Wednesday, February 3, 2016

පට්ටයි! සුපිරි! එලටම කලා!





අපි කරන හැම දේටම “පට්ටයි මචං!”, “එලකිරි සමග ජලය මචං!”, “සුපර්බ් බ්‍රෝ, කියලා වැඩක් නෑ.” වගේ ප්‍රශංසා ලොරි ගණන් ලෝස් නැතුව අතහරින අය ගැන බොහොම වෙලාවට අපේ හිතේ ඇතිවෙන්නෙ පැහැදීමක්. හැබැයි, වැරදි දැක දැක “වෙල් ඩන් මචං!” කියාගෙන පිටට තට්ටු කරන අකාල වර්ණනාවට පුළුවන් අපේ ටැලන්ට්ස් හප කරල දාන්න. 


මේ දවස්වල ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් විතරක් නෙමෙයි බ්ලොග් අවකාශයෙත් කරක් ගහන සුපිරි තරු තරඟෙක, රැඩිකල් තරඟකාරියකගේ වීඩියෝවක් තියෙනවා ඔයාල සමහරවිට දකින්නත් ඇති. සමස්තයක් විදියට බස්සිට කතාකරන්න, මුණගැහෙන්න, අදහස් හුවමාරු කරගන්න ලැබෙන කුලකයේ උදවිය කියන්නෙ කොයිතරම් දක්ෂ ගායිකාවක් වුනත් අදාල පර්ෆෝමන්ස් එකේදි එයා ෆේල් කියලයි.


ඔන්න දැන් අපි එනවා පොයින්ට් එකට. ඒ පර්ෆෝමන්ස් එකේ අඩුපාඩු පෙනි පෙනි, අර ස්ටාර් තරඟයෙ ජජ් පැනල් එක නැගිටලා ඔල්වරසන් දෙනවා “පට්ටයි! බ්‍රාවෝ! සුපිරි! එලටම කලා!”වගේ මෙකී නොකී දාහක් කතා කියමින්.


උගත් සහ ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් විදියට ඒ අය ඒ වෙලාවෙ අදාල ගායිකාවට කලේ පට්ට අසාධාරණයක් කියලයි මටනම් හිතුනෙ.


හිතන්නකො අපි තමයි ඒ වේදිකාවෙ හිටියෙ කියල, අපිට ඒ වගේ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නෙ අපි අදාල වැරැද්ද දිගින් දිගටම කරන්න පෙළඹෙනවා කියන එකයි. අන්තිමේ වැරදි ට්‍රැක් එකේ හයි ස්පීඩ් ධාවනය කරලා අපිටවත් නොදැනි අපේ ටැලන්ට් එක අම්බ්‍රෙල්ලා පව්ඩර් හෙවත් කුඩේ කුඩු වෙලා යනවා.


ජීවිතේ කියන්නෙත් අපි නන්ස්ටොප් රඟපාන වේදිකාවක් නෙව. ඉතින් මම මේ කියන කතාව ජීවිත ගමනේ හැම මංසන්ධියකටම අදාලයි.


තව දෙයක්. ඔයාගෙ යාළුවෙක් හෝ උපදෙස් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් අර ස්ටේජ් එක උඩ නැගලා සින්දු කියන තරඟකාරියගෙ තැන ඉන්නකොට, ඔයා ඉන්නේ ස්ටේජ් එක පාමුල ජජ් පැනල් එකත් එක්ක කියල හිතමු. එහෙම අවස්ථාවලදි නොපැකිලව කනට ගහන්නා වගේ ඇත්ත කතා කරන්න. හොඳ නරක දෙක ප්‍රසිද්ධියේ බැරිනම්, පෞද්ගලිකව හරි අදාල පුද්ගලයාට දැනුම් දෙන්න. 


