරයි.

      Delete
  8. අනේ බං මේක කියෙවුවම මටත් බූට් එකක් කාලා බලන්න ආස හිතුනා. පිනක්ද පවක්ද මන්දා මම බූට් කාලාම නෑ අප්පා.

    පට්ටෙටම ලියලා තියෙනවා බං බස්සි.!

    ReplyDelete
    Replies
    1. ආ.... ප්‍රියා බබා!
      බූට් වල අමාරුව දැක්ක නේද? ඔය හෘත් පේශි සංකෝචනය වීම් ඇත්තම හාට් ඇටෑක් එකකට බොහෝ දුරට සමානයිලු.

      Delete
    2. උඹටත් එක්ක මං කාලා තියනවා ..

      බඩු ඕන්නං කියහං එක එක සයිස් වල බූට් හෑව් :D

      Delete
    3. මෙන්ඩියට කියපන්.. උඹට ඕන අඟල් ගානෙන් බූට් එකක් සෙට් කරල දෙයි (28, 30, 33, 35, 56, 70)යනාදී වශයෙන්

      Delete
    4. ඕනැ සයිස් එක දුන්නම මහලත් දෙයි !!!

      Delete
    5. ආ ඒ බූට් ද? උඹලා කියනකම් තේරුන් නෑ නොවැ. :D

      Delete
  9. ඊයේ උන්නා ආදරෙං ෆන් එකේ උපරිමට
    ඇඩ්‍රිනලීන් කෝටිසොල් වැඩි උනා ටක්කෙටම
    අයියෝ අද ඒ කෝටිසෝල් ම වැඩිවෙලා 'පැත්ත'කට
    බූට් පාර වැදුනා ඇපත් නැතුව බොක්කටම

    'යශෝ' ගීත රැව් නැගේ.. ඉවානයා පව් අනේ..//

    ReplyDelete
    Replies
    1. ඉවානයා පව් නෑනෙ. මම ඒකාගෙ ක්‍රෂ් කතාව විද්‍යාත්මකව පැහැදිලි කලා විතරනෙ. අර පොඩි කාලෙ පේපර්වල තියෙන්නෙ "විද්‍යාත්මකව පහදන්න" කියලා.

      Delete
    2. විද්දියාත්මකව උනත් ඔහොම පැහැදිලි කරාම උගේ සායම යනවනේ බස්සියෝ! හිකිz.. ඇත්තටම ඔය ප්‍රශ්ණෙ ඒ කාලේ පේපර් වල තිබ්බෙ අර කැමති ප්‍රශ්ණ තෝරගන්න තිබ්බ කෑල්ලෙද? මටනං එහෙම එකක් මතකම නෑනේ...

      Delete
    3. දැන් ඉතින් ඔයා මේකෙ ප්‍රින්ට් අවුට් එකක් අරන් ඔෆිස් එකේ බ්ලොග් නොකියවන හුදී ජන පහන් සංවේගය උදෙසා බෙදා හැරියනම් වැඩේ 100%ක් කම්ප්ලීට්!

      මට මතක ඒක අනිවාර්ය ප්‍රශ්ණයක් වගේ. ඔප්ෂනල් උනත් මම අනිවාර්යයෙන් කරන නිසා එහෙම මතක හිටියද මන්දා.

      ඕ ලෙවල් සයන්ස් පේපර් එකේ අන්තිමටම කලේ විද්‍යාත්මකව පැහැදිලි කිරීම් ප්‍රශ්ණයක්. ඒකෙ අන්තිමටම තිබුනෙ අර අන්ධ වවුලෙක් පාර හොයාගන්න සීන් එකක් පහදන්න. පේපර් එක ශේප් නිසා ඒ කෑල්ලට ලකුණු කැපුවත් කමක් නෑ කියල ඒකටත් මම මේ වගේ කවියක් ලිවුවා මතකයි. වවුලා බීරි වුනොත් නම් සොරි තමයි වගේ එකක් ලියලා තමයි උත්තරේ අවසාන කලේ. කියෝපු කට්ටිය ලොකු බින්දුවක් දුන්නද දන්නෑ. :D :D

      Delete
  10. කොමළ ලියා බොළඳ ලියා
    මාව දමා යන්න ගියා
    සියුමැලියා සිකුරුලියා
    සියුමැලියා සිකුරුලියා

    ගත සීතල පහස ලබා
    ළැම රන්වන් සුවඳ සොබා
    නිමවෙයි රොන් ලැබුව මෙමා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා සිකුරුලියා


    නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
    අද ඒ නෙත කඳුළු බිඳූ
    ආදරයෙන් ඔබද හැදූ
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා
    සිකුරුලියා

    ආදරයෙන් ඔබ හින්දා
    මා මනසින් දුක් වින්දා
    පාළුව ළඟ මා රන්දා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා සිකුරු ලියා

    කොමළ ලියා බොළඳ ලියා
    මාව දමා යන්න ගියා
    සියුමැලියා සිකුරුලියා
    සියුමැලියා සිකුරුලියා //

    ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
    සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
    ගී පද - ධර්මසිරි ගමගේ

    ReplyDelete
    Replies
    1. වියෝ ගී ගැයෙනා හදේ
      ආදර මල් නොමියේ
      සදා මේ සංසාරේ
      අපේ හමුවීම නොවේ //

