Monday, December 15, 2014

සුදුම සුදු හිස් පිටු









ඔබේ දිනපොත්වලත්
ඔහේ අතහැර දැමූ
ලියන්නට දෙයක් නැති හිස් පිටු
තැනින් තැන හැංගිලා තියෙනවද?


දෙනෙත් යුග දිදුලවන - ලොකුම ලොකු හිනාවන්
දෙතොල් පෙති වෙවුලුවන - සොවින් බර  කතාවන්
කොපුල් රත් පැහැ ගැනුන -  නොඑක් රූ ලතාවන්
අතරමැද - හුදෙකලා හිස් පිටු
හිතේ පතුලට කිමිදි කිමිදී
හිස්බවම අතගාපු සුදු පිටු
ඔබේ දිනපොත්වලත් තියෙනවද?


ඒ වුනත්,
අන්න ඒ හිස් පිටු,
වචන දසදහසකට වඩා වැඩියෙන් වටින බව
සුමුදු සමනළ පියාපතකට වඩා වැඩියෙන් ඉහිල් බව
මහ ගැඹුරු කතාවක්
නිහඬවම කියන බව
ඔබත් දැකලා තියෙනවද?





36 comments:

  1. කල්ගිය පසු ඒ දිනපොත් එකතුවී තිබෙනවා. නමුත් අලුතෙන් දිනපොත් ලියවෙන්නේ නැහැ. තව දුරටත් ලියන්න අවශ්‍ය නැති බව හිත කියනවා. කාලය ගෙවෙනවා. අපිත් කාලය සමග වියැකී යනවා. මතකය ලෝකයා තුළ තිබෙනු ඇතැයි උපකල්පනය කරනවා.

    ReplyDelete
    Replies
    1. මතකය වුනත් අන්තිමේ කාලයත් එක්කම වියැකෙනවා. :/

      Delete
  2. මමත් දිනපොත් ලියපු කාලයක් තිබුනා.. ඒ කාළේ නම් ඔය වගේ පිටු දැක්කාම පොඩු දුකක් දැණුනා.. ඒත් ළොකු කතාවක් නම් කිය වුනේ නෑ.. ඒත් බූට් කාපු දවස්වල බ්ලෑන්ක් පිටු ගොඩක් තිබුනා...

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා සුද්ද................
      තොටයි මටයි තිබ්බ ....දින පොත්................

      Delete
    2. හැමෝගෙම දිනපොත්වල සුදුම සුදු හිස් පිටු තියෙන්නම ඕනෑ. නේද? :)

      Delete
    3. දැන්නම් නියම කෙන්ජි ස්ටයිල් කමෙන්ට් තමයි වැටෙන්නෙ.

      Delete
  3. අනිවා...ලියන්න බෑ..ඒ වුනාට ලොකු කතාවක් තියනවා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි...
      තැන්කූ මෙන්ඩියෝ.........

      Delete
  4. මගේ දින පොතෙත් හිස් සුදු පිටු ඕන තරම් ඇති කතාවක් නැතුවම ඔහේ අතහැර දාපු.

    ReplyDelete
  5. මට ඉස්සර දිනපොත් ගොඩාක් තෑගි ලැබෙනවා විවිධ ආයතන වල ඉන්න මිතුරන්ගෙන්....ඒ අතරින් මට වඩාත් හිත් ගන්න එක තියාන ඉතිරි සියල්ල මම තවත් අයට බෙදලා දුන්නා...මම ලග තියාගත්ත දිණපොතේ කවදාවත් එදිනෙදා සිදුවීම් ලියලා නෑ....ප්‍රේමයේ විරහව ගීත බවට පත් කරපු එක...එහෙමත් නැත්තං පද වැල් වලට පෙරළපු එක තමයි කලේ...ඒ සමහර ගිත දැන් පටිගත කරලා ජනප්‍රිය ගායකයින්ගෙ හඬින් එළියට එවන්නයි මේ දවස් වල මගේ කල්පනාව.

    ReplyDelete
    Replies
    1. මටත් එකක් දියං ඈ . මං දෙන්නං මගේ ෂුමියුරු ගායනයක් ඊ මයිනර් ,සී ෂාප් පස්සෙං අඬාගෙන යන්ඩ !! ආයිත් අහල .. ඕ යේස්

      මේ චෑන්ස් එක මිස් කරං හුචු හුචු ගාන්ඩෙපා බොසා..

