Thursday, December 11, 2014

ගෑල්ලමයි සහ තෑගි







මේ ගැන අපේ ප්‍රොෆා මල්ලිගේ ඉල්ලීම උඩ මල්මි කලින්ම ලියලා තිබුනා. මට නම් ඉතින් ප්‍රොෆා මල්ලි ප්‍රසිද්ධ වේදිකාවේ ඉන්වයිට් කලේ නෑ හැබැයි මෙහෙම ලිපියක් ලියන්න කියලා ඉන්බොක්ස් කරල තිබුනා. ඉතින් ඔන්න සේරටම කලින් මාතෘකා කොපි කලා කියන චෝදනාව හෝ පැනපැන දෙනව කියන චෝදනාවට වග උත්තර බැඳලාම වැඩේ පටන් ගත්තා.


නත්තල කියන්නෙ තෑගි දෙන, තෑගි ලැබෙන මාසයක්. මමත් මේ දවස්වල දාහක් වැඩ අස්සෙ හොරෙන් හොරෙන් ලොකු හෑන්ඩ්මේඩ් තෑග්ගක් සූදානම් කරනව හැම අවුරුද්දෙම වගේ. ඒක ගැන ඊගාව සතියෙ පෝස්ට් එකක් දාන්න පුලුවන් වෙයි.



පඳුරු තලන්නෙ නැතුව ඔන්න මම කෙලින්ම එනවා ටොපික් එකට. ගෑනු ළමයෙකුට තැග්ගක් තෝරනකොට මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.



1. අකමැති තෑග්ගක් වෙනුවට කැමති තෑග්ගක්






ඔයත් එක්ක ඉන්නකොට එයා වැඩිපුරම කැමති දේ ගැන ඔයාටම අදහසක් ගන්න පුලුවනි. එයා වැඩිපුර කැමති මොනවගේ චිත්‍රපටි බලන්නද? එයා පොත් ගුල්ලියක්ද? සපත්තු කුට්ටම් තිහක් විතර මාරුවෙන් මාරුවට දාන සපත්තු පිස්සියෙක්ද? නැත්නම් ශොපින් යනකොට දකින ලොකු ටෙඩිබෙයාලව තුරුල් කරගෙන හුරතල් කරනවද? අන්න ඒව තමයි ඔයාට එයා කැමති දේ අඳුනගන්න තියන අවස්ථාවන්.


මීළඟට කල්පනා කරල බලන්න එයා කොයි වගේ කෙනෙක්ද කියල. මිල අධික බ්‍රෑන්ඩඩ් දේ පමණක් හොයන කෙනෙක්ද? නැත්නම් බාට දෙක දාල පරණ ඩෙනිමයි, බැගී ටී ෂර්ට් එකයි ඇඳගෙන රස්තියාදු ගහන්න ඔට්ටු කෙල්ලෙක්ද? එයා උයන්න, කේක් හදන්න කැමතිද? 


එයාගේ විනෝදාංශ මොනවද? අත්කම් වලට කැමති කෙනෙක් ආස වෙයි ඔය එක එක crafting tools සෙට් එකක් අරන් දෙනවට. සිත්තරියක් කැමති වෙයි ඩ්‍රෝවින් ටැබ් එකකට. අලුත් වයලින් එකක්, හොකී ස්ටික් එකක්, චෙස් බෝර්ඩ් එකක් එයාගේ විනෝදාංශය එක්ක පෑහෙනවනම් මොනතරම් අගෙයිද.


එහෙමත් නැත්නම් එයාගේ රැකියාවත් එක්ක තෑග්ග ගලපන්න. (අපේ කකා වයිෆ්ට ස්ටෙත් එකක් අරන් දුන්නා වගේ.) මේ ගැලපීම විවිධ ආකාරයට කරන්න පුලුවනි. හිතන්න, දවස ගානේ පැය තුනහතරක් රැකියාවට යන්න එන්න වැය කරන කෙනෙක්ට අයිපොඩ් එකක් සෑහෙන්න වටීවි නේද?