      අතීතයේ මායා
      රූ කැඩී බිඳී යාවී
      අනාත වූ මා දෑසේ
      කතා නිමා වේවී
      මගේ කදුළු හංගා
      මා සිනා සිසී ඉන්නේ
      ඔබේ ලොවේ හිරු පායා
      සදා සිනාසේවා

      වියෝ ගී ගැයෙනා හදේ... //

      අනාගතේ සිහිනේ
      නෑ මෙදා සැබෑ වන්නේ
      මිලාන වූ ආකාසේ
      අපේ පැතුම් පාවේ
      මගේ පැලේ තනි වී
      මා සුසුම් හෙලන වේලේ
      ඔබේ ලොවේ හිරු පායා
      සදා සිනාසේවා

      වියෝ ගී ගැයෙනා හදේ... //



      ගායනය - නීලා වික්‍රමසිංහ
      සංගීතය - නිමල් මෙන්ඩිස්
      ගී පද - සුනිල් ආරියරත්න

      Delete
    2. ආන්න ඩොෆමයින් වලට ඇබ්බැහි වෙලා එකපාරටම ඒවා නැතුව ගියාම සික් එකට වෙවුල වෙවුල කියන ගීතයක්. තැන්කූ සින්දු ඇනෝ....

      Delete
    3. //වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ// මම ආසම සින්දුවක්.

      Delete
    4. සිංදු ඇනෝ අරින්ඩෙපා …

      මං යනවා බස් අජිත් එක්කරං එන්ඩ :D

      Delete
    5. ඇයි අසංක ප්‍රියමන්ත පීරිස් දැන් අලුත් සින්දුවල ඉකිත් ගහනවා.

      Delete
    6. සින්දු ඇනෝ සයන්ස් විරිදුවටත් සින්දුවක් දදාන එක විශ්වය ගැන සින්දු නැත්ද?

      Delete
    7. විශ්වය කියද්දි මතකද "මුතුහර"තේමා ගීතය ???

      විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන
      ලස්සන ලොවක් සදම්....
      ඒ ලොව සැදුමට ඇපකැප වී නිති
      මුලු ශක්තිය යොදවම් …

      ඇටිකිච්චා කාලෙ ටීවී එක ඉස්සරහා දපලා මුතුහර බලපු හැටි මතක් උණා :D

      Delete
    8. මේ සින්දුව පොඩ්ඩක් ඒ වගේ නේද පටන්ගැන්මෙදි.

      The Milky Way upon the heavens
      Is twinkling just for you
      And Mr. Moon, he came by
      To say goodnight to you
      I'll sing for you, I'll sing for mother
      We're praying for the world
      And for the people everywhere
      Gonna show them all we care
      Oh, my sleeping child the world's so wild
      But you've built your own paradise
      That's one reason why
      I'll cover you, sleeping child
      If all the people around the world
      They had a mind like yours
      We'd have no fighting and no wars
      There would be lasting peace on Earth
      If all the kings and all the leaders
      Could see you here this way
      They would hold the Earth in their arms
      They would learn to watch you play
      Oh, my sleeping child the world's so wild
      But you've built your own paradise
      That's one reason why
      I'll cover you, sleeping child
      I'm gonna cover my sleeping child
      Keep you away from the world so wild
      Keep you away from the world
      Away from the world so wild
      Oh, my sleeping child the world's so wild
      But you've built your own paradise
      That's one reason why
      I'll cover you, sleeping child
      Oh, my sleeping child the world's so wild
      But you've built your own paradise
      That's one reason why
      I'll cover you, sleeping child


      Delete
    9. ළඟින් යනවා නේද ? හොඳ සින්දුව

      Delete
    10. @ අජිත් මේක කොහොමද ???????


      මේ චක්‍රාවාටයේ
      ගලා යයි ජීවිතේ

      කෙම් බිම සෙව්වෙමි ආද‍රයේ
      රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ
      ශෘංගාර නර්තනයේ
      සුරූපී නෘත්‍යාංගනාවන්ගේ
      මන රංජනය කළෙමි
      කෙළවර නොදුටිමි

      මේ චක්‍රාවාටයේ
      සියවස් දහසක් මුළුල්ලේ
      සංසාර ගිරිඹයද මැදින්
      ගලා යයි ජීවිතේ
      අවසානයක් අවසානයක් නැති

      මහා පොත් අතර සැරුවෙමි
      දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි
      මිනිසුන් අතරම ඒ
      හුදෙකලා වුණෙමි

      මේ චක්‍රාවාටයේ
      සියවස් දහසක් මුළුල්ලේ
      සංසාර ගිරිඹයද මැදින්
      ගලා යයි ජීවිතේ
      අවසානයක් අවසානයක් නැති

      මහා පොත් අතර සැරුවෙමි
      දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි
      මිනිසුන් අතරම ඒ
      හුදෙකලා වුණෙමි

      මේ චක්‍රාවාටයේ
      සියවස් දහසක් මුළුල්ලේ
      සංසාර ගිරිඹයද මැදින්
      ගලා යයි ජීවිතේ
      අවසානයක් අවසානයක් නැති

      මේ කාලාත්‍රයේ
      නොනිම් සංග්‍රාමයේ
      නැවතුම සොයාගතිමි
      නිදුකාණනේ
      සම්මා සම්බුද්ධ වූ
      ඒ චවනයෙහි
      නිවී සැනහෙමි
      සැනහෙමි



      ගායනය - කිත්සිරි ජයසේකර
      සංගීතය - නදීක ගුරුගේ
      ගී පද - චාමින්ද රත්නසූරිය

      Delete
    11. අහස සේ ඔබ අනන්තයි
      සයුර සේ ඔබ අනන්තයි
      මේ විශ්වයේ මා දකින්නේ
      ඔබමැ පමණයි.. ඔබ අනන්තයි...

      වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ,
      මධු විතක් උතුරන තැනක් ඔබ,
      තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ,
      පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ...

      අඩ සඳත් සැඟවෙන තැනත් ඔබ
      රළ පෙලත් පෙරළෙන තැනත් ඔබ
      සිසිලසක් දනවන තැනත් ඔබ
      උණුසුමක් ගෙන එන තැනත් ඔබ...

      ගායනය - නන්දා මාලනී

      Delete
    12. පොල්ලෙන් ගැහැව්වා වගේ ඇනෝ. මුල සින්දුව අහපු නැති එකක්. මෙහෙම ඉඳල ආපහු බුද්ධාගම පැත්තට ඇ දෙයිද දන්නේ නැහැ තව අවුරුදු කීපයකින්.
      වහාම පොත් කියවන එක නතර කරන්න ඕනේ. හේ හේ

      Delete
    13. සින්දු ඇනෝ ඔයාගෙ මේ හැකියාවනම් අතිවිශිෂ්ඨයි. පළවෙනි සින්දුව අදයි ඇහැව්වෙ.

      Delete
    14. මේක ලංකානිව්ස්වෙබ් එකට යැව්වා. කමක් නැහැ නේද.

      Delete
    15. කිසි අවුලක් නෑ :)

      Delete
    16. @ පත්තරේ,
      //විශ්වය කියද්දි මතකද "මුතුහර"තේමා ගීතය //
      සිරාවටම ඈ.

      Delete
    17. @ සින්දු ඇනෝ,
      තැන්කු යු බං.

      Delete
  11. 5. "බුදු අම්මේ, මර උගුලකින් යං තං ගැලවුනා" සිතීම?

    ReplyDelete
    Replies
    1. තනි වෙන්නට මගේ ලොවේ
      පුරුදු පාලුවෙන් … :D

      Delete
    2. ඒවා බූට් ලැබීම් නෙමෙයි මිළදී ගැනීම් නෙ ප්‍රා. ඒකට හේතුව රෙලේෂන්ශිප් එකේදි නිසියාකාරව ඔක්සිටොසින් ස්‍රාවය නොවීම.

      Delete
    3. එතකොට දැනෙන නිදහස?

      තනි වෙන්නට මගේ ලොවේ
      පුරුදු බ්‍රෑන්ඩ් එකෙන් …

      Delete
    4. ප්‍රා මචෝ

      ජීවිතේ සුන්දරද මෙතරම් …!!

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    5. ඒවා බූට් යෑ ප්‍රා...

      Delete
  12. පට්ටම රසයි බස්සි..
    මම වැඩියෙන්ම මේ පෝස්ට් එකට කැමති ඉවාන්ට වැටෙන්නම දීල තියන නිසා...

    අනික මේ විදියට රසායන විද්‍යාව ඉගන ගත්තනං මාත් අද ඉවාන් වගේ බිල්ඩින් අස්සේ හිරවෙලා ඉන්නවා...

    හැක් හැක්..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට
      මෙන්න ඇත්‍ත …

      ඉවානයා හයමාසෙකට ෆීනීතෝ !!!

      බස්සි දිනේවා … ඉවාන් භංග වේවා !!!

      විප්ලවයට ජය වේවා ……

      Delete
    2. අපි එහෙමයි විදානේ... ත්‍රී ඉන් වන්. දැනුම + විනෝදය + මඩ

      මම මේ විදියට රසායන විද්‍යාව ඉගෙනගෙනත් එකපාරින් ඒ ලෙවලුත් එපා වෙලා දැන් කැම්පස් එකේ ඉගෙනගත්තු ඒවට මෙලෝ සම්බන්ධයක් නැති ජොබ් එකක් කරනවා.

      Delete
    3. අහා තැන්කූ පත්තරේ!! :D

      Delete
    4. හෙනම ගහපියව් ,,මේ වැස්ස කාලේ

      Delete
    5. පවුලිස් අයියා චා චා හෙන ගහන්න කියන්න එපා අප්පා මේ වැස්ස කාලේ, එහෙම හරි නැහැනේ. :D

      මේක සමරන්නත් එක්ක මොකද කියන්නේ ගල් ගහමුද? :D

      Delete
    6. ගල් කිව්වා ??

      පස්සට පලයව් පෝලිමේ … මං එක !!!!!!

      Delete
    7. ගල් නම් බයිට් එක කඩල

      ඒ පෝලිමේ මම එක!!

      Delete
  13. එම්බා බස්සිය සහ එම්බා පත්තරය

    තොපි දෙදෙනා එකතුව ,මාගේ ශ්‍රී නාමය කතා කරනු වස් ,කුමන්ත්‍රණකාරීව පළකර ඇති මේ පොස්ටුවට එරෙහිව මා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි ..ඕඕ යේස් .