හැබැයි මේ වැඩේ කරන්න ඕනෙ “දෙන්නං බැටේ” මානසිකත්වයෙන්, හැකියාවක් ඔප් නංවා ගන්න කට්ට කන මනුස්සයෙක්ගේ හොම්බ තලලා පොලවට සමතලා කරල දාන චේතනාවෙන් නම් නෙමෙයි. එයාව යහපත් මාර්ගයට යොමු කිරීමේ අරමුණින්.


එතකොට අර තරු වැඩසටහනේ තරඟ කරපු ගායිකාව? අපි හොඳ අතට හිතමු. එයාව වේදිකාව උඩදි අපහසුතාවයට පත් නොකර හොඳ කියපු ජජ් පැනල් එක පෞද්ගලිකව එයාගෙ දුර්වලතා පෙන්වා දුන්නායැයි අපි හිතමු. අපි එහෙම හිතමු. අකාල වර්ණනාවලින් බේරිලා අනිත් අයවත් හැකි තරමින් බේරාගනිමු.




ප.ලි.


මේ කියන ගායිකාව ගැන අපේ රසිකලොජිස්ට් පෝස්ටු දෙකක්ම දාලා තිබුනා.


බස්සිගෙ කොලම කියවන්න, හැම අඟහරුවාදාම මවුබිම යං අතිරේකය බලන්න.




51 comments:

  1. ..රසිකොලොජියේ තබාපු කමෙන්ටුව ම මෙතනත් සටහන් කරනවා..

    ..මට නම් මතක් වුණේම සිංහබාහු නාට්‍යෙය් සිංහයාව. ඇයි මේ ගෑණු දරුවා ප්‍රේමයේ සුවඳ ඕඩියන්ස් එකෙන් ඇදලා ගත්තෙ සිංහයාගෙ භූමිකාව සිහිපත් කරමින්.. මට ඒක අහලා ඉවර වෙනතුරු ම භයානක රසයයි ජුුගුප්සා රසයයි මිශ්‍ර වෙච්ච හැඟීමක් දැනුණේ.අසූව දශකයේ නන්දා මාලිනී-සුනිල් ආරියරත්න ඇතුළු පිරිසගේ හැසිරීමයි අද හැසිරීමයි කොහොම වෙතත් ඒ ගීය රසික ජනයා ප්‍රිය කරනවා.නිර්මාණය වුණ ගීයක් රසිකයන්ටත් අයිතියි.ඉතින් එහෙව් එකේ මේ වාගේ ගීත විකෘති කිරීම සෑහෙන්න හිතා බලන්න ඕන කාරණයක්..

    ප.ලි____ වැසි දැරිය හෙවත් වර්ෂා කිව්වාම මාව මතක් වෙයිද දන්නෙ නෑ. පහුගිය දවසක තාත්තයි මායි ඔයාට දුරකථන ඇමතුමක් ලබා දුන්නා..)))

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා! මේ වර්ෂා නෙව. වැසි දැරිය කිව්වම මීටර් උනේ නෑ ඇත්තටම.

      ඔයාගෙ කතාවට එකඟයි නංගා. ඒ ගායිකාවට වෙනස් සහ අළුත් ගායනා ක්‍රම අත්හදා බැලීමේ නිදහස තියෙන්න ඕන. නමුත් ඒ අත්හදාබැලීම් හැමවිටම සාර්ථක වෙන්නෙ නැහැනෙ. එතැනදි අර 'ප්‍රවීණ' කියන අය තමන්ගේ පර්සනල් ඇජෙන්ඩාවලට අනුව සත්‍ය තත්වය විකෘති කරන්න යන එකයි වඩා භයානක. මේ වීඩියෝව වුනත් වයිරල් උනේ ඒ ජජ් පැනෙල් එකේ ප්‍රතිචාර නිසා කියලයි මම හිතන්නෙ.