එයා ගොඩක් කාර්යබහුලනම්, ඇයි අපි අපේ තෑග්ගෙන් එයාගෙ කාලසටහනට විවේකයක් එකතු කරන්න උත්සාහ නොකරන්නෙ. පළතුරු යුෂ ආහාර වේල් වලට එකතු කරගන්න කැමති ගෑණු ළමයෙක්ට magic bullet එකක් බොහොම වටිනවා. එහෙම නැත්නම් පුංචි washing machine එකක්. vegetable cutter එකක්, coffee maker එකක්. ඉතිරි වෙන කාලයේ වටිනාකම එක්ක බැලුවම තෑග්ගෙ වටිනාකම තවත් වැඩිවේවි.



2. එයා වෙනුවෙන්ම






මේ තමයි මමනම් ආසම කැටගරිය. හදන්නකෝ ඇය වෙනුවෙන් යමක්. මුදලින් මනින්න බැරි ඔයාගෙ වටිනා කාලය ඇය වෙනුවෙන් වැය කරන එක මොන තරම් වටිනවද.

හදන්නකෝ ෆැන්සි ජුවලරි සෙට් එකක්. නෝ ලිමිට් එකේ තියෙනව දැක්කා ඒකට ඕන කරන බීඩ්ස්, කොයිල් අරවා මෙව්වා ලටපට සේරම.

එහෙම නැත්නම් පොඩි වීඩියෝ එකක්. IT වහ වගේ වෙච්චි මාත් හදනවා කිවුවම එහෙම ඒවා. පොඩ්ඩක් IT දැනුම තියෙනවනම් ඉතින් වැඩේ සිම්පල්.



3. අපේම අපේම අපේ දෙයක්


ඔයාල දෙන්නගෙ පින්තූරයක් ප්‍රින්ට් කරපු මග් එකක්. සමරු සටහනක්. නැත්නම් එයාගෙ නම ගහපු ටෙනිස් රැකට් එකක් හෝ බ්‍රේස්ලට් එකක්. හිතනවට වඩා මේවට වැයවෙන මිල බොහොම අඩුයි.



4. තෑග්ග විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරිපත් වෙන්න පුළුවනි.






Movie night එකක්, ඉටිපන්දම් එළියෙන් ගන්න රාත්‍රී ආහාර වේලක්, 'Spend-the-day එකක්, එහෙමත් නැත්නම් දවසක දෙකක ට්‍රිප් එකක් හෝ හැන්දෑවක පුංචි picnic එකක් කියන්නෙත් බොහෝම වටිනා කියන තෑගි.



5. නිර්මාණශීලී වෙන්න


මෙහෙම හිතමු, මම එකපාරක් බස්සට බර්ත්ඩේ කේක් එකක් හදවලා උදේ පාන්දර එයා ඇහැරෙන්න කලින් කේක් එකයි, බස්ස කැමති කෑම බීම ජාතියි පික්නික් බාස්කට් එකකට දාලා පාන්දරම ගිහින් දුන්නා බසු අයියට. බසු අයියා බස්ස ඇහැරෙනකොට ඇඳ ගාව තෑගියි, කේක් එකයි තියල තිබුනා.


කුස්සියෙ කුකර් එක උඩ තෑග්ගක් තියන්න බැරිද? නැත්නම් කාර් එකේ. එහෙමත් නැත්නම් ඉස්කෝලෙ එයාගෙ ලොකර් එක ඇතුලෙ. අන්න ඒ පුංචි දේ ගේනවා ලොකුම ලොකු ආදරයක්.



6. උදව් ඉල්ලන එක හැමදේම වඩා යහපත් කරාවි.


හරියටම අපේ ප්‍රොෆා මල්ලි කලා වගේ. උදව් ඉල්ලන්න. ඒක හැමවෙලාවෙම සාර්ථකයි.

මමත් තෑගි දෙන්න වගේම ආස දෙයක් තමයි තෑගි තෝරන්න උදව් වෙන එක. තනියම වැඩේ ගොඩ දාගන්න බැරි වෙලාවට උදව් ගන්න එයාගෙ යාලුවන්ගෙන්, සහෝදරයන්ගෙන්, අවුලක් නැත්නම් එයාගෙ අම්මගෙන් වුනත් උපදෙසක් ගන්න.








තවත් පුංචි පුංචි උපදෙස් ටිකක්.


තෑග්ගත් එක්ක විශේෂ වූ ආදරණීය සිනහවක් එකතු කරන්න අමතක කරන්න එපා.


ලාබ උනාට බාල දේවල් දෙන්න එපා.