    තවද තොපගේ මේ කුමන්ත්‍රණය රටවැසියාට හෙළිකිරීමට මම විශේෂ කමිටුවක්ද පත් කරමි. එම කමිටුව හරහා තොප දෙදෙනාට කරුණු දැක්වීමට නුදුරු දිනෙකදී සිදු වනවා ඇත. එයින් වරද කරු වුවහොත් (අනිවා වරදකරු වෙනවා ,යකෝ මම දාපු කමිටුව මට ඕන තීන්දුව දෙන්නේ නැත්තම් මොන කෙහෙල්මලකටද) තොප දෙදෙනා බරපතල වැඩ ඇතිව මාසයක් ඉන්ටනෙට් නැති දුපත් දෙකක සිරකරනු ලැබේ .. ඕ යේස් ..

    ReplyDelete
    Replies
    1. ග්‍රී නාමය කතා කරනු????

      හෙක් හෙක්

      //යකෝ මම දාපු කමිටුව මට ඕන තීන්දුව දෙන්නේ නැත්තම් මොන කෙහෙල්මලකටද//

      බස්සි අක්කගේම වචන වලින් කිව්වා නම් //“මගේ අධීක්ෂණය යටතේ පවතින කිරි බෝතලයක් මට විකුණගන්න බැරිනම් මම මීයෙක්ද තුමනි.”// වගේ නේද

      බැරිද ඔය කමිටුවේ පට්ටමක් එහෙම ගන්න :D

      Delete
    2. හුකෑස්

      මළ සමයං - පයින් යනව !!!

      Delete
    3. ඉවාන් එක්කො මම උඹට සපෝට්. එම්බා බස්සි "ගනු සටන - එනු අසිපතට". :D

      Delete
    4. හුකෑස් ප්‍රියා අයියා, ඔන්න දුටුගැමුණුයි එලාරයි දැන් ෆයිට් එකට සෙට් උනාලු, දුටුගැමුණුට ද්‍රවිඩය කියන වචනය කියව ගන්න බැරිලු, ඕන දුටු ගැමුණු කිව්වලු

      "අඩා දොරඋඩ!!!, එනු කඩුවට ගනු සටපට" කියලා

      එතකොට එළාර කිව්වලු

      "යෙන්න ඩා දොරඋඩ, ඉන්නවා එතා උඩ තමා"

      Delete
    5. //මේ කුමන්ත්‍රණය රටවැසියාට හෙළිකිරීමට මම විශේෂ කමිටුවක්ද පත් කරමි//්‍

      මං සභාපති හොඳේ...

      Delete
    6. ඉවාන් ඇයි මචං ඩයනා ගැන ලියවුනා මදිද!? මං මේ දහ අතේ කල්පනා කොරන්නෙ //ශ්‍රී නාමය කතා කරන්නෙ// කොහොමද කියලා.

      Delete
    7. //බරපතල වැඩ ඇතිව මාසයක් ඉන්ටනෙට් නැති දුපත් දෙකක සිරකරනු ලැබේ//
      හුහ්! එහෙම දූපත් දැන් ඉතින් හොයන්න වෙන්නෙ හඳෙන් තමයි. අපි දූපතේ දවස් දෙකෙන් ටවර් එකක් ගහනව නැද්ද පත්තරේ?

      Delete
    8. මුන් දෙන්නම එකම දුපතකටද දාන්නේ..?

      Delete
    9. ඕ යේස් !!!

      ඉන්ටනෙට් දෙන්න බැරිනං මට මගේ දූපතේ බාර් එකක් ඇරලා දිය !!

      Delete
  14. නිරුදක කතර දිය රැඳී විල පිපි කුසුම නුඹ
    බියසැක නැතිව රොනට ආ බඹරිඳුය මම
    දැකදැක රොන් නොදී පරවුණු කුසුම නුඹ
    කතරක රොන් සොයා වැනසුණු බමරු මම

    පොස්ටුව කියවලා තව බුට් කවි නම් ලියන්න හිතයි අනේ, එත් වෙලාවක් නැහැනෙවේ, හෙක් අක්කගේ පැහැදිලි කිරීම් සුපිරි, ෂේක් උ පෙළ බයෝ කොරන්න ගිහින් මාසයක් විතර ඉගෙන ගත්තු රාජධානි මාව ආක්‍රමණය කරන්න වගේ දැනුනු හින්දා මම මැතට පැන්නා නේ, ෂේක් ඒ දවස්වලා ආත්‍රපෝඩා කියයි මොලුස්කා කියයි අනේ මන්දා දැන් මතකත් නැහැ, ඕවා කියවද්දී මගේ හකු පඩාත් නැහැ වගේ. එත් බයෝ වල වැදගත්ම පාඩම අපිත් දන්නවා හැක හැක ප්‍රජනනය :D දුෂ්‍යන්ත සර්ගේ පන්ති කට කරලා තිස්ස සර් ගෙයි හිරාන් සර්ගේ ගෙයි පන්ති වලට හොරෙන් පැනලා අහන හිටියන්නේ. :D

    හෙක් අපි කාපු බුට් වල හැටියට කොහොමද ලව් කරපු ගෑනු ලමයම මම බඳිනවා කියලා වෙඩි කාඩ් එකක් ගෙනල්ල දුන්නම, මොනා කරන්නද අරන් වෙඩිමට ගිහින් කාල බීල මද පමණින් අනුමත වෙලා සින්දුත් කියලා නටලා ඒකිට සුබ පතලා අරූ වෙනුවෙන් අවන්කෙන්ම දුක් වෙලා ආව එන්න. හැක හැක :D. එකක් නම් කමක් නැහැ එවන් සිද්දි තුනක්ම, අන්තිම සීන් එක මේ නම වෙනිදා උනේ :D එපමණයි මා සදා තනිකඩයි.