      ඇත්ත. ගීතයක් මුදාහැරියට පස්සේ ඒක රසිකයන්ටත් අයිතියි. මතකද අපි පුංචි කාලෙ දයාරත්න රණතුංග මහත්මයා එයාගෙ ගීත කිහිපයක් රැප් කලා රිසර්ච් එකක් විදියට. එතැනදිත් සමහර ගීත සාර්ථක වුනත් සමහර ගීත රසිකයන්ගෙ තදබල විවේචනයට ලක්වෙමින් ෆේල් වුනා.

      Delete
  2. අකාල වර්ණනාව!! බස්සිත් මාත් ඇතුළු සුවහසක් උන්නතිකාමී තරුණ ප්‍රජාව ආරක්ෂා විය යුතු කොඩිවිණය..................

    ReplyDelete
    Replies
    1. අනිවා! උඹ එක්ක මම කලින් දවසකුත් කතා වුනා මේක ගැන.

      භයානක තත්වය වෙන්නේ, අනුගාමිකයන් නිර්මාණය කරගන්න, ගුරුකුලයක් ගොඩනගන්න වගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් කඩේයන නවකයන්ට දෙන සීනිබෝලයක් වගේ අල්ලසක් තමයි මේ අකාල වර්ණනාව.

      ලබන සතියෙ ලියන්න හිතුවෙ "දෙන්නම් බැටේ විචාරය" ගැන.

      Delete
  3. අන්න පොයින්ට් එක...බොරුවට හොදයි කියල කියන එකට වඩා කොතැනදී උනත් වැරැද්ද පෙන්නලා දෙන එක තම වටින්නේ...

    මෙච්චක් කල් ඉරිදා විතරයි ගත්තේ මව්බිම..දැන් ගන්නවා අගහරුවාදත්..

    ReplyDelete
  4. පට්ටයි මචං එළ ද බ්‍රා. එක්සෙලනට්.. වල්ලා පට්ට.. සුපිරියි.. ලොවෙත් නෑ. පැන්ටැස් ඉස්ටික්.. හැක්..

    ReplyDelete
  5. පට්ටයි මචන් බස්සී අක්කේ..හැක්

    ReplyDelete
    Replies
    1. ඕකනෙ උඹලත් එක්ක බැරි :3

      Delete
  6. පට්ටයි මචං එළ ද බ්‍රා. එක්සෙලනට්.. වල්ලා පට්ට.. සුපිරියි.. ලොවෙත් නෑ. පැන්ටැස් ඉස්ටික්.. හැක්..*2 ජ වේ වා !!!

    ReplyDelete
  7. “පට්ටයි මචං!”, “පොල්කිරි සමග ජලය මචං!”, “සුපර්බ් සිස්ටා, කියලා වැඩක් නෑ.”

    ReplyDelete
  8. ඉතින් බලහන්කො වැඩේ... උඹ හදන්නේ මට පට්ටයි නියමයි කියලා මෙතෙක් කියාපුවා නොකියා ඉන්ට කියලද? අනේ අප්පේ.. දැන් මම කොහොමද ජිවත් වෙන්නේ.. ( සුරංගගේ පුන්චම්මගෙන් අහගන්න ඕනේ වඩාත් ගැලපෙන විදියට අඬන විදිය!)

    මගේ තියෙන අවුල මම කෙලින්ම හෝ ව්‍යංගයෙන් ඒ මොහොතේම වගේ මගේ අදහස කියනවා. මම හිතන්නේ මා උඹේ කතා වලටත් ඒක කරලා ඇති. නියම නැත්තන් මම එක්කෝ කට පියා ගන්නවා.

    If you don't any anything nice to say, keep quiet
    කියල සිංහලෙන් කියන්නේ ඒකට මම හිතන්නේ.

    කොලම කියවන්නම් මීට පස්සේ.

    ReplyDelete
    Replies
    1. ඒ අස්සේ නියම කතාවක් මතක් උනා.