කවදාවත් උපන්දින, ඇනිවසරි, වැලන්ටයින් දිනය එහෙම අමතක කරන්නනම් එපා. ගැහැණු ළමයින්ට ඒක හුඟාක් දැනෙනවා.


මම හිතන්නෙ නෑ බහුතරයක් ගෑණු ළමයි කඹ වගේ මාල වළලුවලට කැමති වෙයි කියලා.


මල් වර්ග ගොඩක් තියෙනව තමයි. ඒත් විකාර පාට මල් දෙන්න එපා. රතු රෝස, සුදු රෝස, සූරියකාන්ත කියන්නෙ සාමාන්‍යයෙන් ගොඩක් අය කැමති මල්.


තෑගි කියන්නේ විශේෂ අවස්ථාවක් එක්ක හැමවෙලේම සම්බන්ධ වුන දෙයක් නෙමෙයි. අද ඉරිදා නිසා ඇයට තෑග්ගක් දෙන්න. ඊයේ රෑ කෑම වේල ඔයා කැමතිම විදියට උයපු නිසා අද වැඩට ගිහින් එනකොට ඇයට චොකලට් එකක් ගෙනත් දෙන්න.




ඊයෙ බස්සි තෑගි දුන්නු හැටි ඊගාව පෝස්ට් එකෙන් කියන්නම්කෝ......





56 comments:

  1. Replies
    1. දැන් තියෙන්නේ අදාල පුද්ගලයන්ට ලින්ක් එක යවලා තෑග්ග එනකම් උපේක්ෂාවෙන් බලන් ඉන්නයි

      Delete
    2. බස්සිට කියන්ට බස්සියෝ... මේකයි පුරස්නේ...
      ඔය ලින්ක් එක කියෙව්වත් මෙලෝ සම්මතේකට මට තෑග්ගක් ලැබෙන එකක් නැහැ. අපිට තෑග්ගක් එවොත් අපේ මරා නත්තල් සීයා ( සොලි.. මාමා) තමයි. එයැයි ඔය ඔක්කොම පාස් කොරපු දසයෙක් ( සොලි ... දස්සයෙක්) නේ....

      Delete
  2. අකමැතිම දෙයක් දීල උදේ පාන්දර අහගත්තම කෝමද?

    ReplyDelete
    Replies
    1. දේශාගෙනම් අත්දැකීමක්ම වෙන්ට ඕනෙ මේක.

      Delete
  3. අප්පට බොල ඔච්චර කෙලියක් කරන්න ඕනෙද බං. හොඳයි හොඳයි .... දැන් එතකොට උඹ බස්සට තෑගී දුන්නේ ඔය හතරවරම් බලලද? නැත්තම් බස්සා උඹට තෑගී දුන්නේ එහෙමද ? පව් ඕයි අර බස්සා :P

    ReplyDelete
    Replies
    1. නැතුව යකූ. උඹ දැක්කනෙ මම පොප්කෝන් පෙට්ටියෙ ඉඳන් සේරෝම අතින් හැදුවා.

      Delete
  4. තිළිනේ ලෙසින් පිළිගන්වමි
    ඉටි මල් මිටක් මා සැදූ
    පරවී නොයේ ඒ මල් සැලේ
    මගෙ ආදරේ වගේ
    දුර ඈත සයුරෙන් එහා
    පිටවීල යනවා කියා
    දැනගත්ත මොහොතේ හඩා
    දැකගන්න ආවේ සොයා…
    ඔය දෑත දෑතේ තියා
    කොදුරන්න යන්නම් කියා
    රිදවන්න ඇයි මේ ලෙසේ
    ඔබ නේද මගෙ ජීවිතේ….

    ගායනය - ඉන්ද්‍රානි පෙරේරා

    ReplyDelete
    Replies
    1. පත්තර පිටුවක ඔතලා තිබුනා
      මම ඔබට දුන්නු මුල්ම තිළිණය ...
      (බස් අජිත් )

      Delete
    2. මට මේක පෝස්ට් කරන ගමන් හිතුනා සින්දු ඇනෝ "තිළිණේ ලෙසින් පිළිගන්වමී" සිංදුව කියයි කියලා. :)

      Delete
    3. යුගයේ අසහාය සහය ගායකයා බස් අඡිත්

      Delete
  5. මීට වඩා හොඳ නැද්ද ඔය ඔක්කෝම ජාති තියෙන එකකින් ගිෆ්ට් වව්චර් එකක් අරන් දෙන එක. ඕන මළදානයක් අර ගනියි නේ.