    බස්සි අක්කා අපි වගේ උන්ට මේ කරන පැහැදිලි කිරීමට ගොඩක් තැන්කු හරිය. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් මේ වගේ සරල ක්‍රම වලින් බයෝ ඉගෙන ගන්න හිතුනෙ හිරාන් සර් නිසයි. ඒත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා හිරාන් සර්ගෙ පන්තියට යන එක දොළහ වසරෙන් පස්සෙ නතර කරන්න වුනා ඒක නම් ලොකු පාඩුවක්.

      හිරාන් සර් එවලූශන් එහෙම කියල දෙනව නට නටා ඒක නම් මාරයි.

      හැබැයි ඉතින් අපි ඉඳගන්නෙ පිටිපස්සෙම පේලියට කලින් එකේ. ඒක තමයි අවුල.
      හැබැයි ඒ ඩෙස්ක් එකේ ලියල තිබුන "ශ්‍රේෂ්ඨයන් බිහිවන්නේ පසුපස පේළි වලිනි." කියල. :D

      හිරාන් සර්ගෙ ක්ලාස් එක ගැන මතකය අළුත් වුනේ සොමියා මල්ලිගෙ කමෙන්ට් එක නිසා. ඒකට පින්!

      හිහිහි! ඔය වෙඩින් කාර්ඩ් සීන් එක ගොඩක් ගෑල්ලමයින්ගෙ රිවෙන්ජ් ස්ට්‍රැටර්ජි එකක් ලු. එතකොට සෑහෙන්න රිද්දන්න පුලුවන් ලු. o.O

      Delete
    2. හරියටම ටෙලිපත් වගේ 11.11 වෙද්දී මම මෙතන, හැක හැක. හිරාන සර් නම් පට්ට , එත් මගේ මොලේට දුෂ්‍යන්ත සර්ගේ තියරි තමා වැදුනේ. නිරෝෂ් සර්ගේත් ගියා, කෙමිස්ට්‍රි වලට කේ සිරි සර්, හම්මේ කෙමිස්ට්‍රි පෙව්වා, ඕගනික් එහෙම. පිකිස් ඉතින් ටිල්නි සර්, මට අර සවුක්ය පන්තිය එපා උනා සතියෙන් පුස්සල්ලගේ. :D

      ඒ කාලේ මාරු නේ අක්කා, ආයෙත් පන්තියකට ගිහින් පස්ස පේලියෙන් වසිවෙලා ඉන්න හිතෙනවා. නැද්ද?

      Delete
    3. මමනම් කෙමෙස්ට්‍රි පොතුපිටිය මැඩම් <3 අනේ ක්ලාස් ඉවරවෙලා පැයක් හරි ඉඳල අපි අහන කප්පරක් ප්‍රශ්ණ සේරටම උත්තර දීල තමයි යන්නෙ.

      පිචිස් නම් අපේ ගෙවල් ගාව පට්ට දරුණු ටීචර් කෙනෙක් මිස් ඩේසි කියල. අම්මෝ බයේ ගැහි ගැහි යන්නෙ ඒකට.

      මටත් ඔය පුස්සව දිරවන්නෙම නෑ හලෝ. මොන්ටිසෝරි ගණන් සීයක් විතරයි, ඒ ලෙවල් ගණන් දහයක් විතරයි තියෙන ටියුට් එකක් දෙනව. ඉතින් ළමයි ඉන්නව උතුරන්න. ඒ ලෙවල් ස්ටෑන්ඩර්ඩ් එක තේරුම් ගත්ත කීපදෙනා ගොඩ යනව. ඒත් ගොඩක් උන් සදා වලේ. අනික පාන්දර හයහමාරෙ ඉඳන් පන්ති. හුළුඅතු පත්තුකරන් තමයි යන්න වෙන්නෙ. අනික උන්දෑ කරන්නෙම ළමයින්ව තර්ඩ් ෂයි වෙනකම්ම ඒලෙවල් වලට අලවලා තියාගන්න ට්‍රයි කරන එක.

      Delete
  15. හප්ප බුට් කාල තලුමර මර හිටපු කාලෙ මතක් වුනා. අම්මප එක නිකන් චුවින්ගම එක වගෙ හප හප සැහෙන කාලයක් හිටය නොවැ

    ReplyDelete
    Replies
    1. ඕව චුවින්ගම් වගේ හපන්න ගියාම අවුල්නෙ දමිත්. කරන්න තියෙන්නෙ පරණ චුවින්ගම් එක විසික්කා කරල අලුත් ටොපියක් අරගන්න එකයි.

      Delete
  16. මට පිස්සු...
    මට පිස්සු...
    මට පිස්සු...
    මට පිස්සු...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත…
      ඒක ඇත්ත…
      ඒක ඇත්ත…
      ඒක ඇත්ත…

      :D :D :D

      Delete
    2. ඒක ඇත්ත… x 2
      ඒක ඇත්ත… x 2
      ඒක ඇත්ත… x 2
      ඒක ඇත්ත… x 2

      :P

      Delete
  17. බූට් එකක් කාලා ඉන්න එකෙක්ට මේක පෙන්නන්න ඕනෙ.ඌට මොනව හිතෙයිද දන් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඌ බූට් එක විසිකරලා විද්‍යා ලිපි කියවන්න ගනීවි නේද?