      අපේ අල්ලපු ගෙදරක ඉන්නවා ඉස්කෝලේ යන වයසේ ගෑනුලමයි දෙන්නෙක් ඉන්න පවුලක්. ඒ දෙන්න පොෂ් ඉස්කෝලෙකට යන්නේ. වයස 14-16 පරතරේ තමයි දෙන්නම. දන්නවනේ ඒ වයසේ උන් 'පට්ටයි, එළ' වගේ වචන පාවිච්චි කරනවනේ.

      මේ ඊයේ වැඩිමල් කෙල්ල මගෙත් එක්ක කියනවා එයාගේ අත්තම්ම පිස්සු වැඩ කරන්නේ කියල. මම ඇහුව මොකද කියල
      "නෑ අක්කේ, අත්තම්ම පුළුවන් තරම් අපේ සර්වන්ට් ට දොස්මයි කියන්නේ... ඊයේ හවස මොකද්ද එකක් කරන්න ගියාම අත්තම්ම එපා එපා කියල එයාට කෑගහල, යන්න ඇරලා කියනවා 'පට්ට ගෑනි' කියල..... අත්තම්ම බැනල, ඊට පස්සේ පට්ටයි කියනවා... හික්.. පිස්සුද කොහෙද"

      මාව 'කොර' උනා

      "හි හි හි හි"

      ඒ මගේ දත් ටික ඉස්සරහට දාගෙන මම ඉන්නකොට කටෙන් පිට උන සද්දේ!

      දැන් කියාපල්ලා බලන්න අත්තම්ම කලේ නරකම වැඩක් නෙහ් !!

      Delete
    2. පරට්ටයි අෑ..

      Delete
    3. අපේ ආච්චම්ම නම් ඕකට කියන්නේ පට්ට පඳුරු ගෑණි කියලා.. විශේෂණ දෙකක්ම දාල.. කෙල්ලගේ ආච්චම්ම පට්ටයි හොඳේ.. ඒ විතරක් නෙවෙයි කෙල්ලෝ දෙන්නත් පට්ට වෙන්නොනේ.. නැත්නම් ඇන්ටි ලාට අක්කා කියනවයි?

      Delete
    4. උස අනුවලු එහෙම කියන්නෙ

      Delete
    5. මං අහන්නෙ අර වයස 16 පට්ට නංගි කාටවත් බහ දීලද දන්නෙ නැතුවා .… හැක්.

      Delete
    6. අඩේ! මාර කතාව. කාලයත් එක්ක භාෂාව වෙනස්වෙන හැටි...

      Delete
    7. පත්තරේ: ඇයි ? දරුකමට හදාගන්නද?

      Delete
  9. අර විනිසුරු මඬුල්ල කොච්චර උගත් සහ ප්‍රවීණද කියන එක නම් සැකයි. පොල්ලෙන් ගැහුවා වගේ genuine කොමෙන්ට් දෙනවා මම නම් දැකල තියෙන්නේ අමල් පෙරේරා විතරයි. ඒ නිසාම ඌ හෙන පඬියා කියල ගොඩක් දෙන කියනවා ඇහිලා තියෙනවා.

    පත්තර කොලම් කාරියක් වීම ගැන සුබපැතුම් ! තව මේ වගේ පට්ට සුපිරි ආර්ටිකල් දාමු. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. අමල් පෙරේරා කියා අයෙකු නම් එතැන නෑ නේද?

      Delete
    2. ස්තූතියි උදය!

      ඔව්. මමත් කලින් ස්ටාර් තරඟෙක දැක්කා අමල් පෙරේරා හොඳ නරක දෙකම මූණට, කෙලින්ම කියල දානවා.

      Delete
    3. රසික :

      උදය කියන්නේ මීට පෙර තිබුන සීසන් එකක අමල් පෙරේරා ජජ් පැනල් එකේ උන්නු අවස්ථාව වෙන්න ඕනි.

      Delete
    4. රසික, අමල් පෙරේරා ගැන මම කියපු දේ බස්සි පැහැදිලි කරලා තියෙනවා.

