Friday, December 19, 2014

ජන-අධිපති-වාරණය






පුරන් වී ගිය පාලු කුඹුරක
පඹයො දෙන්නෙක්
ද්වන්ධ සටනකි


ණයට ගත් බත් ඇටද විළඳද
විසුරුවා සියොතුන්ව
රවටති


වී කරල් පූදින්න ඉඩදෙන
ගොවියෙකුත් බිහි නොවෙන
හැටියකි


අළුත් කුඹුරක් 
හොයාගන්නට
සියොතුනේ කාලය
එළඹ ඇති


~~@~~




19 comments:


  1. කලට යලට වැහි වැහැලා
    ගොවිතැන් බත් සරුවුනාය
    එතෙර මෙතෙර තෙර නොපෙනෙන
    වැව් තටාක ඉදිවුනාය

    අහස උසට මහ දාගැබ්
    පින් කෙත් වී වැජඹුනාය
    සකල සිරින් පිරි සිරිලක
    දහම් දිවයිනක් වුනාය

    අතීතයේ සිදුවුනුදේ
    අද එලෙසම සිදුනොවෙතේ
    අනාගතේ සිදුවෙන දේ
    හිතෙනකොටත් පුදුම හිතේ

    හිතෙන දෙයක් සිදු නූනට
    ඒකට ලතවෙන්න එපා
    නොහිතන දේ සිදුවුනාට
    ඊටත් ලතවෙන්න එපා

    සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා
    අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා
    මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැටිලා නමදිනවා
    ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා
    සිරි ලංකාවට රජ වෙනවා


    ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
    (රාජ කපුරු)

    ReplyDelete
  2. ඇත්ත තමයි අලුත් කුඹුරක් හොයා ගන්න කාලේ හරි..

    ReplyDelete
  3. අලුත් කුඹුරක් හොයාගත්තය කියමු
    ඒත් අපේ සම හරක් ඕක වපුරන්න අළුත් ගොය්යෙක්ව හොයාගන්න ඉඩ දෙයිද
    නැත්තං පරණ පඹයම ගෙනත් හිටවයිද

    ReplyDelete
    Replies
    1. මේ හරක්ට හරියන ගොයියන්ද, ගොයියන්ටම හරි යන හරක්ද ඇති නිසා ..................................

      Delete
  4. පුරන් වී ගිය කුඹුරක..

    අනේ යකෝ උඹ මේ කටින්ද කියන්නේ.. මත්තලට එයාපොට්, හම්බන්තොටට වරාය... රට පුරා අධිවේගි මාර්ග... අපේ රසික නානායක්කාර මැති තුමා හිටියනං උඹට පහදල දේවි පුරන් වෙච්චි එකේ ආස්තැරිය කෝමද කියල...

    ReplyDelete
  5. මේ අළුත් කුඹුරු සෙවීමට කාළය නොවේ..
    පඹයන් දෙදෙනාගෙන්, යහපත් පඹයා සොයා...
    විළඳද පොරිද පරිප්පුද වළඳමු..

    ReplyDelete
  6. පඹයෝ දෙන්නගේ සටනට
    අප්පුඩි ගහමු උඩ පැන

    දිනු පඹයා හොඳ නැතැයි
    අඬමු පසු හොටු පෙර පෙර

    ReplyDelete
  7. මන් මේ අවස්තාවෙ කියන්න කැමති බස්සි අක්කගෙ සහයොගේ....
    එක්කො ඔනි නෑ ඡන්දෙත් නැති අපිට මොන දේසපාලනෙද :v

    ReplyDelete
  8. //අළුත් කුඹුරක්, හොයාගන්නට, සියොතුනේ කාලය, එළඹ ඇති//
    ඒ කියන්නෙ රට යන්නද? හැමෝටම බෑ... ඒ නිසා,
    අළුත් පඹයෙක්, හොයාගන්නට, ගොවියනේ කාලය, එළඹ ඇති

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නේ රට යන්නද?// - නැත :D

      Delete
  9. අලුත් කුඹුරු ඕනේ නැහැ.තියෙන කුඹුර හරියට අස්වද්දන පුළුවන් හොඳ ගොවියෙක් හොයා ගන්ටයි ඕනේ බං.

    ReplyDelete
  10. කවුද යකෝ පඹයො හදපු ගොය්යො?

    ReplyDelete
    Replies
    1. බස් එකේ ඩ්‍රයිවර් "කවුද යකෝ බ්‍රේක් ගැහැව්වෙ?" කියල අහනව වගේ

      Delete
  11. දිරාගිය පඹයෝ දෙන්න දැකල ඇතිවෙලා දැන්

    ReplyDelete
  12. මං කිව්වේ.. අලුත් ගොයියෙක් හොයා ගමු

    ReplyDelete
  13. පඹයො දෙන්නෙක් කියන කථාවට මම නම් එකග නෑ...ලොකු ප්‍රතිරූපයක් පෙන්වන කම්බා හොරෙක් නම් ඉන්නවා පඹයෙක් කෙසේ වෙතත්...

    ReplyDelete
  14. මගුල් දේශපාලනේ..

    ReplyDelete
  15. රටේ අනාගතය ගැන හිතුවොත් අපි කරන්න ඕන ප්‍රධානම දේ සහ නිවැරදිම දේ තමයි අලුත් කුඹුර කට යන එක. එත් මේ වෙලාවේදී අපිට චාන්ස් එක ලැබිල තියෙන්නේ හොඳ පඹයෙක් හොයා ගන්න විතරයි . ඒක ත් හිටපු පඹය ට හැදිච්ච තදියමක් හින්ද.

    ඒ ඉන්න පඹය කුඹුර බේරගත්තට මොකද ඌ එක්ක ඩීල් ගෙන හිටපු අහුරු කුක්කන්ට , අට ගෙම්බන්ට කුඹුර විනාස බංග කරන්න අවසර දීල තිබ්බ . ඒ හින්ද මේ වෙලාවේ කෙටි කාලීන පිලියමක් විදියට හරි අලුත් පඹයෙක් ව ගෙන්න තමයි මම නම් කල්පනා කරන්නේ.

    සැ.යු.:- මෙම කොමෙන්ටුව ඈත ගම්පලාතක පුරංවූ කුඹුරකට මිස වර්තමාන දේශපාලන වටපිටාව ට කිසිදු අදාලත්වයක් නොමැත.
    ------

    වචන මසුරන්.

    අපහු එන්නං .

    ReplyDelete
  16. දේශපාලන මත ගැටුම් මේ දවස්වල ඇලජික් වී ඇති හෙයින් කමෙන්ටු එකින් එකට පිළිතුරු දීමක් සිදු නොකරමි. ඒ ගැන සමාව භාජනයකට දමනු මැනැවි.

    ReplyDelete