      Delete
  18. පරක්කු වුනා ටීචෝ... :)

    පාඩම නම් ඉස්තරම්. ඩුං ටුරු ටුං ඩුටුං ඩුටුං ඩුංංංංංං!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ මේක ඊයෙ දැම්මෙ චන්දන අයියේ....

      තැන්කූ තැන්කූ හොඳේ.... ^_^

      Delete
  19. බුදු අම්මෝ මේකේ කොමෙන්ට් ගොඩ. :D .හේනට ඉල්ලුමක් තිබිලා තියේ නේ.

    මේක වහාම කැස්පර් ටත් පෙන්නන්න ඕනි.
    අඩෝ කැස්පර් මේක බලහන්.මෙහෙම බලද්දී මම හොදයි යකො . :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. බලන්නකො ආදරේට වඩා විරහවට ඩිමාන්ඩ් එක වැඩියිනෙ. අපි ඔය හොටු පෙරාගෙන විරහ ගී කියන ගායකයින්ට බනින එක වැරදී නේද! :) ;)

      ඔන්න ඔයාගෙ ඉල්ලීම ඉෂ්ඨ කලා. මුල ඉඳන්ම මගෙ බ්ලොග් එකට එන, හැම ලිපියම කියවපු කුරුළු යාලුවා ඉල්ලපු ලිපියක් නොලියා කල්මරන්න බෑනෙ නේද?

      කැස්පර්ව දැක්කෙ නෑ කාලෙකින්.

      Delete
    2. කැස්පර් බුකියේ නම් රියල් එකෙන් ඉන්නවා .:D
      උට මේ කලින් පොස්ට් එකේ තියන ලක්ෂණ පහල වෙලා ;)

      ඔය අදත් දිවුවේ පස්සේ :V :v

      Delete
    3. එහෙමනම් මේ පෝස්ට් දෙකම කැස්පර්ට පෙන්නලා තියෙන එක කොයිකටත් හොඳයි නේද? එක්සෑමුත් කිට්ටු එකේ... ;)

      Delete
  20. පට්ටයි බස්සියෝ පට්ටේ හොඳම එක.. අර ඇන්ඩි ග්‍රිෆිත් එකක් ආයේ දියන්කෝ මේ සයන්ස් ෆික්ෂන් ඔක්කෝම දාලා.. මම හිතන්නේ නියමෙටම ගැලපෙනවා ඒ වැඩේට. ආයෙත් සයන්ස් වල නම් මතක් උනා..

    හෘත්පේශී හැකිලිලා හාට් එකට කෙලවෙන් නිසා වෙන්න ඇති ඊට සමාන වචනෙකින් දාලා ගිය කෙල්ලට දෙන්නේ පොරි හැලෙන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන් බොස්! ආයෙ ඇන්ඩි ග්‍රිෆිත් එකකුත් ලියන්න ඕනෙ. තව සතියකින් විතර හෙමිහිට දෙන්නම්කෝ ඒ එකක්. මේ දවස් වල සුට්ටක් වැඩ වැඩී නෙව.

      හාට් එකට කෙලවෙනව කියන්නෙ හදවත දුර්වල අය මේ mini-heart attack වලින් මියයාමේ අවධානමකුත් තියෙනවලු. එහෙම වෙන ප්‍රතිශතය ඉතාම අඩු වුනත්.
      ඔය ලව්-ස්ටෝරිවල පපුව පැලිල මලා කියන්නෙ එහෙම ඒවට වෙන්න ඇති.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. විසිටර් මෙන්න ඔයාගෙ කමෙන්ට් එක ආතර් මකලා!!!

      Delete
  22. අනේ මන්දා ඉතිං මේවානම්.. ඇත්තත් වගේ.. නැත්තත් වගේ ;)

    ReplyDelete
    Replies
    1. අනේ මේ ළමයා යවන්න තියෙන්නේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයට. ඇත්තෙන්ම අපිට මෙහෙම විද්‍යාව ඉගෙන ගන්න ලැබුණා නම්... හැබැයි කොහොම වෙතත් ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා. නැති එකා නිදහසට කරුණු හොයනවා.
      මතකද එක පොතක් තියෙනවා Maths With Mommy කියලා. ඉස්සර ඕක කරන්න ගිහින් මගේ දුව පොඩි කාලේ ඔය පොතට නමක් දාලා තිබ්බා Knocks With Mommy කියලා..

      Excellent!

      Delete
    2. නාඩි මල්ලි : ඔයා ඉතින් බූට් කාල නෑනේ.... කාපු දාට තේරෙයි රහ. :P

      Delete
    3. //කොහොම වෙතත් ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා. නැති එකා නිදහසට කරුණු හොයනවා.//
      කතාව සහතික ඇත්ත. නිදහසට කරුණු කියකියා ක්ලාස් කට් කරන උන්ට හොඳම උදාහරණෙත් මේ මමම තමයි. ගුරුවරුන්ගෙන් ඉතින් හෙන සැලකිලි. ;)

      මට මතක ඒ වගේ මැගසින් එකක් ගැන. ඔය පොතත් ඒ ජාතියෙම වෙන්නැති. ආපෝ අපේ අම්ම නම් කන කරකෝල උගන්නන්නෙ පොඩි කාලෙ. සතියට දෙන වැඩ ටික ඉවර කලේ නැත්නම් වීක් එන්ඩ් එකේ කතන්දරපොත් ගෙනත් දෙන්නෙ නෑ. ඉතින් ඒ අල්ලසට යටවෙලා යාන්තන් ඉගෙනගන්න වැඩ ටික අදිනවා පුදුම අකමැත්තකින්. :) :)

      Delete
  23. සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොවිඳිනු මැනවී

    තරුද නිදන මහා රෑ නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටු ගෑ කවි කියවෙයි මහා රෑ

    මට කීමට ඇත්තේ එපමණයි.