    ReplyDelete
    Replies
    1. ආපෝ එපා එපා. ඔන්න සමීප නොවන කෙනෙක්ට. (නෑයොන්ට එහෙම.) දුන්නට කමක් නෑ. ඒත් අෆ්ෆේ ගෑල්ලමයට උපන්දිනේට ගිෆ්ට් වවුචර් දෙනව කියන්නෙ හොඳවැයින් අහගන්න වෙන සීන් එකක්.

      Delete
    2. ඔය Gift වවුචර් සෙද්ද තමා එලම වැඩේ.......
      කොහෙද අපේ ගොබ්බියො තාම ආස පොට්ටනි වලට.........
      මම ඒකනේ රට එකී ලටම Like ..........

      Delete
    3. ඒ වව්චර් එකට බඩු ගන්න යන්න කතා කරන්නෙත් අපිටනේ..ගැනූ එක්ක ෂෝපින් යනවට වඩා ලේසි අල්ලපු ගෙදර බල්ලට සිංහල උගන්නනවා.

      Delete
    4. මෙන්ඩෝ ගැනූ එක්ක ෂෝපින් යන එක නම් අපි පෙර කරපු කරුමයක් පටිසන් දීමක් මචෝ ....

      Delete
    5. අයියෝ කෙන්ජි. පොට්ටනි ගැන මේකෙ කොතනවත් කතා කරල නෑ. ලිපිය කියෙවුවෙවත් නැද්ද!

      අනික මේ ලිපිය ලියන්න කලින් රිෆර් කලේ ඔය කියන "රට එකීල" ලියපු කියපු අදහස් තමයි. ඒවා ලංකනයිස් කරල තමයි ලිපිය ලිවුවෙ. හයියෝ සල්ලි.

      Delete
    6. හිහිහි අනේ පව් මෙන්ඩියයි සින්දු ඇනෝයි. ඔය කරුමෙ ඉතින් ගෙවන්නම වෙනව කියන්නෙ ඔයාල වාසනාවන්තයි ඈ.

      Delete
    7. @ මාතලන්
      ------


      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    8. ආ.....උයාට ඩොන් ගියාද.....ගුඩක් උං ඒමයි....උයා ඉතලක් ඒම නුනට.....

      Delete
  6. ඉල්ලීම සලකා බැලීම ගැන මුලින්ම තැන්කු කියන්න ඕනි..

    මේකට මගේ ට්‍රික්ස් ටිකකුත් එකතු කරන්නම් කොල්ලන්ට ලේසි වෙන්න..
    අක්කා කියල තියෙනවා හරියටම හරි
    බ්‍රෑන්ඩඩ් ඒවා පාවිච්චි කරන කෙල්ලෙක් ට අපි කොච්චර වටින වෙන බ්‍රෑන්ඩ් එකක එකක් දුන්නත් සැටිස් වෙන්නේ නෑ..එහෙමයි කියලා ලැබෙන පුංචි ගතමනාවෙන් බ්‍රෑන්ඩඩ් ඒවා ගන්න ගියොත් කුට්ටමත් උගස් තියල එන්න වෙන්නේ..මටත් හිටිය එහෙම කෙල්ලෙක්..D&G විතරක් අදින..මගේ මුහුකුරා යාම 1 එකේ එය ගැන ලියල තියෙනවා..ඕකට මම විසදුම හොයාගත්තේ පිටකොටුවෙන්,,හැබැයි වැරදිලාවත් බ්‍රෑන්ඩඩ් ඇදුම් වෙනුවට නම් ඩුප්ලිකේට් ගන්න යන්න එපා..හේතුව බ්‍රෑන්ඩඩ් අදින අය නම් දන්නවා මොකද එකෙන්ම මට්ටු වෙනවා.වෙනස තේරෙනවා එකෙන්ම,,හැබැයි බෙල්ට් මාල වළලු සපත්තු කෙල්ලෝ වැඩියම ආස හෑන්ඩ් බෑග් ලොවෙත් මට්ටු වෙන්නේ නැ..ටික කාලයක් ගියාම පොතු ගැලවෙන කෙස් එහෙම එනවා..ඒ වෙලාවට කද කාරයෙක් ගේ මවු පිය පර්සවේ මතක් කරපල්ලා.