      Delete
  10. /* උගත් සහ ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් විදියට ඒ අය ඒ වෙලාවෙ අදාල ගායිකාවට කලේ පට්ට අසාධාරණයක් කියලයි මටනම් හිතුනෙ. */

    ඒක එහෙමම නොවෙයි නේද?

    ඔය හතර දෙනාම ගායනවල වැරදි කියනවා. විශේෂයෙන්ම අර්නස්ට් සහ උමාරියා කාවවත් අනවශ්‍ය පරිදි මුරුංගා අත්තේ තියෙනවා මං බලපු ක්ලිප් හත අටේ නම් තිබුණේම නෑ.

    මං දැක්කා ජනවාරි 31 වැඩ සටහනේ වචන මතක නැති වෙයි කියලා කොලේක ලියාගෙන ආපු කොල්ලෙකුට තනූජා පවා දොස් කියනවා. ඊළඟට නිදහසට කරුණු කීම ගැනත් දොස් කිවා.

    මං හිතන්නේ එතැන වැඩ වෙන්නේ යම් කිසි ඇජෙන්ඩාවකට අනුව.

    පසුගිය 31 වැඩ සටහනේ තෝරා ගත්තු ගෑල්ළමයාට දුන් ප්‍රතිචාර බැලුවා නම් ඒක තේරෙනවා. ඇයට තෝරා ගත්තේ ලස්සන නිසා සහ කාන්තා පෞරුෂය පෙන්වු නිසා බව පැහැදිළිවම තනූජා කීවා නේද?

    ReplyDelete
    Replies
    1. එතැන වැඩ සිදුවන්නේ යම් ඇජෙන්ඩාවකට අනුව : එකඟයි.

      මම කිව්වේ එතැනදි ඒ ගායිකාවගේ අඩුපාඩු නොකීමෙන් ඇයට සිදුවෙන අසාධාරණය ගැන. ඔව් තනුජා වෙනත් තරඟකරුවන්ගෙ අඩුපාඩු පෙන්වා දුන්නු අවස්ථා තියෙනව.

      Delete
  11. පට්ටයි! සුපිරි! ඔහොම 'යං' :)

    ReplyDelete
  12. උඹ ලිවුවොත් ඉතිං බස්සි ආයෙ හෝදන්න දෙයක් නෑ පට්ට, බොක්කටම වදින්න ලියනව, මල් හතයි බස්සි ජය !!!!

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. // ජජ් පැනල් එක //??

    ??
    නිවැරදි ද ... ??
    සුවර් ද?

    ReplyDelete
  15. හැමෝටම අමතක වෙන හෝ කැමත්තෙන් අමතක කරන දේ තමයි. මේක ආධුනික ගීත තරඟයක් බවත් ඇය ආධුනික ගායිකාවක් බවත්.

    ඒ ඉස්ටේජ් එකේ සින්දු කිව්වේ නන්දා මාලිනිය නොවෙන බවත්, භාෂී මධුභාෂිනී නම් ආධුනික තරඟකාරියක් බවත්..

    නාකි සුනිල් ආරියරත්න ඒ කෙල්ලට බය නෑ.. හැබයි මාර විප්ලවකාරයෝ ඒ කෙල්ලට බයයි.. මට නම් ඒ ගායනයේ හෝ වච්න උච්චාරනයේ කිසිම අවුලක් නෑ.. පරණ සින්දුවක් උපරිම රස වින්දා.. රසික මහතාත් කියලා තිබුනා එහෙමට අවුලක් නෑ එයා අතිශෝක්තියෙන් රචනා කරපු බවත්..

    කෙසේ වෙතත් තනූජා නම් කළේ පට්ට මාකටින් පාරක්.. ඒක අති සාර්ථකයි..

    ReplyDelete
    Replies
    1. මගේ නම (මහතා යන මගේ නොවන වාසගමක් ද සහිතව) සඳහන් බැවින් පිළිතුරක් ලිවීමට සිතුවෙමි.