    ReplyDelete
    Replies
    1. තනිව මා හඬනා වෙලාවේ
      සැලි සැලී සීතේ
      වැටුන මහ වරුසා මතක්වේ
      නුඹ රැඳී දෑසේ....

      පිනි විසිරෙන විට වටහා ගනු මැන
      දෙනෙතින් කඳුලැලි ගලන තරම්
      රෑහි හඬන විට වටහා ගනු මැන
      රෑ තුන් යාමේ හඬන හැඬුම්

      මම ආසම සින්දු දෙකක්. ස්තූතියි සුදීක අයියේ....

      Delete
    2. අම්මට හුඩු මෙන්න සුදික අයිය සිංදු කියනවා...

      Delete
  24. Superb Post !

    දැනුම + විනෝදය + මඩ :D :D

    යසට හිටිය එකා සන්තෝසයෙන්
    නොකා - නොබී , වේදනවාන්
    හිටියේ ඇයිද කියා ‍තෝන්තුවෙන්
    හොදහැටි තේරුනා අද පාඩමෙන්

    සයිබර අවකාශයේ රසායන විද්‍යා ගුරුවරිය - බස්සි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු!!!

      මූඩ් ගසාගෙන ඉන්නා විට මිතුරූ
      බූට් වැදුන බව හදවත වී දැදුරූ
      හඳුනා උන් චියර් අප් කෙරුවොත් සඳරූ
      ඒ පිනෙන් ලැබෙනු ඇත අනුසස් මහරූ

      :D :D :D

      Delete
  25. නියමයි...... බස්සි...... සම්මානයට ගැලපෙනවා. ... විද්‍යාව මං දන්නේ නැ...... අර විචාරකතුමා අපට යුද්ධ plan කියනවා වගේ නොදන්නා අපට මේවා තේරෙනව ඔයාගේ භාෂාව භාවිතයෙන්......

    ලස්සනයි.... සුපිරියි......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහිංසා...!!!

      Delete
  26. මම කපු බුට් මෙච්චර රහ නෑ නේහ්

    ReplyDelete
  27. බූට් සමානයි බෝතලය වෙලා තිබුන කාලෙක මේ දේවල් දැනගෙන හිටියේ නැහැනේ. පස්සේ කාලෙක බෝතලය නිසාම බූටුත් ලැබුනා. බූට් සහ බෝතලය අතර තියෙන්නේ හරිම පුදුම බැඳීමක්. ඉස්සර මට හිටිය වැඩිහිටි යාළුවෙක් කිව්වා විරහව මිහිරක් කර ගනින් කියලා. ඒක මරු වැඩේ බස්C. දුක ෆන් එකක් කරගන්න එක ගති වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? විරහවෙත් තියෙනවා අමුතුම ගතියක්. ඒක උනත් විඳින කලාවක් තියෙනවනේ.... ;)

      Delete
  28. Faattaaaaaaaaahhh.........ela

    ReplyDelete
  29. මොනාද කියන්නේ කියල හිතාගන්න බෑ බස්සි අක්කෙ ඔයා නම් නියමෙට ලියනවා.. ලියපු කවි ටික තමයි මරු :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ හංසියෝ....

      Delete
  30. කරවිළ උනත් ලුණුවල පොඟවල ගත්තම තිත්ත යනවයි කියනවනෙ. මට එදා ඉඳම්ම ( නොතේරෙන නිසාම ) එපා කරපු සබ්ජෙක්ට් එකක් ගැන ලියවෙච්චි බ්ලොග් පෝස්ට් දෙකක්ම බැලුවමයි.

    එක අතකට විෂයක් විදිහට ඉගෙන නොගන්න අයට එදිනෙදා දැණුමට මේ රසායන විද්‍යා මූලික දැණුම්, සංකල්ප අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම දෙන එක හොඳටම ඇති. මේක තව ඩීප් ගියොත් කම්මැලි හිතෙයි. මොකද කොහොමත් කෙමෙස්ට්‍රි කියන්නෙ පට්ටම කම්මැලි සබ්ජක්ට් එකක්නෙ :)

    හැබැයි දිගටම ලියන්නෙපා, අර විකාර කවි වගේ ඒවත් ලියහන්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉන්දික. එපා කරපු සබ්ජෙක්ට් එකක් ගැන ලියවුනු පෝස්ට් එකක් කියවනව කියන්නෙ ඉතින් ලේසි වැඩක් නෙමෙනෙ. අම්මෝ මටනම් පැනි දාල දුන්නත් කරවිල නම් තිත්තමයි.

      ඔව් ඔව්. ආයෙ මේ වගෙ එකක් ලියන්නෙ ලබන මාසෙ විතර.

      විකාර කවි, ඇන්ඩි ග්‍රිෆිත් ස්ටයිල් ඒවා ටිකක් ලියන්න ඕනෙ ඊගාවට.

