Friday, July 17, 2015

උගත් මැවිසුරු බළලුන්






අඹ ගහේ කොළ ගණින
හඳේ මුහුණත මනින
බරැති හිස පහත් කර
උපැස උඩහින් බලන



සමනළෙක් තටු ගහණ
වේගයත් කෝණයත්
බළල් නැටි අගිස්සෙන්
සමීකරණෙක ලියන



ක්ලියෝපැට්රාවගෙත්
දිගු නහය හකුලුවන
මේ උගත් බළල්ලුන්
මාලිගාවට එපාමයි කියන



අති වියත් හිසැති බළලුන්
රූපවාහිනි අසල නිදි කිරන
පාපිස්න උඩ ගොරව ගොරවා නිදන



පිරමීඩ තනන්නත්
උමං සැලසුම් අඳින්නත්
මිසරයට හෝ වෙන ඈතකට 
නැවක පටවා යැවිය යුතු වන



නිදන කාමරයෙන්
“චිප්” කියා එලවීම සුදුසු වන
මුස්න පහරක් දෙකක්
වැදුන මුත් කිසි දුකක් නොදැනෙන





58 comments:

  1. අපේ දුබුරා දුටු විට එලවන
    කළුවා දුටු විට පොළොවේ ගසන
    සෙට් එකට අහු වූ විට දෙකට කඩන

    ReplyDelete
    Replies
    1. සමහර බව්වන්ට බළල්ලුන්ව පේන්න බෑ නේන්නම්.

      Delete
  2. මං ආසම නැති සත්තු ජාතිය. මුග්ධ ජාතියක්.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ මුග්ධ බළල්ලු ගැන නෙමෙයි උගත් බළල්ලු ගැන.

      Delete
  3. අහෝ චම්පිකයන්ට ගිය කලක්..

    ReplyDelete
  4. පිරමීඩ තැනිල්ල තමයි මටත් පේන්න බැරි.

    ReplyDelete
    Replies
    1. පිරමීඩ නැතුව කිසි වැඩක් කරගන්න බෑ නෙව. :3

      Delete
  5. ඔන්න ඔය බළල්ලු , පාපිස්ස උඩ නිදන කොට එලවල දාන්න මයි වටින්නේ නැත්නම්...... ඒක උඩම පාරනවා ගහපන් මුස්නෙන්ම..... එපා කරපු ජාතිය

    ReplyDelete
    Replies
    1. මම නම් බළල්ලු එක්ක එහෙම තරහක් නෑ. සාමාන්‍යයෙන් බළල්ලු කියන්නෙ පිරිසිදු සත්තු ජාතියක් අක්කේ. ඉන්න තැන පහරන්නෙ නැහැ, තමාගෙ සීමාවෙන් ඈතට ගිහිනුයි ඒ වැඩේ කරන්නෙ.

      Delete
  6. කොහොමද බස්සි අක්කේ කාලෙකට පස්සේ...... අපේ ඕකුන් එලි බැස්සම තියන ගදනම්... ඈක්කා.....//

    ReplyDelete
    Replies
    1. ඒ ගඳ ගහන්නෙ බව්වොනෙ. උන් නාගන්නෙ නෑනෙ. බළල්ලුනම් හැමදාම නානවා.

      Delete
  7. මුසුනෙන් දෙකක් ගැහුවට වැඩක් නෑ.. බළල් පණ එහෙම ලේසියෙන් ඉවර කරන්න බෑ.. විශේෂයෙන්ම මැවිසුරු බළලුන්ගේ..

    ReplyDelete
    Replies
    1. මැවිසුරු බළල්ලු කිසි විනෝදයක් නැහැලු. මන්දා ඉතින්.

      Delete
  8. මැවිසුරු කියන්නෙ කවුද බං?

    ReplyDelete
    Replies
    1. කකාගෙන් අහපං...

      Delete
    2. කකා බ්ලොග් ලියන අතරෙ කරන පාට් ටයිම් ජොබ් එක නෙවැ යකෝ :D … ඕ යේස්

      Delete
    3. පත්තර මල්ලි : මරු උත්තරේ!

      කකා විතරක් නෙමෙයි, ඕක අපේ ඉවාන්, කළණේ, නාඩියා, රන්දු වගේ ගොඩක් උන් බ්ලොග් ලියන අතරෙ කරන පාර්ට් ටයිම් ජොබ් එක.