      1. මධුභාෂීණි යනු තරගකාරියක වුවත්, ආධුනික ගායිකාවක නොවේ. ඇය සංගීත උඵාධිධාරී ගුරුවරියකි. පශ්චාත් උපාධියක් ද ඇත. වාදක කණ්ඩායම ගී ගයන වෘත්තීමය ගායිකාවකි. සංගීත ගුරුවරියක් බව ද කියවේ.

      2. සුනිල් ආරියරත්නට අවුලක් නැති බව තනූජා ජයවෝදන කියන්නේ මධුභාෂීණි විසින් ඊට කලින් වටයේ ගයන ලද "සොයා දියව්" නම් ගීතය ගැනයි. එසේ නොමැතිව මා ද ලිපියක් ලියූ හන්තාන අඩවියේ ගීතය ගැන නොවේ. හන්තාන ගීතය ගැන සුනිල් ගේ පැහැදීමක් නැති බව දිවයින් පුවත්පට ලිපියක් ලියූ බුලිත ප්‍රදීප් කුමාර සමග සුනිල් ආරියරත්න පවසා ඇත.
      http://www.divaina.com/2016/01/31/feature04.html

      3. මේ ගායිකාවගේ රංගනය සහ හායනය මම ද රස වින්දෙමි. ඇය ගේ පෙර ගායනයන් ද, සංගීත කණ්ඩායම් ගානයනා ද කිහිපයක් නැරඹුවෙමි. හන්තාන අඩවියේ ගීතයේ භාවයට ඇගේ ගායනා විලාශය නොගැලපීම ගැන මිස මට වෙනත් කිසිදු අවුලක් නැත.

      4. මා අතිශයෝක්තියෙන් ලියුවේ මගේ මුල් ලිපියේ සමස්ත අන්තර්ගතය නොව එහි ඇතුළත් කළ පහත ගී පද යුගල පමණකි.

      "හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
      හැන්ථාන ඇඩවියේහ් ඛුශුමහ් වඩුළු ථුරුහ් ශිරශ නමාහ් ඝෙණ මේ එණ්ණෙහ්් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්"

      http://rasikalogy.blogspot.com/2016/01/blog-post.html

      4. පසුව, මම හන්තාන අඩවියේ තාලයට මධුභාෂීණී සඳහා ම වෙනත් පදමාලාවක් ද ලියුවෙමි. එහි අඩංගු අදහස මාතලන්ට නොවැටහුණු බවට මට සැකයක් ඇතිවිය.
      http://rasikalogy.blogspot.com/2016/01/this-is-least-i-can-do-for-bhashi.html

      Delete
    2. මට මෙන්ම තවත් බොහෝ අයට එය හොඳින්ම වැටහුන බව කොමෙන්ටුවලින්ම පෙනේ...

      කෙසේ වෙතත් රසිකගේ ළිපියෙන් ඇයට මහත් ප්‍රචාරයල් ලද බව නම් නොකියාම නොහැකිය. ඇය රසිකගේ ඥාතියකුද යන සැකය මට තවම ඇත.. මෙය ගරිල්ලා මාකටින් ක්‍රමයට අනුගත වේ...

      Delete
    3. මෙන්න මා හන්තානේ අඩවියේ ගීයේ තාලයට මධුභාෂීණීට ගයන්නට ලියන්නට ඇරඹූ මහාප්‍රාණ සහිත ගීතයේ දළ පිටපත.