    කෙනෙක් ගේ සහය ගන්න එක නම් ගොඩක් හොද දෙයක්..කෙල්ලන්ට ඕන දේවල් දන්නේ කෙල්ලෝ නෙහ්.හැබැයි එක්ක යන කෙනාට පගාව නම් අනිවා දෙන්න වෙනවා..

    කොල්ලන්ගේ හිත යන්නේ මිලට වඩා ප්‍රමනෙට උනාට කෙල්ලෝ හිමිට ඔවෑ මිලවල් හොයනවා.එක නිසා පොඩි උනාට කමක් නෑ expencive look එකක් තියෙන දේවල් දෙන්න ඕනි..

    හෑන්ඩ් මේඩ් ඒවා දෙන එකත් ගොඩාක් හොද දෙයක් තමා..නමුත් ගොඩක් කොල්ලෝ ඉවසීමෙන් හදන්න ඕන ඔය වගේ ඒවාට අස නෑ නෙහ් (මමත් ඇතුල්ව)එහෙම කියල කඩවල් වල තියෙන ඒවා නම් දෙන්න එපා.කෙල්ලෝ ඔව යාළුවන්ට හෙන ලොකු එකෙන් පෙන්නන්නේ..වෙන එකියෙක් කිවුවොත් ඕක අර කඩේ තිබ්බේ මෙච්චාරයි ගාන කියල ඇෆයර්ර් එකට MI 370 ප්ලේන් එකට උන දේ වෙනවා..එක ගොඩ ගන්න ආසියාවේ අස්චාර්ය වෙනකන් බලන් ඉන්නේ නැතිව ගේම ගහපන් MY3 වේවා

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆා මල්ලිගෙ කතා ටිකනම් තෑගි තෝරන්න ඉන්න පිරිමි ළමයින්ට බොහොම වටිනවා.

      Delete
  7. පිරිමි පාර්සවේ අහයි තෑගි දෙන්න මෙච්චර අමාරුද කියලා.
    :D

    ප්‍රොපා ට ඔච්චර තෑගි දෙන්න මල් වත්තක් තියේද මන්දා.මාර උනන්දුවක්.

    මට අද උදේම හිතුනා අලුත් මෙට්ටයක් ඕනි කියලා.ඒත් එක්කම,දුම්බර මිදුම මැද්දේ දවස් කීපයක්.
    මේ ටිකේම හීනෙන් පෙනි පෙනී තිබුනේ ලොව උසස්ම තත්වයේ තින්ත වර්ගයක් .
    අලුත් ඩෙනිම් ෂුස් වගේම කොටු කමිස දෙක තුනක්.
    මාලුත් කුරුල්ලොත් ඉන්න ලෝකේ හොදම මුද්‍රිත පොත්.කරවල ගැන පොත්.ගස් ගැන පොත්
    වේලපු කුරුමිනි සත්තු ටිකක් ,කුරුලු පිහාටු ,(අලුත් සිප්පි කටු ටිකක් ලැබුනා විතරයි)
    කඩදාසි කිලෝ 10 ක් විතර.
    මැටි


    මට මේ ඔක්කොම වුවමනාවල් එන්නේ දෙසැම්බර් මාසෙට .ඒ මාසෙට විතරයි.
    අනික ඉතින් මට මොකක් හරි වුවමනා වෙලාවට මට ඒ දේම මිසක් වෙන මොනවා ලැබුනත් ආස හිතෙන්නෙත්/වටින්නෙත් නැහැ.
    ඒ නිසා මම නම් කරන්නෙම මට අරක ඕනෑ මේක ඕනෑ කියලා බැගිරි ගහන එක කලින්ම.

    හරිම සංකීර්ණයි අප්පා මේ තෑගි වැඩේ.
    ඒත් ඉතින් හෙට මං ආසම තෑග්ගක් හම්බෙනවා.ඒකට මං කොච්චර සිහිනැතිව ඉන්නවද කිවුවොත්..කියලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කඩදාසි කාඩ්බෝඩ් එහෙම නම් මත අසයි කිලෝ ගණනින් හම්බ වෙනවා නම් විකුනන්න පුළුවන් දේවල් නෙහ්

      Delete
    2. කඩදාසි, කාඩ්බෝඩ්, ක්‍රාෆ්ටින් ටූල්ස් මමත් ආසම දේවල් මල්මියෝ....