      Delete
    4. මැවිසුරු = ඉංජිනේරු

      Delete
  9. පිරමිඩ තනන බළල්ලු අතර හැම ජාතියේම බළල්ලු ඉන්නවා. ඔය බළලාවම තෝරාගෙන නිදන කාමරයෙන් එළවන එකනම් කැතයි හොඳේ! ක්ලියෝපැට්‍රා වෙන සමහර බළල්ලු ආවහම යසට නහය අරගෙන ඉන්නේ. මොනව උනත් මැවිසුරු බළලෙක්නේ...

    ReplyDelete
    Replies
    1. ක්ලියෝපැට්රා විනෝදයට කැමති එක්කෙනෙක්නෙ. ඉතින් එයා ආස නැහැල්ලු අති වියත් බළල්ලුන්ට.

      Delete
  10. බලල් සමයං
    ඉන්නවා හතර අත
    ඒත් වෙනසක් තියෙනව
    සමීකරනෙකත් උනුත් අතර...
    අර කෝපි බොන
    සින්දු කියනා
    බලල් තඩියා වගේ
    උන් අඩුයි තමා ලොවට.....

    ReplyDelete
    Replies
    1. අන්න ඒ බළලාය
      බස්සියෙක්ගේ හොඳම මිතුරාය
      ඌට ලිවු කවි කෑලි
      බොහොමයක් තිබුනාය

      Delete
  11. මැවිසුරු කියන්නේ මොකක්ද හැබෑටම.ඒක නැතුව කවිය තේරෙන් නෑ හැබෑටම

    ReplyDelete
  12. කන්න දුන් විට පිඟානට
    කන්නේ දෙනෙත් වහගෙන
    නැත්තනම් පේනවා නෙව කන්න දුන් අත
    හපා කන්නේ කෝමෙයි එතකොට

    ReplyDelete
    Replies
    1. අන්න මරු කතාව ඉවානෝ.
      ඇත්තටම පූස්ලා බත් කන්නෙ ඇස් පියාගෙන තමයි. හැබැයි ඉතින් බල්ලො වගේ හපාකන්නෙ නම් නෑ.

      Delete
  13. කවිය නං මරු අප්ප හිහි
    මටත් පූසො නං මහ එපා කරපු ජාතියක්. ඇත්තමයි
    ඒත් හොද රෙස්ප බළල්ලුත් ඉන්නව පූසියෙක වත් ගනන් ගන්නෙ නැති
    නින්දම උතුම් විදියට සලකන
    හිහි

    ReplyDelete
    Replies
    1. පූසො කියන්නෙ මම කැමති සත්තු ජාතියක්. විනෝදෙට කැමතියි, පිරිසිදුයි, හුරතල්.
      හැබැයි රෙස්පට් එකට ඉන්නව වෙලාවකට.

      Delete
  14. බල්ලන් බළලුන්ට වඩා උතුම්ය.

    ReplyDelete
    Replies
    1. බළලුන් බල්ලන්ට වඩා පිරිසිදුය, හුරතල්ය.

      Delete
  15. උපාසක බළල් මීයෝ දෙන්නා දෙන්නා අල්ලත්
    උගත් බළල් මීයෝ දුසින් ගණන් අල්ලත්
    උගත් උපාසක බළල් ............
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උගත් උන් උමං සැලසුම් ඇඳීමට දස්සයෝය.

      Delete
  16. මට නං පෙන්නන්නම බැරි සත්තු ජාතියක්...පුරු...පුරු..ගගා අගේ ඇතිල්ලෙන කොට හරිම අපුකයි.
    බස්සි නං කැමතියි වතේ...

    ReplyDelete
    Replies
    1. බස්සිනම් කැමතියි තමයි නොකී කතා. තැන්කූ ඈ මේ පැත්තට අලුත් පාඨකයෙක්ව එව්වට.

      Delete
  17. මේ කොමෙන්ට් කියවල බැලුවම මට හිතා ගන්න බැහැ . සත්තුන්ට මෙච්චරට තියන අනාදරයක්. පුසෝ හරිම නුවණැති සත්තු ජාතියක්. දැන් අපට ඉන්නේ තුන් වෙනි එකී. මුලින් දෙන්න මැරුණා වාහන වල හැපිලා . කන්නේ දෙන කෑම විතරයි. ටොයිලට් යන්නේ හැංගිලා . කරල ඉවර වුණාම වහනවා පස් වලින්. සමහර ඉන්දියානුවන්ට වඩා ශිලාචාරයි. හරිම ආදරවන්ත සතෙක්. ළමයි ඉස්කෝලේ ඇරිලා එනකන්, අපි වැඩ ඇරිලා එනකන් දොර ගාව හරි එළියේ හරි බලන් ඉන්නවා. හරියටමදන්නවා වෙලාවල්.
    http://nelumyaya.com/?p=3671