      මෙහි අදහස බොහෝ දෙනෙකුට නොතේරුණු බව පෙනේ.
      ______________________________

      ඝණ්ඨාර ශබ්දයෙන්
      ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
      ද්වේෂයේ දුගඳ නොවේ
      ඝණ්ඨාර ශබ්දයෙන්
      ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
      ද්වේෂයේ දුගද නොවේ

      අෂ්ටවර්ණ ටෙලිවිෂනය ගෙනෙනා
      ලම්බකර්ණ ශ්‍රවණේන්ද්‍රිය මඩිනා
      සප්තස්වරය නිෂේධනය කරමින්
      කර්ණ කඨෝර වු ශබ්ද රසය විඳිනා
      ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
      කකියන රුධිරේ ගොජ ඝෝෂාවයි
      ද්වේෂයේ දුගඳ නොවේ

      කෞශල්‍යය සහජව ඇත පිහිටා
      අභ්‍යාසය සතතව කර හනිකා
      ස්ව නිර්මාණය දෙනු කියමින්
      ටෙලිවිෂනය යූ ටියුබය බලනා
      ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
      ශෛල ලෙසින් එන පුෂ්ප පොකුරු පමණයි
      ද්වේෂයේ දුගඳ නොවේ
      ___________________

      මා කියන්නේ "ඇගේ ගීතය ගැන මිනිසුන් හඬ නගන්නේ අෙැය කෙරෙහි ක්‍රෝධයෙන් නොවේ. ඒ ගීතය ගැයූ ආකාරය ගැනයි. ඒවා ගල් මෙන් එන මල් ය. තම හැකියාව ප්‍රගුණ කරගෙන ඔබේම ස්ව නිමැවුමක් දෙන්න!" කියායි.

      Delete
    4. ආධුනික ගී තරඟ ඉවර උනායින් පස්සේ එයාගේ නිර්මාණ එලියට දාවී.... එතකන් මෙයාලා ආධුනිකයි...

      Delete
  16. එකගයි එකෙන්ම.
    http://sinhalabloggala.blogspot.com

    ReplyDelete
  17. කොහේ බලන්ටද අප්පා ඔව්වා???
    ඒක නිසා විස්තර ඇතුව දාන්ට හොඳේ...

    ReplyDelete
  18. මම නම් වීඩියෝ එක දැක්කේ නෑ. හැබැයි මම නම් ආය කිසිම ප්‍රශ්නයක් නෑ ඇත්තම කියනවා ඕනේ එකෙක්ට මූණටම. ගහන්න නෙවේ, හැදෙනවා නම් හැදෙන්න. මම ගැන උනත් මම කියන්නේ කෙලින් ඇත්ත කියන්න කියලා. ඒක තමා වෙන්න ඕනේ. අද ඔය වෙලා තියන සන්තෑසි ගොඩකට මුල ඔය වගේ ඇත්ත කියල මුල් අවස්ථාවේ හදන්නේ නැති එක.

    ReplyDelete
  19. ගොඩක් වෙලාවට කියන්න හොඳක් නැත්නම් කට වහන් ඉන්නවා. බොහෝ විට ගුණ දොස් ඇහුවොත් විතරයි කියන්නේ.
    අර ගායිකාව ගේ ගායනය ඇස් දෙක වහගෙන ඇහුවම ටිකක් improve උනා වගේ දැනුනා.

    ReplyDelete
    Replies
    1. මම ට්‍රයි කලා.. ඇත්ත තමයි... ඒ වගෙම මම හොයා ගත්තා කන් දෙකත් වහගත්තොත් ඒ ගායනයේ කිසිම අවුලක් නෑ කියලා...

      Delete
  20. සොයා දියව් කියන ගීතය ගායනා කරපු දවසේ රොමේෂ් සුගතපාල කියන්න හදන දේ හරි... ඒ ගීතය වෙස්ටර්න් වේරියේෂන් එක්ක ගැලපෙන්නේ නෑ වගේ දෙයක් පොර කියන්න හදනවා... ඒත් අර නිවේදකයෝ දෙන්නා ඌව මරාගෙන කන්න හදනවා... ඒ වගේම රොමේෂ් ට උණත් වඩා පැහැදිලිව ඒ අදහස කියාගන්න බැරි බවක් පෙණුනේ... ගායිකාවගේ මුල් වටයේ ගායනයකදි අර්නස්ට් කියනවා 'ඩැල්රින් සුබී' ඔය විදිහට කිව්වේ එයාට සිංහල බැරි නිසා, ඔයාට එහෙම ප්‍රශ්නයක් නෑ නේද කියලා... හන්තාන අඩවියේ කිව්ව දවසේ නම් තනුජා ඇරෙන්න අනිත් කට්ටියව නිකං උඹලා අනම් මනම් කියනවා නෙමෙයි ලෙවල් එකෙන් තියලා වගේ පෙණුනා.. නැත්නම් භාෂි පළවෙනි ගීතය කියලා සිරසට දීපු ප්‍රමෝෂන් පාර විසින් උන්ව නිහඬ කරලා වෙන්න ඇති...