      Delete
  31. //පිස්සු ඇන්ඩි පාර්ට් තියෙන උන් ළඟ ඉන්නේ

    උන්ගෙ ජෝක් නිසා ඩොෆමයින් උපදින්නේ//
    යූ ණෝ බස්සි අක්කේ?? මේක තමයි මං නිතරම කැඩිච්ච එව්වා ශේප් කරන්න පාවිච්චි කරන ටෙක්නික් එක!!!

    මොකෙක් (ගොඩක් වෙලාවට ,"මොකියෙක්") හරි බ්‍රේක්-අප් වේදනාව විඳිනකොට (විඳවනකොට) පිරේ තමයි ශේප් කරන්නේ. දිවි නහගන්න හදනකොට උංව බේරන්න මේ "ජෝකර්" පාට් එක නිසා හොඳට පුළුවං වෙලා තියෙනවා.
    ~පිරේ ගෙ කවුන්සලිං හැකියාවට අදාල වෙන එක් රහසක් මෙසේ හෙලිදරව් වූ වගයි!!!~

    ReplyDelete
    Replies
    1. මගෙ ගාවටත් කවුන්සිලින් වලටනම් එන එවුන් වැඩී. මට කියන්නෙත් ලේඩි ඇන්ඩි කියලනෙ ඉතින්. ඒක ලොකු පිනක් පිරේ. අනික එහෙම අය හිනාවෙන වාරයක් ගානෙ උන් මොකක් හරි පිස්සුවක් කරගන්න තියෙන චාන්ස් එක අඩුයි.

      Delete
    2. //ලේඩි ඇන්ඩි//??? ඒ කිව්වේ?? අැම්ඩගෙ ගෑණු සතා ද???

      පිනක් නේන්නං බං අක්කියෝ. අනික, මට සහෝදර බැඳීම උපතින් ලැබුණේ අක්කා & මල්ලි විතරයි, ඒත් මේ කවුන්සලිං නිසා දැං ලොකු NBB එකක් තියෙනවා!! <3 <3 <3

      යන යන තැන අක්කෙක් නංගියෙක් මල්ලියෙක් (අයියලා නෑ. උං අපි කියන දේවලි අහන්නේ නෑ නේ) ඉන්නවා. මාර සතුටුයි හැම තැනම සොයුරු බැම්ම නිසා!!!

      Delete
    3. Andy Griffith ගේ කතා කියවල තියෙනවද? මගෙ බ්ලොග් එකේ තියෙනවා බස්සිගේ ඇන්ඩි ස්ටයිල් කතා කියල පෝස්ට් කිහිපයක්.

      Delete
    4. බස්සිගෙ නවාතැනේ, තවම තට්ටු කරන්නවත් බැරිවුණ දොරවල් ගොඩක් තියෙනවා බස්සියේ!!! කොහෙද ඉතිං, 1ක් කියවලා ඉවර කරන්නත් කලියෙං තව 2ක අළුතිං කියනවනේ!! කොහෙ කියවන්නද???

      අඩේ මං අැන්ඩි ග්‍රිෆිත් ව දන්නෙ නෑනේ. සමා වුව මැන!! අැන්ඩි ගෙ ඒවා කෙසේ වෙතත් බස්සිගේ අැන්ඩි ස්ටයිල් ලිපි ටිකවත් කියවන්න බලන්නංකෝ!!!

      Delete
    5. ඔන්න අද දාන්න යන්නෙ බස්සිගේ ඇන්ඩි කතාවක්

      Delete
  32. අද වෙන්නැති මං මේ පැත්තට ඉස්සෙල්ලම ආවේ ඒත් පට්ට බස්සියෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලාන්! සාදරයෙන් පිළිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!

      Delete
  33. Fun with Science! විහිළුවෙන් තහළුවෙන් කිව්වට හොඳ සංකල්පයක් බස්සියේ!

    ReplyDelete
    Replies
    1. විහිළුවෙන් තහලුවෙන් කියද්දි මතක හිටිනවනෙ කුරුට්ටියෝ.... තැන්කූ හොඳේ...

      Delete
  34. Replies
    1. ෂැගියා කාලෙකින්! වැකේශන් වගේ? තැන්කූ ඈ...

      Delete
  35. \\බූට් සැරට සැරින් සැරේ බඩ දඟලනවා\\

    මට නං විභාගයක් ලං උනාමත් මේ සැන්තෑසියම වෙනව.

    ඒකතත් හේතුව ඇඩ්‍රිනලින්, කෝටිසෝල් ද බස්සි.

    ආයි..ආයිත් කියවන්න හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇල්බන් අයියේ ඒකටත් හේතුව මේ ස්ට්‍රෙස් හොර්මෝනම තමයි. විභාගයක් කියන්නෙත් නුහුරු තත්වයක්නෙ. මමත් එක්සෑම් වලට කලින් කෑම නොකා යන්නෙ. බයටත් වඩා කේස් එක කාල ගියාම මට පේපර් එක කොච්චර අමාරු උනත් එතන තියන නිහඬතාවය නිසා නිදිමත හැදෙනව.

      Delete
  36. පිස්සු හැදෙයි කිව්වාලු,මේ තරම් බොරින් සබ්ජෙට් මෙහෙම ලියන එක නම් උඹේ පට්ට ටැලන්ට් එකක් යශෝ.

    ReplyDelete
  37. bassi bassige adara andraya liyanna gattu kaalaye idala kiyewwanawa. eth adai comment kale. bassi mona liwwath rahai eth dan liyanawa adaui neda.bassita jaya

    ReplyDelete