    ReplyDelete
    Replies
    1. සත්තුන්ට අකරුණාව දක්වන උදවිය තමයි වැඩිපුරම ඉන්නෙ. පිරිමි අය තමයි වැඩිහරියක් බළල්ලුන්ට නපුරුකම් කරන්නෙ. හේතුවනම් හිතාගන්න බෑ ඉතින්. එහෙම නපුරුකම් කරන උන්ටනම් ඉතින් ඊගාව ආත්මෙක බල්ලෙක් බළලෙක් වෙලා ඉඳුල්වතුර පාරක්, උණුවතුර බාල්දියක් නැත්නම් හොඳ පයින් පාරක් වදිද්දි තේරෙයි ආතල් එක.

      අනික තමයි ක්ෂුද්‍ර ප්‍රාණීන්ව නොසලකා හැරීම. ටබ් එකට වැටුන කෘමියෙක්ව බේරලා යවන එක, වතුර වීදුරුවට පැනපු මැස්සෙක්ව හැන්දෙන් ගොඩට අරගෙන හැන්දයි වතුර වීදුරුවයි දෙකම මාරු කරන්න වෙන එක මහා වදකරදරයක් විදියට දකින අයයි වැඩි. කොටින්ම කීවොත් එයාලට වෙන කෙනෙක් එහෙම කරන දිහා බලාගෙන ඉඳීමත් මහ වදයක්.

      මිනිස්සුන්ටත් කරුණාවක් නැති අයනම් ඉතින් සත්තුන්ට කරුණාව දක්වයි කියල හිතන්න අමාරුයි. අනේ මන්දා.

      අපේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්ගෙ පොඩි කාලෙ විනෝදාංශෙ පූස් පැටව් අහු උන ගමන් ඔලුව ගහක ගහල මරන එක. ඒ වගේ දේවල් වලට අනුබල ලැබෙන්නෙත් ගෙදරින්මයි.

      Delete
  18. බලල්ලු, බල්ලො තරම් නොවුනත් ඥානවන්ත සත්තු, උන්ට හිරිහැර නොකර හදනව නං උන් බොහොම දේවල් ඉගෙනගන්නවා. ගෙදර අයගේ මුනේ ඉරියවු වෙනස් වෙන එක උනත් උන්ට අදුනගන්න පුළුවන්, උදා: මෙයාට තරහ ගිහිල්ලද? වගෙ ...බොහෝ සතුන් හිංසා පීඩා වලට පොඩිකාලෙ දිම භාජනය වෙන හින්දා උන්ගෙ ගති ලක්ෂන වෙනස් වෙනවා.

    මෙකේ කමෙන්ට් කරපු බොහෝ දෙනෙක් " පේන්න බැරි සත්තු ජාතියක්" වගෙ කතන්දර දානව. සතුන්ට හිරිහැර කරන සතුන්ව ඉවසන්න බැරි උන් තමයි "නියම තිරිසන්නු". ඒ වගෙ දුර්වල මිනිස්සු තමයි ලමා අපචාර වලටත් පෙළබෙන්නෙ

    ReplyDelete
    Replies
    1. //සතුන්ට හිරිහැර කරන සතුන්ව ඉවසන්න බැරි උන් තමයි "නියම තිරිසන්නු". //
      නියම කතාව පැණිකු.

      මම කලින් කමෙන්ටුවෙදිත් කිවුව වගේ එහෙම නපුරුකම් කරන උන්ට ඊගාව ආත්මෙක බල්ලෙක් බළලෙක් වෙලා ඉඳුල්වතුර පාරක්, උණුවතුර බාල්දියක් නැත්නම් හොඳ පයින් පාරක් වදිද්දි තේරෙයි ආතල් එක.