      නිවාඩුවක්, ටුවර් එකක්, පික්නික් එකක් කියන්නෙත් බොහොම වටිනකියන තෑගි.

      Delete
  8. තෑගී... තෑගී.... තෑගී.... කතාකරන්න එපා ඔය ගැන.....!!!

    ReplyDelete
    Replies
    1. දෙනවානම් බ්‍රෑන්ඩ්ඩඩ් දෙයක් දිපන්..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. හැමෝටම තෑගි දෙන්න හිටියෙ. එහෙනම් නිමෝ උඹට එපා ද?

      Delete
  9. // මම හිතන්නෙ නෑ බහුතරයක් ගෑණු ළමයි කඹ වගේ මාල වළලුවලට කැමති වෙයි කියලා.// මේක නම් අමුම අමු ඇත්ත . උපන්දිනේට දුන්න කඹයක් වගේ මාලයක් . තවම දැකල නෑ ඒක දානවා . මොන කරන්නද කෙල්ලෙක්ට කියල දුන්න පලවෙනි තෑග්ග .
    නත්තලට දෙන්න හිටියේ නේල් ආට් සෙට් එකක්.එයා කැමති නියපොතු ලස්සනට තියාගන්න.
    ඒත්...
    නත්තලටවත් උපන්දිනේටවත් අපි ආයේ හම්බෙන්නේ නෑ.
    උපදෙස් ටිකට නම් ස්තුති බස්සියෝ . සතියකට කලින් මේ පෝස්ට් එක දැම්මනම් මේ උපදෙස් පිළිපදින්න තිබුනා මට

    ReplyDelete
    Replies
    1. :(

      ඒ මොකෝ... අවුල් නොයා හිටු ලකියෝ ආයෙ තෑගි දෙන්න කාලයක් ළඟදිම ඒවි.

      Delete
  10. මෙයා‌ෙග පෝස්ට් වලට මට හැමදාම දාන්න වෙන්නෙ ලින්ක් තමයි.... හි හි

    මේකෙ නං ලින්ක් දෙකක්ම තියෙනව.. මගෙ පෝස්ට් එකට වැඩිය කමෙන්ට් ටික ආතල්....

    මගේ පුංචි මුද්ද....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මරු හිරූ අක්කේ... මම ඔයාගෙ බ්ලොග් එකේ දැක්ක ලස්සනම පෝස්ට් එකක්.

      Delete
  11. ඔවා ඉතිං කියාදෙන්නම ඕනි නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ. නැත්තන් ඕවා තේරුම්ගන්න සිහිකල්පනාවක් නෑනෙ උන්දැලාට

      Delete
  12. ඔන්න මේකත් තව බුක් මාක් එකක් දාගෙන තියා ගත්තා.. පස්සේ කාලෙක හරි ප්‍රයෝජනවත් වෙයිනෙ

    ReplyDelete
    Replies
    1. අන්න අනාගත ආයෝජන ගැන දන්න මිනිස්සු

      Delete
  13. මේ ලිපියෙන් මමත් කරුණු කීපයක් උපුටා ගත්තා...මටත් දැන් කෙනෙකුට තෑග්ගක් දෙන්න වෙලා බොලං...

    ReplyDelete
    Replies
    1. කොල්ලාගේ මුනේ පෙම් පාට..

      Delete
    2. හප්පේ මල් හතයි ඈ... තෑගි දුන්නු හැටි පෝස්ට් එකකින් කියනකම් ඕපාදූපය දැනගැනීමේ මහත් අභිරුචියෙන් මග බලා සිටිමි!

      Delete
  14. එල ද බ්‍රා බස්සි..උඔ දන්නවනේ සදු මගේ පන ඉතින් එයා සතුටු වෙන දෙයක් කරන විදිහ ගැන දුන්නට පිං..

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද මෙන්ඩියෝ මම උඹට රෙස්පෙක්ට් කරන ප්‍රධානම හේතුවක් මේක. තමන්ගෙ කෙල්ල ගැන ඔහොම කතාකරන්න කොන්දක් තියෙන කොල්ලො බොහොම අඩුයි මචෝ. ගොඩක් කොල්ලො හිතන්නෙ වයිෆ්ට/ගර්ල්ෆ්‍රෙන්ඩ්ට පිට මිනිස්සු එක්ක අපහාසෙට උපහාසෙට කියවන එක මාර ඉහලයි කියල. ඒ අතින් උඹ ග්‍රේට්!

      Delete
    2. ඒත් මට ඇනවසරි උපන්දින මතක හිටින්නේ නෑ බං ඒත් ගෑනි කවදාවත් කනුකුනු නෑ..හැමදාම උදේට එලියට බහිනකොට මට හිතෙනවා ඊයේ දවසේ මම පොඩි මෙන්ඩියාටයි සදුටයි ආදරය කලා මදිද කියලා?

      Delete
    3. //ඒත් මට ඇනවසරි උපන්දින මතක හිටින්නේ නෑ බං // හුකැස්.මෙන්ඩෝ මම හිතන්නේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රස්නයක් වගේ ..හැක් හැක් ...දෙසැම්බර් 01 වෙනිදා අපේ ඇනවසරි එක තිබිලා ..දෙවෙනිදා තමයි මට එයා මතක් කලේ .
      අවුලක් නැ .මොකද එයාගේ උපන් දිනෙත් මතක් උනේ එදා වැඩ ඇරිලා යනකොට බන්ස් ...
      (ඔය උපන්දින අරවා මේවා සමරන එක පුරුදු උනේ බොහොම මෑත කාලෙක .එදා වේල හොයාගන්න ගේමක් දීපු අපේ තාත්තලාට මේවා තවත් එක සාමන්‍ය දවසක් විතරයි . ඉතින් අපිටත් ඕවා වැඩිය ගානක් නෑ )

      Delete
    4. //ඔය උපන්දින අරවා මේවා සමරන එක පුරුදු උනේ බොහොම මෑත කාලෙක .එදා වේල හොයාගන්න ගේමක් දීපු අපේ තාත්තලාට මේවා තවත් එක සාමන්‍ය දවසක් විතරයි . ඉතින් අපිටත් ඕවා වැඩිය ගානක් නෑ //
      මේක තමා මචන් ඇත්ත . අදටත් මට මගේ උපන්දිනේ උනත් මතක් වෙන්නේ කාගෙන් හරි මැසේජ් එකක් ආවම විශ් කරලා . මන් හිතන්නේ අපේ තාත්තල විතරක් නෙවේ ගොඩක් පිරිමි උන් එහෙම තමයි . ඒක තවත් එක දවසක් විතරයි

      Delete
  15. දෙන්න තෑග්ගක් හිතන එක නම් මටත් හරිම අමාරු වැඩක් තමයි.. කඩෙන් අරන් දෙයක් දෙනවට වඩා විශේෂ දෙයක් හරි පුදුම හිතෙන දෙයක් හරි දෙන්න පුළුවන් නම් තමයි වටිනාකම වැඩි.

    තැන්කූ හොඳේ උපදෙස් ටිකට ..

    ReplyDelete
    Replies
    1. මමත් විශ්වාස කරන්නේ හෑන්ඩ්මේඩ් තෑගි ගැන. කඩෙන් තෑගි අරන් දුන්නත් උපන්දින/ඇනිවසරි වගේ දේවල් වලට දෙන්නෙම හෑන්ඩ් මේඩ් තෑගි.

      Delete
  16. අඩේ කො බොලේ මම දාපු කොමෙන්ට් එක ??

    ReplyDelete
    Replies
    1. දන්නෑ දිලා. ස්පෑම් වෙලත් නෑනෙ.

      Delete
  17. ප්‍රින්ට් කරලා ඩයරිය ඇතුලේ තියාගත්තත් පාඩු නැහැ. බොහොම වටිනා උපදේශ වාක්‍ය සංග්‍රහයක් ..

    ආචර්ය බස්සි විසින් රචිත..

    ReplyDelete
  18. අක්කේ . නරකද කොස් ගෙඩියක් . දෙල් ගෙඩියක් . මඤඤෝක්කා අල ටිකක් ඔතලා පාර්සල් කරලා දුන්නනම් . කොච්චර වටිනවද අද කාලේ . බඩගින්න නිවන්න පුළුවන්නේ හිහිහිහිහිහිහිහිහ්හ්හ්හ්හ්හ්

    ReplyDelete
  19. නියමයි අක්කේ. ඔයා මට අලුත් පාරක් පෙන්නුවා. ඒකෙත් ගිහිල්ල බලන්නම්...

    ReplyDelete