      Delete
    2. php රැපකුයි html අත්වැල් ගායනයකුයිත් දාපන් පත්තරේ

      Delete
    3. ඕ යේස්.....!! වෑර් අමුණන්න මම එන්නං.....!!!!
      හුකෑස්....!!!

      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
    4. විෂුවල් එකට වනිතා හඬයි ඉවානයයි දාමු !!!

      ස්ක්‍රිප්ට් එක සිංදු ඇනෝ …

      දෙමුකො සිරා කිරිහොදි වෙලා යන්ඩ ..

      Delete
    5. මොනවා කියනවද දොරේ....පත්තරයගෙ මියුසික් වීඩියෝව අපි මැලේ රාළයගෙ කාම පැයේදි ඉවාන් කොලුවයි බස්සි නගාවයි කපොල් එක විදියට තියලා වැව් බන්ටෙකේ කැමරාව තියලා වැව් දියෙන් සුදු නෙළුම් පොකුරක් අත දරාන නගා සීන් එකට ඇන්ටොර් වෙන විදියට ගමු....රූපගත කරන කණ්ඩායමේ ඇගපත රුදාවට දෙන බෙහෙත් මෙන්ඩයියා යටතේ තියමු....ඔදයි නේද කොලුවො....

      Delete
    6. දිනපොත් බෙදාහැරීම අපේ තාත්තගෙත් පුරුද්දක්. සප්ලයර්ස්ලාගෙන් ලැබෙන දිනපොත් සහ කැලැන්ඩර් පාර්සල් කරකර මුලු ඔෆිස් එකටම බෙදනවා ජනවාරි පළවෙනිදාට.

      සිංදුව රිලීස් කරන දාට අපිටත් කියන්න ඈ.... බොහොම සතුටුයි සිරා අයියේ. සුභපැතුම්!!

      Delete
    7. අරේ..ඇගපත රෑදාවට බ්‍රෑන්ඩ් එකයි..වැව් මාලු කැල්ලක් බැදලා..
      වැඩේ ඉවර වෙනකොට ඉවානයා වනිතා ඇන්ටිව උස්සයිද?

      Delete
  6. දිනපොත් ලැබෙන්නේ පරක්කු වෙලා...!! ඉතිං පිළුණු වෙච්චි දුන පුරවන්න කම්මැලියි!

    ReplyDelete
    Replies
    1. මම ඉස්සර ඒ පිටුවල චිත්‍ර අඳිනවා. :)

      Delete
  7. කාගේ කාගේත් දිනපොත් වල
    බොහෝ හිස්පිටු හැංගිලා ඇති
    කියන්නට ලියන්නට දෙයක් නැතිවාටම නොවේ
    කාටවත් පෙනෙන්නට
    කාටවත් ඇහෙන්නට
    කියන්නට ලියන්නට නොහැකි නිසාවෙන්

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයිය..... +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අපූරු කමෙන්ට් එක ඉවාන්!

      Delete
  8. අලෙ මන් දල්ලැ අලෙ........!!!

    ReplyDelete
  9. මගෙ දින පොත් දෙක තුනක් තියේ ඔක්කම ිස්
    ඔයැයි කීවට මං මේ දැං බලුව
    කෝ එහෙම මොකුත් පෙන්න ෑ නෙ

    (මංඥං කොමෙන්ටු ගැන තරහා නොගන්න සේක්කා)

    ReplyDelete
  10. මේං නියම බක්සි යකින්නි.. එළද බ්‍රා බ්‍රා...

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා ..ඩබල් පුෂ් අප්

      Delete
    2. බොහොම ස්තූතියි දේශා....!

      Delete
  11. මමත් දින පොත් ලිව්ව කාලයක් තිබුණා
    මට මගේ නොවන
















































    මගේම දින පොතක්




    තිබුනා............................................

    ReplyDelete
    Replies
    1. හෆොයි වයලෝ කමෙන්ට් එකේ දිග!
      තැන්කූ හොඳේ...

      Delete
  12. තිබුණා තිබුණා

    ReplyDelete