      Delete
  19. පලවෙනි පාර කියෙව්වාම මම හිතුවේ මේ කියන්නේ අති පණ්ඩිත මහා එපා කරපු බළල් තඩියෙක් ගැන කියලායි.එත් දේශාගේ කමෙන්ට් එකෙන් පස්සේ මට හිතුනා මේකේ මුකුත් හංගලා ගහලාවත්ද කියලා.ඉතින් ඔන්න ආයේ,ආයෙමත් කියවලා බැලුවා.හකීම් වගේ අයවත් ඔය බළල් තඩියාගේ තැනට දාගන්න හැකි වේවි නේද?හැබැයි දේශා කිව්වත් වගේ චම්පික මේකට නියමෙට මැච් වෙනවා. හැබැයි ඉතින් දැන් කොස්සෙන් ගහලා ඔය බළල්ලු පන්නන අයම ආයෙමත් ඔය බළල්ලුන්ව බුලත්දීලා ගෙන්න ගන්නවා නොවැ.

    ReplyDelete
    Replies
    1. හිහී! තැන්කූ මනෝ!
      කවිය ලිවුවට පස්සෙ ඉතින් කැමති අයට කැමති තේරුමක් හිතාගන්න පුලුවනි නේද?

      Delete
  20. පුරු පුරු ගගා ගේ හැමතැන දුව පනින
    සද්ද නැතිව මීයන් පස්සේ දුවන
    කම්මැලි කමට ලග ඇවිදින් තනි රකින
    පුසෙක් නැත පුංචි බලු පැටියෙක් ඇතිය

    ReplyDelete
    Replies
    1. හරි ලස්සන කවි පොඩ්ඩක්!
      බොහොම ස්තුතියි රාළේ!!

      Delete
  21. http://sinhala.lankanewsweb.net/index.php/features/cyber-wall-lankanewsweb/17807-2015-07-18-19-41-23

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයියේ!!

      Delete
  22. දුටු දුටු පඳුර මුල මගෙ යැයි චූ කරන
    දිය මස් මිසක කරවල කටු, බත් නොකන
    අල්ලපු ගෙදර බත් පතටත් වග කියන
    බෝපෝසාගෙ රජ දහනයි මගෙ නිවස

    පුටු, අල්මාරි රෙදි ගොඩවල් උඩ නිදන
    මැස්සන්, මදුරු සමනල් දැක උඩ පනින
    අත පය හතර පටලවමින් ඇඟ උලන
    ටිකිරී තමයි බෝ පෝසගෙ සොහොයුරිය.

    ඔය අපේ ගෙදර ඉන්න පිංපඩි කාරෙයො දෙන්න ගැන ලිව්වෙ.

    ReplyDelete
    Replies
    1. අනේ! හරිම ආදරේ හිතෙන විදියට ලියල තියෙනව ඈ.

      Delete
  23. මම නම් පූසන්ට මාර ආදරෙයි...

    ReplyDelete
  24. අපේ ගෙදර මම ඉන්න කාලෙ හිටිය පූසගෙ නම සේනක...මට ඌව මතක් උනා...ඒකා තනිකලු. ගේ ඇතුලෙ අඳුරු මුලු වල ඉදලා අම්මට පෑගුනාම අම්මා කෑ ගහන්න‍ෙ මේකට සුදු තීන්ත ටිකක් වත් ගාමු කියලා...දැන් ඉන්න පූසගෙ නම නිව්ටන්....

    ReplyDelete
    Replies
    1. යකෝ මාර නම් නෙ පූසන්ට දාන්නෙ!
      අපේ යාලුවෙක්ගෙ ගෙදරක පූසෙක් හිටියා උගෙ නම 'රනිල්'. නංගිගෙ යාලුවෙක්ගෙ ගෙදර පූසෙක් ඉන්නවා ඌ "චංගුමී".

      Delete
    2. මුලින්ම හිටියෙ කිටී. (අම්ම නම දැම්මෙ.)
      ඒට පස්සෙ බදානි.(මම නම දැම්මෙ.)
      දැං ට්වීටි.(අක්ක නම දැම්මෙ.) උට මම මෝඩයා කියල පුරුදු කරලා තිබ්බෙ.කොහෙද.. ගෙදර නැති ටිකට අක්ක ඌව රවට්ටගෙන.

      Delete
  25. අර ලව්පූසා කියල මහත්තයෙක් ඉන්නව නේද?
    මැවිසුරු බලල් ගණයට අයත්ද?

    ආ, සොරි සොරි නම වැරදුනා ....පව්ලූසා

    ReplyDelete
    Replies
    1. හැක්! පව්ලූසා කියන එකට වඩා මරු ලව්පූසා කියන නම!

      Delete
  26. Replies
    1. බලාගෙන ගියාම ගොඩක් අයට පූසො අරහං නෙව.

      Delete