    ReplyDelete
  21. ඇත්ත කතාව එදා අර ගෑනි සින්දුව කෑව.. එච්චරයි... ඒක මාරයි..පට්ට ..සුපිරි කියන කතාවෙන් පාඩු වෙන්නෙ අර කෙල්ලට සහ ඔව්ව වලට ඉස්සරහට යන්න ඉන්න එව්වුන්ට.. උනුත් හිතාගන්නව මෙහෙම කලොත් ත්ද්මයි හරි කියල.. උඹගෙ උනත් එච්චර ගතියක් නැති එව්වට ඒ බව කෙලින්ම කියල ඇති මම නම්..

    ReplyDelete
  22. අනේ මන්ද බං..මම අප්ඩේට් වෙලා නෑ..මේක දැක්කම හොයන් ඇහුවා බැලුවා.මට පේන්නේ එයා over-confident කියලා..ගීතවල සමහර තැන්වලදී ස්වභාවික හඬක් එනවා..එයා ඒක මොකක් හෝ හේතුවකට බලෙන් යටපත් කරනවා..පෞද්ගලිකව ගත්තොත් මම කැමතියි ගැහැණියක්ගේ හඬ ටිකක් රළුවෙනවට..අපි husky voice එකක් කියන්නේ..ඒක sexy වෙන්න පුළුවන් වගේම බොහොම commanding වෙන්නත් පුළුවන්..ඒත් මේක විකෘතියක් වගෙයි මට දැනෙන්නේ..සමහරවිට තද මහප්‍රණෙන් කියලා පොෂ් කියලා හිතවන්න try කරනවදත් මන්දා..ඔක්කොටම වඩා විනිශ්චය..යුගයේ ගායිකාව ඈ..! තනුජා අම්මා ගහයි කිව්ව ලු..:D

    ReplyDelete
  23. පිටරට තරු වැදසටහන් කොපි කොරල හදද්දි ඇතිවෙන් අකරතැබ්බි ඕව ඉතින්. මම ජීවත් වෙලා තියෙන රටවල් වල මන් කවුරුත් කථාකරන්නෙ ඔය කියන විනිශ්චය මන්ඩලවල අය වගේ තමයි. හිතාගන්න බැරිතරම් හොඳින් කථා කරනව, පුදුම විදියට බටර් ගාන්නෙ. ඒවට අහුවෙන්නැතිව ඉන්න ඔනි. ඒ සංස්කෘතීන් මෙහෙ බිහ් කරන්න යන එකට එක හෙලාම විරුද්ද වෙන්න ඕනි...

    ReplyDelete
  24. Bassige nirmaana wadihariyak hondha thathwaye thiyanawa.
    yasodha nirmaani memattame (good) writer kenek wenna,
    liyana hamadhetama suberb pattai nokiyana adupaadu penwadena hondha awanka rasikayo (readers) tikak enna athi.

    ReplyDelete
    Replies
    1. Basside mawbime kolama hakinam post ekak hatiyata blogeth daanawanam agei.

      (parakku wee hoo)

      Delete
  25. හොඳ නොකිව්වත් නරක පෙන්නලා දෙන උන් (මොන අදහසකින් හරි.) නිසා කෙනෙක් ඉදිරියට තල්ලු වෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete